භීතියෙන් ලියමි රෝමාන්තික රස්තියාදුකාරයා මේ පෝස්ට් ලියන්නෙ ටිකක් හදිස්සියේ ඒත් විසි පහ විකසිත වුණු නෙළුම් යායේ හමුවුනු සුන්දර බොලොග් කරුවන්ගෙ ඉදලා අෆ්ටර් පාටියෙදි දෙල් වෙන්න සළු වෙලා ගෙදර ගියපු ගමන වෙනකම් කියන්න හුගක් දේවල් තියෙනවා හැබැයි මන් මේ ලබන ඉරිදා හවස වෙනකම් ඉන්නෙ පොඩි භීතිකාවක. ඒ නිසා එකි නොකී හැම දෙයක්ම කියන්න වෙන්නෙ ලබන සතියේ දාන පෝස්ට් එකකින්. ඒ වගේම ලබන සතියෙදි සදවතිගේ ...
ඇයගේ සිත මෙන්ම ඔහුගේ සිතත් අප කියවා නැත (18+) රෝමාන්තික රස්තියාදුකාරයා මගේ පොඩි එකීගෙමවයසෙම නුඹ උන්නටපවක්වනු කිම මා උන් හැදුවේගෑනීගෙ මලගමට පසුපන මෙනි රැකගෙනඒකීගෙම වයසේ නුබේ සලු පිළි ගලවනකොටමගේ හිත නොපිච්චුනේ උන් ගැන වල්කමක් හිත කොනකවත් නොතිබුණූ හින්දමදවසෙ පඩියෙන් කීයක් හරි ඉතුරු කරගෙන මන් නුඹ සොයා ආවෙ මගේ සැනසීමමධුවිතත් නුඹත් පමණක් හින්දමකරගැට ඇති දෙ අත්ලේ පිරිමැදුම සියුමැලි නොවුනටසුරාන්තයට ගෙන යමි ගැටයෙකුටවත් නොහැකි ලෙසවෙරයොදා නුඹ හා යෙදුණට මා ලබමින් සතුටනොසිතමි නුඹට මා ...
කණ්නාඩි දාපු ලස්සන කෙල්ලෙක් රෝමාන්තික රස්තියාදුකාරයා ඔව් මන් කියන්න යන්නේ කතාවක් ඒක රස කතාවක්වත්,දුක හිතෙන කතාවක්වත් නෙවෙයි. තාම ඒක ස්පන්ධනාත්මක කතාවක්.මොකද මේ කතාව තියෙන්නෙ අතීතයේවත් අනාගථයේවත් නෙවෙයි. වර්ථමානේ සහසුද්දෙන්ම මේ දැන්. මන් ඉන්නෙ ලැපට බර දාලා කොටන ගමන්, ස්ටේශමේ. එතකොට කෙල්ල ඉන්නෙ මට ඉස්සරහින්. දැන් තේරෙනවා ඇතිනේ මේක තාමත් ස්පන්ධනාතමකයි. මගේ ලැප් එකේ වැදගත් කියලා දේකට තියෙන්නෙ එක්සෙලුයි, වර්ඩ් එකයි , අඋට් ලුක් එකයි විතරයි.ඒත් ...
සිරිපා කරුණාවේ බැදි සෙනෙහේ රෝමාන්තික රස්තියාදුකාරයා නවම් සුළගට සිත රැදි රස රහසක උණූසුමටපැතුම් ලෙස සොදුරිය යමු මුනි සිරිපා වැදුමටසිතුම් ලෙස සිරිපා ගමේ සිට එකළග හෙමිහිටවැදුම් දෙන්නට යමු හෙමි හෙමින් සිරිපා මුදුනටනඩයෙන් වෙන්වී එකට හිද ලගදී ඉදිකටුපහනවිගහින් ගමු සෙල්ෆියක් කාටවත් නොපෙනෙන්නසීතලෙන් වෙලී ඇති මොහොතකදී නුඹ වෙව්ලනකබායෙන් පොරවමි සොදුර නූඹට උණුසුම දෙන්නසීතගඟුලේ සීත වතුරෙන් දිය ගෙන සැනසෙනනලලේ හාදුවක සළකුණ තබමි මම නොමැකෙනසීතලේ වෙව්ලන මම නුබේ දෑතින් අල්ලාගෙනවදුලේ තුරුලු ...
