මගේ පඩිය කීයද? උඩුවාගේ සටහන් මා කිසිදා කියන්නට උත්සාහ නොකරන දෙයක් කියන්නට සිදුවන්නේ කේසව් අයියාගේ චිත්‍රපටිය අවසන් කිරීම සඳහා මුදල් එකතුකරන්නට ගන්නා උත්සාහයට වැරදි අර්ථකථන දීම පිණිස මගේ වැටුප පිළිබඳ ප්‍රශ්ණයක සිව්වෙනි මානය විසින් නඟා තිබීම නිසාය. මෙය ලිවිය යුතු නැතැයි කිහිප වතාවක් සිතුවද මා මෙය ලියන්නට තීරණය කළේ තමන් හෙන කට්ට කන බව හුවා පෙන්වන්නට උත්සාහ ගැනීමෙන් පලක් නැති වුණත් මා මෙය ලියන්නේ කේසව්ගේ ...
ත්රස්තවාදියා... උඩුවාගේ සටහන් ප්රභාකරන් ඔබට ත්‍රස්තවාදියෙක් විය හැකියි. මට ඔහු කැරලිකරුවෙකි. මම එසේ කීවෙමි... එය මගේ පැරණි පාසල් මිතුරන්ගේ, ෆේස්බුක් සගයන්ගේ සහ මාධ්‍යවේදී සහෝදරවරුන්ගේ කෝපයට හේතු වී තිබුණි. ඒ නිසා මේ සටහන අරඹන්නේම කියවා තේරුම් ගත නොහැකිනම් නොකියවන ලෙස සාදරයෙන් ඉල්ලා සිටිමිනි!!කියවන ඔබෙන් හදවත විවෘත කරගන්නැයි ඉල්ලමි!! සිංහල දේශපාලනයට අවශ්‍ය දෙය නොව ස්වාධීනව යමක් කියන්නට උත්සාහ කරමි.... ප්රභාකරන් තුළ මිනිසෙක් නොසිටියේද? ප්රභාකරන්ට හදවතක් ...
බණ්ඩාරවෙල අප්පුහාමි ලොකු තාත්තා සහ පිලිප් ශාන්තගේ පොත උඩුවාගේ සටහන් KG පිලිප් ශාන්ත පොතක් ලියනව අප්පුහාමිගේ ඉඹලා පිළිගැනීම කියල. ඒ පොත් තාම කියවන්න ලැබුණෙ නැතත් අප්පුහාමි හෙවත් ආර් එම් අප්පුහාමි ආර් එම් තරිඳු අමිල උඩුවරගෙදරවත් ආර් එම් කරුණාරත්න උඩුවරගෙදර හෙවත් අපේ තාත්තවත් බිහිකරන්න හේතුවුණ ප්‍රධාන චරිතයක්.අප්පුහාමි කියන්නෙ අපේ සීයගෙ මල්ලිගෙ පුතා. ලොකු තාත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ශ්‍රී ලංකා නිදහස් පක්ශෙ.හරි, පිලිප් ශාන්තගෙ ලිපියට හේතුවුණ අප්පුහාමි යූඇන්පී තමයි. අප්පුහාමිල දෙන්නෙක් ඉන්නව. ...
නපුංසක බලු ගෑණු වැඩ කරන්න එපා ඕයි උඩුවාගේ සටහන් බ්ලොග් අඩවියේ හිට්ස් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවූවා. ටික දවසක් තිස්සේ බ්ලොග් ලියන්න වගේම කියවන්නත් මට බැරිවුණා. විජය නන්දසිරි ගැන ලියපු සටහනට ගල් සහ මල් ආවාට පස්සේ. මායා ගැන පෝස්ට් එක දාන්න දවසකට දෙකකට කලින් තමයි බ්ලොගක් කියවන්න කියලා බ්ලොග් අවකාශයට ආවේ. ඒත් එතැන ජරා වලක් බවට පත්ව තිබුණ හින්දා පෝස්ට් එකක් දාන්න අපුලක් ඇතිවුණා. ඒ නිසා නිකම් ඉඳපු මම ෆෝන් එකෙන් ...
