හැම තැනම දුම(11th Epi) ජොයින්ට් ගහපු පරණවිතාන නයියාගේ නයි <<episode10'වි' යන්නෙන් පටන් ගත්ත වචනෙ මම අවසන් අකුර ලියමින් නැවැත්තුවේ ඇගේ පිට මත නැවතීමේ තිතකුත් තියන ගමන්.'කෝ , ලතා නැද්ද ?' මැන්ඩි ඇහුවා.එයා වචනේ තේරුම් අරං බව පැහැදිලියි.' නෑ විජ්ජු විතරයි'. මම නැවත වරක් ඈතින් ඇඳෙන විදුලි කෙටීමක් දිහා බලන් කිව්වා. සමහරවිට එයා වචනේ තේරුම් ගත්තේ සීගිරි අහස මත්තේ ඇඳෙන විදුලි එලි දැකලා වෙන්න පුලුවන්. ඒත් නිරුවත් පිටක් මත යාන්තමට ...
හැම තැනම දුම(10th epi) - නිරුවත් පිටක් උඩ අකුරු සෙල්ලම නයියාගේ නයි "පිදුරංගල...ඒක නේද ලියන්න යන්නේ ?"."ලියලා ඉවර වෙනකල් උත්තරේ කියන්න බෑ මෝඩයෝ. සිංහල තේරෙන්නේ නැද්ද.." මැන්ඩි පිටට හයියෙන් පාරක් දුන්නා. අඩුම ගානේ ඇඟිලි තුනක්වත් පිට මැද්දෙ කැටයම් වෙන්න ඇති ඒ පාරෙ සැරට. එදා දවසෙ සිද්ද උනු දෙවනි වටේට පස්සේ එයා හිටියේ මගේ පිට උඩ අකුරු ලියමින්. ඇඳුම් ඇඳගන්නවත් ඉඩ නොදී මැන්ඩි පටන් ගත්ත අකුරු සෙල්ලම ජයටම කෙරීගෙන යනවා.ඒසී එකේ සීතලට ගොදුරු ...
හැම තැනම දුම(9th epi) - මකර රැජිණ නයියාගේ නයි අපි අතර කතාවක් නැවතිලා ගතවන නිහඬතාවයේ හත්වැනි මිනිත්තුව ගත වෙමින් තිබුණා. රාජයියට උනු අකරතැබ්බය විස්තරකරලා ඉවර උනාට පස්සේ, අසූ ගණන් වල රාජයියා කරපු හපන් කම් විස්තර කලාට පස්සෙයි දිවගොළු වුනු විරාමය උදාවුනේ. මැන්ඩි හිටියේ හපුතලේ පැත්ත බලාගෙන. මම හිටියේ ඇල්ල පැත්ත බලාගෙන. ඒ කියන්නේ එකිනෙකාගෙන් ඇස් සහ මූණු ඉවතට හරවගෙන.අපි දෙන්නා පස්ස තියන් හිටියේ බණ්ඩාරවෙල තානායමේ සිමෙන්ති බංකුවක් උඩ."ඔයා දන්නවද ...
හැම තැනම දුම(8th epi) - ගින්න නයියාගේ නයි <<7වැනි_කොටසටමමත් රාජයියාත් බෝඩිමේ කළු බඩා අයියාත් වැටුනු වැටුනු තැන් වලට වෙලා හති අරින්න ගත්තා. කට කැඩිච්ච බේසමට පුරවපු අන්තිම වතුර ඩිංගෙන් කොටහක් මම බෙල්ල වටේට හලා ගත්තේ දැණුනු මහ දාහය දුරු කරලා අරින්න. මම රාජයියා දිහා බැලුවා. රාජයියා තවමත් දුම් දමමින් තිබුණු ටුක් එකේ ඇට සැකිල්ල දිහා බලං ගල් ගැහිලා. ඒ දුම වටේටම පැතිරෙමින් තිබ්බා. හැම තැනම දුම. මට රාජයියගේ ...
හැම තැනම දුම(7th Epi) - නිදාගත් ගැහැණු නයියාගේ නයි <<6වැනි_කොටසට"තොල් වලට සායම් ඕනම ද?""මල් පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැලි දෙතොලේ. කොළඹ ගිහින් ඉගෙන ගත්තේ ඕවද මගේ කෙල්ලේ...." මැන්ඩි හිනා වෙමින් උත්තර දුන්නා. ඒක උත්තරයක් නොවුනත්."මට නම් ........හිතෙන්නේ .........තොල් වලට ඕන....... රසයක්......" මම එයාගේ තොල් අතරේ පැටලෙමින් , කැලතෙමින් කිව්වා."තොල් වල හොඳ සුවඳ මිස පාටක් කොහෙද , ඒවා මෙලෙක් බව තේරෙනවා මටද..." ආයේ පිළිතුරක් වෙනුවට හිස්තැන පුරවන කවිපදයක්."ඔව් මෙලෙක් නම් ...
