[298] මලවුන්ගේ නොවැම්බරයේ යලිත් ලියමි.. ~~..... සංසාරේ අපි ..... ~~ 2013 වසර සීග්‍රයෙන් අවසාන වේගෙන එයි... ජීවිතයේ සිව් වන දශකය ඇරඹීමට දින කිහිපයක් ඉතිරිව තිබෙයි... ඒ කිසිවක් මතක් නොවෙන්නා සේ මේ දිනවල මඳ විවේකයක් අතරින් පතර සොයා ගනිමින්, පොත් ගණනාවක් කියවමින් සිටින්නෙමි.... අතීතය යනු යලි යලිත් රීවයින්ඩ් වී වාදනය වන එක වගේ ටේප් පටියක් වැනි යයි විටෙක සිතෙයි.... එක් එක් වසරෙහි නොවැම්බරය වෙන වෙනම මතක් කරද්දී හිතට මහා අමුතු හැඟීම් ...
[297] සැප්තැම්බරයේ ආ වසන්තය! ~~..... සංසාරේ අපි ..... ~~ මෙවර පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් පොත් ගොන්න කුමන හෝ හේතුවක් නිසා ශෝක ජනක අයුරෙන් ඉක්මනට ඉවර වීගෙන යයි. කලක් තිස්සේ ආශාවෙන් සොයමින් සිටි 'පින් ලමයා' , ' දිරි දැරියෝ', 'මල් සමනලියෝ' පොත් තුන විසිදුනු පොත් හලේ දුටු විගස ඉවක් බවක් නැතිව කඩාගෙන ගොස් ඩැහැ ගත්තා මතකය... ගෙදර ගෙනා විගස ඒ වේගයෙන්ම අවුරුදු ගානක් තිස්සේ ඒ පොත් තුන කියවීමට තිබූ නොතිත් ...
[296] ආදරවන්ත රුපියල් හාරසියය අනූ නමයක් ගැන.. ~~..... සංසාරේ අපි ..... ~~ එදා සිකුරාදාවක්. ඓතිහාසික සිකුරාදාවක්. බොහෝ දිගු කලකට පසුව මම සාප්පු වන්දනාවකට සැදී පැහැදී එලියට බැස්සෙමි. හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි. ජනාකීර්ණ නොවන වෙලාවක සිකුරාදා දහවලක සාප්පු වල සෙනග නොමැති හෙයින් ඉතා කැමැත්තෙන් මම 'බාටා' පාවහන් හලකට ගොඩ වැදුනෙමි. නොකල්පනාවෙන් යුතුව එහෙටත් මෙහෙටත් වැනෙමින් ඔරලෝසුවේ කටු ගමන් කරන වේගය බලමින් සාප්පු සේවකයන් මා හඹා විත් මට අනවැසි ...
[295] කේ F සී පරපුර දෙස බලා හිඳිමි ~~..... සංසාරේ අපි ..... ~~ මම සුප්‍රසිද්ධ කේ ඇෆ් සී (KFC) අවන්හලෙහි හිම කිරමයක් තොල ගාමින් සිකුරාදා හවසක හිඳ සිටිමි.වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි ...
[294] එය ආදරයක්ද? ~~..... සංසාරේ අපි ..... ~~ ආදරය කරන දෙන්නෙක් නම් එක්කෙනෙක් අනෙකාගෙන් ආදරේදැයි ඇසිය යුතුවේ. ඊට අනෙකා කැමැති නම් පමණක් සම්බන්ධයක් හට ගනී. ඒ සම්බන්ධයෙහි මූලික කරුණ නම් දෙන්නාට දෙන්නා ආදරෙන් විස්වාසයෙන් කල් ගෙවීමයි. ලියුම් (දැන් කාලේ නම් එස් එම් එස් හා ඊමේල්) හුවමාරු වීමයි. ඔයා කෑවාද බීවාද ඇසීමයි. මේ අපි මීට වසර දහ දොළහකට පෙර ආලය නිර්වචන කළ අයුරු නොවේද? කාලය බොහෝ වෙනස් වී තිබේ. ...
