පනමරකාඩු 2 - ඔහුව හමුවිය උඩුවාගේ සටහන් අමීර් ඛාන් රඟපෑ මංගල් පාණ්ඩේ චිත්‍රපටිය ඉන්දියානු නිදහස් සටනේ ආරම්භකම මොහොත සටහන් වූ සිපෝයි කැරැල්ල අලලා නිර්මාණය කළ චිත්‍රපටියකි. විමුක්ති සටනක්, නිදහස් සටනක් දේශප්‍රේමය කේන්ද්‍ර කොටගත්තකි. එහෙත් ලංකාව ඇතුලේ දේශප්‍රේමය එපා වන තරමට ලංකාවේ ලේ වගුරවා දමා තිබුණි. දේශප්‍රේමී යන වචනය සිහිපත් කළේ අජූවයි. දේශප්‍රේමය බියෙන් සලිත කරවන වචනයක් විය. නූතන ජාතික රාජ්‍යය තුළ දේශප්‍රේමය එක්තරා ආකාරයකට ජාතික හැඟීම යනුවෙන්ද ...
තාම ක්‍රිකට් බලනවද? Are U ක්‍රිකට් Fan? උඩුවාගේ සටහන් මම කොටුවෙ ඇවිදිනවා.. ඒ අතරෙ මැසේජ් එකක් ආවේ ඉන්ග්ලන්ඩ් මැච් එක දිනල කියල. ලී කරත්තයක් තල්ලු කරගෙන යන අයිය කෙනෙක් ශ්‍රීලංකා ක්‍රිකට් ටීෂර්ට් එකක් ඇඳගෙන යනව. හොඳට බැලුවම ඒක පරන ටීෂර්ට් එකක්.කොටුවේ ක්‍රිකට් ටීෂර්ට් ගොඩක් යනව එනවා මට පෙනුනා. හැබැයි ඒ අතර අළුත්ම ඒවා තිබුණේ ටී20 වර්ල්ඩ්කප් කාලේ වගේ ඒවා.ක්‍රිකට් කියන්නෙ ලංකාවේ කල්චර් එකක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පන්තියේ ...
ඔහු නිකන්ම රතුපස්වල වීරයෙකි උඩුවාගේ සටහන් අප සිටින්නේ වීරයන් අවැසි සමාජයක. මේ මොහොතේ වීරයන් ඕනෑ තරම් ඉන්නවා. වීරයෙක් වෙන එක ලේසියි. වීරයෙක් නැතිව අපටත් බැහැ. මොකක් හෝ ක්ෂේත්රයක වීරයෙක්් අනුයන්න අපි බලාගෙන ඉන්නවා. දේශපාලනයේ, කලාවේ, සිනමාවේ වගේම ක්‍රීඩාවෙන් වීරයෝ බිහිවෙනවා. මාධ්‍ය හරහා ඒ වීරයන්ගේ ප්රතිරූප මවනවා. වීරයෝ ඉන්න තැන දුෂ්ටයොත් ඕනෑමයි. දුෂ්ටයන්ගේ ප්‍රතිරූපය මවන්නෙත් මාධ්‍ය හරහාම තමයි.දෙමළ මිනිසුන්ගේ වේදිකාව මතින් පැනනැඟුණු යුද්ධයක් විසින් අපේ සමාජයට වීරයන් ...
පාලකයන්ගේ නීතිය හා ඉන්දීය සිනමා සම්මාන උළෙලේ බලාපොරොත්තු කඩවීමක් උඩුවාගේ සටහන් දැවැන්තයාමේ පාර ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙල අවසන් වුණේ සම්මාන උළෙලවල් වල සාමාන්‍යෙයන් සිදුවෙනවාක් මෙන් එක් එක්කෙනා හිතපු ඇතැම් දේවල් කඩ කරමින්... සමහර දේවල් සාර්ථක කරමින්... පළවෙනිම දේ මං හිතුවේ මේ පාර හොඳම චිත්‍රපටියට වෙට්ට්‍රිමාරන්ගේ ජීනියස් වැඩේ විසරනෛ ෆිල්ම් එකට හොඳම චිත්‍රපටිය ලැබෙයි කියලා.. ඒත් ඒක වෙනුවෙන මෙවර හොඳම චිත්‍රපටිය වුණේ වාණිජ වශයෙන් අතිසාර්ථක වුණ අනිත් ජීනියස් වැඩේ බහුබාලි චිත්‍රපටියයි.. ...
