176. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VIII (අවසාන කොටස) THATTAYAGEKOLAMA දියඹ බලා . . . !රැකියා ස්ථාන වල බාධාවන් හේතු කොටගෙන අපට නැවත කිමිදුම් අභ්‍යාස සඳහා යන්නට සිදු වූයේ 07/04/2019 දිනයේ දීය.එදිනද අප ඈත මුහුදේ යාත්‍රා කොට කීදුනෙමු.කිමිදුම් ස්ථානDiving Sites සඳහා; කිමිදුම් සඳහා සේවා සපයන්නන් විසින් විවිධ නම්වලින් නම් කොට ඇත. "දියඹ සුද", "කන්තිරි ගල" මේවාට උදා හරණ වේ.මුහුදේ සිටින මාළුන්හට; ධීවරයින් විසින් නම් තබන සේ මේවායේ සත්‍ය අසත්‍ය තාවය ...
175. සාංකාව . . . . ! THATTAYAGEKOLAMA ඉර මුවාවී කන්ද නොපෙනී යන වෙලේ අත ගැටුනු; ගෙල බැඳිදුර කතර මං මුලාවන වනයෙක ගියද සිත පුරා තෙද බැඳිවර නගන සාගරේ රැළි දැක සිත නොබිඳ සවි ගත පුරා රැඳිකර වටා වර සිඳී නැත; දිවි දත කොහිද රිදියෙන් සොඳින් බැඳි . ...
174. විජයග්රහණයෙන් දශක 1.1 ට පසු . . ! THATTAYAGEKOLAMA ගලේ කෙටූ දරු කම . . . !තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් ලොව අතිශය ප්‍රභල ත්‍රස්ථ කණ්ඩායමක් වන එල්ටීටිය යටපත් කොට ශ්‍රී ලාංකික හමුදා විජයග්‍රහණය කොට අදට දශකයකුත් තවත් වසරක් කල් ගත වී ඇත.කොරෝණා නො එන්නට රජය හා බහුතර ජනතාව විසින් මෙම සැමරුම අති උත්කර්ශවත් භාවයෙන් යුතුව සැමරීමට ඇවැසි සියළු යටිතලයන් සැකසී ඇති මෙවන් දිනක් යලිදු ඒ දැයි සැක සහිතය.මන්ද එදා ...
173. ම'පුතු වසික වෙත සෙනෙහසින් . . ! (එක) THATTAYAGEKOLAMA පුතේ අද ඔයා මට කතා කරලා කිව්ව කතාව ගැන මම බොහෝ දුරකට සිතුවෙමි.ඔබ නරඹපු How I Met Your Mother නමැති රූපවාහිණී නාට්‍ය මාලාවේ එන එක් ජවණිකාවක; "මාෂල්" තම පියා මිය යාමට පෙර; අවසන් වතාවට; තමාට කිසිවක් නොකියාම නික්ම යාම පිළිබඳව කණස්සල්ලෙන් සිටියි.පියා අවසන් ගමන් යන්නේ; අවසන් වශයෙන් කිසිවක් ඔහුට නොකියමින්ය.පසුව තම පියාගෙන් තමන්ට ලැබුණු කථන පණිවිඩයක් හෙවත් වොයිස් මේල් එකක් ...
172. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VII THATTAYAGEKOLAMA බයිස් කෝප් එකක් බලලාම . . !අප දිය යට සිට ක්‍රම ක්‍රමයෙන් උඩට පැමිණෙමින් සිටියෙමු.මෙහිදී "අපි" යනු මමත් තෙශාන්තත් ෆිලීත් ය.අප දිය යටට පැමිණියේ නැංගූරම කඹයේ එල්ලී "කණ වැල" අල්ලමින් උවද මේ වන විට එය අපට මග ඇරී තිබුනි.එය සෙවීමට මහන්සි වීම කානිවල් එකකදී මග ඇරුණු පොඩි එකෙකු සොයනවාටත් වඩා අපහසු එකක් වනු ඇත.මන්ද ඒවන විට එය පෙනෙන මානයේ නොපෙනීම ...
171. චින්තන ජයසේන! THATTAYAGEKOLAMA ඔහුට ඒ නම තිබ්බේ කවුරුන්ද මන්දා.නමුත් නමටම ගැලපෙන වැඩ.චින්තන!චින්තන ජයසේන!චින්තන අයියා ගැන මම මුලින්ම ඇසූවේ දැනට BBCයේ සංදේශය කරණා චන්දන කීර්ති බණ්ඩාරගෙන්.ඒ අපි එකට වැටී ඉන්න කාලේ ගත්වුනු රසබර නිමේශයන් වලදී.චින්තන අයියාහට බොහෝ සිංහල වචන ශබ්ධ නැගීමේ අපහසුවක් විය.ඒ උත්පත්තියෙන් වූ ඔහුගේ මුඛයේ ඇතිව තිබූ විකෘථි තත්වයකි.මේ නිසාම ඔහු විසින් කියන ලද රස කථාවලට අපූරු අර්ථකතන ඔහුගේ පත්තර මිතුරන්ගෙන්ම ලැබී ...
170. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving VI THATTAYAGEKOLAMA මුහුදේ දූවිලි නංවාගෙන!දිනය 2019 මාර්තු 31. පැහැබර ඉරිදා දිනයක්. නමෝ විත්තියෙන් ඩයිවිං ඉගෙන ගන්න යන දෙවන දවස! ඊයේ මුළු දවසම තියරි හා පරීක්ෂණාගාරයේ පුහුණුව. අදයි ඇත්ත්ටම කිමිදෙන්න යන්නේ!සිරිත් පරිදි තෙශාගේ 107 රථය දුහුවිලි නංවාගෙන උදෑසන 6.30 ට පමන අප ගේ මිදුලේ නැවැත්විනි.තෙශාන්ත වාහනය හරවනවාත් සමගම මා එයට ගොඩ විය. ටොයෝටා ෆෝ වීල් කැබ් රිය අසුරු සැනින් අතුරු පාරදිගේ වේගය වැඩි ...
169. මියැසිය ගැන තවත් කථා THATTAYAGEKOLAMA වැඩි දෙනාගේ සිතසුව පිණිස!මා බ්ලොගයක් ලියන බව දන්නේ බොහෝ සීමිත මිත්රයින් පිරිසකි. එය දැනගත්තද බ්ලොගයකට පිවිස එය කියවන්නට තරම් අවශ්‍යතාවයක් අත්තේද උන් අතරිණ් ද ඉතා සීමිත කොටසකි.කළුගඟ දිගේ සුදා සමග යන ගමනේදී වරෙක මම ඔහුගෙන් විමසූ පැනයක් විය."ඈ මල්ලි උඹගෙ ඔෆිස් එකේ පොරවල් මොනවද මගෙ බ්ලොග් එකට කියන්නේ?"සුදා ඊට දුන්නේ ඉතා කෙටි පිළිතුරකි." බස් වල බෝඩ් එක ඇරෙණ්න වෙන මොනවත් ...
168. අන් ඇකයේ සුවෙන් වෙසෙන මසිත උපන් මගෙ සිතුවිළි 5 THATTAYAGEKOLAMA අළුත් අවුරුදු උදාව සිදුවන්නට තවත් ඇත්තේ කෙටි කාලයක්. සැමදාම වාගේ අදත් මෙසේ එළිදකින්නේ මා අන් බ්ලොග් පෝස්ටු යටින් ලියා තැබූ වැකි කිහිපයක්. කෙවිළිය බිත්තර දමන්නේ කපුටු කූඩුවේය. කොවුළ් දරුවන් ලොකු මහත් කරණ්නේ කපුටා හෝ කපුටිය විසිණි. එය එසේ නම් කොවුළ් නදට හෙවත් කූජණයට කපුටාටද පරවේණියෙන්ම අයිතිවාසිකමක් ඇත.එහෙත් අප කපුටාට දක්වන සැළකිල්ල!එසේම මාගේ බර අවි වන් කොමෙන්ටු බිහිවූයේ අන් කැදැල්ලක් තුලය. ...
167. එඩ්වඩ් සර්! THATTAYAGEKOLAMA අපි ඉස්කෝලෙ යන කාලෙ ඔය කියන්නෙ 1979 දී විතර අපේ ඉස්කෝලෙ පොඩි ගායක කණ්ඩායමක් හැදුවා. ඒක කුමන අරමුණකින් හැදුව එකක්දැයි කියන්නට මා අදටත් නොදන්නා අතර මේකෙ මූලික වෙලා කටයුතු කලේ අපේ සංගීත සර් පතිරණ මහත්තයා. අපි පුහුණු වුනේ වෙනත් පාසලක තිබුනු ප්‍රසංගයක් වෙනුවෙන්. පුහුණුවීමේ අවසන් දිනයේ පෙරහුරුව වෙලාවේදී මෙතනට ආවා නන්නාදුණනා අමුත්තන් දෙදෙනෙක්. එතැන හිටිය උස් කඩවසම් අමුත්තා අපේ පතිරණ ...