[293] සාප්පු වන්දනාවේ ආදීනව ~~..... සංසාරේ අපි ..... ~~ සාප්පු යාම වචනයේ හැටියට ගෑනුන්ට නම් නොකර බැරිම වන්දනාවකි. ඒ කුලකයේ මාත් සිටින නිසා , ඒ ගැන ලියන්නට අමුතු දේවල් නැති වේවිද?කවුරුනුත් වාගේ මාත් සාප්පු යන්නට පටන් ගත්තේ කුඩා කාලයේම සිටය. එහෙයින් මගේ සාප්පු ක්‍රීඩාවේ වේදනාව මුලදී දෙමව්පියන්ටත් . ලොකු මහත් වූ විට අක්කාටත් උරුම වූයේය. එහෙත් කල් යාමේදි මට උවමනා සාප්පු යාමේ කාරියට ගැලපෙන්නේ තනිව යාම බව මට පසක් ...
[292] ආදරය කරන්නවුන් උදෙසාම පමණකි.. ~~..... සංසාරේ අපි ..... ~~ ආදරය ගැන මා ලියූ අටුවාටීකා නිමක් නැත. ආලය පිලිබඳ මල් වියේ ලියූ ඇතැම් දෑ දැන් මුවගට සිනහවක් ගෙනෙයි. එහෙත් එහි අවලාදයක්, අපහාසයක් , මදිකමක් හෝ ලැජ්ජාවක් මට නොවේ. මා ලියූ හැම අකුරකම මගෙන් ලොකු අර්ධයක් අඩංගුව තිබූ බව නොරහසකි. අනෙක් අර්ධයෙහි මා ස්පර්ශ කළ කුඩා ලෝකයෙහි ඇසූ දුටු බිඳිති සිදුවීම් අඩංගු වෙයි. ඒ මගේ ලිවිල්ලේ හැටිය. මනංකල්පිතයන් ලිවීමේ සමතුන් අනගි ...
[291] අහිකුණ්ඨික හීන කතන්දර ~~..... සංසාරේ අපි ..... ~~ 'අපි නිකං අහිකුණ්ඨිකයෝ වගේ නේ?' එක් වරම කල්පනාවෙන් මිදුනු ඇය කිව්වේ මගේ කතන්දරයක් අහගෙන ඉඳලා අවසානයේදී..'ඇයි?' උත්තරේ දැන දැනම මම ඇහුවේ ඇගේ අමුතු බස් හැසිරවීම ප්‍රිය නිසාමයි. ' ඇයි අනේ... ඔයා චුට්ටක් අවුරුද්දක් හමාරක් පිරෙද්දි ඉන්න තැන් මාරු කරනවා. මම රස්සා මාරු කරනවා... දෙන්නා තරඟෙට මාරු කරනවා... හහ් හා හා' ඇය මුකුත්ම ගානක් නැතිවා වාගේ ඔහේ කියාගෙන ගියා... හිතට තව ...
[290] දයාබර මාලතී.. ~~..... සංසාරේ අපි ..... ~~ ~ දයාබර මාලතී.. මට අද එකපාරම ඔයාව ඔලුවට ආවා.. අහම්බෙන්මත් නෙවී.. චූටි සිඟිත්තෙක් වඩාගෙන හිනැහෙන ඔයාගෙ පින්බර මූණ ෆෙස්බුක් ස්ටේටස් වල උදෙන්ම දුටුව නිසා. ඔයා හොඳින්ද මාලතී? හිනාවෙනවා නේද මාලති ඔයා දැන් ? ඒ පින්තූරෙ නම් ඔයා හරි වෙනස් . ඒ කාලෙ හිටිය දඩබ්බර හිතුවක්කාරි නෙවී. පොඩ්ඩක් විතර මහත , හරි ගාම්භීර , හැඟුම්බර අලුත් අම්මෙකුගේ ගතිය හරි නුහුරුයි මට ...
