කුරුළු තොරණ් වල මතක.. මට හිතෙන හැටි.. වෙසක් නිවාඩුවට පානදුරේ පුංචිලාගේ ගෙදර යන්නට එවර නියමිත විය. අපි නිවාඩු යන්නේ ඒ ගෙවල්වල අයට වෙන වැඩ තිබේදෝ හෝ වෙන ගමන් යෙදී තිබේදෝ සිතා නොවේ. ගමන් මල්ල ලහැස්ති කරන්නේ මමය. අම්මා ගමන යන්නට ඕනෑ කරන වියදම සපයාගෙන දෙල්කදින් කොටුවටත් එතැනින් පානදුරටත් පානදුරෙන් දිබ්බැද්දටත් ගමන් මල්ලත් කොට කලිසං කොල්ලාත් අල්ලාගෙන ගමන් කරනීය.එදා සීටීබී බස් වල ජනෙල් කවුළුවලින් හඹා ආ සුලං වලින් ...
කුරුළු තොරණ් වල මතක.. මට හිතෙන හැටි.. වෙසක් නිවාඩුවට පානදුරේ පුංචිලාගේ ගෙදර යන්නට එවර නියමිත විය. අපි නිවාඩු යන්නේ ඒ ගෙවල්වල අයට වෙන වැඩ තිබේදෝ හෝ වෙන ගමන් යෙදී තිබේදෝ සිතා නොවේ. ගමන් මල්ල ලහැස්ති කරන්නේ මමය. අම්මා ගමන යන්නට ඕනෑ කරන වියදම සපයාගෙන දෙල්කදින් කොටුවටත් එතැනින් පානදුරටත් පානදුරෙන් දිබ්බැද්දටත් ගමන් මල්ලත් කොට කලිසං කොල්ලාත් අල්ලාගෙන ගමන් කරනීය.එදා සීටීබී බස් වල ජනෙල් කවුළුවලින් හඹා ආ සුලං වලින් ...
45 මට හිතෙන හැටි.. 1973මීට අවුරුදු හතළිස් පහකට කළින් අද වැනි දවසක මම ඇස් අරින විට ඉන්නට ඇත්තේ අම්මාය. ඇගේ ඇස් දෙකෙන් මා දැක කඳුලක් වැටෙන්නට ඇත. ඒ කවරදාවකවත් දරු උප්පතියේදී දැනෙන අමාරුවට වෙන්නට බැරිය. අපේ අම්මා කවරදාවකවත් හිතේ වේදනාවක්වත් ඇඟේ වේදනාවක්වත් අපට දැනෙන්නට හැරියේ නැත. අම්මාගේ ඇසෙන් වැටෙන්නට වූ කඳුල වන්නට ඇතේ සතුට වෙනුවෙන් නැගෙන කඳුලය. ඒ මම නිරෝගී දරුවෙකු බවට (අඩුම ...
කුමන කතා ද...! මට හිතෙන හැටි.. ඉස්කෝල නිවාඩුව නිසා ගෙදර කළබල වැඩි වී තිබේ. අපිත් එහෙම ඉස්සර ගෙදර කළබල කරන්නට ඇත. සමහර විට අපි ගෙදරට වඩා කැලේ හිටි නිසා අම්මලාට කරදරයක් නැතුව තියෙන්නට ඇත. ඒ කෙසේ වෙතත් පසුකාලයක අපටත් මෙහෙම නිවාඩු කාලයක් ආවේ යාල හෝටලයේ ඉදිද්දීය. ඒ සැප්තැම්බරයේ යාල උද්‍යානය වසා දැමීමෙන් ආරම්බ වන ``ඕෆ් පීක්'' නිවාඩුවයි.ඒ ගැන කලින් ලියා ඇති නිසා වැඩිය ලියන්නට උත්සාහ නොගනිමි.එක ...
