ආශාවරී 5 - පියුමි හෙවත් ආරියවතී නයියාගේ නයි < 4වන කොටසටදවස පුරාම බුම්මාගත්වනම සිටි අහස සවස් භාගය එළඹෙත්ම ගුගුරා හැලෙමින් පොළව තෙමන්නට ගත්තේ කිසිදු අනුකම්පාවකින් තොරවය. අනෝරා වැස්සේ වූ චණ්ඩ බවිනුත් තම විසල් නිවස අරක්ගත් මහා පාලුවෙනුත් පෙලනු ලැබූ ඒබරන් තම වයලීනය අතට ගත්තේය. ඔහු වයලීනය අතට ගත්තේ වසර 5කට පමණ පසුය. මදක් නුහුරට මෙන් ඔහු වයලීනයේ තත් එකින් එක හැඬවීය. ඉන් නැගුණු ලයාන්විත නාදය ඔහුට දැනුනේ වසර ...
තත්වෙකට ඇවිදින්..... නයියාගේ නයි හන්දියේ පොත් කඩෙන්අරන් සව් කොලයකුත් පොඩි කතුරකුත්ඉතුරු සල්ලියෙන් ගත්තා ගම් බෝතලේකුත්වෙසක් මාසෙත් නොවේසරුංගල් මාසෙත් නොවේකඩේ නංගිගේ බැල්මේ, ප්‍රශ්නාර්තයකි මැවුනේකඩේ අයියාගේ දෙතොලේ,මද සිනහවකි ඇඳීයන්නේඒ ලබපු අස්වැසිල්ලෙන්,අපි හෙමින් මාරු වෙලා යන්නේකතුර හොඳටම පොඩියි, ඇඟිලි අපෙ ලොකු වැඩීරිදුම් දෙන ඇඟිලිවල වෙහෙස කතුරු තල දෙක මැදට ඇවිදින්සව් කොලය මත විසිරයයි.කටේ කෙල හිඳී ඇත,ගම් බෝතලේ ඒකටයි......නැත කිසිම ලේසියක්දල්වන්න අප අපේක්ෂාවන්හැකිද මෙතරම් චණ්ඩ වන්නටසිසිල රැඳි මද ...
දේශපාලන උත්කෘෂ්ටතාවයේ වියැකීම නයියාගේ නයි ලංකාවේ වර්ථමාන දේශපාලනය යනු උත්කෘෂ්ට භාවයන් වලින් තොර වූ තෙරක් නොපෙනෙන කතරක්. මෙහිදී උත්කෘෂ්ට යන වචනය යොදාගත්තේ ඉමානුඑල් කාන්ට්ගේ The Sublime එනම් උත්කෘෂ්ට දෙය පිළිබඳ අදහස පාදක කරගනිමින්. කාන්ට්ට අනුව එහිදී උත්කෘෂ්ට දෙය ලෙස හැඳින්වුනේ අපගේ මානසික ලෝකය තුල ග්‍රහණය කරගත නොහැකි සංකීර්ණ පැවැත්මවල් යන්නයි. අපට සිතා ගැනීමට අපහසු විශාල පැවැත්මවල් හමුවේ අපගේ කුඩා භාවය එහිදී හැඳින්වුනා විය යුතුයි. ඔහුට ...
මගේ මූණත් TV එකේ පෙනුනද සෑර් ? නයියාගේ නයි සුනිල් පෙරේරාගේ "නෝනෙ මගෙ සුදු නෝනේ" තාලයට ගායන කර මහත් පල ලබාගන්නනෝනෙ මගෙ සුදු නෝනේ- අලි වැඩේ මෙමට උනේ....//මීටිම දිගට ඇදුනා ඒකයි මම පමා උනේඅන්න, ඔබෙ පරණ පොත - මම එය කියවා ඇත.....//තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැතඔයාට මතක නැද්ද - මගේ නෑ කිසි වැරැද්ද //අද මම යනවා කියපු - මීටිම ගැන මතක නැද්දමීටිං කතා කියා අප රවටන්න එපා...//සුමනාගේ ...