166. සිම්ප්සන් කතර තරණය -1962 THATTAYAGEKOLAMA පට්ට අවුවේ කට්ට කමින් විවේකය විඳවීම . . ! ඕස්ට්‍රෙලියාවේ වෙසෙන Nissan Patrol පමනක් නොව සියළුම ෆෝවීල් ඩ්‍රයිව් ලෝලීන් හට 2012 ජූලි 24 අනුස්මරණීය දිනයක් විය.ඒ ඕස්ට්‍රේලියාවේ සිම්ප්සන් කාන්තාරය අතික්‍රමණය කල නො එසේනම් තරණය කිරීමට වසර 50ක් ගත වීමේ සංවත්සරය එදිනට යෙදී තිබුණු බැවින්.මෙම වීරචාරිකාවේ යෙදී ඇත්තේ දිවංගත දකුණු ඕස්ට්‍රේලියානු භූගර්භ විද්යාඥ්ඥයෙකුවූ හා ගවේශකයෙකු වූ රෙග් ස්ප්රිග් Reg Sprigg, ඔහුගේ ...
165. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? Diving V THATTAYAGEKOLAMA 2012-13 වසරේදී වසික ත්‍රිකුණාමළයේ -කුළුඳුලේ සාමාන්‍යයෙන් ඇලුමීනියම් වායු සිලින්ඩරයක බර රාත්තල් 32 කි. එසේම කිමිදීම සඳහා භාවිතා කරණු ලබන වෙට් සූට් එක රාත්තල් 8 ක් පමණද රෙගියුලේටර, මාස්ක්, ෆින්ස් BCD ආදියේ එකතුව රාත්තල් 15ක් පමණ වේ. එනම් කිලෝ 25 ක් පමණය. මෙයට බර පටියේ කිලෝ දෙකද එක් වූ විට මුළු බර කිලෝ 27ක් 28ක් පමන වේ.අප මේ හා සමාන බරක්ද ...
164. කේසි ජෝන්ස් ගේ ජිවිතය හා මරණය . . ! THATTAYAGEKOLAMA උතුරු ඇමරිකානු මහද්වීපයේ මහා කවි කථාව ලෙස; කාල් ඇන්ඩ්බර්ග් විසින් හඳුන්වනු ලබන කථාව පටන් ගන්නේ කෙසේද?කේසි ජෝන්ස් යනු කවරෙක්ද?ඉතා ස්වල්ප දෙනෙකු හැරෙණ්නට අනෙකුත් සියළුදෙනා ඔහුව හඳුන්වන්නේ "දුම්රිය අනතුරකින් මියගිය හුදෙක් දුම්රිය පදවන්නෙකු" යනුවෙන් පමනි.එහෙත් ඔබ දුම්රිය සේවයට සමීප වන හා එය අගය කරණ්නෙක් නම් හෝ දැනට සිහිවටන මන්දීරයක් බවට හරවා ඇති ජැක්සන් හි ඔහු විසූ නිවස පිහිටා ඇති ප්‍රදේශයේ වාසය ...
163. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving IV THATTAYAGEKOLAMA H M S Hermes යේ අවර පෙත්ත!ෆිලීශියන් ෆර්නෑන්ඩු හෙවත් ෆිලී තාත්තා කෙනෙක් වාගේය.ඒ ඔහු දරුවන්සේ අපව බලා ගත් නිසා නම් නොවේ. ඔහු එහෙම බලා ගත්තේද නැත!තාත්තා කෙනෙකු වාගේ කිව්වේ අප සමග වැඩි කතා - සිනා මනා වලට සෙට් නොවීමය.ඕනෑම මළ මිනියක් කයිවාරුවට සෙට් කර ගන්නා තෙශාන්ත උවද ෆිලී ඉදිරියේ පදිරි වූවේය.යන එන තැන පිංතූර මතකයක් තබා ගැනීමට පුරුදු පුහුණු වූ ...
162. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving III THATTAYAGEKOLAMA දිනය 2019 මාර්තු 30 වන දිනයි. මාගේ මතකය නිවැරදිනම් එදින සෙනසුරාදාවකි. පෙරදින කතා කරගත් පරිද්දෙන් තෙශා උදේ 6.10 ට පමණ පැමිණියේ සුපුරුදු උණෙනි. අප උදේ 7.00 වන විට මීගමුවට යා යුතුව ඇත. අප කිමිදුම් ශිල්පය හෙවත් Diving ඉගෙන ගැනීමට යා යුතු වන්නේ මීගමුවේ හෝටල් පාරේ Sri Lanka Diving Tours ආයතනය වෙතටය.මා ජීවිතයේ මින් පෙර කිහිප වතාවක් කිමිදී ඇත්තෙමි. ඉන් ...
