ට්‍රම්ප්ගේ වියරුව මවිත ඇමෙරිකාවට කළු පැල්ලමක් එක් කළ ට්‍රම්ප්ගේ බල වියරුව ප්රජාතන්ත්රවාදයේ මුදුන්මල්කඩ ඇමෙරිකාවය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්රජාතන්ත්රවාදය දෙදරායෑම අපේ ඇස්පනාපිට සිදුවිය. ඒ, පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, සාමකාමී බලහුවමාරුවකට අකමැත්ත පළ කරන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ‘උසිගැන්වීම්’ මැද ඔහුගේ ආධාරකරුවන් දහස් ගණනක්, ඇමෙරිකන් කැපිටල් ගොඩනැගිල්ල වටලමින්, ඊට කඩා වදිමින්, එහි පාලනය සියතට ගැනීමට උත්සාහ දැරීමය. ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් සාමකාමී ...
ඉම්රාන් ආවා මවිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා, එරට පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ජෙට් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය. අග්‍රාමාත්‍යවරයා සමඟ පැමිණි දූත පිරිස 40 දෙනකුගෙන් සමන්විතය. පාකිස්තානයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් කණ්ඩායමක් ද ඊට අයත් ය.හමුදා උත්තමාචාර මැද, පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මහත් හරසරින් පිළිගැනීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළේය. ...
එලේනා දි කෲස් මිහිතල දිනය සමරයි මවිත ලොව සොදුරු තැන් බලමින්, විනෝද වෙමින්, මතක සටහන් ඇතුළත් ඡායාරූප නිරන්තරයෙන් ඉන්ටග්රෑම් ආදී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරන සුරූපිනියක වන්නේ එලේනා දි කෲස් ය. ඊයේ (22) ජගත් මිහිතල දිනයට සමගාමීව එලේනා, ඇය පරිසරයේ සුන්දරත්වය විදිමින්, විනෝදවෙමින්, නිදහසේ ගත කළ අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධි කළාය. පරණ ඡායාරූප වුවත් ඇතැම් ඒවාට අලුතින් 'ලයික්' වැටෙන්න වූ අතරම, ඉන්දීය මාධ්‍ය ...
හිරිහැර ඉවසන්න බැරිව ඔහු වුණු ඇය මවිත උතුරු ජපානයට ඔබ්බෙන් සාගර පතුළේ ගිලිණු නැව්වල නටබුන් අතර දකින්න ලැබෙන්නේ මූදු පතුළේ වනාන්තරයකි. කොළ සහ දුඹුරු පැහැයෙන් යුත් ජලජ ශාකවලින් පිරුණු මෙම වනාන්තරය අඳුරුය. ගුප්ත පෙනුමක් දකින්න ලැබේ. මෙම සාගර වනාන්තරය, නොයෙක් නොයෙක් අපූරු, අසාමාන්‍ය පමණක් නොව වර්ණවත් මසුන්ගේ නිවහනය. සාගරයේ උණුසුම සහ සීතල ද වෙනස් වෙයි. සාගරයේ ද සෘතු භේද දකින්න ලැබේ. මේ මුහුදු වනාන්තරය ආශ්රිත පදිංචිකරුවන් බොහෝ ...
චීන නීති ජපානයට තර්ජනයක් මවිත චීනයේ නව වෙරළාරක්ෂක නීති ජපානයට තර්ජනයක් බවත්, ඒවා සම්බන්ධයෙන් තමන් කනස්සල්ලෙන් පසුවන බවත් ජපානය පවසයි.චීනය සකස් කළ නව වෙරළාරක්ෂක නීති අනුව, චීන මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවන ඕනෑම යාත්‍රාවකට වෙඩි තැබීමට චීන වෙරළාරක්ෂක නිලධාරීන් කටයුතු කරනු ඇතැයි පැවැසෙයි. ඒ අනුව, ජපානයට අයත් ‘සෙන්කාකු’ දූපත අවට මුහුදේ යාත්‍රා කරන ජපානයට අයත් නාවික යාත්‍රාවලට චීන වෙරළාරක්ෂක නිලධාරීන්ගෙන් තර්ජනයක් එල්ල වනු ඇතැයි ජපාන රජය ...
ගිවිසුම් කිහිපයකට අත්සන් තබයි මවිත පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයේදී දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අස්සන් තැබීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් පවතින අතර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී වෙළෙඳාම සහ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇතැයි වාර්තා වේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයක් මත අද (23) දිවයිනට පැමිණෙන පාකිස්තාන ...
ඉරානය එන්නත සියයට 90 ක් සාර්ථකයි මවිත ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, ඉරාන රජයට අයත් ‘ෂීෆා’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති එන්නත සියයට 90 ක් සාර්ථක යැයි පැවැසෙයි.‘කොව්ඉරාන් බරකත්’ නමින් නම් කළ මෙම එන්නත සියයට 100 ක් ඉරානයේ නිෂ්පාදනයකි. ‘කොව්ඉරාන් බරකත්’ එන්නත සායනික අත්හදා බැලීම්වලට යොදාගෙන ඇති අතර, එය සියයට 90 ක් සාර්ථක යැයි පවසන්නේ එහි නිෂ්පාදනයට දායක වූ වෛද්‍ය පර්යේෂකයන්ය. සායනික අත්හදා බැලීම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු ...
