රෝස පුතුන් උඩුවාගේ සටහන් ආදරය, බැඳීම සහ විවාහය යන වචන අපට ගෙනෙන්නේ කෙබඳු අර්ථයක්ද? අපි හැමෝටම එකිනෙකාට තියෙනවා අපේම අදහසක්. විවාහය ගැන. විවාහය සර්වකාලීන සංකල්පයක්. මුළු ලෝකයම එකවර විවාහයට එකඟ වුණා වගෙයි. ඇමෙරිකානු ¥පත් යුරෝපයෙන් වෙන්ව පැවතුණත් ඉතිහාසය පුරාම ඇමෙරිකාවේ විවාහය පැවතුණා. ආසියාව වෙනම තිබුණත් ආසියාවේද විවාහය පැවතුණා. ඕස්ට්‍රේලියානු, සැමෝආනු සංස්කෘථියේත් විවාහය පැවතුණා. ඒවාට අදාල සංස්කෘතියේ වෙනස්කම් මිස විවාහය යන සංකල්පයේ වෙනසක් කිසිවෙකු අතර ...
උතුරේ ජවිපෙ හඩ උඩුවාගේ සටහන් ජවිපෙට සම්බන්ධ මාද්‍ය සාකච්ඡාවකදි මම කිව්ව දේවල් ඇසුරින් මම කළින් පෝස්ට් එකක් ලිව්වෙ. ඒකෙ මම කිව්ව උතුරේ බරපතල යුධ අපරාද වෙලා තියෙන බව මම පෞද්ගලිකව අහල තියෙන කතා වලින් දන්නව කියල. කිලෝමීටර් දාස් ගණන් ගෙවාගෙන ජිනීව යන්න ඕන නෑ කිලෝමීටර් දෙසීයක් උතුරට ගියොත් ඕනතරම් මේ කතා අහන්න පුළුවන් කියල මම කිව්ව. හැබැයි මම ඒකෙන් කිව්වෙ ජාත්‍යන්තරේ මැදිහත් නොවී සිංහල අධිකරණයකින් ...
කොස්තාට ගහලා ලියන්නේ නැද්ද බං උඩුවාගේ සටහන් ඉදිරියට ලියනවායැයි කියා නොලියූ සටහන් දෙකක් තියෙනවා. ලියන්න හිතාගෙන කල්දාන සටහන් කිහිපයක් තියෙනවා.. ඒවා අස්සේ විමල් කුමාර්ද කොස්තා ලොවෙන් සමුගත්තා... ඉන්බොක්ස් කරලා මගෙන් ඇහුවා කොස්තාට බැණලා ලියන්නේ නැද්ද කියලා... මම කොස්තා ගැන ලියන්නේ මොනවද? අපි දෙවැනි සහස්‍රකයෙ දරුවො. අපේ කාලෙට විමල් කුමාර්ද කොස්තාව දකින්න ලැබුණේ අඩුවෙන්. පුංචි කාලේ අයිටීඑන් එකේද කොහේද දියමන්ති චිත්‍රපටිය බැලුවා මතකයි. ඒ කොස්තාව මුලින්ම දැක්ක වෙලාව ...
පොලීසියෙන් මිනීමැරීම උතුරට දැනෙන්නේ කොහොමද? උඩුවාගේ සටහන් මම හිටියේ මේ සියල්ලටම මා කොතරම් දුරට වගකියන්න ඕනද කියා හිතමින්. පොලීසිය විසින් මරාදැමූ සුලක්ෂන් යාපනය මාද්‍ය සමාජයේ හෝල් එකේ. මගේ දෙපැත්තේ තරාකී සිවරාම්ගේත් නිමලරාජන්ගේත් ලොකු ෆොටෝ එල්ලලා තියෙනවා.මේ දෙන්නාම ආයුධ වෙනුවට පෑනෙන් සටන්කළ අය. මාධ්‍ය වේදීන්. එහෙත් අපේ මාධ්‍ය වේදීන් මේ අය වෙනුවෙන් හරියට පෙනී ඉන්නේ නැහැ. සිවාරම් වගේම නිමලරාජනුත් දෙමළ නිසාම ලසන්ත වෙනුවෙන් පෙනී ඉන්නවා වගේ මේ අය ...
මීඩියා මර්ධනය කළාට අපට මොකෝ? උඩුවාගේ සටහන් මාධ්‍ය මර්ධනය සාමාන්‍ය කෙනෙක්ට වැදගත් මාතෘකාවක් නොවෙන්න පුළුවන්. මාධ්‍ය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. එහෙත් දේශපාලනය ගැන උනන්දු වෙන ඕනම කෙනෙක් මාධ්‍ය ගැන උනන්දු වෙන්න ඕන.මෙහෙම පැහැදිළි කරන්නම්. කැලණි ගඟේ ජලය විෂ වෙලා මිනිසුන්ට පිළිකාකාරක සහිත ජලය බොන්න සිදුවීම, ඉන්දියානු ට්‍රෝලර් ලංකාවට එන නිසා උතුරේ ධීවරයන් දුක් විඳීම, රතුපස්වල මිනිසුන් තවමත් විස වතුර බීම, උමා ඔය නිසා බණ්ඩාරවෙල සිද්ධ වෙන ...
