දැන්වීමයි THATTAYAGEKOLAMA නොමිලේඋසස් පෙල රසායන විද්‍යාව , භෞතික විද්‍යාව , සංයුක්ත ගණිතය ගම්පහ උපකාරක පංති වලින් ලබාදුන් නිබන්ධන රාශියක් මා සතුව පවතී. ගම්පහ පමනක් නොව මුළු කොළඹම් හතර දිග් බාගේ තමන්ගේ මූණු ලොකු ලොකුවට තාප්ප වැහෙන්න ගහන උන්දැලාගෙ නිබන්දන මේ සමග තිබේ. අවැසි කෙනෙක් වෙතොත් කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම දෙනු ලැබේ.විල් බැරැක්කයක් හෝ අත් කරත්තයක් සමග හමුවන්න ; ලියන්න!මම, තට්ටයා! ...
නාගයාගේ සාදය THATTAYAGEKOLAMA මා මේ කථාව පළමුවෙන්ම ඇසූවේ ඉන්දියාවේදීය. මෙය කිසිසේත්ම සිදුවිය නොහැක්කක් බව ඕනෑම ස්ව්භාව විද්‍යාඥ්ඥයෙකු කියනු ඇත. නමුත් ඉන්දියාවේ මෙය කියැවෙන්නේ සත්‍ය සිද්ධියක් වශයෙනි. මෙම කථාව පළමු ලෝක යුද්ධයට කෙටි කලකට පෙර සඟරාවක පළවූ බව මට දැනගන්නට ලැබුනි.එහෙත් එහි කතුවරයා හෝ එම විස්තරය සොයා ගැනීමට නුපුළුවන් විය.මෙය ඉන්දියාවේ සිදුවූවකි.වරෙක එහි සිටි යටත් ප්‍රදේශ භාරව කටයුතු කල එක් නිළධරයෙකු හා ඔහුගේ බිරිඳ ...
රෝවර්ට තවත් කලක්.........! THATTAYAGEKOLAMA “ඔහු වයස් ගතය - එසේම සම්පූර්ණ්යෙන්ම වාගේ අන්ධය . නමුත් තම වගකීම දැන සිටියේය ………”මා උපත ලද්දේතිදෙනෙකුගෙන් සමන්විතපවුලකය. මව පියා සහ රෝවර් ඒ තිදෙනාය. දිනක් වයස්ගතවූ පටන්, මා රෝවර්ගේපූර්ණ වගකීමටබඳුන් විය. ඔහුගේ උපතපිළිබඳව මා දැන නොසිටිඅතර ඔහුඑවකට මැදිවයසේ පසුවිය.එහෙත්ඔහු මා රැක බල ගත්තේ ගැටවරබවක් විදහාදක්වමිනි. අත දරුවන් හොවාතල්ලුකරණ කරත්තයක- ප්‍රෑමයක මා සිටියදී එය උද්‍යානයේ ඕනෑමතැනක තියෙන්නට හැරියේ; කිසිවෙකුට එය වෙත ...
ගඟක් දිගේ ගිය ගමනක් ….....17 THATTAYAGEKOLAMA රාත්‍රිය ගෙවී ගොස් නව දිනෙකට එළබෙනවිට මහවැලිය නව මුහුණුවරකින්.නිදන්නට සූදානම් කල කැනොපි දෙකක් පසෙක තිබුන මුත් ගිණි මැලය අසල සිහින් වැළි තලාව මත මා හට හොඳින් නින්දට ගිය බවට ඡායා රූප සාක්ෂියක් තෙශාන්තගේ කැමරාවේ සටහන්ව තිබී පසුව මා දුටිමි. පෙරදින රාත්‍රිය පුරාවට නිදිවර්ජිතව කිලෝමීටර 175 ක් පමන දුරක්; කයාක් තුනක්ද වැඩුනු පිරිමින් 5 දෙනෙකු හා ගමනට අව්ශ්ය අනෙකුත් අඩුම කුඩුම ...
