ප්‍රධාන ඇන්ටනාව බලා.... තරු මිතුරෝ එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී ...
ෆියෝනාගේ හෙලිදරව්ව - (ii-කොටස) තරු මිතුරෝ "අයියෝ චමිල.... වැදගත් දෙයක් කියන්නකෝ...." "ඇයි ඒක වැදගත් නැද්ද? වහලේ උඩට කොහොමද 'ගැමන්' කෙනෙක් ගියේ කියන එක?" "එයා වහලේ තියෙන වීදුරු කවුළුවක් පාවිච්චි කරන්න ඇති.... විහිළු නතර කරලා කියන්නකෝ ඔයාට කුළුණක් හරි, ඇන්ටනාවක් හරි පේනවද කියලා...." ජෙරමිගේ දෑස තවමත් රැඳී ඇත්තේ සියත රැඳි උපකරණයේ තිරයේ ය. චමිල තමා සිටි තැනින් මදක් ඉදිරියට ඇවිද ගියේය. "මෙහෙයුම සම්පූර්ණයි. ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලේ ...
ෆියෝනාගේ හෙලිදරව්ව - (i-කොටස) තරු මිතුරෝ ට්‍රාන්ස්මිටරය පිළිබඳ දැනගත් කරණු නිසා හසාරාගේ සිත දැඩි ලෙස කැළඹී ගොස් තිබුණි. එයින් හැඟී යන්නේ පාසල තුල ඔත්තුකරුවෙක් සිටින බවද?... කිසිවෙකු තමා පිළිබඳ ඔත්තු බැලීමේ වැදගත්කම කුමක්ද යන්න ඇයට ඇතිවූ ගැටළුවකි. ඈ හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ ඔටුන්න හිමි කුමරිය වුවත් වර්තමාන පාලන ක්‍රමය තුල ඇය ද සාමාන්‍යය පුද්ගලයෙකු පමණි. ඇගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, ආදිය පිළිබඳ කරුණු එක් ...
හොල්මන් මාවත තරු මිතුරෝ සන්ධ්‍යා හිරු කිරණ ඇස ගැටෙන මානයේ වූ සියල්ලක්ම වාගේ සිය තැඹිළි වර්ණයෙන් හැඩ ගන්වා තිබුණි. කහ පැහැති හිසින් යුතුවූ තුරු පේළි අතරින් හිරු රැස් වියැකී යද්දී අඳුරු මීදුම් වලාවක් ලෙසින් අන්ධකාරය ගලා එමින් පැවතුණි. දහවල් කාලයේ සිසුන්ගේ හඬින් පිරුණු වා තලය දැන් නිහඬව සැඳෑ සුව විඳිමින් සිටින්නක් වැනිය. පන්ති කාමර පිරිසිදු කරනු වස් ඈත මාවතක් ඔස්සේ ගමන් ගන්නා සිෆ් ...
ක්‍රීඩා පුහුණුව මග හැරීම තරු මිතුරෝ සිත නිදහස්ව ඇති විට කාලය වේගයෙන් ගලා යන බව සපථ කරමින් එළඹුණු සති අන්තයද ඉක්මනින් ගෙවී ගිය බවක් අප සිව් මිතුරන්ට හැඟී ගියේය. සුළුතරයක් හැරුණු කොට බොහෝ නේවාසික සිසු සිසුවියෝ සති අන්තයේ සිය නිවෙස් බලා යන බැවින් නේවාසිකාගාරයද පාළු නිහඬ බවක ගිලී යයි. ජිම්ගේ ගෝරනාඩුවෙන් ද මිදී ගතවන මෙවන් දින වලදී ප්‍රමාද වී නින්දට යාමට මෙන්ම ප්‍රමාද වී අවදි ...
වැදගත් තොරතුරක් තරු මිතුරෝ "මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරව ක්‍රියාකාරී වීම සඳහා…. ඒ කියන්නේ ඇවිදින්න, දුවන්න, පනින්න වගේ කාර්යයන් වලට. නැතුව දවස පුරාම පන්ති කාමරයේ මේසයක් ළඟ වාඩිවෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් ළඟ වාඩිවෙලා කාලය ගත කරන්න නෙවෙයි…." ජිම් ගේ උස් හඬ ක්‍රීඩා පිටියේ වා තලය සිසාරා පැතිර යන්නට විය. සිය සුපුරුදු ඇඳුම වෙනුවට විදුහල් ලාංඡනය සටහන් කරන ලද ජර්සියකින් හා දිගු ක්‍රීඩා ...