ලොකුමාමා උඩුවාගේ සටහන් මරණයක් වෙලා අවසන් කටයුතු වලදී මියගිය කෙනාගේ ගුණකථන කරන හැම මොහොතේම මට මතක් වෙන්නේ අපේ ලොකු මාමා. ඔහුව පණපිටින් මට මතක දෙතුන් වතාවයි.අම්මා තාත්තා සමග විවාහ වුණත් හිටියේ මහගෙදර. අම්මාගේ අම්මා එක්ක. ඒත් මාව ලැබෙන්න අම්මා ගෙදර ඉන්නකොට ලොකු මාමා හෙවත් අම්මාගේ ලොකු මල්ලී අම්මාට තර්ජනය කරලා මහගෙදරින් එළවලා තිබුණා. ලොකු මාමා කැප්පෙටිපොල ඩිපෝවේ වැඩකළේ. නිතරම බොන කෙනෙක්. බිව්වාම කේන්ති ...
උපාලි-ජින්නා-වික්‍රමසිංහ වැනසූ මඩොල් දූව.... උඩුවාගේ සටහන් මඩොල්දූවට පහුගිය දිනෙක ගියෙමු.. කොළඹ සිරවී තිබෙන ඔලුගෙඩි ටිකක් සැහැල්ලු කරගන්නට ගාල්ල පැත්තේ ගියෙමු. මඩොල්දූවට අප ගියේ ඒ අනුවය. මේ සටහන මඩොල්දූවේ සුන්දරත්වය හෝ එහි වැදගත්කම වනන්නට නොවේ. මඩොල්දූව ගැන අමුතු විස්තර අවැසි නැත. වික්‍රමසිංහයන් මඩොල්දූව විස්තර කර ඇත. පුංචි දූපතක් වන මඩොල්දූව වික්‍රමසිංහයන් සාහිත්‍යයට නැඟුවේ සත්‍ය සිදුවීම් පාදක කරගෙන බවක් කියැවේ. ගින්නක් නැතිව දුමක් නොනඟින නිසා මඩොල් දූව ...
කසුන්ගෙ පොතයි තව පොත් දෙකකුයි! උඩුවාගේ සටහන් වැඩ ගොඩක් මැද්දෙ කසුන්ගෙ පොත කියවල ඉවරවුණේ ඊයේ හැන්දෑවෙ. රාවය සහ ඉරුදිනේ ඔහු ලිව්ව පුවත්පත් වාර්තාවලට එහා ගිහින් වෙහෙසවෙලා හොයාගත්ත කරුණු රැසක් වගේම ගවේෂණාත්මක වාර්තාකරණයක අනිවාර්ය අංගයක් වන චූදිතයාගේ පැත්තෙන් අදහස් විමසලා ඒක පල කිරීම වැලිකඩ පොත ලකුණු 10න් 10 ගන්නට හේතුවක්. කසුන් ඉදිරියටත් පුවත්පත් මාධ්‍ය වේදියෙක් විදියටම වැඩකරන්න ඕනෑය කියන කාරණය මම නිතර කියන එකක්. ෆේස්බුක් එකේ කරන ...
බස් වල යනවානම් කියවන්න ( Bus Passenger's Rights ) උඩුවාගේ සටහන් වසරකට සැරයක් බස් ගාස්තු සංවාදය මතුවෙනවා. අඩුම තරමේ වසර දෙකකට වතාවක් වත් බස් මිල වැඩිවෙනවා. යහපාලන ආණ්ඩුව ආ විගස බස් ගාස්තුවේ යම් අඩුවක් වුණත් කෙටි කාලයකින් බස් ගාස්තුව යළි වැඩි වුණේ වාර්ෂිකව බස් ගාස්තුව පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රතිපත්තිය නිසා. තෙල් මිල වැඩිවුණ අවස්ථාවේ බස් ගාස්තුව වැඩිවූ ප්‍රමාණය මදි කියලා බස් සංගම් විරෝධතාවය දැක්වුවේ බස් වර්ජනයකට යන බව තර්ජනය කරමින්. ඔවුන්ට ...
