මිනිස්සු මැරෙනව.. උඩුවාගේ සටහන් ගිය සතියෙ සෙනසුරද හිටියෙ මඩකලපුවේ කාන්තන්කුඩි වෙරළේ.කාන්තන්කුඩි වෙරලේ! ෆර්හාන්, ශිහාන්, ජයසූරියන්, උඩූකාන්තන්කුඩි ප්‍රසිද්ධයි මාළු වලට. ඒ වගේම මෑත කාලේ කාන්තන්කුඩි ගැන ගෙතුව කතා බොහොමයි.. ඒ ගමනේදී උණුසුම් ආගන්තුක සත්කාර. සහෝදරත්වය. රසවත්ම කෑමබීම මුණගැහුණා.. නිසංසල මඩකලපුව තමයි දැන් බාහිරව ගත්තම මගේ ප්‍රියතම නගරය!!! (අභ්‍යන්තරව මේ නගරයෙත් තියෙන්නෙ වේදනාව)( සටහනේ ඡායාරූප තියෙන්නේ නගරය එක්ක ඇතිවුණු ඒ ප්‍රහර්ෂය එක්ක ගත්තුවා.. කියන්න යන කතාවට ...
අඩෝ රන්ජා මෙන්න ෆිල්ම් උඩුවාගේ සටහන් රන්ජා යන සුරතල්(?) නාමයෙන් හැඳින්වෙන රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය කලාකාරයෙකි(?). කලාකාරයෙක්ට ගැඹුරු සමාජ දැනුමක් සහ මනුෂ්‍යත්වය ගැන උණුසුම් හැඟීමක් තිබිය යුතු ය. සමාජය ගෝත්‍රිකත්වය දෙසට නොව නවීනත්වය දෙසට ගෙන යා යුතු ය. රන්ජා අපරාධ නවත්වන්නට අපරාධකරුවන් එල්ලා මැරිය යුතුයැයි කියන කාලාකාරයෙක් යැයි හඳුන්වාගන්නා අයෙකි. දුනේෂ් ප්‍රියශාන්ත ගැන රන්ජා කියූ දේවල් මෙතෙක් අඩුගානේ හිතහොඳ එකායැ‘යි ගෞරවයක් ලද රන්ජන් ගැන අපුලක් ඇති ...
පොෂ් සෙරෙප්පු එක්ක ඇමති මුණගැහෙන්න ගිය හැටි උඩුවාගේ සටහන් මම හිතුවේ අලුත් අවුරුද්දෙදී බ්ලොගේ ටිකක් වැඩිපුර දේශපාලනය ගැන ලියන්න ඕන කියලා. සිනමාව ගැන ලියන පෝස්ට් වලට තරම් ප්‍රතිචාර නොලැබුණත්.ඒත් අවුරුද්ද පටන්ගනිද්දිම දේශපාලනය ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියා නම් දරා සිටින අජිත් පැරකුම් කියනවා දේශපාලනය ලියලා හරියන්නෑලු. ඔහු ලියලා සපත්තු ගැන සටහනක්. ඒක ලියන්නේ දේශපාලනය ගැන කියැවිල්ලෙනුත් රහක් සපයන්න සමත්වුණ මාතලන් ලියපු සෙරෙප්පු පෝස්ට්එකක් අනුව යමින්. හොඳයි! දේශපාලනය ගැන ලිවිල්ල ...
මෛත්‍රී කතාවෙන් වැළපී වැනසෙමුද? (අපිළිවෙල අදහස් වැලක්) උඩුවාගේ සටහන් උසාවිය සොක්කන්ට, එපා ලොක්කන් දක්කන්ට මේ දයාසීලී මායාදුන්නේ නම් තැනැත්තෙක් මේ සතියේ රාවයේ එස්.එම්.එස්. තීරුවට එවූ කෙටි පණිවිඩයක්. මෛත්‍රීපාල සිරිසේනගේ කතාවේ සහ සම්පූර්ණ යහපාලන අවුල සාරාංශගත කරලා තියෙනවා මේ පණිවිඩයේ.මෛත්‍රී ගේ කතාව ගැන බොහෝ දෙනෙක් පුදුම වුණේ නැහැ. ඒ කියන්නේ ඊට පෙර ඉඳන්ම මෛත්‍රී මේ ලක්ෂණ පෙන්වමින් හිටියා.මෛත්‍රීට වැරැද්දක් කියන්නත් බැහැ. ඔහු දේශපාලඥයෙක්. ඉතින් අයියෝ දෙයියෝ කියලා මීඩියා වලට ප්‍රසිද්ධියේ ...
