පාඩුවේ ජීවත් වීමට ඇති එකම මඟ වන ගත වීම ද.... අඳුරෙන් ආලෝකයට.... ඔබ ඔබව නොරිදවාගෙන, අන් අයට ඔබව රිදවීමට ඇති අවස්ථා සියල්ල වසා දමමින්, අන් අයට ඔබව පාලනය කිරීමට ඇති අවස්ථා ද වසා දමමින් ඔබේ සීමාවන් ඇතුලේ සංවේදීව සතුටින් සැහැල්ලුවෙන් සාධාරණව ජීවත් වීමට ආරම්භ කරන පළමු දින පටන්ම අවස්ථාවාදි දුර්වල මිනිස්සුන් ඔබට ගැසීමට ගල් එකතු කරනු ඇත.. ගලක් සොයා ගැනීමට නොහැකි නම් පුලුන් කැබැල්ලකින් හෝ දමා ගසනු ඇත ඉන් ඔබට රිදෙතැයි සිතා...මීට ...
හිරු මඩලක් සේ කිරණ බෙදා දී...නුග සෙවනක් සේ සිසිල සදා දී... අඳුරෙන් ආලෝකයට.... දරුවෙකුට පිය සෙනෙහස කියන්නේ මහ මෙරක් වගේ..කුමන හෝ හේතුවක් මත ඒ අමිල සෙනෙහස තමන්ගේ ලෙයින් බිහි වූ දරුවෙකුට පුදන්න නොහැකි පිරිමියෙකුට පියා කියන නාමය භාවිතා කිරීමත් මට හිතෙන්නේ තමන්ගේ ඇට මිඳුළු හරහා දිව යන දරු සෙනෙහසින් දිවා රෑ තම දූ දරුවන් රකින පියවරුන්ට කරන අපහාසයක් කියායි.. ඉපදුනු ගමන් දරු පැටව් දාලා යන මව්වරුන් උනු ගැහැනිය ගැන පන්න පන්න කතා ...
මොකද්ද බය කියන්නේ... අඳුරෙන් ආලෝකයට.... අපි හැමෝම මව්කුසින් මේ ලෝකේට ආව පළමු මොහොතේ ඉඳලම මුහුණ දෙන්නේ අනපේක්ෂිත සිදුවීම වලට.. අපි වගේම අපේ අවට ඉන්න අයත්..මේ සදා නොවෙනස් අනපේක්ෂිත සිදුවීම් වලට මුහුණ දීලම තමයි අපි ඒ සිදුවීම් ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් කර ගන්නේ.. ඒ කියන්නේ මේ සිදුවීම් වලට මුහුණ නොදෙන කෙනෙක් කවදාවත් ඒ සිදුවීම් සාමාන්‍යකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථකව කරගන්නේ නැහැ..එහි බලපෑම මොන වගේ ද ...
ජීවිතය ඉතාම පහසු වීමට නම්... අඳුරෙන් ආලෝකයට.... ආදරය,කරුණාව වගේම අනෙකාට ගෞරව කිරීමට,තේරුම් ගැනීමට නොදන්නා මිනිසුන් (විශේෂයෙන් වැඩිහිටියන් කියා ගන්නා ආත්මාර්ථකාමී මානසික රෝගී ළඳරුවන්) ඔබේ ජිවිතයෙන් ඈත් කර දමන්න කිසිවිටක වෙන්න එපා පසුබට....ඔවුන් නොයෙකුත් ආකාරයෙන් ඔබේ ජීවිතයට ඇතුල් වෙන්න උත්සහ කරාවි.. නමුත් ඔබ හොඳ සිහියෙන් සිටී නම් කිසිවෙකුටත් එසේ ඇතුලු විය නොහැකි වනු ඇත..කිසිඳු වාසියකට එවැනි අයව ලං කරගන්න එපා ජීවිතයට..කිසිඳු වරදක් නොකරන ඔබව කිසිඳු අයුරකින් අපහසුතාවයට පත් ...
අපි එකම රෑනේ කුරුල්ලෝ... අඳුරෙන් ආලෝකයට.... ඕනම කෙනෙකුගේ ජීවිතයට අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ගෙන් පසුව ලොකුම බලපෑමක් කරන්නේ යාලුවන්නේ.. එහෙම නේද.. ඉතින් මගෙත් එහෙම තමයි.. පුංචිම කාලේ නම් තෝරා බේරා ගැනීමක් තිබුනා කියලා කියන්න නොහැකි උනත් තේරෙන කාලෙක ඉඳලා (O/L කාලෙන් පස්සේ) ලඟින් ඇසුරු කරන්න යාලුවන් තේරීම ඉබේ උන දෙයක් නම් නෙමේ.. ඒ තේරිම් වලදි මම කලින් ලබපු අත්දැකීම්,වෙනත් අය ලබපු අත්දැකීම්,අවට පරිසරයේ දැකපු දේවල් වගේම කියවීමෙන් ...
