උපාධි හීනයක් උඩුවාගේ සටහන් මගේ අම්මා ගුරුවරියක්. පළමු පන්තියේ (එක වසරෙ නෙවෙයි ග්‍රේඩ් වන්) ගුරුවරියක්. පළමු පන්තියේ ගුරුවරියක් කියන්නේ ඉහළ තත්වයේ රැකියාවක්. මම වැටුපක් ගන්නා නිසා ඇගේ වැටුප වෙන්වෙලා තියෙන්නේ ගෙදර පවත්වාගෙන යන්න සහ නංගිගේ අධ්‍යාපනයට. නංගි උසස්පෙළ කළා. මැත්ස් කලේ.ඇයට ලොකු හීනයක් තිබුණා ඉංජිනේරුවරියක් වෙන්න. ඇගේ හීනයට ඇයව යවන්න අම්මා ලොකු වියදමක් දැරුවා. මාසයකට පංතිවලටම ලොකු වියදමක්. ඉංජිනේරු පීඨයට ලොකු තරඟයක් තිබුණා. ඒ ...
ජන සටනට ආ ජරාම පුද්ගලයා උඩුවාගේ සටහන් අපි අද හඬ නඟපු නිසා නාමල් රාජපක්ෂ බේරිලා ඇවිල්ලා තියෙනවා. නැත්තන් නාමල් මල්ලි ඔයත් හිරේ අද.උඩුවේ හාමුදුරුවොන්ගෙ පන්සලේ අලි පැටියෙක් දාල ගිහිල්ලා කියලා අත්අඩංගුවට අරගෙන. අලි පැටියාව සන්තකයේ තියාගත්තා කියලා. අලි පැටියා පන්සලේ ඉන්නකොට කන්න දීලා විතරයි තියෙන්නේ. මෙහෙම ගියොත් පන්සලේ ඉන්න බලු පැටියයි පූස් පැටියයි ඔක්කොම හාමුදුරුවොන්ගෙ සන්තකයට පත්වෙනවා.ශිරන්ති (නාමල් මල්ලි නිසා ශිරන්ති ඇන්ටි වෙන්න ඇති) හට කතා කරලා ...
බදුල්ලේ සමන්ත පරාදයි බං උඩුවාගේ සටහන් ඡන්දය ඉවර වෙලා ටික දවසක් ගමටම වෙලා හිටියා. මිනිස්සු එක්ක කතාබහ කරමින්, ප්‍රථිඵලේ ගැන එකේක විග්රහ අසමින් හිටිය. මම බණ්ඩාරවෙල. බදුල්ල දිස්ත්‍රික්කේ.... අපේ පැත්තෙ නම් ඉතින් කතාබහ සමන්ත වද්යාරත්න පාර්ලිමේන්තු නොගිය එක ගැන තමයි.යූඇන්පී ශ්‍රී ලංකා හැමෝම සමන්ත පරාද වීම ගැන දුක් වෙනවා. සමන්ත පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කෙනෙක් කියලා... මට ඉතින් ඕව අහද්දී මතක් වෙනවා හොඳට. සමන්ත ඇතුලේ ඉන්න ඕන ...
විජේ සේදුපතිත් බැලිය යුතු තරමනී උඩුවාගේ සටහන් පෙම්වතිය කෝටි තුනක ණයක් ගෙන ඇමරිකාවට පලා ගොස් තමන්ව රවටා වෙන පෙම්වතෙක්ව සොයාගත් පසුව විරහවෙන් සහ පෙම්වතිය වෙනුවෙන් කළ අපරාධයක තැවීමෙන් අනාගතය අඳුරු කරගත් තරුණයෙක් මහා වැස්සකට හසුවෙයි. ඔහුලේ නම ප්‍රභූය. පාළු මාවතක සෙවණකට වී සිගරැට්ටුවක් උරමින් කොණ්ඩය හා රැවුල ‘බමුණෙක් මෙන්‘ වවාගත් ඔහු සිටියි. තම සැමියාගේ සමකාමියෙකු බව හඳුනාගැනීමෙන් පසුව ඔහු පිළිබඳව තේරුම්ගෙන ගැටුමකින් තොරව අවබෝධයෙන් සැමියාගෙන් වෙන්වුණු, ...
