මහ ගහෙංම කෙලවිය...! ජෙමාගේ හතරවරං ජීවිතේ යාලුවෙක් කියලා ඉදපු එකෙක් නිසා ආයෙමත් මහ ගහෙංම කෙල උනා. ඒකාගේ නම රවීන්ද්‍ර. මිට අවුරුද්දකට විතර කලිං මේකාගේ මගුලට සල්ලි ටිකක් ඕනි කියලා මගෙං ලක්ෂ දෙකක් ඉල්ලුවා. සුටුස් ගාලා දෙනවා කියලා. එකටම ඉදපු බොක්කක් නිසා ළග තිබිච්චි සල්ලි ටිකකුයි, අඩු පාඩුවට අම්මි අරං දුන්නු චේන් එක උකස් තියලා ගත්ත සල්ලියි සෙට් කරලා ලක්ෂ දෙකක් මම ඒකාට දුන්නා. මම ...
හිතලා ගහන්ඩ..! ජෙමාගේ හතරවරං කලටිපොල් කියන්නේ ජෙමාට දිරවන්නේ නැති ටොපික් එකක් උනාට පොඩි දෙයක් ලියන්න හිතුනා සමාජ අඩවි වල, තාප්ප, පත්තර වල තියන දේශපාලන ඇඩ් දැක්කාම.මේ වෙනකොට තැපැල් ඡන්දේ ඉවරයි මම හිතන්නේ. ජෙමා නං කාලෙකට පස්සේ වලංගු ඡන්දයක් (ජීවිතේ දෙවැනි වතාවට) දැම්මා. දැම්මේ ජෙප්පන්ට. ජෙමා මුල්ම ඡන්දේ දැම්මෙත් ජෙප්පන්ට. පොඩි හරි වෙනසක් වෙයි කියලා හිතලා දැම්මේ. මගේ අදහස නං...කවමදාකවත් පරම්පරාවේ සේරම අලි උන ...
ඩෝප් බැස්සද ඩබල් උනාද දන්නෑ... ජෙමාගේ හතරවරං ජෙමාගේ ජීවිතේ අලුත් පාරකට මුල්ගල් තියන දවස ටිකෙන් ටික ලං වෙනවා. නත්තල් නිවාඩුවට ලංකාවට එන්න ඉදපු ජෙමාගේ වෙන්ඩ බාරි... නැත්නම් මගේ බට්ටිච්චි මේ මාසේ 15 වෙනිදා ලංකාවට පියාබනවා අම්මයි තාත්තයි එක්කම. අනේ මංදා හිතට දැනෙන හැගීම වචනෙං නං විස්තර කරන්න බෑ.. අනේ මංදා ඕයි.. විලි ලැජ්ජාවේ පන යනවා.බට්ටිච්චි මට ඒ ලස්සන ආරංචිය දුන්නේ ඊයේ රෑ. ජෙමා තැපැල් ඡන්ද රාජකාරී ...
දෝනි.. ඔයාගේ අම්මි ඉක්මන් උනේ නැතිනම් ? ජෙමාගේ හතරවරං ආසාවටත් එක්ක පොඩි වලක් බහින්න කියලා හිතාගෙන ගියා බස් ස්ටෑන්ඩ් එක පැත්තට. පට්ට විදියට වෙනස් වෙලා හැමදෙයක්ම. ඉස්කෝලේ යන කාලේ මොන තරම් නං වල බහින්න ඇත්ද. කොල්ලෝ එක්ක සෙට් වෙලා කොච්චරක් නං කුප්ප වැඩ කරන්න ඇත්ද.. අනං මනං හිත හිත ඇවිද්දා ස්ටෑන්ඩ් එක පුරාම. හ්ම්ම්... දැකලා පුරුදු මූණක්.අම්මා ගහයි. චමෝදි..!මගේ කුළුදුල් පාසල් ප්‍රේමය.අතේ එකයි.. එන්න බලාගෙන එකයි.ගැනි පට්ට විදියට ලස්සන ...
