ගිජ්ජ කූට පර්වතය,නීල් ආම්ස්ට්‍රෝං සහ බෞද්ධයා……!

ම’මව් පස අත්තා (සීයා/මුත්තා)පස් පවින් වැළකුණ සැබෑ බෞද්ධ උවසුවකුය.සතර පෝයට සිල්ගත් හේ පසු කළෙක කරින් නොගැලවූ උතුරු සළුව සහිතව මියනතුරු සිටියේ,අප නිවසට රැස්වන උවසු උවැසියනට,(ම’පියා විසින් තිළිණ කළ ) සද්ධර්ම රත්නාවලිය මිලින්දප්‍රශ්නය කියවා තේරුම් කරදුන් අයුරු දැනුදු මැවී පෙනේ.එකළ කුඩා පාසල් සිසුවකු වූ මා ,මිනිසාගේ සඳ තරණයේ දසවස්   සමරුව පිළිඹඳ  ‘මිහිර’ පත්‍රයේ වූ ලිපියක් හඬනගා කියන’තර ,ම’වෙත පැමිණි හේ මිසදිටු පුවත් මායිම් නොකරන්න යැයි  ඉතාමත් අදරින් තෙපළුවේ මෘදුව ම’හිස පිරිමදිමිනි.ම’තුලවූ මහත් විමතිය මනා කොට පසක් කරගනිමින් , ම’කෙරේවු අපරිමිත දයාවෙන් මෙසේ පවසන්නට විය. ” ම’වැඩුමහල් මුනපුර,සඳ තරණය වනාහි සෘද්ධි බලයෙන් යුත් උතුමණට මිස පුහුදුන් දනහට කළ හැක්කක් නොව,පුහුදුන් දනහට එ’වෙත කිසිදා ළංවිය නොහේ.තොප මෙකියනා නීල් ආම්ස්ට්‍රෝනයන් වැඩිමවුවහොත්  ගිජු කුළු පව්ව කරා එළැඹින දැයි සිතිය නොහේ. මින් නොපසුබට මා මෙපුවත තරයේ අදහමින් වාදයට වන්නේ එසේ නම් අප නිවසට ඉහලින් යන්නාවූ අහස්යානා සඳ මතට නොපැදවිය හැකිවන්නේ කෙසේදැයි ඇසි, ම’හට පිළිදෙන්නේ ” එසියල්ලම ගිජු කුළු පව් මත්තට නූස්ව පියාඹන්නේ “යැයි ද අප තථාගතයෝ තුසිතයට හා තුසිතයෙ සිට තෙපියවරින් වඩින්නේ ගිජු කුළු පව් මත්තට දෙවැන්න  තබමිනැයි කීය.නාගදීපයෙන් එපිට මෙ දිවයිනෙන් බැහැර නොගිය හේ තම නැණ පමණින් එදා ම’හට අවබෝධ කරදුන් ගිජු කුළු පව්වෙ මතකය  කල් යත්ම වියැකිණි.නමුත් අදින් දසවසරකට පෙර සඳ තරණය සිතුවම් පටය මවන ලද්දකියි යමෙකු ලියා ඇති බව දුටු විගස යළි එය අළුත් වූයේ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි සිහි නංවමිනි.නාගදීපයෙන් එපිට මෙවර දිවයිනෙන් බැහැර ගිය කිරිබත්ගොඩ හිමිපානෝ මෙවර ගිජු කුළු පව්වෙ මතකය   අළුත් කළේ   ‘අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ “යැයි යන්න යළි සිහි නංවමිනි.මනුලොව කප් රුක රචනාවේ මැක්කාගේ කථා වස්තුව දෙවැනි කොටස මෙසේ ඇරඹිමි.

