ප්රාග්ධනය ගැන කෙටි සටහන් 9 ධනවාදයේ අර්බුධයේ මූලබීජය බව [Image: Erwin Wurm, “Untitled (Skull) (Pullovers)”, 4 C-prints, each 100 x 100 cm (1998)] අප අවසන් වරට සාකච්ඡා කළේ මුදල් වල ඓතිහාසික ප්රභවය සහ එනයින් පාරිභෝගික භාණ්ඩ වල ආරම්භය සම්බන්ධයෙන් මාක්ස් ගේ විග්රහයයි. නමුත් අප දුටු පරිදි මෙහිදී මාක්ස් විශේෂයෙන් උනන්දු වන්නේ කරුණුමය වශයෙන් මුදල් ආරම්භ වූ ආකාරය, එය සිදු වූ කාලය, එය කුමන ප්රජාවකින් පැන නැගුනේ ද වැනි ...
අසම්පූර්ණ බව සටහන් බව Image shared on Sunil Wijesiriwadena’s Facebook account සුනිල් විජේසිරිවර්ධන යනු ’90 ප්‍රවණතාවය’ ලෙස පුළුල් අර්ථයෙන් හැඳින්විය හැකි, දකුණේ සිංහල සමාජයේ ඇති බුද්ධිමය-දේශපාලනික-කලාත්මක සිතීමක පුරෝගාමියෙකි. සංක්ෂිප්ත වශයෙන් අපට එය විසිවෙනි සියවසේ මාක්ස්වාදයට පසුව පැමිණි නව සිතීම ලෙස හැඳින්විය හැකිය. මාක්ස්වාදයේ පරාජයෙන් පසුව බොහෝ දෙනෙකු හට පහසු තෝරා ගැනීම වූයේ මාක්ස්වාදයේ මානව විමුක්තිවාදී උරුමය අත්හැර වාර්ගික අනන්‍යතාවයන් වෙත මාරු වීමයි. නමුත් ...
ලිංගිකත්වයේ වර්ණය කුමක්ද? බව Pierre Soulages, “Peinture/Painting”; acrylic on canvas (2011) මේ තිබෙන්නේ ඇලේන් බදියු ගේ “Black: The Brilliance of a Non-Color” නම් ඉතාම ලස්සන (සහ සරල) පොත් පිංචේ මා ඉතා කැමති කොටසකි. මෙය කලකට පෙර පරිවර්තනය කළ ද එය කිසිදා බෙදා ගැනීමට අවස්ථාව ලැබුනේ නැත. ඇලේන් බදියු නම් 80 වියැති මහල්ලා සිය ගැටවර අවදියේ (50 දශකයේ ප්‍රංශයේ) ලිංගික ජීවිතය ගැන සිදු කරන විස්තරයේ ...
ධනවාදයේ ඉතිහාසය: ප්රාග්ධනය ගැන කෙටි සටහන් 8 බව [Image: Raymond Pettibon, “No Title (It would glisten)”; Ink, gouache, and pen on paper (2010) අප සංවාදය අවසන් කළේ ධනවාදයේ ඇති අනිවාර්යය ‘අවිඥානික’ ස්වභාවය පිළිබඳව කතා බහකිනි. වටිනාකම පිළිබඳව මාක්ස් ගේ න්‍යාය යනු වටිනාකම පිළිබඳව මුදල්මය න්‍යායක් (monetary theory of value) වන්නේ කෙසේ ද යන්න එමගින් සාකච්ඡා වුනි. අප දුටු පරිදි, මුදල් යනු කිසියම් සමාජ සම්මුතියක් මගින් හදිසියේ ඉදිරිපත් ...
‘ඉබ්බාගේ ලෝකය’ – විමුක්ති ජයසුන්දර සහ වංගීස සුමනසේකර බව 2013 වසරේ දී “ඉබ්බාගේ ලෝකය – චින්තනයේ සීමාවෙන් ඔබ්බට” යන නමින් පොතක් වශයෙන් පල වූ සංවාදයක් ඔබට පහත දැක්වෙන සබැඳිය ඔස්සේ බාගත කළ හැක. සංවාදය ඇති වූයේ විමුක්ති ජයසුන්දර සහ මා අතරයි. එහිදී සංවාදයට බඳුන් වූ ප්රස්තූතය වූයේ විමුක්ති ගේ ‘Light in the Yellow Breathing Space’ (2012) නම් කෙටි චිත්‍රපටියයි. පසුගිය දා විමුක්ති විසින් එම කෙටි චිත්‍රපටිය යූටියුබ් අඩවියේ ...
