[338] තරඟයේ නිමාව සහ ජීවිතයේ දියත් කිරීම ~~..... සංසාරේ අපි ..... ~~ තරඟයේ වෙහෙස සෙමෙන් සෙමෙන් නිවී යද්දී ජීවිතය සොයන ආත්මයට හමුවූ ආතුර මනස සුවපත් කළ හැකි අද්භූත බලවේගයක් සොබාදහමට ඇති බව මම මෑතකදී පසක් කර සිටිමි . උදෑසන අරැණ නැගෙද්දී අප නිදිබර ගත ඇඳෙන් නැගිටුවීම , පාසල් වියේ අමිහිරිතම කාරිය වූයේය. විශ්ව විද්‍යාල සමයෙහිද , රැකියාවක් කල සමයෙහිද වසර තිස් හතරක් තිස්සේම උදෑසන නැගිටීමේ ව්‍යායාමය අසාර්ථක වුවද , දැන් මා එනතුරැ ...
[337] භාවාත්මක ආදරය සහ සැමරුම් මතක ~~..... සංසාරේ අපි ..... ~~ ඒක හරිම ගැඹුරු ආදර කතාවක් .... .වසර හයකට ඉහත ඈ මෙලොව එලිය දකිද්දි මම හිටියෙ බොහොම දුරක, ගතින් කෙසේ වෙතත් හිතෙන්. මටම වෙන්වුන මගේ ලෝකෙක මගේම ප්‍රශ්න වල නූල් බෝලයක් වගේ පැටලිලා වෙලිලා හිටිය ඒ කාලෙන් මිදෙද්දි ඈ හෙමි හෙමිහිට ලොකු වෙන්න අරන් . .අම්පුච්චි ( අම්මා + පුංචි) කියා තතනමින් මගේ දිහා ඇස් දල්වගෙන බලන් ඉන්න ඇය කිසි සේත්ම ...
[336] Unshortened - කෙටි නැති හද 1 ~~..... සංසාරේ අපි ..... ~~ රාත්‍රිය සමග දුරැතු සීතල වෙලා ගනිමින් සවස් යාමය දහවලෙහි කාන්තිය ගිල ගන්නා හෝරාවයි. තවමත් සිත්වින්දියකට මවක් නොවූ අම්මාට , මාරැතියක නැගී , යථාරතයෙන් පලා ගොස් , අක්බාර් පාලමෙන් එපිට හෙමින් උදා වෙන රාත්‍රිය දෙස බලා ගෙන සුසුම් ලෑමට ඉසුඹුවක් උදා වී තිබේ. අක්බාර් පාලම සමග තමා මෙපමණ බැඳී සිටින්නේ කිම්දැයි සිත් වින්දීගේ අම්මා නොවූ ඈට සිතා ගත නොහැකිය. එක්තරා යුගයක ...
[335] ගඟ මහවැලිය - සහ - වැල් පාළමේ ගීතය ... ~~..... සංසාරේ අපි ..... ~~ පේරාදෙණිය සහ මහවැලිය මට සුහුරැ තැනක් වූයේ අද ඊයේ නොවේ. ඉතා කූඩා වියේ අප සියලු දෙනා ගම්පොල සිට නුවර ගෑටූ දිගු ගමන් අවදියෙහි, මගේ කුඩා ඇස් වලට ගඟ යනු හරිම එකාකාරී වතුර ගොඩක් පමණක් වූයේය. ඒ ගඟෙහිම නෘත්‍යයක් මෙන්ම ලාලිත්‍යයක්, අප ගම්පොලින් නුවර දොඩම්වල පැලපදියම් වූ කල්හි දිනපතා මට දකින්නට ලැබුනේය. ගෙදර සිට අතුරැ පාරෙන් මහපාරට හරවන මීටර කිහිපයෙහි එක් ...
[334] සෙන්ට් සහ සුවඳ කූරු ~~..... සංසාරේ අපි ..... ~~ ජීවිතේ රෝලර් කෝස්ටරයක් වගේ ගෙවීගෙන යනවා. ජීවිතේ මල්ගෙ ජීවිතේ 'මල්' වුනේ නමට තමයි . එක වෙලාවකට හිතෙනව, මලක් වගේ පරවෙලා නොයා ගහක් වගේ වුනේ ඇයි කියලා. ගතවෙන හැම සෘතුවකටම අනුගත වෙවී , කොල හැලී නිරුවත් වෙන ජිවිතයක් ... , ආයිත් දලු දමා පණ ගසා අලුත් වෙන ජීවිතයක් ... කියන්නේ , කොයි තරම් වෙහෙසක්ද ? හිතට එන මේ විප්‍රකාර අමතක වෙන්නත් ...
