රුපියල් දෙලක්ෂයේ පගාව නොදුන්නාට සුරාබද්දෝ Electric Shock Torch යොදාගෙන වධ දෙයි. උසාවිය මගින් රස පරීක්ෂකට ප්ලාස්ටික් කෑලි යවයි. ආණ්ඩුවේ මත්ද්‍රව්‍යය මර්දනය ”ජෝක්” එකක් කර ගනී. Peoples Forum SL 2019 වසරේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යය ආදායමට, රුපියල් බිලියන 115.42 ක් එකතු කර දුන්න, සුරාබදු දෙපාර්තමේන්තුව රටේ පවතින දෂණ හා අක්‍රමිකතා වලින් අග තැන්පත්, රාජ්‍යය ආයතනයකි.ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කුමක්ද යන්න මෙම දෙපාර්තමේන්තුවට ප්‍රශ්නයක් නැත. වත්මන් ආණ්ඩුවේ නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍යය උවදුර මැඩලීමේ ප්‍රකාශිත ප්‍රතිපත්තියට මුවාවී, ආයතනගතව තිබෙන අල්ලස් ගැනීම, දුෂණ අක්රමිකතාවන් ගෙන යනු ලබන්නේ එයට යුක්තිය පසිඳලීමට සම්බන්ධ නිල හා ...
පොලිස් කාරයින්ගෙන් බැනුම් අහපු නීතිඥවරියට හා නීතිඥවරයාට රු: 80,000/- ක වන්දියක්. තීන්දුවට අවු: 11 යි. Peoples Forum SL අම්බලන්ගොඩ පොලීසියට ගිය, නීතිඥ සමන්මලීට හා පුබුදු කුමාරට, බැන, නින්දා අපහාස කරන ලද පොලිස් පරීක්ෂකට හා උප පොලිස් පරීක්ෂකට රුපියල් හතලිස් දහස බැගින් වන්දි හා නඩු ගාස්තු ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.බලපිටියේ නීතිඥ චන්දිමා සමන්මලී ද සොයිසා සිරිවර්ධන හා වතුගෙදර, නීතිඥ සුබසිංහ ලියනගේ පුබුදු කුමාර යන දෙදෙනා, තම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමට 2010 පෙබරවාරි 28 වන දින, අම්බලන්ගොඩ පොලිස් ...
බෝධිනාගල වල් ඌරාට බැන්ද මරු වැලට අහිමි වූ වම් කකුල Peoples Forum SL බෝධිනාගල ආරණ්‍යය සේනාසනය නොදන්නා කෙනෙක් නැත තරම්ය. එහෙත් මෙම ආරණ්‍යය පිහිටි රක්ෂිතයේ මරු වැල් ගැන ඔබ අසන්නට නැතිවා ඇත.ලලිත් රාජපක්ෂ හතලිස් එක් හැවිරිදි පියෙක්. වැලි ගොඩ දැමීම ජීවනෝපාය කරගත්, ඔහු අද පූර්ණ ආබාධිතයෙක්. කඵ ගඟ අසබඩ, මෙම ආරණ්‍යය පිහිටි රක්ෂිතය, සැදැහැවන්තයන්ගෙන් පිරී ඉතිරී යන පුද භූමියක්.එහෙත් මෙම පුද බිමේ සිදුවන අපරාධ, එළිදරව් වන්නේ නැත. පොලීසිය, අපරාධකරුවන් එක්ක යැයි කිවහොත් නිවැරදිය.පසුගිය ...
වධ හිංසා නඩුවක් කෙළවර වූ වගයි. Peoples Forum SL නන්දනී කුමාරි, මවක්, ගෘහනියක්. ඇයව අත්අඩංගුවට ගෙන වධ හිංසාවට පත් කරන්නේ, ර ,පොම්ප හොරකමකට,කසිප්පු,කුඩ,හෝ හමුදාවෙන් පැනලා ආපු,යන සුපුරුදු පොලීසිය මවන චෝදනාවකට නොවේ. බන්ධනාගාර නියාමක වරයෙකුගේ අවශ්‍යතාවයකට, පවුල් ආරවුලක් මුල කරගෙන. චෝදනාව අල්ලපු ගෙදර ගැහැනියගේ අත පිහියකින් කැපූ බව. පෙර සැලසුම් කරන ලද පරිදි, පොලීසිය අධකරණය පාවිච්චි කරල, ඇයව රිමාන්ඞ් භාරයට පත් කිරිමට පියර ගනු ලබනවා. මැයව අධිකරණයට ඉදිරිපත් කළ විට, ...