අප තථාගතයානෝ සර්වඥ ය.එබැවින් සියල්ල යථාකාරයෙන් දැක වදාළ සේක.ද්විමාන දෘශ්ඨියෙන් යුත් සත්වයෝද මෙලොව වසන්නෝය.උනුනට ත්‍රිමාණ දෘශ්ඨිය යනු කිමෙක්දයි කිසිදිනෙක නොවැටහේ.පුහුදුන් අප ත්‍රිමාණ දෘශ්ඨිය ඇත්තෝ වම්හ.කාලයාද මානයක් වි සිව්මාන අවබෝධයක් ලබන්නෝ වම්හ.මින් එපිට මානයක් ගම්‍ය නොවන්නෝ වම්හ.එසේ වතුද ජන්මයෙන් ලද්දාවු අති මහත් මුග්ධකම ලොවටම පෙන්වමින් මහා සහස්‍ර විශ්වයක් සිවුමාන පෙට්ටගමෙක බහා පෙන්වන්නට යත්න දරන්නෝ වම්හ

දුටු ගැමුණු රජු හට දුර දසුන,තල බනුව හෝ පරිගණකය ගැන කීවේ නම් මුසාව වෙනුවෙන් දැඩි දඩුවම් ලැබෙනු නිසැකය.එසේ වුව එය විය හැකියි පවසන්නෙක් එදා සිටියේ නම් අද ඌ හට අභය දියයුත්තේය.මේ සිව්මානයෙන් ලොව බලන්නා වු සියල්ලන්ටම ” අත්තාද මාද නිවැරදිවේ,අත්තා නිවැරදිවේ මා වැරදිවේ,අත්තා වැරදිවේ මා නිවැරදිවේ අත්තාද මාද වැරදිවේ ” ‘යැයියන්න අදාල වන්නේය.

එය එසේ වුවද අප තථාගතයානෝ සියල්ල දැන වදාළ සියළු කාරණා සසර කතරින් එතෙර වී මෝක්ෂය ලැබගැනුමටම නොවන බව දත මනාය.ඒ කිම්ද යත් මෝක්ෂය ලැබගත යුත්තාවූ මාර්ගයද පෙන්වා ආනපානසතියද දෙසා වදාළ බැවිනි.එසේ වීනම් මේ සා මහත් වූ සූත්‍ර දේශනා නිශ්ඵල වන්නේහි යයි නොසිතු මනාය.ඒ මන්ද යත් එදා වාදයට වන්නන්ගෙන් පැවැතෙන පරපුර කල්පාන්තය තෙක්මැ යළි යළි මතුවන නියාව තුන්කල් දක්නා ගෝතමයෝ අවබෝධ කොට ගෙන මතු පරපුරෙ යමෙකුහට වාදයට යාම් සඳහා සියළු කාරණා වදාළ බැවින.එකල්හි ලාමක පහත් විද්‍යායැයි අනුදැන වදාළද මිසදිටුවන්ගේ මන් බිඳිනු වස් තාරකා විද්‍යාවය,ජීව විද්‍යාවය වැනි විද්‍යා උපයෝගී කරගත්තේ යම් සේද, වත්මන් මිසදිටුවන්ගේ මන් එලෙසින්ම බිඳ දමා ,ශ්‍රී සද්ධර්මයට මහත් ආලෝකයක් ගෙනදෙන්නාවූ ධර්මධරයන් කොට්ඨාශයක් ද උන් වහන්සේගේ පිනට පහළව ඇත්තාහුය.ඒ කෙතරම් සේවයක්ද යත් බටහිර අනුකාරකවාදීන්ගේ ,මිසදිටුවන්ගේ නොදියුණු තාරකා විද්‍යාවය, ක්වොන්ටම් වාදය, සමාන්තර විශ්වයය යනාදි වාද හා විද්‍යා උපයෝගී කොටගෙනද,කළල විද්‍යාවය,ප්‍රවේණි විද්‍යාය,ජාන විද්‍යාය,අණුක ජාන විද්‍යායා උපයෝගී කොටගෙනද ත්‍රිපිටකය නිවරදි යයි ඔප්පුකොට පෙන්වා ඒ සමගම ත්‍රිපිටකය උපයෝගී කොටගෙන එකී සියළු විද්‍යා නොදියුණු සහ සාව්ද්‍ය යයි ඔප්පුකිරීමට තරම් දක්ෂවන්නාහුය.මෙකළ එම පරපුරට කවරහු අයත් වන්නෝද නම් (හ )බරණ ගණිත සලින්ද නිල්වා,ඉස්සරහ අමුනේ රාලලගේ නැතිවුන රා මිගයාද,කළලධාරී දිනුම් අලංකාර යයිද,දත යුත්තාහ.තවද මිසදිටුවන් නම් වනාහි තබූද,බහිරා මිගයාද, පු හු අල තිස්සයාද,නොහොඳ හිතා වන බවත් තේරුම් ගත මනාය.
තවද මේය ලනාගත අංකාව නම්වූ සූත්‍රයෙහි අශුද්ධ පිටපත මෙසේ පළ කළද මෙහිනම් ගම් කාල වකවානු සහ සිද්දිදාමය ගැන වගකීමක් නොමැති නිසා ප්‍රතිචාරයට පිළිතුරු ලැබේදයි සැක සහිතය.