ඇමැති දිනේෂ් හිමිකම් කවුන්සිලය අමතයි මවිත විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (23) පස්වරුවේ ඇමතීමට නියමිත ය. විදේශ අමාත්‍යවරයා අන්තර්ජාලය හා වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සැසිවාරය අමතනු ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර දී ඊයේ (22) ආරම්භ වූ අතර කොවිඩ්-19’ වසංගත හේතුවෙන් මෙවර සැසිවාරය අන්තර්ජාලය සහ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. එක්සත් ...
ප්‍රංශයේ උද්ඝෝෂණයක් මවිත කොටි චෝදනා පරදවමු! වීරෝධාර රණවිරුවන් රැකගමු! එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වෙනි සැසි වාරය පෙබරවාරී 22 සිට මාර්තු මස 23 වෙනිදාා දක්වා ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවරදී පැවැත්වීමට නියමිතය. එහිදී 30 වසරක යුද්ධය නිමා කොට ලක් පොළොවට නිදහස ලබා දීමට ඉදිරි පෙලේ සටන් වැදුනු ශ්‍රී ලංකාවේ රණවිරුවන්ට විරුද්ධව අසත්‍ය චෝදනා රැසක් ඉදිරිපත් කිරීමට විදේශීය කොටි හිතවාදී සංවිධාන කටයුතු කර ඇත්තේය. එබැවින් ...
තනි කකුලේ බැඩ්මින්ටන් ශූරිය මවිත ඒ, 2011 වසරේ දෙසැම්බර් මාසයයි. එදා සිකුරාදා දිනයකි. 22 හැවිරිදි මනාෂී ජෝෂී, උදෑසන අවදි වූයේ වෙනදාටත් වඩා ප්රබෝදයකිනි. ඇය සිටියේ සතුටින් බලාපොරොත්තු දල්වා ගෙනය. මනාෂී ඇගේ උපාධිය හිමිකරගෙන තිබුණේ මීට දින කීපයකට පෙරය.මනාෂී, ඉන්දියාවේ මුම්බායි පදිංචිකාරියකි. වෙනදාට වඩා ප්‍රබෝදයකින්, ඇය එදා අවදි වූයේ හේතුවක් ඇතිවය. මුම්බායි නුවර, පරිගණක මෘදුකාංග සමාගමක, මෘදුකාංග ඉන්ජිනේරුවරියක ලෙස ඇය රැකියාවට යන පළමු දිනය එය විය.මුම්බායි ...
සෞඛ්‍ය ඇමතිනිය අමාත්‍යාංශ නිලධාරීන් හමුවෙයි මවිත පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවලෙහි ප්‍රගතිය පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්විණි. කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලබා සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග පවතින කොවිඩ් වසංගත තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සෞඛ්‍ය සංවර්ධන වැඩපිළිවෙල පිළිබදව විශේෂ සාකච්ඡාවක් ...
අතුරුදන් සබ්මැරීනය සොයා මෙහෙයුම් මවිත අතුරුදන් වුණු ඉන්දුනීසියා නාවික හමුදා සබ්මැරීනය සොයා පැය 24 පුරා පුල් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දුනීසියාව පවසයි. සබ්මැරීනයේ ඔක්සිජන් ඇත්තේ පැය 72 ක කාලයකට පමණක් හෙයින්, සබ්මැරීනය සොයා එහි සිටින 53 දෙනා බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇතැයි ඉන්දුනීසියා නාවික හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සබ්මැරීනය අතුරුදන් වූයේ පසුගිය 21 වැනිදාය. සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට ඉන්දුනීසියා නාවික හමුදාව ඔවුන් සතු ...
මරුවා පෙනි පෙනී කෑම සොයා පනින කකුළුා මවිත උදම් රළ හේතුවෙන් සෑම දිනකට දෙවරක්, මුහුද ගොඩබිමත් ගොඩබිම මුහුදත් බවට පරිවර්තනය වෙයි. හිරු උදාවත් සමඟ, මුහුදු රළ, ගල් පර වෙරළින් සෙමින් බැස යද්දී, සාගරය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන බොහෝ ජීවීන්ට අලුත් දවසක් උදා වෙයි. අභියෝග රැසකට මුහුණ දීමට ද සිදුවෙයි. කෙසේ නමුත් කුස පුරවා ගන්න වෙර දරන බ්‍රසීලයේ ‘සැලී ලයිට්ෆුට් කකුළුවන්’ මුහුණ දෙන්නේ එසේ මෙසේ අභියෝගයකට නොවෙයි. කකුළුවෝබ්රසීලයේ නිවර්තන ...
