වගකීම්,යුතුකම් සහ අයිතිවාසිකම් අඳුරෙන් ආලෝකයට.... ඔස්ට්‍රේලියාවේ NSW ප්‍රාන්තයේ , මාර්තු මාසයෙන් ඇරඹෙන සරත් සමය අවසන් වෙන්නේ මැයි මාසයෙන් ඒ සීත සමයේ ආරම්භයෙන්..දෙසැම්බර් මාසයෙන් ඇරඹෙන ගිම්හානය අවසන් වී යන නිසා මාර්තු මාසය වන විට දිනක් ඇතුලත එහෙම නැත්නම් සතියක් ඇතුලත කාලගුණය වෙනස් වෙන්නේ හිතා ගන්න අපහසු ලෙසින්.. සරත් කාලයේ උදෑසන ඉතා සීතලෙන් ආරම්භ වන දවසක්, දහවල් වන විට ඉතා උණුසුම් වීමද හවස් වන විට නැවත ඉතා ...
Hello 2019!!! අඳුරෙන් ආලෝකයට.... ජීවිතය දශක වලින් ගණනය කල හොත් පහුගිය දශකය යනු ජීවිතයේ පසු කර පැමිනි අන් සියලු දශක වල නොවිඳි සහ පසු කිරීමට නියමිත (යැයි මා සිතන) දශක වල නොවිඳින අත්දැකිම් විඳි, විටෙක සිනහවත් විටෙක කඳුලත් මුසු වූ දශකයකි..ජීවිතයේ මා පසු කර පැමිණි සෑම දශකයකදීම කිසියම් සුවිශේෂ වෙනසක් සිදු වී ඇති රටාවක් අතීතය දෙස බලද්දි පෙනෙන බැවින් ඉදිරි දශකයේ කුමන ආකාරයේ වෙනසක් ...
බහුතරය... අඳුරෙන් ආලෝකයට.... මිනිසුන් එකිනෙකා හා කා කොටා ගන්නා තුරු,දේශ පාලුවන් ඒ මිනිසුන්ගේම වෙහෙසෙන් ඉපැයූ මුදලින්, ඒ මිනිසුන්ටම පහසුකම් සැලසිය යුතු මුදලින් ඒ මිනිසුන්ගේම කැමැත්තෙන් කිසිඳු බාධාවකින් තොරවනොලැබිය යුතු පහසුකම් විඳිද්දි,එදෙස පිටත සිට බලා සිටින්නන්මේ මොන මෝඩයින් එහෙම නැත්නම්මොන තරම් නිවට කම්මැලි අසමඟි යැපෙනමිනිසුන් පිරිසක් දැයි සිහියෙන් දැකඅවස්ථාවාදීව කල දුටු කල වල ඉහ ගැනීමේ විපාකකවදා දකීවිද මන්දා බහුතරය.. මිනිසුන්ගේ නායකයා ලෙස මිනිසුන් සොයා ...
ගිය හකුරට නාඬන්නේ..තියන හකුර රැක ගන්නේ... අඳුරෙන් ආලෝකයට.... ඉපදී පළමු සති දෙකින් පසු පිළිවෙලකට ටිකෙන් ටික කෑම බීම පහසුවෙන් කවන්න පුලුවන් උනු එහෙත් මාස 8 දී සංක්රමණයෙන් පසු එක් වරම කෑම අරහන් වුනු අවුරුදු 2කෙදි පමණ කෑම කැවීම ඉතා අපහසු වූ පුංචි පුතෙක් තමයි මට හිටියේ.. පුතා කාලයක දි පුරුදු වෙලා හිටියා මම දෙන දෙන දේ විසි කරන්න..කවන කවන දේ එළියට දාන්න.. (ඕනම) පුංචි දරුවෙක් නොකා කිරිත් ...
අඳුර නසන ආලෝකය.. අඳුරෙන් ආලෝකයට.... කාලයක සිට වසරේ අවසානය මාසය ලෙසින් (මිනිසුන් විසින් තම පහසුවට) නම් කරන මේ මාසයේ මේ කාලයට අප නිවස ආසන්නයේම ඇති කිතුනු දේවස්ථානය ගැන මගේ දෙනෙත් යොමු වෙන්නේ වෙන කිසිවක් නිසා නොව එය පිහිටි මුලු පරිසරයම එකාලෝක වෙන මාසයක් බැවිනි..මගේ පුංචි පුතු ද කුමක්දෝ හේතුවක් මත මේ භූමියේදි හැසිරෙන්නේ ඉතාම සන්සුන්ව කීකරුව වගේම හරිම සතුටින්..(එයට හේතුව නම් මං වගේම තම නිදහසට ...
