[318] රෝද තුනේ දේව කතන්දර ~~..... සංසාරේ අපි ..... ~~ කොළඹ හෝ වේවා නුවර හෝ වේවා , ගමනාගමනය කියන්නේ ලංකාවේ අංක බින්දුවටම බැහැපු අකාර්යක්ෂම සේවයක්. ඉතින් ඇති නැති හැම දෙනාටම තමන්ගේ කෙටි ගමන් බිමන් වලට ටැක්සි පිහිට පතන්නම වෙනවා . දශක දෙකහමාරක විතර ඉදල අපේ ගමන් බිමන් වලට ලගම හිටිය සගය තමා ත්‍රි රෝද රථය.ත්‍රි විල් - එහෙම නැතිනම් , රෝද තුනක් මතක් වෙද්දිම සමහරුන්ගෙ මුහුණු ඇඹුල් වෙනව. ත්‍රි විල් ...
[317] මල් වෙඩිල්ලකි , ආදරය ~~..... සංසාරේ අපි ..... ~~ .මද්දහන් අව්වට දිලිසෙන නලා හඬවන රිය තදබදයක ලුණු හුලඟට ගසා ගෙන විත් ආදරයට, පිලිසිඳ ගත හැකිය වේගයෙන් ඇදී යන රියක වියතක දුරැති දෙ'අසුනකප්ලාස්ටික් කවරයක් වුවදආදරයට, ආරෝපණය විය හැකියරිය දෙදරන තරම් මහඬින්උච්ච ස්වර ඔපෙරාවක් අසන අතරද ගුප්ත හෘද තන්තුවකට එකඟව ආදරයට, නින්නාද විය හැකිය හුස්ම දෙකක දුරින් දොඩමලුව නිය'ග ස්පර්ෂයකුදු නොමැතිව හිම මෙන් සීත, නිල් දෑසක්ආදරයට, මෙලෙකව යා හැකිය නාඳුනන්නන්ව මග ...
[316] දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්න ~~..... සංසාරේ අපි ..... ~~ දෙවියන් දකින්නට PK බලන්න එන්න - (sorry) - PK දකින්නට දෙවියන් බලන්න එන්නමා පළමු වතාවේ PK නැරඹුවේ ඉතාමත් කම්මැලිකමෙනි. ඊට හේතුව බස තේරුම් ගන්නට තරම් හින්දි දැනුමක් මට නොතිබූ නිසා ,වැරදි උප සිරැසි මත යැපෙන්නට වීමය. කවුරු හෝ ඒ යොදා තිබූ උප සිරැසි වල 98% ම තිබ්බේ වැරදි ඉන්ගිරිසිය. වැරදි ඉන්ගිරිසිය හරි එකට ගලපා රූප රාමුව දෙස බලද්දී අස්සයා පැනගොස්ය ...
[315] අවන්හල් ජීවිත අභ්‍යාස ~~..... සංසාරේ අපි ..... ~~ ජනාකීර්ණ පාරවල් , නාගරික අවන්හල් , කලබලයෙන් තොරව උදේ සවස සාප්පු සවාරි යන මිනිසුන් දකිද්දී නාගරික හුදී ජනී ජන සංහතිය අස්සේ මට පොඩි පහේ චමත්කාරයක් දැනෙයි. සුවිසල් නගරයක ලාම්පු කණුවක් උඩ හිඳ සිටින කුඩා කලාමැදිරියෙකු මෙන් චූල හැඟීමක් විටෙක මට පහළ වෙයි. ඒ ඔස්සේම ගිලී ගිලී ඇතුලට යන විට මට ලෝකය ගිලෙන්නට මෙන් හැඟීමක් එයි. ලෝකයක් ගිල ගැනීමෙන් , දිරවා ...
[314] සුදු ලී වැටකින් වටවූ පිට්ටනිය සහ සිඟිති Mystique කොලනිය ~~..... සංසාරේ අපි ..... ~~ දැන් මම සාඩම්බර කෝච්චි දරුවෙක් බවට පත්ව සිටින්නෙමි. කෝච්චියත් ඒ හා බැඳුනු ජීවිතත් දෙස බලා ඉන්න එකත් හරි අපූරු වැඩකි.. උදෑසනම රත්මලාන දුම් රිය නැවතුම වෙත තෙරෝද රියෙන් යන්නේ දුර වැඩි හෙයිනි. එතැන් පටන් දවසේ රේස් එක ඇරඹෙයි. රේස් දුවන ගමන් රේස් දුවන අනික් උන් දෙස විපරම් කිරීම හරිම ආසා හිතෙන සෙල්ලමකි. ඔක්කෝම එක හැල්මට දුවති. දුවන්නේ පෝලිමට එක් ...