පාකිස්තානයත් එන්නතක් හදලා මවිත චීනයේ සහාය ඇතිව පාකිස්තානය ද 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නතක් නිපදවා ඇති අතර, 'PakVac' යන නමින් නම් කළ එම එන්නත එළිදැක්වීම අද (2) සිදුවිය.PakVac එන්නත නිපදවූයේ පාකිස්තාන වැසියන් 'කොවිඩ් 19' වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමේ ප්‍රධාන අරමුණින් යැයි පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය පවසා ඇත. එන්නත් නිපදවීම සිදුවන්නේ ද පාකිස්තාන සෞඛ්‍ය අමත්‍යාංශය යටතේය. 'කොවිඩ් 19 වසංගතයට එරෙහි සටනේදී, අපේ සමීපත මිතුරා චීනය ...
මියන්මාරය යළි හමුදාව අතට මවිත හමුදා කුමන්ත්‍රණයක් මගින් ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී අත්අඩංගුවට ගෙන, රටේ බලය අත්පත් කරගැනීමට මියන්මාර හමුදාව කටයුතු කළේය. මියන්මාර හමුදාව බලය අත්පත් කර ගත්තේ සූ කී පමණක් නොව, ඇගේ ජාතික ප්රජාතන්ත්රවාදී ලීගයේ නායකයන්, මැතිවරණ කොමිසමේ නිලධාරීන් ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් බොහෝ දෙනකු ද අත්අඩංගුවට ගනිමිනි. මියන්මාර නිල නොවන නායිකා අවුන් සාන් සූ කීමියන්මාර මහ මැතිවරණය පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු ...
අප්‍රිකා රටවලට පරණ එන්නත් දීලා මවිත තමන්ට ලැබුණු 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් කල් ඉකුත් වී ඇති බවත්, ඒවා විනාශ කිරීමට සැලැසුම් කරන බවත් අප්‍රිකා රටවල් වන මලාවි සහ සුඩානය පවසයි. මලාවි සහ සුඩානය යන රටවලට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා 70,000 ක් ලැබී ඇත. එයින් වැඩි කොටසක් ලැබී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන හරහා යුනිසෙෆ් සංවිධානයෙනි. මලාවි සහ සුඩානය පවසන්නේ එම එන්නත් අප්‍රේල් මැද වනවිට ...
ඉම්රාන්ට උණුසුම් පිළිගැනීමක් මවිත කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී, පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස මහත් හරසරින් පිළිගනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුවය. පාකිස්තානයට ක්‍රිකට් ලෝක කුසලානය දිනා දීමට නායකත්වය දුන් ඉම්රාන් ඛාන් මහතා එරට 22 වැනි අග්‍රාමාත්‍යවරයා ය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ...
ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පසු කරයි මවිත ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 5 පසු කළේය. ඒ අනුව ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. කොරෝනා මරණ පමණක් නොව, ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකාවෙනි. මේ වනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 28,850,000 පසු කර තිබේ. කොරෝනා මරණ ලක්ෂ 5 සීමාව පසු කළ බව අසන්න ලැබීමෙන් තමන්ගේ හදවත කම්පා වූ බව ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් පවසා ...
මලාලා Vouge කවරය හැඩ කරයි මවිත පාකිස්තනයේ බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන, මානව ක්‍රියාකාරිනියක මෙන්ම නොබෙල් සාම ත්‍යාගලාභිනියක ද වන මලාලා යූසොෆ්සායිගේ රුවෙන් බ්‍රිතාන්‍ය වෝග් සඟරාව හැඩ ගැන්වී ඇත. මලාලා පාකිස්තානයේ ස්වාත් නිම්නයේ පදිංචිව සිටිද්දී, බාලිකා අධයාපනය වෙනුවෙන් හඬ නැගුවේය. ඒ අනුව ඇය තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ගේ උදහසට ලක්වූවාය. ඇය බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගුවේ BBC උර්දු ගුවන් විදුලි නාළිකාව හරහාය. මලාලාට සහාය දැක්වූයේ ගුරුවරයකු වූ ඇගේ ...
මේගන් සියල්ල හෙළි කරයි මවිත රජ පවුලේ සාමාජිකාවක වීම හේතුවෙන් තමන් වර්ගවාදයටත් මානසික පීඩාවලටත් ගොදුරු වූ බව සසෙක්ස් හි ආදිපාදවරිය සහ හැරී කුමරුන්ගේ බිරිඳ වන මේගන් මර්කෙල් ඊයේ (7) සඳහන් කළාය. ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.බී.එස්. පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය රජ මාලිගය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු රැසක් අනාවරණය කළාය. සුප්‍රකට ඔෆ්රා වින්ෆ්රි මෙම සම්මුඛ සාකච්ඡාව මෙහෙයවූවාය. මේගන් මර්කෙල් මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඉතා සංවේදී වූ ...