සයිබරීය කලාකරුවා ප්‍රසාද් අලුත්වත්ත උඩුවාගේ සටහන් රාවයේ පලවීම නිසා ආන්දෝලනයකට ලක්වූ නිර්මාණයක්. ප්‍රසාද් අලුත්වත්ත කියන්නෙ ජනප්‍රිය ඩිජිටල් කොලාජ් කිහිපයකම හිමිකරුවා. පහුගිය සතියක රාවයේ ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක් පළවුණා. ඒ සම්මුඛ සාකච්ඡාව ගැන සඳහන් කරමින් කවුද නීතීඥයෙක් කියලා කෙනෙක් ෆේස්බුක් එකේ දාලා තිබුණේ ප්‍රසාද්ගෙ නිර්මාණවලින් ආගමට අපහාස කරන හින්දා ඔහුගේ සම්මුඛ සාකච්ඡාව සම්බන්ධයෙන් පොලීසියේ පැමිණිල්ලක් දාලා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ මොහොතෙ මම ඔහුගෙන් ආදරයෙන් ඉල්ලුවා පැමිණිල්ලක් දාන්න ...
මම විදර්ශනට කැමති ඇයි?? උඩුවාගේ සටහන් විදර්ශන කන්නංගර කියන්නෙ සයිටම් විරෝධයේ, එහෙම නැත්නම් ලංකාව ඇතුලෙ මෑතකාලයේදී නව ලිබරල් ධනවාදී ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහි සටනේ ඉදිරිපෙල ප්‍රකාශකයෙක්. මම නව ලිබරල් ආර්ථිකයට එරෙහි සටනේ ඉන්න කෙනෙක් නෙවෙයි. සයිටම් ගැන ගත්තාම මම සයිටම් එකට පක්ෂව අදහස් දක්වන කෙනෙක් විදියටත් සමහරු අඳුනගන්නව. සයිටම් එකට පක්ෂව මම කතා නොකළත්.ගොඩක් අය විදර්ශන එක්ක සංවාදෙට යනව. සමහර විට එවන් සංවාද කියවනව. බලන් ඉන්නව. ඉතින් ...
විජයකලාගේ කතාව උඩුවාගේ සටහන් 'දැන් හරි විජයකලාව ඇමතිකමෙනුත් එළෙව්වා. දැන් තියෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් එළවන්න. ආයෙමත් ඔයවගේ කතා නොකියන්නම දෙමළු පාඩමක් ඉගෙනගනීවි......' කෙනෙක් එහෙම හිතනවා ඇති.විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය උතුරේ බහුතර මතය කියලා අපි පෝස්ට් එකක් දැම්මාම බොහෝ දෙනෙක් ඒක දැඩිව විවේචනය කළා. ඒක වැරදියි. ඒක බොරුවක්. උතුරේ ගියේ කවදාද? සමීක්ෂණය කළාද වගේ නොයෙකුත් ප්‍රශ්ණ ඇහුවා. අපිත් කල්පනා කළා ඒ ප්‍රශ්ණ ඇසීම සාධාරණයි නේද? කියලා.අපි කිසිවෙක් ...
නිහඬ උසාවිය රාවයට බයද? රාවය අධිකරණයට බයද? උඩුවාගේ සටහන් උඩ තියෙන ෆිල්ම් එක තුන්වතාවක් බැලුවා මම. විවිධ අවස්ථාවල කළ ප්‍රදර්ශණයන් හොයාගෙන ගිහින් බැලුවේ. ඉදිරියටත් කිහිප වතාවක්ම බලන්නයි ඉන්නේ. මේක විතරක් නෙවෙයි.. නෝ ෆයර් සෝන්, ඕල් ද ප්‍රසිඩන්ට්ස් මෙන්, සිටිසන්ෆෝ, ස්පොට්ලයිට් වගේ මම නිතර බලන ෆිල්ම් සෙට් එකක් තියෙනවා.... මේ ෆිල්ම් එක බලන හැම වතාවකම මගේ රෝම කූප ඇතුලෙන්ම එනවා හැඟීමක්. ඒ ෆිල්ම් සමහර ඒවා වාර්තා චිත්‍රපටි. නැත්නම් සැබෑ සිදුවීම් ...