ධනවාදය අපේ පැවැත්මේ පදනම ලෙස: ප්රාග්ධනය ගැන සටහන් 7 බව [Image: Nan Goldin, “Self Portrait in Blue Bathroom, London 1980.”] අප තවමත් සිටින්නේ මාක්ස් ගේ වටිනාකමේ ආකෘතිය (value form) පිළිබඳව සුප්‍රකට විශ්ලේෂණය තුළයි. මෙහි කේන්ද්‍රීය ගැටලුව වන්නේ ධනේශ්වර ක්‍රමයක් තුළ වෙළඳ භාණ්ඩ අපට හුවමාරු කරගත හැක්කේ කෙසේ ද යන ප්රශ්නයයි. එක සංයුක්ත ශ්‍රමයක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයක්, තවත් සංයුක්ත ශ්‍රමයක් විසින් නිෂ්පාදනය කරන භාණ්ඩයක් සමග සන්සන්ධනය කළ හැක්කේ කෙසේද? ...
අර්න්ස්ට් බ්ලොක්ට සරල හැඳින්වීමක් බව Cecily Brown, “Service de Luxe”; oil on linen (1999) මෙයසූගේ දර්ශනයේ දේශපාලන විභවය පිළිබඳව උනන්දු වන හිතවතුන් වෙනුවෙන් මේ සටහන දමමි. මෙය තරමක් දිගු කාලීන ව්‍යාපෘතියක් වන හෙයින් මෙය කිසි සේත් ‘ෆේස්බුක් කාලිකත්වයට’ අනුව කළ නොහැක. අපට කළ හැක්කේ සෙමින් මේ සඳහා අවශ්‍ය පසුබිම සැකසීම පමණි. මෙහිදී අර්න්ස්ට් බ්ලොක් (Ernest Bloch) සම්බන්ධයෙන් කිසියම් සාකච්ඡාවක් ඇති වීම අනිවාර්යය වේ. මේ ...
ලාංකේය චින්තනය තුළ ‘Subject – Object’ හැසිරීම පිළිඹඳ ශබ්දකෝෂ පරික්ෂාවක්… බව [Image: Anselm Kiefer, “The High Priestess/Zweistromland”; 196 lead books in two steel bookcases, with glass and copper wire, (1985-1989)] ලාංකීය චින්තනය තුළ වස්තුව (Object) සහ විෂය (Subject) විකාශනය කෙබදුද? මේ ලිපියේ අරමුණ ඒ පිළිඹඳව පරීක්ෂා කිරීමයි. මුලින්ම අපි Subject Object පද දෙකට ඉංග්‍රීසි සිංහල ශබ්ද කොෂ වල දී ඇති අර්ථ පිළිඹඳව අවධානය යොමු කරමු. මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කොෂය ...
ආසියාතික-බෞද්ධ අවතාරමය උභතෝකෝටිකය බව [Image: Uditha Chirantha Ekanayake, ‘Untitled’, (2020)] පහතින් තිබෙන්නේ මෙයසූ ගේ ‘අවතාරාමය උභතෝකෝටිකය’ (‘spectral dilemma’) නම් සංකල්පයට ලාංකික – එසේත් නැතිනම් ආසියාතික – කියවීමක් ලබා ගැනීමට ගත් උත්සාහයකි. මෙයසූ පෙන්වන්න උත්සාහ කරන්නේ මරණය නම් සංකීර්ණ අත්දැකීම හමුවේ මිනිසා මුහුණ දෙන සාංදෘෂ්ඨික ගැටලුවට විසඳුම් ලබා දීමේ දී ආගමික මෙන්ම නිරාගමික ප්‍රවේශ ද එක ලෙස අසාර්ථක වන ආකාරයයි. නමුත් මෙයසූ විසින් මෙම ...
ජිජැක් ට එරෙහිව මෙයසියානු විවේචනයක් බව [Image: Felix Gonzalez-Torres “Untitled” (For Jeff)”; billboard, dimensions vary with installation (1992)] මේ තිබෙන්නේ ජිජැකියානු මනෝවිශ්ලේෂණ ප්‍රවේශයට එරෙහිව මෙයසූ ගේ දර්ශනය හමුවේ අපට ගෙන ආ හැකි විචාරයක් සඳහා නිදර්ශනයකි. මට සිතෙනා ලෙස අපේ රටේ ඉදිරියේ දී තිබෙනා වැදගත් බුද්ධිමය කර්තව්‍යයක් වන්නේ මනෝවිශ්ලේෂණය සහ දර්ශනය අතර සංවාදය වර්ධනය කිරීමයි. ජිජැක් සහ ලැකේනියානු මනෝවිශ්ලේෂණය අනභිභවනීය වන්නක් කියා අපේ රටේ පොදු විශ්වාසයක් ...