ආදරය නොසඟවා සඳ එළිය සේ විඳින්න නම්... අඳුරෙන් ආලෝකයට.... තමන්ට ලඟින්ම ඉන්න අය සමඟ හදවත් නොසඟවා විවර කරන්න පසුබට වන ඔබ ඔබේ තරහකරුවන් (හෝ එතරම් සමීප නොවන අය) සමඟ මොන තරම් පහසුවෙන් හදවත් විවර කරනවාද යන්න ගැන සිතා තිබේද... මිනිස්සු මේ ක්‍රමය භාවිතා කරනවා (විශේෂයෙන් පිරිමි අය) තමන් කෙනෙක්ට මොන තරම් ආදරේද කියා අනියම් විදිහකින් කියන්න..ඒත් ඒ ආදරය කරන කෙනා ලඟදි මිනිස්සු ගොලුවන් සේ නිහඬයි.. ඉතින් කෙසේ නම් ආදරයක් ...
හැඟිම් වලින් ගැටලු විසඳන්න පුලුවන්ද.... අඳුරෙන් ආලෝකයට.... ලිංගිකත්වය මුල් කරගෙන නොයෙකුත් විදිහේ අපහසුතා වලට මිනිස් සත්තු විදිහට අපි හැමෝම ජීවිතයේ එක් එක කාල වලදි මුහුණ දීම අද හෙට නවතින දෙයක් නෙමේ..ඒ වගේම ඒ අපහසුතා ගැහැනු පිරිමි බේදයක් නොමැතිව කතා බහ කිරීම තුලින් අවම කර ගැනීමට මාවත් සෙවීමත් හරිම අඩුයි බොහෝ මිනිස් සමාජ වල.. ඒ නම් ලිංගිකත්වය යනු එළිපිට කතා නොකල යුතු දෙයක් විදිහට සලකන නිසා වෙන්න ඕන ...
කට්ට නොකා තියන දෙයක් බෙදා හදාගෙන කමු ද... අඳුරෙන් ආලෝකයට.... කට්ට කාල ලබා ගන්නා දේ අගය වැඩියි කියා කියන්නේ තමන්ටම දැනෙන කම්පනය නිසා ද කට්ට කන කාලේ..මොකක් උනත් මම නම් නිවන් දකින්න සාරසංඛ්‍ය කල්ප ලක්ෂයක්ම බලන් ඉන්න වෙන නිසා තේරෙන කාලෙක ඉඳලා හොයනවා මේ ලැබුනු ජීවිතේ නිවිසැනසිල්ලේ ගෙවන්න ක්‍රම... ඒ කිව්වේ කටු නොකන ක්‍රම.. කිසිම කෙනෙක් නිසා කිසිම කට්ටක් කන්න මම ලෑස්ති නැති උනාට ඕනම කෙනෙක් එක්ක බෙදා හදාගෙන තියන ...
ඒ අපේ කම නුඹේ ගෙදරම තියා ගන්න අම්මේ, මේ මගේ ගෙදර... අඳුරෙන් ආලෝකයට.... දිඟු කාලින අදහස් නොගැලපීම සහ තවත් හේතු මත ඇති වු ගැටලුවකදි දරුවන් ඉත්තන් කරගත් පියෙකු පැහැරගෙන ගිය දරුවන් ඉතා වෙහෙස වී නැවත ලබා ගත් මගේ යෙහෙළියකගේ දෙමාපියන් ද ඇතුලුව ඒ දරුවන් දෙදෙනාද දිනක් මගේ නිවසට පැමිණි අතර ඔවුන් ආපහු යන්නට සුදානම් වූ මොහොතේ මගේ යෙහෙළියගේ මවගේ පෙළඹවීමෙන් ඒ දරු දෙදෙනා මට දණ ගසා වඳින්න ආ අතර,වහා බිමට නැමුනු මම ඒ ...