මුහුණු සයකි, අත් දහයකි (කතාවක්) නයියාගේ නයි දහවල ගිනි ගහන මද්දහන කරනකොටගෙන යවට රත්වූ කලෙක මෙන් ගිනියම් වූ තාර පාර කෙමෙන් කෙමෙන් සිසිල් වන්නට පටන් ගෙන ඇත. කාර්යාලීය වැඩකිස නිමාවී නිවෙස් බලා ඇදෙන මහා ජනගඟ රැගත් වාහන ගොන්න නිසාදෝ තවමත් සිසිල් බවේ නියම සුවය තාර පාරට අහිමිව ඇත. එනිසා සිසිල් වන ගමන්ම එයින් රත්වූ දුම් පිටවෙන්නේ විටින් විටේ හමනා සැඳෑ සුලඟටත් මද තාප ශක්තියක් එක් කරමිනි. ඒ ...
දැති රෝදෙන් උපන් බුදුන් නයියාගේ නයි මයිත්‍රී බුදුහාමුදුරුවෝ බුදුවන පුස්තකාලයේ සියඹලාගහ යටදී, 1967දී පාඨක සමාජයට දායාදවූ දැති රෝදෙන් උපන් බුදුන් කියන්නේ කෙටිකතා කිහිපයක් එකතු කරමින් අප සම්බන්ධ වී සිටින සමාජය සහ එහි සත්තාවන් අපේ මනස තුල පරිකල්පනය කරවීමට ගත්ත උත්සහායක්. අපිට නිතර දෙවේලේ හමුවන කෙටි කතා, නව කතා අතර වෙනස්ම ආකෘතියකින් ලියවුනු එකක්. මීට වසර 50කට ඉස්සෙල්ලා ලියවුනු ඒ අදහස් විටින් විට අතුගාදැමීමට උත්සහ කලත්, තවමත් ...
පන්තියේ desk එක නයියාගේ නයි chemicals ඉහිරිච්ච ලැබ් එකේ ඩෙස් වලටතඩි බබා අපි කියපු ගී සින්දුතවමත් ඇසේ දෙසවන් පුරාinterval බෙල් එක වදින්නට ලංවෙද්දිඩෙස් එකේ යට තියන්හංගගෙන අපි කාපුබනිස් ගෙඩි , කෙහෙල් ගෙඩිරස මතක් වේ තවම මටinterval එක ඇරඹිවිටඩෙස් ලෑල්ලක් කඩාගෙනඅපි ගැහුව cricket matchගැහුවේ නම් නෑ ඊටපසුඉඩෝරෙට දියපොදක් විලසින්ඒ කාලෙ එන වැල කතාහනි හනික කියවලාගැහුවේ ඩෙස් එකේ අස්සෙමපන්තිය අතුගාන කල්හීකොල්ලන්ගේ පැත්තෙ කුණුඑබුවා ලොවෙත් පන දමාගෙනකෙල්ලන්ගෙ ඩෙස් ...
සතර 4 (කෙටිකතාව) නයියාගේ නයි වේගයෙන් ඇදී ආ දුම්රිය දෙවන වේදිකාව දකිත්ම හති ලමින් තම ගමන් වේගය බාල කරන්නට විය. වේදිකාව හා සමාන්තර වෙත්ම එහි වේගය ඉතා බාල වූ මුත් තවමත් නතර නොවී ඉදිරියට ඇදේ. දුම්රිය නතර වෙන තෙක් ඉවසාසිටීමට නොහැකි පිරිමින් තම බෑග් මලු සමග සටන් කරමින් දිව ගොස් පාපුවරුවට පනී. ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ අසුනක් අල්ලා ගැනීමය. ඉක්මන් ක්‍රියාමාර්ග නොගතහොත් කොළඹ දක්වාම සිටගෙන ...
