මයුරන් සහ මම மயூரன் மற்றும் நான் උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය පටන් ගන්නට පෙර ලියූ සටහනකි...මයුරන් සහ මම மயூரன் மற்றும் நான்ඔහු,සිංහල ඉගෙනගන්න දමිළයෙක්මම දෙමළ ඉගෙනගන්න සිංගලයෙක්අපි,අතීතයට අකමැති තරුණයන් දෙදෙනෙක්.වරහන් ඇතුලෙඅපි මාධ්‍යවේදීන්........යාපනයේ රා තැබෑරුමකඔහු දල්වන්නේ සහෝදරත්වයේ සුරුට්ටුවදවාලන්නට නොවනිවාලන්නටඅතීතයේ ගිණි(හුදු හීනයක් නොවේවා එය)ඔහුත් මමත් සුරුට්ටුවත්අපේ මිතුරු කැලත්ගොඩනැඟෙන මිතුදමත් විතරමයි.වෙන කිසිවක්ම නැහැ.අපෙ මිතුදමවේදනා දෙයිසුරුට්ටුව නොවඅපේ අනාගතය දවාලන්නටකැසකවන උන්ටමයුරන් மயூரன்அவன்,சிங்களம் படிக்கின்றதமிழன்நான் தமிழ் படிக்கின்ற
ගෝඨා උඩුවාගේ සටහන් ‘ගෝඨා ඉල්ලා අස්වෙයි‘ දෙසැම්බර් හතරවැනිදා රාත්‍රී හතට බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ගෝඨයිම්බර කෝලමේ අවසාන දර්ශණයට සූදානම් වෙද්දී නාට්‍යය නිෂ්පාදක කණ්ඩායම මුලින්ම සිය ප්‍රචාරණයට යෙදුවේ ඉහත පාඨයයි.ඩෙනිස් පෙරේරාගේ ගෝඨයිම්බර කෝලම සිය අවසාන දර්ශනයට සූදානම් වෙන්නේ දර්ශනවාර දහයකදී නාට්‍යයකට නිර්මාණය කළහැකි උපරිම සංවාදයකටත් එහා සංවාදයක් ඇති කරමිනි. එක් පැත්තකින් නිෂ්පාදන කණ්ඩායමේ සාර්ථක ප්‍රචාරණ උපක්‍රම මෙන්ම නිර්මාණයේ සුවිශේෂත්වයත් ඒ සංවාදයට හේතුවිය. සාහිත්‍ය විචාරකයන් ලෙස ...
මේ නාට්‍යය ස්වයං වින්දනයක් ගැන නෙවෙයි!! උඩුවාගේ සටහන් මේ සටහන ආරම්භ කරන්න ඕන ආදරණීය ආරාධනයක් එක්ක!!විවේකී සෙනසුරාදාවේ නාට්‍යයක් බලන්න එන්න....ඔබ මොන ආකාරයක රසිකත්වයකින් යුතු කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම නැරඹුවාට පසුතැවිලි නොවෙන නාට්‍යයක් බලන්න එන්න.ඒ තමයි සංඝදාසගේ චූටි කලිසම නාට්‍යය!!!චූටි කලිසම තමයි සංඝදාසගේ. නාට්‍යය සංඝදාසගේ නෙවෙයි. නාට්‍යය අසංක සායක්කාරගේ!!!!!නාට්ය්යට නිව්යෝර්ක් සිටි සම්මාන උළෙලේදී හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ලබාගත් ජගත් චමිල හා ලංකා බණ්ඩාරණායක රංගනයෙන් එක් වෙනවා.මොකක්ද මේ චූටි කලිසම????චූටි ...
කණගාටුවෙන්, කේන්තියෙන් සහ සන්තෝසයෙන් ලියමි, උඩුවාගේ සටහන් රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල් නොදී ඉන්නැයි රාවයේ ‘අයිතිකාරයා’ වෙච්ච වික්ටර් අයිවන් රාවයේ ගිණුම් අංශයට නියෝග කරලා. පහුගිය සතියේ දවසක මුදල් ලබාගන්නට රාවය කාර්යාලයට ගිය මට මුදල් නොදුන්නා විතරක් නෙවෙයි, මාව පොලීසියට කතාකරලා එළියට දාන බවට රාවයේ හිමිකරුවන් වගේ දැන් හැසිරෙන සේවකයෙක් තර්ජනයකුත් කළා. ස්තූතියි රාවය. වික්ටර් අයිවන් මහතාටත් ස්තූතියි.රාවයෙන් මට ලැබෙන්න තිබුණු මුදල ගැන ඇහුවොත් කෙනෙකුට හිනායන්නට ඉඩ තියෙනවා. ...