යකෝ මේ මම..! ජෙමාගේ හතරවරං ලොකු අයියගේ මරණෙ විකුණං කාලා ඉවර වෙලා ඔන්න අද ආයෙත් මොනවා හරි ලියන්න හිතුනා. :D (කෙනෙක් කියලා තිබුණා මතකයි...)මම. 21014496 ක් වෙච්ච ශ්‍රී ලාංකියජනගහන සර්වත්‍ර කුලකයේ 10368207 ක් වෙච්ච පුරුෂ කුලකයේ එක් අවයවයකිමා හට ජිවිතයේ ලොකු බලාපොරොත්තු නොමැත බලාපොරොත්තු නැත්තේද නැත..මට අවැසි දේ කෙලෙස හෝ සිදු කිරිම සරලව කියනවා නම් කෙක්කෙන් හෝ කොක්කකෙන් සිදුකිරීම මාගේ ඇකි ධාරානිපාත වරදකි බරපතලම ...
උඹට දැන් සතුටුද..? ජෙමාගේ හතරවරං උඹ මට වඩා වැඩිමහල් උනේ මාස දෙකකට උඹයි මමයි හිටියෙත් ගහට පොත්ත වගේ..ඉස්කෝලේ ගියේ වල බැස්සේ කෙල්ලෝ පස්සේ ගියේ කොල්ලෝ එකක්ක වලි දාගත්තේගෙදර හොරා අඩියක් පුඩියක් ගැහුවේඅපි එකට...ලොකු අප්පු...කොහොමද ලොකු අයියේ..උඹ අපි සේරටම හොරෙන් යන්න ගියේ...උඹ..!!මාව...ලොකු තාත්තා, ලොකු අම්මා...අපේ් අම්මා...අපේ සෙට් එකේ කොල්ලො...උඹට පේන්නැද්ද බං අඩනවා...උඹේ සුරංගනාවි නිමිනියා...ඇඩෙව්වා...අපි සේරම අඩන අතරේ උඹ ලස්සනට නිදි...!!කමක් නෑ...උඹට හොදයි කියලා හිතෙනවා නම්..උඹ දෙව් ...
යමක් ලිවීමට උත්සාහයක් | Try to write something ජෙමාගේ හතරවරං ජෙම් මේ දින ටිකේ exam එකක්ට ready වෙනවා. ඒ නිසා මේ දවස් ටිකේ ලියන එකක් නැහැ. මටත් ලියන්න ආසාවක් තියෙන නිසා මමත් ලියන්න හිතුවා. අවධි උන ගමන් ජෙම්ස් ගැන මතක් වුන නිසා එයා ගැනම ලියන්න හිතුවා.ජෙම්ස්.. නැතිනම් අප්පු. මම ජෙමා කියන නමට ඒ තරම් කැමැත්තක් නැති නිසා මම එයාගේ අම්මි වාගේ අප්පු කියලාම කියනවා හොදේ. මට මුලටම එයාව දකින්ට ...
බතාගේ කොත්තුව ජෙමාගේ හතරවරං හරි.. දැං කියන්න යන සීන් එක උනේ 2009 අවුරුද්දේ විතර. කතාවේ කතා නායකයා බතා (බේබදු ජෙමා පෝසට් එකේ බතා ගැන කියවුනා වගේ මතකයි) ඔන්න අපේ ගමේ හිටිය ලොක්කෙක් නැති උනා. පොර කූරියා ගැහුවේ බේබදු කම නිසා. බැළුවොත් ඇත්නම් කෂිප්පු සෙන්ට් එක ගහගෙන ඉන්නේ. මොනවා උනත් ලොක්කා ගමේ බැහැලා වැඩ කරපු කෙනෙක් නිසා ලොක්කාගේ මරණෙටත් සෑහෙන්න සෙනග හිටියා. ඉතිං අපි ...