[313] බස් එකේ විරිදු කී කුඩා දැරිවිය ... ~~..... සංසාරේ අපි ..... ~~ දවස අද බොහෝ දිගය . දුම්රිය සේවකයන්ගේ හිතුවක්කාර වර්ජනය නිසාවෙන් මහ මග බස් රථ උදෑසන ගෑටුවේ ඉබි ගමනින්ය . ඒ අස්සේ පාරේ වලවල්ය. වැස්සය . උදේ කියන්නේ මේ වගේ එකකට නම් නෙවේය . දවස ගෙවී ගියේත් ඉබි ගමනින්ය. ඒ වැඩ අටෝරාසියක් ඉගෙන ගන්නා මගේ සංක්‍රාන්ති කාලයේ හැටිය. මොනවා කරන්නද ? අලුත් රැකියාවක්. ඉගැන්නිල්ලට දෙවෙනි නැත. දවස ගෙවී ගොස් පහයි ...
[312] බැක් ටූ කලම්බෝ කලම්බෝ ජීවිතයට ! ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතය ප්‍රත්‍යාවර්තී ලෙස යලි උදා වෙතැයි නොබෝ දිනෙක මම ලියුවා මතකය. මේන්න කියූ ලෙසින්ම ජීවිතයේ තුන් වෙනි වතාවටත් මම කලම්බෝ ජීවිතයට ආගමනය වී සිටිමි. මගේ තීරණ වල හැටි එහෙමය . එහි කිසිම කමසෙයියාවක් නැතැයි කෙනෙකුට මතු පිටින් බලද්දී හිතෙයි. ඒත් ඒ මතුපිටින්ය . ඇතුලතින් කිඳා බැලුවොත් තැනින් තැන බොහෝ විද්වත් වැඩිහිටි සංවාද , තවත් විටෙක කුරුටු ගෑ ස්වොට් (SWOT) ...
[311] සුදු ඇඳගත් සඳ ~~..... සංසාරේ අපි ..... ~~ සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට රිදවුනු සිත ගෙන යයි කඳුලැලි ගං ඉවුරට ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවට ඒ ගං ඉවුරට ...බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට ඇයි දැයි දොස් පවරන සඳ සිත නුඹෙ වරදද මගෙ වරදද ?එය මා දන්නේ නැත නුඹ මා ලොව කලුවර කොට පැන ගිය පලියට කෙලෙසක දොස් පවරමි නුඹ හට කිසි ...
[310] ස්වප්න කතිකාවතක සිරව සිටිමි ~~..... සංසාරේ අපි ..... ~~ මගේ ලෝකය බිහිව ඇත්තේ සිහින වලිනැයි විටෙක සිතෙයි. ජීවිතේ ගෙවෙන හැම මොහොතකම මුණ ගැසෙන හැම ඇස් දෙකක් අස්සේම දිලිසෙන කුඩා සිහින පෙනේ. එවැනි දිලිසුමක් මා දැක නැත්තේ , එක්කෝ බීමත් හෝ උන්මත්තක මිනිසුනගේ දෑස් වල පමණකි.ඇතැම් සිහින ඉතා කෙටි එහෙත් රතිඤ්ඤාවක වේගෙන් හිත තුලින් මතුව සැණෙන් විදාරණය වන දැඩි සිතුවිල්ලක්ම පමණකි. පරිසරයෙන් ලැබෙන අනුබලය හෝ අදහිරිය මත සිහින යථාර්තයක් ...
[309] ආතුර හීන ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතය නිහඬ වී සිටී...දෙබැම ඉහළ නංවා වරෙක කුහුලින් මුසපත්ව දොඩමලු වන්නටද අර අඳී... මුහුණත් පුලුටු කර ගෙන මා උරිස්සට ඉහළින් පෙර වැසි වට දිනට එබීගෙනතවමත් සිහිවටන පිරි මදී...ජීවිතය , නුඹ නිදා නොවැටී මාද දෑත දී නැගිටුවනු නොහැකිද? අනපේක්ෂිත ශිශිර නිද්‍රාවෙන් ඔත්පල මට යලි නැගෙන්නට කියා දෙන්.. ...