10 thoughts on “ගිජ්ජ කූට පර්වතය,නීල් ආම්ස්ට්‍රෝං සහ බෞද්ධයා……!

  1. //විද්‍යායා උපයෝගී කොටගෙනද ත්‍රිපිටකය නිවරදි යයි ඔප්පුකොට පෙන්වා ඒ සමගම ත්‍රිපිටකය උපයෝගී කොටගෙන එකී සියළු විද්‍යා නොදියුණු සහ සාව්ද්‍ය යයි ඔප්පුකිරීමට තරම් දක්ෂවන්නාහුය// මසුරං කතාව. මට හිනාව නවත්වා ගන්න බැරුව ගියා.

    කැමතියි

  2. මිදිසිටුවන්ගේ ලිස්ට් එකට මගේ නම නොදැම්ම එකට මගේ බලවත් අප්‍රසාදය පල කරනව. ඇයි යකෝ මෙච්චර මහන්සි වෙලා බුද්ධාගම විනාස කොරන මට එච්චර දෙයක්වත් කොරන්න බැරිද ? කැතයි හොඳේ…

    කැමතියි

      • මා බ්ලොග් අවකශයට තරමක් අලුත් උවද, බුද්ධාගම (බුදු දහම නොවෙ) හා ලාන්කීය සමාජයෙ ආකල්ප ප්‍රශ්නයට ලක්කරමින්, පවතින අහයපත් සමාජ ව්‍යුහය වඩා සුබවාදි ලෙස වෙනස් විය යුතු බව සිතන බැවින්, හා මා ලාන්කීය මහා සම්මතයට ආවඩන්නෙක් නොවන බැවින්, මාද ඔය කියනා මිසදිටු ගොඩට අයත් විය යුතු බව සිටමි.

        තවද මා බුදු දහම උවද ගෙඩි පිටින් ගිලීම නොකරන බැවින්, දහම වැනසීමෙ ජාත්‍යන්තර කුමන්ත්‍රනයටද හවුල් බව සිතේ. තවමත් ඩොලර් ගෙවීම් නම් ලැබුනෙ නැත.

        කැමතියි

  3. (වදාළ සියළු කාරණා සසර කතරින් එතෙර වී මෝක්ෂය ලැබගැනුමටම නොවන බව දත මනාය.ඒ කිම්ද යත් මෝක්ෂය ලැබගත යුත්තාවූ මාර්ගයද පෙන්වා ආනපානසතියද දෙසා වදාළ බැවිනි.)
    මම මරුවා වෙමි…වරෙක බුදුහුද බැහැදැක බනද අසා ඇත. නුඹගේ ඉහත කොටස සම්පූර්ණයෙන්ම වැරදියහ. හරියට අහල ඉගෙන ගනිං…. මොකද උඔටත් මාව හමුවෙන්න වෙනවා.
    වදාළ සියළු ධර්මයම සසර කතරින් එතෙර වී මෝක්ෂය ලැබගැනුමටම ප්‍රමානවත් පරිදි පමනි.
    අනෙක නූතන විද්‍යාව ආගම් සඳහා නොව. විද්‍යාවෙන් කිසිදු දහමක් ඔප්පු කිරීමට යාම කූඩයෙන් සුලං මැන බැලීමක් වැනිය.
    රේරුකානේ චන්දිවිමල හාමුදුරුවන්ගේ පොත ගුණසේන පොත්හලෙන් අරගෙන කියවා බලව. අරගෙන
    නැතිනම් මනුලොවින් චුතව මා හමුවට එව.