යුරේනිගෙන් වැඩක් ගමු!!! උඩුවාගේ සටහන් යුරේනි ගැන ලියන්න හිතාගෙන හිටියා කාලයක් තිස්සේ... ඒත් එයා ගැන තිබුණු උණුසුම පහවෙනකන් ඉන්න හිතුවා... විද්‍යා මරා දැමීමත් එක්ක ඇතිවෙච්ච උණුසුම් වටපිටාව ඇතුලේ යුරේනි නොෂිකා ගුණසේකර මට මුණගැහුණේ ඇගේ ගෙදරදී. මා බලාපොරොත්තු වුණේ ඇය සමඟ විනාඩි දහයක පහළොවක කෙටි ඉන්ටවීව් එකක් කරන්න. එහෙත් යුරේනි සමඟ එදා කළ සංවාදය පැය තුනක් පමණ දිගු කාලයක් තිස්සේ ඇදුණා.ඇයට සමාජයේ ස්ත්‍රියට හිමි වෙලා තියෙන ...
මම සමකාමියෙක්? උඩුවාගේ සටහන් (මාස කිහිපයකට කලින් ලියූ සටහනකි) ලෝකය දියුණු වෙමින් පවතී. තාක්ෂනය සමඟම ලෝකය පිළිබඳ දැනුමද ඒ තුලින් සංස්කෘතියද වෙනස් වෙමින් පවතින්නේය. සමකාමී වීම කියන්නේ ලෙඩක් නොවන බවත් එය ජීව විද්‍යාත්මක තත්වයක් බවත් දැන් ඔප්පු වී ඇත. සතුන් අතරද සමකාමී ලිංගික හැසිරීම් තිබෙන බව ඔප්පු වී තිබේ. ( සංස්කෘතිය කියන්නේ එකම විදියට තියෙන්න ඕන දෙයක් නෙවෙයි වෙනස් වෙන්න ඕන. ඉස්සර වගේ ...
රාවය මහේස්ත්‍රාත් ජිනීවා දෙමළ ජනතාව යුක්තිය හා අලිහොරු ඇතුළු තවත් දෑ උඩුවාගේ සටහන් අද රාවය පිටවුණේ තීරණාත්මක හෙඩිමක් එක්ක. සුළු සාකච්ඡාවකට පස්සෙ දෙගිඩියාවක් නැතිවම කර්තෘ මණ්ඩලය හෙඩිම තීරණය කළේ අධිකරණයේ අසූචි තැවරූ විනිසුරු ආරක්ෂා කරන්න තවත් විනිසුරුවරයෙකු පෙනී සිටීම ගැන තීරණාත්මක විරෝධයක් පළ කළ යුතු නිසා.කතාව ඒ ගැන නෙවෙයි. පහුගිය සතියේ මාධ්‍ය වාර්තා කර තිබුණා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ලංකාව එකඟ වුණ පොරොන්දුව කඩලා දේශීය විනිසුරුවරයන් විතරක් යොදාගෙන යුධ අපරාද පිළිබඳ පරීක්ෂණය ...
නෙළුම් යායේ නෙළුම් මල එක්ක උඩුවාගේ සටහන් මීට ටික දිනකට කලින් මගේ පඩිය කීයද සටහන ලියද්දී ඒ සටහන ඇතුලේ මම ලීවා මට පෙම්වතියක් නැති බව. ඒ සටහන කියවපු ඔෆිස් එකේ අය මට විහිළු කළේ පෝස්ට් එකේ සැබෑ යටි අරමුණ ඒ කතාව කියන එක කියලා. කොහොමහරි නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට මම ආවේ නෙළුම් මලක් එක්ක. ඒ මගේ පඩිය කීයද සටහනින් පස්සේ හමුවුණු ඇයත් එක්ක! ඇය එක්ක මුලින්ම ...