වින්ඩීස් චැම්පියන් ඩාන්ස් එකයි සිංදුවයි උඩුවාගේ සටහන් ලෝකෙ ඕනම ක්‍රීඩාවක ඉන්න පුළුවන් යුනික්ම ටීම් එකක් තමයි වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් ටීම් එක... හකා දාන බ්ලැක් කැප්ස් රග්බි ටීම් එකත් ඒ වගේ යුනික් ටීම් එකක්නෙ... ඒ වගේ කන්ඩායම් වල ඇටිටියුඩ් ඒ ක්‍රීඩාවම ලස්සන කරනව... වෙස්ට් ඉන්ඩීස්ල මේ පාර වර්ල්ඩ් කප් එකේ දැම්මෙ චැම්පියන් ඩාන්ස් එක. ඇෆ්ගනිස්ථාන්ට පරාද වුණාම මූණවල් එල්ලගන්නෙ නැතිව ඇෆ්ගනිස්තාන් කොල්ලො එක්කලත් චැම්පියන් ඩාන්ස් එකක් දාල ෆොටෝ ...
වෙබ් වලට ඉව කරන ආණ්ඩුවේ ජනමාධ්‍ය පාඨමාලාව උඩුවාගේ සටහන් ආණ්ඩුව මේ වන විට ජනමාධ්‍ය පාඨමාලාවක් කරමින් සිටින්නේ ය. මාධ්‍යවේදීන් කටයුතු කළයුතු ආකාරයට කියා දෙන්නට උනන්දුවක් දක්වන්නේ ය. අගමැතිවරයා සත්තුන්ගේද යක්කුන්ගේද නම් කියමින් මාධ්‍ය කරන්නට ඉගැන්වීය. ඉන්පසුව කිරිඅැල්ල ඇමතිවරයා නොසරුප් වචන සමඟ මාධ්‍යකරණය ඉගැන්වීය.දැන් වෙබ් අඩවි වල මාධ්‍යකරණය නියාමනය කරන්නට ආණ්ඩුවට ඕනෑ වී ඇත. ඒ සියලු ප්රවෘත්ති වෙබ් අඩවි මාර්තු 31ට පෙර ලියාපදිංචි කළ යුතුයැයි පසුගිය 26 වැනිදා ජනමාධ්‍ය අමාත්‍යංශය ...
කොටුව බෝම්බයට වසර අටක් පිරෙන තැන උඩුවාගේ සටහන් යුද්ධෙදි මැරුණ සිංහල අය ගැන කතාකරන්නේ නැත්තේ ඇයිදැයි මගෙන් ( ඇතුළු යුධ විරෝධීන්ගෙන් ) ජාතිකවාදීන් අහනවා... මටනං තියෙන පැහැදිළි හේතුව ඒ ගැන කතා කරන්න ඇති තරම් අය ඉන්නවා.. යුද්ධය ගැන මිනිස්සු කතානොකර හංගන දේ තමයි අපි කතා කළ යුත්තේ කියලා... එල්ටීටීඊ සංවිධානය තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උපක්‍රමයක් විදියට සාමාන්‍ය සිංහල ජනතාව අතරට බෝම්බකරුවන් යවලා මරා දැමීම යොදාගත්තා... ඔවුන්ව ත්රස්තවාදීන් විදියට හැඳින්වුවේත් ...