[289] හෘද ව්‍යායාමක සටහන්...(Notes on a Heart Exercise) ~~..... සංසාරේ අපි ..... ~~ නොසිතූ විරූ වේගයෙන් දැඩි උණුසුම් ගෙන්දගම් මිශ්‍රිත මද්දහන දැඩි ශීතයකට පරිවර්තනය වෙයි. එහෙත් ශීතලෙන් හදවත ගල් නොවෙයි. ඒ වෙනුවට රස්නයෙන් ප්‍රසාරණයව තිබූ හදවත යලිත් සංකෝචනය වී සිය පියවි නිරෝගී හැඩය ගනී. හාට් එක්සසයිස් කිරීමේ මේ එක්තරා ආකාරයකි. අමිහිරි නීරස ජීවිතයකට එතැනින් මිදී පැය කිහිපයකට ගෙවන සුන්දරතාවය සිතනවාටත් වඩා වේදනාවක් වනු ඇත. මන්ද සුන්දරත්වය විඳි හදවතට, එය මතක හදවතට, අමිහිරද දැඩි ...
[288] කපුටෙක් හෝ වවුලෙක් නොවූ මම .... ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතය වරින් වර එක් එක් දිශාවන්ට ආනත වන්නේ නොසිතූ අයුරෙනි. රතු අහසේ රටා වියන ගොම්මන් හැන්දෑකරෙහි අහස පෙනෙන බැල්කනියට වී මම ගීත වලට සවන් දෙමින් සිටිමි. එක්තරා කාර්ය බහුල කාල සීමාවක් අවසනදී යම් නිදහසක් ලැබී ඇති බව සැබෑවකි. එහෙත් හිස්බවක්ද සිත වෙලා ගනියි. නිවසේ කුඩා රූපවාහිනිය තුලින් අභීත දියණිය ඇසෙන්නේ මේ වෙලාවටය. ජීවිතයේ සැඳෑ සමය ගෙවන මාපියන්ට රූප පෙට්ටිය රේඩියෝව ...
[287] එ'පුර ඉවුරේ හිඳ ... ! ~~..... සංසාරේ අපි ..... ~~ එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති... එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... ...
[---] අපිට පිස්සු OOOOOOOOOOයි ! ~~..... සංසාරේ අපි ..... ~~ දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... -දෙබසක්-අ ද දවස විශේෂයි.... පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේට ක්කෙටම අද වෙනස් වෙනව...පි රිත් මණ්ඩපයක් වගේ රිද්මෙකටස් වර ඇමිණුන සංසාරෙට සු පුරුදු නිහඬබව බිඳින්නට හිතුනා මට !ඕ නේ උන වෙනස කලේ මම මෙහෙම ... යි යනෙන් වචන නැති නිසා නිකම්ම කියන්නම් අපිට පිස්සු OOOOOOOOOOයි ! ඇජෙන්ඩා ...
[286] බහුරූපේක්ෂක ගැහැණු පරම්පරාව... ~~..... සංසාරේ අපි ..... ~~ සෘජු දඟකාර බැල්මක්... දෙවියන්ගේ ප්‍රතිමාවක අඩු මොනවාද ?ගැහැණියට නිසි අර්ථ දැක්වීමක් නැති එකමත් හොඳය. සංවරියකගේ අවිහිංසක බැල්මක් එක් ඉරිසියා ගිනි පුපුරකින් ගිනි කන්දක්වී හාත්පස දවාලිය හැකිය..එකමිතියක් නැති ගැහැණියක හරියට බහුරූපේක්ෂකයක් වැනියයි මා කීවේ එහෙයිනි. ගැහැණියට ඇත්තේ ඩුවලිටියකි. පිරිමින්ගේ පෘතග්ජන හදවත් ඔකඳ වන්නේ අඳුරු , සොඳුරු , වියරු එමෙන්ම නුහුරු මේ කී විවිධ ගැහැණු අරුමැසියන් කෙරෙහිය.මේ තරම් ප්‍රතිපත්ති විරහිත වෙනස්වන සුලු ...
[285] නොවිසඳුනු සංකා සහ නොදුටු වර්ණ ~~..... සංසාරේ අපි ..... ~~ බොහෝ විසිතුරු සොඳුරු දැයින් පිරීගත් මම නමැති පොදියෙන් එක එක අරුමැසි කල්පනාවන් හැඟුම් සහ දැඟලීම් මම එක එක පිටතට ගෙන තබා නුඹ හැඩ බලන අයුරු ප්‍රීතියෙන් බලා සිටින්නෙමි. තවත් බොහෝ සොඳුරු අන්තයන්ගේ රුව නොදුටු හෝ ඇති බවක් නොදන්නා නුඹට මම යනු එක් එක් දිනයන්හි එක් එක් අරුමැසියන්ගෙන් නුඹේ සිත නිලංකාර කරන සිත පුදුම කරන නාටකයකි. 'life is a box of ...
