'සිරිසේන' මනුස්සයෝ නිකන් විහිළුවක් වෙන්න එපා රෝමාන්තික රස්තියාදුකාරයා මන් මේ කියන්නේ සිරිලංකාවේ ජානාධිපති ගැන නොවේය අහවල් රටක ජනාධිපති කෙනෙක් ගැනය. හැබැයි මෑන්ස් ඒ අහවල් රටේ ලක් වැසියාට දෙන ආතල් දොන් සිරිසේනවත් බයිස්කෝප් වල දීලා නැත. එහෙත් දොන් සිරිසේන මෙන් ඒ සිරිසේනත් අමු ජෝකර් කෙනෙක් වුවත් පොළොවෙන් මතුවෙච්ච බිං කුඩ්ඩෙක් තරම්වත් කොන්දක් ඒ සිරිසේනට නැත.කොටින්ම කිව්වොත් පෙන්දෙකි. එස්.බී නම් ඒ කාලේ කිව්වේ පෙදි මාස්ටර් කෙනෙක් කියාය. දැන් කාලේ ...
විධායකයට පුප පෙන්නමින් අමන වර්ජකයෝ තවදුරටත් වර්ජනයේ රෝමාන්තික රස්තියාදුකාරයා මෑත කාලීනව අතිශය පීචං වූ වෘත්තීය සමිති දෙකක් වෙයි. එකක් වෛද්‍ය සංගමයයි. ඔහුන් රෙදි ගලවා ගත්තේ අන්ත අසාධාරණ ලෙස තම දරුවන් ජනප්‍රිය පාසල් වලට ඇතුලත් කරගන්න යාමෙන්ය. ඊට අකිල විරාජ් යම් මට්ටමක කොන්දක් තියාගෙන සිටියාය. ඉන් පසුව රෙදි ගලවා ගත් අනෙකුත් සංගමය වන්නේ රේල්ලුවේ වෘත්තීය සමිති එකතුවයි.එහෙත් අදාළ ඇමැති කුම්භකර්ණයානම් මාධ්‍යට අඩුමගානේ මුහුණ දෙන්නේවත් නැත. රේල්ලුවේ සක්කිළි වර්ජකයින් කොතරම් ...
පෙදි මාස්ටර්ගෙන් කොන්ද පන ඇති තීරණයක් රෝමාන්තික රස්තියාදුකාරයා දවස් පහක් තිස්සේ පවතින දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් රස්තියාදුකාරයා සිටින්නේ හොදටම හෙම්බත්වය.ඉකුත් සෙනසුරාදා බොලොග් ලිපියක් ලීවීමට සූදානම් වූයේ පවතින වැඩ වර්ජනය ගැන නවුතෙට එපාවී සිටි උදෑසනකය. එනම් ඒ පසුගිය සෙනසුරාදාය. ඒහි මාතෲකාව වූවේ "කෝච්චියක් වත් දුවවගන්න බැරි පෙන්දන්ගේ ආණ්ඩුවක්" යන්නය. මොකද අහවල් රජතුමාගේ කාලේ නම් පැන්ශොන් ගිය අන්කල්ලාගේ සිට හමුදාවෙ අයවලුන් හෝ පාවිච්චි කොට මුල් දවස අල වුවත් දෙවැනි තුන්වැනි ...
වහින වැස්සේ ඇගේ ලස්සන රෝමාන්තික රස්තියාදුකාරයා වැස්සේ දුවන කලබල ඇති ඒ සොදුරැති ලදුනවීදුරුවෙන් දැක්කෙමි ඒ නුඹේ විසුරුණු සොදුරහිස සිට දෙපතුළටම ඇති රස නුබේ මී වැනියසීතල පිනි කැටද උණුසුම්....නැත්තම් ඒ....මගෙ සිතද.......හැට්ටේ එතුණ සිහින් නූලේ සමනොල ගැටයතෙත් වුණු නූලෙන් පිට වැගිරෙයි බිදු මුතු වැනියපිටත දිගෙ ගොස් සැගවුණු දග ඇති ඒ පිනි බිදුවතිසරු දිගේ නොගියා සොදුර යන්තම් ඇතියලියතඹර මලක කැටයමකි නුඹේ පිටු පැත්තසිහිනැති ඉගත් එක්කළ නුඹේ පිරුපුන් පුන් කලසතෙත් ...
