අහස සේ... Dawasin Dawasata නුඹ අහසේ වළාකුලක්හරි සුන්දර රටා මවනවශී වෙලා බලන් හිටියෙ මමහැම මොහොතෙම වෙනස් වෙමින්ජීවිතයම නැවුම් කරනවෙලාවකට පුදුමයි නුඹ ගැනහිරුගෙ දාහයෙන් මුදන්නමුවාකලා ඉරසඳුගෙ කාන්තිය ගලන්නමුවා වුනා නුඹඉතින් කොහොම ඉන්නදපෙම් නොකර නුඹට මමනුඹ අහසේ වළාකුලක්හරි සුන්දර රටා මවනවශී වෙලා බලන් හිටියෙ මමහදිස්සියෙම වෙනස් වුනෙත්දුරස් වුනෙත් නුඹඅඳුර වෙළා විදුලි මවානපුරු වුනෙත් නුඹනුඹ ගැන තේරුම් ගන්නටවෙහෙසෙමි තව මම ...
පැතුම Dawasin Dawasata පියා ගතිමි නෙත් මට නුඹ නොපෙනෙන්නවසා ගතිමි දෙසවන් නුඹ නොඇසෙන්නආසයි මමත් නුඹ මෙන් ජිවත් වෙන්නනින්දෙදි සිහිනයෙන් මා වෙත නොම එන්නහිත හැම තැනින් නුඹ ගැන මතක එක්කොටපා කර හරින්නද මම මහවැලි ගඟටමතකෙට ඇවිත් යලි යලි හිත බිඳින විටතරහක් නෙමෙයි ඇතිවෙන්නේ දුකක් මටරෙබරෝසියා මල් පාවඩ ඇතිරූ මාවතේනුඹයි මමයි ඇවිද්ද හැටි ඇත තවමත් හිතේඅද රැඳුනේ නැතත් නුඹේ දෑඟිලි මා අතේනුඹට සතුට සොම්නස මම ...
කෙල්ලේ Dawasin Dawasata ගලා හැලෙන දිය ඇල්ලක සුන්දර බව කෙහෙරැල්ලේසෙනෙහස පිරි නුඹෙ සිනහව රැල්ලකි පිපෙනා වැල්ලේනුඹෙ දෙතොලේ පැහැය දුටිමි ලියලන පොඩි නා දල්ලේකෙලෙසක නම් නුඹේ මතක අමතක කරමි ද කෙල්ලේ ...
ලද නොලද ජීවිතය Dawasin Dawasata පොඩි ගේට්ටුව ඇරන්පඩිපෙල නැගගෙන මහ රෑට මහන්සියතට්ටු කල විට දොරටඅපිරිමිත සෙනෙහසින්දොර ඇරන් සිනාසෙනතේ එකක් හදන්නම්ඔයා ඇඟ හෝදන්නයන්තමින් මධුවිතක්රස දැනෙයි හදවතටමම කෑම හැදුවාකෝ එන්න කවන්නසයනයේ නුඹෙ සුවඳලද නොලද ජීවිතය ...
නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක් Dawasin Dawasata අහස කඩා වැටුනා වාගෙයි හිසටසයුර ගලා හැලුනා වාහෙයි නෙතටපරවුනු කුසුම් සහසක් පුදදී හදටඇයි නුඹ ගියේ වාවන්නේ නෑ හිතටසුන්දර මතක එක එක ගෙන එකතු කොටලස්සන සිහිනයක් මැවෙනව විටින් විටමියැදෙනු නොදී ඒ සිහිනය සැබෑ කොටඑනු මැන බිසව් මා හදවත එකලු කොටගෙවෙනා තත්පයර හෝරා අනන්තයක්අපි පහු කලේ නිම නොවෙනා වසන්තයක්නුඹ නම් මෙ මට මිහි පිට මැවු තුසීතයක්නොගෙනෙනු මැනවි මට නුඹ නැති අතීතයක් ...