සයිටම ගැන අම්මට - About SAITM රෝමාන්තික රස්තියාදුකාරයා සයිටම කියා ලොකු වැනුමකි පාරේ අපටම කියා ඉගෙනුමක්ලු හෙට නැතිවන්නේමුලටම වෙලා සිරියයි කෑ කෝ ගසමින් යන්නේඑකටම හිටි ඕකා නෑ ගානක්වත් කිසිදා කියලා දුන්නේඒත්ඇත්ත තමයි පෙළටම සිට කෑ ගසමින් කියන්නේකෝටි ගණන් කොහොමැයි අපෙ අප්පා මට දෙන්නෙඇති හැකි එකාමයි හැමදාමත් සැපයෙන් ඉන්නෙදියුණූ රට වලනම් එහෙමලු බුකියේ තිබුනේහැම ජන්දෙකදිම රටේ දුප්පත් මිනිසුන් ගහගත්තේදිනන දාට කිරිබත් කා බී සළු වෙන්නෙආදා පටන් මොකත් නෑ අපේ ...
රංජන්ට විසිල් ගහමු රෝමාන්තික රස්තියාදුකාරයා මට මතකයි උඩුවා ලිව්වා මායා බලලා රංජන්ට විසිල් ගහමු කියලා. ෆිල්ම් හෝල් එකෙන් විසිල් එන්නෙ රංජා රගපාන්නෙ ගැලරියට නිසා.බැල්කනියට රගපෑවනම් ඒ විසිල් සද්ද මොකුත් නෑ. ඒත් මට රංජන්ට කියන්න ඕනෙ එක දෙයයි උඹ ගැලරිය වෙනුවෙන් පෙනී සිටිනතාක් අපි ඉන්නවා උඹට විසිල් ගහන්න. ඉකුත් දින දිවුලපිටියේ වු සිද්ධිය සම්බන්ධව මට ඇති වූ ගැටළුවනම් රංජන් එක්වරක් සමාව ගැනුමට වැරද්දක් කලේ නම්. ...
මුදියන්සේ ඉස්කොලේ මහත්තයා(18+) රෝමාන්තික රස්තියාදුකාරයා "දැන් තමුන් ලා මේ වැදගත් දෙමව්පියෝ ඉස්සරහා වැදලා සමාව ඉල්ලන්න ඕන ආයෙත් මේ වගේ අසික්කිත වැඩ කරන් නෑ කියලා.""මේ ලොකු සර්ටත් වැදපන්""අනේ සර් ඉස්කෝලෙන් අස් කරන්න නම් එපා.මන් අපේ එකී ගැන බලාගන්නම්"ඊයෙ දවාලේ කරුණාවතී මිස්ගෙ පන්තියෙන් ගෙන ආ අවනඩුව පිට්ටනියේ දෙමව්පිය දෙපළත් සමග නොපෙනී යනවා මුදියන්සෙ ඉස්කෝලෙ මහත්තයා බලාසිටියාය. පැවති කෙටි නිහඩතාවෙන් පසු කරුණාවතී ටීචර් නැවැතත් කතා කලේ විස්සෝපයකින් යුක්තවය"මට ...
