ඔබට අවශ්‍ය එකාධිපතියෙක් ද... අඳුරෙන් ආලෝකයට.... මගේ වයස 18 පහුවෙන විටම වාගේ අපේ අම්මට ඕන උනේ පවුලට ගැලපෙන සියලු දුසිරිතෙන් තොර කඩවසම් පෙනුමැති උගත් උසස් රැකියාවැති කෙනෙකු සොයා සියලු නැදෑ හිත මිතුරන් ගෙන්වා මාව රූමත් දුටු දුටුවන් වශීකරවන මනාලියක් කර සතුටු කඳුලු හෙළමින් ගෙදරින් පිටත් කර ඇගේ හිතේ ඇති බර නිදහස් කර ගැනීම උනත් තාත්තා පුංචි කාලයේ පටන්ම මගේ කැමැත්තට වැඩි ඉඩක් වෙන කල නිසා එය ...
කෙනෙක් එක්ක මුහුණට මුහුණ බලාගෙන ඇත්ත කතා කරන්න අපහසු ඇයි.. අඳුරෙන් ආලෝකයට.... මගේ සිරිතක් තියනවා මගේ පුතාට Thank you සහ Sorry කියන..එහෙම කියන්නේ මම ඉල්ලපු දෙයක් පුතා කල විට වගේම මම කියන දේකට ඇහුම්කන් දුන්නාම.. ඒ වගේම මගේ අතින් යම් වැරදීමක් අතපසුවීමක් උනාම.. පුතා කියන දේ ඇහුවම ජීවිතය වඩා පහසු වෙන බව මගේ අතින් හැමදාම කියවෙන දෙයක්.. වැඩිය කතා කරන කෙනෙක් නෙමේ නිසා එකම දේ දහ පාරක් කියන්න මම ආසා නැහැ.. (ලියන ...
මම කවදවත් ආස සීතලට, ඔබ... අඳුරෙන් ආලෝකයට.... අර Frozen ෆිල්ම් එකේ Let it go කියන ගීතයේ එක තැනක කියවෙනවා සීතල මට කවදාවත් කරදරයක් උනේ නැහැ කියලා වැකියක්.. ඒ වගේම මට දැනෙන හැඟිම් කවදාවත් මට කරදරයක් උනේ නැහැ.. (අනිත් අයට නම් කරදරයක් උනු අවස්ථා ඕන තරම් ඇති, විශේෂයෙන් මට "ආදරය" කරන අයට) මම කැමතිත් හැඟිම් දැනෙනවට.. එතකොට විතරයි මට දැනෙන්නේ මම ජීවත් වෙන බව..හැබැයි මිනිස් මොළය ගැන ටිකක් ...
පහළට වැටෙන්න පෙර... අඳුරෙන් ආලෝකයට.... පහුගිය කාලේ එක් පෙර පාසැලකදි මට කරන්න තිබුනු පැවරුමකදි තිබුනා ඒ දරුවගේ දෙමාපියන් එක්ක කතා කරන්න..(දරුවන් තෝර ගෙන කරන ඕනම පැවරුමකදි මුලින්ම දෙමාපියන් එක්ක කතා කරන්නම ඕන..එයාලගේ අවසරය ගන්නම ඕන..) උදේට මේ දරුවව එක්කන් එන්නේ අම්මා උනාට ආපහු එක්කන් යන්න එන්නේ තාත්තා..මම යන්නේ මගේ පුතාව ඉස්කෝලේ දාලා නිසා මට මුල ඉඳලම කතා කරන්න උනේ අම්මා එක්ක නෙමේ තාත්තා එක්ක..මේ තාත්තට ...
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 2... අඳුරෙන් ආලෝකයට.... පුංචි අය එක්ක වැඩ කරන්න ඉගෙන ගනිද්දි භාවිතයට ගැනෙන න්‍යායන් ගැන ලියාගෙන යන දෙවෙනි ලිපිය අද..පළවෙනි ලිපියේ කතා කලේ පියවර 8කින් කෙනෙකුගේ ජීවිතය ගොඩ නඟා ගන්න හැටිනේ.. අද කියන න්‍යායේ කියවෙන්නේ පියවර 4කින් කෙනෙකුගේ උපතේ සිට වැඩිහිටි වයස දක්වා බුද්ධිය වැඩෙන විදිහ ගැන..මේ ගැන පර්යේෂණ කරලා හොයාගෙන තියෙන්නේ Jean Piaget..මේ පුද්ගලයා පැහැදිලි කරනවා දරුවෙක් හිතන පතන විදිහ එහෙමත් නැත්නම් බුද්ධිය ...
