මං නොදන්න ක්‍රිකට්........70 මට හිතෙන හැටි.. කාලයක්ම අපේ නවාතැන වූ ලොකු අම්මාගේ ගෙයි බෙදා වෙන්කොට පාවිච්චි කල කොටස එදා අපට ලොකු 'අපේ' කමක් නොතිබ්බාට අද මට ඒ ගැන ලොකු දුකක් තිබේ.මගේ මතකය නිවැරදි නම් අපි හන්වැල්ල පොලීසීය ලග තේ කඩේ සුදු අක්කලාගේ කුලී ගෙයි අදුරු මුල්ලේ සිට කොළඹ එන්නට මග පෑදුවේ ලොකු අම්මාය. ඒ වෙලාවේ ඇයට අප දුන් - නොදුන් රුපියල් සියයක කුලී මුදලට වඩා දසදහස් ...
සපත්තුවෙන් බෝවෙන පපුවෙ අමාරුව.....69 මට හිතෙන හැටි.. 'දුවන්ඩ නං සපත්තු දෙන්ඩ බෑනේ දයා...මේ ළමයි කැමැති නෑනේ..' කීවේ මගේ හදවත පසාරු කරයන ලෙසටම විදිමිනි. අම්මා එහෙත් පින්සෙන්ඩු වූවාය. පරෙස්සම් කර ආපසු දෙන වගත පොරොන්දු වූවාය. එහෙත් අපි දෙන්නා සපත්තු ඉල්ලන්නට ගිය ගමන අන්තිම අසාර්ථක විය.ඉන් හැරී මග එන ගමනේද අම්මා කිසිත් නොකීවාය. එහෙත් මම ඇගේ වේදනාව හැදින්නෙමි. මා කොතෙකුත් මෙවන් අසරණ අවස්ථාවලට පත්ව ඇත්තෙමි. ඒ හැම අවස්ථාවකම අම්මා ...
නාකි සුමුදුටත් මටත් හිටියේ එකම කෙල්ලෙකි......68 මට හිතෙන හැටි.. නාකි සුමුදු ආවේ මහරගම ජනාධිපතියේ සිට අතරමග බව මට මතකය.එහෙම අතරමග ආ අය බොහෝදෙනෙක් එකල සිටියෝය. ඒ අයගෙන් අතරමග එන්නට සිදුවුනු කාරණය ඇසූ විට ඒ හැමෝගේම උත්තරය වුනේ තාත්තා මාරුවන තැන්වලට එන්නට වෙන නිසා ආ බවය. රජයේ රස්සාවල උන් තාත්තලා අම්මලාගේ ළමයින් ඉස්කෝල මාරුකිරීම එක අතකට අමුතු අත්දැකීමකි. එහෙම ආ සමහර අය බදුළු බණ්ඩාරවෙල අනුරාධපුර පොලොන්නරුව ආදී පලාත් ගන රස ...
හැකිනම් මකන්නෙමි...67 මට හිතෙන හැටි.. නුගේගොඩ ඉස්කෝලේ ගේට්ටුකණු දෙක දෙපැත්තේ ''සල්ලිකාරයෝ '' දෙන්නෙක් සිටියහ. අයිස්ක්‍රීම් විකුණන මනුස්සයාත් අච්චාරු විකුණන අම්මාත් සිටියේ දෙපැත්තේ වුව දකින ඕනම වෙලාවක මේ දෙන්නා අර කණු දෙක දෙපැත්තේ සිට මොන මොනවාදෝ කියවූයේය. ඒ අතරේ දේශපාලනය ආර්ථිකය හා සමාජය පිළිබද කතාබහක් ඇතිවන්නට ඇත. එහෙත් ඒ සියල්ලටම වඩා මගේ සිත ඇදී ගිය කාරනය නම් අර සත විසිපහ පනහ වැටෙන කාසි මල්ලයි. අයිස්ක්‍රීම් කාරයාගේ ...