මගේ ජාතිය ආදරේ... ආදරේ හඳුනන අළුත් පරපුරක්.... උඩුවාගේ සටහන් හොඳම ආදර කතා ලියැවුණේ ජාතිය ඉක්මවලා යන මොහොතකදී....දුක්බරම ආදර කතා වලට හරස් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි සමස්ථ ජාතියක්...... වැලන්ටයින් දිනය අතලඟ එනවා..... අපි වැලන්ටයින් සමරන්නට සූදානම් වෙනවා..... වැලන්ටයින් දවසේ අපි යන්නේ ජාතිය ඉක්මවපු ආදරයක් හොයාගෙන... චින්තන ධර්මදාස කියනවා වගේ ආදරය ජාතියකට වඩා විශාලයි.... අපි යනවා ලිංගික අනන්‍යතාවයන්ගේ සිමා නැති ආදරයක් හොයාගෙන... සමලිංගික, විෂම ලිංගික ඔබ හැමෝටම වෙනස් කොට තකන්නේ නැතිව ...
තාප්පය දෙපස.. ආදරය අභියස උඩුවාගේ සටහන් තුන්වරක් එයා දිහා හැරිලා බැලුවත් එයා මාව නොදැක්කා වගේ ඉන්නවා. එයා ළඟට යන්න හිතුණත් එළියේ වැඩ වලදී එයාව දන්නවා කියලා අනිත් අයට පෙන්වන්න එපා කියලා තිබුණු නිසා මම ඈතින්ම හිටියා. එයා මගේ දිහා බලාවි.......මා එක්ක හිනා නොවුණත් අනිත් හැමෝම එක්ක එයා කතාබහ කරන හැටි මට පෙනුනා. මොකක්ද මේ වෙනස????මම හිටියේ එයාට ආදරේ කියාගන්න බැරිව. ඒ ආදරේද කියලාවත් විසඳගන්න බැරි වෙලාවක ...
අපි විකුණුවා, රතුපස්වල රාජපක්ෂලාගේ දඩබිම.... උඩුවාගේ සටහන් රතුපස්වල ගැන අපි ආයෙමත් කතා කරන්න පටන් ගත්තා. සමහර අයට රතුපස්වල ප්‍රශ්ණය අතීතයක් වෙන්න පුළුවන්. රතුපස්වල ලොකු ඛේදවාචකයක් වුණා, දැන් ඒක කාලයත් එක්ක ගෙවිලා ගිහින් කියලා හිතන්න පුළුවන්.ඒත් ඇත්තටම රතුපස්වල ප්‍රශ්ණ තාමත් තියෙනවා.පුරවැසි බලයත්, වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විදියට අපිත් රතුපස්වලට ගියේ තවමත් නොවිසඳුණු රතුපස්වල ගැටලු වලට විසඳුම් ලබාගන්නට සූදානම් වෙන රතුපස්වල සහෝදර මිනිසුන්ව දිරිගැන්වීම සඳහා.එදා ...
මම රෙස්ලින් බලන්නෙ ඇයි? උඩුවාගේ සටහන් ‘ජෝන් සීනා අපෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.‘ අපි ඉස්කෝලෙ යන කාලෙ ඔන්න ඔහොම සිංදුවක් ජනප්‍රිය වුණා. ඒ ලංකාවේ වැඩියෙන්ම රෙස්ලින් ජනප්‍රිය වුණ කාලයක්. හැබැයි ඔය ලෝකයෙ ගත්තම රෙස්ලින්වල ජනප්‍රියත්වය බහිමින් තිබුණු කාලයක්. මං මේ කියන්නේ ඔලිම්පික් යන රෙස්ලින් ගැන නෙවෙයි, ප්‍රොෆෙෂනල් රෙස්ලින් හෙවත් ප්‍රෝ රෙස්ලින් ගැනයි. බොහෝ විට ඇමෙරිකාව, මෙක්සිකෝව, ජපානය සහ මේ වෙද්දී ඉන්දියාව ඉලක්ක කරගත්ත විනෝදාස්වාදය වෙනුවෙන් ...
