අපූරු හැසිරීම් රටා සහිත "ආදර දිවයින" අධ්‍යාපන රසකතා එකෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ. මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම විශේෂත්වයකි. එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ආදරය වැනි හැඟීම් සිය ගණනක් හුදකලාව තමන්ගේ ...
ගෙවී ගිය පසුගිය දශක හතෙහි, සෑම දශකයකම මුල් වසරේ මාර්තු මාසය, මා හට සුවිශේෂී මාසයක් වී තිබේ…... අධ්‍යාපන රසකතා 2020 මාර්තු මාසයේ 15 වැනිදා වන අදට, හරියටම දශක හතකට ඉහතදී සිට, ගතවූ සෑම දශකයකම පළමු වර්ෂයේ මාර්තු මාසයේදී, මාගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ කිහිපයකට පිවිසීම පිළිබඳව, අහඹු ලෙස ක්‍රියාත්මක වූ සිද්ධි කිහිපයක් ගැන මතකය ආවර්ජනය කිරීමේදී පොදුවේ එම සිද්ධි සියල්ලම මෙතෙක් නොදුටු රටාවක් අනුව පෙළ ගැසෙන බව දකින්නට ලැබුණි. මේ සම්බන්ධව මහත් කුතුහලයක් ඇතිවූ නිසා, එම සිද්ධි තරමක් දුරට ...
විශ්‍රාමය යළි පිබිදීමක් කරගත හැකිද ? අධ්‍යාපන රසකතා වයස හැට පසුවීම නිසා හෝ සේවයෙන් විශ්‍රාම ලැබූ පසු, ඔබට යළිත් සුන්දර ජීවිතයක් ආරම්භ කළ හැකිද? එසේ කළ හැකිය. එහෙත් එය සැලසුම් කරගැනීම ඔබගේ කාර්ය භාරයයි. බොහෝ අයට වයස්ගත වනවිට විවිධ සිත් තැවුල් වලට මුහුණ දීමට සිදුවේ. සෞඛ්‍ය තත්ත්වය පිරිහීම සහ අනාරක්ෂිත භාවය පිලිබඳ සිතිවිල්ල මෙයට ප්‍රධාන වේ. එසේම “හිටියා වැඩියයි” තමන්ම සිතන වැඩිහිටියන්ට ඔවුන්ගේ අදහස් උදහස් වලට නිසි ප්‍රතිචාර ...
දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) අධ්‍යාපන රසකතා දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) 2021 ග්ලාස්ගෝ සමුළුව සහ ප්‍රගති සමාලෝචනය2015 වසරේ පැරිසියේදී පවත්වන ලද ඓතිහාසික ජගත් පරිසර සමුළුවේදී සම්මත කරගන්නා ලද පරිසර ප්රඥප්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් වසර පහකට පසුව 2020 වසරේදී පැවැත්වීමට තීරණය කර තිබුණි. එහෙත්, 2020 වසරේදී පැවතී උග්‍ර COVID 19 වසංගත තත්ත්වය නිසා යෝජිත සමුළුව පැවැත්වීමට ...
‘ගෝලීය උණුසුම් වීම’ දේශපාලන පෙරළියකට මුල් වේද? අධ්‍යාපන රසකතා පසුගිය දශක කිහිපය තුළදී ලොව පුරා හඳුනාගෙන ඇති දේශගුණ විපර්යාස හා සම්බන්ධ ආපදා රාශියකටම ප්‍රධාන හේතුව වශයෙන් සැලකිය හැක්කේ ගෝලීය උණුසුම් වීම බව පරිසර විද්‍යාඥයින්ගේ නිගමනය වී තිබේ. දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින මෙම ව්‍යසනය නිසා සිදුවන ආර්ථික, සමාජයීය සහ සෞඛ්‍ය ගැටළු සිය දහස් ගණනකි. මේ නිසා ඇතිවන ව්‍යාකූලතා නිසා ජනතාව මහත් පීඩාවට පත්වී සිටින බැවින්, දැන් දැන් ...
පුහු ආඩම්බරයට ගැලපෙන පිළියමක් ......... අධ්‍යාපන රසකතා මෙය දශක පහකට පමණ පෙර අත්දැකීමට ලැබුණු සිදුවීමකි. එය රටෙහි ආරම්භ කළ මුල්ම මධ්‍ය විද්‍යාල වලින් එකකි. එදින එම වර් ෂයේ විදුහල පටන් ගත් මුල්ම දිනය විය. විදුහල් කාර් යාලයට වැඩ අධික දිනයකි. අලුතින් මාරුවීම් ලැබ පැමිණි ගුරුවරු ගුරුවරියන් කිහිපදෙනෙකි. ඒ සමගම නව පත්වීම් ලබා පැමිණි කිහිප දෙනෙක්ද වූහ. නව පත්වීම් ලබා පැමිණි ගුරු මහත්මියන් තිදෙනාගෙන් එක් තැනැත්තියක් විද්‍යා ...
