මතකයක බර නයියාගේ නයි කම්මුලක තැවරුනුරතුපාට ලිප්ස්ටික්අතින් පිහදා යවන වේගෙන්හැකිවුනානම් මකාලන්නටඑදා දැනුනු කිතිකැවුනු සිසිලසපුපුරු නොගහා තිබෙනු නිසැකයිරැවුල් ගස් යට නිස්කලංකෙට අදයන්න යන බව කියන්නට විත්පාට වත්සුනු, දෙනෙත් අංජනදියවෙමින් ඇඳුනු පාට සිත්තමකමීසෙන් හෝදා මකන වේගෙන්හැකිවුනා නම් ඉවත්කෙරුමට,දැනුනු මහ බර උරිස්පත්තටමේ දැනුත් රිදුම් දෙනවාබාම් කුප්පිය මදි අතුල්ලන්නට... ...
සත්ත කරුණාව නයියාගේ නයි ඔටාරා මී වද කෑල්ලක් දෙසාබාන photo එකක් අල්ලන්, මී මැස්සොන්ට දුම් ගහලා එලවන එක හිංසාවක් නෙවීද, පන්සලේ අලියා විතරද පේන්නේ කියලා අහමින් ඔටාරට නක්කලේ දාන පෝස්ට් වගයක් දැක්කා. ගොඩක් වෙලාවට බෞද්ධ පිරිස් අතරයි සත්ව ප්‍රේමීන් අතරයි අලි සම්බන්ධ කරගෙන මේ අවුල ඇති වෙනවා. පෙරහැර කාලෙට මේ වගේ වාද විවාද හෝ ගාලා දෝරෙ ගලනවා. කොච්චර වාද කලත් මේ කිසිවෙක්ට සත්ව අවිහිංසාව ...
කතා ගෙතෙන පින්තූර - ඩා බිඳක වික්‍රමය නයියාගේ නයි අහස මුදුනටම නැගගත් මාන්නය නිසාදෝ, දිනිසුරු අනුකම්පාවකින් තොරව තම අනසක නගරයේ වීදි පුරා පතිත කරන්නේය. ඊට උඩ ගෙඩි දෙන තාර කට්ටෙන් නැගෙන දුහුවිලි මිශ්‍ර තාපය මගේ පා සඟලත් විනිවිද ඇඟපුරා උඩු දුවයි. හිස මතට වැටෙන මහ අව් රැස් වලින් මිදීමට කුඩය අස්වැසිල්ලක් විය හැකි වුවත්, පිරිමි කුඩ කිසිදා අව්වකට එරෙහිව නොඑසවනු බව සිහිපත් වී මම කුඩය තද කර අල්ලා ගනිමින් ...
චූටි කෑලි මල් කතාව - පූර්විකාව නයියාගේ නයි පහුගිය සති අන්තයේ උණවටුන පැත්තේ ගැසූ සවාරියෙන් ඉතුරු වී ගෙදර ගෙනා වොඩ්කා කොටය හිස් කරන්නට ඊයේ රාත්‍රිය වෙන් කර ගතිමි. පොඩියට කපා ගත් ඇපල් කෑලි කිහිපයත් සමග බයිට් එක පිරවීමට එක්කාසු උනේ වැඩ ඇරී එන ගමන් ගෙනා මුරුක්කු පැකට් එකය. වොඩ්කා කොටය පතුල කරා පල්ලම් තිබෙන යාමයේ, කරස් ගා හැපෙන මුරුක්කු සද්දයත් , සිරිස් ගා විසිරෙන ඇඹුල් ඇපල් පෙත්තේ ...
වැඩිහිටියන්ගේ දේශපාලන වන්දනාවෙන් පසු ? නයියාගේ නයි 2014 අග භාගය වෙද්දී මමත් අපේ ගෙදර වැඩිහිටි ඇත්තනුත් යහපාලන සරණං ගච්චාමීන් වූයෙමු. අපේ පවුලේ අනික් නෑදෑයෝ මහින්ද සරණං ගච්චාමීන් විය. ඒ කාලේ මහින්ද මාත්තියාට වචනයක් කිව්වොත් එවුන්දලා හෙවත් මහින්දගේ වැඩිහිටියෝ අපිව මරාගෙන කන්නට පැන්නාහ. මහින්ද තරම් විශ්වාස කටයුතු සහ ඇදහිය යුතු කෙනෙක් උන්ට නොසිටියේය.ඒකාලේ අපේ ගෙදර ටීවී එකේ itn news කියලා එකක් තිබුනේ නැතිය. ජනවාරි 8න් පසු යහපාලනය ...