හුස්ම Dawasin Dawasata පිට වෙන්නට කලින් මගෙ අවසන් හුස්මආසයි අහන්නට නුඹෙ හදවත ගැස්මගැහුනත් මගේ හදවත පැය තුන් තිස් මමා ජීවත් කලේ නුඹ ගෙන් ලද හුස්මගුලි කර අරන් හිරු සඳ තරු අත් මිටටපනවන්නට හිතයි ගනඳුර මුලු ලොවටකාලය නවත්වා හරවා පසුපසටආසයි එන්න දුවගෙන මට ඔබ ලඟටහිතට දැනෙන වේදනාව අකුරු කරන්නුඹ ගැන නැගෙන සිතුවිලි නෙතු අගට අරන්සුවපත් කරන්නට මා ඔබ ලඟට කරන්එනතුරු බලමි පෙරමඟ මම දෑස් ...
ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක් Dawasin Dawasata ගිම්හානයේ අකලට වට මුතු වරුසාවක්මැවූ දේදුන්න ඔබයි අහසේජීවිතයම අද වෙනකොට කඳුලු කතාවක්ගිහින් ඔබ මටත් හොරා රහසේමරු කතරේ නිල්ල නැගුනු කෙම් බිමක් ලෙසින්පවසට පැන් විලක් ම වූයේකෙලෙස හිතන්නද මා නුඹ මිරිඟුවක් වෙසින්අරුත දිවියෙ නුඹමයි කීවේඅඳුරු අහස් කුස එලිකල විදුලියක් වගේජීවිතයට එලිය ගෙනාවේසත්තයි නුඹ සැබෑ නොවෙන හීනයක් වගේනින්දෙදි මා සමඟ හිනාවේ ...
සිතුවිලි Dawasin Dawasata දඟ කරන් හිත ගාවහිනැහෙමින් නෙතු ගාවජීවිතය පැතුවාමනෑ සිතුවෙ කිසි දිනෙකහැර දමා යැයි මාවමගෙ සුසුම් නුඹෙ වතේනුඹෙ සුවඳ මා ගතේපෙමින් හිනැහුනු නෙතේසිත් දෙකක් එක සිතක් වීනමුත් අද නුඹ නැතේමියැදුනත් හිත මගේපිරි කඳුලු නෙතු අගේනුඹ හීනයක් වගේපුදුමයි අතැර ගිය හැටියලි නැගෙන් සඳ වගේ ...
විඳීම් Dawasin Dawasata ගිම්හානය ගෙවී එලැඹී වස්සානේපතොක් ගසක කටු මත පිපිලා හීනේනැවතුනු හදක් පිරිමැද ගෙන දී ප්රාණේජීවත් වෙන්න අරුතක් නුඹ කීවානේතනිකම කැන්දාන පිල්කඩ මත හිඳුවාමීවිත හැමදාම වැලපෙන හිත හැදුවාමා ගැන කවුරු නැතුවත් ඉර හඳ බැලුවාඑලියට වඩා අඳුරට මම පෙම් කෙරුවාඅඩියෙන් අඩිය අත්වැල වී නැගිටින්නතනිකම මකන්නට තනියට ලඟ ඉන්නඅඳුරට හැරුනු හදවත එලි කරවන්නමීවිත කුමට නුඹ ඇති මට මත් වෙන්න ...
කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම.... Dawasin Dawasata කවිය කියන්නේ යමක් කීම නෙමෙයි කියා ගන්න බැරි යමක් කීම....(ගුරු තරුව වේදිකා නාට්‍යයේ ගීතයකි)සාහිත්‍ය ගුරුතුමා : -කිසි අදහසක් නොදිටිමි දෙන පහන සිළුසෙවණැලි වැටී ඇත ගෙයි හැම තැනම ගොලුදොර හැර ගියෙමි රැහි පළඟැටි හඬය රළුමිදුලේ වියන ලදි සඳ රැස් පැදුරු මලුසංගීත ගුරුතුමිය : -වැටකොටු කුමට අලියෙකු හට වෙසෙන වනේමට මඩ වගුරු ලඟ පරසතු සුවඳ දැනේසිට දැන් නැතත් සිතුවත් හුරු අඳුරු කොනේවට ...
