ඕවත් වෙසක් කූඩුද බං ? නයියාගේ නයි ලඟ ලඟම අවුරුද්ද එනවා කියලා මතක් වෙන්නේ කොහා හඬ තලන්න ගත්තම වගේ, ලඟ ලඟම වෙසක් එන බව ඒ කාලේ අපිට මතක් කලේ අපේ ගෙදර තිබ්බ උන බට පඳුර. වෙසක් එකට සති තුනක් විතර තියලා ගමේ කොලු කුරුට්ටො , අයියලා , මාමලා, අපේ ගෙදර පැත්තට එන්න ගන්නවා කූඩු හදන්න බට කපන් යන්න. වෙසක් ලඟ ලඟම එන බවට එන සංඥා තමයි ඒ ...
සොඳුරිය අවුරුදු කොතරම් නපුරුද ? නයියාගේ නයි "සොඳුරිය කාලය කොතරම් නපුරුද"......මං හිතන්නෙ සිංහල ආදර ගීත ඉතිහාසයේ තියන අති විශේෂතම ගීය මේක. අපි හැමදාම කරන , විඳින, විඳවන සහ අත්දකින ආදරයේ, වෙනම මානයක් ස්පර්ෂ කරපු ගීතය මේක. මට හිතෙන විදියට වෙන කිසිම ගීයකින් ආදරයේ මේ කලාපය කතා වෙලා නෑ. ඒ තමයි ආදරයේ පරණ වීම හෝ පරිණත වීම තුල අහිමි වී යන බොලඳ රසය. මේක මං හිතන්නේ අපි බොහෝ ...
චූටි කෑලි මල් කතාව 4 - ආයෙත් ගෙදර නයියාගේ නයි <<තුන්වෙනි කොටසට"සුබ උදෑසනක් ජේෂ්ඨ උත්තමයා...."මම ඇඳෙන් උඩට විසි වෙන ගමන් කිව්වා."මොන උත්තමයා....මේ campus එක නෙවී කොල්ලො".........අම්ම හොඳටම හිනා වෙන ගමන් කිව්වා. ඔව් නේන්නම් මේ campus එක නෙවී, මේ ගෙදර. සති දෙකක කෙටි නම්නීකරණ කාලයෙන් පස්සෙ ආයෙත් මම ගෙදර ඇඳ උඩ. පහුගිය සති දෙකේම උදේ පාන්දර ඇහැරුනේ ජේෂ්ඨ උත්තමයන් අපේ යකඩ ඇඳට තඩි බාන පොලු පාරක මිහිරි නාදයෙන්. යකඩ ඇඳ ඒ ...
කූඹිවාදයෙන් මිදිය යුතුය නයියාගේ නයි රයිගම් ටෙලි සම්මාන උළෙල පසුගිය රාත්රියේදී නිමාවිය. එහිදී ජනප්‍රියම නලුවාට සහ ජනප්‍රියම නාට්‍යට හිමි සම්මානයන් කූඹියෝ නාට්‍යට හිමි විය. පහුගිය කාලය පුරාම fb එකේ ඉන්නා කුඹි කෑ රසිකයන් බොහොමයක් දිවා රෑ නොබලා මහන්සි උනේ ඔය ජනප්‍රිය category එකේ සම්මාන රොත්ත කූඹියෝ වෙනුවෙන් ලබා ගැනීමටය. මෙරට පැවැත්වෙන මැතිවරණයක් වෙනුවෙන් මෙන් එයට ඇප කැපවී ක්‍රියා කල කූඹි පාක්ෂිකයන්ගේ අප්‍රතිහත කැපවීම නිසා දෙවනි ...
අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ? නයියාගේ නයි පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් පාසාම ඇසෙමින් පවතී. දහනවවන සංශෝධනයත් සමග යම් පටලැවිල්ලක් බවට පත්ව ඇති අගමැති දොට්ට දැමීමේ කර්තව්‍යයට බලපානා වගන්ති කිහිපය හුදී ජන දැනුම් සංවේගය තකා මෙසේ ඉදිරිපත් කරමි. 1978 ව්‍යවස්ථාව අනුව අග්‍රාමත්‍යවරයා පත්කිරීම ...