    කැමතියි

    • එම්බල මරුව
      මා තොපට බය නැත.තා මා වෙත කිහිපවරක් පැමිණ මට බියෙන් පලා ගිය හැටි අමතකද?
      කෙසේ වුවත් මගෙ බ්ලොගයට පැමිණීම ගැන සතු‍ටුවෙමි.(වෙමුද අපි මිතුරු)?.
      1.නිවන් අවබෝධ කරගන්නට මුළු ත්‍රිපිටකයම වුවමනා නැති බැවිනි එසේ කීවේ.(මා නොකියා කියු ඉන්දික සූත්‍රය බලව.)
      2.නැවත මා කියන්නේත් බුදු දහම විදු දැනුම දෙකක් බවය.වැරදියට පෙනුනි නම් සමාව දෙව.
      3, පොත නැත.සිරි ලකෙන් පිට සිටිමි.හැකිනම් ඊ-පොතක් ලබාදෙව.
      තවද මේය ලනාගත අංකාව නම්වූ සූත්‍රයෙහි අශුද්ධ පිටපත මෙසේ පළ කළද මෙහිනම් ගම් කාල වකවානු සහ සිද්දිදාමය ගැන වගකීමක් නොමැති නිසා ප්‍රතිචාරයට පිළිතුරු ලැබේදයි සැක සහිතය.

      කැමතියි

  4. හොදහිත, අප සාමාණ්‍යයෙන් අන්තර් ජාලයේ බොහෝ වෙලා ගත නොකරනුයේ කාර්‍යබහුල විමත්, ඇති කාලයෙන් උපරිම ඵල නෙලාගත යුතු වන්නාවු බැවිනි‍‍. ඔබගේ මෙම ලිපිය දුටුවෙ අපගේ බිලොග් අඩවියේ වු referrers ටැෆ්ක් එක මගිනි. කෙසේ වුවද ඔබ කියු දෙය කියු සැනින් අපට තෙරැමි ගිය බව සතුටින් දැනුමි දෙමු‍. බුදු දහම යන්නහා සසදා බැලිමෙදී නුතන විද්‍යාව යන්නට ළදරැවෙකුගේ තැන දුන්නද උපමාව හරි නැත. නුපන් දරැවෙකුගේ තැන දුන්නද උපමාව හරි නැත. සැබවින්ම එය හා සමකල හැකි දෙයක්ද මම නොදනිමි. ධර්මය අත්දකින්නට දකින්නට එය ගැන පැහැදිම ඇතිවනු මිස එයින් නොමිදේ. නමුත් ධර්මය අත් නොදුටු තැනැන්නාට එය විහිළුවක් විම සැබවින්ම සාධාරන කරැනක්. මෙළොව කිසිදු මිනිසෙකු මෙ ආකාරයැයි කිසිවෙකුට කිව හැක් වන්නේ නැත. කර්මපාදක වු ලොව තුල ලොව මවන ලොව නසන හෝ ලොව දුවවන ඉන්දනය වන්නේ තෘෂ්ණා හා කර්මයන් යන දෙක පමණි. එය හටගන්නේ අවිද්‍යාවෙනි.

    අවිද්‍යාවෙ ගැලි ඇති දනන් හට අප අනුකමිපා කරනු මිස කල හැක්කක් නොමැත. බුදු දහමෙ අත්දැකිය නොහැකි කිසිවක් මා මෙතෙක් අත් දැක නැත. එබැවින් මා බුදු දහම තුල ප්‍රශ්ණකරනුයේ බොදු සාහිත්‍යය පමණි. ක්‍රිස්තු ධර්මය බොහෝ රෝමානු කතෝලිකයන්ටද වඩා හොදින් දන්නා අප මුස්ලිමි ධර්මය නිති විද්‍යාලයේදී උගතිමි. එබැවින් බැහැරකල යුතු දේ කුමක්ද යන්න ගැන නිවැරදි අවබෝධය අපට ඇත.

    බුද්ධකාලින සමාජය තුලත් වත්මන් සමාජය තුලත් අප කැපි පෙනෙන වෙනසක් නොදකිමි. එකලද බුදුරදුන් අනුව ගියාවෝට අභිබවා බුදුරදුන් විවෙචනය කලෝ ගණනින් වැඩි විය. ධර්මය බුද්ධිය ඇත්තන්ට මිස ගල් වැද්දන්ට නොවන්නේය.

    මනස විවෘත ප්‍රඥාවන්තයන්ට මිස උඩු යටිකුරැ කල විදුරැවලට නොවන්නේය. ඒ ලොක ස්වභාවය දැක නුවනැත්තෝ නොසැලිය යුත්තේමය.

    ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින්ම රැකේ.

