කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ………!

මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.

මා කිරිබත්ගොඩ හිමියන් නොදු‍ටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි.

මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය.

එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි.

මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි.

මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි.

පළමුව මෙම වීඩියෝවට නරඹන්න.

අසා සිටින්න.

නැවත 

විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්‍රශ්නය වෙනුවෙන්ද
විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්‍රශ්නය වෙනුවෙන්ද
විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි  ප්‍රශ්නය වෙනුවෙන්ද

හොඳින් අසන්න.

දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.

1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?

මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?

එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.
2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?

ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?

3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ  දේශනා කොට නැත්ද?

එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?

ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?

නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?

ඉහත අවස්ථා තුනේම  මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?

එසේ නොවන්නේ නම් ඒ මන්ද?
යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්

එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.

ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි.
ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.

42 thoughts on “කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ………!

  1. අනේ හපොයි!!!

    පින්වත් මහත්මයා, අපේ බෞද්ධ ඉතිහාසය හොඳට කරුණු සහිතව ඉගෙන ගෙන අනුන්ට දොස් කීමට පෙර තමා ගැන සොයා බලන්න. ඤාණානන්ද ස්වාමීන් වහන්සේ තරුණ පරපුර යහ මගට යොමු කිරීමට ගන්නා මහන්සිය අගය කල යුතුය. මේ අවස්ථාවේදී ඤාණානන්ද හිමියන්ට ඇතිවූයේ පෙර භවයෙක සිදුවූ දෙයක මතකයක් පමණි. ඒ මතකය සිහිනයක් හා සමානය.

    DONT BE A SHIT STIRER.

    කැමතියි

    • පින්වත් මහත්මයා
      බොහොම ස්තුතියි අදහස් දැක්වුවාට.
      මා පැහැදිලි ප්‍රශ්න තුනක් නගා ඇත.
      ඒ ප්‍රශ්ණ මට එන්නේ මේ වීඩියෝව අනුවයි.
      මාද එතුමාගේ දේශනා අසමි.
      නමුත් මට ඇතිවූ ගැටලුවට පිළිතුරු පතමි.
      මා බෞද්ධ් ඉතිහාසය නොදනිමි.
      එ නිසාය මෙවැනි ප්‍රශ්න ඇසුවේ.
      ඔබතුමාද කරුණු සහිතව උගෙන නැතැයි සිතේ.
      එසේ වී නම් මාගේ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙනු නිසැකය.
      මා වැරදි නම් සමාව ගන්නා බව පැහැදිලිව කියා ඇත.
      I’M NOT A SHIT STIRER,But please don’t get angry Its not the buddhist way to react.

      කැමතියි

      • I am sorry if you are hurt. I did not mean to hurt you. I am not angry. I got the feeling that you are a ‘shit stirer’ because your heading itself has accused Rev Gnanananda before starting. By reading your heading I understood that you have found some thing wrong and you are exposing it… You should have started in a different way, so that you do not accuse the Thero in the begining.

        කැමතියි

      • Dear Dr.Sarath Gunathunga.
        Sir,
        You are wellcome and you didn’t hurt me at all.I knew you are a Doctor and you didn’t had any intention to hurt me.Yes I accept it, my header for this post is toohard and rough.But now I can’t reverse it ,but still I respect Ven.Gnanananda thero .My intention was just to expose those three point but there was no any intention to insult Ven.Gnanananda thero.
        I would like to apologise Ven.Gnanananda thero on this header of my post.

        කැමතියි

      • 1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?
        මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?
        එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.

        1.පිළිතුරු
        -පුළුවනි
        -ඔව්
        -කියවන්න බෝධිරාජකුමාර සූත්‍රය – මජ්ඣිම නිකාය 2

        2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?
        ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?

        2.පිළිතුරු
        -ශ්‍රී සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු පැවිදි වූවා විය හැකිය. (පිළිතුර කිරිබත්ගොඩ හිමියන්ගෙන් ම අසා දැනගැනීම යහපති)
        -120

        3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?
        එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?
        ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?
        නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?
        ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?
        එසේ නොවන්නේ නම් ඒ මන්ද?

        3.පිළිතුරු
        -තිබේ
        -දැන නො සිටි නිසා ම එය ප්‍රත්‍යක්‍ෂව දැනගැනීමෙන් අනතුරුව ‘තමා එය දැනගත් බව​’ උන්වහන්සේ ම පවසයි. නැවත වීඩියෝව බලන්න.
        -තිසරණ සරණ යාම සහ ධර්මඥානය යනු දෙකක් බව බුද්ධිමත් බෞද්ධයා පැහැදිලිවම දන්නා කරුණකි.
        -නැත. භාග්‍යවතුන් වහන්සේ ය.
        -නැත. උන්වහන්සේ බොරුවක් කියා නොමැති බව මෙම පිළිතුරු වලින් මනාව​ තහවුරු වේ.
        -එය එසේ නොවන්නේ ඔබගේ තර්ක සහ ප්‍රශ්න බොහොමයක් ‘හිස්’ ඒවා බැවිනි.

        ඔබගේ ප්‍රශ්න වලට පැහැදිලි සහ නිවැරදි පිළිතුරු ධර්ම විනයානුකූලව සපයා තිබේ. ඔබ ඉහත සඳහන් කළ පරිදි උන්වහන්සේගෙන් සමාව ඉල්ලා, ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරන්නට දැන් ඔබට අවස්ථාව උදා වී තිබේ. කී දේ කරන්නෙක් නම් ඔබ විසින් දැන් එය කළ යුතුව ඇත. ඔබ තර්කානුකූලව ගොඩනඟා ගත් මෙම​ ප්‍රශ්න කිහිපයට පිළිතුරු නැවත​ කිරිබත්ගොඩ හිමියන්ගෙන්ම ඔබට පැහැදිලි ව ලබාගත හැකි වනු ඇත.
        තෙරුවන් සරණයි!

        කැමතියි

  2. 1. වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබෙනු මා කිසිම තැනක දැක නැත.එසේ තිබේ නම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තිසරණ සරණ ගිය කුඩා දරුවකු තබා වැඩිමහල්ලෙකුවත් උදාහරණ වශයෙන් ගෙන පෙන්වීමට මට නම් හැකියාවක් නැත, මන්ද තෙරුවන් සරණ යාම තම මනස තුල සිදුවන්නක් මිස බාහිරට දිස් වන්නක් නොවන නිසා.

    2. ආනන්ද හිමියන් ගේ පිරිවරේ පැවිදි ව සිටි බවක් පවසනවා විනා බුදු හිමියන් දුටු හෝ නොදුටු බවක් මුන් වහන්සේ කිසි විටෙක දේශනා කරන්නේ නැත. තව ද බුදු හිමියන් දුටු බවක් මුන් වහන්සේට මතක් නොවී තිබීමට ද ඉඩ ඇත. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වන්නේත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව නිසා උන්වහන්සේ තමන්ටම කියා පරිවාර භික්ෂූ කණ්ඩායමක් ගොඩනගා ගැනීම සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සිදු වූවක් කියා උපකල්පනය කිරීමට ද හැකිය. ආනන්ද හිමියන් ගේ වයස මෙම ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැකිය. පහැදිලි කර දෙන්නේ නම් මැනවි.

    3. ධර්මය මගින් විමුක්තිය උදා කරගත නොහැකි යයි කියා මෙහිදී මුන් වහන්සේ කිසි තැනකදී දේශනා කරන්නේ නැත. එනිසා එවැනි ප්‍රශ්නයක් ඔබගේ සිතට නැගීම ගැන පුදුමයට පත් වෙමි. එමෙන්ම යම් කරුණක් පිලිබඳව හොඳින් දැනගෙන හිටියත් එය තේරුම් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක. ධර්මය මගින් විමුක්තිය උදා කරගත හැකි බව උන් වහන්සේ මුල සිටම දැන සිටියා වන්නට පුළුවන. නමුත් එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත වීමට ඉඩ තිබේ. ‘දැන ගැනීම’ සහ ‘තේරුම් ගැනීම’ යන වචන අතර අර්ථයේ වෙනසක් ඇතිබව ඔබත් තේරුම් ගන්නේ නම් මැනවි (එය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ).

    අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ඔබ නගා ඇති ප්‍රශ්න තුනෙන් එකක්වත් ඔබ ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනය නරඹන විටදී පැන නොනගින බවයි. මාගේ පෞද්ගලික අදහස නම් ඔබ මේ වීඩියෝ දර්ශනය හරහා ප්‍රශ්න බලෙන් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බවයි ( නිසඟයෙන් සිතට නැඟුණු ප්‍රශ්න නොව ). ඒ නිසා සමහරවිට බුදු දහම ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇති තැනැත්තන් ඔබගේ මේ අදාල නොවන ප්‍රශ්න තුනට පිළිතුරු දීමට ඉදිරිපත් වී තම කාලය නිකරුණේ නාස්ති කිරීමට වෙහෙස නොවෙනු ඇත. මා වුවත් මුලදී මෙයට පිළිතුරක් නොදී සිටීමට සිතා සිටියත් ඔබට යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් අවසානයේදී පිළිතුරක් ලබා දීමට සිතා ගත්තෙමි.