මගේ අමතක වීම මට මතකය...66 මට හිතෙන හැටි.. අමතක වීම මගේ ජන්ම ගතියකි. එහෙත් මා ලෙහෙසියෙන් අමතක කරන්නෙකු නොවේ. මගේ ජීවීතයේ ඉතා කුඩා සිදුවීමක් පවා මගේ මතකයේ රැදී ඇත්තේය. එහෙත් ඒ බව බොහෝ දෙනා දන්නේ නැත. ඒ මා ඒ ගැන කතා නොකරන නිසාවෙනි. දැනටමත් මගේ ජීවිතයේ බොහෝ දේවල් මගේ බිරිද පවා දැනගන්නේ මේ ලියැවිල්ලෙනි. මට අමතක වීමේ රෝගය හැදෙන්නටත් මෙන්ම මතකයේ සදාතනිකව රදවා ගන්නටත් හේතුව මගේ සිතිවිළි ලෝකයයි. ...
මා ගල් ඉබ්බෙකි 65 මට හිතෙන හැටි.. දැරණියගල සර් සින්හල උගන්නන්නට ඇවිත් ඉස්සෙල්ලාම කලේ ගණං පාඩමකි. අපි වෙනත් පාසල් කීපයකින්ම ඇවිත් සිටි නිසා විවිධ ආකාරයේ අය සිටීමත්, ඒ ඒ ඉස්කෝලවලට ආවේනික ගති ලක්ෂණ පෙන්නුම් කිරීමට යාමත් දැරණියගල සර්ට ඇල්ලුවේ නැත. ඒ නොඇල්ලීම අන්තිමට ගියේ කෝකිලගේ පිටිනි. කෝකිල දදුවම් ලැබිය යුතු වරදක් නොකලත් දැරනියගල සර් හුණු කොට්ටෙන් කෝකිලට දමා ගැසුවේය. ඒ සැනින් කෝකිලගේ කලිසමෙන් අතදමා ඇදගෙන විත් කම්මුල ...
විජේ ශාරුක්ට වඩා ලස්සනය....64 මට හිතෙන හැටි.. සමණලයාට වෙඩි තබා අවුරුදු 29ක් ඉවර වුනේ ඊයේය. ඒ සමණලයා පිළිබද මතකයත් අද ඊයේ වගේ මගේ මතක පොතේ තිබේ. ඒ මතකය සමනලයා පිළිබද කිසිදු කතිකාවකට විවේචනයකට නොවේ. අතුරුගිරියේ ජගත් සිනමා ශාලාවේ (කලින් කළ්‍යාණී ) ගණං පන්තිය කට් කර හතර වතාවක් බැලූ සංගීතා චිත්‍රපටයේ 'ඇඩෙන සයිස් එකේ ' චරිතයක් රගපෑ, ශාරුක් කාන් ඇරෙන්නට සමණල චරිත වල මම වඩාත්ම කැමැති, විජය කුමාරතුංග ...
මම බාල යක්ෂයෙක් මි...63 මට හිතෙන හැටි.. මා බාලදක්ෂයෙක්මි. බාලදක්ෂයෙකු වීමට මගේ හිතේ කොනකවත් ආසාවක් තිබ්බේ නැත.. එහෙත් හවස් වරුවේ ඉස්කෝලේ නැවැතී කොල්ලන් සමග විනෝදයෙන් ගත කිරීම මගේ හිතට අල්ලා තිබිනි. එහෙත් හේතුවක් නැතිව නතර වීම ජයසින්හයේ මෙන්, මෙහි ලෙහෙසි කාරනයක් නොවේ. ජයසින්හයේ නම් ගේට්ටු තිබුනේ නැත. 'කකුල් හතරේත් හරක් එන නිසා' වහන බව කියමින් ප්‍රින්සිපල් සර් උනබම්බු ගේට්ටු දැම්මේය. පරක්කු වී ආවාට ගුටි මුරයක් වැදුනද ඉස්කෝලෙන් ...