අන් ඇකයේ සුවෙන් වෙසෙන - මසිත උපන් මගෙ සිතුවිළි 2 THATTAYAGEKOLAMA මා මේ වන විට ; අන් හිමි බ්ලොගයන්ගේ කොමෙන්ට් නොදමන ජාති භ්‍රෂ්ඨයෙකු වී හමාරය! එසේ වීමට හේතු භූථවූ කරුණු කිහිපයකි!1.මා දිනපතා රැකියාවට යන්නේත් එන්නේත් කිලෝමීටර 17.5 X 2 ගෙවා පාපැදියෙනි. මේ නිසාම අන් අයට මෙන් යන එන ගමන් මාහට ; බ්‍රෙක් ගැසීම , බෙල් ගැසීම , අහිංසක බස් රියැදුරන්ගෙන් බේරීමට හා ඔවුනට මෙත් වඩා බණ පදයක් දෙකක් කීමට හැරන්නට අන් ...
නැවත ඔබ එනතුරා.....! THATTAYAGEKOLAMA " සුව ගෙනෙන සුව යහනරළු බොරළු ගල් ඇනේ...හිරු කිරණ සඳු සොමියඇතත් අඳුරම පෙනේ......කුරුලු නද කූජනය ගුමු ගුමුව නොම දැනෙ....නැවත ඔබ එනතුරාතනිව හිඳිනෙමි ලෙනේ....! "
ගඟක් දිගේ ගිය ගමනක්......................16 THATTAYAGEKOLAMA කයාක තුනයි අපි හයයි එකම තැනක ඇති එකම රූප රාමුව !වසිකයි මෛත්රියිතෙශාන්තයි මමයි!ධම්මියි පසිඳුයිසිදුවූයේ නොසිතූ දෙයකි. ඔවුන් නැවතුනි එහෙත් කයාකය දියපහරෙන් වෙන්වන්නට අකමැති සේය. ඔවුන් දෙදෙන ගසෙහි රඳවා ක්‍යාකය පෙරලී ගියේය. අප සියල්ලන් හටම සිනහව නවතා ගැනීමට අපහසු විය. ඔවුන්ගේ කයාකය පාවී ගිය දුර නැවත ආපසු පැමිනීම සිතීමට පවා අපහසු කට යුත්තකි. ඔවුන් දෙදෙනාද අත්ත අතහැර දිය පහරට පැන කයාකය ...
හබරණ පුර කිඹුල් වස්තුව.....! THATTAYAGEKOLAMA එක පැත්තකින් මේක සොමි කථාවක්. හැබැයි සොමි කියන්නේ සෞම්‍ය කියන එක ! කිඹුලෙකු ගෑවුනු කථාව කොහොමද සෞම්‍ය කථාවක් වෙන්නේ ?එහෙනම් මෙතන ඉඳන් කියවමු මේ සොමි කතාව - හබරණ පුරවර කිඹුල් පුවත!ඕන්න අපේ පවුල මායියා නොහොත් හාමිනේ දවසක් හැන්දෑවක මට කිව්වා “හැමදාම ඔය වැද්දා වගේ කැලේ යන එක හරියන්නෑ ! -යමු අපි හෝටලේකට ලමයි දෙන්නවත් දොක්ක ගෙන” කියලා. මෙයා මෙහෙම ...
ඔබේ මෝටර් රිය දියට වැටුනොත් ! THATTAYAGEKOLAMA මෙම බ්ලොගය පවත්වාගෙන යන්නේ පරිඝනක දෙකක උපකාරයෙන්. ඉන් එකක වන්නේ මාගේ පෙන්ටියම් 3 ලැපය ය. අනෙක මාගේ කන්තෝරුවේ ඇති මටත් වඩා මහළු කොම්පූටරේ ය. මෙම පරිඝනක ද්විත්වයේ මොනිටර පරීක්ෂාවෙන් බලන අයෙකුට තවම පල නොකල ලිපි කිහිපයක දක්නට ලැබේ. මම පෝස්ටු ලියන්නේ එකවර දෙකක් හෝ තුනක් නොඑසේනම් හතරක් ලියන්නට පුරාගෙනය. ඉන් පසු එකෙක් මොහොතේ සිතට දැනෙන ලියන්නට කරුණු එක් රොක් වන ...
තාත්තා නොම්මර.......1 (ii) THATTAYAGEKOLAMA අද වන විට සෙන් ගේබ්‍රියෙල් කොලේජියේ වර්ථමාන තත්වය! ඉතිරිව ඇත්තේ මේ පුවරුව පමණි!තාත්තා ඉගෙන ගත් සෙන් ගේබ්‍රියල් කොලීජිය එවකට මහත්වූ ප්‍රසාදයක් දිනා ගත පාසලකි! එය පිහිටුවා ඇත්තේ ජැකෝනා පියතුමා විසිනි. එතුමා අධ්‍යාපන විශාරදයෙකු බව අපේ තාත්තා මා සමග පවස ඇත. අපේ තාත්තාගේ අම්මා බී ඇල් පොඩිනෝනාය. ඇය මළ පොතේ අකුරක් නොදනිතත් අත්සන් කලේ ඉංග්‍රීසියෙනි !ආච්චි අම්මාගේ සුපිරි අත්සන! තාත්තාගේ තාත්තා ...