[308] පූස් resque මිශන් හෙවත් අනාරක්ෂාවේ සුරක්ෂාව ~~..... සංසාරේ අපි ..... ~~ ඒ එක්දාස් නවසිය අනූ අට අවුරුද්දය . අපේ ගෙවල් ඉස්මත්තේ එක්තරා අයාලේ යමින් සිටි බලු මවකට පැටවු රොත්තක් හම්බුනේ ඒ කාලේය. පැටවු සමග බලු මාතාව සුරතල් කරන්නට බොහෝ සෙනග සැදී පැහැදී සිටියද උන් අයාලේ ලොකු මහත් වූ පසු නිරායාසයෙන්ම වද කරදරයකැයි ඒ සෙනග උන්ව පන්නා ගත්තෝය . ඒ නිසාවෙන්ම පෙරකී බලු පැටවුන්ගෙන් දිවි ගලවාගෙන ඉතිරි වූ එකම පැටවා , දිනෙක ...
[307] ඉටි බෝලය 'කියැවීමෙන්' අනතුරුව ..... ~~..... සංසාරේ අපි ..... ~~ අවුරුද්දේ එක් කලෙක උෂ්ණය සමග වසංගතයක් සේ පැතිර එන හෝහපුටු හමුදාවක වේගයෙන් , පොත් පත් ධනස්කන්ධයක් මා අරක් ගෙන සිටී. සිතෙහි ප්‍රීතිය නිමක් නැත. නොකියැවූ පොත් ගොන්නක් දැකීම වේදනාවකි. කියැවීමේ ආශාවට කාලය නමැති මාර දූත තෙම නිරතුරු බාධා පමුණුවන හෙයින් , තව තවත් පොත් කෙරෙහිම සිත අලවා සිත දැඩි කොට ගෙන සිටින්නෙමි.දහසය වසරක් තිස්සේ මගේ පොත් රාක්කයෙන් අතුරුදන්ව තිබූ 'ඉටි ...
[306] යාත්‍රා කළ වැලි කැට ~~..... සංසාරේ අපි ..... ~~ . .වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරට තුරුල් වී පෙම් කෙලින මූදට නැලවි නැලවී එපා වෙන විට ගාට ගාටා ඇදෙයි වෙරළට .. පිහිනගන්නට නොදත් වැලිකැට කැන්දගෙන ගොස් දියඹෙ ඈතටක්ෂිතිජ රේඛා පෙන්වු පලියට මූද රැඳෙවිද උන්ගෙ තනියට ? මෙතෙක් ගතවූ කල්ප කාලෙට මූදු දෙව්ලොව දොරටු හරිනට යාත්‍රා කළ වෙරළෙ වැලි කැට නතර වූයේ බඹ ගණන් යට ... ...
[305] ජීවිතේ රඟහලක් ~~..... සංසාරේ අපි ..... ~~ ආලය ... පෙති ඇහැරී නොමැති වුව , පිපී අවසන් මලක , නටු අගෙහි එල්ලී ගත් දාහයෙන් ශේෂ පිණි බිඳුවකි.. අතීතය ... හීනි සුලඟටත් සසැලෙන දුබල පෙති ගිලිහුනෝතින් විදාරණය වන නිරුවත වියැලි හද රේණු අහුරකි.. වසන්තය .. එන වසන්තයටත් බඹරු විත් යන තුරුත් , හිස ගසා සැඟවගත් පොහොට්ටුවක අකල් නිද්‍රාව ජීවිතයෙන් ඉපැදුනු මරණයකි ... 2014 - 3 - 20 ...
[304] අභව්‍ය වෘක්ෂ තරණය සහ හස්ති දමනය ~~..... සංසාරේ අපි ..... ~~ ඒක මහ පුදුමයකි. කවදාවත්ම අමතකම නොකළ යුත්තකි. එය එසේ වූයේ කෙසේද ? දවසේ අඳුරුතම පැය හෙවත් හිරු නැගීමට ආසන්නතම යාමයයි. කෙටිකලක පටන් මට මේ වෙලාවට එලාමයක් තිබ්බා මෙන් ඇහැරෙයි. මගේ දෙපයට ඉස්සරහින් ඇත්තේ ආකාස බැල්කනියට යන දොරයි. ජනෙල් කවුලු තුනෙන් එකක් ලීය ඇදේ ගොස් මට දැන් වසා ගත නොහැකිය. දැන් එය බීතජනක ලෙසින් ඇරී තිබෙයි. මගේ සිත හා දෑස අවදිව ...