[333] අනුකම්පා කලා නෙවෙයි ,මට ඇත්තටම දුක හිතුනා කරූ සර්... ~~..... සංසාරේ අපි ..... ~~ ගොඩක් වෙලාවට සත්පුරුෂයින් ගැන හොඳ දෙයක් ලියද්දි කතාව බොහෝ විකෘති කරන්නට උවමනා වෙන්නෙ නැහැ. මේ ඊයෙ පෙරේදා ලිව්ව අර පොඩි සුරංගනාවිගෙ කතාව මතකනෙ. ඇය ඒ ලිපිය කියෙව්වද නැද්ද කියන්න මම දන්නේ නැහැ. ඒ කෙසේ වෙතත්, ඇයටවත් , ඒ අවන්හල් හිමියටවත් , අපටවත් ලිවීමෙන් කිසිම හානියක් වෙන්නෙ නැහැනෙ. ඒත් මම දැන් සති දෙක තුනක් තිස්සෙ , මේ අද මම ලියන්නට යන ...
[332] ටිකක් සංකර සුරංගනාවියක් සහ පින්පෙත් ගැන කතාවක් ~~..... සංසාරේ අපි ..... ~~ දන්නවනේ මම දැන් වැඩ කරන තැන ඉන්නෙ ගොඩාක් පොශ් වෙච්චිත් නැති , ඒ වගේම ගොඩාක් දුප්පත් නැති මධ්‍යම පන්තික ලමා ලපටි විත්තිය .මේ කියන්න යන්නෙත් පුංචි ඇත්ත කතාවක්. පොඩ්ඩක් සංකර , හිත ලස්සන සුරංගනාවියක් ගැන. හැබැයි මේක සුරංගනා කතාවක් නම් නෙවෙයි . එදා මමයි මගෙ යහලුවයි ගියා අසල කඩයට තේ එකක් බොන්න. ඒ පොඩි තේ පැන් සල කරගෙන යන්නෙ ටිකක් ...
[331] අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු, කවදද දෙදණ නමන්නේ ? ~~..... සංසාරේ අපි ..... ~~ රජ පෙරහැර මැද ඇතා නටනවා දා කරඬුව ඇල වෙනවා දෙදහස් වසරක් රෑකගත් කරඬුව දෙවියනි හද කකියනවා ! අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද දෙදණ නමන්නේ ? විලංගු ලා ලා , ඇතු බැඳ දමලා සැනසුම් සුසුම් හෙලන්නේ කොඩි කුඩ සේසත් පාවඩ තිබුනත් කොහොමද රජ පෙරහැර යන්නේ ? උත්තම කරඬුව දෝත දරාගෙන පාර කොනේ අපි ඉන්නේ අපට සෙනේ ඇති බෝසත් ගිජිඳෙකු කවදද ...
[330] මල් පිපිලා.. සාදු කියන්න මැණිකේ... ~~..... සංසාරේ අපි ..... ~~ මල් පිපිලා එදා වගෙම , බලන්න මැණිකේබමරු ඇදෙනවා සුලඟට සතර දිගන්තේ තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ එදා අපට පෙම්වත් සඳ , අද දරුවන්ටයිගලා හැලෙන නිල් ඇල දොළ පෙම් කවියක් වෙයිඑදා අප වෙලී ගියමග , මෙදා උන් බැඳී යන සඳ තරහ නොගන්ටයි කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයිරෑට පිපෙන තරුමල්වල රේණු ගනින්ටයිඑදා අපෙ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ තරහ ...
[329] කොල්ලා සහ බල්ලා ~~..... සංසාරේ අපි ..... ~~ මේ සැරසෙන්නේ , වසර කිහිපයකට උඩදී මා විසින් ඔබට කරන ලද වංචාවක් හෙලිදරව් කිරීමටය . අතේ වලල්ලක් පැලැඳි සාන්තුවරයකු ගැන මා ඔබට කීවා මතකද ? මට සමාවන්න , සැබෑවක් යැයි ගහ පහ දිදී මා එදා ඔබට කීවේ ප්‍රබන්ධ කතාවකි. කොලඹ මහ අතුරුපාරක් අයිනේ ලොරියකට බෙල්ල තැබූ බල්ලෙක් සිටියේ නැත. ඒ හපුටු බල්ලා සෙනෙහෙන් වඩාගෙන පාර අයිනෙත් තැබූ, කොණ්ඩය දිගට වැවූ, ...