මගේ කිරුළ....! THATTAYAGEKOLAMA ගමට පැමිණි කිසිදු දිනෙකනොදැනුනු තනිකමක් සිතටගෙන ආවී කොහී සිටද...?ගමේ සෑම පාර තොටක රජෙකු වගේ සැමත යනෙනමා සැඟවී මා සිතතුල...!තනිකම මැකුමට පැටලූපිරිත් නූල දියව ගියෙදඑහි අනුහස් සිඳී ගියෙද....!සිහසුන ඇති ඔටුනු නොමැතිරජෙකු වුවද රජකම හිමිනගරේ තනිකොට ආවෙමි.....මගේ කිරුළ....! ...
පහන වෙත මෙත් සිතින්....! THATTAYAGEKOLAMA නුග ගසක් පමුලතබා ඇති පහන ඔබ...වෙනත් මහ ගසක් මතරැඳුනු පිලලයක් මිසනුග ගසක් මෙහි නොමැත...!මහා ගස බිඳුනු දිනනුග ගසක් මෙහි කොහිද?බෝ ගසක් වෙත ගොසිනදල්වන්න ඔබෙ පහන....!!ඔබ පහන නොනිමෙන්නවසාලන්නෙමි පවන.....බිම පතිත මියෙන තුරුමගෙ සෙවන නුඹට ඇත.....!!! ...
Rapids...! THATTAYAGEKOLAMA Rapid යන වචනය මලලසේකර ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයේ විස්තර කොට ඇත්තේ මෙසේය :ඉක්මන් , වේගී ,ශීඝ්‍ර ,වේගවත් ,වේගී දිය වැල් සහිත ගං බැස්ම; වේගවත් ජල පහරක් යනුවෙනි . නමුත් අප තරණය කරණ Rapid එකක් වේගවත් දිය වැලක්ම නොවේ. එය කට ව්‍යවහාරයේ ලෙසට ඇල්ලක් යැයි කියනු ලැබේ. නමුත් ඇල්ලට ඉංග්‍රීසි භාෂාවේ හඳුන්වන්නේ Water Fall යනුවෙනි. නමුත් යනු Water Falls යනු දිය ...
ගඟක් දිගේ ගිය ගමනක්…………15 THATTAYAGEKOLAMA "සැබෑ ඡයාරූප ලැබෙනා තුරු බලන්න නෙගටිව් එක !" සීඝ්‍රව ගලා යන දිය දහරාව වේගයෙන් උඩ පනිමින් දඟලන ; නොහික්මුනු තඩාගයට එක්වේ. එතන කැරෙලි ගැසෙමින් පෙරලි කරණ ජලකඳ මහත්වූ වේගයකින් ගලා යයි. පෙන පිඩු නංවමින් මුලු ගංගාවේම දිය එකට කැලතෙයි.යාත්‍රාව තවත් මීටර 10 පමණ උඩ පනිමින් ඒ මේ අත හැරෙමින් එක වරම දකුණට බරවිය. තෙශාන්ත වමට බරවෙනු මා දුටුවෙමි. යත්‍රාව වමට ...
අන් ඇකයේ සුවෙන් වෙසෙන - මසිත උපන් මගෙ සිතුවිලි ! THATTAYAGEKOLAMA පෙර වදනමා ජීවිත කාලයටම මිළදී ගෙන ඇත්තේ එක් කවි පොතක් පමණි. එයින් මා කවියට ඇති බැඳීම මොනවට තහවුරු වෙනවා නොවේද ? එහෙත් පාසැල් යන වියේදී මා ලියූ නිදහස් කවි කිහිපයක් පිටු 80 වේ කොටුරූල් පොතක ලියා තබා ඇත. එයට නමක්ද යොදා ඇත . එය නමින් “අමුතු” ය. එහි තේමා පාඨය වූයේ “මේ මුතු නොව අමුතු” කියාය. මෙහි වැදගත්ම දේ වන්නේ ...