භාෂණයේ නිදහස, මාධ්‍ය නිදහස හා මාධ්‍ය උන්නතිය පිළිබද දේශපාලන පක්ෂවල සැබෑ කැපවීම පෙන්වන තෙක් ඡන්දදායක රටවැසියන් මහත් අපේක්ෂාවෙන් පසු වේ. උඩුවාගේ සටහන් ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සමුළු ලේකම් කාර්යාලයශ්රී ලංකා පුවත්පත් ආයතනය (SLPI)නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM)ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයශ්‍රී ලංකා පත්රකලාවේදීන්ගේ සංගමයප්රාදේශීය මාධ්‍යවේදීන්ගේ ජාතික සංධානයප්රජා ගුවන්විදුලි මාධ්‍යවේදීන්ගේ ජාතික කමිටුවතරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංගමයයාපනය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (Jaffna Press Club)…එක්ව කරන ප්රකාශනයකි.2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාව භාෂණයේ හා මාධ්‍ය නිදහස පිළිබඳව යම් මට්ටමක සාධනීය තත්ත
දුර බැලීම උඩුවාගේ සටහන් ‘ඒ මොන වචනය කීවත් උන්වහන්සේ නරක දෙයක් කියන බව විශ්වාස කරන්නෙ නැහැ. ඊට වඩා දුරදක්නා නුවණින් ඒ ප්‍රකාශය බාරගන්නවා. අපේ රටට අවශ්‍ය වන්නේ රටට ජාතියට ආදරය කරන, ජනතාවට සෙත සලසන පාලනයක්.‘නැත. මේ ප්‍රකාශය මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් කී කතාවක් නොවේ. ගෝඨාභය රාජපක්ෂගේ මිත්‍රයෙක් කී කතාවක් නොවේ. එජාපයේ නියෝජ්‍ය නායකයා කී කතාවකි. සජිත් පේ‍්‍රමදාස ගිය සතියේ කී කතාවකි. උපාලි හිමියන්ගේ ප්‍රකාශය සාධාරණීකරණය ...
තායිලන්තයේ ළමා ලිංගික ශ්‍රමිකයන් උඩුවාගේ සටහන් තායිලන්තය. බොහෝ දේවල්වලට යහපත් නාමය දිනාගනිද්දී ලෝකයේ වැඩිම ළමා ලිිංගික ශ්‍රමිකයන් සිටින රටක් ලෙස නරක නාමය දිනාගත් රට. ලිංගික සේවාවන් සැපයීම සඳහා දරුවන්ව ජාවාරම් කිරිම පිළිබඳව මෙන්ම ළමා ලිංගික ශ්‍රමිකයන් සඳහා සංචාරක ආකර්ශණයක්ද තායිලන්තයට තියෙනවා. තායිලන්තයට සමීප රටවල් කිහිපයකින්ම තායිලන්තයට දරුවන්ව රැගෙන එන්නෙ මේ ව්‍යාපාරය සඳහා.එක්සත් ජාතීන්ගේ සංවිධානය ළමයින් ලෙස සලකන්නේ වයස අවුරුදු 18ට අඩු පුරවැසියන්ව. ළමයෙක්ව ලිංගික ශ්‍රමිකයෙකු ලෙස ...