පොලිස්ටා ෆයිනල් එකෙන් පසු උඩුවාගේ සටහන් පොලිස්පතිවරයා පත් කිරීම සුපර්ස්ටා තරඟයක් වුණා. අවසන් වටයට තුන්දෙනෙක් ඇවිත් ඒස් එම් එස් වටයක් වගේ ගිහින් පොලිස්ටා තේරුනා. අවසන් තුන්දෙනාගෙ වටේදි එකිනෙකාට මඩ ගහන සීන් පවා තිබුනා. ලස්සන ෆොටෝස් දානව.. එක කම්පටිෂන් එකයි!!!පොලිස්ටා පත්වෙන්න බාහිර සාධක බලපෑවා.. පත් කරපු කමිටුවේ හිටපු කෙනෙක් මා එක්ක කීවේ ජනාධිපතිට වික්රමසිංහව පත් කරන්න ඕන වුණා. අගමැතිට පූජිත්ව පත් කරන්න ඕන වුණා. අවසානයේ එළියෙ වික්‍රමසිංහට ...
ධම්මික රණතුංගට තදවුණේ ඇයි? උඩුවාගේ සටහන් රණතුංග පවුල කියන්නෙ පුදුමාකාර පවුලක්. වෙලාවකට මේ පවුල හරිම සමඟයි. ඒත් දේශපාලන වේදිකාවේදී මේ පවුල ඉන්නේ විවිධ තැන්වල. රුවන් රණතුංග මල්ලීව ප්‍රසන්න රණතුංග අයියාව ඉවත් කළ සංවිධායක තනතුරු වලට කළේ පහුගිය සතියේදී. ප්‍රසන්න රණතුංග ඒකාබද්ධ විපක්ෂයේ කසකාරයෙක් වුණත් නොවැළැක්විය හැකි හේතුවක් යැයි කියමින් ඒකාබද්ධ විපක්ෂයේ රැළියට සහභාගී නොවී විදේශගත වුණා. මේ රණතුංග පවුලේ බර හා ඒක තේරුම්ගන්න පුළුවන් ඉන්දික තොටවත්ත ...
මායා බලල රංජන්ට විසිල් ගහන්න යං උඩුවාගේ සටහන් මායා ඇමතියාගෙ ගෝලයන්ට නෙලද්දි හෝල් එකේ පිටිපස්සෙන් විසිල් සද්දයක් ඇහෙන්න ගත්ත. ලංකාවෙ හෝල් වල සෑහෙන්න ෆිල්ම් බලපු මට ඒ වගේ ඔරිජිනල් විසිල් ඇහුණෙ පළවෙනි වතාවට. ඒ විසිල් රන්ජන්ගෙ රඟපෑමට වෙන්න ඕන.භාගයක්ම පිරුණ මහරගම අනූෂා හෝල් එකේ මං හිටියෙ... මායා ගැන කියන්න කලින්, ෆිල්ම් එක ගැන ලියන්න කලින් බලපු තැන ගැන ලියන්න හිතෙනව... අනූෂා කියන්නෙ ලෙජන්ඩරි හෝල් එකක්.. ලොකුම ලොකු හෝල් ...
රනිල්, සංඛ, මාධ්‍ය සංගම්, මාධ්ය් නිදහස හා විවේචන උඩුවාගේ සටහන් මීට පෙර මාත් සංඛ අමරජිත් සහෝදරයාත් මාධ්‍යෙව්දීන් විදියට සහභාගී වුණ දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනකට කුමාර චාපා බණ්ඩාර හා නිර්මාල් රංජිත් දේවසිරි කියන දෙදෙනා අදහස් දක්වන්නන් ලෙසින් එකතු වී හිටියා. එතැනදී සංඛ ඇසූ ප්‍රශ්ණ සුපුරුදු විදියට ජාතිවාදී ස්වරූපයක් ගත්තා. ඒ වගේම චාපාගේ අදහස් දැක්වීම් ජාතිවාදී ස්වරූපයේ වුණා.පහුගිය දවසක දෙරණ අරුණ වැඩසටහනට සංඛ සහභාගී නොවීමත් කිෂාණි ජයසිංහගේ ගායනය සම්බන්ධයෙන් ඔහු කළ අපහාසයට ...