බැසිල් දින්න එක කොච්චර හොඳද? උඩුවාගේ සටහන් ගෝඨා සහ බැසිල් අතර රාජපක්ෂ කණ්ඩායම ඇතුලේ සියුම් සීතල යුද්ධයක් තිබුණා. ඒ වගේම පක්ෂයෙ කණ්ඩායම් දෙක වෙන්කළේ බැසිල් බවට ලොකු චෝදනාවක් එල්ලවුණා. ඒ චෝදනාව එල්ලකළ අය කිව්වේ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් ශ්‍රිලනිපය එකතුකරන්න ඕනෙ කියලයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් විකල්පය විදියට ඒක තියාගෙන හිටපු බව පෙනුණා. මේ මැතිවරණයෙන් එජාපය පළවැනියට ඇවිත් ශ්‍රිලනිපය සහ පොදුජන පෙරමුණ දෙවැනි තුන්වැනි තැන්වල හිටියනම් මේක ගෝඨාභය පාර්ශ්වයෙ ...
තුන්දෙනෙක් උඩුවාගේ සටහන් ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම එක්ව නිර්මාණය කළ තුන්දෙනෙක් චිත්‍රපටිය තව ටික දවසකින් සිනමාහල්වල දකින්නට ලැබේවි. යුද්ධයෙන් පසුව මිනිස්සු’ තුන්දෙනෙක් චිත්රපටියෙ තේමාව වුණා. ඇය, ඔහු සහ අනෙකා චිත්‍රපටියේ තේමාව වුණා. යුද්ධයේදී තෝරාගන්නේ මොන පිල වුණත් ඒ මැද සිටින්නේ මිනිසුන්. ආදරය දැනෙන මිනිසුන්, බිය දැනෙන මිනිසුන්, තමන් කළ වරදකට වරදකාරීත්වය දන්නා මිනිසුන්. තුන්දෙනා ඇයප්රසන්න විතානගේ නිර්මාණය කළේ ‘ඇය’ ...
තවත් බස් කතාවක් උඩුවාගේ සටහන් අද අප්පච්චිලා ස්ට්‍රයික්. ගෙදරට වෙලා ඉන්නෙ. මමනං ඉස්කෝලෙ ආව. සීටීබීයෙක්ක. මං දැක්ක පේස්බුක් එකේ අප්පච්චිලට බයිනව. ඇමෝම. පන්තියේ ටීචත් බැන්න. යාලුවොත් බැන්න. අප්පච්චිලා පාරෙ නීති කඩන්න ඉඩ දෙන්න කියලලු ස්ට්‍රයික් කරන්නෙ.ඇත්ත තමා. අපපච්චිල ස්ට්‍රයික් කරන්නෙ නීති කඩන්න කියල තමා.අප්පච්චිලට ඒක ස්ට්‍රයික් කරල ඉල්ලගන්න වෙලා. ඒ අයිතිය. අප්පච්චිලා ස්ට්‍රයික් කළත් සමහර අයට ඒක ස්ට්‍රයික් කරලා ඉල්ලගන්න ඕන එකක් නෙවෙයි. කොච්චර දඩ ...
බෝගස්වැව, චාවකච්චේරි, අස්ගිරිය හා අගමැතිගේ හමුදාව - ශේෂ පත්‍රය උඩුවාගේ සටහන් ජාතිවාදී බෝම්බය පිපිරෙයිද?චාවකච්චේරියේ බෝම්බ කට්ටලය හමුවී පැය කිහිපයක් යන විට ගින්න අවුලුවන්නට පිරිස් ඉදිරියට පැමිණ සිටීම පුදුම සිදුවීමක්. සියල්ලට කලින් නාමල් රාජපක්ෂ මේ ගැන ට්විටර් සටහනක් තියලත් හමාරයි. ලියුම්කරු ට්විටර් පණිවිඩය දැක ඒ මොහොතේම යාපනයේ මාධ්‍ය සහෝදරවරුන්ගෙන් විමසද්දී ඔවුන්ගේ මාධ්‍ය ආයතනවත් මේ ගැන දැනගෙන තිබී නැහැ. ජීඑල් පීරිස් වහාම ප්‍රකාශයක් කරමින් කියන්නේ පුපුරන ද්‍රව්‍ය වැල්ලවත්තට ගෙනඒමේ සූදානමක් තිබුණු බවට තොරතුරු ...
