මෑත සිදුවීම් සහ අතීත මතක සැසඳීමක් …… අධ්‍යාපන රසකතා 1. ගස් දෙකක් සහ ‘පිරිමි ගැටයක්’ (Reef knot) …...මිනිසා විසින් සොබා දහමට කරනු ලබන නොයෙකුත් අඩන්තේට්ටම්, අද ලොව දසදෙසින් අසන්නට ලැබේ. එසේ වුවත් ඉඳහිට හෝ සොබා දහමේ සමහර නිර්මාණ සුළු වශයෙන් වෙනස් කර සෞන්දර්යාත්මක සහ චමත්කාරජනක නිපැයුම් කිරීමටද මිනිසා සමත් වන බව ඉඳහිට දකින්නට ලැබේ. මේ එවැන්නකි. මෙහිදී එකිනෙකට අසලින් වවනලද ශාක දෙකක් වර්ධනය වීමත් සමග ඒවා ගැටයක ආකාරයට හසුරුවා, ...
අද වනාන්තර විනාශය හමුවේ, පැරණි මතකයක් - ‘පලංචියේ ලී ඉරීම …..’ අධ්‍යාපන රසකතා අද ලොව පුරා බහුලව දකින්නට ලැබෙන වන විනාශයේ අග මුල සෙවීමේදී, නිත්‍යානුකුලව හෝ අවිධිමත් ලෙස ගස් කපා බිම හෙලන්නේ මිනිස් අවශ්‍යතා සපුරාගැනීම සඳහාත් දැව ජාවාරම් කරුවන්ගේ මුදල පසුපස හඹා යාමත් නිසා බව අසන්නට ලැබේ. ලෝක බැංකු වාර්තාවකට අනුව 1990 සිට 2016 දක්වා කාලය තුලදී ලොව පුරා වනාන්තර, වර්ග සැතපුම් 502,000 පමණ ( වර්ග කිලෝමීටර මිලියන 1.3 පමණ) විනාශ වී ...
ඉතාමත් නිහතමානි රාජ්‍යතාන්ත්‍රිකයෙකු හමුවිය..... අධ්‍යාපන රසකතා රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, මට රාජ්‍ය නොවන පුණ්‍ය ආයතනයක් වන, කළුතර බෝධි භාරකාර මණ්ඩලය මගින් යෝජිත, පුස්තකාලය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක නියැලීමට අවස්ථාව ලැබිණ. විශේෂයෙන්ම පුස්තකාලය සම්බන්ධ අධ්‍යාපන වැඩ සටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිම මට අයත්වූ ප්‍රධාන වැඩ කොටසක් විය. ප්‍රදේශයේ දානපති පවුලක් විසින් බෝධි භාරකාර මණ්ඩලයට තිළිණයක් වශයෙන් පවරා දෙන ලද ‘තිලිණ’ නම් ගොඩනැගිල්ලෙහි ස්ථාපනය කරන ලද පුස්තකාලය ‘බෝධිඥාන ...
මිතුරෙකුගේ මංගල යෝජනාවකට ගොස් අමාරුවේ වැටුන හැටි.... අධ්‍යාපන රසකතා විද්‍යා පුහුණු ගුරුවරියක වූ නන්දනී, පුහුණුවෙන් පසු ගුරු පත්වීම ලැබුවේ තම ගම් ප්‍රදේශයේ පිහිටි මධ්‍ය විද්‍යාලයටය. ඇය ඉතාමත් ප්‍රිය මනාප, කා සමගත් කුළුපග, හැඩකාර තරුණියක් වුවාය. ඇය පවුලේ එකම දියණියයි. පියා ලියනආරච්චි රාලහාමි ගම්පති වරයාය. (දැනට සිටින ග්‍රාම නිලධාරි තනතුර ඒ කාලයේ ගම්පති ලෙස හැඳින්විය). තරමක් දඟකාර සැහැල්ලු දිවියක් ගතකල නන්දනී ලියනආරච්චි තම නම අත්සන් කළේ ‘න.ලියන’ කියාය. ඇයගේ ...
දේශගුණ විපර්යාස පිළිබඳව බ්‍රිස්බේන්හි.Radio 4EB Sri Lankan Group සමග සාකච්ජාව - අධ්‍යාපන රසකතා 2019 ජුනි මාසයේ දිනක, මා නොහඳුනන කෙනෙකු, බ්‍රිස්බේන්හි සිට මා ඇමතීය. හඳුන්වාදීමෙන් පසු, ඔහු මාගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන බ්‍රිස්බේන්හි 4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ සිංහල අංශයේ වැඩ සටහන් සම්පාදකවරයෙකු වන, තිසර බව දැනගතිමි. කලක සිට මගේ බ්ලොග් සටහන් වලට ප්‍රතිචාර දක්වන තිසර ශ්‍රීමාල්, ඔහු බව දැනගත්තේ එසේ හඳුන්වාදීමෙන් පසුවය.ඔහුට අවශ්‍ය වුයේ බ්‍රිස්බේන්හි 4EB ප්‍රජා ගුවන් විදුලි සේවයේ, සිංහල ...
