කාලයේ වැලිතලාව | under the sands of time diviyapura | දිවිය පුරා * ඉතිහාසය තරමට අපට පාඩම් කියාදෙන වෙන කිසිම දෙයක් නොමැත. ඉතිහාසය නැවත නැවතත් සිදුවේ. කාලයේ දුවිල්ලට හසුවී සැඟවී ඇති ඇතැම් සිදුවීම් සත්‍ය ලෙසම සිදුවූවාද යන්න විශ්වාස කිරීමට අපහසු තරමට විශ්මයජනකය. අනෙක් අතට අප විසින් ගත කරන ලද අතීත කාලය, මේවන විට ඉතිහාසයට එක්වී අහවරය. ඉතිහාසය අපව කෙසේ නම් කරාවිද යන්න කාලයට සාපේක්ෂය වේ. විටෙක ප්රගතිශීලීන් වන පුද්ගලයින්, විටෙක ප්රතිගාමීන් බවට ...
ඔබට ඕනේ දේවල් සියල්ල ඇත්තටම ඔබට උවමනා දේවල් නෙමෙයි. | keepin it real diviyapura | දිවිය පුරා * * මම පොඩිකාලේ හිතාගෙන හිටියේ කවදාහරි ලොකු සල්ලිකාරයෙක් වෙන හැටි! ගෙවල්, කාර් ගොඩාක් ගන්න. කොච්චරද කියනවා නං, කොයි දේ කවදද ගත්තේ කියලා අමතකවන තරමට. ඊට පස්සේ ගෑණු ළමයෙක් හොයාගෙන කසාද බැඳලා , හරියට සුරංගනා කතාවක් වගේ ලස්සනට ජීවත් වෙන්න. * දැන් මෙහෙම උනා කියමුකෝ, ඔබ හිතනවද එය මා වෙත සතුට අරගෙන ආව කියලා? හැම වෙලාවකම දේදුන්නේ කෙලවර හොයාගෙන ගියාම ...
මා වෙනස් වී නොමැත | I didn’t change diviyapura | දිවිය පුරා – * ඒ වීදියෙහි දීම ඇය නැවත මුණගැසුනි. වහින්න ඔන්න මෙන්නය. පාරේ දූවිලි මත වැහිබිඳු වැටී ඇත. * “ඔයා වෙනස්වෙලා ” ඇය පැවසීය. * වැස්ස කඩා හැලෙන්නට විය. නෙතග දිලිසුන කඳුල දුටුවද, නොදැක්කා මෙන් සිටීමට සිදුවිය. * සියල්ල සිදුවීමට කල් ගතවේ. කාලය සියල්ල සොරා ගනී. * මා වෙනස් වී නොමැත. ඔබ කිසිදිනක මා හරිහැටි දැනසිටියේ නැත. * -* ...
| ආචාර්යය අබ්දුල් කලාම් සමගින් ” ගිනිගෙන දැවෙන පියාපත් ” | diviyapura | දිවිය පුරා * * කුඩා මිනිසුන් අනෙක් මිනිසුන් පිළිබඳව කතාබස් කරති. සාමාන්‍ය මිනිසුන් විවිධ දේපල,වස්තුව පිළිබඳව කතාබස් කරති. උසස් මිනිසුන් අදහස් සංකල්ප පිළිබඳව කතාබස් කරති. * * අප කතානායකයා ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයා ය. ඔහු “ඉන්දියාවේ මිසයිල මිනිසා” ය. ගහක පල බර වෙන්න වෙන්න අතු පතර පහලට නැමෙන්නේ යම්සේද, ඔහුද පොළොවේ පය ගසා ජීවත් වන, තමා ඉපදුන පොලවට පන මෙන් ආදරය කරන විරල මිනිසෙකි. ** ...