[328] සුරංගනා කතාවක් - කතා ගොඩක් ... ~~..... සංසාරේ අපි ..... ~~ පායි හායි සහ පායි ශාන් . මේ දෙන්න මට මුණගැසෙන්නේ මිට වසර 26 කට ඉස්සර !!!!! පායි ශාන් අයිය අසනීපෙන්ලු. පායි හායි තනිවම හරි මූදු යන්නේ ඒ නිසයි. පායි හායිට හමුවෙන පුංචි මුතු බෙලි නගාට හානියක් නොකර ආපසු එයාගේ අක්කලා හය දෙනා ගාවට යවන පායි හායිගෙ හොඳ හිත නිසා කොච්චර දේවල් සිද්ද වෙනවද ?කොච්චර හොඳ පායි හායි කෙනෙක්ද ? එච්චර ...
[327] තෙපිටයි ඒ පාපේ - පවුකාරයිනි ~~..... සංසාරේ අපි ..... ~~ සිරස සුපර් ස්ටාර් බැලුවෙමි. අහම්බෙන් කණ වැකුනු මේ වටිනා ගීතය , මට බ්ලොග් එකක් ඇති බවද , එයට මොකුත් ලඟකදී නොලියූ බවද සිහිපත් කරන ලදී.. සොයා දියවු සොයා දියවු මට සරණක් මා අත ගන්නට පෙරුම් පිරූ යෞවනයන් දකුණේදී උතුරේදී ,මරදැමූයේ තෙපි නොවේද පවු කාරයිනීනීල වරල මතු වන නර කෙස් ගනිමි බාල සුවඳ ආලේපන ගෙන උලමීදෙතන එරෙන කිරි දොවා ඉවතලමි තෙපිටයි ...
[326] ගඟ .. සහ .. වැව ~~..... සංසාරේ අපි ..... ~~ " වංගු ගණනාවක් අරගෙන ගල්පර උඩින් පැන පැන අසීරුවෙන් කෙකටිය ගස්ද මැඩ ගෙන එනකොට හරිම වෙහෙසයි... "ගඟ කීය ! විල බොහොම නිහඬව එක තැන්ව තැන්පත්ව, හරි බරි ගැහී ඉඳගෙන ගොස ද දීගෙන දඟද පාමින ගඟ එන දෙස බලයි හොරැහින් ! "උඩ පිනුම් බඩ පිනුම් බලාගෙන !""පැන යන්නෙ හෙමිහිට, ගල් උඩින් !"විල කොතෙක් කීවත් වේගෙ වැඩි බව දුරසින් නවතින්ට අමනාපය , ...
[325] කවි (ගැන) කතන්දරයක් ~~..... සංසාරේ අපි ..... ~~ මට කවි ලියන්නට සිතෙන්නේ ඇයි දැයි මා කියන්නට දන්නේ නැත. ලිවීමට කියවීමට අපේ අම්මාත් , අක්කාත් රුසියන් නමුදු අපට පරම්පරාවෙන් ආ කිසි ප්‍රතිභාවක් පිලිබඳ හෝඩුවාවල් නැත්තේය . ඉදින් , 1992 පටන් ගත් අහඹු කවි කෙරුවාව , නතර වෙමින් යලි ඇරඹෙමින් දැන් වසර විසි තුනක් සපුරා තිබේ . මේ ඊයේ පෙරේදා මට බොහොම ආසා හිතෙන තාලේ අලුත් මොනවා හරි කරන්නට සිතුනේය ...
[324] මම _ වෙමි _ ගස ! ~~..... සංසාරේ අපි ..... ~~ මම _ ඒ ගස ..සුලඟින් කීරි නද දෙන කට්ට කරුවල රැයක හිතුවක්කාර විලසින් ඇඹරෙන මම _ ඒ පියැස්ස ...කුඩා බෙලෙක් අතු පැලෙක සුලඟද කීරි ගස්වන කර්කශ විරෝධය නොතකන මම _ ඒ හඬ ...රාත්‍රියෙහි අඬා වැලපෙන හැඩුම බිඳකුදු නිම නොවන හඩනු මිස , සැනසුමක් නොදකින ....I am the TreeI am the treecreaking in the windoutside in the nighttwisted and stubborn:I am ...