මෛත්‍රී SLFP සභාපතිකමෙන් බම්බු ගහන්න එපා උඩුවාගේ සටහන් කලින් සටහන් ගැන යමක් කිව යුතු ය. (කට්ටිය කියනව මං කොටින්ගෙන් සල්ලි අරන් ලියනවලු.. අනෙහ් බං, අතේ රුපියන් 180යි තියෙන්නේ.. ඊයේ මාධ්‍යෙව්දී යාළුවො නිසා අද පෝයට දන්සැල් නිසා තමයි වේල ෂේප් කරගත්තෙ, ඉන් බෝඩිමටත් කෙළවිලා තැන් තැන්වල ඉන්නේ... මගේ හිතට එන දේවල් මිසක් කවුරුත් කයන දේවල් නෙවේ ලියන්නේ.. අප කන හැටි ලිපා දනී. සල්ලි වලට ලියනවනං බයිල නැතුව ලේක්හවුස් ...
නීතීඥ සංගමයත් සාධුලාට බයද? උඩුවාගේ සටහන් ‘හාමුදුරුවරු සිරගත කරනවා. පොලිස්පතිවරයාගේ නීතිය නැවීමේ ක්‍රමය යටතේ ඉදිරිපත්වෙන බී වාර්තා ගැන පුදුම හිතෙනවා. බටහිර ජාතීන් සතුටු කරන්නට මේ නඩු තීන්දුව දීලා තියෙනවා. ඒ පසුපස ප්‍රබල ඇමතිවරුන් දෙන්නෙක් ඉන්නවා’ඥාණසාර හිමියන් සිරගත කිරීමෙන් පසුව ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නම් හිමියන් දැක්වුවේ මෙවැනි අදහසකි. ඥාණසාර හිමියන්ව සිරගත කිරීමේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ප්‍රසිද්ධ මාධ්‍ය හරහා අදහස් පළ කළ කිහිපදෙනෙක්ම විය. එමෙන්ම ඒ තීන්දුව බටහිර ජාතීන්ට ...
විත්යාගෙන් පසුව අපි... උඩුවාගේ සටහන් මෙතැන අපි කීවේ ජනමාධ්‍ය වලටය. එහෙත් එතැනින් එහාට විත්යාගෙන් පසු සමාජය ගැන කතා කළ යුතුය. විත්යාගේ සිදුවීම හර්තාල් කිහිපයකින් පමණක් අවසන් වීද? විත්‍යා ගැන ආණ්ඩුවට තිබෙන වගකීම ඉටිපන්දම් පත්තු කරන සංදර්ශණයකින් අවසන් වීද? විත්‍යා ගැන ජනමාධ්‍ය වලට තිබෙන වගකීම ඇයව දූෂණය කළ ආකාරය ලුණු ඇඹුල් ඇතිව වාර්තා කිරීමෙන් පමණක් නවතීද? විත්‍යා ගැන ජනාධිපතිවරයාට තිබෙන වගකීම විශේෂ උසාවියක් දමන බව ...
ෆිලුම් බැලිල්ල.... උඩුවාගේ සටහන් චිත්‍රපටි බැලිල්ලේ ගොඩක් දුර ගියපු පොරක් නෙවෙයි මං.. ෆිල්ම් වල හයහතර විතරයි දන්නෙ... උණක් තියෙන නිසා ෆිල්ම් බැලිල්ල ගැන පොඩියට ලියන්න හිතුව... මේ දවස්වල ෆිල්ම් ෆෙස්ටිවල් හින්ද ෆිල්ම් බලන්න කට්ටිය සෙට් වෙනව.. ෆිල්ම් ගැන කතා වෙනව...පෝලිම් දැක්කම පිස්සු හැදෙනව... අදූර් ගෝපාල් ක්රිෂ්ණන්ගේ ෂැඩෝව් කිල් බලන්න සෙට් වුණ වෙලාවේ තමයි මේ පෝස්ටුව දාන්න හිතුනේ.... ඒ ෆිල්ම් එක ගොඩක් ස්පීඩ් යන එකක් ...
තොරතුරු දෙන්න බැරිද? උඩුවාගේ සටහන් මනෝරි පැලකැටිය.. තොරතුරු පනත... මහානාම ගුරුවරිය... රාජ්‍ය සේවය... දූෂණය... වංචාව....තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත රටේ ඉන්න සියලු දෙනාටම වැදගත් පනතක්. හැබැයි මේකේ වැදගත්කම ගැන වැඩියෙන් කියැවෙන්නේ මාධ්‍ය වලට සම්බන්ධ පනතක් විදියට. පනත ඉදිරිපත් කළෙත් ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් වීමත් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මාධ්‍ය වලට කොටු කරන්න හේතුවක් වෙලා...තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත වගේම මූලික අයිතිවාසිකම් අතරට තොරතුරු ...