විද්‍යාත්මක සංකල්පයක් සරල ක්‍රීඩාවක් මගින් ඔප්පු කිරීම ……. අධ්‍යාපන රසකතා කලකට පෙර සිටි ලෝකප්‍රසිද්ධ විද්‍යාඥයින් බොහෝ දෙනෙකු, මරණින්පසු දිව්‍ය ලෝකයේ උපත ලබා ඇත.එහි ඉතාමත් සුහදව කෙළිදෙලෙන් ජීවත්වන ඔව්හු ඉඳහිට හෝ විද්‍යාත්ක සොයාගැනීම් ගැනද උනන්දුවක් දක්වති.එක් දිනක් මේ සියලු දෙනාම කතිකා කරගෙන “ හැංගි මුත්තන්" ක්‍රීඩාව කිරීමට තීරණය කළහ.ඔවුන් අතර සිටි පැරණිම විද්‍යාඥයා වන නිව්ටන්, සියලු දෙනාම රැස්කර, ඔවුන් 1...2...3...4..ආදී වශයෙන් ගණන් කර, සැඟවුණු අය “සොයන්නා" තෝරා ගත්තේය. “සොයන්නා” ලෙස ...
Untitled Post අධ්‍යාපන රසකතා වෙසක් මතක …...එදා මෙදා වෙසක් මේ 2020 වර්ෂයේ වෙසක් මාසයේ, වෙසක් සතියයි. මීට පෙර කිසිම කාලයක නොවූ ආකාරයට කොරෝනා වයිරසය ලොව වෙලාගෙන තිබෙන නිසා, මෙවර වෙසක් ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා යන අංශ දෙකටම අවහිරතා මතුවී තිබේ. පාසල් යන වයසේ දරුවන් ගෙදරටම කොටුවී සිටින මෙවර වෙසක් කූඩුවක් සකස් කර ආලෝකමත් කිරීමෙන් හෝ අඩු තරමින් පොල් තෙල් පහනක් වත් දල්වා වෙසක් ...
ප්‍රංශ භාෂාවේ නාමපද වල, ලිංග භේදය පිලිබඳ පාඩමක් අධ්‍යාපන රසකතා ඉංග්‍රීසි භාෂාවේ සහ ප්‍රංශ භාෂාවේ භාවිත කරනුයේ රෝමන් අක්ෂර ලෙස හඳුන්වනු ලබන අක්ෂර වුවද, භාෂා දෙකෙහි ඒවා උච්චාරණයේදී සහ කථනයේදී, පහත දැක්වෙන අයුරු විශාල වෙනස් කම් දකින්නට ලැබේ. පහත දැක්වෙන සටහනේ, ඉංග්‍රීසි අක්ෂරය සමග ඉදිරියෙන් දැක්වෙන ප්‍රංශ උච්චාරණයෙන් ඒ බව පැහැදිලි වේ. එක්තරා ගුරු පුහුණු කිරීමේ ආයතනයක සිසුන් සඳහා ප්‍රංශ භාෂාව ඉගැන්වීමද ආරම්භ කරන ලදී. මෙම ප්‍රංශ පන්තිය සඳහා ...
උපතට පෙර දරුවන්ට නම් තැබීම…. අධ්‍යාපන රසකතා මෙය මා කලකට පෙර අසන ලද රස කතාවකි. ඒ කාලයේ අධ්‍යාපනයේ විවිධ ක්ෂේත්රවල නියැලී සිටි අපට සෑම පාසැල් නිවාඩු කාලයකදීම නේවාසික සේවාස්ථ පුහුණු කාර්ය සැසි පවත්වන ලදී. එවකට නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක ජනරාල්ව සිටි, දිවංගත, ජිනපාල අලස් මහතාගේ පුරෝගාමිත්වයෙන් පවත්වන ලද මෙම කාර්ය සැසි වලදී අපට බොභෝ අලුත් දේ ඉගෙනීමට අවස්ථාව සැලසිණ. විශේෂයෙන්ම 1960 ගණන් වලදී ක්‍රියාත්මක කරන ලද ‘නව ...