මිල්ටන් මල්ලවආරච්චි මේසන් බාස් කෙනෙකි. මට හිතෙන හැටි.. සංචාරකයන් සදහා සැප්තැම්බර් මාසය පුරාම වසා දැමෙන යාල යළි ඇරෙන්නේ නොවැම්බරය මුල සතියේ බව මට මතකය. මේ කාලය පුරාම ඇත්තේ දැඩි වියළි බවකි. ඊටත් වඩා මහා පාළු, කම්මැලි, මූසල ගතියකි. අමදූවෙන් ඇහෙන හෝ හෝ හඩේ පවා ඇත්තේ මහා උදාසීන බවකි. වෙනසකට ඇත්තේ වාඩියේ පොල් අතු මැසි උඩින් ඇදෙන දුමේ සුවද පමණකි.අපේ හෝටලයේ නිවාඩු යන අය සියල්ලෝම යන්නට කැමැති මේ මාසයේය. ...
ඌරෙක් ඕයි... 97 මට හිතෙන හැටි.. සැප්තැම්බරයේ මහා රස්නයක් සමග අමදූව වැල්ල ගිනි ගන්නට පටන් ගනී. වැල්ලේ ගිනි රස්නය එක්ක මුහුදේ ලා නිල් පාට එකතුවූ පසු ඇස් අන්ධකාර වන දීප්තිමත් එළිය දෙස බලන්නට බැරිය. එහෙත් හෝටලයේ අනෙක් පැත්තම වැහෙන්නට තරම් විසාල කොට්ටඹ ගස් වලින් සදාතනික සිහිලසක් ගෙන එන්නේය. ඒ ගස් වල අතු, ගහේ උසටත් වඩා හරස් අතට දිගු වී, විශාල කොල වලින් වැහී සෙවන දෙයි. ඊට ...
අලින්ටයි ළමයින්ටයි මටයි.. 96 මට හිතෙන හැටි.. වම් පැත්තේ සිට ලියනගේ මස්සිනා, සමන්ත සහ ෂාරුක් කාන්මම උදේ නැගිටිනකොට වෙනදාට නිදන උන් නැත. වෙනදාට දත් බුරුසුව කටේ ගහගෙන කිලෝමීටර දෙක තුනක් ඇවිදින සමන්තද නැත. කවදාවත් උදේ නැගිටිනවා හෝ මූණ සෝදනවා පෙනෙන්නට නැති ලියනගේ අයියාද නැත. (ලියනගේ අයියා නැගිට්ටේ කීයටදැයි වාගේම නිදාගන්නා වෙලාවක්ද මම දන්නේ නැත. එහෙත් රැළි වැටුනු කොණ්ඩයේ වතුර පිටින් ලානිල් පාට කමිසය සහ කළු කලිසම පිටින් ...
බල්ලන්ටත් ඇති නිදහස (යාලෙන් පටන් ගමු- 01) මට හිතෙන හැටි.. මෙතැන් පටන් මට ලියන්නට වෙන්නේ, මගේ ජීවීතයේ යම් යම් කාල පරාසයන් මගේ හදවතට සමීපමතම ලෙස ගතහොත් මට යලි යලිත් මතක් කරන්නට ඒ මතක අහුමුළු ඔස්සේ යළිත් එහාමෙහා යන්නට අවස්තාවන් උදාකරන විශේෂතම කාලවකවානු වලින් එකකි. කළින් මගේ ළමා කාලය ගෙවුණු නුගෙගොඩ, ඉරිදාපොල හා දෙල්කද හා සමානව එහෙත් ඊට අඩු කාලයක් මා ජීවත් වූ මේ කතාකරන හම්බන්තොට, තිස්ස, යාල සහ අමදූව මගේ ...