රතු රෝස... අඳුරෙන් ආලෝකයට.... ඕනම මිනිස් සමාජයක කාලයක සිට ගොඩ නැඟිලා තියන සමාජ ආකල්ප, සංකල්ප (ආගම් ද ඇතුලුව) තිබුනේ නැත්නම් මේ වෙනකොට මිනිස් වර්ගයාත් වද වී ගොස් බොහෝ කල් කියා මට සිතේ..(ඒ වගේම මේ කිසිවක් නැතිවද මිනිසාට ගමනක් ඇති බවද මම දකිමි සිහියෙන් යා හැකි නම් ඉදිරිය දකිමින්..) මේ සියල්ල පසෙකින් තබා නිදහස් මනසකින් බැලු විට පෙනෙන දෙයක් නම්, එක් එක් මිනිසාගේ මානසික ...
මෙසේ විය හැකි බව එසේ ලියා තැබුවෙමි... අඳුරෙන් ආලෝකයට.... ගෙවුනු වසර තුන යනු මගේ ජීවිතයට මින් පෙර කිසිඳා ගමන් නොකල මාවත් විවර කල වසර තුනකි..එහි විශේෂත්වය නම් මේ එකඳු මාවතක හෝ අනිවාර්යයෙන් මා යා යුතු යැයි බල කරන කිසිවක් කිසිවෙක් නොමැති වීමයි..කෙටියෙන් කිව්වොත් පුංචි කාලේ සිට සටන් කල අරගල කල කිසිවෙකුගෙන් කිසිවක් නොවිමසා හිතට හිතුනු දේ කරන්න හිතන (හිතුවක්කාර) මගේ හිතට ලැබුනු පූර්ණ නිදහසකි..නමුත් ඒ නිදහස මට අවශ්‍ය නැති ...
පුංචි සුරංගනාවිය සහ ඇස්.. අඳුරෙන් ආලෝකයට.... වසර කීපයකට කලින් work placement ගිය එක්තරා පෙර පාසැලකදි හමු වුන පුංචි සුරංගනාවියක් දවසක් මට හම්බුනා අපේ medical centre එකේදි. එයාව එතන දකින්න බලාපොරොත්තු නොවුන නිසා මට ඇති උනේ ලොකු පුදුමයක්..එයාටත් එහෙමයි..ඉතින් එයාගේ නමත් මතක තිබුන නිසා හිනා වෙලා කතා කලාම මේ පුංචි කෙල්ල මගේ ලඟට ඇවිදගෙන එන්න හැදුවට ඒකට එයාගේ දෙමාපියන්ගෙන් ඉඩක් ලැබුනේ නැහැ...ඒකට හේතුව තමයි මේ පුංචි ...
හීන.. අඳුරෙන් ආලෝකයට.... හීන කියන්නෙ එක්කෝ මෙතෙක් ජිවිතේ අත් විඳලා නැති දේවල් එක්කෝ අත් විඳලා මඟ හරුනු දේවල්..අන්න එහෙම අත් විඳලා මඟ හැරුනු හීනයක් ගැන තමයි අද මම ලියන්නේ..මම දන්නවා මේ හීනේට ආපහු තව සෑහෙන කාලෙකට මට ලං වෙන්නවත් බැරි බව..මීට අවුරුදු 20කට විතර කලින් හිටියා පූසෙක් අපේ ගෙදර..මේ පූසා සාමාන්‍ය පූසන්ට වඩා ටිකක් විතර ලොකුයි..ටිකක් විතර අඳුන් දිවියෙක් වගේ..(අපේ ගෙවල් පැත්තේ හිටියා ...
I am feeling so proud.. අඳුරෙන් ආලෝකයට.... ආදරයෙන් සැහැල්ලුවෙන් තේරුම් ගැනීමෙන් සිහියෙන් විඳිමින් හිමින් ගෙවන්න හැකි ජීවිතය අනුනට පේන්න, අනුන් සතුටු කරන්න වැය කොට (රේස් යමින්) බොහෝ මිනිසුන් I am feeling proud කීම මට නම් විහිලුවක්..තමන්ගේ නොවන හීන ලුහු බඳින දරුවන් වටපිටාවේ සිටින සියලු දෙනාට තම කොන්ඳ නමා ස්තුති කිරීම ඊටත් වඩා විහිලුවක්.. ඔවුන්ට දැන් මතක නැහැ මේ තමන්ගේ හීනයක් නොවන බවවත්..අනුන්ගේ හීන තමන් වෙහෙසි ලබා දීම ගැන ...
