නිවස > අත්දැකීම් | Experience, උරුමය | Heritage > “මගේ පොඩි කාලය ” | Reliving the childhood days.

“මගේ පොඩි කාලය ” | Reliving the childhood days.

*

තප්පරෙන් තප්පරය අපි වයසට යනවා.

ජීවිතය විතරක් නෙමෙයි ලෝකෙම වෙනස් වෙනව.

මේ මම ලංකාවේ ඒක දිගට මාස 6ක් ඉන්නේ අවුරුද් 8 කට පස්සේ.

මේ ලඟදි ගමේ ගියහම තමයි තේරුනේ,

අපිට පස්සේ පරම්පරාවකුත් බිහිවෙලා කියලා.

අපි පරම්පරාවකින් වයසට ගිහිල්ල කියලා.

(දැනගන හිටියා,තේරුනේ ලඟදි)

*

උඩ තියෙන පින්තුරේ ඉන්න දෙන්න අතර පරතරය,

පරම්පරා හතරක්.

මේ මගේ අම්මගේ අම්මා සහ නැන්දාගේ පුතාගේ දුව!

*

අපි පොඩිකාලේ සෙල්ලම්කරපු වත්තේ පොඩි කෙල්ලෙක් දැන් දනගාන්නේ නැතුව,

හොඳට ඇවිදිනවා.

මම හවසට අම්මල තාත්තල වැඩ ඇරිලා ගෙදර එනකන් ආච්චිලා එක්ක බලාගෙන හිටියා වගේ,

එයත් ඉස්සරහ ගෙදර “ගල්වල” ඉහලින් හඳ පායනවා,

වවුලෝ පියාඹනව බලාගෙන ඉන්නවා.

වෙනසකට තියෙන්නෙ,

අපි අත්ත ආච්චි කියපු අය නැතිවෙලා දැන් අවුරුදු ගනන් ගත වෙලා.

එයා අත්තා ආච්චි කියන්නේ අපේ නැන්දාට,අම්මට,තාත්තට.

*

අම්මටසිරි!

මෙන්න මට “මාමා” කියනවා.

අඩුපාඩුවක් නැහැ මගේ පොඩි කාලේ වගේම තමයි…!

වෙන එකක් තියා එය හෙට අනිද්දා ඉස්සරහ ගෙදර අපත් එක්ක පොඩි කාලේ සෙල්ලං

කරපු ලමයින්ග්ගේ ළමයි එක්කත් සෙල්ලං කරන්න පටන් ගනී වගේ.

මගේ පොඩි කාලය කියන නාට්‍යයම තමයි තාම යන්නේ!

හැමෝම ඉස්සර රඟපාපු චරිතයට වඩා මහලු චරිතයක් තම රඟපාන්නේ!

*

ප.ලි.

*

මේ මතකය අස්සේ ,

මගේ පොඩි කාලය නාට්‍යයේ මහලුම සහ වැදගත්ම චරිතය රඟපාපු නළුවා ගැන

මතක වෙච්ච නිසා,ඔහු ගැන වෙනමම ලිපියක් ලියන්න වෙනවා.

ඔහු අතිශය අසාමාන්‍ය පෞරුශයක් හෙබි 1910-1998  දක්වා ජීවත් වෙච්ච මිනිහෙක්,

අපේ අත්තා!

*

  1. KC
    දෙසැම්බර් 26, 2011 දින 4:18 ප.ව. ට

    හ්ම්… මට ඒ හැටි වයසක් නෑ.ඒත් මේ ගෙවිච ටික කාලයේදීත් ජීවිතය කොච්චර දේවල් වෙනස් වෙලාද.පහුවෙච දේවල් මත්ක්වෙද්දී දැනේනේ දුකක්.කෙනෙකුට කියන්න පුළුවන් ඒක “අතීත කාමය” කියලා.ඒත් අතඇරිච්ච දේවල් මතක්‌ වෙද්දී….. යාලුවෝ… ආදරය…

    අතීතය කියන්නේ හුගක් සුන්දර… හුගාක් වේදනාකාරී දෙයක්.
    (අනිවාර්යයෙන්ම තාත්තා ගැන ලියන්න.හැබැයි ඒක හිතන තරම් ලේසි නැති බව ලියනකොට තේරේවි..)

  2. Senari
    දෙසැම්බර් 27, 2011 දින 12:49 ප.ව. ට

    It is a sweet photo ayya.

  1. No trackbacks yet.

ප්‍රතිචාරයක් ලබාදෙන්න