    කැමතියි

    • මට කරුණු කියාදීමට සද්භාවයෙන් ඉදිරිපත්වූ ඔබට තුති.මට ලැබෙන පිළිතුරු මත මෙහි දෙවැනි කොටස දී මා මෙසේ අසන්නට හේතු ඉදිරිපත්කරන්නෙමි.නමුත් ඔබ මා හට උදව් කරනට ඉදිරි පත්වූ නිසා කෙටි පිළිතුරු ලබා දෙමි.
      1.වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබේ යයිමා කිසිම තැනක කියා නැත.
      නමුත් මාස හයක දරුවකුට තිසරණය අවබෝධ කරගැනීමට හැකිද?
      තිසරණ සරණ යාම යනු කුමක්ද?
      2.මා දන්නා පරිදි බුදු හිමියන් සහ අනද හිමියන් සම වයස්ය.
      බුදුන් පිරිනීවී පසු අනද හිමියන්කොතරම් කලක් ජීවත්වූයේද යන්න මත එදා කිරිබත්ගොඩ හිමියනට බුදුන් දැක ගැනීමට නොහැකිවීම අනුමාන කළහැකිය.
      උදාහරණ අනද හිමියන් වසර 87ක් ජීවත් වූවා නම් ,එකළ කිරිබත්ගොඩ හිමියන් වයස 7 දී සසුන් ගතවීනම් බුද්ධ පරිනිර්වාණය සමගම ඉපදී ඇතයි අනුමාන කළ හැකිය.
      බුදුන්ට වයස 55ක්වූ තැන් පටන් බුද්ධ පරිනිර්වාණය දක්වා වසර 25 ක කාලයක් එහිමියන් බුදුන්ගේ සෙවනැල්ල මෙන් වූවා.
      3.විමුක්තිය උදාකර ගැනීමට නම් ආර්ය අෂ්ඨාන්ගික මාර්ගය අනුගමනය කළයුතුයය යන්නත් විමුක්තිය තමා විසින් උදාකරගත යුතුය යන්නත් බුදුන් පැහැදිළි කර තිබෙද්දී එය තේරුම් ගැනීමට එහිමියනට නොහැකිව හිමාලයේ යාම ගැන මම පුදුම් උනෙමි.
      අවසානයෙන් කිව යුත්තේ යමෙක් යමක් කී ලෙසින්ම ඒ පිළිබඳව නොවිචාරා පිළිගැනීමට මා පුරුදුව නැත.
      බුදුන් අනුදත් ක්‍රමයද එයයි.
      එසේ හෙයින් වීඩියෝව නරඹන විට ” මම උපතින් බෞද්ධ ආගමේ නොවෙයි කියන එක” යන වදන් සමග මා සිතට නැගුනේ
      කෙනෙක් උපතින් බෞද්ධ වන්නේ කෙසේද යන්නයි.
      මෙය සාමානය ගිහියකු කීවා නම් මා එය ගැන සිතන්නේ නැත.
      නමුත් ධර්මධර භික්ෂුවක් මෙසේ පැවසීම මා හට විමතියක් ඇති විය.
      කිමද යත් මා උගෙන ඇත්තේ බෞද්ධයකුවීමටනම් තිසරණ සරණ යායුතු බවයි.
      ඒ මත ඉතිරි ප්‍රශ්න තුන පැන නැගුනා.
      එසේම බුදුදහම ගැන ප්‍රශ්න ඇති වුනට ඒවා පැහැදිළි කිරීම බුදුන් කළ දෙයක්.
      මගේ ප්‍රශ්ණ වලට වැරදි ඇසින් නොබලා පිළිතුරු දීම බොදුනුවන්ගේ වැඩකි.
      මා තවම සිතනුයේ මෙතුමා මෙම කරුණු තුන පිළිබඳව මුසා වදාරණ බවයි.
      ඔබගෙන් මා ඉල්ලා සිටිනුයේ මට පහරදීමේ චේතනාවෙන් නොයුතුව බුදුදහමේ මූල ධර්ම මත සිට මේ විඩීයෝව නැවත නරඹන ලෙසයි.

      කැමතියි

  3. ඥානානන්ද හිමි කියන නම වසර කිහිපයකට පෙර මා හදුනගත්තේ ත්‍රිපිටකය සිංහලට හරවා ප්‍රකාශයට පත්කිරීම නිසා.පාලි භාෂාවෙන් ඉතා සංකීර්න විදිහට සංගෘහිත කොට තිබුන සූත්‍ර දේශනා සරල සිංහලෙන් ප්‍රකාශයට පත්කිරීමේ ව්‍යාපෘතියකුත් උන්වහන්සේ විසින් අරගෙන ගියා.කොහොමත් ආගම ගැන එතරම් හැගීමක් නැති වුනත් මේ ක්‍රියාමාර්ග මම දැක්කේ සාධනීය සහ ඉදිරිගාමී වැඩ විදිහට.ලතින් වලින් ලියනු ලැබ ලතින් උගතුන් කිහිප දෙනෙකුට ආධිපත්‍යයක් ආරෝපනය කරන ක්‍රිස්තියානි ව්‍යවහාරය දේශීය භාෂා වලින් කල යුතුයි කියල දශක ගනනකට ඉස්සෙල්ලා පල්ලිය ගත්ත නූතනවාදී පියවර හා සමාන පියවරක් විදිහටයි මල භාෂාවකින් ලියල තියෙන බුද්දාගම ජීවමාන භාෂාවකට ගෙන ඒම අපි තේරුම් ගත්තෙ.මෑතක් වන තුරු ඥානානන්ද හිමි බුදුදහම විලාසිතාවක් කරගත් ජනප්‍රියවාදී භික්ෂු කුලකයෙන් බැහැර අයෙකි යන්නයි අපට තිබුන අවබෝධය.
    නමුත් මෙවැනි සාධක මගින් එම නිගමනය වැරදි බවත් සියලු දේ මෙන්ම භික්ෂුන්ගේ නිහතමානීත්වයත් අනිත්‍යයයි කියන එකත් පෙනී යනවා.මෙහි දැක්වෙන අතිශයෝක්තිමය පම්පෝරිය මොන අතින් බැලුවත් සම්පූර්න විකාරයක්.

    කැමතියි

    • ස්තුතියි ඔබට
      සැබවින්ම ඔබ කියන්නාක් මෙන් ම එහිමියන් ගැන මා සිතා සිටියේද එසේමයි.
      ඒ නිසා මා තුල එතුමා කෙරේ හටගත් විශාල පැහැදීමක් තිබුනා.
      අපේ බෞද්ධයනට සැබෑ බුදුදහම මෙතුමාගෙන් ලබෙතැයි සිතුවා.
      අවාසනාවකට මේ විඩීයෝව නෙත ගැ‍ටුනා.
      එවිට මට පැහැදිලිවුනේ මෙතුමා අප උගත් බුදුදහමේ මූලික කරුණු මත පදනම් නොවී බොරු අතිශයෝක්තියෙන් මිනිසුන් මුලා කරන් බව.

      කැමතියි

  4. ගැටලුවක් ඇති උනාම එගැන හරිහැටි සොයා නොබල, චෝදනා කිරිම හරිම වැරදියි..ඔබට මෙගැන දැනගන්න ඔනෙනම් කෙලින්ම උන්වහන්සෙට කථාකරල බලන්න….

    කැමතියි

    • ස්තුතියි ඔබට
      මේ උන්වහසේගේ වචන නිසා සොයා බැලීමට අවැසියයි නොසිතුවෙමි.
      මා වැ‍රැද්දක් කොට ඇතැයි සිතා එයින් ඔබට සිත්තැවුලක් විනි නම් සමාවන්න.
      මගේ ප්‍රශ්නවල පදනම නැවතත් පහත පැහැදිළි කර ඇත.
      ඔබගේ යොජනාව අගයමි.
      මගේ මේ ලිපිය මුණු පොතේ පළකළ X අයකු ඒ වෙනුවෙන් ඔහු ලද ප්‍රතිචාරය මා වෙත එවා තිබුනි.
      ඒ අනුව අවස්ථාව සලසා දෙන ලෙස ඔහුට දැනුම් දුන්නෙමි.
      එම ප්‍රතිචාරය පළවෙනවාට ඔහු අකමැති නිසා නම ගම නොමැතිව උපුටමි.
      ඔහුගේ Y මිතුරා හරහා මේ අවස්ථාව උදා වේයයි සිතමි.

      “X, Don’t post these type of things if you don’t know the reality.
      I am sure that the person who wrote this has no any damn knowledge about Buddhism and Buddhist history. If you don’t trust better keep your mouth shut, or come with me to go to Mahamewena which is not far from (X’s home town) and i am sure you can find the answers for this 3 stupid questions.

      X’s reply
      “Y,thanks
      But now I’m away from SL.
      I just post it because I didn’t see any stupidity and I believed there are questionable points in that video.
      Any way it will be greatful if you can send me answers….
      bytheway I must tell you that I m a firm believer and follower of Buddhism.
      Therefore I think you shouldn’t get angry
      It will harm you
      May triple gem bless you to calmdown your mind”

      Y’s reply

      Ok Here is the answers.

      1. I think if you listen to the video again you can find the answer, simply he is telling that his parents take him to the temple and did needful him to be a Buddhist. Nothing else ! Dont run behind the words and try to take the meaning as a whole.

