නැවත වියන්නෙමි මගේ සිතුවිලි රැදුරැ සහ සොඳුරැ තර්ජන නිසා මගේ සිතුවිලි ජාලගතවීම නතරවුවද මගේ මිතුරන්ගේ බලවත් පෙළඹවීම නිසා නැවත වියන්නෙමි. මගේ සිතුවිලි ඔබට හිරිහැරනම් හිරිකිත නම් දැනුම් දෙන්න වැරදි වැහැරිම් නිවැරදිකරන්න. ...
ගංවතුරෙන් පසු? මගේ සිතුවිලි ගංවතුර ඉවරයිකොහොමහරි ක්ෂණික ආපදා කළමනාකරණයත් වෙනවා නමුත් ඉන් ඔබ්බට කෙටි,මැද සහ දිගු කාලීන විසඳුම් සුදානම්ද ?
18 වැනි සංසර්ගය මගේ සිතුවිලි 18 වැනි සංසර්ගය වාරණය යන වදනෙහි අරුත් නොදන්නා බබා සංශෝධනය යනු සංසර්ගය යයි සිතා ——–උස්සයි…!
සරත් ෆොන්සේකා එල්ලා මැරීමට එක්වෙමු………..! මගේ සිතුවිලි කරන ලද වැරදි වලට සරත් ෆොන්සේකා එල්ලා මැරිය යුතු බව ගෝඨා කියයි. මරණ දඬුවම් ලබා දෙන වරද මොනවාදයි කීමට මා නොදන්නෙමි.මේ පිළිබඳ දන්නා අයගේ ගුරුහරුකම් බලා පොරොත්තුවෙමි. ...
ගිජ්ජ කූට පර්වතය,නීල් ආම්ස්ට්‍රෝං සහ බෞද්ධයා……! මගේ සිතුවිලි ම’මව් පස අත්තා (සීයා/මුත්තා)පස් පවින් වැළකුණ සැබෑ බෞද්ධ උවසුවකුය.සතර පෝයට සිල්ගත් හේ පසු කළෙක කරින් නොගැලවූ උතුරු සළුව සහිතව මියනතුරු සිටියේ,අප නිවසට රැස්වන උවසු උවැසියනට,(ම’පියා විසින් තිළිණ කළ ) සද්ධර්ම රත්නාවලිය මිලින්දප්රශ්නය කියවා තේරුම් කරදුන් අයුරු දැනුදු මැවී පෙනේ.එකළ කුඩා පාසල් සිසුවකු වූ මා ,මිනිසාගේ සඳ තරණයේ දසවස් සමරුව පිළිඹඳ ‘මිහිර’ පත්‍රයේ වූ ලිපියක් හඬනගා කියන’තර ,ම’වෙත පැමිණි හේ මිසදිටු පුවත් මායිම් ...
කිරිබත්ගොඩ හිමි………….___කරුණු පැහැදිළි කිරීම මගේ සිතුවිලි මා කුඩා කළ ,මගේ ගුරුතුමා රචනයේදී හැමවිටම උපරිම අවධානය යොමු කර ගන්නා අයුරින් මාතෘකාව යොදන ලෙස නිරතුරුවම දුන් ඔවදන් සිහිකරමින් ගියවර ලිපිය පළකළෙමි. තද සහ රළු වූ ,මාගේ එම මාතෘකාව සමහර බොදුනුවන්ගේ සිත් තැවුලට කාරණාවක් වූ බව දැන ගතිමි. එය අපගේ කිරිබත්ගොඩ හිමියන්හට කෙරුන අපහාසයක් ලෙසද සමහරුනට පෙනී ඇත. එබැවින් ,පළමුව ඒ පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර එම හිමියන් ...
කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ………! මගේ සිතුවිලි මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි. මා කිරිබත්ගොඩ හිමියන් නොදුටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි. මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය. එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි. මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි. මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි. ...
පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….!-2 මගේ සිතුවිලි පෙරමුනේ රාලගේ අටුවාව හා නිර් රා මුවා ගැන මගේ ලිපියට නිර් රා මුවා පිළිතුරු සපයා ඇත.ඒ පිළිබඳ කෙටි සටහනකි මේ. පෙරමුනේ රාල හෝ නෝ ෆ්‍රේම් පටලවාගෙන පිස්සු කියවනවා කියන ඔබ එය සිහි විකල් නොවූ විටෙක කියවූවානම් වඩාත් හොඳයි සිතමි. මන්ද යත් මා කියන්නේ පෙරමුනේ රාලගේ අටුවාවට නෝ ෆ්‍රේම් ලිපිය ගැන බැව් පැහැදිළිවම කියා ඇත. එය තිබෙන්නේ රාලගේ අටුවාවේ නිසා නිවසේ අයිති ...
පල ඇති රුකට ගල් ගැසීම. පෙරමුණේරාළට ප්‍රශ්න වැලක්…….! මගේ සිතුවිලි පෙරමුණේ රාළ සමග හෝ නෝ ෆ්‍රේම් සමග කිසිම විරසකයක් මාහට නොමැති වුවද “පල ඈති රුකට ගල් ගැසීම” යනුවෙන් පෙරමුණේ රාළගේ අටුවාවට නෝ ෆ්‍රේම් එක් කර තිබූ ලිපියට මෙසේ ප්‍රතිචාර දක්වන්නේ ඔහුගේ ඔවදනක්ද පිළිගනිමිනුයි.(එනිසා මොවුන්ට උත්තර දීමට අවශ්‍ය නම් ඔබේම බ්ලොග් අඩවියක උත්තර දීම වඩාත් උචිතය. එසේ නොමැතිව මොවුන්ගේ “හිට්ස්” වැඩිකර දීමට අප දායක නොවිය යුතුය.) සෑබවින්ම මා හට අවශ්‍යව ඇත්තේ ...
කොළඹ පැල්පත් වැසියන් කඳවුරකට …………! මගේ සිතුවිලි රටේ සන්වර්ධන වැඩ වෙනුවෙන් ඕනෑම ඉඳිකිරීමක් ඉවත්කළ යුතු නම් එයට එරෙහි නොවිය යුතුය, එසේවූ විට යම් ජන කොටසකගේ හිසට සෙවන,සමාජ වටපිටාව, බඩ වියත රැකගන්නා මාර්ගයට එය බලපෑවද එ නිසා ඒ වැඩ පිළිවෙල අත්හැර දැම්මේ නම් ලොව මහ නගර ඉඳි නොවෙනු ඇත. නමුත් මේ අසරණයන් පදික වේදිකාවෙන් එළවන විටම, (සමහරුනට අනුව ඔවුන් එළවීම නිවැරදිය.මන්දයත් කාන්තා අතවර සිදුවන නිසාය.ඒ අනුව කාන්තා අතවර ...