සාපලත් කතාවක් නයියාගේ නයි මේක ටික කලකට උඩදි ලංකාවේ සිදුවුණු අවාසනාවන්ත සාපලත් කතන්දරයක්. ඔබ අතිශය සංවේදී කෙනෙක් නම් මේක කියවන්න එපා. පරිගණක ආශ්රිත රැකියාවක් කරපු තරුණයෙක් සිටියා. අපි ඔහුට කියමු ශාමල් කියලා. එක දවසක් පරිගණකය ඉස්සරහා වැඩ කර කර ඉද්දි ඔහුගේ ඇස් දෙක තදින් රිදෙන්න ගත්තා. ශාමල් බය වුනා තමන් අන්ධ වෙන්න යනවවත්ද කියලා. ඒ එක්කම ඔහුට මතක් වුනා තමන් ඉතා ආසාවෙන් කරන ...
අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ? නයියාගේ නයි පහුගිය පෙබරවාරි සටහනක් ඔන්න ආයෙත් දානවා. ගිය පාර වැඩේ වෙන්න ගිහින් වගේ නැවතුනානෙ. මේ පාර වෙලා තියෙන්නේ කොහොමද?.43(3) ද එයට පාදක වෙන්නේ?....නැතිනම් ජාතික ආණ්ඩුව බිඳී යාමද?**********************අගමැති දොට්ට දැමීම, පොතේ ඇත්තේ කොහොමද ?පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසුව දේශපාලන පක්ෂ අතර ඇතිව ඇති බල තුලන ආතතිය හේතුවෙන්, අගමැතිවරයා ඉවත්විය යුතුය , ඉවත් කළ යුතුය, ඉවත් කළ හැකිද , යන ප්‍රශ්න සෑම පැයක් ...
නවක වදය ගැන නයියාගේ නයි මේ සටහන ලියන්න පාදක වෙන්නේ සැප්තැම්බර් 12වෙනිදා විකාශය වුනු දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසහනයි. සරසවි නවක වදය කියන්නේ පහුගිය මාසය තුල මෙරට ජනතාව සහ සමාජ මාධ්‍ය සත්වයන් සියලු දෙනා පාහේ උඩ දාගෙන තලපු මාතෘකාවක්. මේ වෙද්දි ඒ මාතෘකාවේ උණුසුම පහවෙලා ගිහින්. උණුසුම පහ වුනු මේ වගේ වෙලාවක් තමයි එවැනි ආන්දෝලනාත්මක මාතෘකා ගැන කතා කරන්න තියන හොඳම කාලේ වෙන්නේ. මොකද මේ වගේ ...
ජනබලය මොකටද ? නයියාගේ නයි ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ ජන බලය කොළඹට නම් ව්‍යයාමය පසුගිය පස් වෙනිදා රාත්රියේදී නිමාව දුටුවේය. එය ව්‍යායාමයක් ලෙස හැඳින්වූයේ එම ක්‍රියාව හඳුනාගත හැකි වෙනත් විශේෂ නමකින් නම් තබන්නට නොහැකි නිසාය. එය රැලියක්ද, පාගමනක්ද, විරෝධතවක්ද නැතිනම් වටලෑමක් ද කියා හරිහැටි හඳුනාගැනීම අසීරුය. පවැත්වුනේ ඉන් කුමක් වුවත් ඊට අති විශාල ජනතා සහභාගීත්වයක් ලැබී තිබුණි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනයාගේ සහභාගීත්වයෙන් බල නැංවුනු ...
අන්තරය තරාදියට දැමීම නයියාගේ නයි "අන්තරය" සහ "ශිෂ්‍ය අරගල" යනු මේ දවස් වල ඇති ජනප්‍රියම මාතෘකා වලින් එකකි.. ඉතින් වැස්සකට වගේ අපිත් කැම්පස් ගොඩවී ඇති නිසා මේ ගැන යමක් නොකියා ඉන්නට අමාරුය. හතරවටේ ඒ ගැන ලියවෙන, කියවෙන දෑ ඇසූ විය කට කසන්නට ගනී. ඉතින් ඒ කැසිල්ලට පිළියමක් ලෙස මේ කතන්දරය ලියවෙන්නේය.සබරගමු සරසවියේ ව්‍යවහාරික විද්‍යා පීඨය බිහි වන්නේ 1993 දීය. එය ආරම්භයේදී බුත්තල අනුබද්ධ විශ්ව විද්‍යාලය ...