කූඹියෝ යකෝ ඒක පට්ට - Koombiyo Teledrama රෝමාන්තික රස්තියාදුකාරයා ෆේස්බුක් එකේ කනින් කොනින් කූඹියො කියලා ඇහෙන්න පටන් ගත්තට මන් එච්චර උනන්දුවක් උනේ නෑ. පසුගිය සතියේ මාත් ඔන ඔහේ koombiyo කියලා ගූගල් එකේ ගහල බලන්න ගියා ඔන ඕක. ඔන ඔහේ ගියාට බන් පටන් ගන්න මියුසික් එකත් නිකන් අමුතුම වර්ගයේ එකක්. පොඩ්ඩක් බැලුවා මොකද වෙන්නෙ කියලා. හප්පට සිරි මුල්ම සීන් එකේ ඉදන් කොච්චර කූඹියොන්ට ඇබ්බැහි වුනාද කිව්වොත් පහුගිය සදුදා අගහරුවාද ...
කබ්බොත් රගන ගොබ්බ යහපාලනය ("දි එයාර්පෝට් වැසීමෙන් පසු" ටෙලි කතා නාටකය) රෝමාන්තික රස්තියාදුකාරයා දෙල් ගහ යට ලියද්දේ කෝපි කඩේට මරලියා එක්ක ගියේ කෝපී එකක් කා බුලත් විටක් බීමටය ඊට ඉස්සරින් සිරිමත් මදන මෝදකයක් උඩු හක්කේ රුවා ගෙන සිටීමට අපි අදහස් කළෙමු. සිරිමත් මදන මෝදකය තෑපෑලෙන් පුල් සැන්ටි මැන්ටල් වන අල්ල පනල්ලේ මර්තේලිස් මාමා පත්තරයේ පුල් පිටුවේ වූ හොර පාස්පෝට් ගසා ව්යාග්රා පෙති රට පැන්නවීමේ රුසියානු කුමන්ත්‍රණයට සම්බන්ධ පංචායුධ වීරේට නොදැන කළ අකුසලයට ...
බෲටස් නුඹ ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයට රෝමාන්තික රස්තියාදුකාරයා අසුරු සැනකින් ජීවිතය හලනචුබ්බනයකට ඇහැකිද පියාඹන්නහෙට වේදිකාවේ සුන්බුන්ව විසිරෙනඅද මා දකිමි ඒ සුන්දර බියගුළු සිහිනසීසර්ට අයිති නුබ ඇතිරිල්ලකදකිමින සරා සිහින මා සමගඇවිදින් සීරුවෙන් හෙමි හෙමින් බෲටස් නුඹ ළගටබෲටස් උඹ පිහියෙන් ඇන්නේ සීසර්ට නොව මගේ පපු කුහරයටලේ නොව එන්නේ කදුලකි සතුටකිඅද බොද වෙන පෙම් සිහින හෙටවෙනෙකක් ලග සතොසිනි කදුලකිනුඹ යයි වෙනෙකෙකු එයි මා ලොවටමා ලොව කිරුළු පලන් එකම කුමරා මම වෙමිතවකෙකු ...
කදුලූ උණන උබේ දෙනෙතට දුන් කදුලට සාප වෙයන් උන් හට රෝමාන්තික රස්තියාදුකාරයා දවසෙ කුලියට අම්මා ඒලියට ගිය කළගෙට සක්මන් කල මාමා නූබේ කාමරේ අගුලූ දැම්මමඋදේ රෑ කන බත් පත අම්මා දුන්නාටඉන්නෙ උගෙ ගෙයි නිසාපොඩි අක්කා කට තද කරන් තිරිසෙනෙක්ට ඉඩ දුන්නදඉස්කෝලෙ යන්නට කලියෙන්පුන් සදවන් නුඹෙ රුව ඉරි තැලූ විදූරුවෙන් හැඩ කරගන්නා මගේ පොඩි අක්කේඅද නුඹඉරි තැලුණු වීදුරුවෙන් එහි හැඩ වෙනස් වී ගිය හැටි දැකකදුලූ උණන උබේ දෙනෙතටදුන් කදුලට සාප වෙයන් උන් හටඋන් ...