අමතක මතක මට හිතෙන හැටි.. පහුගිය "සංගීතේ" පෝස්ටුව ගැන නිවැරදි කිරීමක් කරන්නට තිබේ.ඒ අතුලගේ තාත්තාගේ නම විමලදාස නොව කුමාරදාස ලෙසිනි. ඒ වැරද්ද නිවැරදි කලේ අපේ ලොකු අයියා විසිනි. ඔහු කුමාරදාස අංකල්ගේ ගජයෙක් බව මතකය. එක එක කාරණා වලට ඒ දෙන්නා වාදකරගත්තාද මතකය. අර කොට කෙට්ටු කුමාරදාස අංකල් ඊට පස්සේ උස මහත අපේ ලොකු අයියා බදාගෙන වාද ඉවරකරගන්නවාද මතකය.ඊළගට අපේ කලා කවයේ තුන්කට්ටුවෙන් එකක් වූ විශ්වවිද්‍යාල ...
සංගීතේ..... මට හිතෙන හැටි.. හන්වැල්ලේ පදිංචිව ඉද්දී තාත්තා රඟපෑ වේදිකා නාට්ටියක් හෝ තාත්තා සංවිධානය කල සංගීත සංදර්ශනයක් පිලිබද ඉතා සියුම් මතකයක් මගේ ඔලුවේ කොහේ හරි ඇත්තේය. ඒත් ඒ කොතනදැයි, කවරදාදැයි මට මතක නැත. මගේ චිත්‍රපොතේ ඇත්තේ රබර් සෙරෙප්පු දෙකක් පැලදගත් නිල්පාට කොට කලිසමක් හා ඉරි ඉරි අත්කොට කමිසයක් ඇදගත් ඔලුව ටිකක් ලොකු ඇඟ පරාල ඇනයක් තරම් වූ කොල්ලෙකුගේ තනි චිත්‍රයක් පමණි. නිල්පාට කලිසම් මතක ...
"අතේ" සහ හිතේ තියෙන දේ... 90 මට හිතෙන හැටි.. ජීවිතයේ සමහර දේ ගැන හැරී බලන විට අපූර්වමය. සමහර දේ නැවත නැවතත් සිදුවන්නේය. සමහර සිදුවීම් එකිනෙකට බද්ධව එහෙත් සර්වාකාරයෙන්ම වෙනස් තැන්වල සිදුවන්නේ ඇයිදැයි මා දන්නේ නැත. එහෙමත් නැතිනම් එහෙම දකින්නේ මා පමණක් බවදැයි ද මා දන්නේ නැත.එහෙම හිතුනු තැනකදී කුරුණෑගල මාවතගම "අතේ" ද, හලාවත මහවැව අතුල අධිකාරීද වෙනස් වෙනස් තැන්වල වෙන වෙන ආකාරයට මතක රැගෙන ආවේය."අතේ " අපේ ලෝකයට ආවේ ...
අපේ ජීවිත edge එකේ තමා.... මට හිතෙන හැටි.. මා ලියන සුපුරුදු මාතෘකාවෙන් මිදී අද ධම්මික ගැන කුඩා සටහනක් තබන්නට කැමැත්තෙමි. මේ සිදුවීම ගැන හෝ ජීවිතය අනතුරේ හෙලාගැනීම ගැනත් ඕනෑතරම් කතා තියෙන්නට පුළුවන. ඒවා මට අදාල නැත.ධම්මික කුරුවිට මුළින්ම මම දැක්කේ කැළණියේ සමාජවිද්‍යා පීඨයේ මහජන සම්බන්ධතා දේශන ශාලාවේදීය. ඒ වනවිටත් ධම්මිකලා පළමු වසරේ ඩිප්ලෝමාව නිමා කොට උසස් ඩිප්ලෝමාවට සූදානම් වෙමින් සිටි කාලයයි. මම කළින් ජනමාධ්‍ය විෂයයක් ලෙස ඩිප්ලෝමාව නිමකොට ...