සොරි මචං.... උඩුවාගේ සටහන් වැරදි අපි වෙන්න ඇතිහැමෝම කියන්නෙ එහෙමයිගල් ගහන්නෙ අපට..පවුකාරයෝ අපි වෙන්න ඇති කරදරයක් වුණානං සොරි මචං...බල්ලො වගෙ තමයි බං.අපි බල්ලො තමයි බංසමාවෙයංහදිසි ගමනක් යන මිනිස්සුවැඩ ඇරී යන මිනිස්සුරෝහලට යන මිනිස්සුඅවහිර කළා අපි මචංවැරදි වෙන්නැති මචං ඒත්,බයික් එකේ ආ ගමනඋඹේ වැඩකට වෙන්න ඇතිමේ තරහඒකට පරක්කුව හින්ද වෙන්නැති.. මචං ගමනක් යමුද?උඹේ වැඩකට නෙවෙයි අපේ වැඩකට?උඹෙත් අපෙත් අපි හැමෝගෙම වැඩකට?ලෝකය වෙනස් කරන්න..?උඔ අපට හරි ...
පුරුදු වෙනස් කරන්නේ කොහොමද? උඩුවාගේ සටහන් මේ සිද්ධිය මං මගේ ස්ටයිල් එකට ලියන්න හිතානෙ හිටියා.. ඒත් උපුල් අයිය ලියල.. ඉතින් ඒක උස්සලා පළකරන්න හිතුවා..මේ සිද්ධියේදී මං සද්ද නැතිව හිටයා.. මං හිතුවේ මොනවත් නොකර ඉන්න.. ඒත් උපුල් සහ වරා ඒ වෙනුවට යම් මැදිහත්වීමක් කළ යුතුයැයි සිතුවා... උපුල්වරදාස් ත්‍යාගරාජා//යාපනයේ සිට රාත්‍රී තැපැල් දුම්රියෙන් අප කොළඹ බලා එමින් සිටියෙමු. අපට යාබද අසුනේ සිටි තරුණයින් දෙදෙනෙකු ලහි ලහියේ රට කජු ...
සනුකගේ චාඕ මල්ලී උඩුවාගේ සටහන් සනුකගෙ අලුත්ම සිංදුව තමයි චාඕ මල්ලි කියන්නෙ. දැනටමත් බොහෝ අය සිංදුව අහලා ඇති. ඉතාලි පිස්සුව ගැනයි සිංදුව තියෙන්නෙ. මේක ලංකාවෙ පළවැනි ඉතාලි සිංදුව නොවන බව දන්නවානෙ. සල්ලි පොකුරු මිල්ලෙ අහුරු සහ පිටරට විස්තර මෙව්වා වගෙ සිංදු මීට කලින් යුරෝප පිස්සුව ගැන හැදිලා තියෙනවා. දැන් ඉතාලියට වඩා කොරියන්, ජපන් පිස්සුව වැඩිවෙලා තියෙන බව ඇත්ත. ඒත් තාමත් ඉතාලි පිස්සුව හැදුණ කොල්ලො කෙල්ලෝ ...
බස්සි අක්කට මක් වෙලාද?? උඩුවාගේ සටහන් බස්සි අතුරුදන් වෙලා... ඇත්තමයි..මම අද දවල් මොකක්හරි එකක් ටැග් කරන්න බුකියෙ බස්සිගෙ නම සර්ච් කොලා.... ම්හු!! බස්සි එන්නෑ...මම ඒ වෙලාවෙ ගණන් ගත්තෙ නෑ... මගේ නොසන්ඩාල වැඩ නිසා මාව බ්ලොක් කරන එවුං එමටයි... පස්සෙන් පහු හවස් වෙලා තවත් මක්ක හරි වැඩකට බස්සිගෙ නම සර්ච් කොළා... තවත් මක්කහරි ලබ්බක් ටැග් කරන්ට වෙන්නෝනෙ...ඒත් බස්සි නෑ.. පාරෙදි දැක්කොත් අඳුනගන්ට..එයිට පස්සෙ හරියන්නෑ මම ෆේස්බුක් එකේ ...