නයි පැවැත්ම නොහොත් මෙතෙක් කථාව නයියාගේ නයි 88 අගෝස්තුවේ හත්වෙනිදාක ,මහ රෑක හෝ ගිනි මද්දහනක තියන,උණුසුම හෝ ආලෝකය අඳුනගන්න නොදැන,මම ඇස් අරින්න උත්සහකලා.ඒත් මොන ඇස් ඇරිල්ලක්ද?ඇඟම දනවා ගජරාමෙට.ජලජ සත්වයෙක් නෙව මේ ගොඩබිමට ඇදලා දැම්මේ,ඇස් ඇරිල්ල පැත්තක තියලා ඇඬුවා මම,පුලුවන් උපරිමේටම....එතන ඉඳන් බඩගින්නට, රස්නෙට, සීතලට, විතරක් නෙවී දෙයක් ගන්න උවමනා උනු හැමවිටම,මම කලේ කෑ ගහල අඬන එක.ඒ හැම අඬුමකටම ලැබුණු මුල්ම සැලකිල්ල,කිරි සුවඳින්ද නැත්නම් දාඩිය සුවඳින්ද කියලා,හරියටම අඳුනගන්න ...
බුද්ධාගමෙහි ප්‍රමුඛතාව ? නයියාගේ නයි මේ ආණ්ඩුව පත්වුන දින සිට කියවෙන ප්‍රධාන දෙයක් තමයි නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම කියන කරුණ. 2016 ජනවාරි වල තමයි මේ ක්‍රියාවලියේ ආරම්බය සටහන් වෙන්නේ. ඒ 2015 දෙසැම්බර් වල පිහිටවපු මහජන අදහස් විමසීමේ කමිටුව (සාමාජිකයින් 20දෙනෙකුගෙන් සමන්විත ) තමන්ගේ කර්තව්‍යයන් නිල ලෙස ආරම්භ කිරීමත් සමග. මාස කිහිපයක් පුරා ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 පුරාම තම කටයුතු පවත්වාගෙන ගිය මේ කමිටුව තම වාර්තාව ...
ගිරා රිලා හටන් ඉතිහාසය - 2 නයියාගේ නයි <--පළමු කොටසටඉතින් මතක ඇතිනෙ කැලේ සත්තුන්ගේ ඇනුම් පද වලින් ගැලවෙන්න සෙල්ලම් රිලවට නියම අයිඩියාර් එකක් ආව කියල. මේ අයිඩියාර් එක ආපු මොහොතෙම සෙල්ලමා අඩි හතේ කරනමක් ගහලා කැලේ උස ගහකට ගොඩ වෙලා ඉතා වේගයෙන් කැලේ හරහා ගමනක් ආරම්භ කලා.ඒක ඉතා දීර්ඝ ගමනක්.සිංහරාජෙනුත් එහා තිබ්බ මහා කැලෑ හතක් පහු කරපු ඒ දිගු චාරිකාවේ අරමුණ වුනේ ලෝක පාලක සක්‍ර දේවේන්ද්‍රයා හමුවීම.ඉතින් ඝන ...
ගිරා රිලා හටන් ඉතිහාසය - 1 නයියාගේ නයි අද කියන්න යන්නේ මීට ගොඩාක් ගොඩාක් කලෙකට කලින් උනු කතාවක් ගැන. කොච්චර කාලෙකට කලින්ද කියනවනම් සත්තුන්ටත් කතා කරන්න පුලුවන් කාලේ කතාවක්. මිනිස්සු කියන සත්ව කොට්ටාශය ඒ තරම් දියුණු නෑ ඒ කාලේදී. මිනිස්සු වර්ග හිටියේ දෙකයි.එකක් තාපසයො අනික වැද්දො.ඒ කාලේ තිබුණා සිංහරාජ කියල මහ විසාල වනාන්තරයක්.සිංහරාජ කිව්වට එකේ හිටපු සින්හයෙක් නෑ. ඒ නිසා මේ කැලෑව පාලනේ කරේ වඳුරන් විසින්. කැලේ පාලනය ...
