විඳීම්.... Dawasin Dawasata ඇයි හිටි හැටියෙම නපුරු උනේ හිතවිදින්න ගලකින් පුංචි පුතේඅම්ම කෙනෙක් වෙන්නැති පැටවුන් ඇතිඋන්ට මවක් දැන් නැහැනෙ පුතේපුංචි පැටව් බඩ ගින්නෙ හඬද්දීකෑම හොයාගෙන එන්ට ඇතීමියැදෙන්නට කලියෙන් ඒ අම්මටපැටවුන් ටික සිහිවෙන්ට ඇතීබලන් ඉන්නවා ඇති පොඩි පැටවුන්අම්මා එනකම් කෑම අරන්කව්ද ඉතින් දැන් ඒ දරු පැටියන්හුරතල් කරන්නේ තුරුලු කරන්අත්තක කොලයක් හෙලවෙන වාරෙමරැවටී අම්මා ඇවිත් කියාපුංචි කුරුළු තුඩු නෙත් දල්වාගෙනඅඬනව ඇති අම්මාව සොයාරෑට තමයි පාලුව ...
ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ.. Dawasin Dawasata වහලේ සිදුරු අතරින් වැහි බිඳු බේරේ..පොලවේ සිමෙන්තියෙ තෙත දෙපයට තේරේ..අඩක් පිරුනු කුස ගින්දර නොම නෑරේ..ගෙවෙමින් තිබේ සරසවි අවසන් වාරේ..සේදුව එකම ඩෙනිමත් තවමත් තෙතය..කමිස තුනේ මුල් පැහැ මට අමතකය..කොතරම් ප්‍රශ්ණ විසඳූවත් ගණිතමය..විසඳුම් නොමැති ගැටලුව දුප්පත් කමය..සුදුමැලි දෑස් තුල ඇඟ ලේ මදි හන්දා..කලුපැහැ වෙලා ඇස් යට නිදි නැති හන්දා..සඳ හැර ගියෙත් මම තරුවක් වුනු හන්දා..දිනයක් තියේ අපිටත් අරුණළු කැන්දා.. ...
මගේ සිහිනය Dawasin Dawasata මගේ සිහිනයටනුඹ ඇවිත්ඒ මතින්නුඹේ සිහිනයසතපවාවිඳින විටමමහැබෑ ලෙසනුඹේ සිහිනයමගේම කොටඅවදි වූවා නුඹනුඹේ සිහිනයෙන්මම තවම නින්දේ....
හිමිකාරිනිය Dawasin Dawasata මේ හැම කවියකම වචනනුඹට නුහුරු වෙන්නට බැහැඒ හැම සුන්දර සිතුවිලිනුඹෙ සෙනෙහස් තෙලි තුඩගින්මා සිත තුල සිත්තම් කලසිත්තරාවි නුඹ නිසාම
ඇති නැති Dawasin Dawasata පාන් කෑල්ලකට පොරකනකපුටු රංචුවක් දෙසරස මසවුලු බුදිමින්සීතල අවන්හලේ සිටහිනැහී බලති ඔවුන්එක පාන් කෑල්ලක්මදි නිසා රැලටමතවත් කෑල්ලක් විසිකරහිනැහී බලයි ඔහුඋන්ගේ කුසගිනි නිවූ සතුටින් ...
අ(සරණ) Dawasin Dawasata යලිත් දෙපයින් නැගී සිටිනටසිතා ගත්විට මෙමාමගේ සිතුවිලි වාරු කරගෙනඔබයි නැගිටුවෙ මා...
දේදුන්නේ අයිතිය... Dawasin Dawasata ලැබුන අසුරු සැනකින් නුඹ මා අමතනවා බලන්න...සැප දුක, මා තුටින් නේද ඉන්නේ කියලා...හදවත රැඳි දුක හංගා සනහස මුවගට කැන්දා..මා සිත වැලපෙනවා නුඹෙ සිත සතුටින් තියලා...හැඟුනද නුඹ දුකින් කියා මා කෙලෙසින් විමසන්නද...මියුලැසියේ ඔබ ඉන්නේ දුකින් නොවෙද කියලා...සිතුනත් නුඹ ගැන සොයන්න මගෙ කතාව කියා ගන්න...බැරි හන්දා මා ඉන්නේ හදවත ගොලු කරලා...දේදුන්නේ ලස්සන දැක සිතුනත් නතු කරගන්නට...බැරි බව දැනෙනවා ඩිංගක් බැලුවම තතු සොයලා...දේදුන්නේ ...
ලියමන Dawasin Dawasata හිතේ තනියට පාලුවට පොඩි නිවාඩුවකට යන්න කියලාලැබුනාම මාසෙම මහන්සිය එනව මැණිකේ නුඹව සොයලාසින්න වෙන්නට කලින් බේරා ගන්න උගසට තියපුවාමතක් වෙනවා පුංචි දූ ගෙන එන්න කියලා කියපුවාඅම්මගේ බේතුත් අහවරයි මතක හැටියට මගෙ හිතේකඩේ මුදලාලිටත් බේරන්නට ඕනි ගානට සතේපුතා ඉල්ලපු වයින් කාර් එක මේ සැරේ මම අරන් එන්නම්උඹට ලස්සන ගවුම් රෙද්දක් අනිත් පඩියට ගෙනත් දෙන්නම්රූල් කොලයක් පිරෙන්නට තියනවා වියදම් අඩු නැතීබෝඩිමේ ගානත් ...
විඳිනව නම් නුවර එලිය මෙහෙමයි ඇත්තටම ඔන්න.. Dawasin Dawasata කොලඹ රටේ මහත්වරුන් හිත ගින්දර නිවා ගන්න..අපෙ දුකින් හීතල වුනු නුවර එලියෙ එනවා..කොලඹ තියන කුණු කඳු උස මදි හින්දද මන්දා..අපෙ කරදර වලින් උපන් කඳු නගින්න යනවා..අඩියක් අඩියක් ගානේ ගලනා අපෙ දුක් කඳුලැළිඔබලා හරි ආසාවෙන් බලාන හිනැහෙනවා...අන්තිමේදි අපෙ හිනාව හිතේ තියන මනුස්සකමවිතරක් පින්තූර අරන් යලි යන්නට යනවා...දවසක නෝනල බේබිල අපෙ ලයිමට ඇවිත් යන්න..හීතල අඩු වෙන්න ඇහැකි උණු උණු රොටි හදා දෙන්න..ගෙදර ...
ලියමන - (හිරුත් හිම පියල්ලක - 2010) - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල Dawasin Dawasata මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ආදරණීය කලා කරුවාව ගොඩක් දෙනෙක් දන්නේ "සෙංකොට්ටං" කෘතිය තුලින්. නමුත් ඔහු කවියෙක්. ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වුනු "හිරුත් හිම පියල්ලක" කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන ලබනවා. එහි ඇති "ලියමන" නම් කවි පංතිය නර්ථණ කණ්ඩායමක සිටින යුවතියක් ගැන ලියවූවක්. අප බාහිරින් නොදකින ඔවුන්ගේ ජීවිත වල ඇතුල් පැත්ත ඉතා සංවේදී ලෙස මෙයින් ඉදිරිපත් කර තිබෙනවා. නෙලුම් ...
මතකයි මමත් රැවටුනු හැටි මිරිඟුවට... Dawasin Dawasata ප්‍රේමය, විරහව, මේ සියල්ල අප තනිව විඳිනවාට වඩා අප සමඟ සියල්ල බෙදා ගන්නා සොබාදහමත් සමඟ බෙදාගත හැකිය.රතඹුරු හිනා වෙනකොට හිරු පායද්දී...තණ අග පිණි කඳුළු වැලපේ මියැදෙද්දී...මා හැර ගොසින් ඔබ ඔහු හා හිනැහෙද්දී...නෙතු වැලපේවි මතකය සිත පාරද්දී..සඳ සාවියට කඩුපුල පෙම් බැන්දාට...තරු හිනැහේද සඳු පායපු ඒ රෑට...මා හැර ගිහින් ඔබ සනහස වින්දාට...සිත හඬනවා නෙත අවනත වූවාට...ඉර පායලා මන්දාරම එකතු කොට..මොහොතක ජීවිතය දී ...
අපේ කසළ කන අපේ වන අලි... Dawasin Dawasata පහත ඡායාරූප පෙලින් දිස්වන්නේ කසළ ආහාරයට ගන්නා අලි රංචුවක්. කන්තලේ සිට සේරුනුවර දක්වා දිවෙන මාර්ගයේ යන බොහෝ දෙනෙක්ට මේ අලි රංචුව දැකගන්නට පුලුවන්. මෙතැන තමයි කන්තලේ ප්‍රාදේශීය සභාව කසල බැහැර කරන ස්ථානය. මෙසේ කසල ආහාරයට ගැනීමේන් මෙම සතුන් බොහෝවිට මරණයට පත්වෙන්න හැකියාවක් තියනව. මොකද මේ කසල සමඟ තියෙන පොලිතින් වැනි දේත් මේ අය ආහාරයට ගන්න නිසා. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් ...
පැතුම Dawasin Dawasata පියා ගතිමි නෙත් මට නුඹ නොපෙනෙන්නවසා ගතිමි දෙසවන් නුඹ නොඇසෙන්නආසයි මමත් නුඹ මෙන් ජිවත් වෙන්නනින්දෙදි සිහිනයෙන් මා වෙත නොම එන්නහිත හැම තැනින් නුඹ ගැන මතක එක්කොටපා කර හරින්නද මම මහවැලි ගඟටමතකෙට ඇවිත් යලි යලි හිත බිඳින විටතරහක් නෙමෙයි ඇතිවෙන්නේ දුකක් මටරෙබරෝසියා මල් පාවඩ ඇතිරූ මාවතේනුඹයි මමයි ඇවිද්ද හැටි ඇත තවමත් හිතේඅද රැඳුනේ නැතත් නුඹේ දෑඟිලි මා අතේනුඹට සතුට සොම්නස මම ...
(අ)මතක... Dawasin Dawasata කිරිකැටියෙකුත් කර පින්නා, නුඹ බසයට ගොඩවුනේ... නොසිතුව වෙලාවක...මතකය සිත පුරා පිබිදිනි, මා පෙම් කල නුඹට, සුන්දර අතීතෙක....දෙනුවන් විකසිතව, ඔබ පුදුමින් බලා, හෙලු ලෙංගතු සිනාවක..සැඟවී තිබෙනු දුටුවෙමි දිවියේ, නොනිමෙන හිස් බව මම මනාවට...පුද දුන් අසුන පිලිගෙන දරුවා ඇකයේ තියා...පොඩ්ඩා හිනාවෙයි සෙනෙහස මේ යැයි මට කියා...නොවෙදෝ ඔබට දුන්නේ මා පෙම් හසුනක් ලියා...ඒ බැව් සිහිවෙලා මට තනියම සිනහා ගියා...මාගේ පුතුන් දෙදෙනත් බිරිඳත් නිවසෙහි ...
දයා අල්විස් රංගන ශිල්පියාණනි ඔබට නිවන් සුව...!!! Dawasin Dawasata 1944 දී පයාගල දී උපත ලැබූ දයා අල්විස් මහතා ඉගෙන ගත්තේ කළුතර විද්‍යාලයේ. ඔහු නළුවෙකුට අමතරව වාදකයෙක් හා ගායකයෙක්. ඔහු 1958 දී පමණ රාගධාරී සංගීතයෙන් ගාන්ධර්ව විභාගය සමත්වුණා. ඉන්පසු ඔහු හේවුඩ් එකේ මහාචාර්ය එච්.ජී.එස්. ජයසේකර ළඟට සංගීතය ඉගෙන ගන්න යනවා. එහිදි සනත් නන්දසිරි, වික්ටර්, මර්වින් පෙරේරා වැනි අය මිතුරන් බවට පත් වුනා. අනතුරුව ඔහු භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. ඔහුට මුල්ම ...