බුරියා මගේ යාළුවෙකි. මට හිතෙන හැටි.. අද උදේතැඹිළි ගෙඩියක් කපන්නට ගොස් නූලෙන් ඇඟිල්ලක් බේරුණේය. බේරුනු ඇඟිල්ල එක්කම මතකයට ආවේ "කොට බුරියා" ය. කොට බුරියා හැදුණු නමකි. බුරියාගේ ඇත්ත නම නන්දනය. ඉතුරු කෑලි මම දන්නේ නැත. ඒත් බුරි නන්දන චිත්‍රකතාවක ආ චිත්රයක්ම බඳු විය. බුරියාගේ දත් සියල්ල ඉස්සරහටම එන්නට පටන් ගැනීම කවුරුන්වත් නවත්වන්නට උත්සාහ කර තිබුනේ නැත. ඒ නිසා බුරියාට කට වහගන්නට බැරි විදියට දත් ටික හරහට ...
කපටිකම කලාවකි.... මට හිතෙන හැටි.. දෙරණ හොඳම නළු සම්මානය ලබාගෙන දස්සයා කිව්වා සේම " දෙයියන්ගෙන් ඉල්ලුවා මුකුත් හම්බවුනේ නෑ...ඉල්ලපු ඔක්කොම හම්බවුනේ අම්මා තාත්තගෙන්.." කියමන මගේ හිතේද දෙතුන් පාරක් දෝංකාර දෙන්නට හේතුවකි. මගේ ජීවීතයේද බොහෝ දේ දී ඇත්තේද අම්මා හැරුණු කොට සැබෑ මිනිසත් කම් තිබූ මිනිසුන් විසිනි. අහිමි කර ඇත්තේද මිනිසුන් විසිනි. එලෙසම එකමුතු මුද්දර ප්‍රදර්ශණයට කමිසයක් අරන් දුන්නේද දෙවියෙකු දේවතාවියක වන්නට ඇත. ඒත් ඒ මිනිසාගේ ...
මාර ගහේ රෝස මල්... මට හිතෙන හැටි.. මුද්දර ප්‍රදර්ශනය ගැන සටහන පලවූ වහාම මගේ මිත්‍රයා මා ඇමතීය. ආගිය තොරතුරු වලින් පස්සේ හවස් වරුවේ කතාබහකට එකඟ වී දුරකතනය තැබූ අපි හවස හමුවී සමුගන්නා විට පාන්දර එකත් පහුවී තිබිණ. මගේ "හමුනොවීමේ" දුක්ගැනවිල්ලට එහෙම හමුවීමක් අහම්භයෙන් හෝ යොදාගැනීමට හැකිවීම සතුටකි.මේ අහම්භය අතරතුර මුද්දර ප්‍රදර්ශණ, චිත්‍ර ප්‍රදර්ශණ, දුප්පත් පාසල් වලට පොත් බෙදාදීම ආදී ව්‍යාපෘති වලට "මෙව්වාට අපිට සල්ලි තිබ්බේ කොහෙන්ද බං.." ...
වෙන රත්නසිරි කෙනෙක් ගැන... මට හිතෙන හැටි.. සමහර මතක එළියට එන්නේ අහම්බෙනි. අදත් ඒ වන් අහම්බයක් සිදුවිය. ඒ හන්දියේ පොත්කඩේ ලඟ ඉද්දී පොඩි එකෙකු අර පොත් කඩේ ෂෝකේස් එකේ තිබූ කුඩා මුද්දර කාඩ්පතක් අරන්දෙන්නටය කියා අම්මා කෙනෙකුගේ අතේ එල්ලී මූණත් රතු කරගෙන පස්සෙන් ගිය එකය. පොඩි එකා නිසා මට "එකමුතු මුද්දර දැක්ම" මතක් විය.මුද්දර ගැන මට ඒ තරම් ලොකු වුවමනාවක් තිබ්බේ නැතත් කොපි පොත් හත අටක් ...
