රොකට්ටුවට හසුවූ ගෙම්බා තරු පුවත් | Tharu Puwath නාසා ආයතනය මගින් LADEE අභ්‍යවකාශ යානය රැගත් Minotaur V රොකට්ටුව දියත් වන මොහොතේම යානය දෙසට පනින ගෙම්බකු ස්වයංක්‍රීයව සටහන් වී තිබුනේ මෙසේයි. මෙම සිදුවීම සිදුවූයේ නාසා ආයතනයේ වැලෝප්ස් අභ්‍යවකාශ ගුවන් තොටුපලේදීයි. මීට යාබදව අක්කර 373ක වන රක්ශිතයක් පවතින අතර එය විවිධ පක්ශීන් සහ ජීවී විශේශ රැසකම නිවහන බවට පත්ව තිබෙනවා. මෙම ඡායාරූපයේ සිටින්නේ සත්‍ය ගෙම්බකුම බව නාසා බලධාරීන් තහවුරු ...
පෘතුවිය බේරාගැනීමට, ඩාට් (DART) මෙහෙයුම ! තරු පුවත් | Tharu Puwath පෘතුවියට මතට ඇස්ටරෝයිඩයක් පතිතවීමක් සිදුවියහැකි අවදානම් මොහොතකදී එය වලක්වාගැනීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව NASA ආයතනය පර්යේෂණ සිදුකරමින් පවතිනවා. ඩාට් මෙහෙයුමත් එවැනි පර්යේෂණ මෙහෙයුමක්. මෙහිදී “ඩයිඩිමෝස්” ලෙසින් නම්කෙරුණු ඇස්ටරෝයිඩ යුග්මය (Didymos Binary) වෙත කුඩා චන්ද්‍රිකා යුගලයක් යැවෙනු ඇත. එක් චන්ද්‍රිකාවක් මෙහෙයුම වාර්තා කිරීමට භාවිතාවනු ඇති අතර අනෙක එක් ඇස්ටරෝයිඩයක් මත ගැටීමට සලස්වනු ඇත. විද්‍යාඥයින් බලාපොරොත්තුවන්නේ එවැනි ඝන්ටනයකින් සිදුකළහැකි වේගය, දිශා
අඟහරු හෙලිකොප්ටරයේ දෝශයක් තරු පුවත් | Tharu Puwath අඟහරු මත ක්‍රියාත්මක වන ඉන්ජෙනුයිටි හෙලිකොප්ටරයේ භ්‍රමන වේගය පිලිබඳ සිදුකිරීමට ගිය පරීක්ශනයක් අතරමැද නවතා දමා තිබෙනවා. එය සාමාන්යෙන් ක්‍රියාත්මක වන තත්පරයට වට 2537ක වේගයට වඩා ඉහල 2700 වේගයකින් එය ක්‍රියාත්මක කිරීමට නියමිතව පැවතුනා. අඟහරු මත සිදුවන සෘතු විපර්යාසයන් හා සමගාමීව එහි වායුගෝලය තරමක් තුනී වී පැවතීම හේතුවෙන් හෙලිකොප්ටරය ගුවන් ගත වීම සඳහා ඉහල භ්‍රමන සීඝ්‍රතාවයකින් එය ක්‍රියාත්මක කරවීමට අවශ්‍ය ...
කලු කුහර ගැන සිංහලෙන් ඉගෙන ගනිමු තරු පුවත් | Tharu Puwath මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Apocalypse දේශන මාලාවේ දෙවන කොටස සැප්තැම්බර් මස 26 වන දින මද්‍යාහන දොලහේ සිට පස්වරු දෙක දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. කලු කුහර පිලිබඳව වන මෙම දේශනය මෙවර සිදු කරනු ලබන්නේ කිංස්වුඩ් තාරකා විද්‍යා සංගමයේ සංවිධායක ධූරයේ කටයුතු කල ගයනේන්ද්‍ර බණ්ඩාර මහතා විසිනුයි. දේශනයට මෙම සබැඳිය ඔස්සේ කිංස්වුඩ් තාරකා ...