Book Week 2024 Hot Chocolate Days අගෝස්තු මාසේ තුන්වෙනි සතිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ පාසල්වල 'Book Week' හෙවත් පොත් සමරන සතිය. මේ සතිය බොහෝ වෙලාවට සංවිධානය කරන්නේ ඉස්කෝලවල පුස්තකාලවලින්. මේ රටේ ප්‍රාථමික පාසල්වල පවා සම්පත් බහුල පුස්තකාල තිබීම විශේෂත්වයක්. ඉතින් පුංචි කාලේ ඉඳන් දරුවන් තුළ ඇති කියවීමේ ආසාව සමරන්න හොඳම කාලයක් මේ Book Week එක. මේ සතියේදී පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය කෙරෙනවා. පොත් කතුවරු අමුත්තන් හැටියට ගෙන්වලා ...
අප හොඳින් සූදානම් ව සිටිය යුතු ය Hot Chocolate Days ප්ලෝවර් කුරුල්ලන් සමුගැනීමේ ගීතය ගයන තාලයටමිය ඇදුණු නරියෙක්, එක් විවර ඇසකින් කඳු පල්ලම දෙස බලන විදිහටසියලු පත් ගිලිහී ගොස්, ඉනික්බිති ඇතිවන දිගු ඉසිඹුවට‘අප කිසිදිනක නැවත හමුනොවිය යුතුයි’ කිසිවෙකු කියන ආකාරයටකේක් ගෙඩිය පුස්වලින් වැසෙන රටාවටකිරි යොදය ඇඹුල් වන වේගයටආපසු නොඑන්නම ගං දිය ගලා යන රිද්මයටආපසු නොඑන්නම දවස් ගතවන තාලයටයමෙකු නැවත පැමිණියත් ඒ හීනයකම පමණක් වන මොහොතටඅප හොඳින් සූදානම් ව සිටිය ...
කැන්වස් චිත්‍ර! Hot Chocolate Days අපේ පළාතේ පුස්තකාල ජාලයෙන් ළඟදි Tiny Art Show කියලා වැඩසටහනක් සංවිධානය කළා. ඒකෙ ප්‍රචාරණ විස්තර වලදී කියලා තිබුණේ මේ තරඟය වෙනුවෙන් තරඟකරුවන්ට පුස්තකාලයෙන් 10cm x 10cm පුංචි කැන්වස් එකක් ලැබෙන බව. මේකේ චිත්‍ර ඇඳලා පුස්තකාලයට බාර දුන්නාම එයාලා අපිට අංකයක් දීලා චිත්‍ර ටික නම ගම නැතිව තරඟයට ඇතුල් කරලා ජයග්‍රාහකයෝ තෝරනවා කියලාත් තිබුණා. Tiny art show කියලා දෙයක් මම ...
අන්තිම පත්‍රය Hot Chocolate Days වොෂින්ටන් චතුරශ්‍රයෙන් බටහිර පෙදෙසේ මංමාවත් බොහෝ පැටලිලි සහගතය. ඒවා ඒ මේ අතට දිව යයි, ‘පෙදෙස්’ යැයි නම් කළ කොටස් වලට කැඩී යයි. මේ ‘පෙදෙස්’ ද නගරයට අමුතුම හැඩතල සහ කෝණ ලබා දී තිබිණි. මින් එක් මාවතක් නම් වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇත. වරක් එක් චිත්‍ර ශිල්පියෙක් මේ මාවතේ මෙවැනි සිදුවීමක් විය හැකි යැයි ...
සබඳකම Hot Chocolate Days පුරුද්දක් තිබුණා ඔහුට ආ විගස, ඇඳුම් උනමින් ඔරලෝසුව බලන්නට ඔරලෝසුව නොබලාම ඈ දැන සිටියාඔහු පැයකින් දෙකකින් යන බවත් ඔහුගේ ඒ පුරුද්ද සුපුරුදු ලෙස ඔහු කෑමට ගෙදර යන බව ඇයට දැන්වීමට බවත් සුරක්ෂිත ව මෙසේ ඔවුන්ට වසර ගණනාවක් ගෙවිය හැකිව තිබිණි බලා සිටීම, දුරකථන ඇමතුම, පැමිණීම නොසෑහෙන නමුත් එහි යමක් විය ඒ නොසෑහීමේ තරම වැටහුණා ඇයට ඇගේ උපන්දිනය සිහිවී ඔහු ...