සිඟන අම්මා Dawasin Dawasata අපේ වරදට වන්දි ගෙවනාමගෙ පුංචි සුදු පුතේදන්නවා මම නුඹට දැනෙනානිමක් නැති දුක හිතේඅදත් ආවා නුඹ බලන්නටඑහායින් ඉඳ වැටේබලන් හිටියා උඹේ හුරතල්හංගලා දුක නෙතේඅයියලා මල්ලිලා හිටියත්හුඟක් දුක සැප බෙදාමවකගේ උණුහුමේ අඩුකමකෙලෙස ගන්නද හදාතාත්තෙක් ඉන්නවා උඹටත්නොගත්තත් උඹ වඩානොදැක්කොත් උඹ මෙහෙමවත් මටගන්න බෑ හිත හදාපෙලක් විට මට හිතෙනවා උඹ නුදුන්නානම් කියාඒත් එහෙනම් උඹයි ඉන්නේ මගේ ඇකයේ තියාබොහොම අකමැත්තෙන් උනත් මමපොතේ නම ගම ලියාහැරී ...
(අ)මතක Dawasin Dawasata තවමත් නුඹ මගේ හදවත පාරනවාසිතුවිලි මතක රිදවන්නට තෝරනවාඅතැඟිලි තුලින් මියැදෙන හිත බේරෙනවානෙත බොඳ වුනත් හදවත මගෙ වාවනවාහිනැහී තුටින් ඉන්නා නුඹ දැක්කාමසතුටුයි නමුත් පුදුමයි නුඹ ගැන බොහොමඉස්සර මතක අමතක නැති හන්දාමපුලුවනි නුඹට පාරන්නට හිත තාමඉඳහිට හෝ මා මතකෙට නැගෙනවැතිනුඹට හොරෙන් හදවත ඉකි බිඳිනවැතිකිසිදා එලෙස නොවෙතත් ඒ බව නොසිතීමිරිඟුව වුනත් කතරට හොඳටෝම ඇති ...
දවසක් පැල නැති හේනේ.... Dawasin Dawasata හේනේ වැස්සට අසුව ගහක් යට හිටගෙනේමට උඩින් නැමීගෙන මාව නොතෙමෙන මෙනේඔසරියෙන් මා වසා අම්මෙ ඔබ තෙමුණනේඅම්මේ ඔබ නැති ලොවක මා කෙලෙස ලොකු වුණේඉහත කවිය 'දවසක් පැල නැති හේනේ' ගීතයේ ගේය පද රචක අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්නයන් විසින් තම මව සිහිකර ලියූවකි. ඉහත කවියේ සිදුවීම ඔහුගේ සත්‍ය අද්දැකීමක් බවත් ගීතයට පාදක වූයේ එය බවත් ඔහු තම මවගේ අභාවයෙන් පසුව 'ඉරිදා ලක්බිම' පුවත්පතට ...
විමලරත්න කුමාරගම කවියා පිලිබඳ කෙටි සටහනක් Dawasin Dawasata බුද්ධදාස ගලප්පත්ති කවියාගේ සහෘද සටහන් පලමු කොටස කියවන විට එහි තිබූ විමලරත්න කුමාරගම කවියා පිලිබඳ ලියවුනු ලිපිය දැක ඔහු ගැන පොඩි සටහනක් තබන්නට සිතුනා. 1919 ජනවාරි 18 වෙනිදා නාරම්පනාවේ උපත ලැබූ කුමාරගම කොලඹ යුගයේ කවීන් අතර ඉහලින්ම කතා කරන කවියෙක්.කවි දහස් ගණනක් ලියූ කුමාරගම විසින් ලියා පළකරන ලද්දේ කවිපොත් දෙකක් පමනයි. ඒ 1942 දී පළකර “සංවේග වේදනා” සහ 1946 දී ...