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර 1.... අඳුරෙන් ආලෝකයට.... පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..මේ උගන්වන න්‍යායන් එකිනෙකින් ස්වායත්ත උනාට එකට එක් උනාම දරුවෙක්ගේ ශාරිරීක සහ මානසික ...
පුංචි දරුවන් එක්ක වැඩ කරන්න පෙර.... අඳුරෙන් ආලෝකයට.... පුංචි දරුවන් එක්ක වැඩ කරන්න හිතන අයට ඉගෙන ගන්න තියන දේවල් අතර දරුවන්ගේ වැඩීම ගැන එක් එක් පුද්ගලයන් විසින් සොයාගෙන අනුමත කරගෙන ඇති න්‍යාය වර්ග ගැනත් ඒ න්‍යායන් කොහොමද මේ දරුවන් එක්ක වැඩ කරද්දි ඒ අයගේ හැකියාවන් වැඩි දියුණු කරන්න යොදා ගන්නේ කියන එකත් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕන..මේ උගන්වන න්‍යායන් එකිනෙකින් ස්වායත්ත උනාට එකට එක් උනාම දරුවෙක්ගේ ශාරිරීක සහ මානසික ...
ජීවිතයේ ඔබ යන මාවත් ඔබම තීරණය කරන්න.... අඳුරෙන් ආලෝකයට.... ඔබට ආදරය කරන මිනිසුන්ගෙන් එක් කොටසක් ඔබට ඔබ වෙන්න මාවත් විවර කරන අතර තවත් පිරිසක් ඔබට ඔබ නොවෙන්න මාවත් විවර කරනු ඇත..මේ මාවත් දෙකින් කුමන මාවතේ ඔබ ගමන් කලද ආදරය අන්ධ බැවින් ඔබ යන්නේ අවදානම් ගමනකි..එබැවින් ඔබ යන මාවත් තීරණය කිරීම අන් අයට නොපවරා ඔබේ හදවතට සහ මොළයට ඒ වගකීම පවරන්න තරම් ඔබ නිර්භීත නම් අන්තිමේ ඔබට ඔබව අහිමි නොවනු ...
මං ආස මං වෙන්න... අඳුරෙන් ආලෝකයට.... අදින් ඇරඹෙන මගේ ජීවිතයේ 38 වෙනි වසර දක්වාම මම උත්සහ කලේ මම කියන කෙනාව මට නැති කරගන්නේ නැතුව අන් අය එක්ක සාමකාමීව ජීවත් වෙන්න ක්‍රම හදා ගන්න. මට මං වෙන්න තිබුන ඕනකම එහෙමත් නැත්නම් මගේ හදවතට එකඟ වෙන්න බැරි තැන් වලදි නැවතෙන්න වගේම එකඟ තැන් වලදි ඉදිරියට යන්න තිබුනු ඕනකම නිසාම පහුගිය වසර 37 පුරාම මෙන්න මේ වගේ වචන අදහස් ...
හදමු ද වෙජිමයිට් සැන්ඩ්විච්... අඳුරෙන් ආලෝකයට.... පහුගිය බදාදා දවසක සුපුරුදු විදිහට 1 වසරේ දරුවන් එක්ක දවස ගත කරද්දි මට ලැබුනා හරි අපූරු අත්දැකිමක්..මගේ පුතා ගෙදරදි කරන සමහර දේවල් වල මුල් අඳුරගන්නත් මට මේ අත්දැකීම් උදව් වෙනවා...එදා දවසේ දවල් කෑමෙන් පස්සේ තිබුනේ 1 වසරේ පන්ති දෙකක් එකට එකතු වෙලා වෙජිමයිට් සැන්ඩ්විච් එකක් හදන හැටි ප්රායෝගිකවම කරලා බලලා ලියන්න...කරන්න කලින් මේ ගුරුවරියෝ දෙන්නා කතා වෙලා දළ සටහනක් හදා ...