‘කොවිඩ් වසංගතයේ දේශපාලනය’ සංවාදයට පසුවදනක් – විශ්වාසය සහ දැනුම බව [Image: Jagath Weerasinghe, “The Broken Stupa”; acrylic on paper (1992)] පසුගියදා අවකාශය සාමූහිකය විසින් සංවිධානය කරන ලද ‘කොවිඩ් වසංගතයේ දේශපාලනය’ සංවාදයේ දී මා ඉදිරිපත් කළ – සත්‍ය වශයෙන්ම මා එතරම් බරක් නොතැබූ – අදහසක් සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් ලබා දෙන මෙන් කීප දෙනෙක් ඉල්ලා සිටි නිසා මේ එයට උත්සාහයකි. ආන්දෝලනයට තුඩු දී තිබෙන්නේ වසංගතයේ ආරම්භය ස්වභාවික එකක් කියා මා කළ ...
පැවැත්ම සහ කලාව බව Image: Francis Bacon, “Portrait of a Man Walking”; oil on canvas (c.1953) මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ ලෝකය/පැවැත්ම තුළ කලාව යනුවෙන් අප හඳුනාගන්නා දෙය ස්ථානගත කරන්නේ කෙසේදැයි විමසා බැලීමට ය. මිනිසුන් ලෙස, අපට කලාව දෙස දෙවියන්ගේ දෘෂ්ටිකෝණයෙන් – පරම ලෙස කලාව යනු කුමක්දැයි දැකිය නොහැක. එබැවින්, අපට කළ හැක්කේ කලාව පිළිබඳ අදහස් නිර්මාණය කිරීමත්, එම අදහස් පිළිබඳ සංවාද කිරීමත් ය. ...
ප්රාග්ධනය ගැන කෙටි සටහන් 6 බව [Image: Christian Maas, “Hermès Kelly Bag”; silver-plated bronze (1990)] ධනවාදය ගැන මාක්ස් ගේ ප්‍රවාදය ගැන සටහන් මාලාව. මුදල්වල ප්රභවය අප සංවාදය අවසන් කළේ මාක්ස් ගේ සුප්‍රකට වටිනාකමේ ආකෘතිය (value form) පිළිබඳව විශ්ලේෂණය සමගිනි. සංක්ෂිප්තව ගතහොත් අප මෙතෙක් සාකච්ඡා කළේ නිෂ්පාදනය කරන දේ වෙළඳභාණ්ඩ යන ආකෘතියෙන් හුවමාරු කර ගැනීම සිදු වීමේ යාන්ත්‍රනය කුමක්ද යන්නයි. මේ සඳහා පළමුවෙන් භාණ්ඩ වල ප්රයෝජ්ය ...
ප්රාග්ධනය ගැන කෙටි සටහන් 5 බව [Image: Agnes Martin, Untitled; ink on paper (c.1960)] මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක පස්වන රචනයයි. එහි හතරවන රචනය සඳහා මෙතැනින්ද තුන්වන රචනය සඳහා මෙතැනින්ද, දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය. මාක්ස් ගේ ප්රාග්ධනය ප්‍රවාදය පිළිබඳව ලියනු ලබන කෙටි හැඳින්වීම් මාලාවක පස්වැනි කොටස මෙයයි. වෙනත් වැඩ කටයුතු සමග මෙය ...
ප්රාග්ධනය ගැන කෙටි සටහන් 4 බව [Image: Jean-Baptiste Carpeaux, “Le Chinois (Bust of a Chinese Man)” [detail]; terracotta (1868)] මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක තුන්වැනි රචනයයි. එහි තුන්වන රචනය සඳහා මෙතැනින්ද, දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය. වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සම්බන්ධයෙන් මාක්ස් උනන්දු වන්නේ පාරිභෝගික භාණ්ඩවල වටිනාකම සැබැවින්ම පදනම් වන්නේ මේ මතයි යන්න තහවුරු කිරීමට නොවේ. ...