හැම තැනම දුම (6th Epi) - fantasy No1 නයියාගේ නයි <<5වැනි_කොටසට"මං නං හිතන්නේ විජේව මැරුවේ චන්ද්‍රිකා""මොකක් ?...""ගෑණු ගොඩකගේ සිහින කුමාරයා එක ගෑණියෙකුගේ සිහිනය වෙනුවෙන් බිල්ලට ලක් වෙනවා. ලස්සන විජේගේ ලේ කැත විජේවීරගේ අත්වල ගෑවීගෙන වැක්කිරිලා ප්‍රේමදාසගේ සුදු සරමට වැටෙනවා. හරියටම කියනවා නම් මැරිච්ච ප්‍රේමදාසගේ සුදු සරමට. ඒ සුදු සරමට වැටෙන විජේගේ රතු ලේ පැල්ලම හෝදලා දාන්නේ චන්ද්‍රිකා....ඔව්....ගෑනු කියන්නේ රහස් ගොඩක්......කවදාකවත් එලිපිට නොකියවෙන, ඒත් හිතාගන්න බැරි මොහොතක ගොජ ගොජ ගාලා දෝර ...
හැම තැනම දුම(5th epi) - Zoom වෙන පින්තූර නයියාගේ නයි <<4වන_කොටසඑදා මැදියම් රැයේ බැරකූඩාවෙන් පිටවෙද්දි එයාගේ මූණ හිතේ කෙටිච්ච ටැටූ එකක් වෙලා ඉවරයි ආයේ කිසිදා නොමැකෙන්නම. ටැටූ එක වටේට අඩ කවයක් විදියට අන්කොමන් font එකකින් කෙටිලා තිබ්බේ එයාගේ අන්කොමන් නම. සුපිරියටම ටැටූ කලා වුනත් මම බයේ හිටියේ හිත හෙල්ලුනොත් ටැටූ එක බොඳ වෙයි කියලා. ඒ නිසා වැඩි දේවල් හිතන්නේ නැතුව හිමීට ඇඳෙන් ඇලවුනා. එදා දවස පටන් ගනිද්දි මගේ හිතේ තිබ්බ ...
හැම තැනම දුම (4th Epi) - මැන්ඩි නයියාගේ නයි දෙවනි ලාගර් බෝතලේ පතුල දක්වා හිඳෙමින් ඉන්න මොහොතක මම බලාපොරොත්තුවෙන් හිටි කෙටි පණිවිඩේ ආවා. මැසේජ් එක දිමියාගෙන්. ලඟම, securedම, ගාණ ශේප්ම පොට් එක ගැන උපදෙස් පතා යැවුනු ප්‍රශ්නෙට ලැබෙන රත්තරං වටින පිළිතුර. ඌ මේවගේ හදිසි රති ගායවල් ගණනාවක් සාර්ථකව සංසිදවගත් එකෙක්. ඉතින් ඌ යනු අර අපි පොඩි කාලේ දැකපු ඇඩ් එකේ හේමසිරි ලියනගේ කියන්නේ "I know the place පුතා" කියලා ...
ණයගැති බාවයක අරුමය නයියාගේ නයි පහුගිය කාලේ පුරාම ගුරුවරුනගේ වැටුප් ප්‍රශ්නයක් නිසා අරගලයක් සිද්ධ වෙනවා. ගුරුවරුන් කියන්නේ මේ රටේ අනාගතය අභිවෘද්ධිය තීරණය කරන්න පුලුවන් ප්‍රධාන කණ්ඩායමක්. ඒකේ කතා දෙකක් නෑ. මේ කතාව ඒ ගැන නෙවෙයි. මෙන්න මේ තියන පින්තූරෙ ගැන. මං හිතන්නේ මේ පින්තූරේ කියවිලා තියෙන දේ ලංකාවේ හැමදාමත් තියන කුහක සහ හිඟන මානසිකත්වේ පිලිඹිබුවක්. මෙහේ උන් හැමදාම බලං ඉන්නේ තමන් තවකෙක් වෙනුවෙන් කරපු දෙයක් ...
හැම තැනම දුම(Epi 3) - ප්‍රශ්න පහ නයියාගේ නයි අපි දෙන්නම ඒ කාලේ මූණු පොතේ අතිශය සක්‍රීය ජීවින් දෙන්නෙක්. සමාජ මාජ්ජ සයිබර් අවකශෙ රීතීන් අනුව යාලුවෝ කියලා පෙන්නුවත් හැබෑ ජීවිතේ ඇතුලෙ නාඳුනන්නන්. සයිබර් සමාජ මාජ්ජෙ ඇතුලෙදි මම සංස්කෘතික, දේශපාලන , සමාජ ක්‍රියාකාරී අකුරු අමුණන්නෙක්. එයා model කෙනෙක් නොවුනත් සමාජ මාජ්ජ අවකාශය තුල ඇවිලෙන ගිනි පුපුරක්. එයා photos දානවා. මම හෑලි ලියනවා. එයා දාන photos දිහා මම දිගු විනාඩි ගනන් ...