මිණි ඟං දෑලේ මිහිරිය සහ තාත්තා.... අඳුරෙන් ආලෝකයට.... "මිණි ඟං දෑලේ " මිහිරිය 12 වෙනි විනාඩිය පසු වී හරියටම 31 වෙනි තප්පරයේදි වින්ඳෙමි..."තාත්තා" ගේ ජීවිතය අකුරු වල පාටෙන් පේනවද....අර හින් හඬට දිය පෑරෙන පහළ වක්කඩෙ දුර ගලා බසින රීදි සිනා රැළි තාම තියෙකඳු වළලු මැදින් එන හුලඟට කන තියන් පුතෙ. කෝ දැනෙනවාද මහ පොළොවේ පපුවෙ තෙතමනෙ.... වැට කඩුලු මඩුලු උඩ කැරකෙන සක්කලයො ඉන්නෙ මගෙ පුතෙ පිහාටුවමයි අත්තටුවක් වෙන්නේ ...
නාමේ නොදිරනා කිව්වට ඒක ඇත්තම ඇත්ත ද.. අඳුරෙන් ආලෝකයට.... මේකප් සහ අනෙකුත් සියලු රූප අලංකරණ ක්‍රම සහ විදි යනු මගේ ජීවිතයෙන් බොහෝ ඈත ඇති දේවල් වන්නේ අද ඊයේ සිට නොවේ..ඒ වගේම ආභරණ (ඕනම දෙයකින් නිපදවා ඇති) වලටද මගේ කිසිම කැමැත්තක් නැත්තේද අද ඊයේ සිට නොවේ..මේ සියලු දේ මට දැනෙන්නේ ජීවිතයට අනවශ්‍ය බරක් කියායි..තමන් තමන් තුල සැඟවීමක් කියායි.. එහෙයින් කිසිඳු දිනක මේ දේවල් ලඟ තබා ගැනීමට උනන්දු වුයේ නැති අතරම ...
කෑම කෑම කෑම කෑම... අඳුරෙන් ආලෝකයට.... ඔබ කවදහරි හිතලා තියනවා ඔබේ දරුවන්ට ඒ අයට පහසුවෙන් ගෙදරම තනිව හදා ගත හැකි සමබර ආහාර වේලකට හුරු කරන්න ටිකෙන් ටික ලොකු වෙද්දි....ඒ කිව්වේ අපිට පුරුදු සංකීර්ණ යැපුම් ආහාර රටාවෙන් මිදී සරල ස්වාධීන සමබර ආහාර රටාවකට හුරු කරන්න..මම නම් ඒ ගැන හිතනවා.. මොකද පොඩි කාලේ ඉඳලම මම කෑම බීම එක්ක ඒ තරම්ම යාලුකමක් ඇති කෙනෙක් නෙමේ.. ඒ නිසා අවට පරිසරයෙන් ...
ලිවීම ඔබ මම සහ නෙල්ලි... අඳුරෙන් ආලෝකයට.... ජීවිතය පුරාම එක් එක් දේවල් අත්හදා බලමින් ජීවිතය කාලය පුරාම නොනවත්වා කිරීමෙන් වෙහෙසට පත් නොවී තෘප්තිමත්ව කල හැකි දෙයක් ගැන සෙව්වෙමි..කාලයාගේ ඇවෑමෙන් මා සෙවූ ඒ එක් දෙය හමු වී ඇති බව සිතේ..කුඩා කල අඩු වයසින් කියවීමට තනිව හුරු වීමෙන් පසු අතට අහුවෙන ඕනම දෙයක් කියවීම පුරුදු වී සිටි මා කියවීම නිසාම විඳි හැඟුම් නිමක් නැත..විටෙක මේ හැඟුම් නිසා මා අවට ...
දෙවියනේ හොඳ වෙලාවට මට ඒ දවස් වල කෙලින් ඉන්න බැරි තරම් වැඩ තිබුනේ.. අඳුරෙන් ආලෝකයට.... මිනිස්සු මුලින්ම කෙනෙක්ව ඈත ඉඳන් ඒ කෙනා කරන කියන දේවල් බලාගෙන නිහඬව සිටී.. ඉන් පසුව පොඩ්ඩක් ලඟට ඇවිත් මොනවද කරන්නේ කොහොමද කතා කරන්නේ කියා හිතමින් බලාගෙන සිටී.. මේ හිතන වෙලාවේ ඉබේම තමන්ගේ මොන අවශ්‍යතාවයද මේ කෙනාගෙන් කර ගන්න පුලුවන් කියා ද දහ අතේ සිතයි.. (නොසිතන අයත් ඇත හොඳේ..)ඉන් පස්සේ හෙමින් හෙමින් ලං වෙන්න උපක්‍රම සොයමින් කතා කරන්න පටන් ගනී.. මේ ...