ක්ෂුද්‍ර ට්‍රාන්ස්මිටරය තරු මිතුරෝ "මේ වගේ උපාංග පොදුවේ හඳුන්වන්නේ 'ටී.පී.ඒ.එස්. ට්‍රාන්ස්මිටර්ස්', ඒ කියන්නේ 'තාප බලගැන්වුම් ප්‍රතිසම සංඥා සම්ප්‍රේෂක' ( Thermal Powered Analog Signal Transmitter) කියලයි"උදෑසන ආහාරයෙන් අනතුරුව නැවත කුටියට එක්වී සිටි මිතුරන් අමතමින් ජෙරමි පැවසීය. සුපුරුදු ලෙස හේ පරිගණකය ඉදිරිපස හිඳ සිටි අතර ඔහුගේ දෙපසින් හසාරා සහ චමිල අසුන් ගෙන සිටියහ. "මේක ඔත්තු බැලීමේ උපකරණයක්.... නමුත්, බය වෙන්න දෙයක් නැහැ. දැනට මම මේ උපකරණය ...
ෆියෝනාගේ හෙලිදරව්ව - (i-කොටස) තරු මිතුරෝ ට්‍රාන්ස්මිටරය පිළිබඳ දැනගත් කරණු නිසා හසාරාගේ සිත දැඩි ලෙස කැළඹී ගොස් තිබුණි. එයින් හැඟී යන්නේ පාසල තුල ඔත්තුකරුවෙක් සිටින බවද?... කිසිවෙකු තමා පිළිබඳ ඔත්තු බැලීමේ වැදගත්කම කුමක්ද යන්න ඇයට ඇතිවූ ගැටළුවකි. ඈ හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ ඔටුන්න හිමි කුමරිය වුවත් වර්තමාන පාලන ක්‍රමය තුල ඇය ද සාමාන්‍යය පුද්ගලයෙකු පමණි. ඇගේ හැසිරීම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්, ආදිය පිළිබඳ කරුණු එක් ...
අළුත් මිතුරියක් - (iii-කොටස) තරු මිතුරෝ "ආ....හා.... තවත් අළුත් ශිෂ්‍යාවක්""ඔව් මර්බෙට් මහත්මයා.... මම හසාරා සුවිමාලි" ඈ තරමක් ගෞරව සම්ප්රයුක්තව පැවසුවාය."හසාරා සුවිමාලි. හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව"ජිම් කියාගෙන ගියේය."දැක්කනේ.... මම තමුන්ව දන්නවා.... ඒක නෙවෙයි, මට ඔය 'මර්බෙට් මහත්මයා' කියන කොටස කියන්න එපා.... නිකන්ම 'ජිම්' කියන්න. සරලවම.... 'ජිම්'. මොකද කෙටියෙන්ම කිව්වොත් 'මර්බෙට්', 'මහත්මයා' කෑලි වලට මම කැමති නැහැ."හේ අවසාන වාක්‍යය පැවසුවේ තරමක් පහත් හඬිනි. "ඔව්….. ම.... ජි.... ...
වාදක චමිල - (i-කොටස) තරු මිතුරෝ විහඟ ගී රාවයද රැගෙන, කවුළු පියන් පත් අතරින් ඇදී ආ උදෑසන හිරු කිරණ මෙතෙක් වේලා නිදි සුවයෙන් පසුවූ හසාරා ගේ නිදි ගැට බිඳ හෙළීය. පෙරදින බොහෝ ප්‍රමාද වී නිදිගත් බැවින් තරමක නිදිබර ගතියකින් දෙනෙත් පියන් වැසී යන්නට තැත් කලද ඊට ඉඩ නොදෙමින්ම ඈ සයනය මත හිඳ ගත්තාය. නුදුරින් වූ ඔරලෝසුව පෙරවරු හත සනිටුහන් කර තිබෙනු ඇගේ නෙතු මත නාභිගත ...