ගෝනි එලුවයි මිනිස්සු කන කිඹුලයි බලන්න සෙට් වෙමු උඩුවාගේ සටහන් "ගෝනි එළුවා" වෙබ්සයිට් එක දැකල තියෙනවද?වෙබ්සයිට් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බොත්, ගෝනි එළුවා කියන්නෙ හෙණ පරණ කන්සෙප්ට් එකක්.... ඔය අවුරුදු කාලෙට, වෙසක් කාලෙට හෙම කරන, ටිකක් පරණ කාලෙ ඇන්දිල්ලක්...... පරණ කියන්නෙ අපිටත් වඩා පරණ.... අපෙ අම්මලගෙ කාලෙ ඇන්දිල්ලක්..... සීන් එක මේමයි වෙන්නෙ...."ගෝනි එළුවා බලාගන්න සත 10යි" කියල ලොකුවට බෝඩ් එකක් එල්ලල තියෙනවා..... කට්ට කළුපාට කාක් රෙද්දකින් වහපු කාමරේකුත් තියෙනවා.... මිනිස්සු පෝළිමකුත් ...
මෛත්‍රී ෂුවර්ද? රනිල් ගොඩද? වැඩ්ඩා කවුද? උඩුවාගේ සටහන් නිවී හැනහිල්ලේ මෛත්‍රීගේ කතාව බැලුවේ දැන් ය. මෛත්‍රීගේ කතාවෙන් පසු හිතෙන දේවල් ටිකක් ලියන්නට සිතුණි. මෛත්‍රී කළ කතාවෙහි ගතයුතු දේවල් තිබුණි. ඔහු වැදගත් කතාවක් කර තිබුණි. ඔහුට පහර දෙන්නටත් අගය කරන්නටත් කට්ටිය ඉන්නා නිසා කතාවේ තැන් කිහිපයක් ගැන සිතට ආ වෙනස් අදහසක් ලියන්නට සිතුණි. මම දුන්නු නිදහස වල් බූරු නිදහසක් කරගන්න එපා යැයි මෛත්‍රී කතාව අවසාන හරියේ කීවේය. සටහන් ...
මුස්ලිම් බෞද්ධ ගෝත්රිකවාදේ!!! උඩුවාගේ සටහන් ම්.. අශිෂ්ඨත්වයට විරුද්ධයි!! ගෝත්රිකත්වයට විරුද්ධයි!!සිංහල බෞද්ධ ගෝත්රිකත්වයට විරුද්ධයි.... ඒ නිසා නැදුන් විහාරයේ නින්දගමක් යැයි කියාගනිමින් දුම්බර ගම්වාසීන්ව අඩවහලුන් කරල තියාගන්න එකට විරුද්ධයි... ඒ මිනිස්සුන්ට පන්සලේ පැවිද්දාගේ උපදෙස් මත කටුකම්බි එතූ කුරුඳු පොලුවලින් පහර දෙන එකට විරුද්ධයි!!මුස්ලිම් ගෝත්රිකත්වයටත් විරුද්ධයි!! ගල්ගහලා මරන එකට විරුද්ධයි!! ඉතින් මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙමු කිව්වම දැන්ද තේරෙන්නේ? ඒක තමයි අපි කලින් කිව්වේ කියන සිංහල බෞද්ධ එවුන්ට කියන්නේ ...
නොන්ඩි ඔටුවෙක් උඩුවාගේ සටහන් වාල්කේ ඔරු වොට්ටගොම් නොන්ඩි වොට්ටගොම් (ජීවිතේ එක ඔටුවෙක්, නොන්ඩි ඔටුවෙක්)වේලේ තර චක්කරෝ - රෙන්ඩ චක්කරෝ ( රස්සාවක් දෙන ලියුම් (චක්‍රලේඛන) - ලියුම් දෙක )මේ හරි තේරුමක් නැති සිංදුවෙන්ම කතාව පටන්ගන්න පුළුවන්. අනිව මේ සිංදුව බලන්න. පොඩි රහක් තියෙයි. කතාව පටන්ගන්න වෙන්නේ රාජ්කුමාර් හිරුණි නිෂ්පාදනය කරපු ඉරුදි සුත්තු චිත්‍රපටියෙන්. රිතිකා කොඩිතුවක්කු නෙවෙයි රිතිකා සිං මුණගැහෙන්න පුලුවන් එතැනින්. ක්‍රීඩාව ගැන බොලිවුඩ් සිනමාව ...