ඇත්තද බොරු ද... අඳුරෙන් ආලෝකයට.... අතීතය එහෙමත් නැත්නම් මෙතෙක් ආ දුර විවිධ කෝණ වලින් ප්‍රශ්න කරන්න ඉඩ නොදෙන කිසිවක්/කිසිවෙක් ජීවිතයට ලං කර ගැනීමේ දුර තීරණය කිරීම සම්පූර්ණයෙන්ම ඔබ සතුයි.. ඇත්ත එළියට ගන්න ආත්ම විස්වාසයක් ඇති මිනිස්සු බහුතරයක් වෙන දවසක (ඕනම අතකින්) දියුණුව කියන්නේ නවත්වන්න බැරි දෙයක්..බොරුවට (මායාවට) හුරු උන මිනිස්සුන්ගේ මේ ඇත්ත එළියට ගැනීමේ ආත්ම විස්වාසය ඇති කිරීම එතරම් පහසු දෙයක් නම් නොවේ..හැම අතින්ම ...
හිත ඇත්නම් පත කුඩා ද අඳුරෙන් ආලෝකයට.... බොහෝ වැඩිහිටි මිනිස්සු දන්නේ නැහැ තමන්ගේ සෘණාත්මක හැඟිම් අනිත් අයට නොරිදවා, අනිත් අයගෙන් යැපෙන්නේ නැතුව ස්වාධීනව පිට කල හැකි ක්‍රම තියන බව.. තමන්ගේ හදවතේ නොනවත්වා නැඟෙන හැඟිම් පෙරා වෙන් කර අවට පරිසරය හිතකර හැඟිම් පමණක් පිට කල හැකි පෙරහන් කඩදාසි සොයා ගැනීම හිත ඇත්නම් පත කුඩා ද වගේ හරිම පහසු දෙයක්..(ඒ වගේම තමන්ගේ නිදහස අනිත් කෙනාගේ නාසය අඟින් අවසන් කරන්නත් ...
මොකද්ද ඒ ඇලවීමෙන් බලාපොරොත්තු වෙන්නේ... අඳුරෙන් ආලෝකයට.... ඔබට මුණගැහිලා තියනවද නැත්නම් ඇහිලා තියනවද ගැලවෙන්න යන විවාහ ජීවිත අලවා තබන්න භාවිතා කරන (එක්) ගම් වර්ගයක්..(එකක් කියලා කිව්වේ ගැලවෙන්න යන ඕනම දෙයක් අලවන්න ගොඩක් දේ ඕන නිසයි)..මට නම් ඕන තරම් ඇහිලා තියනවා, මේ ගම් වර්ගය භාවිතා කරන යුවළවල්..දැකලත් තියනවා..මොනවද දන්නවද ඒ ගම් වර්ගය..ඒ තමයි දරුවන්...(ගැලවෙන්න යන විවාහ ජීවිත වල දරුවන් හැදීම කියන කරුණ ගැන වෙනම කතා කරන්න ඕන)විවිධාකාර හේතු ...
තට්ටු කරන්නාට දොර ඇරේද... අඳුරෙන් ආලෝකයට.... මිනිසුන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් අතර ඇති වන විවිධ සබඳතා වලදි එක් එක් අයගෙන් තමන්ට වගේම අනුන්ට බලාපොරොත්තු විය හැක්කේ මොනවාද, නොවිය හැක්කේ මොනවාද යන්න අවම කාලයකින් වටහා ගැනීම බොහෝ වැරදි වටහා ගැනීම් වලින් වාද විවාද වලින් අපව ඈත් කරන හේතුවක් ලෙස මම දකිමි. ගැටලුව මතු වෙන්නේ මේ දැනට තියන අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඉඩක් වෙන් වී නැහැ මිනිසුන් "තේරුම් ...
බලන් යොමා නෙත අපේම මාවත අපේ අතින් ගොඩ නැඟෙන හැටි... අඳුරෙන් ආලෝකයට.... මිනිසුන් මනසින් මවා ගන්නා ගැටලු ඒ මිනිසුන්ම තමන්ගේ මනසින් අත් හරින තුරු අන් අයට කල හැකි කිසිවක් නැතැයි මට බොහෝ කලක සිට සිතෙන දෙයක්. ඒ නිසාම මිනිස් මොළය සහ හැසිරිම් ගැන ඉගෙන ගන්න මට තිබුනේ ලොකු ඕනකමක්, ඒ මගේ විනෝදාංශය කිව්වත් වරදක් නැහැ..හැබැයි පවතින දැනුම මනින ක්‍රමය එක්ක බැලුවොත් නම් මම හරිම කම්මැලි කෙනෙක්.. දැනුම මනින්න තියන හොඳම වඩා සාර්ථකම ...