කාන්දන්ගේ කතාව උඩුවාගේ සටහන් තෝමස් කාන්දන් මහත්තයාව කිලිනොච්චියේදියි මට මුණගැහුණෙ. මේ ඔහු මා එක්ක කී කතාව.කාන්දන් මහත්තයා‘කොතැනින්ද පටන්ගන්නේ. ම්ම්.. මගේ ගම මම කිව්ව නේද? දෙහිවල. හැත්තෑහතේ කලබල නිසා තමයි මමයි පවුලයි දෙහිවල අතහැරලා මෙහේට ආවේ. දෙමළෙන් බයන්නක් නෑනේ. බාබු කියලා සිංහලෙන් කිව්වාට දෙමළෙන් කියන්න පුළුවන් පාපු තමයි. ඉතින් දෙමළුන්ව අල්ලගන්න පාවිච්චි කළේ ඕක. කොච්චර සිංහල කතාකරන දෙමළෙක් වුණත් බයන්න කියන්නෙ නෑ කියල තමයි සිංහලයො ...
මැරුණ මිනිහෙක්ටවත් ඉන්න දෙන්නැති පාහරයා!!!! උඩුවාගේ සටහන් මට හොඳ අභ්‍යාසයක් ලැබුණා. මම හිතුවා අමරදේව මාස්ටර් මියගියත් වචනයක්වත් ලියන්නේ නැහැ කියලා. ලියන්නේ නැහැ කියලා හිතපු මම හිතුවා පුංචි දෙයක් හරි ෂෙයා කරන්න ඕන කියලා. මට කියවා ඇති ලිපි ගොඩක් මතක් වුණත් වැඩියෙන්ම ෂෙයා කරන්න හිතුණේ සුලෝචන වික්‍රමසිංහට සුචරිත ගම්ලත් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් සහ චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රෝහණ වීරසිංහට ලියා තිබූ විවෘත ලිපියක්. මම මුලින්ම සර්ච් කරද්දී සුලෝචනගේ ඉන්ටවීව් ...
විජය පුවත්පත් සහ වික්‍රමසිංහ මාධ්‍ය තියරිය උඩුවාගේ සටහන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ආයෙමත් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කරමින් තමන්ගේ තර්ජනාංගුලිය ඔසවලා තිබුණා. ඔහු කීවේ මොකක්ද? ඩේලි මිරර් කර්තෘවරයා හැමදාම හිටියේ මහින්ද රාජපක්ෂගේ මේසයේ බවත් ජාතික සමඟිය නැතිවන වාර්තා පලකරපු බවත් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත ආර්ථිකය කඩාකප්පල් කරන විදියේ ලිපි පලකරපු බවත්. ඒ අයට පාඩමක් උගන්වන්න කටයුතු කරනවා කියලා අගමැති කියලා තියෙනවා. මේක ඉස්සර කියපු කතාවක් නැවත මතුවීමක්. ඇත්තටම ඔය කියන ...
පාඨලී 'බනිස් බෙදනවා! ස්මාට් ෆෝන් බෙදනවා!' උඩුවාගේ සටහන් ජාතික හෙළ උරුමයේ නායක ජාතික චින්තනයේ පෙරමුණු ගැසූ බයිසිකල් වලින් මැතිවරණ කැම්පේන් කළ පාඨලී චම්පික රණවක මහතාගේ උපන්දිනය (ආරංචි වුණ විදියට) ඊයේට යෙදී තිබුණි.මැතිවරණයකුත් ළඟ නිසාදෝ චම්පික මෙවර උපන්දිනය ජනමාධ්‍ය සමාජය සමඟ පවත්වන්නට තීරණය කොට තිබුණි. ඒ චොකලට් ගෑ බනිස් (ඩෝනට්මත් නෙවෙයි ඩෝනට් හැඩේ එකක්) මාධ්‍ය ආයතන වලට බෙදමිණි. හැබැයි චම්පිකයා එවූ බනිස් වල අමුතු එකකුත් තිබුණි. ඒ අයිසින් වලින් ...