ඒක තමා පුතේ මේ ලෝකේ හැටි.. අඳුරෙන් ආලෝකයට.... සමාජයක ජීවත් වන එක් අයකුගේ ගැටලුවක් සහ ඒ ගැටලුව නිසා ඇති වන ප්‍රතිඵල (ධන හෝ සෘණ) ඒ කෙනාගේ පමණක් ද..සති දෙකකට විතර කලින් පියෙකුගේ සුව නොවූ මානසික පීඩනයට වන්දි ගෙවු පුංචි පුතාගේ අවසන් කටයුතු තිබුනේ ගිය සතියේ.. මේ පුංචි දරුවා ගිහින් තිබුනේ අපේ පුතා යන පාසැලටම නිසා කැමති අයට එයට සහභාගි වෙන්න වගේම එතනින් එහාට ඒ පවුලට ඕන කරන උදව් ...
කඳුලින් ඇරඹි සිනාවෙන් අවසන් වූ HOMEWORK .... අඳුරෙන් ආලෝකයට.... ගිය අවුරුද්දේ මුලින්ම අපේ "දිලෙන හිරු" ඉස්කෝලේ යන්න ගත්තට පස්සේ හැම සතියෙම සඳුදට හම්බුනා homework පොතක්. එකේ තිබුනේ හරි සරල දේවල් 4 කරන්න.. සිකුරාදට ආපහු පොත දෙන්න ඕන. මුලදි HOMEWORK කරන්න කිව්වට කිසිම කැමැත්තක් තිබ්බෙ නැහැ..ඒ වෙනුවට ඇහුවේ ප්‍රශ්න වැලක්.. ඒ ප්‍රශ්න වැලට උත්තර දුන්නට පස්සේත් "I don't want to do homework" කියන උත්තරේ තමයි ලැබෙන්නේ පුතාගෙන්... අපිට මුල දවසෙම ...
ජීවත් වෙන්න සටන් කරද්දි හීන දකින්න වෙලාව තියනවද.. අඳුරෙන් ආලෝකයට.... කොයි තරම් බැලුවත් Golden Buzzer එන හැම සැරේකම මගේ ඇස් වල කඳුලු පිරෙනවා කියලා මම දන්නේ සමහර වෙලාවට ඒ කඳුලු වල සීතල මට දැනෙන නිසා විතරයි.. මුලදි පේන්න බැරි උනත් මම ආසම කරන විනිශ්යකරුවා, Simon Cowell. කවදා කොහොම ඒ කැමැත්ත ඇති උනාද කියලා මටම මතක නැහැ..ඔහුට පුලුවන් කෙනෙක්ගේ හදවතට කතා කරන්න..ඔහුට පුලුවන් කෙනෙක්ව සඳහටම වෙනස් කරන්න..එවැනි මිනිසුන් මේ ලෝකේ හරිම ...
උත්තල කාච සහ ගිනි තැබීම.... අඳුරෙන් ආලෝකයට.... මිනිස්සුන් තමන්ගේ නියම සිතුවිලි සඟවා ගන්නේ, නිරාවරණය වු ඒ සිතුවිලි පරාවර්තනය කර තමන් දවා අලු කල හැකි උත්තල කාච මිනිසුන් අතරම ඇති නිසාද..එය එසේ නම් ඒ ඇවිලූ ගිනි දළු නිවා ගන්න සිහිල් දිය දහරක පහස තමන් තුලම ඇති නම් මිනිසුන් තම සිතුවිලි නොසඟවා කියාවිද... තමන් තුල එවැනි හැකියාවක් නැති නම් මිනිසුන් තම සිතුවිලි සඳහටම සඟවා ගනීවි ද.. සඟවාගෙන අන් අයගේ ...
ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න... අඳුරෙන් ආලෝකයට.... අතීතයට අතීතය වෙන්න ඉඩ දෙන්න.වර්තමානයට වර්තමානය වෙන්න ඉඩ දෙන්න.අනාගතයට අනාගතය වෙන්න ඉඩ දෙන්න.ඔබට ඔබ වෙන්න ඉඩ දෙන්න,ඒ කොහොමද.....එය සොයාගන්න හැකි ඔබට පමණයි.... ...