මරණය උඩුවාගේ සටහන් චාමර ලක්ෂාන් සමඟ අපි කිසිදිනක කතාකරලා නැහැ. වෘත්තිමය සම්බන්ධයක් තිබිලාත් නැහැ. ඔහු ගැන වැඩිපුර අහන්න ලැබිලාත් නැහැ. දන්නේ ඔහු ලේක්හවුස් එකේ හිටපු කාලය ගැන පමණයි. බොහෝ අය චාමරව දැනගෙන හිටපු බවත්, හැමෝම ඔහුට ආදරය කරලා තියෙන බවත් දැන් පෙනෙනවා. ඒ ඇතැම් අය ඔහු ජීවත්ව සිටියදී ඔහු ගැන කියා තිබෙන දේවලුත් අප අසා තියෙනවා. අවංකවම කීවොත් ඔහු ගැන දැවැන්ත ප්‍රතිරූපයක් අපේ ...
ලංකාවේ යුද්ධය ගැන ලියැවුණු පොත් උඩුවාගේ සටහන් යුද්ධයක් කිසිම රටකට මිහිරි අත්දැකීමක් නෙවෙයි. එය අමිහිරි අත්දැකීමක්. එහෙත් යුද්ධයක් වැනි අමිහිරි අත්දැකීමක් අනාගතයේ එවැනි අත්දැකීම්වලට මුහුණ නොදීමේ අරමුණෙන් සාහිත්‍යාංගයක් ලෙස මතකයේ රඳවාගන්නට බුද්ධිමත් සමාජයන් කටයුතු කරනවා. ලෝක ඉතිහාසය තුළ ලෝක යුද්ධ දෙක ඇතුළු සියළුම යුද්ධයක් පිළිබඳවම පාහේ දියුණු සාහිත්‍ය ලෝකයක් නිිර්මාණය වෙලා තියෙනවා. යුද්ධයකට මුහුණ දුන් විවිධ පුද්ගලයන් ඒ යුද්ධය දකින්නේ විවිධාකාරයට. යුද්ධයේ නිෂ්ඵලත්වය සහ දෙපාර්ශ්වයේම අඩුපාඩු දකින ...
උතුරේදී කොටියෙක් මරා සැමරීම උඩුවාගේ සටහන් තිරිසන්නු. ජීවිතයක වටිනාකම පිළිබඳ දැනුමක් නැති, හැඟීම නැති ජීවීන්. ජීවත්වීමේ සටන වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානම් අය. මනුෂ්‍යයෝ. සතුන්ට වඩා උසස්යැයි පිළිගැනෙන ශිෂ්ඨ ජීවීන්. ඇතැම්විට සොබාදහම අනවශ්‍ය විදියට පාලනය කරමින් ජීවත්වීමට අපට වරමක් ලැබුණායැයි අපි හිතන්නේත් අපි තිරිසනුන්ට වඩා ශිෂ්ඨ යැයි සිතන නිසා වෙන්න ඇති. මනුෂ්‍යයෙක් මනුෂ්‍යත්වය යැයි අපි හිතන, ශිෂ්ඨයැයි සිතන ඇගයීම්වලට පිටින් මොනවාහරි කළොත් අපි ඒ මනුෂ්‍යයා තිරිසන් ...
තරුණ මාධ්‍යවේදියෝ විද්‍යාව විකුණුවා... උඩුවාගේ සටහන් උඹලත් විද්‍යා ව විකුණනවනේ, ඒ ගෑණු ළමයව විකුණගෙන කන්නේ නැතිව පාඩුවේ ඉන්න දෙන්න.. ඊයේ තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංවිධානය විසින් විද්යාෙගන් පසු අපි යන තේමාව යටතේ සංවේදී සිදුවීම් වාර්තාකරණය ගැන කරපු සංවාදය ගැන කෙනෙක් එහෙම ලියලා තිබුණා. උත්තරයක් දෙන්න ඕන නැහැ ඒකට... ඒත් කරපු වැඩේ ගැන සටහනක් ලියන්න හිතුණා. වෙලාවේ ප්‍රශ්ණයක් නිසා දැන් කෙටියෙන් මෙහෙම කියන්නම්. පස්සෙ දිගට ලියමු. අපි විද්‍යාව ...