හිංසනය ?..එහෙම එකක් තියනවද ? නයියාගේ නයි ඊයේ සවස පැරාගේ (අජිත් පැරකුම් ජයසිංහ ) අලුත් නවකතාව වුනු "K පොයින්ට්" අලලා කතාබහක් පැවැත්වුනා. එහිදී තිබූ දේශන වලින් අනතුරුව එළඹුණු මිනිත්තු කිහිපය තරමක් උණුසුම් ප්‍රශ්න කිහිපයකට අවකාශයක් විවර කලා. ඒ සියලුම ප්‍රශ්න ගොනුවී තිබුනේ එක් කරුණක් වටා. ඒ තමයි හිංසනය. පැරාගේ නවකතාව වුනත් ලියවෙන්නේ එලියකන්ද වද කඳවුර ආශ්රිත සිදුවීම් වලින්. පොත කියවූ අයගෙන් කියවුනු අදහස් අනුව කේ පොයින්ට් පිටු ...
රස්තියාදුවක් ???? නයියාගේ නයි අපේ රටේ කාලෙන් කාලෙට මුහුණු පොත උණුසුම් කරන සංවාද හෝ ප්රවෘත්ති පැතිරෙනවා. ගොඩක් වෙලාවට මේවා එතරම් වැඩකට නැති අපහාස උපහාස වලින් හෝ බොරු ප්‍රචාර වලින් සමන්විත ඕපදූප. ඒ අතර ප්රමුඛ වෙන්නේ දේශපාලකයන්ගේ වාචාල ප්‍රකාශ, කාන්තාවන්ට කරන අපහාස හෝ ජාතිවාදී , ආගම්වාදී සිදුවීම්. මේ ඕපයන් අතර පොතක් පතක් ගැන කතාවීමක් නම් කවදාවත් සිදුවෙන දෙයක් නෙවී. ඒත් මේ දවස් වල කවදාවත් නැති ...
රෙදි වැල නයියාගේ නයි මීට කලින් ලියමනේදී සුප්පා කිව්ව ස්විච් එකකින් ක්‍රියාත්මක වෙන රෙදි වැල ගැන ලියද්දි පොඩි අතීත සිදුවීම් ටිකක් මතකෙට ආවා වැල ගැන. වැල කිව්වේ රෙදි වැල. රෙදි වැල වටා බිහිවෙන සන්නිවේදන යන්ත්‍රණය , එදා සංජා කියපු මානව සම්බන්ධතා කෑල්ලටත් හේත්තු කරන්න පුලුවන් වගේ දැනුනු නිසා මේ ටික කුරුටු ගාන්න හිතුනා.ඉස්සර අපි පොඩි කාලේ අපේ වත්ත හතර මායිම තාප්පයකින් සලකුනු කරලා තිනුනේ ...
සංජයි සුප්පයි එක්ක කසුනඹර... නයියාගේ නයි මේ ඉරිදා නම් ගිය ඉරිදා වාගේ වෙන්නේ නැති බව සහතිකයි. ගිය ඉරිදා හැන්දෑව ගෙවුනේ යටාලතිස්ස සෑ රදුන්ට නුදුරුව කහ පාට මලින් බරවුනු ඇහැල ගස් පෙලක් යට කෙරුනු සාහිත්‍ය කයියක් එක්ක. ඒ කසුන් හේමන්තගේ අලුත් කවි පොත “කසුනඹර” දොරට වැඩුනු මොහොත. මේ ලියමන ලියන්න හිතුනෙ එදා සුප්පා සහ සංජා දක්වපු අදහස් කිහිපයක් හිත පහුරු ගාන මොහොතක. සුප්පා කිව්වේ මේ දිනවල සිරසෙ ...
කිරිහොද්දාගේ ප්‍රේමය නයියාගේ නයි කිරිහොද්දා මගේ යාලුවෙක් බවට පත් උනේ 8 වසරේදීය. එතැන් පටන් අද දක්වාම ඌ මගේ ලඟම මිතුරෙකි. කිරිහොද්දා උසය, සුදුය. හරියටම කියනවානම් ඌට ඒ දවස් වල තිබුනේMr.Bean ගේ පෙනුමමය. ඌ කරන වැඩත් Beanගේ වැඩ මෙන්ම පිලිවෙලක් නැති සිනහ උපදවන ඒවාය. කිරිහොද්දාගේ මේ විකාර වැඩ නිසා ඌට විනෝදපාල කියා නමක්ද පටබැඳුනි. මා කිරිහොද්දාඇතුලු මගේ ගමේ පාසලේ යහලුවන්ගෙන් වෙන්වී ගාල්ලේ ප්‍රධානතම පාසලකට ඇතුලුවූයේ ...