අහන්න අහන්න හරිම මිහිරියි... අඳුරෙන් ආලෝකයට.... පුංචි පුංචි වැහි බිංඳු වැටෙනා සීතලේ දුම් දමන කෝපි සුවඳ මැදින් අහන්න අහන්න හරිම මිහිරියි... "එකමත් එක රටක සුරංගනා නගරයක් තිබුනා..ඒ නගරේ වෙන කිසිම කතාවක් තිබුනේ නෑ, තිබුනේ එකම එක කතාවක් විතරයි. ඒ අපි දෙන්නගේ කතාව, අපි දෙන්නගේ ආදර කතාව.." "සුරංගනා කතා ඇත්ත වෙන්නෙම නැහැ, මහත්තයෝ..ඒ බව මට කියලා දුන්නේ වෙන කවුරුත් නෙමේ.. ඔයාමයි" ...
අකමැත්තට කැමැත්තෙන් කැමති වීම.... අඳුරෙන් ආලෝකයට.... ගිය මාසේ එක් බදාදාවක හරි අපූරු පාඩමක් 1 වසරේ පුංචි අයට කරන්න මටත් පුංචි ඉඩක් ලැබුනා.. කරන්න නෙමේ ඇත්තටම කිව්වොත් පාඩමේම කොටසක් වෙන්න..එදා තිබුනේ කොහොමද කෙනෙක් තමන්ගේ අදහසට අකමැති වෙද්දි ඒ කෙනාගේ සහ තමන්ගේ හිත රිද්ද ගන්නේ නැතුව රණ්ඩු වෙන්නේ නැතුව පොළබවා ගන්නේ කැමති වෙන්න..තවත් සරලව කිව්වොත් කොහොමද දෙන්නෙක් මැද තීරණයකට එන්නේ වෙනස් අදහසකදි.. ඉතින් මේ පාඩම කරන්න ගුරුතුමිය ...
මීදුම් සලුවේ තුරු මල් උයනේ පියඹා යන්න එනවද.. අඳුරෙන් ආලෝකයට.... යෞවනයේ මත් වූ දිනක කාටත් නොකියා මා සොයා ගියේ මගේ ආදරණීය ගුරුතුමියව..මගේ වෙනස ඇයට වටහාගන්න එක තප්පරයක්වත් ගියේ නැති උනත් ඇය නෙමේ වචනයක්වත් කිව්වේ..ඇගෙන් සමුගෙන එන්න විනාඩි කීපයකට කලින් මමම ඇයට ඒ ගැන කිව්වත් ඇය කලේ නිහඬව අහගෙන හිටිය එක විතරමයි..ඒ ඇයි කියලා ඇය වගේම මමත් දන්නවා උනාට බොහෝ අයට නම් ඒ හැසිරීම ප්‍රහේලිකාවක්.. කිසිවෙකුට වහල් නොවී මතට තිත ...
සබඳ අපි කඳු නොවෙමු (ද ) - උනුන් පරයා නැඟෙන..සුනිල දිය දහර වෙමු (ද ) එකම ගඟකට වැටෙන.. අඳුරෙන් ආලෝකයට.... ඔබ ලියන/කියන දෙයක් කියවන/ අහන කෙනෙක් කියනවා නම් "වැටහෙන්නේ නැහැ" කියා මම දකින්නේ එතනදි මුලින්ම අඩියක් පස්සට තියන්න ඕන ඔබ..ඔබට මොන වගේ දැනුමක් තිබ්බත්, ඔබ මොන තරම් ඉහල තැනක හිටියත්, ඔබේ පාඨකයන්ට/ ශ්‍රාවකයන්ට ඒ පණිවිඩය පැහැදිලිව දෙන්න ක්‍රම හොයන්න වෙන්නේ ඔබටමයි..මොකද ඔබ විතරයි දන්නේ මොනවද ඔබ ලියන්න/ කියන්න උත්සහ ගන්නේ කියන එක.. මේ දේ වටහා ගන්න පුලුවන් නම් ඒ ...
මිනිසුන් බිලි ගන්නා දිය සුලි අඳුරෙන් ආලෝකයට.... මිණි ඟං දෑලේ නිර්මාණකරු කියන්න උත්සහ කරන පණිවිඩය ඟං දෑලේ සැඟවී නොයන්න තිබුනා ඔහුට හැකියාවක් තිබුනා නම් (gossip ධනාත්මකව යොදා ගනිමින්) අනාගතය දකින්න ඔහුගේ නිර්මාණය ස්පර්ශ කරන බහුතර මිනිස් මනසේ ස්වාභාවය වටහාගෙන කියා මට සිතේ.. නිර්මාණ බලන්නේ හැඟිම් මුල් කර ගත් මිනිසුන් මිස තර්ක මුල් කර ගත් රොබෝවරු නොවන බැවින් නිර්මාණකරු, ඒ මිනිස් හදවත් කාලීනව ගැහෙන රාවය පිළිබඳ නිරන්තර ...