ඩයසපෝරික චරිත – නිහාල් අර්ථනායක හෙවත් ” DJ නිහාල් “ diviyapura | දිවිය පුරා * * බ්‍රිතාන්‍ය ශ්‍රී ලාංකික සිංහල ඩයසපෝරාව සිත්ගන්නා සුළු චරිත රැසකින් සමන්විතය. හැමදාම දෙමල ඩයසපෝරාව ගැන කතාබස් ඇතිවුනද සිංහල ඩයසපෝරාව ගැන කතා බහක් නැති තරම්ය. එංගලන්තය ගැන ම විසින් පෙර ලියන ලද ලිපි පහත සබැඳි වලින් කියවන්න. |එංගලන්ත සිංහල ශබ්දකෝෂය| තිත්ත ඇත්ත! | the ugly truth * ඔහුව මට මුණ ගැසී ඇත්තේ එකම එක වරක් පමණි.ඒ හැරෝවීල්ඩ්ස්ටෝන්හි පවතී “කින්ග්ස්බරි සිංහල අවුරුදු උළෙල”කදීය.මොහු ලාංකිකයෙකු යයි යමෙක් හදුන්වාදුන්නේ නැතිනම්, ඔහු ...
” සඳ කැටයම “ diviyapura | දිවිය පුරා *+* * * සඳ කැටයමට – කප්පාදුවෙන වැවේ ලියද්දට සඳ ගොම්මනට – ඉකිගසන හිත් මායිමට මල්පැල පාමුල – හැමදාම හවසට පිපෙන නම නොදන්නා – රෝස පැහැ සුවදැති මලට ** * නෙතූ අහලකට – නින්ද නැති රැය පුරාවට හිතෙනවා දවසක – එක්කාගෙන එන්නට ඉහළ ඉදන් අත්තනගලු ඔය ඉස්මත්තට ගලනා හැටි සඳ දිය දෝරේ අපුරුවට +** සංසාරේ පුරාවට – වෙන් නොවී ...
” තරු පිපෙන රාත්‍රිය ” – star studded night sky diviyapura | දිවිය පුරා උපුටාගැනීමකි! * * * තරු පිපෙන රාත්‍රිය – ගීයක්ය දුක හිතෙන පිණි වැටෙන හිමිදිරිය – කඳුලක්ය නෙත තෙමන රාත්‍රිය නිමාවී – හිමිදිරිය එනතුරා ආදරය හැඩුවාය – ඔබ ඉවත වීසිකළ * * පසු ලිවීම * මේක මීට අවුරුදු 10කට විතර කලින් ...
= වසන්ත කවිය = diviyapura | දිවිය පුරා * මේඝ වලාවෙහි රැදී තිබුනේ ඔබ නමයි මුදු සුලගේ රාවය ඔබ කටහඬයි ඈත කඳුහිස රැඳී මීදුම ඔබ පහසයි කාලයට සැඟවී නොයන ඔබ, මා සමගම වයසට යනු ඇත. * කුරිරු ශීත ඍතුව බොදවෙමින් යයි. මංමාවත් මලින් පිරී යාමට පටන් ගෙන ඇත. ඔබ නොමැතිව මේ මග මට තනිව යාගත නොහක. ගස්වැල් නැවත දළුලා ලියලන්නට පටන්ගෙන ඇත. මට ඇත්තේ ඔබ පමණි. මට උවමනාද ...
| තරු ඇස් | diviyapura | දිවිය පුරා * * * සඳපිනි අතුල හිමිදිරිය අහිමිකරන ලදුව, * කාෂ්ටක දුහුවිලි කුණාටුවට සුසුමන් මුදාහැර, * හදගින්න සීතල හිම වැස්සට දියවෙන්නට ඉඩහල, * අපේ මතකය නැවත ගොඩනොගන්නම වලදමන්නට. * * * තවත් අවසන් වතාවකට, * කල්පයකට ඇතිවෙන්න, * තරු ඇස් දිහා, ඇස් නොපියා බලහිදින්නට, * මුලින්ම හම්බ වෙච්ච තැනට, * මිනිත්තු කීපයකට, * පුලුවන්නම් විතරක් ඇවිත් යන්න. * * * ...