[284] සැළලිහිණි ! ~~..... සංසාරේ අපි ..... ~~ මම අත්තටු මඳක් විදහා ලොකු හුස්මක් ගනිමින් සිටියෙමි. වෛවර්ණ අත්තටු මත පතිත වන හිරු කදම්බයකින්,විවිධ වර්ණ මතුව එයි.. . සිත කුරුලු පිහාටුවක් මෙන් පාව යයි. තෙවසරක්! ජීවිතයේ බොහෝ ඇරඹුම් ඇමිණුම් හැඬුම් සිනහවන් අතරෙහි තෙවසරක්! එය දිගු කලක් ! ඉගිල්ලෙන්නට දන්නා සැළලිණියක වනු වෙනුවට , බිම පමණක් තරබාරු ගමනින් ඇවිදින තාර නෑම්බියක වූවා නම් අගනේ යැයි සිතට දැනුනු වාර අපමණය. අහසෙහි ...
[283] දැලින් මිදුනු ඈ ! ~~..... සංසාරේ අපි ..... ~~ ඇයව මා දකින්නේ මීට වසර ගණනාවකට ඉහතය. අතිශය සුන්දර මුව කමලත් , එහි රැඳුනු අවිහිංසක සිනහවත් , උපතින් ගෙන ආ නොතිත් බුද්ධිමය හැකියාවත් , මගේ ඇස් ඉදිරියේ මවා තිබුනේ අනාගත සුවච කීකරු බිරිඳකි. මුහුණ විනා මොළය විනා ඒ අරුම පුදුම පෞරුෂය මා එදා දකින්නට උත්සුක නොවීමි. කාලයත් සමග ගුරු සිසු සබඳතාද වැසී යයි. එතැන්දී යලිත් මට ඈ හමුවන්නේ වසර ...
[282] අඳ ඇස් ! ~~..... සංසාරේ අපි ..... ~~ ~ අඳ ඇස් සඳ මත ඇඟිලි තුඩකින් රූ අඳිනු බැරීසිඳ ලූ තුරෙක උස නැත හිණිමගක සරීඅඳ දෑසකට උණුසුම විඳ නිදන හැරී ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ? . 2013-01-07
[281] තෘප්තිමත් වූ 2013ක් උදෙසා. ... ~~..... සංසාරේ අපි ..... ~~ පසුගිය ජනවාරි 1 දා මා කියූ සේම , මම ජීවිත තෑග්ග ඔබා නොබලා ලිහා බෑලුවෙමි. එහි බොහෝ හුරුබුහුටි තෑගි බෝග එකිනෙක හැංගී ඇති බව මම පසක් කළෙමි. මෙතෙක් හිත නොනැමුණු නව අදහස් උණා ආවේ අලුත් පාරකට මග ලකුණු පෙන්වමිනි. පෙර සේම , හෝ ඊටත් වඩා මම ප්‍රමිතියෙන් තොර කෙල්ලක වීමි. ජීවිතය මුහුකුරා යද්දී මට පෙනෙන පාට වෙනස් වූයේය. මට ...
[280] නොහික්මුණු කමට ~~..... සංසාරේ අපි ..... ~~ සිතුවිලි ඔන්චිල්ලාවක පැද්දෙනවා නොහික්මුණු හිත.. ඇවිත් ආයිත් පොළොවට ... බලා යනවා ඉඳහිට දුක සැප .. නිතර බිමට නාවට .. කිසිත් අමනාප නම් නැත... සන් කරන තෙක් වෑහි බීරුම , නැග ඉඳින් වළාවක් පිට .. අහස කළු වී එන කොට, සමුදී බැස වලා යහනින ...... කල්තියා ආවොත් පොළොවට , එදා හුන් බිල සොයනු හැකි වෙත... ඉඳහිට වැහි පොදටත් තෙමෙන දිරාගිය විල්ලුද ...