සුවපත් වීම Hot Chocolate Days තමන්ගේ විඳවීම තුළ තමන්ගේම භූමිකාව අවංකව තේරුම් ගැනීමත් සුවපත්වීමේ ම කොටසකි. -Unknownපරිවර්තනය - හෙල්මලී ගුණතිලක digital art
පුතුට Hot Chocolate Days මීට අවුරුදු කීපයකට කළින් මම පුතාට ලීව කවියක් මෑතක දී Suno AI වලින් ගීතයකට හැරෙව්වා. මේ- අද කොලූ ගේ උපන්දිනය වෙනුවෙන්
පළිඟු මැණිකේ මතකද? Hot Chocolate Days කාටද මතක පළිඟු මැණිකේ ටෙලි නාට්ටිය ටී වී එකේ යන කාලේ? මෙහෙම ඇහුවාට මටත් ඒක මුලින් බැලුව හැටි මතක හීනෙන් වගේ තමයි. මේක මුලින්ම ජාතික රූපවාහිනියේ විකාශය වුණේ අසූ ගණන් වල මුල.1983 අවුරුද්දේ ඉඳන් අවුරුදු කීපයක් අපි සේෂෙල්ස් වල ජීවත් වුණේ. අම්මාත් තාත්තාත් එහේ ගුරුවරු හැටියට රැකියාව කළා, අක්කලාත් මාත් ඉස්කෝලේ ගියා. අසූ ගණන් වල සේෂෙල්ස් වල තව ලංකාවේ ...
නිහඬ ව පෙම් කරමි Hot Chocolate Days ඔබට නිහඬ ව පෙම් කිරීමට මම තෝරාගනිමි ඒ, නිහඬ බව තුළ පිළිකෙව් කිරීමක් නොමැති බැවිනි ඔබට තනිකම තුළ පෙම් කිරීමට මම තෝරාගනිමිඒ, තනිකමේදී මා හැර වෙන කිසිවෙකුට ඔබ අයිති නොවන බැවිනි ඔබව දුර සිට අගය කිරීමට මම තෝරාගනිමි ඒ, අප අතර ඇති දුර, වේදනාවෙන් මා මුවාකරන බැවිණි සුළඟ මත මම ඔබට හාදු එවමි ඒ, මගේ දෙතොලට වඩා සුළඟ මෘදු ...
නරි! Hot Chocolate Days ඉස්කෝලෙ නිවාඩු කාලෙට නරියෙක් ඇන්දේ නැත්නම් අඩුපාඩුවක්!Water colour pencils on paper
කැළලිකාරයෝ - ලියනගේ අමරකීර්ති Hot Chocolate Days කැළලිකාරයෝ (2023) - ලියනගේ අමරකීර්ති විදර්ශන ප්රකාශනයකි මේ ලොව හැම කෙනෙක්ම කැළලි සහිත වූවෝ වෙති. මෙයින් ඇතැම් කැළලි ඇසට පෙනෙන ඒවා වන අතර බොහෝ ඒවා එසේ පෙනෙන්නේ නැත. මෙසේ පෙනෙන නොපෙනෙන කැළලි රැසක් සහිත මිනිසුන්ගේ කතාවයි - කැළලිකාරයෝ.මෙහි කතානායිකාව වන දීපිකා සම්ප්‍රදායට රාමු නොවූ ස්ත්‍රී චරිතකි. ඈ යෞවන වයසේ සිටම තමන්ගේ සිතැඟි මනා සේ හඳුනා, ඒවාට තම ජීවිතය හසුරුවන්නට ...
මා අත්තම්මාට අකුරු ඉගැන්වූ හැටි Hot Chocolate Days මම දොළොස් වියැති තරම් වයසේදී උතුරු කර්නාටකයේ ගම්මානයක මගේ අත්තම්මා සහ සීයා විසූ නිවසේ ඇතැම් කාල වල නතර වී සිටියෙමි. ප්‍රවාහන පහසුකම් ඒ තරම් හොඳ මට්ටමක නොතිබුණු ඒ කාලයේදී අපට උදෑසන පුවත්පත ලැබුණේ හවස් වරුවේ ය. සතිපතා පළ වූ සඟරාව පැමිණියේ දිනක් ප්‍රමාද වූ පසු යි. ගමට පුවත්පත්, සඟරා සහ තැපැල් ගෙන ආ බස් රථය පැමිණෙන තුරු එකල අපි ...