රස්තියාදුකාරයගෙ බොලොග් එකට අවුරුද්දයි ( ඉතින් පෝලිමේ වරෙල්ලා කේක් කන්න) රෝමාන්තික රස්තියාදුකාරයා හරියට අද දවසට මන් බොලොග් ලියන්න අරන් අවුරුද්දයි. ගිය අවුරුද්දෙ හරියටම අගෝස්තු මාසෙ මේ වගේ දවසකට ඒ කියන්නෙ අගෝස්තු දහයට දවස් දෙක තුනකට කලින් මන් බොලොග් එකක් ගැන මොකුත්ම දන්නෙ නෑ. අඩුම ගානෙ මට ගෑවිච්ච එකෙක් වත් දන්නෙ නෑ. ඉතින් කොහොමින් කොහොම හරි දන්නෙම නැතිව අවුරුද්දකුත් ගිහින්. අවුරුද්දක කාලයක් පුරා බොලොග් ලොව තුළ සිටීමට හැකි වීමත් ලොකු සතුටක්. කොහෙන්ද ...
හුස්ම ගන්න හාද්දක් - අවසන් කොටස රෝමාන්තික රස්තියාදුකාරයා හුස්ම ගන්න හාද්දක් - පළමු කොටසට මෙතනින් යන්න එදා වැස්සක් ඉවරවුණු ගමන්ම පාරේ අයිනේ මඩ වලවල් පිරුණු තෙත පරිසරයක් තිබ්බ දවසක්. මේ එයාගෙන් මට ආපු හතර වෙනි කෝල් එක නැත්තම් හතරවෙනි හයර් එක කිව්වත් වරදක් නෑ. එදත් එයා ඇවිත් කිසි කතාබහක් නැතිවම ත්‍රීවිල් එකට නැග්ගා. ඔව් ඒක කොහොමත් සාමාන්‍ය දෙයක්. අර මුල් දවසෙ ඇර තාමත් එයා හිනාවෙනවා මන් දැකලා ...
හුස්ම ගන්න හාද්දක් රෝමාන්තික රස්තියාදුකාරයා ඒක අහඹූ හමුවීමක් සහ වෙන්වීමක් අතර තිබුණු අපැහැදිළි තැනක්. මට ඕනෙ වුනේ ආදරයක් නෙවෙයි වෙන දේකුත් නෙවෙයි අපැහැදිලි දෙයක්. මාස ගානක් තිස්සෙ මන් ඉන්න බෝඩිමේ උඩ තට්ටුවට එයාව පේනවා නිතරම එළියට එන්නෙ නෑ. සතියේ දවස් පහේම යන එයා එන්නෙ හවස්වෙලා. සෙනසුරාදා ඉරිදා වුනත් එයා ගෙදරින් එළියට බහින්නෙ ගොඩක් අඩුවෙන්,සමහරවෙලාවට බහින්නෙම නෑ. අමතක වුණා දෙයක් කියන්න මන් දැන් ආයෙත් කතාවෙ ...
ගන්ධබ්බ රෝමාන්තික රස්තියාදුකාරයා කහට සීනි දිය කරගත් කෝප්පය සමග ඉස්තෝප්පුවේ කුණු පැහැති වේවැල් පුටුවේ සිට ඉස්සරහ පාරත් යන එන මාළු කාරයත්, පලා කාරයත්, පත්තර කාරයත් දැකීම සුලභය. ඉන් එහා ඇති පිට්ටනියත් ඉන් මදක් ඔබ්බට ඇති වේල්ලෙ කන්දත් පින්නත් එක්ක දේදුන්නක් මවා ඇත.හිමිදිරිය නොවුණත් වැහි බීරුමත් එක්ක ඇත්තේ අදුරු පරිසරයකි. අතු පතර විහිදී ගිය වැටෙහි වූ රූස්ස සූරිය ගස් දෙක තුනෙහි වූ අතු ...