කවුළුව හිර නැත රෝමාන්තික රස්තියාදුකාරයා වැටෙන නොවැටෙනතැනෙක හිරවෙනමගේ සිතේ හිස් සිතුවිලි....කවුළුව අතරින්නෙත් යොමා බලමි මමකවුළුවට හිරවුණුමගේ කම් නැති සිතුවිලි.....නින්දකුත් නැතිනොනින්දකුත් නැති රැයකදි..........හිතේ පාලුව නැතිකර යන්නටහිස් වෙයි වීදුරුවක්..... පුරවමින් දුම් වලා.........දුම් වලාවට හැකි වියමට නොහැකි මුත් යන්නටමගේ බෝඩිමේ කවුළුවෙන් එහා.........-රස්තියාදුකාරයා-RomanthikaRasthiyadukaraya/facebook ...
රෝමාන්තික රස්තියාදුකාරයාගේ සිට රස්තියාදුකාරයා දක්වා රෝමාන්තික රස්තියාදුකාරයා රස්තියාදුකාරයාට මීට බොහොම කාලයක් ඉදන් මුහුණ දීමට සිද්ධ වුණු පොඩි ගැටළුවක් තමයි රස්තියාදුකාරයාගේ නම. ඒ කියන්නෙ ඔය "රෝමාන්තික රස්තියාදුකාරයා" කියන එක. රෝමානු කතෝලික ආගම හා මගේ නම පටලවා ගැනීම.මන් බෞද්ධයෙක් ලෙස වුණත් එම කතෝලික ආගමට කරන යම් අසාධාරණයක් කියලා හිතුණා.පස්සෙ සයිඩ් බාර් එකේ මන් ඒ ගැන ලියලා දැම්මා.ඒත් හරි ගියේ නෑ. ඉතින් හැමදෙයක්ම ගැනම හිතලා බලලා මන් තීරණය කරා ...
කුඩයක් ඕනෙමද කෙල්ලේ හදිස්සියට තෙමෙන්නට(18+) රෝමාන්තික රස්තියාදුකාරයා සීතල සුලගේ ඇවිදින් මගේ හිත අවුස්සනතෙමුණු කෙස් ටික විත් නිරුවත් පිට වෙලාගෙනකොට ගවුමේ දිය බ්ංදු නිරුවත් දෙපාත් සිඹගෙනවහල් කඩත් කෙටි වුනේ හොද වෙලාවටකිටි කිටියේ හිරවූණු තුන් හතර දෙනාටමහිරිපොදත් ගැවුවේ මගේ සිතේ හිරි කැඩෙන්නටගෑවි නොගෑවී ගෑවෙන ඔය සුරතඅල්ලනමයි හිතෙන්නේ කෙල්ලේ ඉවසුවනම් ඇති දැන් හොදටමහරි වැස්සක් නොවැ වහින්නෙ හිතුවෙවත් නැති කලකියා විමසුවේ නූබමයි මන් හිටියේ බොරු වැදගත් කමටගෑවි නොගෑවි අතිනුත් ගසමින් සිනාසෙනනුඹ ...
බඹර පදම,බලු පදම සහ කබර පදම රෝමාන්තික රස්තියාදුකාරයා චරක අයියා තම බිරින් දැ සමග දෙසැම්බර් පාසල් නිවාඩුවට බිරුන්දැගෙ ගමේ යන අතර චරක අයියා ද දවස් දෙක තුනක් නැවැතී නැවතත් ගෙදර පැමිණෙන්නේ රැකියාව සදහා යාමටය. එහෙත් සත්‍ය ලෙසම ඒ දවස් ටික අපිට රජ මගුල්ය. මන්දයත් උන්දැගෙ බිරින්දැ ගෙදර නොමැති දෙසැම්බර් මාසය නම් අපේ වාර්ෂික මහා මෙව්වා එකය. අපේ හතර ගම් තුලානක නත්තලක් නැතත්. අපිද යමරෙට සැමරෙන්නෙ මේ කාලයේය. ...