බ්ලොග් විවාහය උඩුවාගේ සටහන් විවාහයක් කියන්නෙ මොකක්ද කියල සැබෑ පැහැදිළි කිරීමකුත් නෑනේ. කොහොම වුණත් විවාහයකින් පස්සේ දෙන්නෙක් එක වහලක් යටට එනවා.ඉතින් මේ මොහොත බ්ලොග් දෙකක් අතර විවාහයක් කියල කියන්න පුළුවන්.රේඛා නිලුක්ෂිගේ ලිප්ස්ටික් බ්ලොග් අඩවිය මෙතැන් පටන් උඩුවාගේ සටහන් බ්ලොග් අඩවිය සමඟ විවාහ වෙනවා. මේ බ්ලොග් දෙකම සැමියාගේ නිවස වන uduwaage.blogspot.com ලිපිනයෙහි පදිංචි වනු ඇති.මේ දෙදෙනාගෙන් කාව මුණගැහෙන්න වුණත් මේ ලිපිනයට ඇවිත් පුළුවන්.ස්තූතියි.......!අමුතු විවාහයක් ගැන ...
ඇමති ආරක්ෂක සහෝදරයා උඩුවාගේ සටහන් සහෝදරයා ටෙලිඩ්‍රාම එකේ ජගා කරන කැරැක්ටර් එක පහුගිය සතියේ විතර විශේෂයෙන් මතුකරන්න පටන්අරන් තියෙනවා. මුලින්ම ජගා ඇවිත් බියර් එකක් දීගෙන යද්දීම මට හිතුණා ඒ කැරැක්ටර් එකට වැදගත් කොටසක් ඇති කියල. සමහරවිට ඉදිරියට ඒකට වැදගත් කොටසක් තියෙන්න පුළුවන්. කොහොමත් මේ වෙද්දීත් ඒ කැරැක්ටර් එකට වැදගත් තැනක් ලැබිලා හමාරයි.කැරැක්ටර් එක රළු මිනිහෙක්. මැරයෙක් නෙවෙයි. මිනීමරුවෙක්. කුලී මරුවෙක්. ආරක්ෂකයෙක්. ඇමති ආරක්ෂකයෙක්. එපාම කරපු ...
ශිරන්ති රාජපක්ෂ ජනාධිපතිවරණයට එයිද? උඩුවාගේ සටහන් මේ සතියේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය මීළඟ ජනාධිපතිවරණය ගැන අලුත් කතාවක් ගෙනාවා. ඒ මාතෘකාව අල්ලලා අපි කාලයක් තිස්සෙ හිත හිත හිටපු වැඩක් පුංචියට පටන්ගත්තා. යූටියුබ් චැනල් එකක්. පුංචි සහ සරල එකක්. සමහරවිට ටික දවසකින් නවතීවි.මේ වැඩේ ගැන කැමැත්තක් තියෙන කෙනෙක්ට වීඩියෝ එක බලලා, සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා, කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කරලා, කමෙන්ට් එකකුත් දාන්න පුලුවන්. ...
කඳුකරයම කාමරයක උඩුවාගේ සටහන් ජෙට්වින් ආයතනයට අයත් නුවරඑළිය වෝවික් වතුයායේ පවත්වාගෙන යන හෝටල් සංකීර්ණය තුල වතුකරයේ තේ දළු නෙලන ජීවිතවල සැබෑ අත්දැකීමක් ලබා දීම සඳහා "මීන අම්මාගේ ලයින් කාමරය" නමින් කාමරයක් නම් කිරීම සම්බන්ධයෙන් මුහුණු පොත සහ ට්විටර් මාධ්‍ය හරහා මහජනතාව කරනු ලැබූ විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස එහි ප්‍රධාන අධ්‍යක්ෂක හිරාන් කුරේ පවසා ඇත්තේ (https://www.facebook.com/jetwinghotels/posts/2030827963617564) ඇත්ත වශයෙන්ම මෙම කාමරය නම් කිරීමේ යෝජනාව එම වතු යායට ...
රාජපක්ෂගෙ ගමේ මීඩියා හොල්මන්.... උඩුවාගේ සටහන් තඹුත්තේගම රාජපක්ෂගම නම් ගම්මානයට හොල්මන් පවුලක් පැමිණ ඇතැයි පහුගිය සතියේ කතාබහට ලක් විය. ඇත්තටම එය කතාබහක් පමණක් නොව ඉන් එහාට ගොස් රටේම අවධානය දිනාගත් පුවතක් බවට පත් විය. රාජපක්ෂගමේ හොල්මන් කතාවට තටු දුන්නේ අපේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය විසින් ය.රාජපක්ෂගමේ කතාව පුවත්පත් කිහිපයක ප්‍රධාන පුවතක් වූවා පමණක් නොව ඉරිදා පුවත්පත් වල විශේෂාංග ලිපි ලෙසින්ද මේ හොල්මන් කතාව වාර්තා කොට ...