ප්‍රේමය නම් කිමැයි කියා හදුනාගත් කිසිවෙකුත් නැති (18+) රෝමාන්තික රස්තියාදුකාරයා පොඩි පොඩි කොලු ගැටව් ගේ බිජු අතගාන කලෙකනැත්ත වෙතේ රහසින් ගල් කපනා රටෙකපොඩි පොඩි වුන් රවටමින් චොකලට් සීනි බෝලයටඋන් ගනිති ලල් එක ලොල්ලෙකු වී සංස්කෘතියේරෙද්ද පල්ලෙන් වැටෙනදිවා රෑ ගොදුරක් සොයමින් ඒ මේ අත වෙහෙසෙනකටාර් ලා ඇත මේ දම් දිව සතර දෙසබියර් එකක් වත් ගැටයෙකුට දී කටට ගෙන උරනා දවසමුට්ටියත් බිදිය හැක ට්‍රයි කරොතින් අතමිට මොලවා වැද හොත්වඑකල් රටේ සියලූ දුසිරිතෙන් ...
බොලොග් කියවන්නියක් එක්ක කතා බහක් රෝමාන්තික රස්තියාදුකාරයා සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතේ හුගක් හුස්ම ගන්න සිත් ගත් චරිත හබ්බෙන්නෙ අහම්බෙන්. ඒ හන්දියේ කඩේ ගාව, පේමන්ට් එහෙක,පෙට්ටි කඩේක, ක්ලාස් එකේ අනිත් පුටුවේ, බස් එහෙක, දූවිලි පිරුණු පාරක, බාර් එහෙක, පබ් එහෙක, ඊට හාත්පසින්ම වෙනස් උත්සවයක, පෙට්ටි කඩයක,ෆුඩ් කෝඩ් එහෙක...තැනක් නොතැනක් නැතිව සිත්ගත් මිනිස්සු හා අපූරු කියවීමක් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා. කොටින්ම කිව්වොත් අම්මයි තාත්තයි නෑදෑයො ටිකයි,ගමේ එවුනුයි ඇර ...
අපේ දන්සැල රෝමාන්තික රස්තියාදුකාරයා වෙසක් මාසෙ කියන්නෙත් පුල් මාවලස් කාලයක්.විසේසයෙන් අප ගම්මැද්දෑවෙ සාමාන්‍යයෙන් වෙසක් වලට වඩා උත්කර්ශ්වත් සහ අලංකාර පොසොන් එක. ඒත් ඉතින් ඒ කොහොම වෙතත් අනාදිමත් කාලෙක ඉදන් අපිත් වෙසක් සද නැග ගෙන එන අල්ලපනල්ලෙ ලක ලෑස්ති වෙන්නෙ අනාදිමත් කාලෙක ඉදන් අඛන්ඩව අපි සැට් එක සිදුකරන සුමධුර ධර්ම දේසනාව සහ මහා දන්සැලෙහි වැඩ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරන්න. මේ පාර අපි තීරණය කරේ ...
ගඟ ලඟ තොරණ ලඟ ෆෝකස් කරපු ලිය රෝමාන්තික රස්තියාදුකාරයා ගඟ ළග තොරණ ළග ෆෝකස් කරපු ලියහන්දියේ තොරණ ලගදී මිසින් වියකුමට කියමි ඈ ගැන රුව ගති වරුණපන්සලේ කූඩුවේවත් නෑ කැටයම් එතරම්මමාකට් එක ළග කුඩුවෙ සුන්දර කැටයම් අතරේදැක්කෙ අර ලියයි වෙනසක් නෑ කැටයම් ඇයගේපහුලේ උන්දැලත් මිස් කොට කවුරුත් නැති අතරේරටකජු ගොට්ටේ නම්බරේ ලියලයි ඈ දුන්නෙකට සැකරයි සිතකුත් මගේ ඈ ගැන නැති පාටයිපිකප් එකේ ලග නැව්වට ඈ නිව්ටල් කෙල්ලයිපාර දෙපස එහෙ මෙහෙ ...