ප්රාග්ධනය ගැන කෙටි සටහන් 3 බව [Image: Irving Penn, “Two fighting crickets, New York, July 12, 2005] මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සම්බන්ධයෙන් ලියවෙන කෙටි හැඳින්වීම් මාලාවක තුන්වැනි රචනයයි. එහි දෙවන රචනය සඳහා මෙතැනින් ද පළමු රචනය සඳහා මෙතැනින්ද පිවිසිය හැකිය. මෙයට දැනට ලැබී ඇති ප්‍රතිචාර අනුව අපට කළ හැකි වූ තරමක් ගැටලුකාරී නිරීක්ෂණයක් ගැන කෙටි සටහනක් දැමිය යුතුය. මෙයසූ සහ භෞතිකවාදය සම්බන්ධයෙන් අප ...
ප්රාග්ධනය ගැන කෙටි සටහන් 2 බව [Image: El Lissitzky, “Proun 19D.”; Gesso, oil, varnish, crayon, colored papers, sandpaper, graph paper, cardboard, metallic paint, and metal foil on plywood (1920 or 1921)] මේ තිබෙන්නේ මාක්ස්ගේ ‘ප්රාග්ධනය’ පිළිබඳව ප්‍රවාදය සඳහා ලබා දෙන සරල හැඳින්වීමකි. අපේ රටේ වර්තමාන දේශපාලන වර්ධනයන් පිළිබඳව දැනුවත් සංවාදයක් කිරීමට මේ දේශපාලන-ආර්ථිකය පිළිබඳ සාක්ෂරතාවය වර්ධනය විය යුතුය කියා අපි සිතමු. ඒ සමගම අප විසින් ...
විප්ලවීය රංග කලාවක් වෙනුවෙන් (1 කොටස) බව Paul Green and Kurt Weill’s Johnny Johnson (1936) මෙහි දැක්වෙන්නේ ඉන්දියානු නාට්‍යකරු උට්පාල් දත් සමඟ ඒ. ජේ. ගුණවර්ධන TDR ජර්නලය වෙනුවෙන් Theatre as a Weapon නමින් කළ සම්මුඛ සාකච්ඡාවක දළ සිංහල පරිවර්තනයකි. මෙය තරමක් දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් වන නිසා එය කොටස් වශයෙන් මෙහි පළවේ. මෙම සම්මුඛ සාකච්ඡාව 1970 සිදු කරන ලද එකක් වන නිසා එවකට ඉන්දියානු දේශපාලනය පිළිබඳ අදහසක් ලබා ...
චීන ප්රාග්ධනය ගැන සිතීමට මාක්ස්ගේ ‘ප්රාග්ධනය’ සඳහා හැඳින්වීමක් බව [Image: Cai Guo-Qiang, “Murmuration (Landscape)”; 10,000 porcelain birds suspended mid air, (2019)] චීන ප්රාග්ධනය පිළිබඳව සිතා බැලීමේ දී, පළමුවෙන්, පොදුවේ ප්රාග්ධනය පිළිබඳවත් ධනවාදය පිළිබඳවත් තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. මට සිතෙන්නේ මෙහි මූලික දේවල් සටහන් කර තැබීම මෙම සංවාදයට ප්‍රයෝජනවත් වන බවයි. මේ තිබෙන්නේ ඒ සඳහා උත්සාහයකි. මෙය සටහන් පෙළක් ලෙස සකස් කරන්නට – ඉඩ කඩ තිබෙන පරිදි – උත්සාහ ...
‘පශ්චාත්-ආධානග්රාහී අන්තවාදය සමග මෙයසූ කියවීම’ බව කොන්ටෙන් මෙයසූ නම් නව ප්‍රංශ ජාතික සිතන්නෙක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇති වූ ලාංකික සංවාදය කුමක්ද? එවැන්නක අවශ්‍යතාව වන්නේ කුමක්ද? මෙයසූගේ දර්ශනය විසින් ඉදිරිපත් කරනා මූලික තිසීස වන්නේ මොනවාද? ‘පශ්චාත්-ආධානග්රාහී අන්තවාදය සමග මෙයසූ කියවීම’ නම් ලිපි සංග්‍රහය සමන්විත වන්නේ ඉහත ප්‍රශ්න වලට පිළිතුරක් ගොනු කිරීමේ අරමුණ වෙනුවෙනි. මෙයසූ කියවීම වෙනුවෙන් විවිධාකාරයෙන් එකතු වූ පළමු පරම්පරාවේ ලාංකික කියවන්නන් විසින් සිය අර්ථකථන ...