ජෙප්පනි , මේ අඹ හැර තවත් අඹ තිබේද? නයියාගේ නයි මේ දවස් වල බුකියේ සුපිරිම hit එක අනුර අයියාගේ කොල්ලාය. කොල්ලා අල්ලාගෙන anti-ජෙප්පන් අනුර අයියාගෙන් පටන්ගෙන JVP එකෙනුත් නොනැවතී මුලු වාමාන්ශික ව්‍යාපාරයටම පහර දෙමින් සිටී. ඒ ප්‍රහාර වලට එදිරිව ඉදිරිපෙල සටන ගෙනියන්නේ ජවිපෙ දේශපාලකයන් නොව බුකී වාසී ජෙප්පන් සැට් එකය. බුකී ජෙප්පන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් අනුරගේ පුතාගේ ජීවිතය හෙවත් පෞද්ගලික ජීවිතය, අනුරගේ දේශපාලන ප්‍රතිපත්ති සමග පටලවා නොගත යුතු ...
අලුත් බව පුරවගත් පරණ සුලඟක් නයියාගේ නයි මේ සටහන ලියන්න හිතුනේ නිනෝ ලයිව් තිරගතවීම ඇරඹුණු චමත්කාර අවස්ථාවේ ඡායාරූප දැකපුවහම. වසර 8කට ආසන්න කාලයක් පොදු ජන දැක්ම හීනයක් වෙමින් තිබ්බ නිනෝ ලයිව් පසුගිය දවසක තම රූපමය අනසක මෙරට ප්‍රේක්ෂකයා හමුවේ මුදාහරින්න සමත් උනා. වසර ගනනාවක් පුරා හමස් පෙට්ටියට දාල පුස් වෙන්න ඇරපු චිත්‍රපට බොහොමයක් පහුගිය වසර 2 තුල අපේ ඇස් ඉදිරියේ දිග හැරුණා. නමුත් ඇත්තටම ඒවා පුස් කාලා ...
නිදිගත් ආණ්ඩුව නැගිට්ටන්න SAITM බෙහෙත් ? නයියාගේ නයි SAITM අවුල ගැන ආයේ නොලියන්නට හිතන් හිටියත් ඒ වැඩේ එන්න එන්නම අවුල් ජාලාවක් වෙමින් ඇති නිසා ලියන්නට දේවල් ඔලුවට පැමිණේ.........මේ රජය බලයට පැමිණීමත් සමග SAITM ප්රශ්නය තදටම කරළියට ආවේය. එසේ ආවේ මහින්දට බයේ නැට්ට පුකේ ගසාගෙන සිටි එවුන් මේ ආණ්ඩුවේ ලිහිල් බවින් සිංහයන් වූ නිසායැයි ඇතෙමෙක් පවසයි. ඒ කතාවේ යම් සත්‍යයක් ඇතත් නයියාට හිතෙන ලෙස මේ සටන දරුණුවටම නැග එන්නේ ...
කලු පාට පස් ගොඩේ රතු පාට ලේත් ඇත නයියාගේ නයි මැයි 18 යනු ලොව පැවති දරුණුතම ත්‍රස්ථවාදයක් ලංකා භූමියෙන් තුරන් කල දිනයකි. ඒ වෙනුවෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටුකල සැමදෙනාට අපේ ප්‍රණාමය හිමිය. එනමුදු ත්‍රස්ථ මානසිකත්වය මේ ලෝ තලය පුරා සැමදා පවතින්නේය.එය අපි හැමකෙක් තුලම අඩු වැඩි වශයෙන් පවතින්නාවූ මනෝබාවයකි. ඒ මනෝබාවය ක්‍රියාවෙහි යෙදෙවෙන්නක් බවට පත්කරන්නේ එයට පොහොර පස් දමමින් වැඩෙන්නට ඉඩදෙන සමාජීය බලවේගයන්ය. අතීතය පුරා කල අදූරදර්ශීවූත් කුහකවූත් ක්‍රියා කලාපයන් ...