හරි අපි සයිටම් වහමු! ජාතික ගැටලුව ගැන කතාකරමුද? උඩුවාගේ සටහන් දැන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්රමුඛව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළුව වාමාංශික අදහස් දරන විශාල පිරිසක් මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය වසාදැමීමේ දැවැන්ත අරගලයක යෙදෙන්නේ සයිටම් වසාදැමූ පසුව සමාජවාදය බිහිවෙන්නට නියමිත බව විශ්වාස කරන්නාක් මෙනි.සයිටම් විරෝධී අරගලයේ යෙදෙන තරුණයෝ හෙට සමාජවාදය උදාවේයැයි සිතති. සමහරුන් නම් අරගලයට එන්නේ ජ්‍යෙෂ්ඨ සිසුන් බලහත්කාරයෙන් රැගෙන එන නිසාය. උතුරට තම ප්‍රශ්ණවලට විසඳුම් සොයා යන්නට වෙන්නේ දෙවියන් ...
චුට්ටි සහ මේනකා උඩුවාගේ සටහන් වෙලාව රෑ එකොළහයි!! මරදානේ ඉඳන් මම කොටුව පැත්තට පයින් එනවා!! නීතිය විසඳන ශ්‍රේෂ්ඨාධිකරණය පැත්තේ ඉඳන් විනිසුරු අක්බාර් වීදිය දිගේ එනකොට ඇයව පේනවා!! ඇය බට්ටී විය හැකියි! චුට්ටි විය හැකියි! තරුණයි පුංචියි!! මම ඇයව දන්නවා... එකොළහේ ඉඳන් දොළහ වෙනකන් ස්ටේෂන් එක ඉස්සරහ ඉන්නේ එයා... මාර කටක් තියෙන්නේ!! ෆුල් එකකට ගාණ තුන්දහයි!! යට විතරක් නං එකහමාරයි!! එයා හරි ගණන්!!බුදු පිළිමෙ යට අනුන්ගේ ...
ෆිල්ම් දහයක් එක්ක සුභ අලුත් අවුරුද්දක්! උඩුවාගේ සටහන් ගෙවුණු අවුරුද්ද තීරණාත්මක අවුරුද්දක්. බ්‍රිතාන්‍යයන් බ්‍රෙක්සිට් තීරණය අරගෙන තෙරේසා මේ ගෙනාපු, ඇමරිකාව සල්ලිවලින් පිස්සු වැටුණු මිනිහෙක්ව ජනාධිපති තනතුරට යෝජනා කරපු අවුරුද්දක්. ලෝකේ බලවත්ම න්‍යෂ්ඨික අවිවල බට්න් එක එබීමේ බලය කිම් ජොං උන්ටත් වඩා ෂුවර් නැති පිස්සෙක් අතට යවන්න තීරණය වෙද්දී, සිරියාව ලේ විලක් වෙද්දී රුසියාව නැගීගෙන ආපු අවුරුද්දක්. වර්තමාන ලෝකෙ මේ විදියට හැදෙන්න එක් වගකිව යුතු පාර්ශ්වයක් වන යුරෝපෙ ප්‍රහාර ...
ලේ සහ ඩ්‍රීම් ස්ටාර් උඩුවාගේ සටහන් අතිදක්ශ ගායන ශිල්පීන් වුණත් මේ කලාකරුවන් නොවේ... ‘හදවත ගැඹුරේ ධීර චේතනා..මේ සිව් හෙළයේ දසත විසිරුවා..එක්වෙමූ.. සුරකිමූ.. ලක් මෑණියන් සෑමදා..‘2009 දී යුද්ධයේ දරුණු මොහොතක ඊනියා යුධ මුක්ත කලාපයක් නම්කොට දෙමළ මිනිසුන් සමූල ඝාතනය කරද්දී කලාකරුවන් කළ යුතුව තිබුණේ ජාතීන් වෙනුවට මනුෂ්‍යත්වය පෙරටු කරගත් නිර්මාණ කිරීමයි. එහෙත් සිංහල කලාකරුවන් දෙමළ ලේ ඉල්ලමින් ඊනියා දේශප්‍රේමයක් වෙනුවෙන් නිර්මාණ කළහ. එතැනින්ම ඔවුන් කලාකරුවන් යන්න අහෝසි ...
