හිර ගෙදර ජරමරේ Management in Sinhala හිරගෙදර ජරමරේ කුඩු කාරයින්ගේ බලපුළුවන්කාරකමේ පිළිබිඹුවක් ලෙස සළකා ඉවත දැමිය හැකි ද? එහෙම නැත්නම් මේ කාලයේ සිදුවන්නේ අබුද්දස්ස කාලේ සිදුවන දේවල් යයි කියමින් එය කාලයේ යුගයේ ගිනුමට බැර කර අපට අපේ පුරුදු කටයුතු කරගෙන යෑ හැකි ද? බැලූ බැල්මට කළමනාකරණයට අදාළ නැතැයි පෙනුනත් ගැඹුරින් විමසීමේදී පෙනෙන්නේ මෙතැන සැබැවින්ම තිබී ඇත්තේ කළමනාකරණ ගැටළුවක් බව ය. එක් [...] ...
මැකෝ නොදන්න කළමනාකරණය Management in Sinhala මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නාම යෝජනා බාර ගන්නා දින ජනතාවට අවවාදාත්මක කතාවක් කළේ ය. එහි සාරය වූයේ නායකයින් දෙපළ මෙන් බිම්මට්ටමේ සමාජිකයන් ද එකිනෙකාට ගෞරව දක්වමින් හැසිරිය යුතු බව ය. නායකයින් දෙපළ ආදර්ශයට ගෙන ජනතාව ද ඔවුන් මෙන් හැසිරිය යුතු බව ය. බැලු බැල්මට එය අගනා කතාවකි. විමසුම් සහගතව බැලුවොත් එය කොළේ වහලා ගැහීමකි. […] ...
අනුන්ට හීලෑ වීම හා ස්වයං විනය Management in Sinhala අප බොහෝ දෙනෙකු කැමති විනයකට යටත් වෙන මිනිසුන්ට ය. පාසල දරුවන් හුරු කරන්නේ ද විනයට යටත් වීමට ය. නිල ඇඳුමේ සිට හිස කෙස් කැපීම හරහා සපත්තුවේ මෝස්තරය දක්වා හැම දෙයක් ම පාලනය කිරීම තුළ මේ විනය පිහිටුවීම ද එක් අපේක්ෂාවකි. එම නීති රීතින්ට යටත් නොවන අයට දැඩි දඩුවම් පමුණුවන්නේ ඒ නිසා ය. ඒ නිසා ම […] ...
නායකයින්ගේ දෙකේ කොළේ වැඩ Management in Sinhala සමහර නායකයන් හිතන්නේ තමන්ගේ කාලය තරමට තමන් යටතේ ඉන්නා අයගේ කාලය නොවටිනා බව ය. ඒ නිසාම සෙසු මිනිසුන්ගේ කාලය පිළිබදව තමන් කිසිදු තැකීමක් නොකරන බව සමහර නායකයෝ ප්‍රදර්ශනය කර පෙන්වති. ඉතා ඉක්මණින් අවසන් කළ හැකි ගනුදෙනු පවා එසේ අවසන් නොකර හැකිතාක් පමා කර අවසන් කරනු එවන් විටෙක දකින්නට පුලුවන. ඔවුන් රස්තියාදු කළ තරමට නායකයාට වැඩි [...] ...
වචනයෙන් ඔබ්බට Management in Sinhala සන්නිවේදනය කී පමණින් අපේ මනසට එන්නේ වචන ය. වචනවලින් තොර සන්නිවේදනයක් ඇතැයි යන්න පිළිගැනීමට පවා බොහෝ දෙනෙකුට තරමක් දුරට සිතන්නට සිදුවේ. මෙයට එක් හේතුවක් නම් අපේ පාසල් අධ්‍යාපනය තුළ වචන සිංහාසනාරූඩ කර තිබිම ය. වචන නැති අධ්‍යාපනයක් අපට සිතා ගැනීමට බැරි ය. ගුරුවරයා කීවේ වචන ය. ලීවේ වචන ය. අපට කියන්නට කීවේ වචන ය. අපට […] ...