[303] ආදර සිතියම.. ~~..... සංසාරේ අපි ..... ~~ .ජීවිතේ .. පාට විසිරුනු සිතුවමක් දැවෙන අහසත් තෙමෙන පොළොවත් එකට යාවුන සිතියමක් .... ආදරේ ඒ සිතියමේ එක් නිම්නයක් .. අහඹු හමුවක මතක සළකුණු ඉපිද මිය යන සිහිනයක්... නුඹ මගේ තාල ගිලිහුණු කවි පෙලක් .. පැරණි නගරෙක ශිලා ලිපියෙක ලියා කටුගෑ පද වැලක්.... ...
[302] ජීවිත කංකාරිය ~~..... සංසාරේ අපි ..... ~~ කලකට පසු තනිවම නුවර මගට බැස්සෙමි . එකක් දලඳා මාලිගාවට සිරිපා ගමන වෙනුවෙන් කළ බාරය ඔප්පු කිරීමටය. අනෙක රස්තියාදුවක් යාමටය . දලඳා මාලිගාවට ඇතුලු වන තැන පෙර නොවූ විරූ කලබලයකි. කොලු කෙල්ලන් පිරිසක් 'ජෝන්ගේ සත්තු වත්ත' වේදිකා නාට්‍යයේ ටිකට් විකුනති. රුපියල් තුන්සියයක් දීමට අතේ මිටේ මුදල් හිඟය . ඒ නිසා බොරුවක් කීවෙමි. 'මම ඕක බලල තියනව මල්ලි' . මට උවමනා ...
[301] රාත්‍රිය ~~..... සංසාරේ අපි ..... ~~ . ලොවම නිදන අමාවක අඳුරෙහි නුඹටත් හොරෙන් නුඹ වෙලාගෙන, මොහොතක්ම පමණක් වැලඳ ගන්නට රාත්‍රියක් වී මම එමි.. සොඳුර , පිලිගන්න .. අවසන් වැලඳ ගැන්ම ... නිදා සිටි කොඳ මල ඇහැරී ඇති ඔබ නිදිදැයි හොරෙන් විමසා බලනු ඇති මගේ සීතල හඳුනා ගෙන ඇහැරෙන්න.. නොදුටුවා සේ දෑස් පියා පසු වන්න... ඉච්චාකාර සඳ තුරු මුදුනෙන් එබී තුරු සෙවණ අපෙන් හිස් යැයි සැනසෙනු ...
[300] වන මැදින් සිරිපා පිණිපා කොට.. ~~..... සංසාරේ අපි ..... ~~ බස් එකේ විනීතව නුවර පැමිණෙන සෙනගවැව රවුමේ .. රෑ සංචාරේගියත් ගියායින් එහෙවු ගමනක් නම් ගියේ නැත. අවුරුද්දක් තිස්සේ ප්ලෑන් ගැසුවෙමු. අන්තිමේ 13 රෑ වෙනතුරුම එකදු ප්ලෑනකුදු ක්‍රියාත්මක නොවුනේය. ඒකෙත් හැටි ! හැබැයි සන්තෝසේ බැරිය ! ප්ලෑන් ගසන්නට , කඩන්නට මෙන්ම ප්ලෑනක් නැති නිසාවෙන්ම තුටුවන්නට මේ ගමන් සගයින්ට හැක්කේය. ඇතමුන්ගේ විනීත චායාරූප12 දා රෑ වනවිටත් ප්ලෑනක් නම් තිබ්බේම නැත්තේය. එන්නේ කවුද ...
[299] අවසන මම 'ඈ' ගැන සිතීම අත් හළෙමි.. ~~..... සංසාරේ අපි ..... ~~ ඊයේ - බ්‍රහස්පතින්දා දහවල -------------------------------බොහෝ දිනකට පසුව මහනුවරට සැපත් වීමි. මේ මගේ කෙටි නිවාඩු දිනයය. දවල් ඉර පෙනෙද්දී කඩ සාප්පු වල ගාටන්නට ලැබෙන ස්වර්ණමය අවස්ථාව මම මග නොහැරීමි. කඩින් කඩ වැටෙන මඳ වැසි මේ මහනුවරද නුවරඑලියද? කියා සිතෙන් අසයි. ඇසි පිය හෙලන වේගයෙන් ගණ මීදුම කඳු හිස් වැලඳ ගෙන ඊලඟ මොහොතේ අතුරුදන් වෙයි.බස් රථයක ගමන් ගනිද්දී වටපිටාවේ බොහෝ දෑ ...