ජෙරේනියම් (Jerenium) මල් හටගන්නා වසන්තය එළඹ ඇත .. අධ්‍යාපන රසකතා ඕස්ට්‍රේලියාවේ සෞම්‍ය දේශගුණය පවතින ප්‍රදේශයන්හි මහා මාර්ග දෙපස, වනෝද්‍යාන, ගෙවතු, පොදු ස්ථාන වැනි සෑම තැනකම, මේ දිනවල (ඔක්තෝබර් මාසයේ සිට මැයි මාසයේ අග දක්වා), බහුලව දකින්නට ලැබෙන සපුෂ්ක ශාක වර්ගයකි ජෙරේනියම් (Jerenium). විවිධ වර්ණ සහ හැඩහුරුවෙන් යුක්ත ජෙරේනියම් මල් පොකුරු වශයෙන් හටගනී. විවිධ වර්ණ සංකලන සහිත ජෙරේනියම් (Jerenium) මල් ජෙරේනියම් පුෂ්පයේ දල සැලැස්ම වෙනත් බොහෝ පුෂ්ප වල මෙන් කොටස් පහ ...
අපා, දෙපා, සිවුපා, ශඩ්පා, ....., ..... සහ බහුපා . අධ්‍යාපන රසකතා පෘථිවි ජෛව ගෝලයෙහි ජීවත්වන, ලක්ෂ සංඛ්‍යාත සතුන්ගේ ඉතාමත් සංකීර් ණ ගති පැවතුම් සහ විවිධ ජීවන රටා නිසා ඔවුන් සියල්ලන්ම වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුටවත් කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික කාල් ලිනෙයස් නම් ජීව විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. මෙම ක්‍රමය, ද්විපද නාමකරණය (Binomial nomenclature) ලෙස නම් කරන ලදී.නාමකරණය සහ ...
'රාජකීය අත්වැරැද්ද' නිසා මුළු රටම පාරිසරික අර්බුදයක....! අධ්‍යාපන රසකතා ‘රාජකීය අත් වැරැද්ද’ නිසා මුළු රටම පාරිසරික අර්බුදයක…!ජපානයේ හිරෝහිතෝ අධිරාජයා,1926 වසරේ සිට 1989 දක්වා . රාජ්‍ය පාලනයේ යෙදෙමින් සාගර ජෛව විද්‍යාඥයෙකු ලෙසද මහත් ප්‍රසිද්ධියට පත්විය. ඔහුගේ එකම පුත්‍රයා වූ ඔටුන්න හිමි අකිහිතෝ කුමාරයාද, තම පියාගේ අඩිපාරේ යමින් ජීව විද්‍යාව සම්බන්ධව මහත් උනන්දුවක් දැක්වීය. පාසල් කාලයේ සිටම ඔහු මත්ස්‍ය ජීව විද්‍යාව පිලිබඳ සිත් යොමු කළ අතර, විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පසුවද, ...
මිනිස් සිරුරේ තැනුම් ඒකක වල අඩංගු, රසායන මූලද්‍රව්‍ය මොනවාද? අධ්‍යාපන රසකතා මිනිස් සිරුරේ ව්‍යුහය ගැන ගැඹුරින් සලකා බලන විට, එහි අභ්‍යන්තර අවයව වල එකිනෙකට සම්බන්ධවී ක්‍රියාත්මක වන යාන්ත්‍රණ ජාලයක් තිබෙන බව අවබෝධ කර ගත හැකිය. මේ සෑම යාන්ත්රණයක්ම පාහේ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විවිධ ආකාරයේ රසායනික ප්‍රතික්‍රියා සිය දහස් ගණනක් සිදුවේ. මෙම ප්‍රතික්‍රියා සිදුකරනුයේ ඉතාමත් සීමිත මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් සහභාගී වන රසායනික සංයෝග මගිනි. පහත සටහනෙහි දැක්වෙනුයේ මෙම මූල ද්‍රව්‍ය එකිනෙකෙහි ...