යාල පිස්සුව - Yala national park රෝමාන්තික රස්තියාදුකාරයා ඉකුත් සතියේ දවස් හතරක පුල් මාවලස් නිවාඩුවක් එළඹියෙන් එම දවස් හතර ඉතාමත් සොමිබර ලෙස ගත කිරීමට ඉස්කෝලෙ එකට හිටපු උන් ටික ගජරාමෙට බුකියේ අටවාගත් ගෲපයේ සියළු සංවිධාන කටයුතු ඉටුකර තිබුණී. පොදු මතය වූයේ කතරගම යාම හැම එකාම සුට්ටං බට්ටිත්තාගේ කාලේ සිට තිත්ත වෙනකම්ම කර ඇති බැවින් මෙදා පාර බුත්තල ප්‍රදේශයේ ඇති සිද්ධස්ථාන වැද පුදා ගැනීමට යාමටය. යන එන තැන ...
ගූගල් සෙක්ස් කප් ගැසීමේ ඇත්ත කතාව - Sri Lanka ranks 1st in Google sex search in 2016 රෝමාන්තික රස්තියාදුකාරයා උදේම වෙල පහල සිරියාවතී අක්කාගේ කඩයට අපේ උන් ටික ගියේ වන්ඩුවක් කා කහට කෝප්පයක් බීමට නොව කඩේ පිටුපසට වී දුම් බටයක් ඇදීමට ය. එහි යන විටම සියාතු මාමා තුක් නොදකිඃ කියා කෙල පාරක් ගසා පහල ලන්දේ අඩි පාරේ යන්නට ගියාය. අපි ෆුල් හොල්මන්ය. දහසකුත් ප්‍රහෙලිකා මැද පෙට්ටි කඩේ දොරකඩට යත්ම සිරියාවතී අක්කා උන්දැගෙ සිරියාවන්ත දූ පොඩිත්ත වූ කුසුමා නංගීට"පල කෙල්ලෙ ...
සොමිබර උදෑසනක රේල්ලුවේ කාලකණ්නි ගැන ලියමි රෝමාන්තික රස්තියාදුකාරයා "අඩේ හෙට ස්ට්‍රයික් එකක්ලු නේ බන්""ඔව් බන් කෝච්චි,බස්,ස්කූල් බස්, ත්‍රීවීල්.... ඔක්කොම ලග නවලා ස්ට්‍රයික්ලු"ඒ අතරතුර මැදින් පැනපු ඇන්ටන් මාමා"නැතුව නැතුව මෙහෙම කරල මදියි මුන් මේ ගහන බදු වලට,හුස්ම ගන්නවටත් බදු ගහනවා මේ කාළකණ්ණි තව ටික දවසකින්" ඔය ඔහොම කිව්වට මහින්ද මාමා මොන බද්දක් ගැහුවත් ඇන්ටන් මාමා සොවින් නොතැවී පස්සා දොරින්ම ගොස් ගෙවනවා ෂුවර්ය,පසුගියදා උන්දැගේ හාමිනේ ගේ මල බද්දයට ද උන්දැ ...
මගේ පිලොසොෆිය රෝමාන්තික රස්තියාදුකාරයා මතකද අර මන් "සුභ උපන්දිනයක් සහෘදයා" කියලා බ්ලොග් එකක් ලිව්වෙ මිත්රයෙකුට. ඕන දැන් මිනිහා බ්ලොග් එකක් පටන් අරන් "මගේ පිලොසොෆිය" කියලා. කොල්ලු පිටියේ රෙස්පා එකේ අපි දෙතුන් දෙනා බෝතල් හිස් කරමින් කතා කරපු ඒ යටගියාව. විදේශයක ජීවත් උනත් සයිබර් අවකාශයේ බ්ලොග් පිටු අතර දිග හරින්නයි මේ ඔහු සුදානම් වෙන්නෙ. වචනයෙන් පරිසමාප්තයෙන්ම ස්මාට් මනුස්සයෙකු වෙච්චි ඔහුගෙන් ජීවිතය ගැන වුණත් මන් ඉගෙන ...