ගෝඨා ඊයේ සමුගත්තේය උඩුවාගේ සටහන් ගෝඨයිම්බර කෝලම ගැන ඇසූ දුටු අය ඇති. අහන්න නොලැබුණු පිරිසකුත් ඇති.ඒක නාට්‍යයක් විදියට මෑත කාලයේ වැඩිම විචාරක අවධානයක් දිනාගත්ත නිර්මාණයක්.ඒකේ විශේෂත්වය කෝලම් ආකෘතියෙන් ප්‍රාථමික වේදිකාවක රඟදැක්වීම. ප්‍රාථමික ප්රේක්ෂකාගාර ආකෘතිය යොදාගැනීම. කෝලම්වල වගේම. වටේට පුටු තියලා මැද රඟදක්වනවා. මේ ගැන බොහෝ විචාරකයන් කතාකළා. මිත්‍යාවට පහරදෙන....... ස්ත්‍රිය ගැනත් පවුල ගැනත් කතාකරන.... සරච්චන්ද්‍ර කණපිට ගහමින් නාට්‍යය වේදිකාවෙන් මහපොළොවට ගෙන එන.... දුම්මල ගහන.... කුණුහරුප ...
කම්මැලි පෝස්ට් එකක් උඩුවාගේ සටහන් ව්‍යවස්ථාව ගැන ලියන ඒවාට හිට්ස් අඩුයි. ඒත් කියවන අඩු පිරිසට හරි ලියන්න එපායැ... ඒවා කියවලා කමෙන්ට් දාන එකට ගෞරව කරන්න ඕන ඒ නිසා!! අදහස් අතර සංවාද කිරීම හොඳයිනේ!!මේ කලින් ලියපු පෝස්ට් එක දාපු කමෙන්ට් එකක් සහ ඒකට දුන්නු පිළිතුරඅගමැතිවරියක්ජනාධිපතිවරියක්ලාංකික සිතුවිලි// උඩුවෝ,විදායක ජනාධිපති ඉස්සලත් දැනුත් කරන්නේ රගපෑමක් පමණයි එය අගමැති වුනත් එකයි අමතිමන්ඩලයක් කලත් එකයි //ටීබීට අනුව හිරුණිකා අත්අඩංගුවට ගෙන ඇත්තේ ...
මෛත්‍රීගේ නාමයෝජනා ජෝක්ස් එක... උඩුවාගේ සටහන් මෛත්‍රී අමද්‍යප මාසයක් නිසා බාර් වහපු සිද්ධියේදී ෆේස්බුක්හි කවුරුන් හෝ මරු කතාවක් ලියා තිබුණි. මත්ද්‍රව්‍ය තුරන් කොරනවාය කියමින් මලු ගණන් නැව් ටෝක් දී විවිධ වැඩසටහන් සංවිධානය කොට අන්තිමේදී මත්පැන් හා මත්ද්‍රව්‍ය වෙළෙන්දන්ව පාර්ලිමේන්තු යවන්නේ ඇයිදැයි ඒ සටහනින් ප්‍රශ්ණ කොට තිබුණි. ඒ මෛත්‍රීගේ නාමයෝජනා ජෝක් එකකි. සිගරැට් පැකට්ටුවේ රූපමය අවවාද ගහන්න මෛත්‍රී මාරාන්තික සටනක සිටියේය. මෛත්‍රී මීඩියා වලට නොව අවංකවම සටන් ...
මාධ්‍යයට බණ කියන මහින්ද!! මේ කළු ජනවාරියයි!! උඩුවාගේ සටහන් එම්කේඩීඑස් ගුණවර්ධනගේ මළගෙදරදී මහින්ද මහත්තයා මාධ්‍ය රස්සාව කරන හැටි උගන්වන ආකාරය අපි දැක්කෙමු. එම සිදුවීමේදී නම් මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්ණය පිස්සු ප්‍රශ්ණයක් යැයි මුලින් කිව යුතුය. කොහොම වුණත් එ් සිදුවීම එක්ක මහින්ද හා මාධ්‍ය ගැන කලින් ලියන්නට පටන්ගෙන මඟ නැවතුණු පෝස්ට් එකක් යළි අතට හසුවිය. එහි එක් ඡේදයක් පමණක් ලියා තිබුණි.මහින්ද මහත්තය මීට කලින් බොහොම වෙනස් කෙනෙක්... මාධ්‍ය එක්ක බොහොම ...