ක්‍රීඩා පුහුණුව මග හැරීම තරු මිතුරෝ සිත නිදහස්ව ඇති විට කාලය වේගයෙන් ගලා යන බව සපථ කරමින් එළඹුණු සති අන්තයද ඉක්මනින් ගෙවී ගිය බවක් අප සිව් මිතුරන්ට හැඟී ගියේය. සුළුතරයක් හැරුණු කොට බොහෝ නේවාසික සිසු සිසුවියෝ සති අන්තයේ සිය නිවෙස් බලා යන බැවින් නේවාසිකාගාරයද පාළු නිහඬ බවක ගිලී යයි. ජිම්ගේ ගෝරනාඩුවෙන් ද මිදී ගතවන මෙවන් දින වලදී ප්‍රමාද වී නින්දට යාමට මෙන්ම ප්‍රමාද වී අවදි ...
වාදක චමිල - (ii-කොටස) තරු මිතුරෝ "අවදි වෙයල්ලා කම්මැලි කොල්ලනේ......සංගීතයට ඔබේ කර්ණ පටහ පටල දෙදරවන්නට ඉඩ දෙන්න" හඬ නගමින් කුටියට ඇතුළු වූයේ සම වයසේ පිරිමි ළමයෙකි. සංගීත කණ්ඩායම් වල ශිල්පීන් අඳින ආකාරයේ කමිසයකින් ද, එයටම ගැලපෙන ඩෙනිම් කලිසමකින් ද සැරසී සිටි ඔහුගේ දෙපා සපත්තු යුවලකින් වැසී තිබුණි. ඔහුගේ දිගු කාලවර්ණ කොණ්ඩය නළල් තලය ද වසාගෙන කන් පෙති අතරින් ඇදී ගොස් ගෙල පිටුපසින් උරහිස දක්වා වැඩී ...
දබරයක් තරු මිතුරෝ වනාන්තරයේ සැඟවුණු දිනයෙන් අනතුරුව තවත් දෙදිනක් පමණ ජෙරමි හා චමිල ක්‍රීඩා පුහුණුවීම් වලට සහභාගී වූවද ඉන්පසු ඔවුන්ගේ රූ තවදුරටත් එහි දැකගත හැකි වූයේ නැත. දෙමිතුරියන් මෙන්ම ඔවුන්ගේ පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ද ඔවුන් දෙදෙනා ක්‍රීඩා පුහුණුව මගහරින බව දැන සිටියද, ඒ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමට තරම් උනන්දු නොවීය. එය දෙමිතුරන්ගේ වාසියට හේතු වූ අතර ඔවුන්ගේ නොපැමිණීම පිළිබඳ කිසිඳු අදහසක් නොවූ ...
රාත්‍රී ලුහුබැඳීමක් තරු මිතුරෝ සිව් මිතුරන්ගේ විවාදයෙන් අනතුරුව තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. පැහැබර කාළගුණයෙන් යුත් එම දින කිහිපයේදී ජිම්ගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නොකඩවා සිදු කෙරුණු අතර පාසලේ අධ්‍යයන කටයුතුද වෙනසකින් තොරව ගලා ගියේය. මේ කාලය තුලදී කිසියම් හෝඩුවාවක් වත් නොලත් හෙයින් ට්‍රාන්ස්මිටරය පිලිබඳ උනන්දුව සිව් මිතුරන්ගේ සිත් තුලින් මොහොතකට ඉවත්ව ගොස් තිබුණි. ...
විවාදයක් තරු මිතුරෝ පෙර දින රාත්‍රියේ සිටම සිහින් හඬින් ඇදහැලෙන්නට පටන්ගත් වර්ෂාව තවමත් නිමා වී නොමැත. නුබ කුස පුරා පැතිරී ගිය අළු පැහැති වැසි වළාකුළු හිරු කිරණ සඟවාලූ හෙයින් පරිසරය වෙළා පැවතියේ තරමක අන්ධකාරයකි. වැසි දියෙන් පෙඟුනු තුරු හිස් අතරින් හමා ආ ශීත මන්ද මාරුතය ගත හිරිගඩු නංවමින් ඈතට ඇදී යයි. වෙනදා තරම් ජනාකීර්ණ ...