      2. Ananada Tero – he reach the Nibbana stage after Budda’s “Parinirwanaya… See More ” at the date of 1st Dhamma summit which organized by Maha Kashapah Tero. At the Dhamma Summit Ananda Tero was selected to transfer on chapter of Buddha’s teaching and then only he start to create his own team. Ananada Tero created his team after Budda Parinirwanay. So answer is there !

      3. Buddha’s teaching it self cannot help people or monks and we have to practice it clearly to get the results. I am a born Buddhist who was blessed by trippelgem but still I don’t practice all what Buddha said and simply there will be no wisdom for me until I start to practice it. No practice – No wisdom. This is universal low and this same for everyone.

      Hope you have the answers now and don’t want to go for never ending arguments and please try to find some time to go through our Buddha’s teaching which can help you to understand.
      X,s reply
      Oh thank you very much for long answer.
      But it was incmplete according to bloggers questions.
      any way I allready made a requested this blogger to put your comment without mentioning our names.
      As you said no point of never ending arguing on this matter but if i got some answer Ill send a message to you.
      yes I found 2-3 hours per day to go through our Buddha’s teaching as I’m away from home.

      කැමතියි

  5. මේ සම්බන්ද සෘජු ප්‍රශ්නය විය යුත්තේ මෙයයි.කිරිබත්ගොඩ හිමියන් තම පෙර භවය දැන ගැනීම පිලිබන්ද නුවන ලබා ගත්තේ කෙසේද? උන් වහන්සේ රහත් වි ඇත්ද? සිහින හෝ මතකයන් ගැන කතා කරන අය මෙයට පිලිතුරු දිය යුතුය.

    කැමතියි

    • බොහොම ස්තුතියි.
      ඔව් මේ උත්තර දෙන හැමෝම පාහේ දැනුවත්ව හෝ නොදැනුවත්ව ප්‍රශ්නයට කෙලින් පිළිතුරු දීම මග හරිනවා.
      සමහර විට එසේ සිතීම පවකැයි ඔවුන් සිතනු වියහැක.
      එසේ නොමැතිනම් මාහට ලැබුන මුණපොත් මිතුරාගේ මිතුරා මෙන් අදාල කාරණාව වෙන්ව නොගෙන සමස්ථය ලෙස සළකනවා විය හැකිය.
      පළමු ප්‍රශ්නයට පිළිතුරු උපාලි සූත්‍රය තුළ ගැබ්ව ඇතැයි සිතමි.

      කැමතියි

    • සිහින පෙනීම පහු ගිය දේවල් යලි මතකයට පැමිනීමයි. එලෙසම ‘Flashbacks’ වශයෙන් යට ගිය දේ යලි සිහියට ඒමට හැකිබව මනෝ විද්‍යාඥයින් පිලිගෙන ඇත. එසේම දෙවන ලෝක මහා යුද්ධයේදී විෂ සහිත වායු ආඝ්‍රාණය කොට මරාදමන ලද යුදෙව්වන් අතරින් සමහරු මිය නොගොස් තිබුණි. මෑත කාලවලදී ඔවුන්ට යම් යම් අවස්ථාවලදී පිලිස්සෙන ගඳ දැනෙන බව දැනෙන බව වාර්තා වී ඇත. මෙය සාමාන්‍ය සිද්ධියක් මිස, විශේෂ ආධ්‍යාත්මික මනසක් අවශ්‍ය නොවන දෙයකි. ඇමෙරිකානු මනෝ වෛද්‍යවරයෙක් වන බ්‍රයන් වයිස් මහතා රෝගීන් (සමහර රෝගීන් )මෝහනය කොට අතීතය සිහි කරගැනීමට උපකාර කරයි. එහෙම අතීතයට යැවුණු එක් රෝගියෙක් වසර 4000 අතීතයට ගිය බව වාර්තා වී ඇත. මා ජීවත් වන නවසීලන්තයේ ‘පන්ගරේහු’ යන ගම් පියස හරහා යන විට යම් යම් දේවල් ක්ෂනිකව මගේ සිහියට නැගෙනු මම අත්දැක ඇත. නමුත් එහි ගැබ් වී ඇති කරුණු පැහැදිලි නැත. මගේ රෝගීන් විශාල ප්‍රමාණයක් එම ගම් පියසේ සිටීමත්, මේ සිහියට නැගෙන ඪ් වැනි සිදුවීම් නිසාත් පෙර භවයක මා එහි ජීවත් වී ඇතැයි මට සිතෙයි.

      කැමතියි

  6. සමාවෙන්න සරත් ගුණතුංග මහත්තයා,
    ඔබ කියන පරිදි, අපට හොද අවස්ථාවක් ලැබී ඇත.
    කිරිබත්ගොඩ හිමියන් මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමුකොට මෝහනය කොට අතීතය සිහි කරගැනීමන් සිදු වුනේ කුමක්දයි බලාගත හැක.
    “පර්වතයටම පඩිපෙලේ නගින්න පටන් ගන්න විටම මගේ අතීත ජන්මය මතක් වුනා, පර්වතය මුදුනටම නගිනකොට මට සම්පූර්ණයෙන්ම මතක් වුනා. , ”

    I think its wrong for a Bhikku to tell the laymen about past lives (even if it true). As far as I know, Buddha has prohibited monks to do that in the vinaya. The reason is that it could make people worship an individual rather than the Dhamma itself, which is what the Buddha exactly wanted to avoid (one of his final advices to Ven. Ananda).

    කැමතියි

  7. මට පෙනෙන හැටියට අපි මාතෘකාවෙන් පිට පැනල බොහොම දුර ගිහින්. බෞද්ධයො හැටියට ඇත්ත යුත්ත පහදගෙන දන්න කරුණු නොදන්න කෙනෙකුට පහදල දෙන්න. ‘හොඳ හිත’ මහත්මයා අහල තියෙන ප්‍රශ්න වලට පුලුවන් හැටියට පිලිතුරු දෙන්න. ආනන්ද මහ රහතන් වහන්සේ ගැන මාලඟ පොතක් තියෙනව. පිටු 162යි. අවශ්‍ය කෙනෙක් මට ඊමේල් එකක් එවන්න. මම පොත එවන්නම්. ආනන්ද මහ රහතන් වහන්සේ අවුරුදු 120ක් ජීවත් වුනා. (Sarath.Gunatunga01@gmail.com)අපේ සාකච්ඡා වල මනෝ විද්‍යාඥයො ගැන සඳහනකුත් තියෙනව. ඇත්තටම මනස මනින මිනුම් දන්ඩක් ඔවුන්ට නැත. ඒ සඳහා ඔවුන් කරන්නේ හැසිරීම් රටාව නිරීක්ෂනය කොට ඒ අනුව නිගමනයකට පැමිනීමයි. මොහොතින් මොහොත වෙනස් වනමිනිස් සිතට එන සිතිවිලි ගනන අපමනය. කෙසේ නම් ඔවුන් විද්‍යාඥයින් වෙත්ද? නමුත් බටහිරට අපි තවමත් ගැතිකම් කියමු!!! මනෝ විද්‍යාඥයො දෙකොටසක් ඉන්නව. සම්ප්‍රදායික මනෝ විද්‍යාඥයො හිතාගෙන ඉන්නෙ මැරුනම ඔක්කොම ඉවරයි කියල. මොලය මැරෙනව, ඒ එක්කම හිතත් මැරෙනව. (හිත තියෙන්නෙ මොලයෙද ? එහෙනම් පෙර භවයක සිහිය අනෙක් භවයට යන්නෙ කොහොමද? අභිධර්මයෙ විඥ්ඥානය ඉතා ලස්සනට විස්තර කෙරෙනව. ඒකෙ සුලු කොටසක් මහාසි සයදෝව් හිමියන්ගෙ පටිච්ච සමුප්පාදය පොතේ විස්තර කෙරෙනව.) බෞද්ධයො හැටියට අපි ඒක පිලිගන්නෙ නැහැ. ඊට පස්සෙ අහම්බෙන්, මෝහනය කරවපු, කාන්තාවක් පවසන ලද දෙයක් නිසා බ්‍රයන් වයිස් නම් විශේෂඥයා (www.brianweiss.com) මරනින් පසු පැවැත්මක් ඇත යන මතය පිලිගත්ත. ඒ හා එකඟ වුනු බොහෝ දෙනෙක් අද ලෝකයේ ඉන්නව.ඔවුන් වෙදකම් කරන්නෙ භාවනා ක්‍රමයකට. ඒ අනුව කෙරෙන වෙදකම සාර්ථකයි. ඉස්සර අන්දමට Schizoprenia ආදී වශයෙන් නම් දාල මොලයේ සෛල විකෘති වෙන්න බෙහෙත් දීල රෝගියා කෙසේ වෙතත් වෛද්‍යවරයාට සුවයක් දැනෙනව මොනව හරි දුන්න කියල. ඇත්තෙන්ම භික්ෂූන්වහන්සේ නමකට මානසික රෝගයක් හැදෙන්න පුලුවන් ක්‍රමයක් නැහැ, අභිධර්මය මානසික වෛද්‍ය ශාස්ත්‍රයට වඩා ගැඹුරු නිසා. මානසික වෛද්‍ය ශාස්ත්‍රයට දිගක් තියෙනව, පලලක් තියෙනව, අභිධර්මයට දිගක් පලලක් හා ගැඹුරකුත් තියෙනව. අභිධර්මය දන්න තැනැත්තා මනස ගැන මනා අවබෝධයක් තියෙනව. බුදු දහම හා සසඳන කල බටහිර වෛද්‍ය ශාස්ත්‍රයට බොහෝ දුර යායුතුව ඇත. බුදුන් වහන්සේ මිනිස් කලලය පස් වැනි සතිය දක්වා සවිස්තරව පටිච්ච සමුප්පාදයේ විස්තර කොට ඇත. (Patichcha Samuppadha – Ven Mahasi Sayadaw 174 pages) 5-11 දක්වා පැහැදිලි විස්තරයක් නැත්තේ නිවන් අවබෝධයට එය අනවශ්‍ය බැවිනි. (මහාසි හිමියන්ගේ මතයයි ) ඉන්පසු යලිත් විස්තර ඇත.)