ප්‍රාදේශීය සභා නියෝජිතයන්ට පහර දුන්නා යැයි පොලීසිය, තිදෙනෙකුට වධ දෙයි. එයින් බේරෙන්න උසාවිය පාවිච්චි කරයි. Peoples Forum SL වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ නියෝජිත යසත් චමින්ද නැමැත්තාට, පහර දුන්නාය යන චෝදනාවට ලක්වීම නිසා, නීතිඥවරියකගේ මාර්ගයෙන් මීගහතැන්න පොලීසියට බාර වූ තිදෙනෙකුට, අමානුෂික ලෙස වධ දී, ඉන් ගැලවීමට උසාවිය පාවිච්චි කර, රිමාන්ඞ් බාරයට පත්කිරීමේ පුවතකි මේ. මෙය අහම්බයක් නොවේ. ශ්‍රී ලංකා පොලීසියට ආයතනගත වූවකි. එය වැළැක්වීමට මේ දක්වා නීතිමය පියවර ගෙන නොමැත. පමිණිල්ලකට අවශ්‍ය යැයි කියමින්, පොලීසිය 20 වතාවකට වැඩි වාර ...
සුදුසුකම් තිබියදීත්, පළමු වසරට ඇතුළත් නොකිරීමේ වරද රජයට පවරයි. රුපියල් ලක්ෂ පහක වන්දියක් හා දරුවා වහාම පාලසට ඇතුළත් කිරීමට නියෝග. Peoples Forum SL විශේෂයෙන් ඊනියා ජනප්‍රිය පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේදී සිදුකරන දූෂණ අක්රමිකතාවන් වල කෙළවරක් නැත. මෙම දුෂිත තත්ත්වය මත අසාධාරණයට පත්වන දරුවන් ගේ දෙමාපියන් අතරින් ඉතා ස්වල්ප දෙනෙක් යුක්තිය ඉටු කර ගැනීමට, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට යති. එ් සඳහා අති විශාල මුදලක් වැය කරති. වසර කිහිපයක් බලාගෙන සිටිති. ගම්පහ, අස්ගිරියේ දර්ශන ප්‍රනාන්දු මයා 2019 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියේ තම දියණිය සුදුසුකම් සපුරා තිබියදීත් ...
කුඩු තිබිලා තියෙන්නේ - පන්සලේ පොල් ගහ උඩ? Peoples Forum SL පානදුර වලපොල ප්‍රධාන පන්සලක, වත්තේ, අනවසරයෙන් පොල් ගසකට නැග්ග තරුණයෙකු අල්ලා ගස් බැඳ, දිමි ගොටු දමා, පහරදී, පොලීසියට බාර දී තිබුනේ 2021.03.30 වන දින රාත්‍රී 10.00 ට පමණය. පොලීසියේ දින 02 ක් රඳවා තබාගෙන, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවට, අමූලික බොරු ”බී” වාර්තාවක් සමගය. අධිකරණය ඔහු බන්ධනාගාරගත කිරීමෙන් පසුව, මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහිව සිටි ...
ආණ්ඩුවේ අරක්කු බිව්වාම ඔලූව කැක්කුම හැදෙනවා Peoples Forum SL කුලී වැඩ කරන මොහු දවසකට රු: 2000/- ක් විතර උපයා ගන්නා බවත් රු:500/- ක කසිප්පු බොන බවත් කියා සිටියා. දරු තිදෙනෙකුගේ පියෙකි. වැඩිමහල් පුතුන් දෙන්නා විවාහ වෙලා. බාල දරුවා හතර වසරේ. බිරිඳ ඇඟඵම් කම්හලක සේවිකාවක්. නෑනා කසිප්පු විකුණනවා. කසිප්පු බිව්වාට, කුඩු බොන්නේ හෝ විකුණන්නේ නෑ.2020.06.28 දින නෑනලාගේ ගෙදර ඉදිරිපිට ඉන්නකොට පානදුර පොලිස් අධිකාරී කාර්යාලයේ, කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් තුන් ...
සැකකරුවන් පොලීසියට බාර දීම, නීතිඥවරුන්ගේ බලතල හා වගකීම. Peoples Forum SL සැකකරුවෙකු පොලීසියට බාරදීම නීතිඥවරයෙකුගේ සහය අපේක්ෂා කරන්නෙකු විසින් දැනගතයුතු කරුණු කවරේද ?2012 මැයි 18 හා අංක 1758/36 දරන පොලිස්පතිවරයාගේ අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය මගින් ”රීති” වලට අනුව,01. සෑම නිලයකටම අයත් පොලිස් නිලධාරීන්,(1) පොලිස් ස්ථානයක පරිශ්රයකට ඇතු`ඵවන සෑම නීතිඥවරයෙකුටම එම පොලිස් ස්ථානයට අනුයුක්ත කවර හෝ නිලයකට අයත් පොලිස් නිලධායන් විසින් සුහදව සහ ආචාරශීලීව සළකනු ලැබිය යුතු අතර ...