වදින එකෙක්ට වදින්න...!! ජෙමාගේ හතරවරං මම කලිනුත් කිවනේ.. මම බ්ලොග් ලීවේ මම උ.පෙ කරන කාලේ ඉදන්. මට බ්ලොග් ලිවිල්ල එපා උනේ පිස්සු බල්ලෙක් පිස්සු තද උනා වගේ හැම තැනම කක්කා කර කර ගිය නිසා. ගද ගහන්න ගත්ත නිසා. ඉතිං විනෝදෙට ලියපු බ්ලොගේ නිසා හිතේ කේන්තිය ඕන නෑනේ කියන හැගිම ආව නිසා ඒක අයින් කරලා දාලා හිටියා. ඒත් කාලෙකට පස්සේ ආයෙමත් බ්ලොගයක් ලියන්න ඕනි කියලා ...
මීනී මරුවෙක් වීමි... ජෙමාගේ හතරවරං ඔව් මම මිනී මරුවෙක්...මම ඌව මැරුවා...මරලා අඩි 6 කටත් වඩා යටට වැලළුවා... ආයේ නැගිටලා හමාරයි ඒකා..තනිකම..!!ආයෙත් උඹ නැගිටලා හමාරයි..!---ට්‍රැවලිං ටූ ලබුදූවේ අත්තම්ලාගේ ගෙදර විත් අම්මි ප.ලි කාලෙකිං අම්මි ඩ්‍රයිවිං සීට් එකේ. කුරුදුගහහැතැක්ම පිටවීම පසු කරමින්. අම්මිත් සෙල්ලං නෑ. පාගනවා ලෑල්ටම. ...
ජිංක චිකා ජිංක චිකා.... මම දින්නා... ජෙමාගේ හතරවරං ඔව් යාළුවනේ මම දින්නා.. මම හිතුව විදියටම මැණිකේ නෑ නෑ බට්ටිච්චි මගේ උනා. හැබැයි බට්ටිච්චි එක සැරේම මට දිනුම දුන්නේ නෑ. බට්ටිච්චි හොද ගනං කාරියක් වෙලා. හිටියට වඩා ටිකක් නපුරුත් වෙලා. බට්ටිච්චිගේ උපන් දිනේ 2015/07/20 නේ. ඉතිං මම උදේ පාන්දර 12 පහුවෙලා ටික වෙලාවකින් ගත්තා ස්කයිප් කෝල් එකක්. අරගෙන ටික වෙලාවක් කතා කර කර ඉදලා. එක සැරේම කිවාමැණිකේ මම ඔයාට ...
මැණිකේ... (මම මෝඩයෙක් තමයි බං, ආයේ මම ඔයාව නැතිකර ගන්නෑ...) ජෙමාගේ හතරවරං මේක පෝස්ට් එකකට වඩා මැණිකේගේ ආශාවක් ඉටු කිරීමක්. ජෙමාගේ අවුරුදු 27 ක ජිවිතයේ හම්බවෙච්ච මගේ අම්මි ඇරුණාම සොදුරුම, ආදරණියම, දයාබරම යුවතිය. (කෙටියෙන්ම කියනවා නම් මගේ හිටපු පෙම්වතියටත් වඩා) මට මැණිකේව හම්බවෙන්නේ අහම්බෙන්. කැම්පස් එකේ රැග් සීසන් එකේදි.දවසක් ජෙමයි, හොදයි උදේ එනකොටම ජ්‍යෙෂ්ඨ උත්තමයෝ දෙන්නෙක්ට අහු උනා. හරිනේ ඉතිං ටොපිය. හිත හදාගෙනම උන් දෙන්නා ලගට ගියා. ගියා විතරයි ඔන් පටං ...