ගයන්ත ඇමතිතුමෝ කයිවාරු නැතිව බයික් එක ගහගනින් @$#^%$ උඩුවාගේ සටහන් මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි ලබාදෙන බවට පසුගිය දිනෙක පුවතක් පළ වෙද්දී වඩාත් සතුටට පත්වූයේ තරුණ ජනමාධ්‍යවේදීන්ය. ඒ අපගේ වෘත්තියේ ස්වභාවය නිසාම යතුරුපැදියක් තිබීම පහසුවක් නමුත් යතුරුපැදියක් මිලදී ගැනීමට තැන්පත් වත්කමක් බොහෝ තරුණ මාධ්‍යෙව්දීන් සතුව නොතිබීම නිසාය. සහන මිලට යතුරුපැදි ලබාදෙන පුවත කණ වැකුණු විගස අප සමඟ සිටින මිතුරු මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ම මුදල් එකතු කරන්නට පටන් ගත්හ. සහන මිලට නම් ආසන්න ...
මහින්දනෙ ඉන්න තිබුණේ..... උඩුවාගේ සටහන් ආණ්ඩුව විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් කර ඇතැයි මහින්ද චෝදනා කරනවිට ආණ්ඩුව පැත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුණේ උතරේ කඳවුරු එකක්වත් නත්මන් ආණ්ඩුව විසින් ඉවත් කර නැති බවත් කඳවුරු ඉවත් කළේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බවත්ය. මෙය සැබැවින්ම එජාපයේද සිංහල බෞද්ධ චින්තන ආධිපත්‍යයට යටත් බව පෙන්වන සංකේතයකි. (යූඇන්පිය ජාතිවාදී නැහැ කියන්න බැහැ. මේ ඔක්කොම සිංහල ඡන්දනේ ඉලක්ක කරන්නේ. ඉතිහාසෙ ...
රනිල් දුමින්ද වෙලේ සුදා ඔක්කොම රෙනෝ.... උඩුවාගේ සටහන් ගෙදර යන්නට පෙර ක්ෂණිකව ටයිප් කොට අප්ලෝඩ් කර යන්නට සිතුණු අදහසකි.රෙනෝ සිල්වා ධාතු පෙන්නමින් තමන්ගේම චැනල් එකේ ඒවා පබ්ලිෂ් කරමින් ප්‍රතිරූපය නංවාගනියි. ඒ අතර ෂේප් එකේ රනිල්ටද බැක් එක දෙයි. රනිල් සහ රෙනෝ නිතර හමුවෙයි. දුමින්දවද හිරු හරහා නෝමල් චරිතයක් බවට පත් කරනු ළමයි.වෙලේ සුදාව අල්ලා කල්පයක් ගත වී ගොස් ඇති නමුත් සුදා දුමින්ද ගැන කියා කාලයක් ගතවී ඇති නමුත් ...
දැන් ඉන්න උන් වික්ටර් අයිවන්ව දන්නැද්ද? (1) උඩුවාගේ සටහන් වික්ටර් අයිවන් මහතා ගැන සටහනක් ලියන්නට ටික දිනක පටන් සිතා සිටියෙමි. එය ටිකක් කල්පනා කොට හෙමිහිට ලියන්නට සිතා හිටියත් ඒ සඳහා විවේකයක් සොයාගැනීමට මෙතෙක් නොහැකි විය. එහෙත් හෙට උදෑසන 9.30ට ජාතික පුස්තකාලයේදී වික්ටර් අයිවන් මහතාගේ තිස් වසරක මෙහෙවර ගැන විද්වතුන් කිහිපදෙනෙකු විසින් ලියූ පොත එළිදක්වන නිසා අද කුමක් හෝලිවිය යුතුයැයි සිතුවෙමි.එහි ප්‍රතිඵලය ලෙස කල්පනා කොට සංයමයෙන් ලියූ සටහනක් වෙනුවට ...