හෙරොයින් ජාවාරම නැවතිලා නෑ. පොලීසිය කප්පන් ගැනීම නවත්වලා නෑ. Peoples Forum SL ඉතා දුකසේ ගමේ ඉස්කෝලේ ඉගෙන ගෙන, සරසවි වරම් අරගෙන, උගත් දෙයින් ප්‍රයෝජන ගත්තු කෙනෙක්. රජයේ රැකියා බලාපොරොත්තුව අතහැර ගමේ තැඹිලි එකතු කර, අපනයන සමාගමකට බාරදීමේ රැකියාවට මුල පිරුවේ අවධානමක් ද අරගෙන. ශ්‍රමය, බුද්ධිය කැප කරමින් තම ව්‍යාපාරය දියුණු කර ගැනීමට ඔහුට හැකිවුනා. මේ වන විට, කල්බදු ක්‍රමයට අරගත්තු ලොරි පහක් හා සේවකයින් දස දෙනෙකු සිය ව්‍යාපාරයට එකතු කරගෙන. තැඹිලි ...
රිමාන්ඞ් එකේ මාස 11 යි, ඇල්ලූවායි කියන ”කුඩු” උසාවියට ඉදිරිපත් කරලා නෑ. Peoples Forum SL ශිරෝමිගේ සැමියා, හෙරොයින් වලට ඇබ්බැහි වූ, පුහුණු කම්කරුවෙක්. මොරටුවේ ඔහු වැඩ කරපු ආයතනයේදී තමයි කුඩු වලට පුරුදු වෙලා තියෙන්නේ. 30 හැවිරිදි එක් දරු පියෙක්. 2020 අපේ‍්‍රල් 07 ඔහුව අත්අඩංගුවට ගන්නේ හිරණ පෙලිස් මුර පොලේ නිලධාරීන්. පසුව ඔහුව පානදුර දකුණ පොලීසියට බාර දෙනවා. අපේ‍්‍රල් 08 වෙනිදා උසාවියට ඉදිරිපත් කරන්නේ ”කුඩු” සමග අත්අඩංගුවට ගත් බවට උසාවියට "බී” වාර්තාවක් ද සමග. උසාවිය ...
ආණ්ඩුව ගැසට් ගහනවා ! පොලීසිය, ගහගෙන ගහගෙන යනවා!!! Peoples Forum SL ආණ්ඩුව වධහිංසාවට ඒරෙහි පනත ඵලදියි කිරිමට උක්සහා ගත්තද, පොලීසිය අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට වධ දීම නවත්වා නැත. යුක්තිය ඉටු කිරිමට තිබෙන සියුලුම යාන්ත්‍රණවල අනුකුලතාවය පොලිස් වධදිමට රුකුල් දෙන ඒවා බවට පත්ව තිබෙන් නිසාය. හිරණ පොලිස් මුරපාලේ නිලධාරීන් පිරිසක්, කොරෝනාව නිසා මා`ඵ විකිණීම කිරීමට බැරි නිසා නීති විරෝධී මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී, බොරු නඩු දැමීමට එරෙහිව කරන ලද ...
පොලිස් වධ හිංසාව වැළැක්වීම, මහේස්ත්‍රාත් වරුන්ගේ වගකීම. Peoples Forum SL ආණ්ඩුව විසින් 1994 අංක 22 දරණ වධ දීමට හා අනිකුත් කෲර අමානුෂික හෝ නින්දිත සැළකුම් වලට හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත බලාත්මක කිරීමේ වගකීම මහේස්ත්‍රාත් වරුන්ට පවරා තිබේ. ඒ හා අදාලව අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝදනය කර තිබේ.අදාල ගැසට් නිවේදනය පහත දැක්වේ ...
