මුහුදු අශ්වයා ('Sea Horse') මහත් අද්භූත සතෙකි. අධ්‍යාපන රසකතා ‘මුහුදු අශ්වයා’ (Sea Horse) මහත් අද්භූත සතෙකි. මුහුදු අශ්වයා පිළිබඳව මෑතකදී සඟරාවක පළවී තිබුණු ලිපියක සංක්ෂිප්ත සටහනක් මෙසේය:“මුහුදු අශ්වයා මත්ස්‍යයෙකි. මේ නිසා ඌට චලනය සඳහා යොදා ගත හැකි පාද නොමැත. මුහුදු ජලයේ පිහිනීම පිණිස වරල් භාවිත කරයි. එහෙත් මත්ස්‍යයින්ට මෙන් වාලධි වරලක් නොමැත. ස්වසනය කරමල් මගිනි. කටුස්සෙකුට මෙන් එලියට නෙරා ඇති උගේ ඇස් දෙපසට කරකැවිය හැකි අතර, ශරීර පැහැයද ...
Untitled Post අධ්‍යාපන රසකතා දේශගුණ විපර්යාස අර්බුදයේ විපාක ආරම්භ වී තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහෙය වීමෙන් 2015 වර්ෂයේ පැරිසියේදී පවත්වන ලද මහා මණ්ඩල සැසි වාරයේදී, රටවල් 190 ක පමණ රාජ්‍ය නායකයින් එකතුවී දේශගුණ විපර්යාස නිසා ඉදිරි දශක දෙකහමාර තුළදී සිදුවිය හැකියයි පෙරැයීම් කළ, බරපතල පාරිසරික අර්බුද රාශියක් පිළිබඳව සාකච්ඡා කරන ලදී. මේ සම්බන්ධව විවිධ රාජ්‍යයන් විසින් ගතයුතු පියවර සහ අනුගමනය කළයුතු අනුවර්තන සම්බන්ධවද ...
ලෝකයටම අමතකවූ “චන්ද්‍ර ශාක” (Moon trees) අධ්‍යාපන රසකතා ‘ඇපලෝ 14’ අභ්‍යවකාශ ගමන සහ ශාක බීජ. පසුගිය 70 දශකයේදී ලොව පුරා මහත් සැලකිල්ලට ලක්වී තිබී, ඉක්මණින්ම අමතකවී ගිය වැදගත් සිද්ධියක් පිලිබඳ ලිපියක් මා හට මෑතදී කියවන්නට ලැබිණ. “චන්ද්‍ර ශාක වලට කුමක් සිදුවීද?” (What happened to Moon trees?) යන්න මෙම ලිපියේ මාතෘකාව විය. 70 දශකයේදී, අපද ‘අභ්‍යවකාශ තරණය’ නමැති මිනිසාගේ අපූර්ව ව්‍යායාමය ගැන, ඉමහත් කුතුහලයකින් යුතුව අවධානය යොමු කළ බවද ...
මාගේ අලුත්ම පොත “ආ මග සටහන්” අධ්‍යාපන රසකතා දශක පහකට වැඩි කාලයක් තිස්සේ, මා අධ්‍යාපන ක්ෂේත්රයේ විවිධ භූමිකා වල නිරතව සිට ලද අත්දැකීම් වලින් බිඳක්, “ආ මග සටහන්” නමින් පොතක් ලෙස සකස් කිරීමට හැකිවිය. කොරෝනා වසංගතය නිසා, වසර දෙකක් පමණ මුද්‍රණ කටයුතු අඩාල වී තිබී, දැනට සති කිහිපයකට පෙර එය කොළඹ, ගොඩගේ සහෝදර සමාගම මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ඔවුනට මාගේ ප්‍රණාමය පුද කරමි. දශක කිහිපයක් තිස්සේ ගතකළ ...
දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) අධ්‍යාපන රසකතා දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. 2 කොටස (කලින් පළවූ 1 කොටස හා සම්බන්ධයි) 2021 ග්ලාස්ගෝ සමුළුව සහ ප්‍රගති සමාලෝචනය2015 වසරේ පැරිසියේදී පවත්වන ලද ඓතිහාසික ජගත් පරිසර සමුළුවේදී සම්මත කරගන්නා ලද පරිසර ප්රඥප්ති ක්‍රියාත්මක කිරීම පිලිබඳ ප්‍රගති සමාලෝචනයක් වසර පහකට පසුව 2020 වසරේදී පැවැත්වීමට තීරණය කර තිබුණි. එහෙත්, 2020 වසරේදී පැවතී උග්‍ර COVID 19 වසංගත තත්ත්වය නිසා යෝජිත සමුළුව පැවැත්වීමට ...
දේශගුණ විපර්යාස පිලිබඳ තීරණාත්මක ජගත් සමුළුව. අධ්‍යාපන රසකතා (1 කොටස) 2015 පැරිස් සමුළුවේදී ගිවිසුම් ගත වීම් දේශගුණ විපර්යාසය නිසා සිදුවෙමින් පවතින ආපදා පිළිබඳව අද ලෝකයේ දස දිගින්ම අසන්නට ලැබේ. දැනට දශක කිහිපයකට පෙර, දේශගුණ විපර්යාස සිදු වන්නේදෝයි සැක සංකා සහිතව සිටි රටවල් පවා, අද මේවා ඇත්ත වශයෙන්ම සිදු වෙමින් පවතින බව පිළිගෙන ඇත. ශත වර්ෂ දෙකකට පමණ ඉහතදී සිට, නොකඩවා කරගෙන ගොස් තිබෙන සමහර විද්‍යාත්මක නිරීක්ෂණ මගින්ද මෙවැන්නක් ...
‘ආදර’ දිවයින අධ්‍යාපන රසකතා එකෝමත් එක කාලයක මහා සාගරය මධ්‍යයේ තනිවූ අරුම පුදුම දූපතක් විය. මෙම දූපත මිනිස් හදවතක හැඩයෙන් යුක්ත වූ නිසා එය ‘ආදර දිවයින’ ලෙස ලෙස නම් කර තිබේ. මිනිස් වාසයෙන් තොර මෙම දිවයිනෙහි විවිධ ‘හැඟීම්’ සහ තවත් සුවිශේෂී ‘සංකල්ප’ කිහිපයක් පමණක් දකින්නට ලැබීම විශේෂත්වයකි. එහි තණ්හාව, ආශාව, වෛරය, ක්‍රෝධය, බුද්ධිය, දැනුම, ප්‍රීතිය, දුක, ආදරය වැනි හැඟීම් සිය ගණනක් හුදකලාව තමන්ගේ ...
Untitled Post අධ්‍යාපන රසකතා අමතක වීමක් නිසා සිදුවූ අකර තැබ්බයක්........... මා දකුණු පළාතේ විදුහලක සේවය කරද්දී විදුහල් ශිෂ්‍ය නිවාසයේම කාමරයක නතරවී සිටියෙමි. ශිෂ්‍ය නිවාසය භාරව සිටි මගේ මිත්‍ර ආරියරත්න, විදුහලේ ඉංග්‍රීසි ගුරුවරයෙකු වූ අතර විදුහලේ ජේෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම භාර ලුතිනන් වරයාද විය. ඒ කාලයේ ඉතාම ජනප්‍රිය BSA මෝටර් සයිකලයක්ද ඔහුට තිබිණ. සති අන්ත වලදී අප දෙදෙනා මෝටර් සයිකලයෙන් ගමන් යාමට පුරුදුවී සිටියෙමු. ...
ගින්නෙන් දැවුණු ප්‍රංශයේ Notre Dame දේවස්ථානය යළි පිළිසකර කිරීම (අපූර්ව කලාත්මක නිර්මාණයට විද්‍යාවෙන් නව පණක් ! ) අධ්‍යාපන රසකතා වික්ටර් හියුගෝ නම් ප්‍රංශ ජාතික ගත් කතුවරයා විසින් 1482 වසරේදී, ප්‍රංශ භාෂාවෙන් රචනා කරන ලද Notre-Dame de Paris නම් නවකථා පොතෙහි, Frederic Shoberl විසින් 1833 දී ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද ‘The Hunchback of Notre Dame’ පොත දශක හයකට පමණ ඉහතදී, පාසැල් කාලයේදී, ඉතාමත් ආශාවෙන් කියවන ලද රසවත් නවකථා පොතක් විය. මෑත කාලයේදී මෙම පොත ‘කුදාගේ සංග්‍රාමය’ ලෙස සිංහලටද පරිවර්තනය ...
Untitled Post අධ්‍යාපන රසකතා “මේ ගස් හැර තවත් ඉපැරණි ගසක් තිබේ.” ලෝකයේ ඉපැරණි ගස් කිහිපයක් පිලිබඳ අපූරු ලිපියක් ‘Reader’s Digest’ සඟරාවේ 2021 අප්‍රියෙල් කලාපයේ පළවිය. ‘ගස් වලට කතා කළ හැකිනම්’ (If Trees Could Talk) යන මාතෘකාව යටතේ ලියා තිබුණු මෙම ලිපියේ ලෝකයේ විවිධ රටවල ඇති, ඉපැරණි ගස් (ශාක) පිලිබඳ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් කර තිබිණ. ඩයනා තෝමස් නමැති ලේඛිකාව තම ලිපිය ආරම්භ කරනුයේ ශාක ...