සංගා ක්‍රීඩකයෙක් මහේල නායකයෙක්.... උඩුවාගේ සටහන් කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම පහුගිය කාලයේ කතාබහේ ප්‍රධාන මාතෘකාව විය. ආණ්ඩුවේ ඇමති ධූර පොරයටත් වඩා මාධ්‍ය වල අවධානය දිනාගන්නට මේ අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයා සමත් විය. ඉතින් ජාතික ආණ්ඩු බයිලාවන් ගැන කතා කිරීම කාලයට බාර දී ලැබුණු විවේකයේදී මේ සංගා සිද්ධිය ගැන යමක් ලියන්නට සිත්විය.මම ක්‍රීඩාවට ප්‍රිය කරමි. ක්‍රිකට්, පාපන්දු සිට රෙස්ලින් දක්වා ක්‍රීඩාශීලීත්වය රසවිඳින්නට කැමැත්තෙමි. හැබැයි මතකතබාගත යුත්තකි. ක්‍රීඩා ...
දෙමළ සිංහල සංහිඳියාවයි මාධ්‍යයි......... උඩුවාගේ සටහන් ඔය සිදුවීම වෙන වෙලාවෙ මම හිටියෙ කන්කසන්තුරේ. එහේ හමුදා නිලධාරීන් අවතැන්වූ දෙමල ජනතාවට නිවාස ඉදිකරනවා. අපි එක්ක කතා කරපු හමුදා නිලධාරියෙක් කී කතාවක් වටිනවා... "අවුරුදු විස්සකට කලින් ඉහල අණින් අපි මේ ගෙවල් කුඩුපට්ටම් කළා... දැන් අපිම ඒ ගෙවල් ආයෙ හදනවා." ඔවුන්ගෙ ඒ කතාව එක්ක මට හිතුණේ ආයෙමත් හමුදාවට මේ තැන්වල ගෙවල් කුඩු කරලා තව අවුරුදු විස්සකින් ආයෙමත් ගෙවල් හදන්න වේවිද ...
එල්ලන්ඩ නියමිත උං උඩුවාගේ සටහන් මං පොලේ ගැහුවෙ මගෙ පොඩි එකාවැරදියිද? හා......මගෙ ගෑණි මුහුදට දානකොටඇයි තොපිට රිදෙන්නෙ?කූඩුවේ හිර කෙරුවෙමගේ මහ එකාබොලව් තොපි මොකදකලබල වෙන්නේ?මගේ කෙල්ලට යකෝබිම දාං මං ගැහුවෙතමන්ගේ උන්ටආදරය නොකළ අපටආදරය කරන්නටඉඩ නොදුන්නේ කවුද?තමන්ගේ උන්ට විතරක් ආදරේ කරපු උංඑල්ලපල්ලා උන්ව.... ...
මෝටර් බයිසිකල්!! අජියා!! ශමීර!! උඩුවාගේ සටහන් මෝටර් බයිසිකල් චිත්රපටියෙන්අනුමාන කරපු විදියට කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම ශ්‍රී ලාංකික චිත්‍රපටිය විදියට ශමීරගේ මෝටර් බයිසිකල් සම්මානය ගත්ත. සාක් උළෙලේදීත් ශමීරට සම්මානය ගන්න පුලුවන් වුණා. සුභ පතල ඉන්න ඕන...... සුභපැතුම් ශමීර!!!ශමීර රංගන නාඔටුන්නමෝටර් බයිසිකල් කියන්නේ කාෂ්ඨක කොළඹ වත්තක ඉපදුණු ගායකයෙක් වෙන්න හීන දකින දුප්පත් කොල්ලෙක්ගේ කතාවක්...!!! ඒක කලාව එක්ක එකතු වෙන්න හීන දකින අවාසනාවන්තයෙකුගේ කතාවක්.... ලස්සන මධ්‍යම පාන්තික යැයි ...