ජවිපෙ , ඉතින් ඊට පස්සෙ නයියාගේ නයි පළාත් පාලන මැතිවරණය අවසන් විය. එම මැතිවරණය තුල කන්දක් උසට බලාපොරොත්තු තබා සිටි ජනතා විමුක්ති පෙරමුණ තවත් වරක් පහලට ඇද වැටී ඇත. පසුගිය මැතිවරණ කිහිපයකදීම ජවිපෙ ඉහළ ප්‍රතිඵල අපේක්ෂා කරගෙන සිටියද දිගින් දිගටම ඒවා බොඳවූ සිහින බවට පත්ව තිබේ. එසේ වන්නේ ඇයි?මට වැටහෙන පරිදි නම් ජවිපෙ දිගින් දිගට සහභාගී වෙමින් සිටින්නේ තමන්ට අදාළ නොවන තරඟයකටය. ධනවාදී ක්‍රමයක් තුල ගොඩනැගී ඇති ...
පෙබරවාරි 11 වැනිදා උදෑසන නයියාගේ නයි අද , පෙබරවාරි 4, එනම් 70වෙනි නිදහස් දිනය ගෙවී යමින් ඇත. තව සතියකින් පෙබරවාරි 11වැනිදා උදා වනවිට මෙරට තවත් පළාත් පාලන මැතිවරණයක් අවසන්වී තිබෙනු ඇත. පෙබරවාරි 11වැනි දින අරුණලු උදාවීමට සතියකට මත්තෙන් අපි මේ ගෙවමින් සිටිනුයේ මෝහනීය කාලයකි. 2015 අගෝස්තුවෙන් පසු රජ පුටු ටික ඔවුන්ට භාරදී අපි ගේ මුල්ලේ පුටුවට වැටුනෙමු. එදායින් පසු මේ ගෙවී යමින් ඇත්තේ නැවතත් අපිට රජ ...
කූඹියෝ ලොකු ද? නයියාගේ නයි "උඹ මොනවද බොන්නෙ ?""උඹ මොනව බිව්වත් මෙහෙ තියෙන්නේ ප්ලේන්ටී විතරයි"පසුගිය වසර 5,6ක් තිස්සේම ලාංකික ටෙලි නාට්‍ය රසික ප්‍රජාවට සිදුවූ තිබෙන්නේ මේ සන්තෑසිය බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපි කෙතරම් රස වර්ග වලට කැමැත්තෙන් සිටියද අපිට බොහෝ විට රහ බලන්නට ලැබුනේ සීනි නොදැමූ, කහට ගතියක් ගෑවිලාවත් නැති, නිවී ඇල්ව ගිය තේ කෝප්පයක් බඳුවූ ලාචෝරු , එදා වේල ටුවර්ස් ටෙලි කතා ගොන්නක්ය. අතරින් ...
සහෝදරයා තුන්වන පාඩම - 57' බණ්ඩා,චෙල්වා ගිවිසුම නයියාගේ නයි <<පළමු කොටසටසිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනුවස් පත් කරනලද අනුකාරක සභාව කෙටි කාලයක් තුල තමන් විසින් සකස් කරන ලද පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. එය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන අතර සුළුතරයේ භාෂා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පතක් විය. මෙම කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ අනුමැතිය ලැබුණද සමහරක් මන්ත්‍රීවරුන්ගේ විරෝධය එල්ල විය. එයට ප්‍රධාන හේතූන් වූයේ දෙමළ ...
සහෝදරයා දෙවන පාඩම - නුවරින් එන්න කළින් නයියාගේ නයි සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන් ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින් දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය ...
පෙම්වත් දිනපොත - කෙටි කතාව නයියාගේ නයි ආදිපාද මාලිගයේ දැවැන්ත ගේට්ටුපලු දෙක මහ හඬක් නංවමින් පෙරලුනා විය යුතුය. කැරලිකරුවන්ගේ හඬ ක්‍රම ක්‍රමයෙන් ලංවෙමින් ඇසෙන්නේ ඔවුන් මාලිගය තුලට කඩා වැදීමට ආසන්න නිසා විය යුතුය. මම ඉක්මනින් ඉහළමාලයේ තරප්පුව දෙසට පියමනින්නට වීමි. තවත් හෝරා කිහිපයක් ඇතුලත මේ මාළිගය සුන් බුන් ගොඩක් බවටත් , අලු ගොඩක් බවටත් පත්වනු නියතය. මගේ හදවටත නොසන්සුන්ය, එය වේගයෙන් ගැහෙන්නේ කැරලිකරුවන්ගේ මහා ඝෝෂාවට බියකින් නොව ...