පිස්සුවෙන් පොත් කියවීම Hot Chocolate Days මේ මම රැකියාව කරන පාසල් පුස්තකාලයේ කතාවක්. මේ පාසල මෙල්බර්න් වල ද්විතීයික බාලිකා පාසලක්, ඒකෙ දැරිවියෝ පොත් කියවිල්ලට බොහොම මනාපයි. මේ විස්තරය පොත් කියවන්න කැමති එකේ ඊළඟ ලෙවල් එක හෙවත් පිස්සුවෙන් පොත් කියවීමේ අවස්තාවක් ගැන.ළඟදී දවසක හතේ පන්තියේ දැරියක් පුස්තකාලයේදී මාව හොයාගෙන එනවා. අපි ඈ ට අදීති කියමු. ඈ Keeper of the Lost Cities පොත් මාලාවේ පළවෙනි පොත කියවපු ...
සමතුලිතය Hot Chocolate Days සිතින් මවාගත් කුඩා තරාදියක එක් පසෙක ලමි මතකය ඉතිරි කර ගිය සුන්බුන් ඒවා ඇත්තේ බොහොම ටිකකි.අනෙත්පස ලමි මට අනුමාන කළ හැකි අනාගත සිද්ධි සංවත්සර, අහිමිවීම් එක් පසෙක ලමි අම්මාගේ සිනිඳු හම් අත්වැස්ම එය දැන් වැහැරුණු තන බුරුල්ලක් වැනි ය අනෙත් පස ලමි මගේ කුඩා මුනුපුරාගේ අතින් ගිලිහුණු වූල් අත්වැස්මක් ළඟදීම ඔහුට එය කුඩා වැඩි වනු ඇත ඔහු තෙහැවිරිදි ය ...
හොල්මන් ගුහාවට වෙච්ච දේ! Hot Chocolate Days වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් 'වඳිනවා'කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ...
කැලෑ රෝස Hot Chocolate Days කැලෑ රෝස මල්වල සියුමැලි බව දැක නවතිමිඑහි සුදෝසුදු පැහැයත්, මුරණ්ඩු බවත් තදින් අල්ලා බදා සිටීමත් ගැන කුතුහලයෙනි මා රෝස පඳුර යට උණුසුම් හිරු එළියේ නිහඬව වැතිර ඇති බළලෙකි ඌ නින්දක බව සිතමි ඌ මියයමින් බව දනිමි උගේ තුනී ලෝම සුළඟ ට යන්තමින් සෙලවේ බළලා ව කෘෂ කරමින් දැනටමත් දිරාපත්වීමක් ඇරඹී ඇත වසන්තය ලබාදෙන ත්‍යාග එලෙසයි පරිවර්තනය - හෙල්මලී ගුණතිලක ...
ලියන්නට ඉගෙනීම Hot Chocolate Days හැටපස් වියැති මගේ සීයාතමන්ගේ නම ලියන්න උගෙනිමිනිඔහුගේ එක අතක් නිදහසේ මේස රෙද්ද මතඅනිත් අතින්පෑනක් වැරෙන් අල්ලාකඩදාසියක් මතින් එයසෙමෙන් දුවවමින්ලියන ලදහැම අවිනිශ්චිත රේඛාවක් ම, වක්‍රයක් මඔහු වරින්වරමුල් ලියවිල්ල හා සසඳමින්ආගන්තුකයි ඔහුටමෙවැනි ලියවිලිඔහු දන්නා සියුම් වැඩ නම්වක් වූ පිහියකින්සලාද කොළ කප්පාදුවයිසිරගත බිලියඩ් බෝලප්රවේසමෙන් දැලෙන් මුදා ගැනීමයිමා ඔහුගේ ප්රගතියපරීක්ෂා කරමින්පිහියක මොට දාරයඅතුල්ලමි මේස රෙද්ද මතනරඹමි,ඒ මත ඉරි කාවැදෙමින් මැකෙන අයුරුඅපහසුවෙන් ඔහු ලියන ...
මනමාලයා Hot Chocolate Days ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් එවැනි විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ...