අමතක නොවන රාත්‍රියක් - (i-කොටස) තරු මිතුරෝ සිත සතුටින් පවතින විට කාලය වේගයෙන් ගලා යන බැව් සපථ කරමින් තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. මේ කාලය තුලදී තම පන්තියේ මෙන්ම ඉහල ශ්‍රේණිවලද සිසු සිසුවියන් බොහෝ දෙනෙකු දැන හඳුනා ගැනීමට හසාරාට අවස්ථාව උදාවිය. සුහදශීලී මෙන්ම නිහතමානී දැරියක් වූ ඈ සියල්ලන්ගේම ගෞරවයද නිතැතින්ම හිමිකර ගත්තාය. නමුත් මෙහිදී ද ඈ අකමැතිම දෙය වූයේ සියල්ලන්ම තමාට 'කුමරිය' කියා ආමන්ත්‍රණය ...
පාගමනක් තරු මිතුරෝ සිය ප්‍රථම පාසල් දිනය ආරම්භයේදී තරමක චකිතයක් හසාරාගේ සිත තුල තිබුණද දිනය ගෙවී යද්දී එය යටපත් කරමින් ප්‍රීතිය මුසු හැඟීම් පෙළක් නැගී එන්නට විය. එම හැඟීම් පෙළ දෙගුණ තෙගුණ වූයේ පාසල අවසන් කිරීමට තවත් හෝරාවක් පමණ තිබියදී ගුරුවරිය ඉදිරිපත් කල අපූරු අදහසක් නිසාවෙනි. "මොකද කියන්නේ.... අපි ටිකක් ඇවිදින්න යමුද?" සිසුහු එක හඬින් එයට කැමැත්ත ප්‍රකාශ කළහ. මුළු උදය වරුවේම ...
අපූරු පාසලේ පළමු දිනය - (ii-කොටස) තරු මිතුරෝ "තරු රටා පාසල් ජාලයේ අනෙකුත් පාසල් වලට වඩා තරමක් වෙනස්, සුවිශේෂී පාසලක් විදිහට සැජිටේරියස් පාසල හඳුන්වන්න පුළුවන්. ඉන් ප්‍රධානම දේ තමයි 'ශිෂ්‍ය රුචිකත්වය' ට මුල් තැන දෙන ඉගැන්වීම් ක්‍රමවේදයක් මෙහි භාවිත කිරීම. මේ ක්‍රමයේදී ශිෂ්‍යයාට පාසල් පරිපාලනයෙන් ලබාදෙන කාලසටහනට අනුගතව විෂයන් ඉගෙනගන්නවා වෙනුවට තමන් කැමති වේලාවකදී කැමති විෂයයක් හැදෑරීමේ අවස්ථාව ලබා දෙනවා. සෑම වාරයක් ආරම්භයේදීම එම වාරයට අදාල විෂයන් ...
අපූරු පාසලේ පළමු දිනය - (i-කොටස) තරු මිතුරෝ තමාට නින්ද ගියාදෝ, නොගියාදෝ යි සැකයකින් යුතුව වෙනදාටත් වඩා වේලාසනින් හසාරා අවදි වූවාය. එදින කවදාදැයි සිහිපත් වෙත්ම සිරුර පුරා දිවගිය ප්‍රබෝධවත් හැඟීම ඇගේ නිදිමත ක්ෂණයකින් පළවා හැරියේය. මුව දොවා ගැනීමට, කුටියෙන් නික්මී කොරිඩෝව වෙත පා තබනවාත් සමගම ඇගේ දෑස් මත සිත්තම් වූවේ නානකාමරය පිහිටි ඉසව්වේ සිට සිය කුටියට පියමනිනා ෆියෝනාගේ රුවයි. ඇය අවදිව ඇත්තේ තමාටත් පෙරාතුවයි. "සුභ උදෑසනක් ! ...
අළුත් මිතුරියක් - (v-කොටස) තරු මිතුරෝ ඈ යුහුසුළුව කුටියෙන් නික්මී ජිම් පසුපසින් යන්නාවූ නවක සිසුන් අතලොස්සට එකතු වූවාය. "හැමදාම.... එකම රටාව...." ඈ පසුපසින් හුන් ෆියෝනා තාලයකට පැවසුවාය. හසාරා හා ෆියෝනා හැරුණු කොට තවත් සිසුන් තිදෙනෙකුගෙන්ද, සිසුවියන් දෙදෙනෙකුගෙන්ද නවක සිසු පිරිස සමන්විත විය. ඔවුහු නේවාසිකාගාරයෙන් නික්මී කෘත්‍රිම ආලෝක ප්‍රභව වලින් අඳුර පළවා හරිනු ලැබූ, දිගු සෙවණැලි වලින් රටා මැවුණු විදුහල් බිම ඔස්සේ ජිම් අනුව පා නගන්නට ...