සඳ සාවිය Dawasin Dawasata සාවියක ලෙස උණුහුමටගෙවෙනතුරු හද දවන සීතලරැඳී පුලුල් උර මතවසන්තයේ නික්මයන බවනොකීවත් නුඹදැනුනු හන්දා මටසිත්තම් කලෙමි රුවදකින්නට ඉඳහිටහිමකර මත
කුඹල් කරුවාගේ ගීතය Dawasin Dawasata නුඹේ වික්ශිප්ත සිත..ප්‍රේමයේ සකපෝරුවේ..සෙනෙහසේ අතැඟිලි මතින්..විශ්වාසයේ සිහිල් දිය..මුහුකොට තැනූ..විවාහය නම් පුන්කළස..ඉහල මිලකට අලෙවි විය..තැනුම් මහන්සියවත් නොලැබී මට.. ...
කෙටි කසාදය Dawasin Dawasata සිතාසි ලියමන ලැබුනා ඊයේඅම්මා ලියමන අරගත්තේඅප්පච්චී කිව්වට පස්සෙයි මංඋසාවි දිනයත් දැනගත්තේදෑඟිලි එක්කල රන් හුය කොතැනදඅප දෙදෙනා මඟ හැරගත්තේඔබයි මමයි දරු පැටියයි නොවෙදෝඅන්තිමටම තනි වී ඇත්තේඔයාගෙ නැහැයයිමගේ ඇස් දෙකයිවාත්තු කරලා දූගෙ වතේකොහොමද දෝනිව බෙදාගන්නෙ අපිතාමත් මට වැටහෙන්නෙ නැතේඅම්මේ තාත්ත අදවත් ඒවිද?අසමින් දැවටෙන මගේ ගතේමෙච්චර හරියක් කොහොම කියන්නදදාහක් දේවල් මගේ හිතේඅවසන් වරටත් කතා කරන්නටඑන්නට සිතුනත් ඔබව සොයාමගෙ හිත හෙමීට මටම කියනවාඔබ මට ...
2009 - 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය / ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් Dawasin Dawasata ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට තව දින කීපයයි. පොත් ලයිස්තුවක් අතැතිව ගියොත් තෝරා ගන්න ගොඩක් ලේසි වෙයි. නමුත් හොඳ පොත් කොහොමද දැනගන්නේ කියන එකත් ප්‍රශ්ණයක්. ඒක නිසා පොඩි පොත් ලයිස්තුවක් හැදුවා. 2009 සිට 2016 දක්වා රාජ්‍ය සාහිත්‍ය සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් එමෙන්ම ස්වර්ණ පුස්තක සම්මානිත සහ සම්මාන සඳහා නිර්දේශිත වූ පොත් මේ ලයිස්තුවේ තියෙනවා. නිර්ණායක හරියටම හරි නැති වෙන්න ...
ගමනක් යමු.... Dawasin Dawasata ජීවිතය :- මෙච්චර කලියෙන්?මරණය :- ඇයි ලෑස්ති නැතිද තවම?ජීවිතය :- මම හිතුවේ තව පරක්කු වේවි කියලමරණය :- කලින් ආවජීවිතය :- මට ඩිංගක් වෙලා දෙන්න ගෙදර කට්ටියට කියන්නමරණය :- මොනව කියන්නද ඔච්චර මීට කලින් නොගිය වගේජීවිතය :- ඒ උනාට නොකිය ගියොත් දුක හිතාවිමරණය :- කලින් කිව්වෙ නැද්ද ඉතින්? දන්නව නෙව යනව කියලජීවිතය :- දිනයක් කිව්වේ නැහැ මම යන්න වේවි කියල කිව්වමරණය ...