ලංකා තුලන තනි තරුව (Thani Tharuwa) මම 'මැයි මාර ප්‍රසංගය' කියවලා නැහැ. හැබැයි ඒකෙ තියෙනවලු හරිනම් විශ්වය කියන වචනෙට ටැක්ස් ගහන්න ඕන කතාවක් කියලා තැනක දැක්කා. ඔව්, එක අතකට විශ්වය කියන වචනෙ එච්චරට පාවිච්චි වෙනවා තමයි. විශ්ව බලය මොකද්ද කියලා විස්තර කරන්න මම දන්නෙ නෑ. හැබැයි හැම ආගමකම වගේ ඒකට විවිධාකාර නම් දීලා තියෙනවා කියලා මම හිතනවා, දේවත්වයන් තුළින් අපි දකින්නේ ඒකම කියලා හිතනවා. මේ විශ්ව ...
හිත නිවන කතා තනි තරුව (Thani Tharuwa) මිනිස්සු කියන්නෙ අටෝරාසියක් හැඟීම් දැනීම් සිතුවිලි මනෝභාවයන්ගෙන් පිරිච්ච මහ සංකීර්ණ ජීවීන් කොටසක්නෙ. සමහර වෙලාවට මේ සංකීර්ණතා අමතක කරලා අපි, අපි ආදරේ කරන හරි අදහන හරි විශ්වාස කරන හරි නැත්නම් මොනහරිම හේතුවලින් සමීප වෙලා ඉන්න හරි මිනිස්සුන්ව කියවගන්න උත්සහ කරලා ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. ඈතින් හරි පිටතින් හරි බොහොම මටසිලිටිව පේන ගොඩක් පිළිමවල පොටි ගහලා වහගත්ත පිපිරුම් දෙදරුම් සිය දහස් ගාණක් තියෙන්න පුළුවන් ...
අංජලීකා තනි තරුව (Thani Tharuwa) අද මම හිටියෙ හොඳ ඇඩ්රිනලීන් රෂ් එකක. හවස් වෙද්දි ටිකක් ඉතුරුත් වගේ නිසා මොකක්ම හෝ අතිපණ්ඩිත සුවිශේෂි වැඩකින් අද දවස ඉවර කළ යුතුයි කියලා යක් තනියයි සුරංගනා තනියයි සම්මුතියකට එළඹෙද්දිම මට අදහසක් පහළ වුණා අද මට නිශ්ශබ්දතාවයක් එපා, බස්මය ඝෝෂාවක් ඕන කියලා. එහෙම හිතලා මම මිකී මවුස් වගේ ක්ෂණිකව පාර හරහා දුවලා පැනලා ට්‍රැෆික් එකේ නවත්තපු බස් එකකට ගොඩ වුණා.බස්මය ...
පෙට්ටගම් තනි තරුව (Thani Tharuwa) කාලි ලංකාද්වීපයෙන් පිට වුණේ ආයෙ කවදාවත් එහෙ පය තියන්න අදහසකින් නෙවෙයි.ඒත් අවුරුදු ගාණකට පස්සේ මහ කන්ද සමතලා කරලා පාරක් හදන්න යන ආරංචියට කාලිට ආයෙම ඉන්සොම්නියාව ඉස්මුරුත්තාවට එන්න පටන් ගත්තා. නිදි පෙත්තෙන්වත් රතු වයින්වලින්වත් නින්ද කැන්ද ගන්න බැරුව දුක් විඳීමේ කෙළවරක කාලි තීරණය කළා ආයේ ලංකාද්වීපෙට ගිහින් එන්නම වෙන බව. එක්කො ඔය මොන මගුල වුණත් මොකද. කාලයෙ වැලිතලා පහුරුගගා තව මොනවා ...