161. Teepee the Camp Site THATTAYAGEKOLAMA Teepee කියන්නේ රතු ඉන්දියානුවන්ගෙ පාරම්පරික කූඩාරම. අපි ඒ නම ගත්තේ "සියැටෙල්"ව මතක් වෙන්න.වෙනදා වාගේ එකසිය ගානට ලියන්නේ නැත්තේ කියලා දන්නා කියන උදවිය හැම වෙලාවකම අහනවා.ඇත්තටම එකසිය ගානට මම බිසී වෙලා. ඒ ඇයිද දන්නවාද?මමත් මගේ මිත්‍රයා පසිඳුත් අපෙ Teepee the Camp Site එක අළුතෙන් නවීකරණයන් එක්ක පටන් ගන්නට මේ දවස් ටිකේ තදේට වෙහෙසෙනවා.මේ වගේ සදා හරිත තුරු වදුලක් ඒක . . ...
160. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving 2 THATTAYAGEKOLAMA ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් . . . !මීට පෙර ගඟක් දිගේ ලියන්නට පටන් ගැනීමේදී පැවසූ ලෙසින්ම කැළනි ගඟ මගේ ජලාශ්‍රිත ජීවිතයේ ආරම්භය සනිටුහන් කල බව නැවතත් මතක් කරමින්ම අද කථිකාව අරඹන්නම්.මම මේ කියනා අවධිය අගනුවර බොහෝ සෙයින් බෝතල් පත්තර කඩ තිබුණු කළු ජූලියට එහා කාලයයි.දිනක් එවන්වූ බෝතල් පත්තර කඩයක් අසලින් යන අවස්ථාවෙක එහි ඉදිරිපස එල්වා තිබුණු අපූරු උපාංගයක් මගේ ...
159. වර්ණවත් හීන දකින්නේ කවුරුන්ද? - Diving ! THATTAYAGEKOLAMA වර්ණවත් හීනයක !මම ඉස්කෝලෙ යන කාලේ; මගේ පාසලේම මට පහල පන්තිවල හිටියා මිත්රයින් දෙදෙනෙක් එකෙක් දැනට අමෙරිකාවේ බෝස්ටන් නුවර වෙසෙන සුජීව ද සිල්වා. අනෙකා දැනට බොහෝ කලක සිට මා සමග කතා බස් නවතා ඇති; කලකට පෙර මා හට සිටි විශ්වාස දායකම මිත්‍රයා - ශානක රාජකරුණා.ශානක කලකට පෙර සේවය කලේ ගුවන් හමුදාවේ.ඔහු ගුවන් හමුදාවෙන් විශ්‍රාම යන්නේ බල ඝන නායක වරයෙක් ලෙස. ...
158. මෛත්‍රී - ආයුබෝවන් මිත්‍රයා . . . ! THATTAYAGEKOLAMA ඔව් මේ අලි පන්නපු මෛත්‍රී තමයි.මෛත්‍රී මා හට මුන ගැහෙන්නේ අපි මහවැළි ගඟේ මහියංගනයේ සිට මනම්පිටියට යාත්‍රා කල අවස්ථාවේ අපිට එක් වූ අවසාන ගමන් සගයා ලෙස."අප දැන් මහියංගනය නගර සීමාවේ සිට නිපෝන් පාලම සොයා යන්නට පිටත් වූ අතර; තෙශාන්ත දිගින් දිගටම ඔහුගේ මිතුරා මෛත්‍රී ඇමතීමට උත්සාහ ගනිමින් විය. මේ තෙශාන්ත පවසන මයිත්‍රී අනුකම්පා විරහිත අපව අතර මං කලාවත්ද? මයිත්‍රී නොපැමිනියහොත් ...
157. කළු ගඟදිගේ . . . . . . 16 THATTAYAGEKOLAMA අවසානය ජීවමාන පාලමක් - තුරු වදුලෙන් එබී බලා . . . !සුදා සහ තෙශා විසින් ගෙන එන ලද බත් ගෙඩි හතර පාර අයිනේ ලෙහාගෙන කෑ අපි ඉක්මණින් දියත් වුනෙමු. ගඟ අයිනේ ගිනි අවුවේ පැසෙමින් තිබුණු කයාක කොත්තු තැටි සේ ගිනියම් වී තිබුනි. අප සතු සියලු රෙදි පෙරෙදි ගල් මත එලා වේලා ගත් පසු සියල්ල පිළිවෙලට අඩුක් කර ගැනීමෙන් ඉක්බිතිව කෑමට ...