සේනකගෙ බිබිල හෙවත් පියවරුණ උඩුවාගේ සටහන් නෙළුම් යාය සම්මාන උත්සවය මෙහෙයවපු නිවේදක යුවල රාජිත සේනාරත්න ඇමතිවරයාව නුතන සේනක බිබිලේ විදියට හැඳින්වුවා.. පසුව ඔවුන් කියපු විදියට මෙහෙම හැඳින්වුවේ බ්ලොග් සංසදයේ හරි මොකක්හරි එකක සභාපතියැයි කියන කෙනෙක්ගේ වුවමනාව මතලු. මෙතැනදීම කතානායකවරයාව තොරතුරු පනතේ පියා කියල හැඳින්වුවා. ඒ හැඳින්වීමටත් හේතුව අර කෙනාගේම වුවමනාව වෙන්න ඇති.සේනක බිබිලේ සහ රාජිතකොහොම වුණත් මේ විරුදාවලි, හැඳින්වීම් අපට අලුත් දේවල් නෙවෙයි. ලංකාවේ හැමදාම පුද්ගලයන්ව ...
සී.අයි.ඩීය 'ලක්බිම'ට උඩුවාගේ සටහන් ලක්බිම පත්තරේ පළවුණ මේ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් කරන්න කියලා ඒ ප්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදීන්ගෙයි, අනුමත කරපු කර්තෘවරයාගෙයි තොරතුරු ඉල්ලලා සී.අයි.ඩී.ය ලක්බිම පත්තරයට ලියුමක් යවලා තිබුණා....ඒ ප්‍රවෘත්තිය මැයි 25 වැනිදා තමයි පළ කරලා තියෙන්නෙ.මේ තියෙන්නෙ අදාල ලියුම.... මේ වගේ පෞද්ගලික තොරතුරු ඉල්ලන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තියෙන වුවමනාව මොකක්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියන්නේ වසර ගණනාවක් මාධ්‍යවල කටයුතු කරපු මේ මාධ්‍යවේදීන් සැක බවද? මේ ...
ඩබ්ලිව්.ඒ. සිල්වා මහතාගේ අපූරු ජීවිතයෙන් බිඳක් උඩුවාගේ සටහන් නූතන නවකථා කලාවේ කතාන්දර රජු ලෙස සැලකෙන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වා මහතා. විසිවැනි සියවසේ මුල්ම යුගයේදී සිංහල නවකථාව වර්ණයෙන් පුරවාලන්නට ඔහු සමත්වෙනවා. 1890 උපත ලබා 1957 දී මෙලොවින් සමුගත් වැල්ලවත්තආරච්චිගේ ඒබ්‍රහම් සිල්වා හෙවත් ඩබ්ලිව්.ඒ. සිල්වා මහතා විසින් රචනා කළ විජයබා කොල්ලය, සිරියාලතා, හිඟන කොල්ලා, කැලෑ හඳ, හඳපාන, දෛවයෝගය, සුනේත්‍රා ඇතුළු නවකථා කෘති ගොන්නක් වගේම කෙටිකතා එකතු රැසක් සිංහල සාහිත්‍යයට අපූරුවට පාර ...
ශ්‍රීලනිප මළගමේ අවසන් ඇණය උඩුවාගේ සටහන් ඉදිරි මාස දෙකක් තුනක් ඇතුලත මහින්ද රාජපක්ෂ ඇතුළුව නිල වශයෙන් ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිල සාමාජිකත්වය ගන්න නියමිතයි. එය ලංකා ඉතිහාසයේ දැවැන්ත දේශපාලන වෙනසක් වේවි. නිල වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කියන සන්ධානයෙන් පාර්ලිමේන්තුවට ගිය මේ අයට වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහිමිවීමේ අවදානමක් තියෙනවා. නිදහස් සන්ධානයේ ලේකම්වරයා ...