තනි ගෑණියෙක්ගෙන් පිරෙන්න තරම්.... නයියාගේ නයි "තනි ගෑනියෙක්ගෙන් පිරෙන්න තරම් උඹේ හදවත පුංචි ද ? එහෙම උන්ට දේශපාලනේ කරන්න බෑ බං............"මේක සහෝදරයා ටෙලි නාට්‍යයේ ගිය වදන් පෙලක්. අද කතාකරන්න යන්නේ සහෝදරයා ගැනවත්, දේශපාලනය ගැනවත් නොවෙයි. ආදරය ගැන. ආදරය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම වැඩියෙන්ම බාවිත වුනු , කලා නිර්මාණ බිහු වුනු, දේශනා පවත්වපු, අර්ථකතන බිහි කරපු සහ නොයෙක් ආකාර වලින් පට්ට ගහපු මාතෘකාවක්. එනමුත් තවමත් පරිපූර්ණ ලෙස ...
සහෝදරයා පළමු පාඩම - හැන්ඩි පෙරින්පනායගම් නයියාගේ නයි සහෝදරයා යනු වත්මන් ටෙලි නාට්‍ය අවකාශයේ වේගයෙන්ම තරුණ පරපුරෙහි හදවත් ආකර්ෂණය කරගනිමින් ඇති නිර්මාණයක් බවට විවාදයක් නැත. නමුත් මේ තරුණ පරපුර යනු දේශපාලන සවිඥානිකත්වයෙන් ඉතා වේගයෙන් ඉවත්වේගෙන යන හෝ මේ වන විටත් ඉවත්ව ගොස් ඇති පිරිසක් බව ඒ පරපුරේම එකෙකු ලස මම ඉතා හොඳින් දනිමි. අපගේ පරම්පරාවත් ඊට පසු පරම්පරාවනුත් යනු දේශපාලනය වනාහී අපට අයිති රාජකාරියක් නොවන බවටත් එය ඔක්කාරය ...
වීරයා මැරිලා නයියාගේ නයි සහජ ජාති, කුල, ගොත් ආගම්ගනිමි කරටම, රකිමි මිරිකාඅනෙකාගේ බොටුවවෙන් කරන් කඳෙන් හිසතබන්නෙමි සීරුවෙන්උඩු යටිකුරු කර තනාගත්අනේකවාදී වහන්තරා මතආශිර්වාද ශ්ලෝකයන්, ස්තෝත්රයන්ඇසෙනු ඇත ගිගුම් දීසැම සවන් විනිවිදනු ඇතසීනු ඝණ්ටා නොනැවතීකෙසින් අල්වා ගෙන උගේ හිසකරන්නෙමි මස්තකප්රාප්තසදොස් පූජාසනය මත.....රුධිර දහරා නොනැවතීගලා යයි ඌ හිසින්අත් මගේ රතුම රතු බව දකින මම ගැස්සෙමීකාරි නැත විස්සෝප වීමටමේ ගලා යන රුධිර ගංගා,තිරිසනුන්ගේයනොවේ ඒවා මිනිස් රුධිරයවහන්සේලා ශපත කරත්බැතිමතුන් භක්තියෙන් ...
තෙල් ගොඩක් මැද ටයිටැනික් නයියාගේ නයි පොතේ ගුරා ; ඈත එපිට දුර ඇමරිකා නම් රටේ කාර් පැදි ධීමතා සතුරන්ගේ උවදුරු බෝ නිසා සිරි ලකට වඩින්නේ හනිකටා පෙම්වතිය අනෙක් පස හිඳුවලා පදවන්නේ කාරය හනිකටා මාගම්පුර වෙරළට ලංවෙනා වින් ඩීසල් සභයට පිවිසෙනා //අප වින් ඩීසලයාණෝ හීයක බඳු වේගයෙන් තම රථය බලු බල්ලෙක් නැති මාගම්පුර තාර පාරේ දක්කවයි. මාගම්පුර දුහුවිල්ලෙන් වින් ඩීසලයානන්ගේ කලු පැහැති මස්ටෑන්ග් රථය නැහැවී යයි. එහෙත් ...