මට සමාවෙන්න මිස් රෝමාන්තික රස්තියාදුකාරයා මන් මේක ලියන්න ඇවිස්සුනේ කැලේ පිපුනු මල් ලියපු "මගේ ජීවිතේ පාට කළ අය" ගැන ලිපිය කියවලා. මගේ ජීවිතෙත් පාට කරපු හුගක් මිනිස්සු ගැන මේ රෑ ජාමේ එකින් එක මතක් කරන්න පෙළබුනේ ඉන් පස්සෙ. මන් පාසලේ ඉගෙන ගත්ත සමහරක් ගුරුවරුන්ට මාව හරියන්නෙ නැද්ද කොහෙද. සමහර වෙලාවට සාධාරන හේතු නොතිබුණාම නෙවෙයි ඒත් පහ වසරේ උගන්නපු සරත් කියලා ගුරුවරයෙක් ගැන තාම මගේ ...
මැතිදානෝ සැපගති...අපේ ඈයෝ කෙලවගති.... රෝමාන්තික රස්තියාදුකාරයා ලෙවැකති රැසැතිකුණුඋන් දිවගින්ලැජ්ජාවක් කුමට ඇත්තේ රසයකිඋන්හට කුණූ ගොඩකින්කූණූ වී ගිය ඔජසපැතිරැති හැමතැන දුගදින්නිදහසින් පසු තැනු කුණු ගොඩ ඇතදියවන්නාවේමැදඕජසගලමින්ජීවත්වෙන්නට අද සටනකි එදිරිව ගඟ මැද පිහිටි කුණුගොඩකින්ඒකුණුගොඩටම යයි හිගමින් හැතිකරෙහැමමුල්ලෙම එවුන්ගේ චන්දෙන්ගිය පසු උන්කති, බොති, සුකති යහමින් වැඩකට ඇතිද උන්හටඉන්දියන් සාගරේකුණූ පාටැති මුතු ඇටයෙන්....................-රෝමාන්තික රස්තියාදුකාරයා- ...
වික්ටර් රත්නායක සහ මගේ ප්‍රේම කතාව රෝමාන්තික රස්තියාදුකාරයා බොලොග් තුළට විවිධ රැළි,කුණාටු, සුළි සුළං හමාගෙන එනවා. ඉතින් සොදුරු සදවතීගේ මේ වික්ටර් ගී අභියෝගයත් එහෙම බොලොග් හරහා පැතිරගෙන ගිහිල්ලා අද මගේ බොලොග් එකටත් ගොඩ වැදෙන ප්‍රේමණීය සුලගක් . ඒ තුළ මා ජනිත වූ අනන්දනීය බව තුළ ඔබත් අතරමන් කිරීමටයි මගේ මේ වෑයම. මුලින්ම මගේ රසවින්දනය ගැන කීවොත් අමරදේවයන්ගේ,වික්ටර් රත්නායකයන්ගේ සිට ක්ලෑරන්ස්, රූකාන්තයන්ගෙන් පසු භාතිය සංතුෂ් හරහා අද හෙළ ...
විකසිත වුනු නෙළුම යාය සම්මාන උළෙලේ මගේ රස්තියාදුව රෝමාන්තික රස්තියාදුකාරයා දැමිය යුතුම නෙළුම් යාය බොලොග් සම්මාන උළෙල ගැන පෝස්ට් එකක් දාන්න පරක්කු වුණේ මග හරින්න බැරි වැඩ ගොඩක් පහුගිය දවස් ටිකේම යෙදිලා තිබ්බ නිසා. මේ සම්මාන උළෙල මට අතිශය විශේෂ වන්නෙ සම්මානයක් හම්බුණු නිසාමත්ම නෙවෙයි හැංගි හොරා පෝස්ට් දාන බොලොග් කරුවන් විශාල පිරිසක් දැක ගන්න වගේම කතා බහ කරන්නත් හම්බුනේ එදා නිසා. හුග දෙනෙක් මේ ගැන පෝස්ට් දැම්මත් මමත් ...