මනෝ ගනේෂන්ගේ රින්ගින් ටෝන් එක උඩුවාගේ සටහන් මනෝ ගනේෂන් මහතාගේ නම ගෑවුණද මේ ලියන්නට සූදානම් වන්නේ දේශපාලනය ගැන සටහනක් නොවේ. දේශපාලනය අතරතුර ආ වෙනත් අදහසක් ගැන සටහනකි. ඒ ඊයේ මනෝ ගනේෂන් මහතාට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවක ඔහුගේ කෝලර් ටියුන් එක ඇසෙද්දී ආ අදහස් පෙලකි. උත්තරා උනික්රිෂ්ණන්ඔහු ටෝන් එකලෙස යොදා ගෙන තිබුණේ උත්තරා උනික්‍රිෂ්ණන්ගේ (Uthara Unnikrishnan) අලග (Azhagu - Beautiful) නමැති ගීතයේ සංගීතයයි. එය පසුගිය වසරේ තිරගත ...
රනිලුත් ගාණට වැඩියි... උඩුවාගේ සටහන් ජනවාරි අට මහින්දව පරදවන්න වුණේ මහින්ද හොඳ නැති නිසා ය. එදා මහින්ද පැරදවූයේ යූඇන්පීය හෝ රනිල් විසින් නොවේ. මහජනතාව විසින් ය. හැබැයි එදා දින්නේ මහජනතාව නොවේ රනිල් ප්රමුඛ එජාපයයි. මහජනතාවගේ ජයග්‍රහණය තියෙන්නේ ගොඩක් ඈතින් ය. මහින්ද නරක වූ පමණින් රනිල් හොඳ වන්නේ නැත. සාපේක්ෂ ය. යහපාලනයෙන් පසු කේතුමතිය පහළ නොවන බව අපි දැන සිටියෙමු. සරලව කිව්වොත් රාජපක්ෂ රෙජීමය ඉතා නරක ...
ප්‍රඥාවන්ත අයිවන් ගේ ශීලාචාර තර්ක වින්‍යාසය හෙවත් ‘ප්‍රඥා-මඩ’ උඩුවාගේ සටහන් සනත් බාලසූරිය වික්ටර් අයිවන් ගේ ‘‘අශීලාචාර තැනක තිබෙන්නේ දේශපාලනය පමණක්ද?’’ ලිපියට මා ලියූ ප්‍රතිචාරයට දීර්ඝ ‘පිළිතුරු ලිපියක්’ අයිවන් ලියා තිබිණි.මා මගේ ලිපිය ආරම්භ කළේ අයිවන් හා වාද හෝ සංවාදකිරීමෙන් උපදින කිසිදු ධනාත්මක ඵලයක් වෙතැයි විශ්වාස කිරීමට තරම් මෑතකාලීන අත්දැකීම් මා නොපොළඹවන බව පවසමිනි. අයිවන් සිය දීර්ඝ ලිපියෙන් නැවතත් තහවුරු කරන්නේ මගේ මේ නිරීක්ෂණයේ නිරවද්‍යතාව යි.අයිවන් මතුකර තිබූ ප්රමුඛ කාරණා තුනක් ...
රත්නම්ගේ වේදනාව උඩුවාගේ සටහන් ‘ඒ වෙලාවෙ ඇතිවුණු වේදනාවට මම කල්පනා කළා මේ අයව මරන්නේ කොහොමද කියලා. මම කාලයක් හමුදාවේත් හිටපු කෙනෙක්. ඒත් මම හිංසනයට ආසක්ත වුණ කෙනෙක් නෙවෙයි. ඒත් මම ඔවුන්ව මැරුවා.’ මේ කතාව කියන්නේ චිත්‍රපටි අධ්යක්ෂ චන්ද්‍රන් රත්නම්ය.ඔහු විස්තර කරන්නේ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු පිළිබඳවය. චන්ද්‍රන් රත්නම් ගොඩනැගූ ‘ඒෂියන් ෆිල්ම් ලොකේෂන් සර්විසස්’ සමාගමේ සේවය කළ රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු සිව්දෙනෙකු ඔහුගෙන් වෙන්ව ‘ද ෆිල්ම් ...