    කැමතියි

    • @සරත් ගුණතුංග

      මාතෘකාවෙන් පිට පැනල බොහොම දුර ගිහින් තියෙන්නෙ ඔබ තුමා වගෙයි. මට මේකට කෙටි පිලිතුරක් දෙන්න. බුදු හාමුදුරුවන්ටත් පෙර භව ගැන නුවන පහල වුනේ බුදු වුන දා අලුයම් කාලයේ. අපේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ටත් දැන් ඒ නුවන පහල වෙල කියල පිලිගන්නද කියන්නේ? අවුරුදු 2000 ක් අතීතයට ? හීනෙන් වගේ දැනුනනම් ඒ බව නොකිය උපාසකම්මලව මෙහෙම රවට්ටන එක පවු නේද?

      කැමතියි

      • ස්වාමීන් වහන්සේ විස්තර කරන අන්දමට මෙය Flashback එකක් පමණයි. ” විශේෂ නුවනක් පහල වූ බවක් අදහස් වෙන්නෙ නැහැ. හීනෙන් වගේ කියන්නෙ ඒකයි. හරියටම පැහැදිලි නැති බවයි. මේ කරුණ ඔබට වැටහෙනු ඇතැයි සිතමි. නැත්නම් පහත සඳහන් පොතක් පුස්තකාලයකින් සොයාගෙන කියවන්න.

        Many Masters Many Lives – Brian Weiss
        Near Death Experiences – Michael Sabom
        Regression to Past Times – Brian Weiss
        Messages from the Masters – Brian Weiss
        Only Love is Real – Brian Weiss

        බුදු රජානන් වහන්සේට පුබ්බේනිවාසානුස්සති ඤාණය තමයි “විජ්ජා| චරණ” ඤාණ අතරින් ප්‍රථමයෙන් පහල වුනේ, ඒත් අලුයම නෙවෙයි, ඊට කලියෙන්.කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සෙ ඤාණයක් පහල වුනු බවක් නම කිසිම තැනක සඳහන් කරල නැහැ. කිරිබත්ගොඩ ස්වාමීන් වහන්සේ මේ බව උන්වහන්සේ විසින් රචිත පොතක සටහන් කරල තියෙනව, මීට වඩා කෙටියෙන්. මට ඒ පොතේ නම නම් මතක නැහැ.

        කැමතියි

  8. බුදු රජාණන් වහන්සේ වැඩ විසූ කාලෙයේ ද මෙලෙස සසර දුක අවබෝධ කිරීමේ අරමුණ පැත්තකට දමා සසරින් මිදීමට හේතු නොවන මෙවැනි ප්‍රශ්න වැලක් සාදාගෙන ඒ ප්‍රශ්න වලම පැටලි පැටලී වාසය කළ අය ඕනෑ තරම් සිටි බව බොහෝ අයට වැටහී ඇතුවාට සැකයක් නැත.

    සසර දුක අවබෝධ කිරීමේ අදහසින් තොරව වෙනත් කුමන හෝ අරමුණකින් ධර්මය හදාළ අයට මෙවැනි ප්‍රශ්න සිත් තුල පහළ වීම අරුමයක් නොවන මුත් එය ඔවුන්ගේ මහත් අවාසිය පිණිස ම පවතී.
    “…වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?, මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?,
    ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?, ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?…” ආදී වශයෙන් විමුක්තිය උදා කර ගැනීමට කිසිසේත්ම හේතු නොවන ප්‍රශ්න ඉදිරිපත් කරමින් සිටින අයට ට අඩුම තරමේ තෙරුවන් සරණ යාමටවත් නොසිතෙන්නේ කුමන අවාසනාවක් මතු වීම නිසාදෝ යැ යි මා හට නම් සිතා ගත නොහැකියි.

    විෂ පෙවූ ඊ තලයකින් පහර කෑ මරණාසන්න වූ පුද්ගලයෙක් ව සුවපත් කිරීමේ අරමුණින් එම හීය කාරුණික වෛද්‍යවරයෙකු විසින් ගලවා දමන්නට සූදානම් වූ අවස්ථාවේ දී අර හී පහර කෑ පුද්ගලයා කරන්නේ “හා! හා! මේ.. ඊ තලයට නම් අත තියන්න එපා! මට අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. මුලින් ම ඒවාට උත්තර දීලා හිටියොත් හොඳයි ඔන්න! මේ ඊ තලය එවපු කෙනාගෙ කුලය මොකක්ද? නම මොකක්ද? ගෝත්‍රය මොකක්ද? ඒ මිනිහා උසද? මිටිද? මධ්‍යම ප්‍රමාණයේද? එතකොට හමේ වර්ණය? මේ හීය විදීමට ගත් දුන්න හදලා තියෙන්නේ මොකෙන්ද? මේ ඊ තලය කෙළවර ඇති පිහාටුව මොන කුරුල්ලාගේද?” ආදී නොයෙක් ප්‍රශ්න අසා “මේවාට උත්තර දෙන්නේ නැතිනම් මම මේ ඊ තලය ගලවන්න දෙන්නේත් නෑ” යනුවෙන් පැවසීම නම් ඒ පුද්ගලයාට සිදුවෙන්නේ සුවපත් භාවයට පත් වීම නොව තමාගේම නිෂ්ප්‍රයෝජන ප්‍රශ්න නිසා සුවපත් වීමට අවස්ථාව නොලැබ අවසානයේ මරණයට පත්වන්නටය.
    ( බුදු රජාණන් වහන්සේ වදාළ මේ උපමාව හා එයට පසුබිම් වූ කාරණය විස්තර වශයෙන් දැන ගැනීමට මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ චූළ මාලුංක්‍ය සූත්‍රය බලනු මැනවි )

    දීර්ඝ සසර ගැන සලකා බලන කලි හි තවත් එක්තරා තාවකාලික නවාතැනක් බඳු වූ මනුලොව ඉපදී සිටින අප සෑම දෙනාටම අකාලික නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම නම් වූ අති දුර්ලභ භාග්‍යය එනම් ‘ක්ෂණ සම්පත්තිය’ උදා වුව ද, ජීවත් වීමට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක් බව මෙනෙහි නොකරන ඇතැම් අය මෙකල කරමින් සිටින්නේ ලැබුණු දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම නොව ඉහත අසා ඇති ආකාරයේ ප්‍රශ්න සාදා ගෙන පැටලි පැටලී සිටීමත්, තර්කයට ගෝචර වන තෙක් ශ්‍රී සද්ධර්මය අනුගමනය කිරීම පමා කිරීමත්, යම්කිසි විද්‍යාඥයෙක් පැමිණ බුදු දහම විද්‍යාවෙන් ඔප්පු කර පෙන්වන තෙක් බලා සිටීමත්, තරුණ ළමයින් පැවිදි වීම ගැන දෙමාපියන්ටවත් නොමැති ළතැවිල්ලක් කෘතිමව ඇතිකරගෙන විලාප දිදී සිටීමත්, බුදු දහමෙන් වචන කිහිපයක් අල්ලාගෙන ඉමක් කොනක් නොමැති වාද විවාද කරමින් කාලය කා දැමීමත්… ආදී වූ අනේකවිධ නිෂ්ප්‍රයෝජන දේවල් ය.

    ‘ඇවිත් බලන්න’යැ යි පවසන ඒහිපස්සික ගුණයෙන් යුතු නිර්මල බුදු දහම දෙසවන් පුරා අසන්නට ලැබුනද තමා මෙතෙක් කලක් රැගෙන ආ හණ මිටිය බිමින් තබා ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් කියා දෙන ඒ සම්බුදු දහම අවබෝධ කළ යුතු යැ යි සිතීමට තරම් නිර්භීත විය නොහැකි බොහෝ පුද්ගලයෝ ඒ මිත්‍යාදෘශ්ටිත් කරපින්නගෙන අනන්ත වූ සසරේ තව දුරටත් අතරමං වීමේ දහසකුත් එකක් සැලසුම් සකස් කරමින් සිටිති.

    ඉතින් දුර්ලභ ‘ක්ෂණ සම්පත්තිය’ උදාවී ඇති මේ කෙටි කාල පරිච්ඡේදයේ දී බුද්ධිමත් ඔබට උවමනා;
    අර ඊ තලයෙන් පහර කෑ පුද්ගලයා මෙන් එලොවටත් නැති මෙලොවටත් නැති දහසකුත් එකක් නිෂ්ප්‍රයෝජන ප්‍රශ්න අසමින් සිට සුවපත් නොවී ම මරණයට පත්වන්නට ද?
    නැතහොත් මෙතෙක් කලක් ගෙන ආ හණ මිටිය නිර්භීතව බිමට දමා, ජීවිතයේ ඇති තතු කියැවෙන අකාලික ඒහිපස්සික ගුණයෙන් යුතු නිර්මල බුදු දහම නිසා ලෝකවාසී සත්වයා හට උදා වී ඇති අති දුර්ලභ භාග්‍යයේ හිමිකරුවෙක් වන්නට ද?

    කැමතියි

    • @ ලක්මාල්

      ඔබ මගේ ප්රශ්නයට නොවේ මේ පිළිතුරු දෙන්නේ.
      මාගේ ලිපියේ නොමැති කරුණුත් ඔබ ඉදිරිපත් කරන මගේ පැනවලට පිළිතුරු නොදී වෙනත් දේ පැවසුවද මා ඉලක්කකොට ඇතයි සිතන ඔබගේ කරුණු වලට පිළිතුරු දෙමි.
      බුදු රජාණන් වහන්සේ වැඩ විසූ කාලෙයේ ද මෙලෙස මෙවැනි ප්රශ්න වැලක් ඉදිරිපත් කරන කළ අය ඕනෑ තරම් සිටි බව පිළිගනිමි.
      සසර දුක අවබෝධ කිරීමේ අරමුණකින් ධර්මය හදාළ අයට මෙවැනි ප්රශ්න සිත් තුල පහළ වීම අරුමයක් යයි නොසිතමි.

      1.මගේ පළමු ප්රශ්නයට හේතුව උදිත මහතාහට මෙසේ පහදා දී ඇත.

      [එසේ හෙයින් වීඩියෝව නරඹන විට ” මම උපතින් බෞද්ධ ආගමේ නොවෙයි කියන එක” යන වදන් සමග මා සිතට නැගුනේ
      කෙනෙක් උපතින් බෞද්ධ වන්නේ කෙසේද යන්නයි.
      මෙය සාමානය ගිහියකු කීවා නම් මා එය ගැන සිතන්නේ නැත.
      නමුත් ධර්මධර භික්ෂුවක් මෙසේ පැවසීම මා හට විමතියක් ඇති විය.
      කිමද යත් මා උගෙන ඇත්තේ බෞද්ධයකුවීමටනම් තිසරණ සරණ යායුතු බවයි.
      ඒ මත ඉතිරි ප්රශ්න තුන පැන නැගුනා.]

      2.මගේ දෙවැනි ප්රනශ්නයට හේතුව Indika Kumara මහතාහට මෙසේ පහදා දී ඇත.

      [ඒ අනුව කිරිබත්ගොඩ හිමියන් ඒ ආත්මයේදී බුද්ධ පරිනිර්වාණයට වසර කිහිපයකට පමණ පෙර (උදා වසර 6ක්) හෙවත් ක්රි.පූ. 550 සිට බු.ව. 30 හෙවත් ක්රි.පූ. 514 අතර කාලයක උපත ලැබිය යුතුය.
      දළ වශයෙන් මේ කාලය අතරතුර ඉපදුනා නම් උන් වහන්සේ බුදුන් දැක නොමැති නිසා මෙවර බුදුන් මතකයට නො ඒම පැහැදිළිය.
      එසේම ඒ කාල වකවානුවේ උපන් එතුමාට ආනන්ද හිමියන් ළඟ මහණ දම් පුරන්නට ඇත.
      එසේම නැවත වතාවක් ඒ කාලය මෙනෙහි කරගතහොත් රෝහිණී නදිය මැද අනද හිමි පිරිනිවන් පෑ අයුරු මතක් වනු ඇත.
      දෙවැනි පැනයට පිළිතුරු සම්පූර්ණ කර ගැනීමට උදව් වූ ඔබතුමාටත් සරත් ගුණතුන්ග දොස්තර මහතාටත් බොහොම ස්තුති]

      3. මගේ තුන්වැනි ප්රමශ්නයට ඔබ පිළිතුරු දී නැත.

      මගේ පැහැදිළි කිරීම් මැදහත් සිතින් කියවූවානම් මා තිසරණ සරණ ගොස් ඇති නැති බව පෙනෙනු ඇත.
      මජ්ඣිම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ චූළ මාලුංක්යි සූත්ර ය බැලිමී
      ජීවත් වීමට තිබෙන්නේ ඉතාම කෙටි කාලයක් බව මෙනෙහි කලද බුදුන් වහන්සේ වාද ප්රතික්ෂේප කළේ නම් අද බොහෝ සුත්ර මෙසේ කියැවෙනු ඇත.

      මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ……… නම් නුවර ……. නම් ………ගේ ……උයනෙහි කරවනලද විහාරයෙහි වැඩ වාසය කරති. එකල්හි වනාහි ……… පුත්‍රතෙමේ ……………. නුවර වාසය කරයි. එකල්හි ………..නම් භග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග වාදය ගන්නෙමි සිහිකොට ආසන ගත්තාහ.මෙසේ කල්හි භාග්‍යවතුන් වහන්සේ ………………..තල්ලු කර වදාළහ…….වෙනිවූ ….. සූත්‍රය නිමි.

      ‘ඇවිත් බලන්න’යැ යි පවසන ඒහිපස්සික ගුණයෙන් යුතු නිර්මල බුදු දහම දෙසවන් පුරා අසන්නට ලැබුන මා ජීවිතයේ ඇත්ත ඇති සැටියෙන් කියා දෙන ඒ සම්බුදු දහම අවබෝධ කළ යුතු යැ යි සිතීමට තරම් නිර්භීතය..
      නමුත් මුඛ පරම්පරාගතව පැමිණීම හේතුවෙන් යම් යම් තන්හි විකෘතිවීම් සිදුවීමට ඇතයි අදහමි.
      උපාලි සූත්රයේ බුදුන් වහන්සේ මෙසේ දේශනා කොට ඇත.

      ´´ගෘහපතිය, සිතා බලා සුදුස්සක් කරව. සිතා බලා කිරිම නුඹවැනි ප්‍රසිඬ මනුෂයන්ට යහපත් වෙයයි (වදාළහ). ´´සවාමීනි, භාග්‍යවතූන් වහන්සේ .සිතා බලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිඞ මිනිසුන්ටයහපත් වෙයි, යන යමක් මට මෙසේ කීයේද, මෙි කාරණයෙනුත් මම භාග්‍යවතූන් වහන්සේ කෙරෙහි වැඩියෙන්ම සතුටු සිත් ඇත්තේ ප්‍රසන්න වූයේ වෙමි. සවාමීනි, අන්‍ය තීත්ර්‍‍ථකයෝ වූකලී මා වැනියෙකු ශ්‍රාවකයෙකු (වශයෙන්) ලැබී නමි සියළු නාලන්ද නුවර උපාලි සිටුතෙම අපගේ ශ්‍රාවක බවට පැමිනියේයයි කොඩි නංවන්නාහුය. .එතකුදු වුවත් භාග්‍යවතූන් වහන්සේ මට මෙසේ වදාළහ. .ගෘහපතිය, හිතා බලා සුදුස්සක් කරව. සිතිබලා කටයුතු කිරීම තොප වැනි ප්‍රසිඞ මිනිසුන්ට යහපත් වෙ (කියායි). සවාමීනි, ඒ මම දෙවනුත් භාග්‍යවතුන් වහන්සේ සරණකොට යමි. ධර්‍මයද භිකෂු සඬයාද (සරණකොට යමි). භාග්‍යවතූන් වහන්සේ මා අද පටන් දිවිහිමි කොට සරණ ගියාවූ උපාසකයෙකැයි දරණ සේක්වා,යි (කීයේය).

      කැමතියි

  9. හරි කිරිත්බගොඩ නාහිමියන්ට විශේෂ ධ්‍යානයක් ලැබිල තියනවනම් ඇයි ඔයා ඒක පිලිගන්න ඇකමැති…..ඇයි ඔයා ඔය තරම් ඉරිසියා කරන්නේ…????
    ඔබගෙ ප්‍රස්නවලට පිලිතුරු මා දන්නා සැටියෙන් ඉදිරිපත් කරන්නම්…
    1.බුදුදහම අනුව ජීවිතයේ පටන්ගැන්ම උප්පත්තිය නෙමෙයි…ඒ පුද්ගලයාට බොහෝ පෙර පින් තියනවනම්…ඒ සඳහා වාසනාව තියනවනම්..ඉපදුන හැටියෙම උනත් නිවන් යන්න පුලුවන්….සිද්ධාර්ත කුමාරයා ඉපදුන ගමන් නෙලුම් මල් උඩ ඇවිද්දෙ..ඒ පෙර පින් මහිමය නිසා….
    2.පලමු ධර්ම සංගායනාවට ප්‍රථම තමා අපේ අනඳ මහ රහතන් වහන්සෙ රහත් උනේ….මට මතක විදිහට..මහා කස්සප…උපාලි ආදී මහ රහතන් වහන්සේල කීප දෙනෙක් හිටිය අවුරුදු 120ක් ජීවත් උන…බුදුදහම අනුව…ඒකාලෙ පරමායුෂ අවුරුදු 120යි….
    3.ඒක ඇත්ත ඒත් ධර්මය අවබෝධ වන පින් ඇති පිරිස බුද්ධ කාලෙදි වැඩියි….මේ ත්‍රි පිටකය කියන එක හරියට(සම්පූර්ණයෙන්) දේශනා කරල නොතිබුන කාලෙක…සැරියුත් හාමුදුරුවො බණ පද 2ක් අහල සෝවාන් උනා….එතකොට කොහොමද බණ පද 2න් තෙරුවන් ගිහින් ධර්මෙ අවබෝධ වෙලා..සීලයෙ පිහිටල සෝවාන් වෙන්නෙ….ඔය ප්‍රස්නෙටත් උත්තර මන් ළඟ තියෙනව..ඒත් ඔයාට ඕනි හාමුදුරුවන්ට මඩ ගැසීමේ ෆන් එක ගැනීම මිස ධර්මය නෙමෙයි නෙව,,,,

