100 - 90 = 5 ද.... අඳුරෙන් ආලෝකයට.... රු 100ක් ලැබුනු විට රු 90ක් ඉතිරි කරන්න සහ රු 10ක් වියදම් කරන්න හිතන්න අපි මොළයට පුරුදු කලොත් අඩුම ගානේ රු 5ක් වත් ඉතුරු වේවී ද..ඉතිරි කිරීම ගැන මට පළවෙනි අවවාදය ලැබුනේ මගේ අම්මාගෙන්..ඒ මම රැකියාවට ගිහින් ටික කාලෙකට පස්සේ.. ලංකාවේ අපි නීතියෙන් වැඩිහිටියෙක් ලෙස සලකන වයස වන අවුරුදු 18න් පසුව හෝ ඉන් එහාටත් මොන තරම් වයසට ගියත් දෙමාපියන්ගෙන් වෙන් ...
ත්‍රිකෝණයකට පාද කීයක් තිබේද... අඳුරෙන් ආලෝකයට.... මේ දවස් වල මගේ බදාදා දවසේ උදේ 9 ඉදන් හවස 3 වෙනකම් ගත වෙන්නේ 1 වසරේ දරුවන් එක්ක..ඒ ගැන වැඩි විස්තර කියන්න කලින් මීට වසර කීපයකට කලින් මම මාරු කලා එතෙක් මම ඉගෙන ගත්ත සහ රැකියාව කල විෂය.. එහෙම කලේ මට ඕන උනා මේ අලුත් පරිසරයේ පුතාව එක්කන් යන්න ඕන මොන වගේ පාරවල් වලද කියලා කල් තියා දැන ගන්න, මොකද ...
අම්මයි මමයි... අඳුරෙන් ආලෝකයට.... පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..මේ එක් වැඩසටහටකට ...
අම්මයි මමයි... අඳුරෙන් ආලෝකයට.... පහුගිය කාලයේ අහම්බෙන් මම බැලුවා මවුවරුන් සහ දරුවන් ගැන කතා කරන වැඩසටහනක්.. මේ වැඩසහටන මෙහෙය වූ නිවේදිකාව හැමදාම හැම අම්මා කෙනෙක්ගෙන්ම අහනවා වෙනස් නොවන ප්‍රශ්නයක් වැඩසටහන ආරම්භයේදී. ඒ තමයි මේ දැන් තමන් ලඟින් වාඩි වෙලා ඉන්න දියණිය හෝ පුතා මුලින්ම තමන්ගේ අතට ලැබුනු වෙලාවේ ඇති උනු හැඟිමයි, ඒ වෙලාවේ දරුවා මොන වගේ කෙනෙක් කරනවා කියල ද හිතුවේ කියලයි..මේ එක් වැඩසටහටකට ...
අනේ මට බැහැ ඕවා කරන්න... අඳුරෙන් ආලෝකයට.... ඔබ ගොලු දරුවෙක් දැක්කොත් සංඥා භාවිත කරන කතා කිරිමේ ( sign language) ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.ඔබ දෙඇස් නොපෙන දරුවෙක් දැක්කොත් බේල් ක්‍රමය ඔබ ඉගෙන ගෙන උගන්වන්න.. ඔබේ කටහඬ භාවිතා කර ලෝකය දකින්න පුලුවන් ක්‍රම හදන්න.ඔබ අත පය වල කිසියම් ආබාධයක් ඇති දරුවෙක් දැක්කොත් කෘතීම ශරීර අවයව හැදීමට ඉගෙන ගෙන ඒ දරුවන්ට ලබා ගන්න ඉඩ හදන්න..මෙලෙස කිසියම් කෙනෙකුගේ අඩු පාඩු ...
ඉපදෙනකොටම දරුවන් කතා කරන දවසක් ඒවිද... අඳුරෙන් ආලෝකයට.... පුංචි දරුවන් කියන්නේ ලෝකය අනාවරණය කර ගැනීම එකම අරමුණ කර ගනිමින් නොනවත්වා "වීර චාරිකාවේ" යෙදෙන "දේශ ගවේෂකයෙක්" ලෙස හැඳින්විය හැක.. ඒ නිසා තමයි දරුවන් හදා වඩා ගැනීම බොහෝ වෙහෙසකර වෙන්නෙත්.. එසේ නොකරන දරුවෙකුගේ වැඩීමේ ( ශාරිරික සහ මානසික ) නොයෙකුත් ගැටලු අනිවාර්යයෙන්ම දකින්න පුලුවන්.. එය කිසිසෙත්ම මේ "වීර චාරිකාවේ" යෙදෙන්න ගැටලුවක් කර නොගන්න ක්‍රම සහ විදි වැඩිහිටි ඔබට සොයා දෙන්න ...