නඩු දානවා. නඩු දෙනවා. දඩ ගෙවනවා. Peoples Forum SL තුෂාරි, පානදුර ප්‍රදේශයේ බලපත්‍ර රහිතව නිපදවන මද්‍යසාර, (UML)- හෙවත් කසිප්පු විකිණීම ස්ථිර ජීවනෝපාය කරගත් තැනැත්තියක්. එයට සැමියාද, පවුලේ සෙසු සාමාජිකයින්ගේ ද පූර්ණ සහය ලැබෙනවා. පරම්පරාවක්ම, පානදුර වෙරලේ අනවසර පදිංචිකරුවන්ව සිටි මොවුන්ට, සුනාමියෙන් පසුව, පානදුර මෝදරවිල ඉදිරකරන ලද තට්ටු නිවාස වල පදිංචියට යෑමට වසනාව හිමි විය. සුනාමි තට්ටු නිවාස නමින් ප්‍රකට, මෙම නිවාස සංකීර්ණයේ නොකෙරෙන ජාවාරමක් නැත. නීති විරෝධී ලෙසට ...
ස්පුට්නික් V එන්නත වෙනුසිලියානු ජනාධිපති ගහගනී, ඒ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න. Peoples Forum SL බටහිර මාධ්‍ය විසින් ස්පුට්නික් v, කොරෝනා එන්නත පිළිබඳව ගෙනගිය අසත්‍ය ප්‍රචාර හා ඒ ඒ රටවල ප්‍රධන මාධ්‍ය (MSM) විසින් මෙහෙයවන සිවිල් සංවිධාන හා වෘත්තී සමිති ස්පුට්නික් v පිළිබඳව සෘණාත්මක තොරතුරු ප්‍රචාරය කලා පමණක් නොවල ඒවා ජනතාවට ලබාදීමට විරෝධය ද පළ කළේය. කෙසේ වෙතත් මේ වන විට මෙම එන්නත විශේෂයෙන් ලතින් අමරිකානු රටවල හා යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතී.මුල් අවස්ථාවේ මෙම එන්නත ...
Astrazeneca එන්නත ලබා ගත් හත්දෙනාගේ මරණය ගැන දකුණු කොරියානු ආණ්ඩුව පරීක්ෂණ ආරම්භ කරයි Peoples Forum SL එරට මාධ්‍යය වාර්තාවලට අනුව Astrazeneca එන්නත ලබාගත් විශාල පිරිසක් විවිධ සංකූලතා වලට ගොදුරුව තිබෙන අතර හත් දෙනකු මේ වන විට මියගොස් තිබේ දකුණු කොරියාව කොරෝනාව වසංගතය සාර්ථකව පාලනය කරන ලද රටවල් අතුරින් එකක් ලෙස සැලකේග එරට මිලියන 52දෙකක් වන ජනගහනයෙන් 92000ට වැඩි පිරිසකට කොරෝනා ආසාදන විය. මෙම පිරිස අතරින් මිය ගිය සංඛ්‍යාව 1632 කි.මිලියන 67 ක ජනගහනයක් ඇති එංගලන්තයේ මේ ...
දෙල්ගොඩ ජයනාථ දේවාලයේ අප්පච්චිගේ කෙරුවාව. Peoples Forum SL 58 හැවරිදි මවක ගේ කථාව, ඇය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාට කර තිබෙන් පමිණිල්ල පහත දැක්වේ. තොරතුරු ඒහි ඇතුලත්ය.කඳුබොඩල ”ජයනාථ දේවස්ථානය” නමින් නීති විරෝධීව පවත්වාගෙන යන, ඊනියා ”ආගමික මධ්‍යස්ථානය” යොදාගෙන සිදුකරනල අස්වාභාවික ක්රියාවන්ල තරුණයින් හා ස්ත්‍රීන් ලිංගික අපයෝජනයට ලක් කිරීම.මානෙල්ල අවු: 58 යි, ජා.හැ.අ - ****** විවාහක. දරුවන් 02 යි, 21.03.05 වන දින දීය.1. ෂාන් අවු: 25 යි. 2. ...
එන්නත ගහගෙන නැති නම්, හජ්ජි නැත. වෙරසයට, දෙයියෝ පස්ස ගහයි. Peoples Forum SL සියලු බලධාරී දෙවියෝ වෙනුවෙන් බෙලි කපන්නත් සූදානම්, මිනිස්සුන්ට හජ්ජි යන්න පුළුවන් වෙන්නෙ Covid - 19 එන්නත විද ගත්තොත් පමණයි.මක්කම භාර සව්දි රජය මෙවර මක්කම වන්දනාවට ඉඩ දෙන්නේ එන්නත ගහගත්ත අයට පමනක් බවට ප්‍රකාශ කර තිබේ. ඒ වගේම මීටරයේ දුර තියාගන්නත් ඕනේ ...