“මගේ පොඩි කාලය ” | Reliving the childhood days. diviyapura | දිවිය පුරා * තප්පරෙන් තප්පරය අපි වයසට යනවා. ජීවිතය විතරක් නෙමෙයි ලෝකෙම වෙනස් වෙනව. මේ මම ලංකාවේ ඒක දිගට මාස 6ක් ඉන්නේ අවුරුද් 8 කට පස්සේ. මේ ලඟදි ගමේ ගියහම තමයි තේරුනේ, අපිට පස්සේ පරම්පරාවකුත් බිහිවෙලා කියලා. අපි පරම්පරාවකින් වයසට ගිහිල්ල කියලා. (දැනගන හිටියා,තේරුනේ ලඟදි) * උඩ තියෙන පින්තුරේ ඉන්න දෙන්න අතර පරතරය, පරම්පරා හතරක්. මේ මගේ අම්මගේ අම්මා සහ නැන්දාගේ ...
ඔබ නැති මේ රැයට… diviyapura | දිවිය පුරා * ඔබ නැති මේ රැයට, * පුරසඳ එලිය කුමටද? * ඔබ නැති මේ බිමට, * නළමුදු සුවඳ කුමටද? * * මහකනදරා වැවට සඳ වැටිලා, * දියේ ගිලේය විකල්වී. * තුරුහිස හාදු දිදී උන් කිරලුන්, * කොහේ ගිහින්ද ඉගිල්ලී? * * හමුවී ඇසට ඇසක් නැගූ පහන්, * නිවී ගියාද නොකල් හී? * සුන්දර රාත්‍රියම මවිත් සිතින්, * බලා හිඳීවි නොසෙල්වී? * = සටහන ...
දෙබස | dialogue diviyapura | දිවිය පුරා * පි : ඔබ මගේ නෙත දකිනුරිසි දසුනයි. ඔබ යන්නේ කොහිද, මට ඔබ පසුපස ඒමට සිතේ. * පමාවී හෝ ක්ෂණයකින් ඔබේ හිත ඇතුලට මම එන බව, ඔබවත් දන්නා බව මම දනිමි. කෙතරම් අපහසු වුවද, ඉඳ හිට හෝ ඇසට ඇස මුනගැසෙන විට, අහක නොබලා, ඇසට ඇස මුණගැසෙන්න ඉඩ දෙන්න. * අද ලැජ්ජාවෙන් වුවද, ඔබ නටන අයුරු, හදපිරි ඊර්ෂ්‍යාවෙන් බලාසිටියෙමි. ** ...
= අපේ ආදරේ = diviyapura | දිවිය පුරා * වේගයෙන් ඉගිල්ලිලා යන්න රෝද හතරක් නැති උනාට, තාමත් හරිහමන් රස්සාවක් හොයාගන්න බැරි උනාට, තොසේ කඩෙන් කාල බස් එකේ එල්ලිලා ගෙදර ගියාට, අපේ ආදරේ තාමත් සුන්දරයි නේද සුන්දරී? * * ...
why this kolaveri di…? | வாயி திஸ் கொலைவெறி தீ? diviyapura | දිවිය පුරා * ආදරය පැරදුනු විට, මෙතරම් හදවත ගිනිගන්නේ ඇයිද? * සඳ ඇත්තේ බොහෝ දුරිනි. සඳෙහි පැහැය සුදුය. සුදු පැහැය පිටුපසින් ඇත්තේ රාත්‍රියයි. රාත්‍රියේ පැහැය කලුය. * ඇගේ සමෙහි පැහැය සුදුය. ඇගේ හදවතෙහි පැහැය කලුය. ඇසට ඇස මුණගැසුණි. මගේ අනාගතය අඳුරුය. * අතෙහි වීදුරුව ඇත. වීදුරුවේ විස්කි ඇත. ඇස් කඳුලින් පිරී ඇත. ජීවිතය හිස්ය. ඇය පැමිණිදා සිට ජීවිතය රිවර්ස් ගියරයට වැටී ...
= සාක්ෂිය = diviyapura | දිවිය පුරා * හැරෝ ගොල්ෆ් පිටියේ ඈත කෙලවර මේපල් ගස්වලින් අහන්න, * හතරඅත තුෂාරයෙන් වැසීගිය සීතම සීත ඍතුවක, ඔබ නොමැති තනිකම දරාගත නොහැකිව ඔබේ පෙම්වතා කොයි තරම් නං හැඩුවාද ? * ...