ඔබට මොහොතකට වැටහුනාද.. අඳුරෙන් ආලෝකයට.... මුදල්, සැප සම්පත්,අධ්‍යාපනය, අඩුවක් නැතුව කෑම බීම ඇතුලු සියලු දේ තිබුනත් මිනිස්සුන්ගේ තියන ප්‍රශ්න නම් අඩුවක් නැහැ..අත් හරින්න ඉගෙන ගන්නා තුරු කියා මට සිතේ.ඔබ දැක තිබෙනවාද බෝ ගස් ඇතුලු සිමෙන්ති පිළිම වලට කෑම කවන අවස්ථා.. ඒ ගත කරන හැම තප්පරයක් පසාම බඩගින්න දරාගන්න බැරුව ඉන්න මිනිස්සු කොයි තරම් ඇති ද ලෝකේ පුරා.. කොහොමද මිනිස්සු මිනිස්සුන්ව අමතක කරන්නේ මේ තරම් ලේසියෙන්.. ...
ගැලපෙන්නේ නැති නම් ඇති වැඩකුත් නෑ ..... අඳුරෙන් ආලෝකයට.... පහුගිය දිනවල පොඩි නිවාඩුවකට බ්‍රිස්බේන් ගිය වෙලාවේ නගරය පුරාම කහ කුරුල්ලෝ වගේ රවුම් යන මේ Lipton බයිසිකල් අපි ඉන්න නගරෙත් තියනවා නම් කියලා හිතුනට තැනිතලා පාරවල් වලට වඩා කඳු පාරවල් වැඩිපුර තියන මේ කඳුකරයට ගැලපෙන්නේ නැති නිසාම වෙන්න ඇති දකින්න නැත්තේ..ගැලපෙන්නේ නැති නම් ඇති වැඩකුත් නෑ කියා සිතෙද්දි මට සිහිපත් උනෙ බයිසිකල් ගැන හිතන මම, වාහනයක් මාස ගාණකින් අල්ලා නැති ...
දිනෙක හිරු බැස යන වෙලාවක.... අඳුරෙන් ආලෝකයට.... මගේ පුතා කියන්නෙ පුංචි කාලේ ඉඳන් මට ඕන වෙලා තිබුන, ඒත් දවසෙන් දවසෙන් හීනයක් උන නිදහස් නිවහල් ස්වාධීන ජිවිතේ ගෙවන්න හරිම අහම්බෙන් ඉඩ ලැබුනු, මගේ ජිවිතය බැඳ තිබු බොහෝ බැමි කඩලා දාපු කිසිම සැඟවීමකින් තොරව මට මං වෙන්න පායපු නොනිමෙන පහනක්.. පුතේ නුඹ දැල්වු පහන් සිල නොවී නම්, මා වටා සිටි නොමිනිසුන් සදාකාලිකවම මා සිර කරනු ඇත ඔවුන්ගේ සිර ...
මුතුකුඩ ඉහළන මල් වරුසාවේ... අඳුරෙන් ආලෝකයට.... වැස්ස දවස් වලට පාරේ හැදෙන පුංචි පුංචි වතුර පිරුනු විල් වලට පනින්න, ඒ විල් වල ගැඹුර බලන්න ඔබේ දරුවන්ට ඔබ ඉඩ දෙනවද සතුටින්.. කැමැත්තෙන්...එහෙම ඉඩක් වෙන් කරන්න ඔබට කාලය තියනවද ඉතුරු වෙලා... පුංචි කාලය තරම් සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන් කාලයක් ආපහු එන්නේ නැති නිසා වගේම මේ පුංචි පුංචි විල් වලට මාත් තවම ගොඩක් ආදරය කරන නිසත් මගේ පුතාට මං හරිම ...
දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම කෙනෙක්... අඳුරෙන් ආලෝකයට.... මව්වරුන් දහසක් අතර ඇයද මවකි..ඇය පසුපස උදේ හවස දිව යන පිළිවෙලක් නැති එහෙත් කිසිඳු අඩුවකුත් නැති කුඩා දරුවන් දෙදෙනෙකි..නුහුරු නුපුරුදු පරිසරයට හැඩ ගැහෙන්නට ඇය යොදා ගෙන ඇත්තේ අපුර්ව ක්රමයකි..දුටුවන් මවිත කරවන, සමහර වෙලාවට ඇසට කඳුලක් නංවන, ඒ ක්‍රමය දකිද්දි නිතර නැඟේ නිතැතින් පැනයක්..ඇයි..හිටියෙම නැද්ද අම්මේ කතා කරන්න කෙනෙක්...මේ තරම් දියුණු යැයි කියනා රටක, දියුණු යැයි කියනා නගරයක හිටියෙම නැද්ද කිසිම ...