හැම තැනම දුම(Epi 2) - මුල්ගල් නයියාගේ නයි <<පළමු කොටසටකඩ්ඩ හෝඩියේ අට වෙනි සහ නවවෙනි අකුරු එක ලඟ තියෙන්නෙ connection හැදීම සඳහාම බිහිවුනු විදියට. හුදකලාව ඉන්න H අකුරක් අල්ලපු වැටේ ඉන්න i අකුරත් එක්ක හාද වෙලා හැදෙන Hi එක කියන්නේ ලොකු connection එකක් වෙනුවෙන් තියන මුල්ගලේ අමුද්‍රව්‍ය. Facebook හදාගත්ත මුල්ම කාලේ දකුණු පැත්තෙන් චූටියට පේන ඕනෑම ලස්සන කෙලි මූණකට යවන request එකක් accept වෙලා පැය ගානක් යද්දි Hi ...
හැම තැනම දුම - Episode 1 නයියාගේ නයි කොත්තු සින්ඩියෙන් ගැලවුනාට පස්සේ බ්ලොග් එක ලියන්න කම්මැලිම වෙලා ගියා, මිනිස්සු නැති තැනක ලියවෙන අකුරු තේරුමක් නෑ වගේ දැනුනු හින්දා. දැන් කොහොමටත් බ්ලොග් එක කුරුටු ගාන්න වෙලාව අඩුයි. මේ දවස් වල අම්බ වැස්ස නිසා ගෙදරට වෙලා හිටිය දවස් දෙකේදි මහා වැස්සේ හෝ හෝ සද්ද මැදදෑවෙ හිතට ආපු පුංචි කතන්දර කෑල්ලක් ෆෝන් එකෙන් අකුරු විදිහට අමුණන්න ගත්තා. වෙලාව හම්බෙන තරමින් බස් ...
දෙව්දත් හසුන නයියාගේ නයි යසෝ,කරං උඹ හිත ගලක්පිදුවා ලෙස මලක්කරන්නට වෙන දෙයක් නැති තැනමාත් හිත කරගත්තා ගලක්.කාලයක් ගත වෙද්දිතනිකමට හුරුවෙද්දිහිත වුනා මෙලෙක්. මොකක්දෝ කරුමෙකටලෝකයට සැප දෙන්නඋඹෙ හිතට දුක් දෙන්නඋගේ හිත කරගත්තා ගලක්වුනා උඹ තනි කතක්... උඹේ ඇස් තෙත්වන තරම්මට බලාඉන්නට බැරිතරම්ඉතින් යසෝ,මම කරගත්තා හිත ගලක්... ගල්වුනාවූ හිතේ හයියෙන්,ගල් පෙරලුවාගල් ගැසුවාඅලින්ටත් ගල් ගැස්සුවාගස්සලා කෙලවන්න ඇරියා.... ගහන තරමට ඌට ගල්මටමමයි වැදුනේ එක්ක මුල්ඌට දිගටම සුවඳ ...
ඔව් යසෝ මම ප්‍රේම කෙරුවා නයියාගේ නයි ඔව් යසෝ මම ප්‍රේම කෙරුවාඋඹ නොදත් ගානටම හිටියාදස පාරමී මතකෙන් ගිලිහිලාප්රේම පාරමී විතරක්ම පිරුවාලෝකයක් මට ගල් ගැසූදානොරිදුනා සේ මම කෙලින් උන්නාඒත් උඹ ඔහුට කවි පන්ති ලිව්දාසත්තකයි මගෙ ඔලුව පැලුණා ...
අපි ගැන කවි අකැපද ? නයියාගේ නයි හඳහාමි,උඹ දන්නවද මිනිස්සු වැඩියෙන්ම කවි ලියල තියෙන්නෙ උඹ ගැන. උඹ ගැනම නොවුනත් උඹව උපමාවට හරි අරගෙන. පොඩි උන් අඬනකොට නලවගන්න උඹෙන් කිරීරීරී , පැනීනීනී දියෝ දියෝ කියනවා. උඹේ හාවා පොඩි උන්ට පෙන්න පෙන්න බත් කවනවා. ලව් කරනකොට අපේ කෙල්ලොන්ගෙ මූණු පේන්නේ උඹ වගේමයි. ඉතින් උන්ව යාප්පුවෙන් තියාගන්න, දැලේ දාගන්න ඕන කමටම උඹව විකුණ විකුණ උන්ට කවි ලියනවා. උන් ඉතින් එදාට ...