ජෝව් තරු මිතුරෝ ජෙරමි හා චමිල පෙරටු කොට ගත් ජිම් විදුහල්පති කාර්යාලයට ඇතුළු වන විට විදුහල්පතිතුමා සිටියේ සිය මේසය අසල අසුන් ගෙන ඒ මත වූ කිසියම් ලේඛණයක් වෙත යොමුවූ දෙනෙතිනි. කුටියේ ද්වාරය විවර වූ හඬ ඇසී හේ හිස ඔසවා බැලීය. "බාධා කලාට කණගාටුයි පැට්රික් මහත්මයා.... මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න හදද්දී මං අල්ල ගත්තා...." ජිම් පැවසුවේ සිසුන් දෙදෙනාගේ ...
වාදක චමිල - (ii-කොටස) තරු මිතුරෝ "අවදි වෙයල්ලා කම්මැලි කොල්ලනේ...... සංගීතයට ඔබේ කර්ණ පටහ පටල දෙදරවන්නට ඉඩ දෙන්න" හඬ නගමින් කුටියට ඇතුළු වූයේ සම වයසේ පිරිමි ළමයෙකි. සංගීත කණ්ඩායම් වල ශිල්පීන් අඳින ආකාරයේ කමිසයකින් ද, එයටම ගැලපෙන ඩෙනිම් කලිසමකින් ද සැරසී සිටි ඔහුගේ දෙපා සපත්තු යුවලකින් වැසී තිබුණි. ඔහුගේ දිගු කාලවර්ණ කොණ්ඩය නළල් තලය ද වසාගෙන කන් පෙති අතරින් ඇදී ගොස් ගෙල පිටුපසින් උරහිස ...
වාදක චමිල - (i-කොටස) තරු මිතුරෝ විහඟ ගී රාවයද රැගෙන, කවුළු පියන් පත් අතරින් ඇදී ආ උදෑසන හිරු කිරණ මෙතෙක් වේලා නිදි සුවයෙන් පසුවූ හසාරා ගේ නිදි ගැට බිඳ හෙළීය. පෙරදින බොහෝ ප්‍රමාද වී නිදිගත් බැවින් තරමක නිදිබර ගතියකින් දෙනෙත් පියන් වැසී යන්නට තැත් කලද ඊට ඉඩ නොදෙමින්ම ඈ සයනය මත හිඳ ගත්තාය. නුදුරින් වූ ඔරලෝසුව පෙරවරු හත සනිටුහන් කර තිබෙනු ඇගේ නෙතු මත නාභිගත ...
අමතක නොවන රාත්‍රියක් - (iii-කොටස) තරු මිතුරෝ එය සැබෑවක් බව පසක් කරමින් කොරිඩෝව හරහා පැමිණෙන්නෙකුගේ පියවර හඬක් ඔවුනට ශ්‍රවණය විය. එහි රිද්මයෙන්ම පැමිණෙන්නේ කවරෙකුදැයි වටහා ගැනීමට අපහසු වූයේ නැත. "ජිම් ! !" දෙදෙනාගේම මුවින් එකවිට හඬ පිටවිය. "ආ.... නෑ...." හසාරාගේ අවධානය වහා ඉහලට යොමු විය. රාත්‍රී දහයෙන් පසුවත් ඈ තම කුටියේ විදුලි බුබුල දල්වා තිබුණාය ! ජිම් සෑම දිනකම රාත්‍රියේ මෙසේ ගමන් ගන්නා බව නේවාසික සිසුන්ට ...
අමතක නොවන රාත්‍රියක් - (ii-කොටස) තරු මිතුරෝ "ඒක මේ.... එක්තරා ආකාරයක ට්‍රාන්ස්මිටර් එකක්. ඔයා දන්නවනේ.... සම්ප්‍රේෂක. අර.... ගුවන්විදුලි තරංග විසුරුවා හරින්න ගන්නේ...." පිරිමි ළමයා උද්යෝගය මුසු වූ කලබලයෙන් කියාගෙන ගියේය. හසාරා එය දන්නා බව හැඟවීමට හිස සැලුවාය. "ඔයා කියන්න හදන්නේ ඔයා හොයන්නේ ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂකයක් කියලා නම්, මට කියන්න වෙන්නේ ඔයාට හරියට බොරුවක් වත් ගොතා ගන්න තේරෙන්නේ නෑ කියලයි. මොකද ඒ වගේ දෙයක් හොයනවා නම් ඔයා ...