සුවඳයි මල් සුවඳ සේ.. මිහිරී මී පැණි වගේ.. අඳුරෙන් ආලෝකයට.... මගේ ජීවිතයේ මෙතෙක් හමු වූ සියල්ලන්ම හමු නොවුවා නම් හොඳයි කියා මට සිතෙන්නේ නැත්තේ ඒ හැම කෙනෙක්ම අද ඉන්න මා නැමැති චරිතය හැඩ ගස්වන්න දායක වූ බැවිනි.. ඔවුන් හමු නොවුනා නම් මාද අද ඉන්නවාට වඩා වෙනස් කෙනෙකු වනු නොඅනුමානය..ඒ හැමවිටම මා අවට ඉන්න අයට ගැලපෙන ලෙස මගේ චරිතයේ අඩු වැඩි වීම්, වෙනස්වීම් නොහිතා වගේම හිතා මතාත් කරනා බැවිනි.. ජීවිතය (ඉතා) ...
දිලීප පොඩි පුතු සනීපයට නිදි... අඳුරෙන් ආලෝකයට.... "දිලීප පොඩි පුතු සනීපයට නිදි" කියන ගීතය මම ඇහුව දවසේ ඉඳලාම හරිම ආසාවෙන් ඇහුවත්, මීට අවුරුදු කීපයකට කලින් පරාක්‍රම කොඩිතුවක්කු කියන ලේඛකයා ලියූ, ක්රැලා කියන සංගීතමය නවකතාව කියෙව්ව දවසෙ ඉඳලා අහන්න හිතෙන්නෙම නැති ගීතයක්..අනිත් අයගේ හැඟිම් මගේ වගේම දැනෙද්දි, මගේ ජීවිතේ එක අඩියක් පස්සට ගන්න මම පුරුදු වුනේ කවදා ඉඳන්ද කියලා නම් මට මතක නැහැ..මේ පොතේ පිටු අංක 82- 84න් ...
උදව්ව: අනුකම්පාව.....වෙනස: බය... අඳුරෙන් ආලෝකයට.... කිසිම කෙනෙකුට උදව් කරන්න එපා "අනුකම්පාව" නම් හැඟිමෙන්, ඒ හැඟිම ඇතුලේ තියෙන්නේ අපිට ඒ වගේ උනේ නැනේ කියන "සතුට"..හැම කෙනෙකුටම තියනවා "ආත්ම ගෞරවයක්" කියලා දෙයක් බහුතරයක් නොදන්නවා නොපෙනෙනව වගේ හිටියට..එහෙම ඇතුලතින් තමන් ගැන සතුටු වෙමින් පිටතින් අනුකම්පා කරමින් සමාජයක ඉන්න ඕනම කෙනෙකුට උදව් කලා කියලා සමාජයක් ඉදිරියට යන්නේ නැහැ.. වෙන්න ඕන අඩු පාඩු වෙනස්කම් පසෙකින් තියලා, හැම කෙනෙක්ම එක වගේ ...
මේ ලෝකෙට ඕන අංග සම්පූර්ණ "සුපිරි" මිනිසුන් පමණක් ද... අඳුරෙන් ආලෝකයට.... ආබාධිත දරුවෙකුව වටහාගෙන, අප අවට සමාජය ඒ දරුවාට අවශ්‍ය විදිහට හැඩ ගස්සවමු ද.. ඒ කිව්වේ ආබාධිත අයටත් අපිට වගේම තනියම යන්න එන්න පුලුවන් විදිහේ මාර්ග පද්ධතියක්, ගෙවල්, ගොඩනැඟිලි හදන විට ආබාධිත අයට පහසු ක්‍රමත් ඇතුල් කිරීම වගේ මුලීක දේවල් හරි කරන්න පටන් ගනිමුද...මෙතෙක් කාලයක් වුනේ එහි අනිත් පැත්තනේ.. ඒ කිව්වේ ඒ දරුවා අමාරුවෙන් සමාජයට ඕන විදිහට හැඩ ගැහුන එකනේ..එක්කෝ සමාජය ...