රැයෙහි උපන් සිතිවිලි Dawasin Dawasata අහා....ගගනත පුරා සඳ වැතිරීරුවල් නගා යයි පාවීවැලඳ ඇගේ ඉරණමහිනැහෙමින් තුටින්...සැඟවෙමින් බොහොම විටපුහුදුන් ඇසින්නිවා වත මදහසමන්දාලෝක වෙමින්...වළාකුලු ඉරී වෙන්වීපියාඹන විටමබලන් ඇගේ ආත්මයපිපී ගගනත දුලින්... ...
සිදාදියේ නුඹ... Dawasin Dawasata ගෙවුනු අතීතය කෙතරම් සුන්දර දැයි සිතන්න....නොදුටුව අනාවක වෙනුවෙන් මා හැරදා නොයන්න...සුන්දර මතක ගොන්නක් සින්නක්කර ගෙන විඳින්න....ඇත්තෙන් හිතට හරි මදි ඔබ ඔබෙ පංගුව ගන්න....ඔබ මා ඇවිද ගිය තැන්වල දූවිලි මල් පිපුනු...නොවැටී ගියා මතකයි මං මාවත් වල පොකුණු...ගිනියම් වැස්ස ඇද හැලෙනා විට දහවල දරුණු...ඔබ මට මුවා වෙයි එනමුදු ගත ඩහදිය පෙඟුනු... සිදාදියත් නුඹ වාගෙම අමුතුයි විසිතුරුයි....සැමදා අලුත්වෙයි දැකුමට ආසයි පියකරුයි...එනමුදු පිටට වැඩියෙන් ...
නොනගතය නිමාවිය.... Dawasin Dawasata අපි අද අලුත් අවුරුද්දට වැඩිහිටි නිවාසයකට දානයක් දුන්නා. මෙතන මේ වෙනකොට 21 දෙනෙක් නේවාසිකව ඉන්නව. එයින් 16 දෙනෙක් ම යම් යම් මානසික රෝග වලින් පෙලෙන අය. මේ අයව මෙතනට යොමු කරල තියෙන්නෙ අංගොඩ මානසික රෝහලෙන්. මොකද මේ අයගෙ භාර කාරයො මේ අයව ගෙනියන්න අකමැති නිසා සහ ඇතැම් අය ව්‍යාජ ලිපිනයන් යොදා ලෙඩුන් අතුලත් කරල නිසා තමයි මේ අයට මේ වගේ ...
අලුත් අවුරුදු..... Dawasin Dawasata නගරයටත් අවුරුදු ඇවිල්ලා...කොහාට අමතක වුනු අවුරුද්දේ... යකඩ කටින් මුදලාලි කෑගසා පවසයි අවුරුදු ආ බව සතුටින්...කැවිලි හදන්නට කරදර හන්දා... කැමති උනත් දන්නේ නැති හින්දා කඩෙන් අරන් එයි කැවිලි පිටින්...ගමේ යන්න වියදම් යන හින්දා... අතේ කාසි දැන් ඉවරත් හන්දා අවුරුදු සමරයි නගරෙ ඉඳන්...දුවල පුතාලා ඒ යැයි සිතලා... අරන් තියපු කජු ටික පුස්සාලා අම්ම හදයි රස කැවිලි ඉතින්....ගමෙත් අවුරුදු....කොහාට අමතක නෑ අවුරුදු බව ...
දිවියේ තිබෙන අනියත බව තේරෙනවා... Dawasin Dawasata ඊයෙ මහරගම පිලිකා රෝහලට ගියා ලෙඩෙක් බලන්න. ඒකත් අමුතුම ලෝකයක්. අපේ මිනිස්සු තවමත් අපේ සංස්කෘතියෙන් අපිට උගන්නපු හොඳ දේවල් පුරුදු පුහුණු කරන නිසාම එතනට ගොඩක් දාන නම් ලැබෙන බව දැනගන්න ලැබුනා. රෝගී වෙලා හිටපු ගොඩක් වැඩිමහලු අය අතරෙ බොහොම ලස්සන පාසැල් යන වයසෙ කියල හිතන්න පුලුවන් ගැහැනු ලමයෙකුත් හිටිය. මේ ලමය ඇඳ උඩ වාඩි වෙලා ඔලුවත් පහත් කරන් කකුල් දෙකේ ...