    අංගුලිමාල රහතුන් වහන්සේට වඩා අප සැම දෙන භාග්‍ය වන්ත යැයි අප සිතමි. අංගුලිමාල තෙරැන්ට බුදු සසුන තුල තැනක් ඇති කල අප ගැන කිම අනව්‍ශ්‍ය වනු ඇත. අවශ්‍ය වන්නේ විචක්ෂන බුද්ධියත් නුවනත් පමණි.
    සසුන බැබලේවා.

    කැමතියි

  5. හොදහිත, අප සාමාණ්‍යයෙන් අන්තර් ජාලයේ බොහෝ වෙලා ගත නොකරනුයේ කාර්‍යබහුල විමත්, ඇති කාලයෙන් උපරිම ඵල නෙලාගත යුතු වන්නාවු බැවිනි‍‍. ඔබගේ මෙම ලිපිය දුටුවෙ අපගේ බිලොග් අඩවියේ වු referrers ටැෆ්ක් එක මගිනි. කෙසේ වුවද ඔබ කියු දෙය කියු සැනින් අපට තෙරැමි ගිය බව සතුටින් දැනුමි දෙමු‍. බුදු දහම යන්නහා සසදා බැලිමෙදී නුතන විද්‍යාව යන්නට ළදරැවෙකුගේ තැන දුන්නද උපමාව හරි නැත. නුපන් දරැවෙකුගේ තැන දුන්නද උපමාව හරි නැත. සැබවින්ම එය හා සමකල හැකි දෙයක්ද මම නොදනිමි. ධර්මය අත්දකින්නට දකින්නට එය ගැන පැහැදිම ඇතිවනු මිස එයින් නොමිදේ. නමුත් ධර්මය අත් නොදුටු තැනැන්නාට එය විහිළුවක් විම සැබවින්ම සාධාරන කරැනක්. මෙළොව කිසිදු මිනිසෙකු මෙ ආකාරයැයි කිසිවෙකුට කිව හැක් වන්නේ නැත. කර්මපාදක වු ලොව තුල ලොව මවන ලොව නසන හෝ ලොව දුවවන ඉන්දනය වන්නේ තෘෂ්ණා හා කර්මයන් යන දෙක පමණි. එය හටගන්නේ අවිද්‍යාවෙනි.

    අවිද්‍යාවෙ ගැලි ඇති දනන් හට අප අනුකමිපා කරනු මිස කල හැක්කක් නොමැත. බුදු දහමෙ අත්දැකිය නොහැකි කිසිවක් මා මෙතෙක් අත් දැක නැත. එබැවින් මා බුදු දහම තුල ප්‍රශ්ණකරනුයේ බොදු සාහිත්‍යය පමණි. ක්‍රිස්තු ධර්මය බොහෝ රෝමානු කතෝලිකයන්ටද වඩා හොදින් දන්නා අප මුස්ලිමි ධර්මය නිති විද්‍යාලයේදී උගතිමි. එබැවින් බැහැරකල යුතු දේ කුමක්ද යන්න ගැන නිවැරදි අවබෝධය අපට ඇත.

    බුද්ධකාලින සමාජය තුලත් වත්මන් සමාජය තුලත් අප කැපි පෙනෙන වෙනසක් නොදකිමි. එකලද බුදුරදුන් අනුව ගියාවෝට අභිබවා බුදුරදුන් විවෙචනය කලෝ ගණනින් වැඩි විය. ධර්මය බුද්ධිය ඇත්තන්ට මිස ගල් වැද්දන්ට නොවන්නේය.

    මනස විවෘත ප්‍රඥාවන්තයන්ට මිස උඩු යටිකුරැ කල විදුරැවලට නොවන්නේය. ඒ ලොක ස්වභාවය දැක නුවනැත්තෝ නොසැලිය යුත්තේමය.

    ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින්ම රැකේ.

    අංගුලිමාල රහතුන් වහන්සේට වඩා අප සැම දෙන භාග්‍ය වන්ත යැයි අප සිතමි. අංගුලිමාල තෙරැන්ට බුදු සසුන තුල තැනක් ඇති කල අප ගැන කිම අනව්‍ශ්‍ය වනු ඇත. අවශ්‍ය වන්නේ විචක්ෂන බුද්ධියත් නුවනත් පමණි.
    සසුන බැබලේවා…

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න