අළුත් මිතුරියක් - (iv-කොටස) තරු මිතුරෝ "ආ.... ඔව්.... න්.... නෑ.... නෑ.... තමුන්ලට ඒ කථාව අදාල නෑ....." පියවි සිහියට එළඹෙමින් ජිම් පැවසුවේ දැඩි හඬිනි. "මට දැන් යන්න වෙනවා.... වැඩ ගොඩක් තියෙනවා.... ගැහැණු ළමයින්ගේ නාන කාමර මේ කොරිඩෝවේ කෙළවරම තියෙනවා.... පාඩම් කාමරය පහළ තට්ටුවේ තියෙනවා.... ඒ වගේම තමයි මතක තියාගන්න, මේ නේවාසිකාගාරයේ විනය ගැන මං බොහොම තදින් හොයා බලනවා...." හේ පැවසුවේ හසාරා වෙත වැඩි අවධානය යොමු කරමිනි. ...
අළුත් මිතුරියක් - (iii-කොටස) තරු මිතුරෝ "ආ....හා.... තවත් අළුත් ශිෂ්‍යාවක්" "ඔව් මර්බෙට් මහත්මයා.... මම හසාරා සුවිමාලි" ඈ තරමක් ගෞරව සම්ප්රයුක්තව පැවසුවාය. "හසාරා සුවිමාලි. හැත්තෑ නව වෙනි ග්‍රහලෝකයේ කුමාරිකාව" ජිම් කියාගෙන ගියේය. "දැක්කනේ.... මම තමුන්ව දන්නවා.... ඒක නෙවෙයි, මට ඔය 'මර්බෙට් මහත්මයා' කියන කොටස කියන්න එපා.... නිකන්ම 'ජිම්' කියන්න. සරලවම.... 'ජිම්'. මොකද කෙටියෙන්ම කිව්වොත් 'මර්බෙට්', 'මහත්මයා' කෑලි වලට මම කැමති නැහැ." හේ අවසාන වාක්‍යය පැවසුවේ ...
විවාදයක් තරු මිතුරෝ පෙර දින රාත්‍රියේ සිටම සිහින් හඬින් ඇදහැලෙන්නට පටන්ගත් වර්ෂාව තවමත් නිමා වී නොමැත. නුබ කුස පුරා පැතිරී ගිය අළු පැහැති වැසි වළාකුළු හිරු කිරණ සඟවාලූ හෙයින් පරිසරය වෙළා පැවතියේ තරමක අන්ධකාරයකි. වැසි දියෙන් පෙඟුනු තුරු හිස් අතරින් හමා ආ ශීත මන්ද මාරුතය ගත හිරිගඩු නංවමින් ඈතට ඇදී යයි. වෙනදා තරම් ජනාකීර්ණ නොවූ පාසල් බිම හරහා, වැහිකබා හැඳගත් හෝ කුඩ ...
අළුත් මිතුරියක් - (ii-කොටස) තරු මිතුරෝ “ජිම් ! !” හසාරා විමතියෙන් එයම ප්රතිරාවය කළාය. “ඔව්, ජිම්.... ජිම් මර්බෙට් මහත්මයා.... එයා තමයිලු මෙහේ ශාරීරික අධ්‍යාපන ගුරුතුමා. ඒ වගේම අපේ නේවාසිකාගාර බලාගන්නෙත් එයා....” නමුත් එකවිටම යමක් මතක්වූවාක් මෙන් දැරිය කතාව මොහොතක් නතර කළාය. “ඒක නෙවෙයි..., මම ෆියෝනා ස්ටෝන්ස්. ඔයා...?” ඈ සුරත හසාරා වෙත දිගු කළාය. “මම හසාරා සුවිමාලි.” අතට අත දෙමින් හසාරා පැවසුවාය. ...
අළුත් මිතුරියක් - (i-කොටස) තරු මිතුරෝ සියල්ලටම ප්‍රථමයෙන් ඇගේ දෑසට සිත්තම් වූයේ ගේට්ටුව අසලින් ආරම්භ වී ඈතින් වූ ගොඩනැගිලි දක්වා දිවෙන පුළුල් මාවතකි. මනා ලෙස නඩත්තු කරන ලද මල් පැල එහි දෙපස සීමා සනිටුහන් කල අතර, බැසයන හිරුගේ ආලෝකය වැදී ඒවා දිළිසුම් දෙමින් පැවතුණි. මාවත දෙපසත්, පාසල් භූමියේත් තැනින් තැන මනා සෙවණින් යුතු සුවිසල් වෘක්ෂයන් වූ අතර ඒවා පාමුල බංකු තබා තිබුණි. විදුහල් බිම ජන ...