දැං මං උපාලිට බය නැත..... මට හිතෙන හැටි.. ලී වැඩ ගැන මට දැනුමක් ආවේ, මං නවන්දන්න එකෙක් නිසාවත් මගේ පරම්පරාවේ එකෙක්වත් ලීවැඩ කළ නිසාවත් නොවේ. එහි දශමකයක හෝ ගෞරවයක් ඇත්නම් යායුත්තේ අල්ලපු වැටේ ජෝරිස් සහෝදරයන්ගේ ලී මෝලටත්, ඒ සහෝදරයන් වූ රංජි, ආනන්ද, නිහාල් සහ මහින්ද අයියලාටත්ය. ඒ අස්සේම ප්‍රේමසිරිටත් ඒ ගෞරවය හිමිවිය යුතුමය. මන්ද මගේ "පොඩි පොඩි" බරපතල වැඩ වලට කන මිරිකා හෝ ටොකු ඇන හෝ උදව් කලේ ...
තුවාල හොදවන තුරු නවතිමි..... (අවසාන කොටස ) මට හිතෙන හැටි.. කිසිම විශේෂ හේතුවක් නැතුවත් ..සරල හා අහඹු ලෙසත්...බොහෝමයක් අය මට ආදරය කලෝය...එහෙත් ගිණිය හැකි තරමේ අල්පයකට මම ආදරය කලෙමි...ඒ අතරේ...මා වැටෙද්දී...ඕනෑකමින් ගිලෙද්දී...මා වෙනුවෙන් දිගු කල දෑතක් තිබිණි...මට එය නොපෙනී තිබුනේ ඇයි කියා මා දහස්වර කල්පනා කලෙමි...එහෙත් ඇත්ත නම් මා කිසි විටෙක ඒ දෑත ගැන කල්පනා නොකල බවයි...ඇගේ හදවතේ මා වෙනුවෙන් වූ තුවාලය මා විටින් විට පාරන්නේ යැයි මට දැනෙන විටත්..ඒ ...
උස මහත මිනිහාගේ කෙටි හෘද සාක්ෂිය... 76 මට හිතෙන හැටි.. බිත්තර මදර්ගෙන් පටන් ගෙන සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ මිතුරියටත් ඇන්ටන් සර්ටත් පින්සිදුවන්නට අතපත ගගා ඉද කොලොන්නාවේ සෝමා ඇන්ටීගේ ආදර බලහත්කාරය නිසා 'ඉංග්‍රීසි' ඉගෙනගත් මම පිළිවෙලකට ඉංග්‍රීසි ඉගෙනගන්නට බොරැල්ලේ මරදාන පාරේ ඇක්වයිනාස් ඩිප්ලෝමාවට ඉල්ලුම් කලේ කාගේ හෝ කීමකට නොවන වග මට මතකය. 'ඒ පත්තර පිස්සෙකු වූ මම, මරණ දැන්වීමේ සිට මෙලෝදෙයක් තේරෙන්නේ නැති කලා විචාර දේශපාලන විචාර කියවීමේ උන්මාදයෙනි. ඒ උන්මාදය දැන්වීම් ...
මාත් නළුවෙක් තමයි ....75 මට හිතෙන හැටි.. ''ජයලත් ලොන්ඩරි'' බෝඩ් එක ලා නිල් පාට අකුරෙන් කලු පසුබිමක සුදු පාටද මිශ්‍රව ඇදතිබුනා මට මතකය. එය එල්ලා තිබූ උලුවස්ස යට වීදුරු අල්මාරි වල නෙක වර්ණයෙන් යුතු කමිස කලිසම් සාරි මෙන්ම මහත්වරුන්ගේ කබායනද එල්ලා තිබුණේය. ඒ අල්මාරි පාස්කර යනවිට එක පිට එක සුදු රෙදි තොගයක්ම දැමූ මේසයක, අඩියක් විතර දිග පලල පිගන් ගඩොලක් මත, බෙලෙක් පියනක් තබා ඒ මත පොල්කටු ...