නොසැලී සිටීමේ ධීර ගුණය Management in Sinhala අල්ලස් නොගන්නා කෙනෙකුට අල්ලස් ගත්තේ යැයි චෝදනා කිරීම ඔහු හෝ ඇය අස්ථාවර කළ හැකි සාර්ථක උපක්රමයකි. බොරු නොකියන කෙනෙකුට බොරු කාරයා යයි කීම ද වෙනත් ගැහැණියකගේ පහස නොපතන කෙනෙකුට ගැහැණු සොඩෙකැයි කීම ද එවැනිම උපක්රමයන් ය. නිලය අල්ලා ගහනවා යයි කියන්නේ මේ කාරණයට ම ය. වැඩි මනත් කරදරයක් නැතිව ප්‍රතිවාදියා මෙල්ල කිරීමේ හැකියාව නිලය අල්ලා […] ...
සැණකෙළිවලින් පිරි – සන්දර්ශනාත්මක – කළමනාකරණය Management in Sinhala රටක් ආයතනයක් කළමනාකරණය කිරීමේ දී සෝබනය යොදා ගැනීමට සමහර කළමනාකරුවෝ කටයුතු කරති. ඔවුහු එකක් දෙකක් කර දහයක දොළහක හඩක් නගති. කරන එක දෙක අතිශයින් කුඩා වුව ද ගැටළුවක් නැත. එය ගාම්භීර ආකාරයෙන් සැමරීමට ප්‍රමාණය ඔවුන්ට බාධාවක් නොවේ. ඔවුන්ට විවෘත කරන්නට කක්කුස්සියක් වුව ද සෑහේ. කිරිබත් කා රබන් ගසා රටටම අඩ බෙර ගසා සෙනග රැස්කරවා එවැන්නක් විවෘත […] ...
බුද්ධිය හා හදවත – අගෝස්තු 17 දා තීරණය කාගේ ද? Management in Sinhala තීරණ ගැනීමේදි සමහරු බුද්ධියත් සමහරු හදවතත් භාවිතා කරති. හෙට අනිද්දා මේ රටේ ජනතාවට ද තීන්දුවක් ගැනීමට තිබේ. එතැන දී ඔවුන් මෙයින් කුමක් භාවිතා කරන්නේ ද යන්න මත රටේ මෙන්ම අපේ අනාගතය ද බොහෝ දුරට තීරණය වනු ඇත්තේ ය. ඒ ඔස්සේ කතා කරන්නේ වුව ද තීරණ ගැනීම සම්බන්ධයෙන් කවර විටෙක වුව ප්‍රවේශම් වීමට අපට මේ සාකච්ඡාව […] ...
මෛත්‍රීපාල සිරිසේන -ඒ කවුද – ඉන්නේ වෙන වෙනම මෛත්‍රී කෙනෙක් හා සිරිසේන කෙනෙකි! Management in Sinhala “මෛත්‍රී“ – යන සන්නාමය (brand image) මනසේ ස්ථානගත කිරීමට විපක්ෂය උත්සහ කරද්දී ආණ්ඩුව හදන්නේ එය අමතක කොට සිරිසේන යන නාමය උඩට ගැනීමට ය. අද වනවිට ආණ්ඩුවේ පත්තරවල මුල් පිටුවේ විවේචනය සිරිසේන නාභිගත කොට සිදු කෙරෙමින් පවතී. වෙනදා තඩිබාන රනිල් හෝ චන්ද්‍රිකා මුල පිටුවෙන් පසු පිටුවලට විස්ථාපනය වෙමින් තිබේ. මේ සිදුවන ක්‍රියාවලිය නිසි ලෙස තේරුම්ගැනීම කළමනාකරුවෙකුට […] ...
අලුත්ගම බේරුවල අර්බුදය – චක්‍රය කරකනවා ද? ඉන් මිදෙනවා ද? Management in Sinhala දැන් ගිනි ගෙන අවසාන ය. බිලි ගෙන අවසාන ය. මුලින් ඇති වුනේ පුංචි විරසකයකි. දැන් එය විසාල අර්බුදයක් බවට පෙරලිලා ය. මුලින් ඇති වුන ගැටළුව පුද්ගලයින් අතර ය. දැන් එය ජාතීන් අතරට පැතිර ගොසින් ය. හරියට කළමනාකරණය නොකළොත් එය නුදුරේදී රටම ගිලගනු ඇත්තේ ය. මෙයට වගකිව යුතු වන්නේ කවුද? ඔබ ඒ ප්රශ්නය අසන්නේ කාගෙන් ද […] ...