රෙදි ගැලවූ විට දුටුමි කොන්දක් නොමැති බව උඹට නයියාගේ නයි ලංකාවේ music video කර්මාන්තය පහුගිය වසර කිහිපයක කාලය තුල ඉතා වේගයෙන් ප්‍රසාරණය වූ අංශයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මීට වසර දෙකකට පමණ කලින් පැවති music video trend එක අද දවස වන විට වෙනමම ස්ථරයක් දක්වා විතැන් වී ඇති බව පැහැදිලිය. අවුරුදු දෙකකට පමණ කලින් හොටු පෙරන් අඬන කොල්ලන්ගෙන් හා චපල කෙල්ලන්ගෙන් පිරි අරාබි නිසොල්ලාසයක් බඳුවූ music video කලාව/කර්මාන්තය අද ...
චූටි කෑලි මල් කතාව 3 - phone නම්බරේ නයියාගේ නයි << දෙවනි කොටසටහවස් වේගෙන එන හින්ද දියතලාවේ සීතල වැඩිවෙන්මින් තිබුණා. මම සීතලෙන් ගැහි ගැහි එයත් එක්ක කතාව ඇරඹුවා. විනාඩි ගණනාවක් ගෙවී ගියත් මහ දෙයක් අපි අතර කතා වුනේ නෑ. වැඩි හරියක් තිබේ කතා නොකර ගෙවුණු හිස් තැන්. කතාව බෝරිං වේගෙන එන නිසා එයා දැන් යාලුවො ගාවට යන්න හදන බව මට තේරුණා. phone number එක ඉල්ලගන්නව නම් දැන්ම ඉල්ලපං බූරුවො නැත්නම් ...
චූටි කෑලි මල් කතාව 2- නිව්ටගෙ බත් එක නයියාගේ නයි <<පළවෙනි කොටසටනම්බරයක් ඉල්ලගන්න ?.....අප්පටසිරි ඔව් නේන්නම්. විද්‍යා පීඨයේ ශිෂ්‍යයෝ වෙච්ච අපේ සරසවි ඇරඹුම අදින් අවසන් වෙනවා. මොකද අපේ පීඨය හරියටම ආරම්භ කරන දිනයක් නෑ තවම. ඒ නිසා සතියක් පුරා පැවැත්වුනු නවක නම්ණීකරණය අදින් ඉවර උනාම විද්‍යා පීඨයේ අපි, හෙට ගෙදර යනවා. අනික් පීඨ හතරේ උදවිය තමන්ගේ විශ්ව විද්‍යාලයීය ජීවිතය නිල වශයෙන් අරඹනවා. ඒ නිසා අපේ faculty එකේ සින්නො කිව්වා ගෙදර ...
චූටි කෑලි මල් කතාව -1 නයියාගේ නයි එක වරම ඇද හැලිච්ච කොහෙන්දෝ ආපු මහ වරුසාව නිසා නවකයන්ගේ ක්‍රීඩා උළෙල සේදිලා ගියා ලොවෙත් නැති වෙන්න. සබරගමුව විශ්ව විද්‍යාලයේ 14 වෙනි සිසුන් කණ්ඩායම වෙච්ච අපේ freshers meet එක අද උදේ පටන් ගත්තේ දියතලාව Military Academy එකේදී. අති මනරම් පරිසරයක පිහිටා තිබ්බ ඇකඩමිය අපි කාගෙත් සිත් සතන් සුවපත් කලේ පරිසරයේ සුන්දරත්වය නිසාද?, කරදර කරන්න සින්නො ටික ලඟ නැති නිසාද කියල ...
විජයාවතරණය 2k17 - කෙටි කතාව නයියාගේ නයි රුවල් නැව ලතාවකට සමුද්‍ර දිය මත උස්පහත් වේ. නැවේ සිදුවන ලාලිත්‍යමය චලිතය නැව් වැසියන්ට ආශ්වාදයක් ගෙන නොම එන බව උන්ගේ විඩාපත් මුහුණු වලින් පෙනේ. මහා ගිනි මද්දහනක අහස්කුස අරක් ගත් සූර්ය දෙවියන් තම චණ්ඩ දින කිරණ නැව් වැසියන් මත පතිත කරනුයේ කිසිඳු අනුකම්පාවකින් තොරවය. ඒ චණ්ඩ කිරණෙන් ඔවුන් මුදා ගැනීමට සමත් කුඩා වළා රොදක්වත් අහස්කුස තුල නොතිබූ බැවින් මුලු ගුවන් ...