නිවන දුටු එකාට ගල් ගැසීම 2 - සමන්ත භද්‍ර සාධකය නයියාගේ නයි පළමු කොටසෙන් අපි කතා කලේ වසර 2000කට ආසන්න කාලයක් තිස්සේ විය නොහැකි භාවයක් කරා ගමන් කරමින් ඇති රහත් බවට alternative එකක් විදිහට ප්‍රචලිත වෙමින් එන පුද පූජා සංස්කෘතිය සහ සාහිත්‍ය මගින් අපේ සිත් තුල පැළ කරපු රහත් template එක ගැන. නිර්වාණ අවබෝධය ඊලඟ භවයක් කරා කල් දමමින් එන මේ ක්‍රියාවලිය හරියට අපිට ඉස්කෝලේ කාලේදී හම්බවුණු අමාරු ගණිත ගැටලු මග හැරීම ...
නිවන දුටු එකාට ගල් ගැසීම -1 නයියාගේ නයි "නිර්වාණය".....මේක තමයි බෞද්ධ විමුක්ති මාර්ගයේ අවසානය හඳුන්වන නම.නිර්වාණය අවබෝධ කර ගැනීම එහෙමත් නැතිනම් නිවන් දැකීම කියන්නේ තෘෂ්ණාව නැති කිරීම කියලා සරලව කියනවා. තවත් විධිමත් ආකාරයට කියනවානම් අවිද්‍යාවෙන් තොරව තතු පරිද්දෙන් දැනගැනීම හෙවත් සත්‍ය අවබෝධ කිරීම. "නිර්වානයත් සංසාරයත් අතර වෙනසක් නැත" කියල මහායාන කියමනක් ඇති බවට වල්පොළ රාහුල හිමියන්ගේ "බුදුන් වදාළ ධර්මය" පොතේ සඳහන්. ඒකෙන් අදහස් වෙන්නේ එකම දෙයක් දෙස අවිද්‍යාවෙන් ...
ආශාවරී 4 - මත්බර හැන්දෑව. නයියාගේ නයි තෙවන කොටසට......ක්ෂිතිජ ඉම ලා රත් පැහැයෙන් තද රත් පැහැයට වර්ණය වෙනස් කරගනිමින් සිටී. සයුරු දිය තටාකය තුල මුහුණ ඔබා ගනිමින් දෝවනය වන සැඳෑ හිරුගේ ඇත්තේ කෙතරම් පහන් බවක්ද. දහවලදී නිමක් නැති චණ්ඩ හිරු රැසින් නගරයම දැවූමුත් සැන්දෑ බාගයේදී මුලු නගරයම වර්ණවත් සිත්තමකට දැහැන්ගත කරවා හෙතෙම මුහුදු දිය තුල සැඟව යන්නේ සඳවතියට නගරයට එන්නට පාර කියමිනි. ප්රතාපවත් හිරු තම වසඟයට ගත් ...
ආශාවරී 3 - මේඝලතා මුනගැසීම නයියාගේ නයි ඉරාජ් රූගත කරන, නයියා ලියන යුගයේ අප්සට්ම ප්‍රේම වෘතාන්තයේ අලුත්ම කොටසයි මේ....පළමු කොටසට.....දෙවන කොටසට....වේලාව උදෑසන 10ටත් කිට්ටුය.පෙරදින මැදියම් රැයේ ඇරඹි ගමන මේවන තෙක් කිසිදු විඩාවකින් තොරව ගෙවී ඇත.ඇත්තටම විඩාවක් නැතිවා නොව, මේඝලතාගේ මතකයෙන් පිරී ඇති සිතටත් ගතටත් විඩාව නොදැනෙන්නේ වෙයි.මේ පැය ගනන තුල තමා මේ අලුත් ලෝකයට පුදුමාකර ලෙස අනුගත වී ඇති බව ඔහුට වැටහී තිබේ.තම කලිසම් සාක්කුවේ තිබෙන කුඩා ...