දිසාපාමොක් මතක පලමු කොටස - විනය පාලක කතා වස්තුව හා සියවස පුස්ථකාලය සුදු පූසාගේ අඩවිය ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය ලියන්න ටික කාලෙක ඉදලා ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින් දවස මගහැරුණා කියමුකෝ. ඒ හින්ද නියපොතු ටිකත් උල් කරගෙන පූසා ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. පූසා පොඩි පැටියා කාලේ ඉදලා උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන සැරෙන් සැරේ ලියන්න ඕනෑ කියලා හිතුනත් ජම්බුතුමා ගැන විතරයි ලියාගන්න පුලුවන් වුනේ. ගුරුවරුත් කොටස් දෙකකට බෙදන්න පුලුවන් එපාම කරපු සහ ...
සුභ ගමනක් වේවා තුමනි..... සුදු පූසාගේ අඩවිය වසර දෙකක බ්ලොග් කෙරුවාව ඇතුලතදී බ්ලොග් ලෝකයේදී හමුවු සොඳුරු මිනිසුන් අතරේ විචාරකතුමා මටත් බොහොම සුවිශේෂි පුද්ගලයෙක් බවට පත්වූනා. සැබෑ ජීවිතයේදී මට එතුමා මුණ ගැසුණේ සයිබර් සිහින උළෙලේදී අහඔුලෙසින්. ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවිආයුධ පදක්කම් පලදනා හමුදා නීතිය මෙන්ම පැරණි මෙහෙයුම් පිලිබද සාමාන්‍ය ස්ථානයකින් ලබාගත නොහැකි තොරතුරු කියවන්නන්ගේ සිත්ගන්නා ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සතුවූ හැකියාව ඉතා ඉහලමට්ටමක පැවතිබව නොරහසක්. දවසක් ...
අපි නොදන්න චෙක්පත් - දෙවන කොටස සුදු පූසාගේ අඩවිය අපි නොදන්න චෙක්පත් පලමුවෙනි කොටසින් චෙක්පතක් කියන්නේ මොකක්ද කියලා වගේම චෙක්පතක මූලික කොටස් මොනවද කියලා මම සටහන් කලානේ. අද ලිපියෙන් චෙක්පත් රේඛණයන් ගැන හා වලංගු කාල සීමාවන් ගැන විස්තර කරන්න තමයි හදන්නේ.සාමාන්‍ය විදිහට චෙක්පතක් ලිව්වා නම් ලිව්ව දිනයත් ඇතුලත්ව මාස හයක කාලයක් දක්වා වලංගු වන අතරම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට චෙක්පත ලිවූ දින සිට වසර දෙකක කාලයක් ඇතුලත හැකියාව තිබෙනවා. චෙක්පතක් රේඛණය ...
අපි නොදන්න චෙක්පත් - පලමු කොටස සුදු පූසාගේ අඩවිය ජීවිතේ කවදහරි දවසක ඔයාලටත් මොකක්හරි දේකට චෙක්පතක් ලැබිලා ඇතිනේද? එහෙමත් නැත්නම් ඔබ චෙක්පත් මගින් ගෙවීමක් සිදුකරලා තියෙනවා වෙන්නත් පුලුවන්. ඔයාගේ නමට ලැබුණ චෙක්පත බැංකුවේ කවුන්ටරයට ගෙනිහින් මුදල් බවට පත්කරගෙන හෝ ගිණුමට තැන්පත්කරලා මුදල් අරගෙනත් ඇති නමුත් ඒ පිටිපස්සේ තියෙන විශාල ක්‍රියාවලිය ගැන ඔයාල ටිකක් හරි දැනගෙන සිටියාද? මම චෙක්පත් සම්බන්දව කාලයක් තිස්සේ කටයුතු කරන හින්දා අපේ ගණුදෙණූකරුවෝ කරන වැරදි ගොඩක් ...