බණින්න එපා!! වාසු පුංචි ළමයෙක්.... උඩුවාගේ සටහන් වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී රනිල්ට කුණුහරුපයෙන් බැණ වැදීම කතාබහට ලක්ව තිබේ. (කතාබහ? කට්ටිය වාසුට පකය කියලම බණිනව) මෙය වාසුගේ දේශපාලනයට විශාල හානියක් බව කෙනෙක් කියා තිබුණි. එහෙත් එය එසේ නොවේ. වාසුගේ දේශපාලනය අවසාන වී ඒ වාසු මිය ගිහින් ය. ( අනේ සර් ඒ මියගිය නසසප වාසුට හිමි තැන දෙන්න.) චන්ද්‍රරත්න බණ්ඩාර මීට පෙර වාසු අපේ පරපුර අනාථ නොකරන්න මැයෙන් ...
අම්මා උඩුවාගේ සටහන් හොඳම මිත්‍රෙයකුගේ තාත්තා තමන්ගේ ජීවිතයෙන් සමුගත්තා. අනෙකාගේ දුකේදි ළඟින් ඉන්න අහිංසක ඔහුගේ තාත්තාත් ඒ වගේම කෙනෙක්... තාත්තා හිටපු විදුහල්පතිවරයෙක්. කවුරුත් බාරනොගත්ත දුෂ්කර පාසැලක් බාර අරගෙන කාලයක් තිස්සේ එතැන හිටපු කෙනෙක්. මේ රටේ බහුතරයක් ඒ තාත්තාව දන්නේ නැහැ. හැබැයි ඒ දුෂ්කර ගමේ මිනිස්සු තාත්තාව දන්නවා විශේෂ පුද්ගලයෙක් විදියට. ඒ තාත්තාගේ නම ඉතිහාසයේ නොලියැවුණත් ඈත ගමක ළමයින්ගේ ඇස් පෑදීම නිසාත් මගේ මිත්‍රයා ...
රාවයට තිහයි මට විසිපහයි උඩුවාගේ සටහන් රාවය උපන්දිනය ගැන ලියන්නට හිටපු සටහන මහින්දගේ උපන්දිනය වෙනකල්ම කල්දාන්න සිද්ධවුණා..
තවත් පාවාදීමක් සිදුකළ වගයි! උඩුවාගේ සටහන් පසුගිය සඳුදා (27) ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා, නිමල් සිරිපාල අමාත්‍යවරයා සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු නායකයන් පිරිසක් අතර සාකච්ඡාවක් තිබුණා. හවස හතරට ජනාධිපති ලේකම් කාර්යාලයේදි.වෙන වෙනම රට කෑවත් කෑම කන්නේ එක මේසයේ... (මෛත්‍රි, මහින්ද සහ රනිල්)මලික් සමරවික්‍රම, ඩිලාන් පෙරේරා, මනෝ ගනේෂන් ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී තිබුණා. මේ අයව ව්‍යවස්ථාව පිළිබඳ මෙහෙයුම් කමිටුව නියෝජනය කරමිනුයි කැඳවා තිබුණේ. මේකට ...
සමිත හාමුදුරුවන්ගේ දේවදත්ත වොයිස් එක... උඩුවාගේ සටහන් දැන් දැන් සටහන් ලියැවෙන්නේ අඩුවෙන්ය. ලියන්නට පටන්ගෙන අතරමඟ නවතා දැමූ අවස්ථා බොහෝය. ලියන්නට නම් මානසික විවේකයක් පිරියක් තිබිය යුතුය. (පිරියක් කියන්නේ එළියේ තියෙන අවුල් ගැන කල්පනා කළොත්නේ ලියන්නේ... ලියන්නේ ආසාවට නෙවෙයි.. මොකක්හරි දෙයක් ගැන කම්පනයක් අති වුණොත්නේ...) දැන් දැන් එළියේ තියෙන අවුල් විසඳීම වෙනුවට ඇතුළේ තියෙන අවුල් ගැන කතා කර කර ඉන්නට සිදුවී තිබේ. (තේරුමක් නැති දේවල් ගැන කල්පනා ...
තිලකසේන ඇවිත් හැරෙන්න..... උඩුවාගේ සටහන් උඩින් මෙසේ ලිව්වට මුලින්ම කියන්න ඕන සිනමා උළෙල ගැන කිසිම විවේචනයක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එය අනිව අත්‍යාවශ්‍ය ව්‍යාපෘතියක්. ඉදිරියට යනකොට තව තවත් ලංකාවේ සංස්කෘතියට හුරු කරලා සිනමා උළෙල ලංකාවේ හැමෝම බලන් ඉන්න වැදගත් වාර්ශික අංගයක් බවට පත්වෙනවා නං හොඳයි... බුක් ෆෙයාර් වගේ ගොං ආතල් එකක් නොවී හොඳ වැඩක් විදියට එය ජනතාව අතරට යන්න ඕන.උළෙලේ වැඩි අවධානයට ලක් වෙච්ච ෆිල්ම් කිහිපයක්ම ...