සයිබර් අවකාෂයේ පා තැබීම, සැරිසැරීම හා එය ජය ගැනීම Management in Sinhala අතීතයේ මිනිසුන් බොහෝ දෙනෙක් එකිනෙකා හමුවුනේ වෙළද පොළේදී ය. පසු කලෙක පන්සලේ නැතිනම් පල්ලියේ ය. ඊලග වකවානුවේ ක්ලබ් එකේ නැතිනම් බාර් එකේ ය. දැන් බොහෝ දෙනෙක් මුණ ගැසෙන්නේ සයිබර් අවකාශයේ ය. ඈත අතීතයේ මිනිසුන් යුද්ධ කළේ මහපොළොව මත ය. භූමිය අල්ලා ගත් පක්ෂය යුද ජයග්‍රහණය කළේ ය. මෑත අතීතයේ දී යුද්ධය සිදුවුනේ වෙළදපොළේ දී ය. [...] ...
උකුස්සෙකු විලස අවට සිසාරා බලන දැක්මක් Management in Sinhala බොහෝ කළමනාකරුව්න්ගේ අවධානය යොමුවන්නේ ආයතනයේ අභ්‍යන්තරයට ය. ඒ අභ්‍යන්තරයේත් කුඩා අංශ හා කොටස් කෙරෙහි ය. හරියට අන්වීක්ෂයක් හෝ අත් කාචයක් ගෙන ඇවිදින කෙනෙකුගේ රුවක් අප ඉදිරියේ එවිට දිස් වන්නේ ය. එසේ අවධානය යොමු කරන්නෙකුට වටපිටාව නොපෙනෙයි. මුළු පින්තූරය ඔහු නොදකියි. පරිසරයේ වෙනස්කම් ආයතනයට බලපාන්නේ කෙසේ ද යන්න ඔහුගේ විෂය පථයට අසු නොවේ. ආයතනයේ සමහර කරුණුවල [...] ...
නොදැන කළොත් පරාවළල්ලක් විය හැකි කාර්ය සාධන කළමනාකරණය Management in Sinhala පාරාවළලුවලට ඕස්ට්‍රේලියාව ප්‍රසිද්ධ ය. ඇබොර්ජීනියන්වරු අතර එය වඩාත් ජනප්‍රිය ය. ඉලක්කයට යැවිය හැකි අගනා උපකරණයක් වන එය ඉලක්කයට නොවැදුනොත් නැවතත් එය යැවූ තැනැත්තා වෙත හඹා එන්නේ ය. ඒ බව අවබෝධයෙන් පාරාවළල්ල විසි කළ යුතු ය. එසේ නොකළොත් වන්නේ ඉලක්කය අහිමිවීමෙන් නොනැවතී ඉලක්කය බවට තමන් ද පත්වීම ය. මේ කතාව මතකයට ආවේ කාර්යය සාධනය ගැන සටහන […] ...
තර්ක බුද්ධිය ද හැගීම් පිරි හදවත ද? Management in Sinhala කළමනාකරුවෙකුගේ එක් කුසලතාවයක් වන්නේ මිනිසුන් වෙනස් කිරීම ය. ඔවුන් මෙහෙයවීම ය. ඒ සඳහා ගත හැකි මාර්ග දෙකකි. එකක් මිනිසුන්ගේ තර්ක බුද්ධියට අාමන්ත්‍රණය කිරීම ය. අනික මිනිසුන්ගේ හැගීම් වලට කතා කිරීම ය. කළමනාකරුවන් බොහෝ විට තෝරාගන්නේ තර්කයට ආමන්ත්‍රණය කිරීම ය. හේතුව එය පහසු වීම ය. තර්කයක් පහසුවෙන් වචනයට නැගිය හැකි නිසා ය. වචන දන්නා කෙනෙකුට ඒ […] ...
නිපදවිය යුත්තේ මොනවා ද? Management in Sinhala සමහරු නම් කියන්නේ රබර් කිරි නිපදවන අප මකන කෑල්ලක්වත් හදාගන්නේ නැතිව ඒ භාණ්ඩෙත් චීනෙන් ගෙන්වන බව ය. මට නම් ඒ ගැන ලොකු අරෝවක් නැත. ඒ අප ලෝකයේ විශාලම ගුවන් යානා වලට අවශ්‍ය ටයර් නිපදවමින් ඉන්නා නිසා ය. තව සමහරු කියන්නේ අප අල්පෙනිත්තක්වත් හදා ගන්නට බැරුව ඉන්නා බව ය. ලෝකයේ විශාල සමාගම් වලට අපේ සමාගම් මෘදුකාංග […] ...