මල්සරාගේ කතාවස්තුව සුදු පූසාගේ අඩවිය දඩාස් ගාල මොකද්ද වැටෙනවා වගේ සද්දයක් ඇහිලා නිදාගෙන හිටපු මාව උඩගිහින් බිම වැටුණා. වෙලාව පාන්දර දෙකත් පහුවෙලා යකෝ මේ මහ රෑ ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්නේ ගෙට හොරෙක් පැන්නවත්ද? කෑගහන්නත් හදලා කෝකටත් බලන එක හොදයිනේ කියලා ඇදෙන් බැහැලා ඇවිල්ලා වටපිට බැලුවාග බලපුවම කාමරේ ජනේලෙ වහලා නැතුව හුලගට බිත්තියේ වදිනවා ඒක දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. එතකොටමයි මතකෙට ආවේ මම ...
ලේ දන්දීමේ පින්කමට මත්තෙන් සුදු පූසාගේ අඩවිය "මා වැනි බිළින්දා මරුවා යයිද කැන්දා අනේ ඒ හින්දා දෙන්න ලේ බිදු මාමා නැන්දා" නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට සැකයක් නැහැ. අපේ ලංකාවේ පිළිකා සඳහා ප්‍රතිකාර ලබන පුංචි නංගිල මල්ලිලා අඩු වයසින් ඉපදුන ළමයින්, හදවත් සැත්කම් වලට ලක්වන ළමයින්ට වගේම වැඩිහිටියන්ට සහ ඩෙංගු රක්තපාත තත්වයට පත්වෙලා රුධිරය මෙන්ම ...
බැංකුවේ ජීවිතේ තුන්වන කොටස - පුද්ගලික ණය හා හණමිටි අදහස් සුදු පූසාගේ අඩවිය වස්සානයේ හිරිකඩත් මීදුමත් අතරින් අවධි වූ ලෝකයෙන් තවමත් හිරුඑලිය වහන් වෙලාය. නගරය පුරා එහි අණසක පැතිරෙන විටදී තවත් වරක් නිදන්නට සිතුනත් හිරු එලිය පොලවට සැපත්වන නිමේෂයේදී රාජකාරි ස්ථානයත් වේලාවත් සිහිවන විටදී ක්ෂණිකවම නිදිමත මා වෙතින් පලා යයි.රාජකාරී ස්ථානයේ පඩිපෙල නැග පුටුවේ වාඩි වූ මොහොතේ සිට විවිධාකාර ප්‍රශ්ණ හා ගැටෙමින් ලිපිගොණු අතර කාලය ගෙවෙන විට පුද්ගලික ජීවිතයේ සියල්ල අමතකය. රාජකාරි ...
පින් ඇති සරසවි වරමක් දෙන්නේ සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල සමත්වන සියලුම අයෙකුගේ සුන්දර සිහිනයක් වන්නේ සරසවි වරම් ලබාගැනීමටයි.අවාසනාවට එලෙස සරසවි වරම් ලබා ගැනීමට හැකි වන්නේ විසිහත්දහසකටත් වඩා අඩු සිසුසිසුවියන් පිරිසකට පමණක් වීමය. අධ්‍යන වර්ශ 2015/16 වසර සදහා අදාල වන අවම කඩයිම් ලකුණු අද මධ්‍යහනේ සිට නිකුත් කිරීමට විශ්වවිද්‍යාල ප්‍රවේශ කොමිෂම කටයුතු කර තිබුණි.මෙවර 2015/16 වර්ශය සදහා පිලිගත් විශ්වවිද්‍යාල දාසතරක් මණ්ඩප තුනක් සහ උසස් ආයතන දහයක් සදහා ...
බැංකුවේ ජීවිතේ දෙවන කොටස - හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව සුදු පූසාගේ අඩවිය දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය ...
කජුකැලය හරහා කටුබැද්ද මතක තෙවන දිගහැරුම - දොස්තර නෝනාගේ දැනමුතුකම් සහ බ්ලඩ් ප්‍රෙශර් සුදු පූසාගේ අඩවිය පලමු දිගහැරුමදෙවන දිගහැරුම අද කියන්නට යන්නේ මොරටුව විශ්වවිද්‍යාල ශාඛාවේ ගත කල කාලසීමාවේදී මුණ ගැසුණු තවත් අපූරු චරිතයක් ගැනය. ඉහත ජායාරූපයේ ඇත්තේ මොරටු සරසවියේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයයි. මේ තුලද ඉතා රසවත් පුද්ගලයින් කිහිපදෙනෙකුම වූ අතර මෙහි සිටි ලොකු දොස්තර නෝනාගේ නම දැන් මට මතක නැති වුවත් ඇය එක්තරා විනෝදකාමී තැනැත්තියක් ලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරී අසුනට අධිපතිව සිටියාය. මාගේ මතකය අනුව ...
කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද දෙවන දිගහැරුම - ඔරු පාරු සහ ඩෙංගු උණ සුදු පූසාගේ අඩවිය පලමුවෙනි දිගහැරුමජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැත. ඒ කාලය ඉතාමත් සොදුරුය මිහිරිය. මේ දවස්වල මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. මහපොල රාජකාරී වලින්ම මම හදුනාගත්තු හොදම මිත්‍රයෙක් තමයි ඒ් කාලයේ අවසාන වසරේ ඉදපු මාධවන් කියන මිත්‍රයා. ...
මහපොල කජුකැලය හරහා බැංකුවේ මතක කැම්පස් කටුබැද්ද - පලමු දිගහැරුම සුදු පූසාගේ අඩවිය මමතුමා ජාතියේ මහා පහන්ටැබේ සේවය කල කාලය තුල විවිධ විවිධ අවස්මාථාවන්ට හා පුද්ගලයන්ට මුහුණ දී ඒ තුලින් මා ලද අත්දැකීම් බොහෝය. රසකතා ප්‍රේම ජවනිකා දුක්මුසු අවස්ථාවන් මෙන්ම විනෝද සමය රඟදැක්වූ අවස්ථා අනන්තය අප්රමානය. අද කියන්නට යන්නේ ඉතාම කෙටි කාලයක් රැදී සිටි නමුත් තදින් ඇලුම් කල තැනක ගතකල මතකයයි. අප ආදරණිය නැසීගිය ප්‍රධාන කලමණාකාර ජනක් මහත්මා එක්දිනක අප සිටි තැනට ...
නිර්සත්වයෝ අවසන් කොටස - යලි අපි හමුවෙමු මතු සසරේ සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසහතරවන කොටසපස්වන කොටසහයවන කොටසඑත් සමගම අධිකරණයේ මද නිහැඩියාවක් රජයන්නට විය. එක්වරම අධිකරණ ශාලාවේ සියලුම විදුලි බුබුලු නිවී ගිය අතර සියලුම විදුලි පංකා අක්‍රීය විය. යමරජු ජූරිය සහ අනෙත් අය සිටින ප්‍රදේශය පමණක් ආලෝකමත් වන ලෙස විදුලි බුබුලු දැල්වී තිබුණි. අමිහිරි භයානක හඩක් පසුබිමෙන් ඇසෙන්නට වූ අතර එ් සමගම යමුරජු ඇතුලු අධිකරණ ශාලාවේ නිලධාරීන් සියල්ලන්ම තම අසුන් ...
නිර්සත්වයෝ හයවන කොටස - අන්තරාය අඩවියක සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසපස්වන කොටසඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන නිහඩතාවය බිදමින් මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට ඇය වරදකාරිය වන බවයි. මේ පිලිබදව තම අවදානය විශේෂයෙන්ම යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවායැයි යමරජු පවසා සිටි අතර මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි. මීලගට සාක්ෂි දීමට කැදවූයේ විශ්‍රාමලත් ගුරුවරියක වුද මාගේ ලගම නෑදෑයෙකු ...
බැංකුවේ ජීවිතේ - වැරදුණු මගුල් කපුකම සහ කාමසූත්රය සුදු පූසාගේ අඩවිය කිසිදා නොකියන්නට සිතාගෙන සිටි කතා බොහෝම වන නමුත් අවසානවරට මම කිව්ව සිරියලතාගේ මල්වඩම කතාවෙන් පසු මාහට හොදින් පුරුදු අංකයකින් ලද දුරබණු ඇමතුමකින් ලැබුණේ තර්ජනයකි."අඩෝ තෝ ආයේ දෙමටගොඩ පැත්තේ එනවා එහෙම නෙවේ" යන්න ඒ සොදුරු තර්ජනයයි. තර්ජනයේ හිමිකරු කලින් කතාවේ ගරු රගපෑම කල මහමොළයයි. දීර්ඝ කාලයකින් පසුව අතීතය සිහිකරමින් කථාව ඇදීයන විටම ඔහු සිහිකෙරුවේ තවත් චරිතයක් කල අමතක නොවන රඟපෑමකි. හිරන්ත ...