ප්රශස්ති වන්නම තනි තරුව (Thani Tharuwa) චාටුව සහ ප්‍රශංසාව එකම කාසියක දෙපැත්තකි. ශ්‍රී ලාංකිකයා ඔවුන්ගේ පසුබිම සහ ඇති හැකි බව අතින් කොයි තලයක සිටියද ප්‍රශංසාවට ප්‍රියය, චාටුවට ගිජුය. ධනය සහ බලය එක්වූ තැන චාටුව සහ ප්‍රශංසාව අතරවන සියුම් බෙදුම් රේඛාව බොඳවෙයි, එය හඳුනාගැනීමේ විචාර බුද්ධිය සැඟවෙයි.ඔබට ධනයද බලයද ඇත්නම් වාසි ලාභ ප්‍රයෝජන තකා ඔබ වටකරගන්නට බලාසිටින චාටුකාරයො බොහෝය. 'අපිව අන්දන්නත් බෑ, තම්බන්නත් බෑ' කියනා උගත් බුද්ධිමතුන්ද ...
ටුකුවක ධර්ම සංවාද තනි තරුව (Thani Tharuwa) අපි සමහර වෙලාවට නොහිතන මිනිස්සු නොහිතන වෙලාවල විවෘත වෙනවා. සමහරවිට නන්නාඳුනන කෙනෙකුට තමන්ගෙ සිතුවිලි හරි ප්‍රශ්නයක් හරි කීම වඩා හොඳයි කියන හැඟීමෙන් වෙන්නත් පුළුවන් එහෙමත් නැත්නම් මොකක් හරි විශ්වාසයක කම්පන තරංගයක් අල්ලා ගන්න හින්දා වෙන්නත් පුළුවන්. වාසි ප්‍රයෝජනයක් බලාගෙන කතා කිරීමකට වඩා මගෙ අත්දැකීම මිනිස්සු ඇහුම්කන්දෙන්නෙක් ඉස්සරහ තමන්ගෙ හිත නිදහස් කරගන්න උත්සහ කරනවා කියන එක. ලියනවා නම් පොතක් ලියන්න තරම් ...
පරම රමණීය ලංකා තනි තරුව (Thani Tharuwa) 2024 සැප්තැම්බර් 22අටලෝ දහමට අනුව දුක-සැප, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ සියලු මනුෂ්‍යයන්ට පොදුයි.පුද්ගලිකව මම දුක් අඳෝනා, බැරි බැරියා, නාහෙන් ඇඬිලි, පැමිණිලි අසීමාන්තිකව දකින්න, දරන්න, අහන්න කැමති නෑ, දුක මාකට් කිරීම, දුක විකුණාගෙනකෑමට කැමතිත් නැහැ.ඒත් සහකම්පන සංඛ්‍යාතය වැඩි මනුස්සයෙක් හැටියට කොහෙ ගියත් නාඳුනන මනුස්සයෙක් හරි ප්‍රශ්නයක්, ගැටලුවක් කියන්න එන අත්දැකීම් තියෙනවා. ඒ මගෙ සමාජීය අත්දැකීමනෙ.දේශපාලනිකව මේ වෙලාවෙ මට තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි ...
ත්‍රස්තයා ත්‍රස්තයාමය! තනි තරුව (Thani Tharuwa) යුටෝපියන් හීන බෝල කරලා උඩ දාල හොට උල් කරලා ඒ කටවල් උඩ ඒ ඒ බෝල බැලන්ස් කරලා පෙන්නුවම සමහර උද්ධික පුතාලා හිතන් ඉන්නවා හෙට රෑට ලංකාවේ ටීවී ඉස්සරහා නිදිකිරා වැටිලා ඉරිදට ඇහැරිලා කේතුමතියේ රජ මාලිගයක සිරියහන් ගබඩාවේ දුහුල් තිර මෑත් කරන් සඳළුතලාවලට බැස්සම රත්තරන් ආලේප කොරපු රේන්ජ් රෝවර් එකක්වත් අවම වශයෙන් හැම රටවැසියෙක්ගෙම මිදුලෙ පාක් කොරලා තියෙයි කියලා. ඉරිදා ඉඳන් ...