බේබදු ජෙමා ජෙමාගේ හතරවරං කලිං පෝස්ට් එකක ලිවානේ සිගරට් ගැන. අද ලියන්න හිතුනා අරක්කු ගැන. සිගරට් නැවැත්තුවා උනාට තවම අරක්කු නං නැවැත්තුවේ නෑ. ජෙමා මුලිංම අරක්කු බීවේ ඇච්චා කාලේලූ. ජෙමාට නං මතක නැ. දවසක් අප්පච්චි යාලුවෝ කට්ටියක් එකක් ගෙදර සෙට් වෙලා හිටියා. ජෙමාටත් ඉතිං ඕන්නැති මගුලක් නෑනේ. අප්පච්චිලා සෙට් වෙලා ඉන්න තැනට වෙලා බයිට් වලට වග කිය කිය ජෙමා කොලුවා ඉන්නවලු ඈ... ඔන්න ...
සිගරට් - පටං ගැනීම හා අවසානය ජෙමාගේ හතරවරං ජෙමා මුලිංම සිගරට් එකක් බොන්න සේට් උනේ කැම්පස් එකේ ෆ්රෙෂර්ස් නයිට් එකේ. මාස ගානක් ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගෙං රැග කාලා කාලා ඒ සේරම අවසානේ ඒ දවස උදා උනා. ජෙමා ඒ වෙනකොට හීනියට බියර් එකක් එහෙම අනුමත වෙනවා. ජෙමා, ගබ්බ, සිමෝ, පගලේ, වෙරියා තමයි සෙට් වෙලා හටියේ. ආවා ජ්‍යෙෂ්ඨ උත්තමයෙක්. ආහ් මල්ලිලා බියර් විතරද ගසන්නේ.. ඇදලා බලපකෝ මේක. කියලා දුන්නා මොකක්ද මංදා ...
දන්නවාද...? (කෙල්ලක් එවපු දෙකක්.) ජෙමාගේ හතරවරං තේරවිලි සෙෂන් එක ඉවර කරන්න කියලා හිතුවට ඉවර කරන්න වෙන්නෑ වගේ. මම අර කලිං පෝසට් එහෙක කිවේ කෙනෙක් ජෙමාගේ කවුද කියන්න් ඇදින ගත්තා කියලා. ඔන්න එයා ජෙමාට එව්වා ගැටළු වගයක් පුළුවන් නං කියහං අයියේ කියලා...මම නං උත්තර සොයා ගත්තා. පුළුවං නං දාන්න උත්තරඑක.. ඔන්න කෙල්ලොයි, කොල්ලොයි, පොඩි උනුයි සේරම 30 දෙනෙක් යනවා පොඩි ට්‍රිප් එකක්. යනකොට උදේට ගිලින්න ගෙනියනවා ...
ඔන්න තෝරනවා නං ඈ. (තේරවිලි ඉවරයි) ජෙමාගේ හතරවරං ඔන්න ජෙමා පටං ගත්ත තේරවිලි සෙෂන් එක මේ පෝස්ට් එකෙං අවසන් කරන්න කියලා හිතුවා. ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනෙම නෑ කියලා කියනවානේ.මේ තේරවිලි සෙෂන් එකේ අවසාන වෙන්නේ අන්දරේ ඒක්ක...ඕං එහෙනං ඈ.... ප්‍රශ්ණ කවිය 01 දාර දෙකයි එක නම මුල්කර තැනුවාපාර තිහක් ගැහුවට බයකුත් නැතුවාකොන් සතරයි කණු සතරයි ගෙට ඇතුවාතෝරාපන් ඊයේ මගදී දුටුවා(මේ කවිය අන්දරේගේ රජතුමා අන්දරේට කොචොක් එකක් කරන්න කියලා ...