ෂැඩෝ බොක්සින් ගහපු මහින්ද ෂැඩෝ අගමැති වීම උඩුවාගේ සටහන් අවුරුදු දෙකකට කලින් මහින්ද කිව්වේ තමන්ට විරුද්ධව ඉදිරිපත් වෙන්න කවුරුවත් නැහැ කියලා. පොදු අපේක්ෂකයා කෝ කියලා අහපු එයා ලොකු ආතල් එකකින් යුතුව කීවේ එයාට ෂැඩෝ බොක්ෂින් ගහන්න සිද්ධ වෙන බවයි. එදා බලවත්ම ඇමතිධූර කිහිපයක් තමා සතුව තියාගෙන ජනාධිපතිධූරයත් එක්ක තේජසින් යුතුව ෂැඩෝ බොක්ෂින් ගහපු මහින්ද ෂැඩෝ කැබිනෙට් එකක අගමැති වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඉන්නවා. එදා සුමනදාසගෙ නැකතට මහින්ද දේශප්‍රියගේ පස්සපැත්තෙන් ...
ගංවතුරට අහුවුණ ඕකිට අඬන්න දීපන් Let her cry උඩුවාගේ සටහන් දවස් විස්සකට පස්සෙයි පෝස්ට් එකක් වැටෙන්නේ.... ගංවතුර එක්කත් ටිකක් බිසි වුණා. මේ පෝස්ට් එක ගංවතුර ගැන නෙවෙයි ගංවතුරට අහුවුණ ෆිල්ම් එක ගැන.ෆිල්ම් එක බලල අවසාන වෙද්දි වැඩියෙන්ම රැඳුනෙ පන්සලේ දර්ශනය.., අක්ෂරයෙ හඳගම කෞතුකාගාරයක් ඇතුලට ලිංගික දර්ශනයක් ගේනව. ලෙට් හර් ක්‍රයි එකේදි එයා පන්සලක් ඇතුලෙ පිරිමියෙක් වෙනුවෙන් ගෑනු දෙන්නෙක්ට ගහගන්න සලස්සනව..වේසි මගෙ මිනිහ තොගෙ මිනිහ ගෑනියේඔක්කොම ටික පන්සල ඇතුලෙ වරනැඟෙද්දි හාමුදුරුවො ...
කළු කෙට්ටු කැත ධනුෂ් උඩුවාගේ සටහන් තවදුරටත් ධනුෂ් කැත නැහැධනුෂ් කියන්නේ දෙමළ සිනමාව ඇතුලේ ගත්තම කුලීනයෙක්. එයාට සිනමා තිරයේ පෙනී හිටින්න ලොකු කට්ටක් කන්න ඕන වුනේ නෑ.. තාත්තා චිත්‍රපටි අධ්යක්ෂවරයෙක්.. සහෝදරයා අධ්යක්ෂවරයෙක්.. සිනමාවට ඇවිත් ටික කාලෙකින්ම බාලුමහේන්ද්ර එක්ක වැඩ කරන්න ලැබුණ... අන්තිමට බැන්දෙත් සුපර්ස්ටාර් රැජිනිගෙ දුවව... එයත් ෆිල්ම් හැදුව... දිගටම තමන්ගේ සමීපතමයන්ගේ ෆිල්ම් වල වැඩ කරන්න ලැබුණ. ඒ නිසා ධනුෂ් සිනමාවේ කුලීනයෙක්.... එහෙත් දමිළ සිනමාවේ දැවැන්තයෝ ...
ලයිට් හා බැඳුණු මගේ ළමා කාලය උඩුවාගේ සටහන් මේ ලියන්න යන්නේ ලයිට් යෑම ඇතුලේ තියෙන දේශපාලනය ගැන නෙවෙයි. යහපාලනයේ ලයිට් ගියාම ඒකේ සෞන්දර්ය දකිනවා, රාජපක්ෂ කාලයේ ලයිට් ගියානම් මැරෙන්න යනවා වගේ කතාවක් කියන්න කෙනෙක්ට පුළුවන්..... ඕවට කොහෙද උත්තර???ලයිට් යෑම එක්ක මට අත්විඳින්න ලැබෙන දෙයක් තමයි මම කළුවරට කොච්චර හුරුද කියන එක. ඊයේ ලයිට් යද්දී මම හිටියේ බණ්ඩාරවෙල ගෙදර ඉඳන් කොළඹ එන්න ලෑස්ති වෙමින්. මම තිබුණු තැන් වල මතකයෙන් ...