    කැමතියි

    • @ Indika Kumara
      හරි කිරිබත්ගොඩ නාහිමියන්ට විශේෂ ධ්‍යානයක් ලැබිල තියනවා කියා එතුමා කියනවා නම් මා එය පිළිගනිමි.
      නමුත් යමෙක් එසේ කී පමණින් කරුණු නොවිමසා අන්ධානුකරණයෙන් පිළිගැනිමේ පුරුද්දක් නැත.
      මා ඉරිසියාකරන බවක් ඔබට පෙනුනාට මා හට කරන්න දෙයක් නැත.
      මා ලෝකය තේරුම් ගන්න පටන්ගත්දා සිට කිසිවෙකුට ඉරිසියා කොට නැත.
      අනුන් ලද සතුට ගැන සතු‍ටුවීමට හැකියාවක් මට ඇත.
      1.ඔබ මගේ ප්‍රශ්නයට නොවේ මේ පිළිතුරු දෙන්නේ.

      2.කොටසකට පිළිතුරු දී ඇත.
      ඒ අනුව කිරිබත්ගොඩ හිමියන් ඒ ආත්මයේදී බුද්ධ පරිනිර්වාණයට වසර කිහිපයකට පමණ පෙර (උදා වසර 6ක්) හෙවත් ක්‍රි.පූ. 550 සිට බු.ව. 30 හෙවත් ක්‍රි.පූ. 514 අතර කාලයක උපත ලැබිය යුතුය.
      දළ වශයෙන් මේ කාලය අතරතුර ඉපදුනා නම් උන් වහන්සේ බුදුන් දැක නොමැති නිසා මෙවර බුදුන් මතකයට නො ඒම පැහැදිළිය.
      එසේම ඒ කාල වකවානුවේ උපන් එතුමාට ආනන්ද හිමියන් ළඟ මහණ දම් පුරන්නට ඇත.
      එසේම නැවත වතාවක් ඒ කාලය මෙනෙහි කරගතහොත් රෝහිණී නදිය මැද අනද හිමි පිරිනිවන් පෑ අයුරු මතක් වනු ඇත.
      දෙවැනි පැනයට පිළිතුරු සම්පූර්ණ කර ගැනීමට උදව් වූ ඔබතුමාටත් සරත් ගුණතුන්ග දොස්තර මහතාටත් බොහොම ස්තුති.

      3.ඔබ මගේ ප්‍රශ්නයට නොවේ මේ පිළිතුරු දෙන්නේ.

      දැන් ඔබට පැහැදිළි ඇති හාමුදුරුවන්ට මඩ ගැසීමේ ෆන් එක ගැනීම නොව, කරුනු වටහා ගැනීමට මා හට උවමනා බව.

      කැමතියි

  10. මිත්‍රයා,

    ඔබ ඔය කරන්නේ කිසි හරයක් නැති වැඩක්… ඔබේ හිතේ කිසිම නරක චේතනාවක් හෝ හාමුදුරුවන්ට මඩ ගැසීමේ අවශ්‍යතාවයක් නැතුව ඇති. “නමුත් යමෙක් එසේ කී පමණින් කරුණු නොවිමසා අන්ධානුකරණයෙන් පිළිගැනිමේ පුරුද්දක් නැත.” මේ විදියට තමන් ගැන ආත්ම අභිමානයෙන් කතා කරන්න අපි හැමෝම කැමතියි. ඔබ විතරක් නෙවෙයි මේ සමාජයේ ඉන්න බොහෝ දෙනෙක් මේ වගේ තමයි. කවුරුවත් කියන පළියට දේවල් විශ්වාස කරන්න තරම් බොළඳ සහ නූගත් අයත් ඉන්නවා නමුත් ඔබට වඩා දැනුමෙන් වයසින්(ඔබ කුමන වයසක,තරාතිරමක කෙනෙක් දැයි මට වැටහීමක් නම් නෑ.. ) මුහුකුරා ගිය අය ඉන්නවා. සමහර දේවල් තියෙනවා ඒවා තේරුම් යන්නේ ජීවිතෙත් එක්ක. කරුණු,දත්ත,සාධක,හේතු ඒව වලින් තේරුම් ගන්න බැහැ. ඔබ ඔය වචන කිහිපයක තියෙන මතුපිට අර්ථයක් අරගෙන තේරුමක් නැති ප්‍රශ්න ටිකක් අහනවා.

    එකම දේ ඔබ ඔය දන්න බුදුදහමත් ඔබ ඉගෙන ගත්තේ කාගෙන් හරි අහල නැත්නම් කියවල…ඔබට හරි යැයි වැටහුණ නිසා ඔබ බුදු දහම පිළිගන්න ඇති. මේ හාමුදුරුවන් කියන කතාවේ ඇත්ත නැත්ත ඔබට තේරුම් යයි. නමුත් ඒ සඳහා ඔබට වඩා පුළුල් ලෙස ලෝකය දකින්නට ඉගෙන ගන්න වෙයි.

    සරලව කියන්නම් බුදුන් දැකල උන් වහන්සේගේ කාලයේදි මහණ වෙලා ඉදල නිවන් අවබෝධ කරගන්න බැරි වුණ අය ඕනේ තරම් අපිත් එක්ක ඉන්නවා. ඔබත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නුවණ ලබාගත් දිනෙක හොයා බලන්න. මම මේ ස්වාමීන් වහන්සේ ගැන කිසිවක් කියන්න දන්නෙ නෑ නමුත් සංඝයාවහන්සේ නමක් ගැන මත ඉදිරිපත් කරණකොට බොහෝම පරිස්සම් වෙන්න මොකද ඔබ නොදැනුවත්ව කරන්නේ මහා පාපයක් විය හැකි නිසා.

    කැමතියි

    • පැතුම්
      බොහොම ස්තුතියි මිත්‍රයා.
      මගේ ලිපිවලින් මාව බොහෝ දුරට එළිදරව්කරතිබේ.
      මා මැදි වයසේ නමුත් තරාතිරම හෝ අධ්යාපන මට්ටමින් කෙනෙක් මුහුකුරා ගොස් ඇතිදැයි කිවනොහැකි නිසා එය සඳහන් නොකරමි.
      ඔබහරි මා මීට වසර 20 කට පෙර සමාජය දෙස බැළු ලෙස නොවේ අද බලන්නේ.තව 20 කදී එය තවත් වෙනස්වේවි.

      .(ලලිත් ගැන මගේ ලිපිය බලන ලෙස ඉල්ලමි)

      මා මෙය මතු පිටින් අත නොගාමි.පුද්ගලිකව මට මේ විඩියෝවෙන් හෝ ස්වාමීන්වහන්සේගෙන් අබටැකවත් වරදක් වී නැත.
      නමුත් මුලා කිරීමක් යයි මට සිතුන විට එය මතුකිරීම යුතුකමක් සේ සළකමි.
      මා 100 % නිවැරදි යයි නොකියමි
      .එනිසයි මා කියන්නේ මාගේ වැරදි පෙන්න්වන ලෙස.
      ඔව් මා නොදැනුවත්ව මා අතින් මහා පවක් වීමටද ඉඩ ඇත
      එනිසායි මා සමාව ඉල්ලුවේ මාගේ මාතෘකාව ගැන.