Untitled Post අධ්‍යාපන රසකතා ‘ගෝලීය උණුසුම් වීම’ මිනිසා කෙරෙහි බලපාන්නේ කෙසේද?‘ගෝලීය උණුසුම් වීම’ (global warming) නම් සංසිද්ධිය ලොව විද්වතුන් අතර මුලින්ම සාකච්ඡාවට භාජන වූයේ දැනට දශක තුනකට පමණ ඉහතදීය. ඊට පසු ජගත් සම්මේලන වලදී මේ පිලිබඳ දීර්ඝ වාද විවාද හමුවේ මෙය, මුළු ලොවටම එකසේ බලපානු ලබන පරිසර අර්බුදයක් ලෙස සමාජගත වූයේ 2015 වසරේදීය. එම වසරේ දෙසැම්බර් මස 12 වන දින පැරිසියේදී පවත්වන ලද ...
‘කොරෝනා’ ව්‍යසනය නිසා සමාජ ගත වන සාධනීය දේවල්ද බොහෝය. අධ්‍යාපන රසකතා කොරෝනා වයිරස් වසංගතයේ අද තත්ත්වය පුරා වසරකට වැඩි කාලයක් තිස්සේ මුළු ලොවම කම්පා කරණු ලබන, දැනට මිලියන තුනකට වඩා ජනතාව මරු මුවට ඇද දමා ඇති, COVID19 වයිරස වසංගත මහා ඛෙදවාචකය, මෙතෙක් අවසන්වී නොමැත. මේ වන විට ශ්‍රී ලංකාවේ අසල්වැසි ඉන්දියාව, අතීතයේදී තුන් බියකින් වෙලී ගිය ‘විශාලා මහනුවර’ බවට යළි පත්වී තිබෙන බව මාධ්‍ය වලින් හෙළිවේ. රෝගය වැළඳී අකාලයේ මියගිය අය ...
මීළඟ බලගතු පරිසර දූෂණ කාරකය ක්ෂුද්‍ර ප්ලාස්ටික්ද ? අධ්‍යාපන රසකතා ලෝකයේ සෑම අස්සක් මුල්ලකම සිටින සියලු ජීවීන්ටම, මේ වන විට පරිසර දූෂණය මහත් උපද්‍රව ගෙන දීමේ ව්‍යසනයක මට්ටමට පැමිණ තිබේ. ජීවීන්ගේ ජීව ක්‍රියාවලි සඳහා මූලික වන ශ්වසනය සඳහා අවශ්‍ය, ඔක්සිජන් වලට අමතරව අහිතකර වායු මෙන්ම වෙනත් විවිධ අංශු වලින්ද වායු ගෝලය පිරී පවතින බව දැන් දැන් හෙළිවෙමින් පවතී. මේවා අතරින් භයානක අංශු විශේෂයක් වශයෙන් හැඳින්වෙනුයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් වේ. ප්ලාස්ටික් ...
කොරෝනා වසංගතය සහ ‘හේතු ඵල ධර්ම’ සංකල්පය අධ්‍යාපන රසකතා “ඔබ, සොබාදහමට යම්කිසි ගැටළුවක් ඇතිකළ හොත්, එය ඔබට නිසි පිළිතුරක් සපයනු ඇත.” - Jacob Henle (1809-1885)උසස් මනසක් ඇත්තේ මිනිසාටයමිනිසා යනු, උසස් මනසක් සහිතව ජන්ම ලාභය ලැබූ ජීවියෙකි. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම සහ එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මිනිසාට පමණකි. අනිකුත් සියලු සතුන්ට මෙන් නොව යමක් මනසින් මෙනෙහි කර, මැන බලා සසඳා දැනගත හැක්කේද මිනිසෙකුට ම පමණකි. ...
Untitled Post අධ්‍යාපන රසකතා දෙව්ලොව ගිය පෘථිවි විද්‍යාඥයින්ගේ සුහද හමුවක් ! Scientists from Earth meet in Heaven !පසුගිය ශතවර්ෂ කිහිපය තුළ මෙලොව ජීවත්වූ විද්‍යාඥයින් සියලු දෙනාම වාගේ මරණින් පසු චුතවී, දිව්‍ය ලෝකයේ ඉපදීමට වාසනාව ලබා තිබේ. ඔව්හු දිව්‍ය ලෝකයේ විවිධ ස්ථානවල ජීවත් වූවත් එකිනෙකා නමින් හඳුනනවා මිස ඔවුන් අතර වෙනත් කිසිම සම්බන්ධයක් නොවීය. නිකරුනේ කාලය ගත කරමින් සිටින විද්‍යාඥයින්ගේ එකමුතුවක් සංවිධානය කිරීමට කල්පනා ...