kakonomic – අපේ රටේ තියෙන්නේත් එහෙම ආර්ථිකයක් ද? Management in Sinhala කැකෝනොමික් ලෝකයක කිසිවෙක් කිසිවෙකුගෙන් ගුණාත්මක නිපැයුමක් සේවාවක් අපේක්ෂා නොකරයි. එසේ ගුණාත්මක නිපැයුමක් සේවාවක් නොසැපයීමට හැම දෙනෙක්ම ගිවිස ගෙන ඇත්තා සේ ය. ඒ නිසාම එවන් ලෝකයක නිපැයුමකට සේවාවකට ගෙවන්නට නියමිත වන්නේ ද සොච්චමකි. එහෙම බැලුවහම ඒ ලෝකයේ ගනුදෙනු යස අගේට සිදු වෙයි. මිලට ගන්නාට ලොකුවට ගෙවන්න වෙන්නේත් නැත. සපයන්නාට එහෙමට ලොකු හෝ හොඳ එකක් සපයන්නට වෙන්නේත් […] ...
කළමනාකරණයේ සිව්වැදෑරුම් කටයුතු Management in Sinhala කළමනාකරණය පිළිබද බොහෝ ශාස්ත්‍රීය ග්රන්ථ ආරම්භ කරන්නේ මේ සිව් වැදෑරුම් කටයුතු හදුන්වා දෙමිනි. සැළසුම් කිරීම සංවිධානය නායකත්වය පසු විපරම යමක් සාර්ථකව කිරීමට නම් එය බොහෝ සිතාමතා සැළසුම් කළ යුතු ය. ඒ කටයුත්තට සම්බන්ධවන සියලු පාර්ශව කරුවන්ගේ කෝණයෙන් එය දෙස බලා එයින් අපේක්ෂා කරන සියලු ඉලක්කයන් සහතික කරනු වස් සැළසුම් කළ යුතු ය. මේ සම්බන්ධයෙන් සංවිධානය [...] ...
ඉල්ලන දේ දීම – සැපයිය යුත්තේ ඉල්ලුමට ද? Management in Sinhala ඉල්ලුම කුමක් දැයි බලා ඒ අනුව සැපයිය යුතුය යන්න බොහෝ දෙනා අනුයන මතයයි. එතකොට නිපදවන සියල්ල විකුණා ගත හැකි ය. මේ ප්‍රතිපත්තියට ඉංග්‍රීසියෙන් කියන්නේ demand driven කියා ය. තවත් සමහරු මෙයට තවත් ගාම්භීර නමක් දෙති. මේ ප්‍රවේශය ඔවුන් හඳුන්වන්නේ bottom-up approach කියා ය. පහළින් ඉල්ලා සිටින දේ උඩින් දෙන ක්‍රමයක් නිසා එය වඩාත් ජනහිත කාමී […] ...
ඉල්ලන දේ ඔබට ලැබෙන්නේ ය Management in Sinhala මගේ වෘත්තීය ජීවිතයේ ජයග්රහණයන් ලබන්නට මා වාසනාවන්ත වීමට එක් ප්‍රධාන හේතුවක් දෙන ලෙස කිසිවකු ඉල්ලා සිටියහොත් මට කිව හැක්කේ, ඒ දක්ෂ කැපවී වැඩ කරන අපූරු මිනිසුන් එක් කිරීමට, මා තුළ යම් හැකියාවක් තිබීම බව ය. කැප වී වැඩ කරන මිනිසුන් සොයා ගැනීම අමාරු ය. ඔවුන්ගේ දක්ෂතා ඉස්මත්තට ගැනීම ඊටත් අමාරු ය. අනිත් අතට දක්ෂ මිනිසුන් […] ...
ආයතනවල ඉන්නා අමාරුකාරයෝ නොහොත් ට්රබල්මේකර්ස්ලා Management in Sinhala නායකයන්ට හිසරදයක් ද සෙසු අයට අවිනිශ්චිතතාවයක් ද තමාට ආතතියක් ද ගෙනෙන කරදරකාරයින් නැතිනම් අමාරුකාරයින් ඕනෑම ආයතනයකට උරුම ය. ඒ අතරින් හැමෝම නැතත් බොහෝ අය ආයතනයට හිරිහැරයක් ලෙස මතුපිටින් පෙනුන ද තරමක් විමසිල්ලෙන් ඔවුන් දෙස බැලූ විට පෙනෙන්නේ ඔවුන් වෙස්වලාගත් ආශිර්වාදයන් බව ය. එහෙත් මතුපිටින් බලන බොහෝ නායකයින් ඒ බව දන්නේ නැත. ආයතනයේ කාලයක් පවතින පුරුදු [...] ...