පූස් ෆෝබියාව සහ තාත්තා උඩුවාගේ සටහන් ‘යකෝ ඔය පුසාව එලවලා දාපන්’’ තාත්තා නිතරම අපට බැණ වදින්නේ එසේය. තාත්තාට පුසන් යනු නයාට අඳු කොළ මෙන්ය. අම්මා සහ මා අතර බැඳීමෙහි ගණුදෙනුවක් මිස ආදරයක් නොතිබුණු පසුබිමක තාත්තා යනු මට ලෝකයක් විය. අම්මා ලංකාවේ සිටියේත් නැත. මට පමණක් නොව අක්කාටත් තාත්තා රජෙක් විය. එකල අප සිටියේ නාගරික නිවාස තිබුනු මාවතක කෙළවරේ තිබුණු නිවසකය.එහෙත් ඔහුට තිබුණු දරුණුම රෝගය පූස් ෆෝබියාවයි. ...
කටවහගං සුසිල් ප්‍රේම්ජයන්ත් පරයා... උඩුවාගේ සටහන් (පරයා යනු පකයා යන්නට වඩා හොඳ සාහිත්‍යමය වචනයක්. පිට එකා යන්නට පරයා යෙදිය හැකියි.. මේක කුණුහරුපයක් කියලා කියනවනං කියන්න තියෙන්නේ හා..... කුණුහරුපයක් තමයි.. සුසිලට විතරක් නෙවෙයි අපටත් කුණුහරුප කියන්න පුළුවන් නේ.) මේ සටහන මාධ්‍යවේදීන් දෙකේ කොළයට දමමින් සුසිල් කියූ කතාවට පිළිතුරු ලෙස ලියැවුණකි. (එතැන සිටි මාධ්‍යෙව්දීන් කවුද, ඔවුන්ගේ අලය මොකක්ද කියලා හොයන්න ඕන නැහැ)මේ සටහනේදී සුසිල්ට කිසිදු ගරු යෙදුමක් ...
Angoda, Wimal, Anura and පිස්සෝ උඩුවාගේ සටහන් වීරවංශගෙ මෑත ඉතිහාසය තුළ විවිධාකාර අපහාස වචන රැසක් දකින්න පුලුවන්.හැබැයි එහෙම වුණ පළියට විමල් වීරවංශට කවුරුහරි කෙනෙක් කරන අපහාසයක් සාධාරණීකරණය වෙන්නෙ නැහැ.කොහොම වුණත් අපහාස කිරීම මාතෘකාවේදී මෙතෙක් කල් චූදිතයා වූ විමල් වින්දිතයා වෙනවා. අපි වින්දිත විමල් දෙස මධ්‍යස්ථව සහ සාධාරණව බලමු. අනුර කුමාර දිසානායක විමල් වීරංවශට චෝදනා කරන්නෙ මානසික රෝගියෙක් බව කියමින්. ඒ සිද්ධියේදී අනුරට කේන්ති ගිය එක සාධාරණයිද? විමල්ටත් ...
අස්වුණේ මහින්ද දුන්න ඇමතිකමකින්ද? උඩුවාගේ සටහන් මාරපන් ගිය එකා ඉල්ලා අස්වීමෙහි පසුපස කියැවෙන්නේ ඔහු වැරැද්ද පිළිගෙන ඇති බවය.මිනිහා ඉල්ලා අස්වෙනවා කියූ විගස මට අහවල් තැනින් පවා හිනා ගියේ ය.මට ප්‍රශ්ණෙ මාරපන්ට ඇමතිකම දුන්නේ කවුද කියන එක ය.මිනිහගේ හිස්ට්‍රිය අවුල් බව පරණ කතාවක් නොවේ.අපේ යහපාලන ගැන්සියේ අය රනිල් ලොක්කාව විවේචනය කරන්නේ නැත. දැන් මාරපං ඉල්ලා අස්වීමෙන් පසු එහි යහපාලන සිවිල් සෙට් එකේ ලකුණු දාගන්න ඩයල් එක රනිල් ...