අපා, දෙපා, සිවුපා, ශඩ්පා, අෂ්ටපා, දශපා, සියපා සහ දහස්පා .......... අධ්‍යාපන රසකතා පෘථිවි ජෛව ගෝලය තුළ සිටින, ලක්ෂ සංඛ්‍යාත සතුන් වෙන වෙනම හඳුනා ගැනීම කිසිවෙකුට කළ හැකි දෙයක් නොවේ. මේ ගැන කල්පනා කළ, ස්වීඩන් ජාතික ලිනෙයස් නම් විද්‍යාඥයා විසින් ඒ සඳහා ඉතාමත් ප්‍රායෝගික ද්විපද නාමකරණය නම් ක්‍රමවේදයක් ඉදිරිපත් කරන ලදී. අප කවුරුත් විද්‍යා පාඩම් වලදී ඉගෙනගෙන ඇති පරිදි, මෙම නාමකරණයට අනුව මිනිසා, Homo sapiens වේ. මෙහි Homo යන්න වර්ගීකරණයේ ගණ නාමය ලෙසත් ...
ප්රවෙසම්වන්න ! ප්ලාස්ටික් සහ පොලිතීන් ශරීරයට අහිතකර අපද්‍රව්‍ය වේ !!! අධ්‍යාපන රසකතා · ඔබගේ ළදරුවාගේ ප්ලාස්ටික් කිරි බෝතලය Micro wave උදුනේ දමා රත් කරනවාද ? · දියණිය පාසලට ගෙනයන උණුසුම් ආහාර ඔතා තිබෙන්නේ පොලිතින් දවටනයකද? එසේනම් අනාගතයේදී සිදුවිය හැකි ආපදා ගැන දෙවරක් සිතන්න !තවත් ‘මිහිකත දිනයක්’ උදාවිය. උදාවූ එම දිනය අවසන්විය. එය එක් දිනකට පමණක් සිමා නොකර, එදිනට තෝරාගෙන තිබුණු ප්ලාස්ටික් හා සම්බන්ධ අනාගතයේදී සිදුවිය හැකි ආපදා ගැන මෙනෙහි කරමු.සිරිත් පරිදි 2018 ...
තේ කෝප්පයක් තුලින් ‘දෙවියන්’ දැක්කෙමු. අධ්‍යාපන රසකතා දැනට දශක හයකට පමණ පෙර අප අපොස සාමාන්‍ය පෙළ (ඒ කාලයේ s.s.c) පන්තියේ ඉගෙන ගනිද්දී සිංහල උගන්වන්නට ඉතා දක්ෂ ගුරු මහතෙකු සිටියේය. කතෝලික භක්තිකයෙකු වූ ඔහු නමින් වර්ණකුලසුරිය සන්තියාගෝ තිසේරා විය. ඔහු නම ලිව්වේ වසන් තිසේරා කියාය. ගම හලාවත, කාක්කපල්ලිය විය. අප බොහෝ දෙනෙකුට, ඔහු නිසාම සිංහල ප්‍රියතම විෂයය විය. මේ නිසාම අප කිහිප දෙනෙකු සිංහල සාහිත්‍යයද විභාග විෂයයක් ...
අහඹුවෙන් හමුවූ ‘නොදුටු’ මිතුරෙක් අධ්‍යාපන රසකතා අහඹුවෙන් හමුවූ ‘නොදුටු’ මිතුරෙක් මාගේ Blog පිටුවෙහි අමුතු සටහනක් තැබීමට අදහස් කළේ මක්නිසාද යන්න පැහැදිලි කිරීමද අවශ්‍ය වේයයි සිතෙන නිසා එය පාදක කර ගනිමින් මේ සටහන තබමි. එම සිද්ධිය කිසිදා ‘නොදුටු’ මිතුරෙකු අහඹුවෙන් හමුවීම හා සම්බන්ධ වේ. ඔහු ‘බ්ලොග්’ සහ ‘ෆේස් බුක්’ මිතුරෙකු වූ ‘තිලක සිත’ Blog පිටුව හිමිකරු තිලකසිරි එකනායකයෝ වෙති. යන්තමට ඉංග්‍රීසියෙන් යමක් ලිවීමට හැකිවන විටම, විදේශ ...
මෙල්බර්න්හි යුද්ධ අනුස්මරණ ස්මාරකය සහ මන්දිරය නැරඹුවෙමු. අධ්‍යාපන රසකතා 2024 පෙබරවාරි 17 ජේෂ්ඨ පුරවැසියන් කිහිප දෙනෙකුගෙන් යුත් අප කණ්ඩායමේ සාමාජිකයෝ මෙම චාරිකාවට සහභාගි වූහ. දිනය සෙනසුරදාවක් වූ බැවින්, Senior cards හිමි අපට Metro දුම්රියේ ගමන නොමිලේය. අපි පෙරවරු 9.55 වන විට මෙල්බර් න් නගර මධ්‍යයේ ඇති, Flinders Street දුම්රියපළට පැමිණියෙමු. දුම්රිය පළේදී කෝපි කෝප්පයකින් සප්පායම් වූ අපි, පිටතට පැමිණ මගීන්ට තොරතුරු සපයන නිලධාරියෙකු හමුවීමු. ඔහුගෙන් ලැබුණු උපදෙස් සහ ...