අනන්තයට යන පාර දිගේ.... අඳුරෙන් ආලෝකයට.... දරුවෙක්ව පුංචි කාලේ ඉඳලා දිගින් දිගට හැමදේම 100%ක් හරි ගියොත් විතරක් අගය කලොත් මොකද වෙන්නේ ඒ දරුවා වැඩිහිටියෙක් වෙද්දි.. වගේ සාර්ථක/අසාර්ථක බව පදනම් කරගෙන දෙමාපියන්ගෙන්/වැඩිහිටියෙන් ප්‍රතිචාර ලබන දරුවෙක්ගෙ මොළය අන්තිමේ ඒ මතම වහලෙක් වෙන වව ඔබට වටහා ගන්න හැකිද....ඒ කිව්වේ කෙනෙක් තමන්ව අගය කරන්නේ ආදරය කරන්නේ තමන් සාර්ථක උනොත් පමණයි කියන තැනට දරුවගේ මොළය ගේන්නේ කවුද...කොන්දේසි විරහිත ආදරය කියන සංකල්පය ...
බස ගැන මගේ කෙටි කතාව... අඳුරෙන් ආලෝකයට.... මම ඉපදුනේ කොහෙද හැදුනේ වැඩුනේ කොහෙද, මොන වගේ අය එක්ක ද ජීවත් වුනේ, ඉගෙන ගත්තේ කොහෙද කොහොමද, මොන බාසාවෙන් ද කතා කරන්න පටන් ගත්තේ කියන එක වගේ දේවල් හංගන්න කිසිම දවසක ඕන කමක් මට තිබුනේ නැහැ..අහම්බයකින් වගේ ඉපදුනු මව් රටෙන් පිට වෙන්න උනත් මුලින්ම ලෝකේ පිළිගත් බසක් උනු ඉංග්‍රිසී වචනයක්වත් හරියට බැරි තායි බස පර තෙරටම දන්න හැකියා වලින් පිරුනු ...
ඔබ නවතින්නේ කොහෙද කොහොමද... අඳුරෙන් ආලෝකයට.... මිනිස්සු කිසිම දෙයක් හොයලා බලන්නේ නැතුව එක පාරටම කෙනෙක් කියන/හැසිරෙන දිහා බලලා ඇයි නිගමන වලට එන්නේ..මේ බොහෝ අය පාසැල් කාලේ (ඊට පස්සෙත්) නිරීක්ෂණ විශ්ලේෂණය කර නිගමන වලට පැමිණ විභාග වලට සාර්ථකව පිළිතුරු ලිව්ව අය.. (එහෙම නැති අයත් අනිත් අයගේ ඕප දූප ඉතා හොඳින් ගැඹුරින් විමසලා හොයන අය..) නමුත් ජීවිතයට ඒ හැකියාවෙන් අංශු මාත්‍රයක දෙයක් එකතු කරගෙන නැහැ කියා මට සිතේ.. ...
කටහඬ දන් දෙන්න කැමතිද ඔබත්... අඳුරෙන් ආලෝකයට.... පුංචි කාලේ ඉඳලම ඉතාම හොඳින් පැහැදිලිව මගේ හැඟිම් දැනීම් කතා කරන්න පුලුවන්කම තිබූ, ඒ මම කතා කරන දේවල් හොඳින් වැටහෙන දෙමාපියන්/වැඩිටිහියන් ජීවන් වන සමාජයක මම විඳපු අපහසුකම් දිහා ආපස්සට හැරිලා බලද්දි මට හිතා ගන්න බැහැ ඒ සමාජයටම මගේ හෝ කාගේ හෝ දරුවෙක් යවන්නේ කෙලෙස ද කියා..විශේෂයෙන් හරියට තමන්ට හැඟෙන දේ පැහැදිලිව කියා ගන්න නොහැකි, තමන් වෙනුවෙන් තමන්ට ඉදිරිපත් වීමට අපහසුතා ...
සිරවීමක් නැතිව ජීවිතය විඳින්න නම්.. අඳුරෙන් ආලෝකයට.... සංවේදී ස්වාධීන අත්හරිමින් යන මනසක් ඔබට උපතින් හිමි වෙද්දි ඔබේ ජීවිතය ඔබත් එක්ක බෙදා ගන්න අය තෝර ගන්න ඕන හරිම කල්පනාවෙන්..හරි පරිස්සමින්...ඒ වගේම ඔබ ගන්න ස්වාධීන තීරණ සමඟ ඒ අයගේ අදහස් නොගැලපීම තිබුනත් කිසිම විදිහක සිරවීමක් නැතිව ඔබට ඔබේ ජීවිතය ගත කරන්න ඉඩ දෙන අය වීමත් හරිම වැදගත්..ඒ කිව්වේ හරි වැරදි, අඩු පාඩු ආදරණීයව පෙන්වා දෙමින් ලඟම සිටිමින් මඟ පෙන්වන ...
මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.... අඳුරෙන් ආලෝකයට.... මේ ලෝකේ මම ඉන්න කැමතිම ආසම තැන මගේ ගෙදර.. ගෙදර කිව්වම මේ මම අද ඉන්න ගෙදර විතරක් නෙමේ.. ඉපදුනු දවසෙ ඉඳලා ජිවිතේ ගත උනු හැම ගෙදරක්ම මම කැමතිම තැන.. (අවට පරිසර වල ඉන්න අය අමතක කරමු අපි ටිකකට ) අද වෙද්දි වෙනස් වෙනස් පරිසර වල ගෙවල් 7ක ජිවිතයේ එක් එක් කාලවල් ගත කර ඇති අතර මේ කැමත්ත මගේ හිතේ තියන ...
ඇත්ත ඇස් සහ ඇත්ත බොරු... අඳුරෙන් ආලෝකයට.... රැකියාවක් කරන තැනක තියන තරඟය සහ එකිනෙකා කපාගෙන යට කරගෙන ඉදිරියට යන්න හැදිලා පරිසරයට ඔබ කොහොමද මුහුණ දෙන්නේ.... ඔබත් ඒ දේ ඉවක් බවක් නැතුව කොපි කරනව ද.. නැත්නම් පාඩු උනත් කමක් නැහැ කියලා ඒ තරඟයෙන් ඉවත් වෙලා ඉන්නවද.. මම මගේ පළමු රැකියාවට යන්න හිතන්නේ වයස 22දි 23දි.. ඒ Software Analyst Programmer කෙනෙක් විදිහට. උපාධිය කරන ගමන්ම අයදුම් කරපු ඒ රැකියාවේ ...
දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද... අඳුරෙන් ආලෝකයට.... මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්රස්ථා පිරුලක් තමයි ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.මන් ඉතින් කල්පනා කලා අපේ ගෙදර ගැන.. අපේ ගෙදර ඉන්නේ මමයි මල්ලියිනෙ.. කතුර වගේ කතා කරන්නේ තර්ක කරන්නේ මම.. තාත්තා රෑ වෙලා ගෙදර එද්දි බය නැතුව කලුවරේම ...
දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද... අඳුරෙන් ආලෝකයට.... මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්රස්ථා පිරුලක් තමයි ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.මන් ඉතින් කල්පනා කලා අපේ ගෙදර ගැන.. අපේ ගෙදර ඉන්නේ මමයි මල්ලියිනෙ.. කතුර වගේ කතා කරන්නේ තර්ක කරන්නේ මම..තාත්තා රෑ වෙලා ගෙදර එද්දි බය නැතුව කලුවරේම දොර ...
දකින්න හිතන්න අලුතින් වෙනස්කම් කරන්න ඉඩ දෙන්න ඔබට හැකිද... අඳුරෙන් ආලෝකයට.... මම 5 වසරේ ශිශත්ව විභාගය ලිව්වේ එකදාස් නමසිය අනූපහේ මතක විදිහට. එදා පිළිතුරු ලියන්න තිබුන එක ප්‍රශ්නයක් තමයි ප්රස්ථා පිරුළු වල හිස් තැන් පිරවීම..එක ප්රස්ථා පිරුලක් තමයි ....... ඇති දුවෙක් සහ ........ ඇති පුතෙක්.මන් ඉතින් කල්පනා කලා අපේ ගෙදර ගැන.. අපේ ගෙදර ඉන්නේ මමයි මල්ලියිනෙ.. කතුර වගේ කතා කරන්නේ තර්ක කරන්නේ මම.. තාත්තා රෑ වෙලා ගෙදර එද්දි බය නැතුව කලුවරේම ...
පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද... අඳුරෙන් ආලෝකයට.... පිරිමිකම කියන්නේ හිත් රිදීම් නොපෙන්වා කතා බහ නොකර යටපත් කරගෙන නිහඬව සිනා සීමද.. කෝපය, රැවිලි ගෙරවිලි, අපහාස කිරීම්, ගුටි බැට, පළි ගැනීම්,මඟ හැරීම්,මත්පැන් දුම්වැටි,අසභ්‍ය වචන සහ සත්තුන්ගේ නම් ගම් භාවිතා කිරීම් වැනි අනියම් අයුරින් ඒ හිත් රිදීම් පිට කිරීම ද...එතකොට පිරිමි අයට හැඟිම් දැනීම් දැනෙන්නේ නැද්ද.. දැනෙන හැඟිම් කතා කරන්න තහනම් කරලා තියෙන්නේ කවුද.. හැඟිම් යටපත් කරගෙන පීඩනයට පත් වී ...