ගඟක් දිගේ ගිය ගමනක් …….14 THATTAYAGEKOLAMA මෙම 14 වන පැදිල්ල පදින්න ගිය කාලය තරමක් වැඩි බව මම පිළිගනිමි! එයට එකම් හා ප්‍රධාන හේතුව වූයේ මෙම පෝස්ටුවට අදාල ඡයා රූප අස්ථාන ගත වීමයය! එහෙත් ඉදිරි දින කිහිපය තුල කෙසේ හෝ එම ඡායා රූප සොයා ඔබ වෙත ඉදිරිපත් කිරීමට පොරොන්දු වෙමි. එතෙක් ඉහත දක්වා ඇති Rapid තරණයක යෙදෙන නන්නාදුනනා කයාක්කරුවාගේ රූපය බලා කියවීම අරඹන්න.පළමු පැය කිහිපය තුල වම් ...
තාත්තා නොම්මර 1 THATTAYAGEKOLAMA ගහේ කොලේ අගය දැනෙන ජානමය ආරම්භය.තාත්තා ගේ චිත්රයක්ගඟක් දිගේ ……. ලියාගෙන යන විට විවිධ චරිත මතු වෙයි . එයින් කිහිපයක් පවතිද්දී බොහොමයක් වියැකී යයි. අවසාන ගඟක් දිගේ …13 කොටසින් මතුවූ චරිතයක් වූ මගේ තාත්තාගේ ගැන කියන්නට කතාවක් ඇති බව මට සිහි වූයේ එය ලියාගෙන යද්දීය. එහි මාගේ තාත්තාගැන ලියැවී ඇත්තේ මෙසේය !“දෙවියන් වෙනුවෙන් කොළ අත්තක් එල්ලීම කැලේ යන අයගේ සිරිතය! ...
අවසරද THATTAYAGEKOLAMA බැඳුනු මුත් ; සෙනෙහස නොදත්තීසෙනෙහසේ පොකුනේ ගිලෙන්නීබැඳුනු දින සිට ලොවෙන් සැඟවූදිවිය පුදනට සිතාගත්තී........................!ඔබේ සෙනෙහස මිළ කරණ්නටගෙවන්නට ඇති එකම වස්තුවමෙතෙක් මා සුරැකිව තබාගත්මිණි මෙවුල ඔබ වෙතට පුදමී................!මගේප්රේමය ; කොහි සිටිද නුඹ?සොයා ආවෙමි මුළු සසර තුල ;මා නමට ඔබ පුදන බඹසරවිදින්නට මට දෙන්න අවසර.................!අවසරයි ...
ගඟක් දිගේ ගිය ගමනක් ……13 THATTAYAGEKOLAMA 13 අවාසනාවන්ත වූයේ මෙදින සිටද?අද මේ කිය වෙන්නේ මෙහි 13 වන දිග හැරුමයි. 13 යනු නරක නපුරු අංකයක් ලෙස යේසුස් වහන්සේ සිටිය කාලේ සිට පිළිගැනීමක් පවතී. උන් වහන්සේගේ අන්තිම භෝජන සංග්‍රහයට සහභගීවී ඇත්තේ 13 දෙනෙකි. එකතුව 13 උනත් කරදර නොදුන් යන්තරය වසර 20 කට පෙර මා පාවිච්චිකල දෙවන මෝටර් රථය වූයේ 6 ශ්‍රී 2416 ඔස්ටින් මිනි හුරුබුටි මොටෝරියය. මා එය ...
කලාව ගැන කතා දෙකක්! THATTAYAGEKOLAMA කලාව කිව්ව සැනින් මතක් වෙන්නේ පාසැලේදී ඉගෙන ගත් අංශක , කලා, විකලා යන්නය .නමුත් “කලා විකලා”; කිව්වහම ඉන් ගම්‍ය වන්නේ ඉන්තීරුවෙන්ම “කලා” හපා කා ඇති බවය ! කොටින්ම කලා විසින් වෙනත් අයෙකු හෝ දෙයක් හපා කෑ බවය. “එතකොට කවුරුහරි අයෙකු කලාව අමු අමුවේ කෑවොත් ඒක ඔයවිදියට කියන්න බැයිද බාං ?” කියලා ඇහුවොත් මට අහන්න තියෙන්නෙ “ඇයි බැරි බාං?” කියාය.අද අපේ ...