ශ්‍රී ලංකාවේ ෆෙස්බුක් පාලනය අයර්ලන්තයේ සිට උඩුවාගේ සටහන් ශ්‍රී ලාංකිකයන් ෆෙස්බුක් අඩවියෙහි පළකරන විවිධ අදහස් දැක්වීම් අතරින් ජනවාර්ගික ගැටුම්වලට හේතුවන අදහස් දැක්වීම් පාලනය කිරීම සඳහා ෆෙස්බුක් ආයතනයේ අයර්ලන්තයේ ඇති කාර්යාලයක් විසින් කණ්ඩායමක් යොදවා ඇති අතර එම කාර්යාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහි දේශපාලන අදහස් දැක්වීම්ද පාලනය කරමින් සිටින බව වාර්තා වෙයි.Add caption( පහළ යූටියුබ් ලින්ක් එකෙන් සම්පූර්ණ කතාව ගැන විස්තර කරපු රිවීව් එකක් බලන්න පුලුවන්.... ...
මනි රත්නම්ගෙ ෆිල්ම් එක.... උඩුවාගේ සටහන් මනි රත්නම්ගෙ අලුත්ම චිත්‍රපටිය ආවා. බැලුවා. හොඳයි. ඒත් අඩුපාඩු ටිකක් තියෙනවා.... කෙටි රිවීව් එකක් මේ වීඩියෝවෙන් බලන්ඩ පුලුවන්....මනි රත්නම්, රෙහ්මාන්, සේදුපති, සිම්බු, අරවින්ද් සාමි, ජෝතිකා, ප්‍රකාශ් රාජ්, සේකර් ප්‍රසාද්, සන්තෝෂ් සිවන් ඇතුළු සිනමාවේ දැවැන්ත නම් තොගයක් එක්ක නිර්මාණය කරපු චෙක්ක චිවන්ත වානම් චිත්‍රපටියට ෆිල්ම් හෝල් හවුස්ෆුල් වෙන එක අහන්න දෙයක් නෙවෙයි.චිත්‍රපටිය ඇවිල්ලා දවස් දෙකකට පස්සේත්, 29 වැනි සෙනසුරාදා දෙහිවල කොන්කෝඩ් ...
මගේ සන්නා වර්ණනාව උඩුවාගේ සටහන් උසස්පෙළ ඉවරවෙලා මම ගමේ ගියා. මාසයක් දෙකක් ගමේ කොල්ලො එක්ක රවුම් ගහන්න පටන්ගත්තා. රවුම් කියන්නෙ යාලුවො සෙට් එක එක්ක පිස්සුම කෙළින්න පටන්ගත්තා. ඒත් හිත ඇතුලෙන් අවුලක් තිබුණා. ගමේ ඇවිත් රවුම් ගහලා මමත් සාමාන්‍ය කොල්ලෙක් වෙයිද? පොඩිකාලෙ ඉදන්ම මට සාමාන්‍ය එකෙක් වෙන්න ඕනවුණේ නැහැ. ගමේ එකෙක් වෙන්න ඕනවුණේත් නෑ. ටික දවසකින් පස්සෙ එක් දවසක මම ආයෙමත් වහාම කොළඹ එන්න පිටත්වුණා.කොළඹ ආවාට ...
විශ්වරූපම් 2 උඩුවාගේ සටහන් ජානුස් කියන්නේ රෝමානු විශ්වාසයන්හි එන ඔලු දෙකේ දෙවිකෙනෙක්. අතීතය සහ අනාගතය එකවර දැකිය හැකි බව කියනවා. ජනවාරි මාසයට ඒ නම ලැබෙන්නට හේතුව ජානුස් බවත් කියනවා. ජානුස් දෙවියන් නියෝජනය කරන බොහෝ දේ අතර ‘ද්වීමාන’ බව තියනවා. ද්විත්ව බව, ද්විඝට්ටනය, දෙපත් නයා, ද්විරූප බව හෝ ඕනෑම වචනයකින් අපේ හිසට එන හැඟීම් ජානුස් නියෝජනය කරනවා. හොඳ - නරක යන්න නිරූපණය කරන්නේත් ජානුස්. කමල් ...
රන්ජන් අවස්ථාවාදියෙක්ද? උඩුවාගේ සටහන් රන්ජන්ව වර්ණනා කිරීම වගේම ඔහු අවධානය දිනාගන්න වැඩකරනවා කියලා චෝදනාත් බොහෝම එල්ලවෙනවා මේ දිනවල. ඩොක්ටර් නවරියන් චිත්‍රපටිය නිසා ඔහුගෙ සිනමාවටත් විවේචන වගේම හොඳ කියැවෙනවා. සමහරු කියන්නෙ ඇත්ත ජීවිතේදීත් ඔහු නළුවා කියලයි. රඟපානවා, බොරුව දානවා කියලයි. රන්ජන් රාමනායක මහතා අවධානය දිනාගන්නට රඟපෑමක් කරනවා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. රන්ජන් බොරුකාරයෙක් කියලා කියන්න පුළුවන්. ඒත් උදේ ඔහු එක්ක දුරකථනයෙන් කතාකරපු වෙලාවෙ හිතුණෙ ...