      කැමතියි

    • Wilful Exposure
      26 minutes ago
      අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමිපාණන් සිංහාවලෝකනය ඔස්සේ හෙළි කළ සමහර දේශකයන් වහන්සේ ලා සත්‍ය වශයෙන් ම දීඝ නිකායේ ලෝහිච්ච සූත්‍රයට අනුව චෝදනා ලැබීමට සුදුසු දේශකයන් වේ. සමහර දේශකයන් වහන්සේ ලා සත්‍ය වශයෙන් ම චෝදනා ලැබිය නො යුතු උත්තමයන් වේ. තමන් සෝවාන් ආදී මාර්ග ඵලයන් ට තමන් පත් නොවී ඇති බව සිංහාවලෝකනය ඔස්සේ කිරිබත්ගොඩ හිමි ප්‍රකාශ කරන ලදී. https://m.facebook.com/story.php?story_fbid=316355612444293&id=100022095691184

      තමන් සෝවාන් ආදී උත්තරීය ශ්‍රමණ ඵලයන් ට පත් නොවී අන් අයට දේශනා කරන එක ලෝහිච්ච සූත්‍රයේ දැක්වෙන්නේ හරියට තමන් ගේ කුඹුරේ වල් පැල තියාගෙන අන් අයගේ කුඹුරු වල වල් නෙලන්න යන්නෙක් සේ ය. ඒ සූත්‍රයේ එවැනි දේශකයන් චෝදනා ලැබිය යුතු දේශකයන් සේ පෙන්වයි. කිරිබත්ගොඩ හිමියන් සිංහාවලෝකනයේ අනුමත කල පරිදි ධර්මයට අනුව කෙනෙක් සත්පුරුෂ භූමියට පත් වන්නේ සෝවාන් ඵලයට පත් වූ පසුව යි. එම නිසා බොහෝ දෙනෙක් හට ධර්මය කෙරෙහි ප්‍රසාදය ඇති කරවමින් අපමණ පුණ්‍ය සම්පත් අත්පත් කර යහපතෙහි යෙදවීම ට මං විවර කර ඇත ත් ඥානානන්ද හිමිපාණන් තවම බුද්ධ ධර්මයට අනුව සත්පුරිස භූමියට පත් ව නැත. බුද්ධ ධර්මයට අනුව සත්පුරිස භූමියට පත් නොවූ අය හට නියම සත්පුරිස භූමියට පත් වූ වන් හදුනාගත නො හැකි වේ. ඒ නිසා ඥානානන්ද හිමිපාණන් විසින් නිර්දය ලෙස විවේචනය කරන්නට යෙදුනු අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර හිමි වැනි උත්තමයන් ආර්ය මහා සංඝයේ පිරිස් හැටියට හදුනා ගැනීම අභව්‍ය වේ, නොහැකි වේ.

      මේ තිත්ත ඇත්ත නිසා පින්වත් ලොකු ස්වාමින් වහන්සේ කියන දේ සියල්ලෙන් සියල්ල සත්‍ය යෙන් සත්‍ය හැටියට පිලිගෙන ඒ අනුව යන බහුතර මහමෙව්නා අසපු සංචිතයේ පින්වත් පිරිස් හරියට වැලක් අතැතිව ඉදිරියෙන් යන අන්ඳ මිනිසෙක් පසුපස එම වැලේ ඉතිරි කොටස අල්ලා ගෙන ඔහු පසුපස යන තවත් අන්ඳයන්, ඇස් නො පෙනෙන නිමිත්තෙන් ම ඉදිරියේ යන අන්ඳ මිනිසා හැරෙන හැරෙන පැත්තට යන්නා සේ, වැටෙන වැටෙන වලේ වැටෙන්නා සේ, හැපෙන හැපෙන වස්තුවේ හැපෙන්නා සේ, නො පෙනෙන භයානක අනතුරු රැසකට මුහුණ පා ඇති බව පෙනේ. දහම් ඇස පහදා අන්ඳ බාවයෙන් අත්මිදී යහපත දැක මහමෙව්නා අසපු සංචිතය ට සම්බන්ධ සියලු පින්වත් පිරිස් සහ සියලු සත්ත්වයෝ මතු දුක් දෙන පාපයන ට පත් නොවේවා! සබ්බේ භද්‍රාණි පස්සන්තු – මාකඤ්චි පාපමාගමා!

      මධ්‍යහන කාලයේ ඇත්තු කැලේ ඇති ගැඹුරු වතුර වලවල් වල වැතිර කරන පිට තෙමන සෙල්ලමක් තියෙනවා. ඕක බලාගෙන ඉන්න වදුරො, නරි වගේ සත්තු “ඇතා ගන්න ආතල් අපිත් ගමු බං” කියලා ඒ ගැඹුරු වල මැදට පැනලා පිට තෙමන සෙල්ලම කරන්න ගියොත් මොකෑ වෙන්නේ?

      http://www.waharaka.com වලට පිවිස අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා රහතන් වහන්සේ නැමති ගජ මුතු සහිත ඇතා කල පිට තෙමන සෙල්ලම් බලන්න. නො ගිලී පිටතෙමන සෙල්ලම නිවැරදිව ඉගෙන ගන්න ගැඹුරු වලවල් වලට පනින්න පෙර!

      කැමතියි

  11. මේ සියල්ලන්ම පටලවාගෙන සිටින්නේ මේ බුදුන් වදාළ බුදු දහම යයි සිතන බැවිනි. ( පෞද්ගලිකව මම කිසිම ආගමක් නො අදහමි. එහෙත් යමෙකුට ඕනෑම ආගමක් ඇදහීමට ඇති අයිතියට ගරු කරමි) මේ තියෙන්නේ එය නොවේ. කපටි චීවර ධාරියෙකු විසින් අහිංසක මිනිසුන් ගසා කෑම සඳහා මිත්‍යාවන් වැපිරවීමක් පමණි. මිනිසුන් තමන්ගේ ප්‍රශ්න වලට කිසිවෙකුගෙන් පිළිසරණක් නොලැබෙන විට මෙවැනි මිත්‍යා මත වපුරන්නන පස්සේ යාම සුලබව දක්නට ඇති දෙයකි. මීට කලකට ඉහත පහල වූ දොළුකන්දේ හිමි ගැන ඔබ සැමට මතක ඇති සිතමි. මෙයත් එවැනි විජ්ජ කරුවෙකු පමණි.

    කැමතියි

  12. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?
    දේශනා කොට තිබුනත් ධර්මය නිසි අයුර්‍රින් තේරුම් ගැනීම ඉතා සංකීරණ කාරනාවක්..ශරීරයට සැප නොදීමේ පිලිවෙතක් එදත් සමහර තෙරණුවො ළඟ තිබුන….
    එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?
    ඔය ඔතන හාමුදුරුවො බණ කියන්නෙ උසාවියක නෙමෙ…සාමන්‍ය ජනයාට මට හිතෙන්නෙ හාමුදුරුවන්ට කියන්න ඕනි උනේ ධර්මය දැකීමේ කිසියම් හැකියාවක් සහ එතෙක් උන්වහන්සේ ළඟ තිබුන වැරදි කීපයක් දකින්න පුලුවන් උනා කියන එක වෙන්න ඇති….
    ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?
    ඔබ හැමදේම ලොජිකල් දකින්න යනව…..හාමුදුරුවො ස්ථාන 3කදි කියපු බණ වලින් විනාඩි 7.2යි ඔබ ළඟ තියෙන්නෙ….හරියට අදකාලෙ එකම දේශපාලක මිනිහ කරපු කතාවෙ තියෙන තමන්ට වාසි කෑලි ටික එඩිට් කරල දමන ටීවී චැනල් කාරයෙක් වගෙ….
    නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?
    මෙහෙමයි අද කාලෙ නිවන් අවබෝද කල අය නැති නිසා නිවැරදි ධර්මය කියන්නෙ..,,ඔය අටුවා ටීකා ටිප්පනි කතා ටිකද කියල වෙලාවකට හිතෙනව,,,ධර්මය කියන්නෙ අවබෝධ කරගත යුතු දෙයක්…තමන් අවබෝධ කල ධර්මය මොන වගේද කියල සහ අවබෝධ කරගත්තෙ කෝමද කියන එක විස්තර කරන එක ගොලුව හීනයක් විස්තර කරනව වාගෙ…
    ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?
    උන්වහන්සේ පැමිණි පිරිසට දේශනා කරන ධර්මයෙ කෑලි ටිකක් අල්ලගෙන ඔබ සෙල්ලම් කරනව….
    මටත් කිරිබත්ගොඩ හිමි සම්බන්ධ යම් යම් ප්‍රස්න තියෙනවා…ඒත් ඔබ අල්ලන තැන වැරදියි….ඔය උපාසක අම්මල ඔතන බුදුහාමුදුරුවො බණ කිව්වත් නිවන් යවන්න බැරි සෙට් 1ක් විදිහට මම දකින්නෙ..ඉතින් පැමිණි අයට තේරෙන්න ශ්‍රද්ධාව ඇතිවෙන්න කරුණු කියන්නෙ නැතිව මෙයාලට අභිධර්මෙ කියල වැඩක් නෑ….

    කැමතියි

  13. සරත් ගුනතුංග මහතානෙනි
    විඩියෝවෙහි මතකය පිලිබ්ද සදහන් වෙන්නේ මෙලෙසිනි.
    “පර්වතය නගිද්දි මට සම්පූර්නයෙන් මතක් වුනා බුදු රජානන් වහන්සෙගෙ අග්‍ර උපස්තායක ආනන්ද හාමුදුරුවො ලග මම මහන වෙලා ඉදල තියෙනවා ” ඉතින් ඔබතුමා කොහොමද මෙක flashback එකක් හෝ සිහිනයක් වගේ කියල අර්ථකතනය කරන්නෙ. මේක කිරිබත්ගොඩ හමුදුරුවො වගකීමෙන් කරන ප්‍රකාශයක්. විහිලුවක් නෙමේ. කිරිබත්ගොඩ හමුදුරුවො වගේ කෙනෙක් හිනෙන් වගෙ දැනුනු දේවල් බනටත් කියයි කියල අපි නම් කවදාවත් විශ්වස කරන්නෙ නැහැ

    කැමතියි

  14. බොහොම කණගාටුයි..!
    දිට්ඨදම්මවේදනීය කර්ම කියා ජාතියකුත් තියෙනවා.
    උඹට මේ කර්ම විපාකෙන් නං ගැලවෙන්න බැරි වෙයි.
    ඉක්මනින්ම උඹේ මතක ශක්තිය හීන වී යාවි.
    අනේ…උඹට එසේ නොවේවා..!!!
    සුවපත් වේවා..!!!!