පෘථිවි ආගමනය - (v-කොටස) තරු මිතුරෝ කහ-තැඹිලි පැහැ තුරු මුදුන් මතින් සන්ධ්‍යා හිරු කිරණ නුබ ගැබ සිසාරා පැතිර ගොස් තිබුණි. විටින් විට වලාකුළු වියන් යටින් කැදලි කරා ඇදෙනා සියොතුන් ඒ මත අලංකාර රටා මැවීය. සිහින් මන්ද මාරුතයෝ ගත දැවටෙමින් ජනිත කලේ ප්‍රබොධමත් බවකි. නිශා යාමය එළඹීමට ඉතිරිව ඇත්තේ තවත් හෝරා කිහිපයක් බැව් සිහිපත් කරන්නට මෙන් රැහැයියන්ගේ නිනොනවතින නාදය වා තලය සිසාර පැතිර යාම ඇරඹී තිබුණි. ...
අළුත් මිතුරියක් - (v-කොටස) තරු මිතුරෝ ඈ යුහුසුළුව කුටියෙන් නික්මී ජිම් පසුපසින් යන්නාවූ නවක සිසුන් අතලොස්සට එකතු වූවාය."හැමදාම.... එකම රටාව...."ඈ පසුපසින් හුන් ෆියෝනා තාලයකට පැවසුවාය.හසාරා හා ෆියෝනා හැරුණු කොට තවත් සිසුන් තිදෙනෙකුගෙන්ද, සිසුවියන් දෙදෙනෙකුගෙන්ද නවක සිසු පිරිස සමන්විත විය. ඔවුහු නේවාසිකාගාරයෙන් නික්මී කෘත්‍රිම ආලෝක ප්‍රභව වලින් අඳුර පළවා හරිනු ලැබූ, දිගු සෙවණැලි වලින් රටා මැවුණු විදුහල් බිම ඔස්සේ ජිම් අනුව පා නගන්නට වූහ. හාත්පස වෙලාගෙන ...
හොල්මන් මාවත තරු මිතුරෝ සන්ධ්‍යා හිරු කිරණ ඇස ගැටෙන මානයේ වූ සියල්ලක්ම වාගේ සිය තැඹිළි වර්ණයෙන් හැඩ ගන්වා තිබුණි. කහ පැහැති හිසින් යුතුවූ තුරු පේළි අතරින් හිරු රැස් වියැකී යද්දී අඳුරු මීදුම් වලාවක් ලෙසින් අන්ධකාරය ගලා එමින් පැවතුණි. දහවල් කාලයේ සිසුන්ගේ හඬින් පිරුණු වා තලය දැන් නිහඬව සැඳෑ සුව විඳිමින් සිටින්නක් වැනිය. පන්ති කාමර පිරිසිදු කරනු වස් ඈත මාවතක් ඔස්සේ ගමන් ගන්නා සිෆ් ...
දබරයක් තරු මිතුරෝ වනාන්තරයේ සැඟවුණු දිනයෙන් අනතුරුව තවත් දෙදිනක් පමණ ජෙරමි හා චමිල ක්‍රීඩා පුහුණුවීම් වලට සහභාගී වූවද ඉන්පසු ඔවුන්ගේ රූ තවදුරටත් එහි දැකගත හැකි වූයේ නැත. දෙමිතුරියන් මෙන්ම ඔවුන්ගේ පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ද ඔවුන් දෙදෙනා ක්‍රීඩා පුහුණුව මගහරින බව දැන සිටියද, ඒ පිළිබඳ ගුරුවරුන් දැනුවත් කිරීමට තරම් උනන්දු නොවීය. එය දෙමිතුරන්ගේ වාසියට හේතු වූ අතර ඔවුන්ගේ නොපැමිණීම පිළිබඳ කිසිඳු අදහසක් නොවූ ...
ක්‍රීඩා පුහුණුව මග හැරීම තරු මිතුරෝ සිත නිදහස්ව ඇති විට කාලය වේගයෙන් ගලා යන බව සපථ කරමින් එළඹුණු සති අන්තයද ඉක්මනින් ගෙවී ගිය බවක් අප සිව් මිතුරන්ට හැඟී ගියේය. සුළුතරයක් හැරුණු කොට බොහෝ නේවාසික සිසු සිසුවියෝ සති අන්තයේ සිය නිවෙස් බලා යන බැවින් නේවාසිකාගාරයද පාළු නිහඬ බවක ගිලී යයි. ජිම්ගේ ගෝරනාඩුවෙන් ද මිදී ගතවන මෙවන් දින වලදී ප්‍රමාද වී නින්දට යාමට මෙන්ම ප්‍රමාද වී අවදි ...