අඩෝ රනිල, පොලිසිය එක්ක පිස්සු කෙළින්න එපා.... උඩුවාගේ සටහන් ප්රජාතන්ත්රවාදය හා යහපාලනය මාස හයකින් උදා වී ඇතැයි අගමැති රනිල් සහ ඇමතිවරුන් තැන් තැන් වල කියමින් යයි. පොලිසියත් ස්වාධීන වී ඇතැයි ජෝන් වැල් ජෝන්ලා කියමින් යයි. මෑත දිනයක හමුවූ කොළඹ පැත්තේ පොලිස් නිලධාරියෙක්ද කීවේ පෙර තිබුණාට වඩා දැන් නිදහසක් තිබෙන බවයි. මෙය සාපේක්ෂව අල්ලා ගත්තේ නැතිනම් තව ටික කළෙකින් යූඇන්පී ආණ්ඩුව ස්ථාවර වූ පසු අපට සිදු වන්නේ නැවතත් අර ...
පාසැලේ අභිමානය උඩුවාගේ සටහන් මේ ඩෑස් ස්මිත්ගේ ගිටාර් ගර්ල් ඡායාරූපයයි. බ්‍රිස්ටල් නගරයේ වීදියේ ගිටාර් වාදනය කරන්නියකි.සුජීව බටනලා වාදකයෙක්. චරිත්ගායකයෙක්. මේ දෙදෙනාවම මට හමුවුණේ බස් රියකදී. සුජීව හොඳම බටනලා වාදකයා නොවෙනවා මෙන්ම චරිත්හොඳම ගායකයාත් නෙවෙයි. එහෙත් එය ගැටලුවකුත් නෙවෙයි. මොකද ඔවුන් හිටියේ රියැලිටි තරඟයක හෝ සංගීත සංදර්ශනයක නොවන හින්දා. ඔවුන් හිටියේ රුපියල් දහයක් විස්සක් බලාපොරොත්තුවෙන් බස්රියක. ඔවුන් බස්රියට ගෙනාවේ එකිනෙකට වෙනස් කතා දෙකක් විසින්. ...
අලිද? මිනිස්සුද? Human? Elephants? උඩුවාගේ සටහන් සිංහරාජයේ වෙසෙන අලි දෙදෙනා ඉවත් කිරීම හෝ නොකිරීම බරපතල සංවාද මැවූ සාකච්ඡුාවක් බවට පත්විය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලිකවම මැදිහත් වෙමින් අලි දෙදෙනාව ඉවත් නොකරන ලෙස දැනුම් දී තිබුණි. එහෙත් වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම යන දෙදෙනාම ඉන්නේ අලි දෙදෙනාව ඉවත් කළ යුතුය යන මතයේය. එසේ නොකළොත් ඇමති ධූරයෙන් ඉවත්වන බව ෆොන්සේකා මහතා කියා තිබුණි. එහෙත් ඔහු ...
ප්‍රසිඩන්ට්!!! හරක් කන එක පිං... උඩුවාගේ සටහන් පහුගිය දිනවල මෛත්‍රීගේ සදාචාරවාදී කතා සහ සිද්ධි ගොඩක් මාධ්‍ය වලින් ප්‍රචාරය විය.කුප්‍රකට බ්‍රා මඩුවලිඟ කතාව, සිංදුවේ ජෝක් එක, පදවි ප්රාප්ති උළෙල, සහ රට හරක් කතාව ඊට උදාහරණ ලෙස දිය හැකිය. ක්ෂණික ප්‍රතිචාර නිසා හිට් වුණ මේ සිදුවීම් කිහිපයට අමතරව මෛත්‍රීගේ සදාචාරවාදී කතා බොහොමයක් කියැවුණේ ය.මෙය සාමාන්‍ය තත්වයක් හරි විහිළුවක් හරි විදියට දකින්නට පුලුවන් ය. එහෙත් මෙය ඊට වඩා ගැඹුරින් තේරුම් ...