kakonomic – අපේ රටේ තියෙන්නේත් එහෙම ආර්ථිකයක් ද?


කැකෝනොමික් ලෝකයක කිසිවෙක් කිසිවෙකුගෙන් ගුණාත්මක නිපැයුමක් සේවාවක් අපේක්ෂා නොකරයි. එසේ ගුණාත්මක නිපැයුමක් සේවාවක් නොසැපයීමට හැම දෙනෙක්ම ගිවිස ගෙන ඇත්තා සේ ය.

ඒ නිසාම එවන් ලෝකයක නිපැයුමකට සේවාවකට ගෙවන්නට නියමිත වන්නේ ද සොච්චමකි.

එහෙම බැලුවහම ඒ ලෝකයේ ගනුදෙනු යස අගේට සිදු වෙයි.

මිලට ගන්නාට ලොකුවට ගෙවන්න වෙන්නේත් නැත. සපයන්නාට එහෙමට ලොකු හෝ හොඳ එකක් සපයන්නට වෙන්නේත් නැත.

මේ ගනුදෙනුව අහෝසි කර දමන වඩා ගුණාත්මක ඉහළ නිශ්පාදනයක් හෝ සේවාවක් සැපයීමම ගිවිස ගත් කොන්ත්‍රාත්තුව කඩ කිිරීමක් වන අතර එවිට අනෙකාට ඒ වෙනුවෙන් වැඩිපුර ගෙවන්නට සිදු වීමේ දුක හිමි වේ. නැතිනම් සිදු වන්නේ එසේ නොගෙවීම නිසා ලජ්ජාවට පත්වීමට ය. ඒ දෙකම අපේක්ෂාවන්ට පටහැනි ය.

මේ තුලනය කඩා බිඳ දැමීම අධිකාරියට හා ඒ ලෝකයට කරන ඍජු අභියෝගයක් වන අතර එය කැරැල්ලක් ලෙස සළකා ඊට උපස්ථම්භක වූ අයට එරෙහිව ක්‍රියා කිරීමට ද ඒ ලෝකය පාලනය කරන්නන්ට හේතුවක් වේ.

සමහර විටක එකම ආර්ථිකයක කැකෝනොමි උප ආර්ථිකයක් පැවතිය හැකි ය. ඒ කැකෝනොමි ආර්ථිකය හා විධිමත් ආර්ථිකය අතර හුවමාරු සිදු නොවන අතර ඒ දෙක වෙන වෙනම පැවතිය හැකි ය. එකම කෙනෙකු මේ ආර්ථික දෙකේම කටයුතු කරන්නේ නම් එවිට එක් ආර්ථිකයකින් අනිකට මාරුවීමේදී හැව ඇරීමට -තාවකාලිකව පරිවර්තනය වීමට- ඔහුට ඇයට සිදු වේ.

කැකෝනොමි ආර්ථික කටයුතු වලදී සරම රෙද්ද බැනියම ඇඳගෙන ස්වභාෂාවෙන් ද සාමාන්‍ය ආර්ථිකයට ඇතුළු වීමේ දී කලිසම් කෝට් ඇඳගෙන ඉංග්‍රීසියෙන් ද පෙනී සිටින්නට එවැන්නෙකුට සිදු විය හැකි ය.

මෙසේ ආර්ථිකයක් තුළ කැකෝනොමි උප ආර්ථිකයක් ඇතිවීම දෙබිඩ්ඩන් බිහිවීමට හේතුවක් වෙයි. මේ ආර්ථික දෙක එකිනෙක ගැට ගසා තබා ගැනීමට මේ දෙබිඩ්ඩන්ගෙන් විශාල සේවයක් සිදු වේ.

එකට පැවතීම නිසා ද කැකෝනොමි ආර්ථිකයේ අගුණ විධිමත් ආර්ථිකයට ගලා යෑමට ඇති ඉඩකඩ විශාල ය. එහි ප්‍රති විරුද්ධ දිශාවට සිදු වන ගලා යෑම ඊට ප්‍රතිපක්ෂව අතිශයින් සීමිත ය.

අවසානයේ රටම කැකෝනොමියක්ම වේ ද? අප උත්තර සෙවිය යුත්තේ ඒ ප්‍රශ්නයට ය.

3 thoughts on “kakonomic – අපේ රටේ තියෙන්නේත් එහෙම ආර්ථිකයක් ද?

  1. මා මේ ක්‍රමයේ වෙළඳපොල සම්බන්ධව වාමාංශික විචාර කියවා ඇතිමුත් වඩාත් සාධාරන කළමණාකරණ ලිපි ඔබගේ අඩවියෙන් අහුලා ගතිමි. ඔබගේ මීට පෙර පල වූ සංදර්ශනාත්මක කළමනාකරණය යන ලිපිය ලියා ඇත්තෙ මගේ රට සහ මා රාජකාරි කරන වත්මන් ආයතනය ගැන දැයි මට සැකයක් ඇතිවෙන තරමට ඒ ලිපිය අපේ ආයතනයට අදාල වෙයි. එය මාවිසින් බොහෝ අයගේ හිතසුව පිණිස ඒ ලිපිය ඊමේලය හරහා බෙදාහරින්නට සුලු උත්සාහයක් ගතිමි. බොහෝ දෙනෙක් ඒ ලිපිය අගය කර තිබුනි.

    ඔබතුමාගේ බ්ලොග් අඩවිය තවත් සාරගර්භ ලිපි වලින් සන්නද්ධ වේවායි මා පතමි.

    • අප ආරම්භ කළ සංවාදයන් ඉදිරියට ගෙන යාමට ඔබ දරණ උත්සහය ඉතාමත් අගය කරනවා. අපට තනි තනිව පවා ඉදිරියට යා නොහැකි වීමට රට වෙලා ගෙන තියෙන සමහර ආකල්ප හා චර්යාවන් හේතු වෙලා තියෙනව. ඒවා අභියෝග ලක් කිරීමට අපට කළ හැකි යමක් ඇත්නම් එය කිරීම අප රටටත් අපට පෞද්ගලිකවත් යහපතක් ඇති කරනව. ඔබට තුති.

Leave a comment