පරාල ඇන වුනත් හරි අපූරුය... මට හිතෙන හැටි.. මට එක තැනක ඉදගෙන ලියන්නට මනස සම්පූර්ණයෙන්ම අවුල් සහගත විය යුතු යැයි මම කළින් සිතාගෙන සිටියෙමි. එහෙත් යථාර්තය නම් එහෙම වීත් මගේ අතින් කිසිදෙයක් ලියවුනේ නැත. ඒකත් හරි අපූරු දෙයකි. අපි කාලයක් තිස්සේ ඔළුගෙඩි වල ''හරි'' යැයි කියා හිතා ඉන්නා දේවල් හරිම නැත. සමහර දේවල් හරි නැතත් හරි වෙන්නට තිබුණා යැයි සිතේ. එහෙත් හරි දේවල්ම ජීවීතේ එකදිගට වෙන්නේ නැත. ...
සංගීතේ..... මට හිතෙන හැටි.. හන්වැල්ලේ පදිංචිව ඉද්දී තාත්තා රඟපෑ වේදිකා නාට්ටියක් හෝ තාත්තා සංවිධානය කල සංගීත සංදර්ශනයක් පිලිබද ඉතා සියුම් මතකයක් මගේ ඔලුවේ කොහේ හරි ඇත්තේය. ඒත් ඒ කොතනදැයි, කවරදාදැයි මට මතක නැත. මගේ චිත්‍රපොතේ ඇත්තේ රබර් සෙරෙප්පු දෙකක් පැලදගත් නිල්පාට කොට කලිසමක් හා ඉරි ඉරි අත්කොට කමිසයක් ඇදගත් ඔලුව ටිකක් ලොකු ඇඟ පරාල ඇනයක් තරම් වූ කොල්ලෙකුගේ තනි චිත්‍රයක් පමණි. නිල්පාට කලිසම් මතක ...
අබ්දුල් අමීන්..88 මට හිතෙන හැටි.. නාවල සෝලීස් ශාලාවේ සිට ගාලු මුවදොර දක්වා ඇදෙන වෑන් රථය පැදවුයේ අජිත් අයියා වන්නට ඕනෑය. ඒ වහල පාත "රෝසාවේ" නැගුන අය අතර අපේ අම්මා, තාත්තා, අක්කලා තුන්දෙනාම සහ එකල ලංකාවේ හිටි දෙවැනි අයියාද හිටියා මට හොදටම මතකයි වගේය. ඊළඟට ලොකු අයියාගේ අක්කා සමග ඉස්ටැන්ලි අංකල්, සෝමා ඇන්ටී සහ අජිත් අයියාගේ බිරිඳද හිටියාය.හිටියා කීවාට කට්ටියම හිටියේ මහා ඝෝසාවක් ඇතිකරමිනි. මම පමණක් ...
සුවඳ දෙන මිනිස්සු 87 මට හිතෙන හැටි.. මේ සාෆ් ක්‍රීඩා උළෙල ලංකාවේ පැවත්වූ 1991 වර්ෂයයි. එකල ජනපති ප්‍රේමදාස ලොකු ගැම්මකින් ක්‍රීඩා උළෙල පවත්වන්නට කටයුතු යොදා තිබු කාලයයි. ප්‍රේමදාස මහත්තයා එහේ කලබලේ වැඩ කරද්දී මම මහරගම මගේ මිත්‍ර සමාගමයේ යෝජනාවක් උඩ පවත්වන්නට වැඩකටයුතු සූදානම් කොට තිබූ "ප්‍රතිරූ" චිත්‍ර ප්‍රදර්ශනය සමග කලබලයක උන්නෙමි. එහෙත්අ පට කලබල වෙන්නට හේතුවක් තිබ්බේ නැත. ඒකට හේතුව කලබල වෙන්නටවත් අතේ සතපහක්වත් නැති කමය. වත්තේගෙදර ...