විභාග ශාලාවේ හදිසි තීරණයක් ගැනීම ........ අධ්‍යාපන රසකතා ශ්‍රී ලංකා රාජ්‍ය සේවයේ උසස් තනතුරකට බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයක විභාග ශාලාධිපතිවරයෙකු ලෙස සේවය කිරීමට මට අවස්ථාවක් ලැබිණ. විභාග ශාලාව කොළඹ ප්‍රධාන විදුහලකය. එහි ප්‍රධාන ශාලාව සහ පන්ති කාමර දෙකක් විභාගය සඳහා සකස් කර තිබුණ අතර, නිත්‍ය නිරීක්ෂක වරියට අමතරව තවත් නිරීක්ෂකවරු තිදෙනෙක්ද සපයා තිබුණි. අයදුම් කරුවන් සියයකට වැඩි පිරිසක් විභාගයට පෙනී සිටීමට නියමිතය. විභාගය ආරම්භ කිරීමට තිබුණේ ...
මාගේ අලුත්ම පොත “ආ මග සටහන්” අධ්‍යාපන රසකතා දශක පහකට වැඩි කාලයක් තිස්සේ, මා අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ භූමිකා වල නිරතව සිට ලද අත්දැකීම් වලින් බිඳක්, “ආ මග සටහන්” නමින් පොතක් ලෙස සකස් කිරීමට හැකිවිය. කොරෝනා වසංගතය නිසා, වසර දෙකක් පමණ මුද්‍රණ කටයුතු අඩාල වී තිබී, දැනට සති කිහිපයකට පෙර එය කොළඹ, ගොඩගේ සහෝදර සමාගම මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුනට මාගේ ප්‍රණාමය පුද කරමි. දශක කිහිපයක් තිස්සේ ගතකළ ...
ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි අධ්‍යාපන රසකතා ජීවීන්ගේ ප්‍රජනන ක්‍රියාවලිය මහත් ආශ්චර්යයකි පෘථිවි ජෛව ගෝලයේ මුලින්ම හටගන්නා ලද ජීවීහු ජලයේ ජීවත්වූ ඒක සෛලීකයෝ වූහ. ජලයේ තිබුණු වෙනත් ස්වාභාවික ද්‍රව්‍ය අතර සිදුවූ රසායන ප්‍රතික්‍රියා වලින් ලැබුණු අතුරුඵල මොවුන්ගේ ආහාරය විය. මෙසේ වසර මිලියන ගණනක් යාමේදී, මෙයින් එක් ජීවී කොට්ඨාශයක් තුළ, හිරු එළියෙන් ලැබෙන කිරණ ආශ්‍රීතව ශක්තිය ලබාගැනීම සඳහා උපයෝගී කරගත හැකි හරිතප්රද (chlorophyll) නමැති කොළ පැහැති, සංකීර්ණ ...
මුහුදු අශ්වයා ('Sea Horse') මහත් අද්භූත සතෙකි. අධ්‍යාපන රසකතා ‘මුහුදු අශ්වයා’ (Sea Horse) මහත් අද්භූත සතෙකි. මුහුදු අශ්වයා පිළිබඳව මෑතකදී සඟරාවක පළවී තිබුණු ලිපියක සංක්ෂිප්ත සටහනක් මෙසේය:“මුහුදු අශ්වයා මත්ස්‍යයෙකි. මේ නිසා ඌට චලනය සඳහා යොදා ගත හැකි පාද නොමැත. මුහුදු ජලයේ පිහිනීම පිණිස වරල් භාවිත කරයි. එහෙත් මත්ස්‍යයින්ට මෙන් වාලධි වරලක් නොමැත. ස්වසනය කරමල් මගිනි. කටුස්සෙකුට මෙන් එලියට නෙරා ඇති උගේ ඇස් දෙපසට කරකැවිය හැකි අතර, ශරීර පැහැයද ...
උපතට පෙර දරුවන්ට නම් තැබීම…. අධ්‍යාපන රසකතා උපතට පෙර දරුවන්ට නම් තැබීම…. මෙය මා කලකට පෙර අසන ලද රස කතාවකි. ඒ කාලයේ අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්රවල නියැලී සිටි අපට සෑම පාසැල් නිවාඩු කාලයකදීම නේවාසික සේවාස්ථ පුහුණු කාර්ය සැසි පවත්වන ලදී. එවකට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්ව සිටි, දිවංගත, ජිනපාල අලස් මහතාගේ පුරෝගාමිත්වයෙන් පවත්වන ලද මෙම කාර්ය සැසි වලදී අපට බොභෝ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසිණ. විශේෂයෙන්ම 1960 ගණන් වලදී ...