සෙල්සියස් ( oC) සහ ෆැරන්හයිට් ( oF) උෂ්ණත්වමාන මගින් ලැබෙන මිණුම් පාඨාoක පිලිබඳ විමසුමක් අධ්‍යාපන රසකතා 1.අප භාවිත කළ පැරණි මිනුම් පසුගිය හැටේ දශකයේදී, ජාත්‍යන්තර මිණුම් ඒකක (SI Units), සම්මත මිණුම් ඒකක ලෙස, ජගත් පිළිගැනීමට පත්වන තුරු, අපගේ පැරැණ්නන් විසින් භාවිත කර ඇත්තේ, සම්ප්‍රදායික මිනුම් ඒකක විය. මෙසේ බහුලව භාවිත වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ඒකක (British Imperial Units) යන ගාම්භීර නමින් හැඳින්වූ ඒකක විය. මෙම මිනුම් යාර, අඩි, අඟල් සහ රාත්තල් අවුන්ස ආදිය විය. මීට පෙර ...
Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. අධ්‍යාපන රසකතා Reader’s Digest සඟරාවෙන් තෑග්ගක් ලැබුවෙමි …. ගතවූ වසර පනහකට අධික කාලයක් තිස්සේ නොකඩවාම Reader’s Digest සඟරාව කියවා, එහි මාසික පිටපත් එකතු කිරීම මාගේ විනෝදාංශයක් විය. විවිධ විෂයයන්ට අදාළ මාතෘකා ඔස්සේ සරල භාෂාවෙන් ලියැවෙන ලිපි ඇතුලත් Reader’s Digest සඟරා එකතුව මාහට විශ්ව කෝෂයක් බඳු විය. අපගේ දියණියන්ටද, ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා වර්ධනය කර ගැනීමට Reader’s Digest මහෝපකාරී වී තිබෙන බව නොරහසකි. ...
Untitled Post අධ්‍යාපන රසකතා පරිසරය උණුසුම් වීම හඳුනාගැනීමේ මිනුම් දණ්ඩ - ‘කාබන් පා සටහන’ පෘථිවිය මත සිටින සියලුම ජීවීන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය වන මහඟු සම්පත වන ජලය භාවිත කිරීමේදී අදෘශ්‍යමානව වැය වන අතාත්වික ජලය පිළිබඳව ‘ජල පා සටහන’ (water footprint) ලිපියෙන් කරුණු ස්වල්පයක් ඉදිරිපත් කිරීමට හැකිවිය. එම ලිපිය බොහෝ දෙනෙකු කියවා ඇති බැවින් එවැනිම තවත් සංකල්පයක් සඳහා මෙසේ සිත් යොමු කළෙමි. මෙම සංකල්පය ...
Untitled Post අධ්‍යාපන රසකතා ජල භාවිතය පිලිබඳ නව සංකල්පයක් - ‘ජල පා සටහන’ (Water footprint)මිනිසා, සතා සීපාවා, ගහකොළ ආදී සෑම ජීවියෙකුගේම දිවි පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය සාධකයක් වන ජලය, මහඟු සම්පතකි. සාගර සහ මුහුදු වල කරදිය තිබෙන අතර ගොඩබිම ජලාශ, ගංගා, ඇලදොළ ආදියේ සහ භූගතව තිබෙනුයේ මිරිදිය වේ. මිරිදියෙන්ද විශාල ප්‍රතිශතයක් ( 70% පමණ) හිමාලය වැනි කඳු ශිඛර මුදුන්වල සහ පෘථිවියේ ධ්රැව ප්‍රදේශවල අයිස් ...
Untitled Post අධ්‍යාපන රසකතා ‘දෙබිඩි පොල්’ මගින් ‘එලොව පොල්’ දැකීම. දැනට දශක හතරකට පමණ ඉහතදී, (1984 දී) මා හට සීෂෙල්ස් රාජ්‍යයේ අධ්‍යාපන ව්‍යාපෘතියක නියැලීම සඳහා අවස්ථාව ලැබිණ. මෙම දේශය ඉන්දියන් සාගරයේ දකුණු දිගින්, හුදකලාව පවතින දූපත් සමූහයකින් යුක්තය. ආසියා මහාද්වීපයෙන් සහ අප්‍රිකා මහාද්වීපයෙන් බොහෝ දුරස්ව පිහිටා ඇති නිසාම එම දූපත්වල ජෛව විවිධත්වය අතින් බොහෝ සුවිශේෂී ලක්ෂණ දකින්නට ලැබේ.එහි මාගේ සේවා කාලය අවසන් කර ...