එම්.ජී. නිදහසේ පියඹා යා යුතුය උඩුවාගේ සටහන් ‘සංගීත ක්ෂේත්රයේ උඩට එන්න හරි අමාරුයි. රැඳී ඉන්න නම් යමක් කළ යුතුයි. මට ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියට තියාගන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මං බලාපොරොත්තු වෙන්නේ.‘ මේ එම්.ජී. ධනුෂ්ක ඩ්‍රීම් ස්ටාර් වූ පසුව පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවකි. එම්.ජී. ධනුෂ්කව බොහෝ දෙනෙක්ට මතක ඇතැයි සිතන්නෙමු. 2014 දී පමණ ධනුෂ්ක ...
මාධ්‍යයට අත නොතබනු..!!! උඩුවාගේ සටහන් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ නිලවරණය පහුගිය අඟහරාවාදා පැවැත්වුණා. එහිදී හිටපු සභාපති ලසන්ත රුහුණගේ නැවත වරක් සභාපති ලෙස පත්වුණා. නිලධාරී මණ්ඩලය ලෙස ලසන්ත රුහුණගේ මහතාට සමගාමීව නාමයෝජනා ලබාදුන් කණ්ඩායමේ සියළුදෙනා තේරී පත්වුණා.ඡන්දයේදී සංගමයේ බලය අල්ලාගැනීම වෙනුවෙන් දිවයින පුවත්පතේ දීප්ති අධිකාරී සහ උපාලි ද සේරම් ඇතුළු පිරිසක් (හත්දෙනෙක් විතර තමයි හිටියේ) වත්මන් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ සමන් වගආරච්චි මහතාගේ ආශිර්වාදය එක්ක තරඟ ...
සුජියාට ලියමි.... උඩුවාගේ සටහන් කීර්ති ලොකුලියන සහෝදරයාගේ කවියකට පිළිතුරකි..........සුජියො මට තේරෙනව මේ තමයි ජීවිතේ කරුමෙ නං නෙවෙයි බං අපට දුන් ජීවිතේ ළමයින්ට කියාපන් පෝන් එක අතට ගෙන පෝන් තියෙනා උන්ට උපාසක සමාජෙට හිනාවෙන පරයන්ට කියාදෙන්නැයි කියා අපට මේ ජීවිතේ - තොපි දුන්නු ජීවිතේ උගන්නාපං උන්ට මේ වළෙන් ගොඩ එන්න බුදුන්ටත් හැමිණෙන්ඩ කියාදීපං උන්ට තනියෙන්ම බුදු නොවී සෙට් වෙලා බුදු වෙන්ඩ අපෙ විහිළු ජීවිතත් ...
විධායකේ අහෝසි කරන්න ඕන ඇයි? උඩුවාගේ සටහන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයැයි කියන්නෝ ඕනෑ තරම් ය. උලව් ජාතික ආරක්ෂාවක සිට සංවර්ධනයට ගැලපෙන ක්‍රමය යන්න දක්වා හේතු විධායක ක්‍රමය වෙනුවෙන් තිබෙන්නේ ය.මේක බ්ලොග් එකක් නිසා විධායක ක්‍රමය අහෝසි කළ යුත්තේ ඇයිදැයි ඔය තර්ක ප්රතිතර්ක බිඳින්නට තියෙන කරුණු මළු ගණන් දිගහරින්නට අවශ්‍ය නැත. එහෙත් එකක් කිව යුතුය. ඔය විධායක ක්‍රමය වෙනුවෙන් එන තර්ක හුදු විශ්වාසයන් මිස කරුණු ඇතුව ...
මීඩියා මර්ධනේ උඩුවාගේ සටහන් යූඅඇන්පී එකට ජනමාධ්‍ය පාලනය කරන්න ඕන. ඒකට මහින්ද වගේ සුදු වෑන් එවලා තග දාන ක්‍රමයක් වෙනුවට යූඇන්පිය පාවිච්චි කරන්නේ වෙනත් ක්‍රමයක්.එයාලා උත්සාහ කළා ලංකාවේ ප්‍රධානම ජනමාධ්‍ය වෘත්තීය සමිතිය (වෘත්තීය සමිතියක් විදියට ලියාපදිංචි කරලා තියෙන්නේ ඒක විතරයි) බලය අල්ලන්න. ඒක ගොඩක් පැතිවලින් වාසියි. ඒත් ඒ උත්සාහය අසාර්ථක වුණා.ඉන් පස්සේ උත්සාහ කළේ අළුත් වෘත්තීය සමිතියක් හදන්න. ඒත් අළුත් එකක් හැදුවොත් ඒකට නිල ...