පරිසරයට සමීප, දරුවන්ගේ සුන්දර ලෝකයේ සරල ක්‍රියාකාරකම් කිහිපයක් සිහියට නගමු. අධ්‍යාපන රසකතා සිංහල අවුරුදු කාලය කුඩා දරුවන්ට ඉතාමත් ප්‍රීතිදායක කාලයයි. දශක කිහිපයකට ඉහතදී නම් අවුරුදු ලං වෙත්ම ගම්බද මහත් කලඑළියක් දකින්නට ලැබුණි. බක් මහ ලබන බව හඬගා කියන කොහාගේ නාදයත් සමග, එරමුදු ගස් රත් පැහැති මලින් බරවී, කොහාගේ පණිවුඩය සනාථ කරයි. වෙල් යායෙන් ඇසෙන කමත් කවි වලට අමතරව ළඟ ළඟම ඔන්චිලි වාරම්ද ඇසෙන්නට පටන් ගනියි.නිවාඩුව කෙළිදෙලෙන් ගතකරන කුඩා දරුවෝ තමන්ටම ආවේනික බොහෝ ...
Untitled Post අධ්‍යාපන රසකතා මාගේ 200 වන Blog සටහන මා පළමු බ්ලොග් සටහන ලියා පළ කළේ 2016 දෙසැම්බර් මස මුල් සතියේය. මේ වන විට එම ව්‍යායාමයට වසර හයක් සම්පුර්ණ වී තිබේ. 2022 වසර අවසන් වීමට කලින් මාගේ 200 වන බ්ලොග් සටහන කෙසේ හෝ පළකළ යුතු බවට දැඩි අධිෂ්ඨානයක්ද සිතේ තිබුණි. මේ සඳහා වෙනත්ම මාදිලියක බ්ලොග් සටහනක් ලිවීම අවශ්‍ය විය. මේ නිසා, ඒ සඳහා තෝරා ...
මාගේ 200 වන Blog සටහන අධ්‍යාපන රසකතා මාගේ 200 වන Blog සටහනමා පළමු බ්ලොග් සටහන ලියා පළ කළේ 2016 දෙසැම්බර් මස මුල් සතියේය. මේ වන විට එම ව්‍යායාමයට වසර හයක් සම්පුර්ණ වී තිබේ. 2022 වසර අවසන් වීමට කලින් මාගේ 200 වන බ්ලොග් සටහන කෙසේ හෝ පළකළ යුතු බවට දැඩි අධිෂ්ඨානයක්ද සිතේ තිබුණි. මේ සඳහා වෙනත්ම මාදිලියක බ්ලොග් සටහනක් ලිවීම අවශ්‍ය විය. මේ නිසා, ඒ සඳහා තෝරා ගත්තේ ...
භීෂණ සමයේ ‘උදව්වක්’ කර අමාරුවේ වැටීම අධ්‍යාපන රසකතා ඒ රටෙහි මහත් අසහනකාරී තත්ත්වයක් මතුවී තිබුණු කාලයයි. ත්රස්තවාදීන්ගේ බිහිසුණු ක්‍රියා නිරතුරුව අසන්නට ලැබුණු කාලයයි. රජයේ හමුදා අතින් ඝාතනයට ලක්වන අය ගැනද විවිධ තොරතුරු ලැබෙමින් පැවති කාලයයි. මේ සියල්ල සමග රැකියාවද කළ යුතුව තිබිණ. සමහර දිනවල උදේ කාර්යාලයට යනවිට “අද වැඩ කළහොත් මරණය” වැනි අනතුරු හැඟවීමේ වගන්ති සහිත කඩදාසි කැබලිද හමුවේ. ඉඳහිට, පැය කිහියයක්, රාත්‍රී කාලයේ හෝ දවස මුළුල්ලේම, ...
Untitled Post අධ්‍යාපන රසකතා අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්........... මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ...
එම්බල මිනිසාණෙනි ! ඔබ මාගේ අමුත්තා මිස මාගේ ස්වාමියා නොවේ. ! “Man ! You are my Guest! Not my Master!” අධ්‍යාපන රසකතා 2020 වර්ෂය ආරම්භ වූයේ මුළු ලොවටම මහත් බියකරු ආපදාවක් ගෙන දෙමින්ය. Corona යන නමින් හැඳින්වූ වයිරසය මෙම ව්‍යසනයේ මූලාරම්භයයි. මහජන චීන සමූහාණ්ඩුවේ, හුබෙයි Hubei ප්‍රාන්තයේ, වුහාන් Wuhan නම් ජනාකීර්ණ නගරයේ ආරම්භ වූයේයයි සැකකරන, මෙම මාරක වයිරසය නිසා මේ වන විට (2020 සැප්තැම්බර්) බිලියන අටක් පමණ වන ලෝක ජනගහනයෙන් ලක්ෂ අටක් පමණ ජීවිතක්ෂයට පත්වී තිබේ. මෙතරම් දරුණු මිනිස් සමූල ඝාතනයකට මුල ...