ලංකා මාතා මෙතැනින් පසු... තනි තරුව (Thani Tharuwa) හෙට තීරණාත්මක දවසකි.හතරවටින් මුහුදෙන් වටව ඇති නිසාදෝ මන්දා ලංකාවැසියා 'රැල්ල' ප්‍රිය කරයි. ඔවුන් සියල්ල කරන්නෙ රැල්ලටය. රැල්ලෙ ගහගෙන ගොසින් කෙල වූ පසුය ඔවුන්ගේ නැවතුණු මොළ, පරණ මොරිස් මයිනර මෙන් 'කෑස් කෑස්' ගා දෙතුන් වරක් කැස වැඩ කරන්නට පටන් ගන්නේ! ඒකත් ඊලඟ රැල්ල එනතුරුය.මාලිමා අනුගාමිකයන් කාලයක් තිස්සේ හංවඩු ගහනාකාරයට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙ "අමුතු ඇටය"ය. එතරම් මස්තබාල්දු කළ රට ඇල්ලීමට දැන් ...
නාමල්ගෙ කඩුල්ල තනි තරුව (Thani Tharuwa) දවස් පහයි. ජොකියො පහයි. එක පුටුවයි.මේක ශ්‍රී ලංකාවේ අතිශය තීරණාත්මක සතිය. තව දවස් පහකින් ලංකාවට මොනවා වෙයිද කියන එක දැවෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සක්‍රීය දේශපාලනයේ ඉන්න කොටසට විතරක්ම නෙවෙයි. ජොකියො 39ක් දුවන රේස් එකක දේශපාලන විශ්ලේෂණවල හැටියට නම් ඉන්නෙ ප්‍රධාන ජොකියො පහයි. හතරක් සක්‍රීය දේශපාලනයෙ හිටිය අය. එක්කෙනෙක් පසුබිම් දේශපාලනයක හිටිය, මේ මොහොතේ හා හා පුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවට ආව ...
නොම්මර 17 සහ කොළඹ තනි තරුව (Thani Tharuwa) හේමසිරි සෙල්ලප්පෙරුමගේ අධ්‍යක්ෂණයක් සහ ප්‍රීතිරාජ් වීරරත්නගේ නිෂ්පාදනයක් හැටියට නොම්මර 17 තිරගත වෙලා තියෙන්නෙ 1989දි. Youtube එකේ මේ වීඩියො එක දැක්කම මගේ default නොස්ටැල්ජියාව හෙවත් අතීතකාමය ඇහැරුණා.විජයත් ෆ්‍රෙඩිත් දැන් ජීවතුන් අතර නෑ. ඒ දෙන්නා නටන රඟපාන පසුබිම් කොළඹත් දැන් එක්තරා විදියකින් මැරිලා ඉපදිච්ච නගරයක්. ඔය වීඩියෝව බැලුවොත් ඒ කාලෙ කොළඹ (සාපේක්ෂව) කොයිතරම් නම් අහිංසකද සරලද කියලා පෙනෙයි. ටොරිංටන් චතුරශ්‍රය, ගංගාරාමය සහ ...
තවලම්කරුවෝ තනි තරුව (Thani Tharuwa) රූකාන්තගෙ සමහර සිංදුවලට හැඩතල මොනවා දාලා කවුරු කොහොම කිව්වත් අර මුල් ගීතයෙ තියෙන හැඩෙයි හැඟීමයි ගන්න බැරි ඒවත් තියෙනවා, මේකත් එහෙමයි. විවෘත, සරල, සතුටු හඬක් විදියට මතුපිටින් පේන රූකාන්ත ඇතුළේ නැලවෙන, නලවන, දුකක් නොවන දුකක් වගේ එකකුත් පෙනී නොපෙනී යන අවස්ථා තියෙනවා. හැබැයි, සිහේලි මේකට දීලා තියෙන හැඩය සහ රහ වෙනමම තලයක්! මොන හේතුවක් පදනම් කරගෙන මේක ලියැවුණත්, 'තාමත් ඔබ ...