ඔබ සුදුස්සෙක් ද... අඳුරෙන් ආලෝකයට.... ඔබ රැකියාවකට සුදානම් විමේදි සමහර විට වසර ගණනාවක් ඒ රැකියා ක්ෂේත්රය වෙනුවෙන්ම වෙන් වූ විෂයන් හදාරමින් නව දැනුම සොයා යමින් ඒ වෙනුවෙන් විශේෂයෙන් සුදානම් වෙනවා නේද..රැකියාවක් ආරම්භ කිරීමට පෙර ඒ වෙනුවෙන් මුල සිටම නොමසුරුව කාලය වැය කරන ඔබ, දරුවෙක් හදා වඩා ගැනීම ගැන ඉගෙන ගන්න පටන් ගන්නේ දරුවෙක් ලැබුනට පස්සේ නේද.. ඒ ඇයි..ඔබ දරුවෙක් හැදීමට පෙර ළමා මනස ගැන දන්නේ ...
නිදහස... අඳුරෙන් ආලෝකයට.... මා ලියන අදහස් කියවන කෙනෙකුට, මා ඉපදී හැදී වැඩුණු පරිසරයට වඩා ඒ අදහස් බොහෝ පරස්පරයි කියා සිතේ නම් එහි කිසිඳු වරදක් නැත.. ඇත්තෙන්ම මා අද ජීවත් වන පරිසරයට අදින් වසර 6කට කලින් අහම්බයකින් මෙන් පැමිණි විට මට දැනුනේ කිව නොහැකි තරම් සහනයකි. ඒ වගේම එතෙක් ආදරය කල පරිසරයෙන් වෙන් වීමේ වේදනාවද දරා ගැනීම ඉතාම අපහසු උනත්, අද වන විට ඒ ...
සහතික එකතු කිරීමේ රැල්ල පසෙකින් තබා "ඉගෙන" ගනිමු ද.. අඳුරෙන් ආලෝකයට.... ඇයි මිනිස්සුන් හිතන්නේ ඉගෙන ගන්න ඕන පාසැල් යන කාලෙයි ඊට පස්සේ අවුරුදු කීපයකුයි විතරයි කියලා.. ඒ කියන්නේ ඉගෙන ගන්නේ කැමැත්තෙන් නෙමෙයි (ද) මේක ඉවර වෙන්නේ කොයි වෙලේද බල බල ද ඉගෙන ගන්නේ.. (මම මෙතන අදහස් කරන "ඉගෙන ගැනීම" කියන්නේ විභාග පාස් කිරීම නෙමේ හොඳේ..කොටින්ම සහතික එකතු කිරීම නෙමේ..)අනිත් එක ඉගෙන ගන්න හෝ රැකියාව කරන්න හෝ තෝර ගත්ත විෂය පමණක් මැරෙනකන්ම ...
ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ... අඳුරෙන් ආලෝකයට.... ඔබ ඔෂීන් බලලා තියනවද පුංචි කාලේ, සිංහලෙන් හඬ කවපු.. එහි "සංසකු" කියන විප්ලවාදි හමුදාවෙන් පැනවිත් හිම කන්ඳක සැඟවී සිටින තරුණයා, පුංචි ඔෂීන්ව බේර ගන්න හැටි මතකද.. ඉන්පස්සේ ඔහු පුංචි ඔෂීන්ට ජීවිතය, ලෝකය, යුද්ධය ගැන බොහෝ දේ කියා දෙනවා... "සංසකු" ලඟ තිබුන පුංචි mouth organ එකින් වාදනය කල හරිම දුක හිතෙන පාලු නිසංසල හැඟිමක් ඇති ගීයත්, එහි තේරුමත් මට කවදාවත් අමතක ...
සිතුවිලි සිර නොකර ආගන්තුකව සිතට ආ ලෙසම පිට වී යන්න දෙමු ද... අඳුරෙන් ආලෝකයට.... ඔබේ දරුවන් ජීවිතය ගැන හෝ හැඟිම් ගැන හෝ කතා කරන විට කලබල වෙන්න එපා, බය වෙන්නෙත් එපා, තරහා ගන්නත් එපා.. එයාලා අවට පරිසරයේ ගොඩාක් දේවල් අපිට වඩා ඉක්මනින් දකිනවා, ඒ වගේම දකින දේවල් ගැන ඉන්නේ හරිම කුතුහලයකින්.. ඒ දකින දේවල් වලින් එයාලටම ආවේණික සිතුවිලි ගොඩාක් එයාලගේ මොළය නොනවත්වාම හදලා දෙන නිසා, ඒ සිතුවිලි හිර නොවී පිට කරන්න අපි ඉඩ හදලා ...