මමත් ජනපති කෙනෙකි...74 මට හිතෙන හැටි.. අපි ඉරිදාපොලේ සෙල්ලම් කරන විටත් ගස් නගින විටත් පොලේ වැට අයිනේම ගෙදර ගෑණු ළමයින් දෙන්නා බලා සිටියේය. අක්කා නගෝ දෙන්නා අප කරන කියන හැම වැඩක් දෙසම බලා හිනාවී හෝ තරහා වී හෝ බලා සිටියා මිස වචනයකදු දෙඩුවේ නැත. එහෙත් ඒ දෙන්නා අප එකිනෙකා පෙන්වමින් මොන මොනවදෝ කුටු කුටු ගෑවේය. එහෙත් ඒ එකක්වත් අපට තෙරුණේ නැත..හේතුව සරලය...ඒදෙන්නා කතා කලේඉංග්‍රීසියෙනි.ඉතින් අපි නොතේරෙන ...
තට්ට බාගයාගේ පොල් ලොවි සහ මගේ අහින්සක සියඹලාව 73 මට හිතෙන හැටි.. ගියවර ලියැවිල්ලේ කමෙන්ටුවක dmg podi විසින් දෙල්කද පහුකරන් යන විට, මම අර කී මාර ගස දැන් නැද්දැයි අසා තිබුනෙන්, මටද මම ''මං'' ගැන නොදන්නා කම ගැන දුක් වුනෙමි. ඔය මාර ගසත් අනික් ගස් ටිකත් ජීවීතයේ අතරමග හමුවූ තවත් ලොකු පොඩි ගසුත් ''මම'' ය. ඉතින් මට අමතක නොවූ එහෙත් කාලයක් දකින්නට නොලැබුණ ගස් සොයා මගේ අතීත මම සොයා දෙල්කද බලා ඉගිල ...
ජීවිතේ රවුං රවුං එකකි....72 මට හිතෙන හැටි.. ඉරිදාපොලට ඇතුළුවන්නට කටවල් දෙකක් තිබිණි. ඒ හයිලෙවල් පාරට මුහුණලාය. ඒ ඉස්සරහින් සිටගත්විට දකුණු පැත්තේ උඩහමුල්ල පැත්තටත්, පරන පාරටත්, යන හරස් පාර මායිම්ව ඉස්කෝල හාමිනේගේ ඉඩමද.. ඊට මායිම්ව සිසිර අය්යලාගේ ඉඩමද පසුකල විටම එකල ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සේවය කල මද්දුමබණ්ඩාර සර්ගේ තට්ටු දෙකේ ගේද ... කොස්ගහ යට සිල්ලර කඩේ ගාමිණි අය්යාටද ඊට අල්ලපු හොදිමාළු හෝටලය රත්නසිරි ශීලා යුවලටද අයිතිව තිබුනේය.(එහිම පිටුපස්සේ ...
හොරකම් කොට තැනූ ශිෂ්ටාචාරය71 මට හිතෙන හැටි.. මා සොරකම් කර ඇති සමහර දේ බලන විට මට ලොකු දුකක් දැනෙන්නේය. ඒ දුක ඒ සමහර සොරකම් කිසිවෙකු ''අල්ලාගත්තේ '' නැති එකය. මා අල්ලාගත්තේ නෑ කීවේ මගේ සොරකම් දැක මා අල්ලා ගස්බැද ගුටිදී මා හොරෙකු කිරීම ගැන නොවේ. මගේ සොරකම් වලින් මගේ මග සොයාදෙන්නට කිසිවෙකු සමත් නොවූ නිසාවෙනි. එක අතකට එහෙම හිතීම අභව්‍ය කාරනයක් වන්නටත් පුලුවන. කෙසේ වුව මගේ සොරකම් ...