Untitled Post අධ්‍යාපන රසකතා කුරුළු පාරාදීසයට අධ්‍යාපන චාරිකාවක්....... සීෂෙල්ස් දුපත් වල අතිශයින් චමත්කාර දිවයින කුරුළු දිවයිනයි. මා සීෂෙල්ස්හි බහු තාක්ෂණ ආයතනයේ සේවය කරන කාලයේ අපුරු අත්දැකිමක් ලබාගැනීමට අවස්ථාවක් ලැබිණ. ඉන්දියන් සාගරයේ නිරක්ෂයේ සිට අක්ෂාංශ අංශක 3 ක් ( 3 N) දකුණට සහ දේශාංශ අංශක 55 නැගෙනහිරට (55 E) පිහිටා ඇති මෙම දුපත් සමුහය විවිධ ජෛව විවිධත්ව නිසා ලොව ප්‍රකට වී තිබේ. මෙයින් කුරුළු ...
පලතුරු වත්තක ‘චෙරි’ කැඩීමට ගොස් නවතම විනෝදයක් ලැබුවෙමු. (Cherry Picking for fun) අධ්‍යාපන රසකතා සෑම වසරකම නොවැම්බර් මාසයේ සිට ජනවාරි මාසයේ මැද පමණවන තුරු ඕස්ට්‍රේලියානු වෙළඳ පලේ බහුලව හමුවන පලතුරු වර්ගයක් වන ‘චෙරි’ පිළිබඳව රසවත් තොරතුරු ස්වල්පයකි මේ. දෙසැම්බර් මාසයේ දෙවන සතියේ දිනක, වික්ටෝරියා ප්‍රාන්තයේ, මෝර්නින්ග්ටන් අර්ධද්වීපයේ පිහිටි, පලතුරු වත්තකට ගොස් චෙරි කැඩීමේ විනෝදාත්මක ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව අපට ලැබුණි. ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම විශාල වශයෙන් වගා කරනු ලබන ‘චෙරි’ ඉතා රසවත් පලතුරකි. ...
කොරෝනා වසංගතය සහ ‘හේතු ඵල ධර්ම’ සංකල්පය The Corona Pandemic and the concept of ‘Cause and Effect’ අධ්‍යාපන රසකතා “ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්, එය ඔබට නිසි පිළිතුරක් සපයනු ඇත.” - Jacob Henle (1809-1885) උසස් මනසක් ඇත්තේ මිනිසාටය මිනිසා යනු, උසස් මනසක් සහිතව ජන්ම ලාභය ලැබූ ජීවියෙකි. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම සහ එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මිනිසාට පමණකි. අනිකුත් සියලු සතුන්ට මෙන් නොව යමක් මනසින් මෙනෙහි කර, මැන බලා සසඳා දැනගත හැක්කේද මිනිසෙකුට ...
ඩොමිනෝස් (Dominoes) ‘කැට’ වලින් කළ පැරණි සරල ක්‍රීඩාව අද වෙනත් සංකීර්ණ ස්වරූපයකින්…… අධ්‍යාපන රසකතා එක්දහස් නවසිය අසූ දෙක (1982) වර්ෂයේදී දකුණු ආසියානු ජීව විද්‍යා අධ්‍යාපන නිලධාරීන්ගේ සමුළුවක් පිලිපීනයේ මැනිලා නුවර UPSEC (University of Philippines Science Education Centre) හිදී පවත්වන ලදී. මේ සමුළුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස සහභාගී වීමේ අවස්ථාව මට හිමිවිය.සමුළුවේ පාඨමාලා අධ්‍යක්ෂක වරයා (Course Director) ලෙස කටයුතු කරන ලද්දේ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය අංශයේ මහාචාර්ය වරයෙකු ලෙස සේවය කළ, ජීව විද්‍යා අධ්‍යාපනඥයෙකු ...
ඉස්සර කාලේ තිබුණු, වී.පී.පී (V.P.P) තැපෑල...... අධ්‍යාපන රසකතා අපි පාසැල් පොත් VPP මගින් ගෙන්වා ගතිමු.....අප කුඩා කාලයේ තිබුණ ඉතාමත් වැඩදායී තැපැල් ක්‍රමයක් පිලිබඳ සටහනකි මෙය.දැනට දශක හයකට හතකට පමණ ඉහතදී ගම්බද පලාත්වල තැපැල් කාර්යාල තිබුණේ ඉතාමත් කලාතුරකින් උප නගර වල පමණකි. එකල ගැමියා ලියුම් ගනුදෙනු කරගත්තේද කලාතුරකිනි. ඒ කාලයේ මගේ පියා කෘෂිකාර්මික සහ වැවිලි කටයුතු වල නිරතව සිටි නිසා, පේරාදෙණියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාසික ප්රකාශණයක් ලෙස නිකුත් කරනු ...