දඩයම සොයා යාම - මැදි විදුහල අනුරාධපුර සුදු පූසාගේ අඩවිය මම මේ ලංකාව තුල ඉතාමත් කැමති පාසල් දෙකක් වෙයි. පලමුවැන්න තෝලංගමුව ඩඩ්ලි සේනානායක විදුහලයි. අනෙක නම් රජරට වැව් බැදි රාජධාණියේ හදවත බදුව පිහිටා ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි. වසර දෙකකට පෙර දිනයක රාජකාරී ගමනක් අතරතුරදී මම කුරුණෑගල නගරයේ බස්නැවතුම්පලෙහිදී ලස්සන ගෑණු ලමයෙකු දුටු අතර ඇගේ එම රුව මාගේ සිතෙහි තදින් සටහන් විය. ඒ රූපය ගැන හිත හිතම මම ගෙදර පැමිණි ...
රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන් මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍රමාණවත් නොවූනිසාය.දින හතෙන් ...
දඩයමේ යාම 1 - අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සුදු පූසාගේ අඩවිය මම ඉතාමත් කැමති පාසල් දෙකක් වෙයි. පලමුවැන්න මාගේ පාසැල වු ගම්පහ බණ්ඩාරණායක විදුහලයි. අනෙක නම් රජරට වැව් බැදි රාජධාණියේ පිහිටා ඇති අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයයි. වසර එක හමාරකට පෙර දිනයක මම ගම්පහ අපේ නැන්දාගේ නිවසේදී ලස්සන ගෑණු ලමයෙකු දුටු අතර එම රුව මාගේ සිතෙහි තදින් සටහන් විය. ඒ රූපය ගැන හිත හිතම මම ගෙදර පැමිණි නමුත් මට මතක් වෙන්නේම ඒ ...
දොරකඩ අස්න සුදු පූසාගේ අඩවිය මගේම කියලා බ්ලොග් එකක් පටන් ගන්න සෑහෙන කාලයක ඉදන් උවමනාවක් තිබුනත් අධයාපන කටයුතු වගේම රාජකාරි වැඩ කටයුතුත් හින්දා හැමදාම ඒ වැඩේ කල් දාන්න උනා. කෙසේ වෙතත් ටික දවසක ඉදන් බ්ලොග් අමාරුව ආයෙත් පටන් ගත්ත නිසා මම කල්පනා කලා මගේම බ්ලොග් එකක් පටන් ගන්න . ඒ තමයි මේ සුදු පූසාගේ අඩවියමේ බ්ලොග් අවකාශයේ සැරිසරන්නට මට උන්නදුවක් ඇතිකල බ්ලොග් කිහිපයක් මතක් කරන්නම ...
විසකුරු රළු මිනිසුන් මග හිඳිවී බිළින්දෝ සුදු පූසාගේ අඩවිය මේක මම කොටන්න අදහස් කලේ මගේ වූටි නංගියා වෙනුවෙන්. මෙවර අධ්‍යන වර්ෂය සදහා විශ්ව විද්‍යාල වරම් ලබලා ජීවිතේ පලවෙනි වතාවට අපේ ගෙදරින් දුරස් වෙලා යන්න සූදානම් වෙලා ඇගිලි ගැන ගැන ඉන්න වෙලාවේ තමා ලියන්න හිතුනේ. කැම්පස් එක ඇතුලේ සිද්ධ වෙන දේවල් වත් එහි පවතින උප සංස්කෘතිය ගැනවත් මම ඔබව දැනුවත් කරන්න වුවමනා නැහැ ඒ සියල්ලම අත්දැකලා අත්දැකීමෙන්ම ඔබ ලබාගත යුතුමයි.නමුත් ...