දද නම් වදමය.... 86 මට හිතෙන හැටි.. ජීවිතය ඊලඟ මොහොතේ කුමක් ගෙනෙන්නේදැයි මා දන්නේ නැත. සමහර බලාපොරොත්තු ජීවීතයේ අවසාන මොහොතේ ඵල දෙන්නට පුළුවන. සමහර විට කිසිදා සඵල නොවන්නටද පුළුවන.එවන් මොහොතක් ගැන තනිවම කල්පනා කරමින්, හෙමෙන් හිස්වෙන වීදුරුවක් දෙස බලා සැනසෙමින් "හමාරා අදූරී කහානී " චිත්‍රපටය ඔහේ බලමින් ඉන්න වෙලාවක මගේ හිතවතෙක් මා ඇමතීය. ඔහු මට ජීවිතයේ "චරිත" හදුනාගැනීමට බොහෝ සෙයින් උපකාර කල මා ලඟින්ම නොසැලී සිටි කෙනෙකි. ...
මැණිකක් වුව ගලක් නෙව.....85 මට හිතෙන හැටි.. ඩික්සන් අයියා අපේ ලොකු අයියාගේ යාලුවාය. ඩික්සන්ගේ මස්සිනා මල්ලී මගේ යාළුවෙක් බවට පත්වෙන්නට අපේ ලොකු අයියා හේතු විය.එකල මම කිසිම පාඩම් වැඩක් නොකොට අන්ත රස්තියාදුවක යෙදී හෝමාගම පිටිපන හබරකඩ ගොඩගම අතුරුගිරිය අතර අතරමංවෙවී හිටිය කාලයයි. ඊටත් වඩා කාලය කා දමමින් මහ රෑ වනතුරු හතරමං හන්දි මුර කරමින් සිටි කාලයයි. අම්මා විසින් ඉතාමත් වුවමනාවෙන් සැර බාලකොට නැතිනම් සැර අඩුම කොට ...
නැව් ටෝක්... 91 මට හිතෙන හැටි.. නැව් කතාව පටන් ගන්නට වෙන්නේම මේක නැවක් නොව ඊට පොඩි යාත්‍රාවක් කියා ලියා තැබීමෙනි. පොඩිය කීවාට සංචාරකයන් ගෙනයන අධි සුඛෝපබෝගී යාත්රාවකි. ඒකට නිධාන කතාවත් මගේ ජීවීතයේ විවිධ යහපත් මාර්ග වලට "කැක්කුමක්" ඇතුව වැඩකල සෝමා හෙට්ටිආරච්චි නැත්නම් සෝමා ඇන්ටි සම්බන්ධය.අපට "සෝමා ආ..න්ටි" කියන්නට බැරිවුනේ ඇය අපට ඉතා සමීප කෙනෙකු වූ නිසා බව කියන්නටත් ඕනෑය. ඇය අපේ අඩුපාඩුකම් දුෂ්කරතා වගේම අඩුලුහුඬුකම් හොදින් ...
ලබ්බා හිටියානනං හොදය... මට හිතෙන හැටි.. ජීවීතයේ සමහර තැන්හී සමහර පුද්ගලයන් අපට යලි යලිත් මතක්වෙන්නේ ඔවුන් අපේ ජීවිත සමග බැදී තිබෙන හිතවත්කම් සදාතනික නිසාවෙනි. ජීවිතයේ මේ ගෙවුණු අවුරුදු ගනනට කොයිතරම් නම් ගනනක් මුණ ගැසී ඇත්ද...? ඒ මුහුණු වලින් මතක ඇත්තේ කීයෙන් කීයද...? ඒ අතරෙනුත් හිතේ කොණක තැන්පත් වී තිබී හදිසියේම මහා තෙතබරිත හැගුමකින් මතකයට එන්නේ කීයෙන් කී දෙනෙකුගේ මතක මුහුණුද?ලබ්බා හිටියනම් හොදයි කීවේ ඒ නිසාය...ලක්ෂ්මන්ට අපි ...