    කැමතියි

  15. මටත් මතක් වුනා මගේ පෙර භවය. බලන්කොට මම තමයි මුචලින්ද නාග රජු වෙලා තියෙන්නෙ ඒ කාලෙ. නියමයි නෙ?

    ඕවට තමයි කියන්නෙ වැඩකට නැති කතා කියල. ගිය ආත්මෙ කවුරු උනත් වැඩක් නැහැ. මේ ආත්මෙ කරන දේ තමයි වැදගත්!

    කැමතියි

  16. Kiribathgoda Gananada is a CEO Of a department store callled “asapuwa” Like wallmart in usa. these day he is opening up breanches of asapuwa all over tbe country. these idiots want to destroy the buddhist philosophy and preach their version of buddism. the other one is Kollonnwe sumangala at dewram wehera these days he is mis leading upasaka amms to worship Mahamaya deviya like Mary (mother of Jesus) in christianity. this is bullshit

    BUDDHISM IS NOT A RELIGON TO PRACTISED LIKE ISLAM AND CHRISTANITY. IT’S PHILOSOPHY PREACHED BY LORD BUDDHA.AND WRONGLY WRITTEN BY BUDDHA GHOSA. WHAT WE HAVE TO DO IS KNOWING THIS PHILOSOPHY AND ATTAIN NIBBANA

    කැමතියි

  17. ප්‍රශ්ණය
    වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?

    පිළිතුර
    එම අවස්ථාවේදී උන්වහන්සේ තිසරණ සරණ යෑම වශයෙන් අදහස් කරන්නට ඇත්තේ බෞද්ධ වීමය( සාමාන්‍ය ව්‍යවහාරික අර්ථයෙන්) එහිම ඊට තත්පර කීපයකට පෙර පෙර මම බෞද්ධ වෙනකොට මට මාස 6 යි. ලෙස උන්වහන්සේ කරන ප්‍රකාෂයෙන් එය පැහැදිළි වේ. මොහොතක් සිතන්න අපද මුලින්ම බෞද්ධ වූයේ බුදුරජාණන් වහනනන්සේගේ, ධම්ම රත්නයේ සහ සංඝ රත්නයේ ගුණ දැන ඒ පිළිබදව පැහැදීමෙන් නොව අප දෙමාපියන්‍ බෞද්ධ වීම නිසාය එනම් බෞද්ධ පවුලක ඉපදීම නිසාය.
    ඔබ මෙම සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින බෞද්ධ වීම ගුණ දැන තිසරණ සරණ යෑම ලෙස වරදවා තේරැම්ගෙන ඇත.

    ප්‍රශ්ණය
    ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?

    පිළිතුර
    අතීත භවයන් සිහිවීම සිදුවූ පළමු පුද්ගලයා උන්වහන් නොවේ අපට පෙර ආත්මය කියන පුද්ගලයින් පිළිබදව ඔනෑතරම් අසන්නට ලැබේ එවැන්නක් මතක් වීමට පෙර භවයන් දැකීමේ නුවණ ලබා තිබිය යුතුම නොවේ.
    එවැනි නුවණක් ඇත්නම් අහම්ඹෙන් මතක් වීමක් නොව අවශ්‍ය විටෙක ඔනෑම භවයක් පිළිබදව දැනගත හැක. නමුත් මෙම වීඩියෝවෙහි එවැන්නක් සදහන් නොවන බැවින් මෙම සිදුවීම අහම්බෙන් සිදුවූවක් බව ‍පැහැදිළිවේ. එය එක් එක් පුද්ගලයාගේ පින් බලය මත සිදුවේ. අපට එලෙස සිදු නොවීම නිසා අන්‍යයන්ටමද එසේ සිදු නොවේ යැයි නිගමනයකට එළබීම අනුවණ කමකි.
    මෙම වීඩියෝවේ කොතැනකවත් උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දැක්කාද, නැත්ද, යන්න ප්‍රකාශ කොට නැත.
    දැක තිබුණද ඒ පිළිබදව මතක් නොවී තිබීමටද බැරිනැත ඔබ ඉන් අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවානම් ධර්මය අවබෝධ කළ යුතුය යන අර්ථයෙන් නම් එයට පිළිතුර බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසුවද මාර්ගඵල නොලැබූ අය ඇතිතරම් අතීතයේ සිට ඇත.

    ප්‍රශ්ණය
    විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද? එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?

    පිළිතුර
    පැහැදිළිවම දේශණා කොට ඇත. බුදුන් වහන්සේ එසේ දේශණාකොට තිබුනද මේ කාලයේ මාර්ගථල අවබෝධ කරගැනීම සිදුකළ නොහැක ඒ සදහා මෛත්‍රී බුද්ධ ශාසනය එන තුරැ සිටිය යුතුය වැනි මත මෙන්ම භාවනා කරගෙන යන විට නිකම්ම අවබෝධ වෙනවා බුද්ධ දේශණා දැන සිටිය යුතු නොවේ යන මත අද මෙන්ම දැනට වසර ගණනාවකට උඩද පැවතුණා. මේ නිසා ධර්මය අවබෝධ කළ හා ධ්‍යාන වඩන අය සොයාගොස් ඔවුන්ගෙන් උපදෙස් ගැනීමටයි උන්වහන්සේ හිමාලයට වැඩමකලේ. ගොඩක් අයටත් හිතෙනවා නේද මේ ධර්මය දැන් අවබෝධ කරන්න බෑ පුලුවන්නම් මාර්ගඵල ලබපු අය ඉන්න ඹ්න නේද කියලා ඒ වගේ තමයි. නමුත් මෙම තාපස වරැන්ගෙන් ගත යුත්තක් නැති බවත් ඔවුන්ගේ මත බුද්ධදේශණා වලට පටහැනි බව තේරැම් යාමත් එක්ක තමයි උන්වහන්සේ මෙම මත අතහැර බුද්ධ දේශණා කෙරෙහිම හිත පහදවා ගත්තේ

    මේ පිළිබදව වැඩිදුර දැන ගැනීමට උන්වහන්සේගේ ස්වයං ලිඛිත චරිතාපදානය කියවන්න.

    මා ඔබෙන් ඉල්ලන්නේ මෙම කරැණුත් සිතේ තබාගෙන නැවත මෙම වීඩියෝ එක බලන ලෙසයි.

    ඔබේ ප්‍රශ්ණ වලට පිළිතුරැ ලැබුණා යැයි කියා සිතෙනවානම් ඔබ කළ යුත්තේ

    මහමෙව්නාවට ගොස් උන්වහන්සේගෙන් ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වීම හෝ ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කැඹිරීම නොව නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකට ඔබෙන් සිදුවූ වරද පවසා එයින් නැගී සිටීම සහ නැවත මෙවැනි දෑ ඵල කිරීමෙන් වැලකී සිටීමය. එසේ වුවද ඔබ සිල්වත් ගුණවත් උතුමන්ට අභූතයෙන් චෝදනා කොට යම් අකුසලයක් කර ගත්තා නම් එහි විපාක වලින් වැලකී සිටීමද කළ නොහැකි දෙයකි. එබැවින් නොපමාව ධර්මයේ හැසිරෙන්න.

    තෙරැවන් සරණයි!

    කැමතියි

  18. හාමුදුරුවෝ මේ කරන්ඩ යන්නේ මොකක්ද කියලා, මට තේරුම් ගන්න අමාරුයි! ඒක දන්නේ එයාම තමයි. හාමුදුරුවෝ පොත්වල දේවල් හොදට දන්නවා ඇති, හැබැයි ඒ අවබෝධය නෙමෙයි. මොකද එහෙම අවබෝධකර ගත්ත කෙනෙක්ට කියන්ඩ කිසිම උවමනාවක් නෑ. එහෙම කියන්නේ මොකටද?
    මට මෙයා තවත් එක් පිටිදූවේ සිරිධම්ම කෙනෙක් විතරයි…… බොරුව කෙටිකාලිනයි!

    අසපු වලින් කරන විනාශය සිදුකරන හීන් නූලේ විනාශය සුලුපටු නැතිබව නම් දැන් ප්‍රක්තශ්‍යයි!!

    කැමතියි

  19. 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය වන බවට පින්වත් ලොකු ස්වාමින් වහන්සේ කියන ලද අනාගත වාක්‍ය:

    අති පූජ්‍ය වහරක අභයරතනාලංකාර මහ රහතන් වහන්සේ විසින් රහත් මාර්ගයේ යන අතර 2012 දෙසැම්බර් 21 ලෝක විනාශය නො වන බවට කියන ලද අනාගත වාක්‍ය: https://www.waharaka.com/listen/CD087-06
    https://www.waharaka.com/listen/CD088-36
    https://www.waharaka.com/listen/CD084-20
    https://www.waharaka.com/listen/CD076-57
    https://www.waharaka.com/listen/CD052-55
    https://www.waharaka.com/listen/CD042-32

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න