රනිල් හාමු ඇතුළු අනෙකුත් ගොන් තඩියොන්ගේ පිං පඩිය වැඩි කරමු රෝමාන්තික රස්තියාදුකාරයා අති උතුම් රෝයල් පරපුරේ මාහේශාක්යය වු ද, ශෝභමාණීය වුද , ඩෙටෝල් දමා සුපිරිසිදු කල කක්කුස්සි පෝච්චියක් දිව ගා ලෙවිය හැකි තරම් විශ්වාසණීය පිරිසිදු චරිතයකට උරුමකම් ඇත්තා වූද අපගේ අග්‍රමාත්‍ය තුමාණන් තම බිරිදගේ පඩි පත ඉදිරියේ පත් වන අසීරුතාව පිළිබද කල හෙළිදරව් කිරීම හුදෙක් එතුමාණන් හට පමණක් නොව ගව ගාලෙහි සිටින අනෙකුත් ගොන් තඩියන්ගේද චිරස්ථීය උදෙසා වූ පරාර්ථකාමී මෙන්ම දැවන්ත හෙළිදරව් ...
මගේ හයිකු ව රෝමාන්තික රස්තියාදුකාරයා මේරු රෑනක්රන් ගෑ පහනකවටේ නටතිකවියද? ඔව් තේරුමක් නෑ. තේරුමක් නැති ජීවිතේකින් තේරුමක් ඇති දෙයක් කියවෙන්න බෑනෙ. ඔව් මන් දැක්කා මේරු රෑනක් රන් ගෑ පහනක වටේ දුවනවා මත් වෙලා වෙන්න ඇති එළියට. කව්ද කිව්වෙ උඹලට උන් පිච්චෙනවා කියලා. උන් පිච්චෙන් නෑ වටේ දුවලා මහන්සි වෙලා හති දමාවි එච්චරයි. පිච්චුණු තටු අළු වෙලත් ඉවරයි.ඉතින් මොනවද උන්ගෙ පිච්චෙන්න තියෙන්නෙ. කියවන්න උත්සහ කරපන් උන්ගෙ ...
සුන්දර පාසලේ කුඩේ යටින් ගිය මතක රෝමාන්තික රස්තියාදුකාරයා පුංචිම සන්දියේ වැස්සට රොත්ත පිටින්ම එක්කවු වෙලා මඩ නාන්න,වැටෙන්න, ඇලේ බැහැලා මාළුන්ට දැල් දාන්න තිබුණේ පුදුම ආසවක්.සමහර විට මිනිස්සු ලොකු වෙනකොට ඒවා ටික ටික නැති වෙනවද කොහෙද. රස්තියාදුකාරයා දැන්නම් වැස්සෙ තෙමෙන්න ආස නෑ.ඒත් වැස්සට ආසයි පුදුම හිතෙන තරම්. අද උදෑසනම ධාරානිපාත වැස්සෙ කිටි කිටියේ ගුලි වෙලා පාසල් යන බාලිකාවෝ ටිකකුයි,කොල්ලො ටිකකුයි රස්තියාදුකාරයට මතක් කරේ සුන්දර පාසලේ සොදුරු මතකයන්. මේ සිද්ධිය ...
ශ්‍රී සුමන සමන් දෙවියන් සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේ රෝමාන්තික රස්තියාදුකාරයා බෞද්දයින්ගේ අති සංවේදී පූජණීය ස්ථානයක් වන ශ්‍රී පාදස්ථානය අවට රක්ෂිතය මේ වන විට හෝටල් කර්මාන්තය උදෙසා වන ඉදිකීරිමක් සදහා විකුණා ඇති බව අපි සැවොම දන්නා කරුණකි. ඊට අප විරුද්ධ විය යුත්තේ බෞද්ධාගමික පදනමකින්ම නොවිය යුතුය.මන්දයත් ඕක විකුණපු එවුන්ට මෙන්ම මිළදී ගත් එවුන්ටද ආගමක් අවශ්ෂ්‍ය නැත. ජායාරූප වල සිටි මරක්කල උන්දැලෑද ෆුල් ඇරබියන් කිට් මරා සිටියද දවසකට කැතලික් බඩු හත අට ...