බදුල්ලට රාජපක්ෂලා එද්දී උඩුවාගේ සටහන් බදුල්ල කියන්නේ යූඇන්පී බඹරෙ කැරකෙන් වැල්ලක්. අපි අයිති වෙන හාලිඇල ආසනෙත් ඒ ජාතියෙ තමයි. හැබැයි හාලිඇලේ සුළුතර ජනවර්ග වල ඡන්ද (දෙමළ මුස්ලිම්) නිසා තමයි යූඇන්පී බඹරෙ කැරකෙන්නේ. අපේ ගම් පැත්තට එද්දී දෙමළ ජාතිකයන් හිටියත් සිංහල බහුතරය ඉන්න ගම්මාන. ඉතින් සිංහල ගැමි මතවාදයක් තමයි රන් කරන්නේ. ඒකට ගැමියන්ගේ සිංහල රට දැය ගැන තියෙන කැක්කුම හේතුවුණා කියල හිතන්න එපා. අවුරුදු දහයක් තිස්සෙ ...
හාමුදුරු ගොල්ලගෙ දේශපාලන ආතල්! උඩුවාගේ සටහන් ලංකාවේ හාමුදුරු ගොල්ල දේශපාලනේ එක්ක තදින් ගැටගැහිලා ඉන්නේ. කළු සල්ලි ඒ අයට බොහොම ළඟයි. ඒ බව පෙන්නන්න සිද්ධි ගොඩයි.මේ සිද්ධි දෙක පහුගිය සතියේ එකිනෙකට වෙනස් සිද්ධි දෙකක්....ආගම මහේශාඛ්‍ය විදියට කරන්න යන්නේ අපට නිර්වාණය හොයලා දෙන එකද?එයාලගේ සැප ගන්න එකද?සිරිධම්ම හිමිගේ අමුතු බණපිටිදූවේ සිරිධම්ම හිමිගේ අමුතු බණක් පහුගිය දිනවල අන්තර්ජාලයේ හුවමාරු වුණා. ‘ආණ්ඩුව ආවම අරලිගහ මන්දිරේ භූගත මාළිගා පෙන්නුවා, ඒසී කරපු ...
ජඩම පන්තිය .. උඩුවාගේ සටහන් ක්ලබ් මාෆියා ආට්ස්.. බෝඩ් ලෑල්ල මකන්න ගුරුවරුන්ට ඕන වුණෙත් නෑපාල කියන්නේ තිරසට. මිනිහට ප්ලූටෝ කියලත් කිව්වා. බුලත් විටක් කාගෙන පන්තියේ පිටිපස්සේ පේළියේ කපුගේගේ සින්දුවක් කියාගෙන ඉන්නේ පාල. පහුගිය දවසක බස් එකේදී එකපාරම පාල මුණගැහුණා... 'අඩෝ £^%&"W^%&' ආමන්ත්රනෙන්ම තේරුණා ඉස්කෝලේ සෙට් එකේ පොරක් කියලා. බලද්දී පාල. මිනිහ වගේ දෙකක් විතර සයිස් කෙල්ලෙක්ව තුරුල් කරගෙන ඉන්නවා. මේකා අපට හොරෙන් බැඳලාවත්ද?ප්‍රියා අපි ...
සයිටම් ආරවුලෙන් මට හිතෙන්නෙ මෙහෙම උඩුවාගේ සටහන් නිදහස් අධ්‍යාපනය කියන්නේ හැමෝටම අධ්‍යාපනයේ සමාන අවස්ථා ලැබිය යුතු වීම මිසක් අධ්‍යාපනය රජය හරහා දීම කියන එක නෙවෙයි. හැමෝම මේ දෙක පටලවගෙන තියෙන්නේ. ලංකාවේ විප්ලවකාරයො නිදහස් අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනයටයි ජනප්‍රිය පාසැල් සංකල්පයටයි විතරක් සීමා කර තිබීම ගැටලුවක්.ඒ අදහස් අස්සෙ සයිටම් එක ගැන මට තියෙනව පුංචි කතාවක්.මගේ බොහොම හිතවත් මට වඩා වැඩමල් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මගේ ළඟ ඥාතියෙක් වෙනවා. ඥාති ...