ජීවිතය චක්රයකි. | Life is a cycle diviyapura | දිවිය පුරා යම්කිසි කාල සීමාවකට පසු නැවතත් අපි වරක් පසුකල පරිධිය ලක්ෂ්යකට පැමිණීමට සිදුවේ. චලිතය සිදුවන්නේ කේන්ද්‍රය නම් මධ්‍ය ලක්ෂ්‍යක් පදනම් කරගෙනය. මම නැවතත් පෙර පසුකල ලක්ෂ්යකට පැමිණ සිටිමි. * පෙර දිනක මෙන්ම අදද එය හිත ගිනි අවුලුවයි. දුක පිරුණු අපමණ පරිභ්‍රමණ වාර සහ ගෙවා දැමුණු දුර අමතක කර, නේපාලයේ දිය ඇල්ලක් අසල සිට, පිතුරයෙන් හිනාවෙන (වැඩිය උස නැති) කෙල්ලට, තවමත් සිත පෙම් බඳින හැටි…! * ...
” මිටියාවතේ දුම්රිය “ diviyapura | දිවිය පුරා * උපුටාගනීමකි. * අන්තිම දුම්රියත් නික්මිණි ඔබ නොපැමිණම * සඳ අදත් නැගෙනු ඇත මිටියාවතට ඉහලින් ඊයේ මෙන්ම අද රැයෙත් මා අවදියෙන් තබමින් * මිටියාවතේ අතටම පාළුව දිගහැරී තිබුණි මිටියාවතේ මැද තනිවූ එක ගසක් මත කුරුල්ලෙක් විය. මට හෙවනැල්ල විය. * හඬ කෙමෙන් වියැකී දුම්රිය පුංචි වී යයි අහසට විදින එහි දුම්කඳ විවිධ හැඩතල ඔබ ගැන මා ගැන * අහස්තල බැබලෙයි මසිත් අහස තල අඳුරුයි මේ ...
” බලාගෙන යන්ට ආවෙමි… “ diviyapura | දිවිය පුරා * කාලය බොහෝ ගතවී තිබුණි. සුදුමල් පොකුරු මත පිණි රැදී තිබුණි. අතරින් පතර තරු දිලිසුනද, සඳ මුළුමනින්ම, වලාකුලින් වැසී තිබුණි. ලැබෙන්නට හෝ නැතිවෙන්නට කිසිත් නොතිබුනද, නුඹේ මුහුණ යලිත් වරක්, බලාගෙන යන්ට ආවෙමි. * ...
= නොවැම්බර් වැස්ස = diviyapura | දිවිය පුරා නොවැම්බර් මාසයක හවසක, කුඩයක් අත නැතිව, පුංචි බොරැල්ලේදී, මොරසූරන වැස්සකට නැවතත් කොටුවුනෙමි. * හෙන පුපුරමින්, අතීතයම පෙරලා අහසින් කඩා වැටුණි. * *
” ආර්.කරුණානන්ද ” පිලිබඳ මතකය. diviyapura | දිවිය පුරා * ආර්.කරුණානන්ද ගැන ගොඩක් ඉස්සර ඉඳං දැනගෙන හිටියට ඒගැන ලියන එක,එක එක හේතු හින්ද මග හැරුණා. ෆේස්බුක් එකේ කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයේ පිටුවේ ගිය සතියේ කරුණානන්ද ගැන පලවෙච්ච ලිපිය කිසිම වෙනසකින් තොරව පහල උපුටාගෙන පහත දාල තියෙනවා.කජුවත්ත එක්සත් ක්‍රීඩා සමාජයට ගොඩාක්ම ඉස්තුතියි ලිපියට. මම කරුණානන්ද ගැන ලිපියක් ලියන්න හිටියානම්,ඒ ලියවෙන ලිපියට වඩා සෑහෙන්න හොඳට පහත ලිපියේ රචකයා ඒක ලියල තියෙනවා.කිසම ...