චාඕ මල්ලි ගැම්මට පේස්බුක් ආවා... නයියාගේ නයි //සනුකගේ චාඕ මල්ලී තාලයට ගයන්න යාලුවනේමාස එකයි දවස් දෙකයි ගෙවුනේ නම්පේස් බුකියෙ කතන්දර මහ ගොඩයි බංලංකාවෙම මහ කුණු ගොඩ එතනයි දැන්මේක නියම ළිඳ සංගමයක් බංචන්දීමාල්ගේබර්ත් ඩේ පාර්ටියේකෙල්ලෝ පණ යනකල් නැටුවාඅයි ෆෝන් දුන් වෙලේසතුටට හිතුමතේරෙදි විසිවෙනකල් උඩ පැන්නාචාඕ මල්ලිගැම්මට පේස්බුක් ආවාචාඕ මල්ලිඅලුත්ම කුණු ටික බැලුවාචාඕ මල්ලිලෙසටම මඩ ටික ගැහුවාචාඕ මල්ලි.....කැලේක හිටි කොටියෙක් වැලිගම යවලාබලද්දි කොටියෙක් නොව ඌ පත දිවියෙක්නෙලු තරමට වෙලා ...
සීරුවෙන් සිටිමි නයියාගේ නයි ගැස්සුනත් හිටිගමන්නොහිතාපු තැනකදීමුලු ඇඟම ගල් කරන්සිටින්නෙමි සීරුවෙන්ඉසිඹුවක් දෙනු රිසින්බෙල්ල යන්තම් හැරව්වෙන්ඇස ගැටුනි ලෙලදෙනාසිංහ කොඩි දෙක තුනක්.තේජසින් ඔද වැඩි සිහරජු,අතේ ඇත කඩුවක්.සසර කලකිරී ඇති මගෙ,ඩෙනිමෙ ඇත කොපුවක්සිංහයා දෙස බලමි මම හොඳින්බැලින්නම් ඌ ඉන්නෙ එක පයක් උස්සමින්ඌත් මං වගේමයි ,මං ඉන්නේ තනි කකුලකින්,හැබැයි හොඳටම සීරුවෙන්.පහසුවෙන් ඉන්නට බොහො හිතයි මටඑහෙත් නැත ඉස්පාසුවක්වටේ ඉන්නා හතර පස්දෙන,ඇලී ඇඟටම නැත ඉඩක්.ගෙල මුලින් උත්පාදවීගලායයි ඩා බිඳක්පිට මැදදි ...
දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය නයියාගේ නයි අප සෑම විටම ජීවත් වන්නේ බාහිර පරිසරයක් සමගය. මම කියා පුද්ගලයෙක් අර්ථ දැක්විය හැකි වන්නේම මගෙන් පරිබාහිර ලෝකයක් ඇත්නම් පමණි. ඒ නිසා අප සෑම විටම පවතින්නේ යම් ලෝකයක, පරිසරයක, කුලකයක හෝ රාමුවක අවයවයක් ලෙසය. ඒ ජීවත් වන ලෝකය තුල අපේ චින්තාවන් , බලාපොරොතු , අපේ වටහා ගැනීම් අපේ අර්ථ දැක්වීම් යනු අපේ කැමැත්ත මතම සිදුවන දේ නොවේ. එය තුල අපිට ...
රාජිතගෙන් ටෝච් එළියක් ? නයියාගේ නයි Terrorist ;A person who uses unlawful violence and intimidation, especially against civilians, in the pursuit of political aimsටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයක් හමුවේ ඇමති රාජිත ටෝච් එළියක් යම් දිශාවකට එල්ල කළේය. ඒ ටෝච් එළියෙන් නිරාවරණය වූයේ ලංකාවෙ ත්‍රස්ථවාදය සම්බන්ධයෙන් ඇසිය යුතු කේන්ද්‍රීය ප්රශ්නයකි. නයියාද මේ පැනයම මීට පෙර අවස්ථා දෙකකදී ජාතික ප්රශ්නය පිළිබඳ මිතුරන් ...
සමාජ මාධ්‍යය, ජංජාලයක් ලෙස... නයියාගේ නයි සමාජ මාධ්‍යය කියන්නේ පසු ගිය මාස කිහිපය පුරාම උණුසුම් පුවත් මවපු මාතෘකාවක්.අපි දශක ගණනාවක් තිස්සේ පාවිච්චි කරන්න පුරුදු වෙලා ඉන්න සාම්ප්‍රදායික ජන මාධ්‍යය අවකාශය හා සසඳද්දි සමාජ මාධ්‍ය කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් අවකාශයක්. ඒ වගේම සමාජ මාධ්‍ය අවකාශය යනු ලෝකයට තවමත් අලුත් අත්දැකීමක්. එහි පවතින තාක්ෂණික පහසුකම් හා ක්‍රියාවලීන් ඉක්මනින් ඉක්මනින් යාවත්කාලීන වන නිසා සමාජ මාධ්‍ය වල වපසරිය කෙනෙක්ට සහසුද්දෙන්ම ...