මෝටිවේසනල් ලංකා තනි තරුව (Thani Tharuwa) ලියන්න හිතුවෙවත් නැති වෙලාවක Facebook එක පෙන්නන්න ගත්ත මෝඩ පෝස්ට් වගයක් හින්දා (මොන algorithm බලලද මන්දා) මේක ලියන්න හිතුවා.දිගට හරහට ආදරේ ගැන, ආදරේ කරන්න ඕන කොහොමද කියන එක ගැන එහෙම පකීර් ටෝක්ස් දෙන මෝටිවේසනල් අප්පොච්චිලා දැන් වැහිවැහැලා නේද? හරි, මෝටිවේසනල් මෑණිවරුත් ඉන්නවා. ටිකක් උවමනාවෙන් බැලුවොත්, කාටහරි ඕන නම් සිරි ලංකන් ස්ටයිල් analysis එකක් කළත් තේරුම් ගන්න පුළුවන් මේ පකීර්ලා බහුතරයක් ...
මී මැස්සා - සිරස TV තනි තරුව (Thani Tharuwa) (2024 අගෝස්තු 24වනදා සිනමාවේදීන් සමූහයට) මල් වන ගොමු අහලකවත් නැතිවෙලාවක, තැනක මට මී මැස්සෙක් හම්බවුණා, හැබැයි ඌ:ගිනි වැදුණු නගරේවළාකුළු අළුදුමාරේ අවුස්සාසොයාදියව් ගිනිපුලිඟුවෙන් රොන් උරණ මී මැස්සානපුරු මහ භූ තලය සෙමින් සෙලවීඅඟුරු දූවිලි දුමෙන් නැහැවීකඳු ශිඛරයෙන් උතුරා ගැලූඋණු ලෝදියෙන් පැණි හදන මී මැස්සාවියරු මෝරුන් නිදන රහසේරුහිරු සයුරද ඉහළ අහසේරළු අකුණකින් පුපුරා කෙටූගිනි විදුලියෙන් මී බඳින මී මැස්සාකවුද මේ මී මැස්සා කියලා ...
බෝතල් කටු තනි තරුව (Thani Tharuwa) කතා පෙට්ටගමේ සමහර කතන්දර නොකී-නොලී ඒවා. සමහර ඒවා කියන්න-ලියන්න කලින් සෑහෙන්න හිතන්න ඕන ඒවා. සමහර ඒවා මං යද්දි අරං යන ඒවා.මේක ටික කාලෙකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඒත් අලුයට ගිනිපුපුරක්. අලු පිහිනවද නැද්ද කියලා හිතමින් ඉඳලා ඔන්නොහෙ කමක් නෑ කියලා ලියනවා.මොන තරාතිරමක හිටියත්, ළමයි හෙන වාතයිනේ, උං කෑගහනවා අඬනවා, කක්කා දානවා කියන ගෑණුන්ට පවා එක්තරා මොහොතක දරුවෙක් හැදීමේ ස්වාභාවික හීනය ...
ලලයි ලිලයි ලයි - පසු සටහනක් තනි තරුව (Thani Tharuwa) මාසෙකට විතර කලින් ලලයි ලිලයි ලයි ගැන සිනමාවේදීන් සමූහයට ලිව්වා.https://www.facebook.com/share/p/9Yu66hWrPWFBoB4B/?mibextid=K35XfPඒ කතාවේ vibe එකට කැමැත්තක් ඇතිවුණ හින්දා. දැන් සීසන් 1 ඉවරවෙලා සීසන් 2ත් පටන් අරන් තියෙන වෙලාවේ එදා ලිව්වෙ නැති වෙනමම පැතිකඩක් ගැන ලියන්න හිතුණා. නිර්මාණයට පසුබිම් වෙන්නෙ නොනිල වශයෙන් අපි හැමෝම හිරේ විලංගුවේ වට්ටපු, එක්ටැම් ගෙවල්වලට හිර කෙරුණු කොවිඩ් වසංගත සමයනෙ. ඇත්තටම කොවිඩ් කාලෙ අපිට මොකද වුණේ? සාමාන්‍ය දින චරියාව ...