ලංකාවටම ජාතික ගීයක්... සැබෑ නිදහසක් උඩුවාගේ සටහන් මේ සියල්ලන්ටම සතුටු විය හැකි අවස්ථාවකි. ඓතිහාසික අවස්ථාවකි. ජාතික ගීය භාෂා දෙකෙන් ගැයූ පළියට සංහිඳියාව බිහි වන්නේ නැත. එහෙත් මෙය ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් පණිවුඩයකි.ජාතික ගීය දෙමළෙන් ගැයීම අලූතෙන් ගෙන ආ නීතියක් හෝ අලූත් යෝජනාවක් නොවේ. එය යුද්ධය හේතුවෙන් අභියෝගයට ලක්වුණු නමුත් ලංකාවට ජාතික ගීයක් ලැබුණු කාලයේ පටන්ම තිබුණු එමෙන්ම වත්මනෙහි ක්‍්‍රියාත්මක වන දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන් නීත්‍යනුකූලව පිළිගත් ...
රෙද්දෙ නිදහස නිසා පුතේ දැං මං Jobless උඩුවාගේ සටහන් නාඬ ඉඳපං පුතේසතපහක් නෑ අතේගොඩක් අයගේ මතේමගෙ වැරැද්දලු පුතේබඩගින්න උහුලන්නපුත ටිකක් ඉවසන්නමුළු රටම දැක තියෙනමගෙ මූණටඅලුත් රස්සා නැහැලු පුතේමගෙ වැරැද්දලු පුතේදුවන් යන නෝනලාබැන්නෙ මට පෙන්නලාපෙම්වතුන් ලංවෙලාඑලවන්නයැයි කියානිදහසට හොඳ නෑලුලංවෙන්න ඉඩ නෑලුගෞරවය කෙළෙසේලු ළමයි අරගෙන ආපුටීචලා පවසාපුඔවුන් මට උගන්නපුනිදහසයි මං රැක්කෙ මීට පෙර මං නොදත්අලුත් නිදහසක් ගැනඅලුත් අදහස් නිසාගෙදර යන්නට වුනාරෙද්දෙ නිදහස නිසාපුතේ දැං මං Joblessමට උගන්නා නැතිකවදාවත් අහල නැතිනිදහස ගැන ...
සුවිශේෂීම වැඩකට ඔබේ සහාය දෙන්න! උඩුවාගේ සටහන් ඒ වැඩේ මම කරලා දෙන්නම්. ඔයා වැඩේ ගැන කල්පනා කරන්න අයියෙ. යැයි කේසව් අයියාට පැවසුවෙමි. ඒ මගේ මාසික වැටුපෙන් තුනෙන් දෙකක් පමණ බැර කළද තව රුපියල් අනූදහසක් සොයාගත යුතු නමුත් මෙය කෙසේ හෝ කළ යුතුයැයි විශ්වාස කළ නිසා ය. ඇතැම් විට මට ඒ මුදල සොයාගත නොහැකි නමුත් අපට එය කළ හැකිවනු ඇත. මා වගකීම කරට ගත්තේ මා විසින් කරනු ලබන ...
ජිනීවා ඔක්කොම බොරු.... උඩුවාගේ සටහන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් යුධ අපරාධ පිළිබඳව විමර්ශණය කළ යුතු බව කීවේ අන්තර්ජාතික ප්‍රජාව එසේ කළ යුතු බවට එල්ල කළ බලපෑමත් එක්ක.විශේෂයෙන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාවිල්ආරු සිදුවීමෙන් පසුව වියරුවෙන් මෙන් උතුරේ කැලිකරුවන් මර්ධනය කිරීමේදී මානව වර්ගයාට එරෙහි අපරාධ සිද්ධ වෙලා තියෙන බවට පැහැදිළි සාක්ෂි තියෙන නිසා. යුද්ධයේදී මානව හිමිකම් කඩනොවුණු බවට කෙරෙන තර්ක හුදු විශ්වාසයන් පමණයි. මැදිහත්ව තර්ක කරන ඕනෑම ...