මහ රජ..! කෙලියා නේද තාප්පෙටම...? ජෙමාගේ හතරවරං මේ දවස් වල ජෙමාගේ ග්‍රහයා නං නීච වෙලා කිච වෙලා තියෙන්නේ.. වෙන්නේම මහම මහ අවටියල් වැඩමයි... ඊයේ රෑ ජෙමා කොල්ලා ටිකක් කලිං නින්දට ගියා. මොන කොහේ නිදා ගන්නද. කෝල් එකක්. අර අරයාගෙන්. කොහොම හරි ඒකිත් එක්කත් වල් පල් ටිකක් කියවලා ආයේ දොයියන්න හදනකො මගේ අනි තුමා කෝල් කරලා පෙරලුවා සුට්ටි කැටයක්. කොහොම හරි ඒකතත් සෙට්ල් කලා කියමුකෝ. ආයේ කොල්ලා ඇදට ...
මෙන්න අවනඩු ( තේරවිලි පාට් 02) ජෙමාගේ හතරවරං 1. ඔන්න එකදාස් නවසිය බර ගනං වලටත් වඩා පට්ටම පට්ට අතීතේ වඩ්ඩෙකුයි, ඇදුම් මසන්නෙකුයි, රත්තරං බඩු හදන මනුස්සයෙකුයි, ගුරෙකුයි (ගුරුකං එහෙම කරන ඩයල් එකක්) යනවා ගමනක්.... ඔන්න සැට් එක ගමන දුර වැඩි නිසා රෑ නවතින්න සෙට් කරගන්නවා අම්බලමක්... ඔය අම්බලම තියන ඒරියා එකේ පට්ට සොරු ඉන්න ඒරියල් එකක්ලු ඈ.... ඉතිං කට්ටිය කතා කරගත්තා තුන්දෙනෙක් නිදා ගන්නත් එක්කෙනෙක් නැගිටලා ඉන්නත් ...
පුලුවන් නං තෝරන්න. (තේරවිලි ටිකක්) ජෙමාගේ හතරවරං ජෙමා ගියා ඊයේ රෑ මල ගෙදරක. යාලුවෙක්ගේ. ඉතිං ජෙමත් යාලුවෝ සෙට් එකත් එක්ක පොඩ්ඩක් තොලකට තෙමාගෙන තොරණ ගහන්න සෙට් උනා. ඔන්න ඔතෙන්නට ටික වෙලාවකින් ආවා ලොක්කෙක් ඥස්පුක් වෙන්න ගසලා. පොර විකාර කියෝ කියෝ ඉදලා කිවා හොද තේවිලි ටිකක්. පුලුවන් නං තෝරන්න. ඔන්න බඩු ඈ.... 1. ඔන්න මනුස්සයෙක් ඉන්නවා. පොර කරන්නේ දෙහි බිස්නස්. මෑන්ස් යනවා දෙහි කඩන්න. පොර කඩා ගන්නවා ...
සිරාවටම ඒකි ෂෝක් කෙල්ල හෙවත් දැලි පිහියෙන් අයිස් කිරිං ජෙමාගේ හතරවරං ඒ සුන්දර රෑ යාමේදාහක් විදුලි පහන් මැද්දේඔයාගේතරු ඇස් දෙක දිලිහුනේහරියට අහසේ පායපු තරු කැට දෙකක් වගේඒ වගේම ඔයා හරිම දක්ෂයිකතා කරන්නඔයාගේ තරු ඇස් දෙකෙන්ඔයා මට මොන මොනවදෝ කීවා...ඒත් ඉතිංඔයා ගොඩක් ඉහල අත්තක පිපුණුලස්සන අරලියා මලක්.. .............. ජෙමා නිසදැස් ලියන්න දක්ෂ නෑ. මේක ලියවුනේ දවසක් බර්ත් ඩේ පාර්ටි එකකට අපේ ඔෆිසර් කෙනෙක්ගේ ගෙදර ගිය වෙලාවේ අපේ මිත්තරයා බර්ත්ඩේ ගර්ල්ව හදුන්වලා ...