රාත්‍රී ලුහුබැඳීමක් තරු මිතුරෝ සිව් මිතුරන්ගේ විවාදයෙන් අනතුරුව තවත් දින කිහිපයක් සුපුරුදු පරිදි ගෙවී ගියේය. පැහැබර කාළගුණයෙන් යුත් එම දින කිහිපයේදී ජිම්ගේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු නොකඩවා සිදු කෙරුණු අතර පාසලේ අධ්‍යයන කටයුතුද වෙනසකින් තොරව ගලා ගියේය. මේ කාලය තුලදී කිසියම් හෝඩුවාවක් වත් නොලත් හෙයින් ට්‍රාන්ස්මිටරය පිලිබඳ උනන්දුව සිව් මිතුරන්ගේ සිත් තුලින් මොහොතකට ඉවත්ව ගොස් තිබුණි. මේ වන විට විෂයයන් බොහොමයක ප්‍රගති පරීක්ෂණ ආරම්භ ...
විවාදයක් තරු මිතුරෝ පෙර දින රාත්‍රියේ සිටම සිහින් හඬින් ඇදහැලෙන්නට පටන්ගත් වර්ෂාව තවමත් නිමා වී නොමැත. නුබ කුස පුරා පැතිරී ගිය අළු පැහැති වැසි වළාකුළු හිරු කිරණ සඟවාලූ හෙයින් පරිසරය වෙළා පැවතියේ තරමක අන්ධකාරයකි. වැසි දියෙන් පෙඟුනු තුරු හිස් අතරින් හමා ආ ශීත මන්ද මාරුතය ගත හිරිගඩු නංවමින් ඈතට ඇදී යයි. වෙනදා තරම් ජනාකීර්ණ නොවූ පාසල් බිම හරහා, වැහිකබා හැඳගත් හෝ කුඩ ...
වැදගත් තොරතුරක් තරු මිතුරෝ "මනුෂ්‍ය ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ නිරන්තරව ක්‍රියාකාරී වීම සඳහා…. ඒ කියන්නේ ඇවිදින්න, දුවන්න, පනින්න වගේ කාර්යයන් වලට. නැතුව දවස පුරාම පන්ති කාමරයේ මේසයක් ළඟ වාඩිවෙලා, එහෙමත් නැත්නම් පරිගණකයක් ළඟ වාඩිවෙලා කාලය ගත කරන්න නෙවෙයි…." ජිම් ගේ උස් හඬ ක්‍රීඩා පිටියේ වා තලය සිසාරා පැතිර යන්නට විය. සිය සුපුරුදු ඇඳුම වෙනුවට විදුහල් ලාංඡනය සටහන් කරන ලද ජර්සියකින් හා දිගු ක්‍රීඩා ...
ජෝව් තරු මිතුරෝ ජෙරමි හා චමිල පෙරටු කොට ගත් ජිම් විදුහල්පති කාර්යාලයට ඇතුළු වන විට විදුහල්පතිතුමා සිටියේ සිය මේසය අසල අසුන් ගෙන ඒ මත වූ කිසියම් ලේඛණයක් වෙත යොමුවූ දෙනෙතිනි. කුටියේ ද්වාරය විවර වූ හඬ ඇසී හේ හිස ඔසවා බැලීය."බාධා කලාට කණගාටුයි පැට්රික් මහත්මයා.... මේ ළමයි දෙන්නා ඉස්කෝලේ ප්‍රධාන ජාලයට හොරෙන් ඇතුළු වෙන්න හදද්දී මං අල්ල ගත්තා...."ජිම් පැවසුවේ සිසුන් දෙදෙනාගේ උරහිස් වලින් ...
ප්‍රධාන ඇන්ටනාව බලා.... තරු මිතුරෝ එළඹුණු ඉරිදා දිනය ජෙරමිට නම් බොහෝ කාර්යබහුල වී තිබුණි. ප්‍රධාන පරිගණකයේ දත්ත ගබඩා හා සම්බන්ධ වී, ට්‍රාන්ස්මිටරය පිළිබඳව තොරතුරු සෙවීමට දවසින් වැඩි කාලයක් මිඩංගු කර සිටි හේ කෙතරම් අපහසු වුවද එය විකේතනය කිරීමේ කාර්යයටද අතගසා සිටියේය. දිනය පුරා විවේක සුවයෙන් පසුවූ චමිල; ආහාර අනුභව කිරීමේ වේලාවල් මතක් කර දෙමින් සිය මිතුරාට මහත් සහයක් දැක්වූ අතර ඒවා නොතකා සිටින විටදී ...