සංකා මරණ තනි තරුව (Thani Tharuwa) අපි හිටියෙ 101වෙනි තට්ටුවෙ.අපි කිව්වට එයා. මං ආවා ගියා.ඉස්සෙල්ලම 101වෙනි තට්ටුවට ගියේ බොහොම ප්‍රේමණීය රමණීය, අදහගන්න බැරි ආදර රෝලර්කෝස්ටරේක නැගිලා හඳ එළියක නෑවි නෑවි අතිනත් පටලාගෙන, දෙන්නම ආදරෙන් මතින් මත්වෙලා හිටිය මොහොතක. බරපතල ආකර්ෂණේක ගිනිපුළිඟු වේගෙන් එයාගෙන් මට මගෙන් එයාට පනිමින් හිටිය මොහොතක.ඊටපස්සෙ දිගටම මල්වැල් ලියවැල් එතිච්ච ප්‍රේම ඔංචිල්ලාවක තුරුල්වෙලා වෙලිලා පැටලිලා (ගැරඬි වගේ) 101 තට්ටුව දිව්‍ය විමානයක් කරගෙන අපි ...
පොල් සම්බෝලයෝ සහ පූස් කතා තනි තරුව (Thani Tharuwa) අපේ අම්මා දවසට දෙවරක් නොවරදවා කරන වතාවත් තමයි අසල්වාසියේ ඉන්න බලු - පූස් රොත්තට කන්න දෙන එක. අම්මා නොකෑවත් ඒක නොවරදවාම කරන්න ඕන. අම්මට බැරි දවසක වෙන කෙනෙක් කරන්නම ඕන. ඒක දන්න හින්දා කන්න දෙන වෙලාව ළං වෙද්දි හරි උන්ට බඩගිනි ආවම හරි ගේට්ටුව ඉස්සරහ පෙළට වාඩිවෙලා ඉන්නවා. ඊයේ පෙරේදා දවසක මම එද්දි සුපුරුදු අලු කලු සුදු රොත්තෙ මෙන්න පොල්සම්බෝලයෙක් ...
පිස්සු තනි තරුව (Thani Tharuwa) "පිස්සු විකාර""පිස්සු නැත්නම් ශෝක්""පිස්සුවක්නෙ""තමුසෙට පිස්සුද ඕයි?""පිස්සු ගෑණියෙක්/ පිස්සු මිනිහෙක්/ පිස්සු යකෙක්/ පිස්සු %#$&@"'පිස්සු' කියන වචනෙ තරම් ඇහෙන වචනයක් තව තියෙනවද?'පිස්සු' කියන වචනෙ නැති මොකක් හරිම සංවාදයක් නැති දවසක් කාටහරිම මතක් කරගන්න පුළුවන්ද?ඇත්තටම ඔය කියන තරම්ම පිස්සු ලෝකයක්ද මේක?අපිට තේරුම් ගන්න බැරි යථාර්ථයක් තව කෙනෙක් දැක්කම අපි ඒකට පිස්සු කියන අවස්ථා නැද්ද?අපි එකඟ නොවෙන දෙයක් හින්දා ඒක පිස්සුවක් කියලා හිතෙන අවස්ථා ...
බයිසිකල් කතා තනි තරුව (Thani Tharuwa) මොනවා හිතාගෙනද මන්දා අපේ අම්මයි තාත්තයි තීරණය කරලා තිබ්බා මගේ හත්වෙනි උපන්දිනේට බයිසිකලයක් අරන් දෙන්න, ඔය පහළ පින්තූරෙ තියෙනවා වගේ චොපර් එකක් හැබැයි රතුයි සුදුයි. (ඔව්වා තමා ඉතින් අපට තිබ්බ චොපර්, ඇත්ත එව්වා ගන්ට තරම් ධනවත්තු නෙවෙයි නෙව). ඒකේ ඇත්ත පින්තූරයක් නැති එක ගැන නම් දැන් පොඩි දුකක් දැනුණා. පුංචි කාලේ තිබ්බා ට්රයිසිකල් හෙවත් රෝද තුනේ සයිකල්. හැමෝටම වගේ තියෙන්න ...