පනමරකාඩු 1 උඩුවාගේ සටහන් ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය පැතුවේ ය. දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරන්නට සූදානමින් සිටියේ ය. ඔහු දෙමළ ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් ඊළමක් පතා ආයුධ අතට ගත් මිනිසුන් සමඟ ඔවුන් අතරෙහි සිටියේ ය. එහෙත් ඔහු ආයුධ අතට නොගත්තේ ය. ලොව සාමකාමීම එහෙත් තියුණුම අවිය පෑන වී තිබුණායැයි කිව හැකි ය. යුධකාමී තියුණු අවිය කඩුව වූවා මෙන් ය. එහෙත් ලෝකය පෑනේ ...
කිරිඇල්ල අමිත්ට කුණුහරුපෙන් බණියි උඩුවාගේ සටහන් ලක්ෂ්මන් කිරිඇල්ල නම් මහාමාර්ග උසස් අධ්‍යාපන ඇමති තමන්ගේ සීමාව ඉක්මවා තිබේ.නින්දිත ආකාරයට තමන් කළ වැරැද්දක් සාධාරණීයකරණය කිරීමට උත්සාහ ගත්තා පමණක් නොව මාධ්‍යවේදීන්ට සද්දය දමන්නටද පටන්ගෙන තිබේ.අද පුවත්පතේ මාධ්‍යවේදී අමිත් මධුරංග සහෝදරයාට ඔහු බැණවැදී ඇත්තේ මාධ්‍යවේදීන් පෑන පශ්චාත්භාගයේ ගහගෙන ඉන්න එවුන්යැයි හඳුන්වමින් ය.තමන්ට ඇති බලය පිළිබඳව පවසමින් අයිසේ ඇමතිවරයා පොන්නයෙක් නොවේ වැනි වචන සඳහන් කරමින් කිරිඇල්ල කර ඇති ප්‍රකාශය සම්පූර්ණයෙන්ම නින්දිත ...
දුංකුඩු පාර.... උඩුවාගේ සටහන් ඉස්කෝලේ කාලේ ගැන සටහන ලිව්වම ඉස්කෝලෙ සෙට්එකේ එවුං මට ලියන්නැයි කතා ගොඩක් මතක් කළා... ඒවා හෙමි හෙමින් ලියන්න ඕන.. ඒත් දුංකුඩු ගැන නිකමට ලියල දාන්න හිතුණ..මේ අත්දැකීම් දිගටම ලිව්වොත් සමහරු කියයි මේවා අතිශයෝක්ති කියලා.. නැත්නම් කියයි මුංගේ ඉස්කෝලේ අමු ම වල් කියලා.. අපේ ඉස්කෝලේ එවුං කියයි ඉස්කෝලෙට අවනම්බු කරනව කියල.. ඒත් මේවා ඇත්ත විතරක් නෙවෙයි මේ තමයි ලංකාවේ ඉස්කෝල වල ...
සවනි මගේ හා ළමා කාලයට කෙළවීම උඩුවාගේ සටහන් සවනිව ඉල්ලන කොල්ලගෙ වීඩියෝ එක අපේ ළමයින්ගෙ ළමා කාලේ නැතිවෙලා කියලා කට්ටියට පරල වෙන්න නිමිත්තක් වෙලා තිබුණා. ඊට පස්සේ ඒ කොල්ලා අඬනවා කියලා පරල වෙච්ච සහ නොවිච්ච අය කියන්න පටන්ගත්තේ අපි හැමෝම ඔය වයසේදී ඔහොම තමයි වෙනසකට තියේන්නේ මේ කොල්ලා අතට ෆෝන් එකක් ලැබීම කියලා. හරි, මගෙත් අදහස වුණේ ඕක තමයි මුල ඉඳන්ම. ඒත් මං ඕක ගැන මොනවත් කියන්නේ නැහැ. ...