[323] අසංඛ්‍යත ස්වප්නය ~~..... සංසාරේ අපි ..... ~~ යා යුතුය මා නැවැතසොයා පෙම් මං පෙතප්රහර්ෂය පණ ලබන පිපුන වත දකින්නටමද්දහන් ඉර දැවීදවල් ලැව් ගිනි නැගෙනවන රොදින් දිම් භෂ්මනැගෙනු දැක ගත යුතුයඉබාගාතයේ ඇවිදසිසිල් දිය පහස ලැබනැමී සුලඟට නටනහරිත තණ ගොමු කොහිදමා නැවත යා යුතුයඅසංඛත ස්වපන මත අඬා බැස ගොස් නිදන කඳු පෙතට , දොල වෙතටරාත්රිය නලවමින් කෙතක පැල් පියසකින්ඇසිල්ලක මතුව එයිගොපලු වස් දඬු හඬක්..හද ගැබෙහි පතුලගෝත්රිකයකු නිදයිඅවදි වී සිහිනයෙන් ...
[322] කඳුළු පාරුවකින් එතෙර වෙමි ~~..... සංසාරේ අපි ..... ~~ රතු අහස සිය තිමිර සලු පොරවාගෙන නින්දට හරි බරි ගැසෙන සන්ධ්‍යාවයි. ඈත ගම් දනවු වල කැදලි සොයා පියාඹන කිරල . වවුල් සහ කාක නාදය අහස වසා වෙලා ගනිද්දී ගං ඉවුර පමණක් නිසංසලය . කණට ඇහෙන නෑහෙන ගානට ගඟබඩ නිසංසලය බිඳ දමා කැලැත්තෙන කුඩා ජල තරඟ සමග හැප්පෙන පාලම් පාරුවක් ගඟ ඉවුරේ නතරව සිටී . එහි කොණෙක ඇණ බා හිඳ ගෙන ...
[321] සිනහසෙන ගිනි කඳු ~~..... සංසාරේ අපි ..... ~~ ඒ මීට දෙදවසකට පෙරය . උදේ සිට දකින්නට අහන්නට විඳින්නට ලැබුනේ වෙහෙසකර දේය . එහෙත් දවස ඉවර වන එම රාත්‍රිය අග්ගිස්සෙහි ඉතාමත් සුන්දර හුරුබුහුටි මටසිලිටු තාලමය ත්‍යාගයක් එල්ලී තිබුනේය . නොලියා , නොතකා සිටිය දිගු කාල සීමාව දැන් හමාර කල යුතු යැයි "සිහිනයකි රෑ" මට ඉඟි කළේය !ලෝකයෙහි කොයි කොයි දේ , කොතැන සිදු වූවත්, ඒවායෙහි ඇතැම් විට මහා ගුප්ත ...
[320] අනුරපුර වැඳ ආමි .. ~~..... සංසාරේ අපි ..... ~~ ඔන්න ඉතින් අපි අනුරාධපුරේ ගියා. මේ චාරිකා සටහන කියවන ඔයාලගෙන් ගොඩ දෙනෙක් දැනටමත් අනුරාධපුරය දහ දොළොස් වතාවක් වැඳලා ඇති. ඒත් කාලයත් එක්ක ගම නගර වෙනස් වෙනවා. සමහර අකරතැබ්බ නොවෙනස්ව හැමදාම සිදු වෙනවා. මේ සටහන ලියන්නේ මේ දවස් වල අනුරාධපුරේ යන ඔයාලට. පොදු ප්‍රවාහනයේ යනවා නම් ඔන්න පැය බාගෙන් බාගෙට අනුරාධපුර බස් තියනවා නුවරින්. විදෙශිකයො වෝකර්ස් බස් වල ගිනි ගණන් දීල ...
[319] මේ නුග තෙම හැර .... ~~..... සංසාරේ අපි ..... ~~ වසර ගණනකට පෙර , හරියටම බැලුවොත් අසූවකට පෙර , එක් කොලු ගැටයෙක් පාර අයිනෙ නුග පැලයක් සිටුවූයේලු. නිවස අබලන්ව වියපත් විනි. නුග පැලය නාඹරව නුග පලද පල ගනිමින් එය මහ නුගයක්ම වූයේලු. මීට වසර තිස් ගානකට එපිට ධනසිරි මුදලාලි අලුත්ම අලුත් සුපර් මාර්කැට්ටුව අරින්නේ ඔතැනමය. ධනසිරි මුදලාලි රූස්ස හෙවණක්ව මහනුවරටම හෙවණ සැදු නුග රුකට අත නොතැබුයෙ වන්නට ඇත. 88-89 කාලයේ ...