වැඩ ඇල්ලීම නයියාගේ නයි ගතපුරා නෑවා අවුරුද්දේ පරණඋඹේ දහඩිය පරණමුත් හේදිලා ගියෙ නැතමගෙ ගතේ වෙලීලා කෙරූ වැඩ අපමණනොනගතේ ලැබුව කල නිකං ඉනු කොහොමදඅලුත් අවුරුද්ද හනිහනික දිව එයිඉතින් මම දවටවමි අලුත ගත් සේලඅනුබවේ නැකතට බඩ පුරා කෑව මිසතිබහ තව එහෙමමයි බොන්න කිසි දේ නැතතිබහ දුරලන්න වැඩත් අල්ලන්න,ආකාස වේගයෙන් නුඹේ නෙතු පාමුලට එමිඅලුත ගත් සලු නිසා උඹට රස්නෙද අසන්නට ...
කලා රිටක අපහාසය නයියාගේ නයි කලා ප්රකාශනය හා ආගමික අධිකාරිය අතර නැවතත් ඝට්ටනයක් ඇති වෙලා. අදහස් ප්‍රකාශ කිරීම කියන්නේ අතීතයේ පටන්ම මිනිසුන්ව කරදරයෙහි හෙලපු ක්‍රියාවක්. ක්‍රි.පූ හතරවෙනි සියවසේදී සොක්රටීස්ට වස බොන්න බල කරලා, ක්‍රි.ව දහ හත්වෙනි සියවස වෙද්දි ජියඩානෝ බෲනෝව පණ පිටින් පුලුස්සා මරා දමන්නෙත් අදහස් ප්‍රකාශ කිරීමේ සීමාව ඉක්මවා යාම ගැන මතුවෙන ප්‍රශ්න නිසා.ඊට අමතරව රටේ ලෝකේ හැම තැනම හැම කාලයකදීම ප්රකාශනය කියන ...
අහිමි නයියාගේ නයි වමත් වෙදැගිලි මුදුවකනිමක් නැති දිස්නයෙන්කලුවරේ ගිලිය හැකලොකු අහස් මාලිගාවක්,එන්නේ ඇස් නොපෙනි යන මොහොතක්කලුවරට හුරු කරන් ඇස් දෙකඅහකටම පා කරලා හැරි විටගිනි අරං වතුරේ ගිලෙනඉර දිහාවම බලංමචං උඹ භාවනාවක්,උඹ වටේ දුම් වලාවක්.ඉරට ගිනි තියපු පන්දමඅතින් අත හුවමාරු වෙද්දීසිලි කොලේ ඔතලා තිබුනුකටලිස් එකක් කට ගැස්ම වෙද්දීමගේ හිත් ඇම්ම කට අගට එද්දී,'එයා ඇස් දෙක පියන් අදට අවුරුදු තුනක්''මේ කාපු කටලිස් එක දානයට හැදු ...
නිදහස් උනෝ...!!! නයියාගේ නයි බෙල්ල මුලින් පටන් ගත්ත පලවෙනි දාඩිය බිංදුව රේස් එක් පටන් ගත්තා. එකෙක් හිටියම ඇති ඉතින්, ඌ තමයි අනික් උන්වත් කුලප්පු කරන්නෙ. ඌ පස්සේ එලවන්න ගත්තා තවත් ඩා බිංදු හත අටක්. උන් ඔක්කොම පිට දිගේ පහලට හැල්මේ දුවනවා. පලවෙනි එකා කලිසමෙනුත් පල්ලම් බැහැලා ජොකාවත් තෙත් කරලා ඉවරයි.මොනවා උනත් මහ රස්නෙ මැද සීතලක් ගේන්න පුලුවන් දාඩිය බිංදු වලට. ගිනි රස්නෙ නිසාම ...
අහස් රහස් මැද සීතල වූ ගින්නක් නයියාගේ නයි නව වසරෙ ජනවාරිය උදාවුනේ ගින්දර වැඩක් වෙයි කියලා කවුරුත් බලාපොරොත්තුවෙන් හිටපු ගින්නෙන් උපන් සීතල පත්තු වෙන්න ගැනීමත් එක්ක. චිත්‍රපටයේ ගිනි රස්නය එකිනෙකාට දැනෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුලුවන්. කොහොම උනත් ගින්නෙන් උපන් සීතල තිරගත වීම ආරම්බ කරපු මුල්ම දවස් වල ජවිපෙ අනුගාමිකයන් චිත්‍රපටය හා බද්ධවෙලා සතුටු වෙන ආකාරය බලන් ඉන්න එකත් හරිම ෂෝක් වැඩක් වුනා. ෆිල්ම් එකෙන් එදවස ජවිපෙ සාමජිකත්වය ගැන ...