බැංකුවේ ජීවිතේ අවසානය සුදු පූසාගේ අඩවිය දෙමටගොඩින් ස්ථාන මාරු ලැබ ලංකා බැංකුවේ පිට්ටු බම්බුවේ අටවන හා නවවන මහල් වල පවත්වාගෙන යනු ලබන අන්තර්ජාතික අංශයේ ලැබෙන විදේශ ප්‍රේශණ දෙපාර්ථමේන්තුවේ දැහැමෙන් සෙමින් කාලය ගතකරන අතරතුර පසුගිය දෙසැම්බර් මස මැදදී පුහුණු හා සංවර්ධන අංශය මාහට සිහිකැදවුයේ ඔබගේ පුහුණුකාලය අවසානවීමට ආසන්න වන බවයි. වර්ෂ 2013 සැප්තැම්බර් සිට මේ දක්වා ගත කාලය සුන්දරය. අවශ්‍යයනම් තවත් මාස තුනකට කාලය දිගු කරවාගත හැකි ...
බැංකුවේ ජීවිතේ ඇරඹුම- දෙමටගොඩ සුදු පූසාගේ අඩවිය සුදු පූසා වන මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්යාතනයේය. අප හදාරන උපාධි පාඨමාලාවේ දෙවන වසරේ අවශ්‍යතාවයක් මත ආයතන පුහුණුව සදහා ආයතන වල සේවයට යාමට අපට සිදුවිය. අප කණ්ඩායම භාරව සිටි ඇදුරුඅතුමිය විවිධ ආයතන සදහා සිසුන් යොමු කල අතර මා ඇතුලු 50 දෙනෙකු අයිති වුයේ ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමණාකරණ පුහුණුකරුවන්(Management Trainees) ලෙස කටයුතු කරන්නටය.2013 වසරේ සැප්තැමිබර් 23 ...
පුංචි පහේ අපි සුදු පූසාගේ අඩවිය මම එක වසරේ ඉදලා පහේ ශිෂ්‍යත්වය වෙනකම් ඉගෙන ගත්තේ ගම්පහ ගෝතමී කණිෂ්ඨ විදුහලේ. එක වසරේ ඉදලා පහට යනකම් අවුරුදු පහම පන්ති සගයෝ වෙනස් උනේ නෑ. ඔක්කොම කෙල්ලෝ කොල්ලෝ පනහක් හිටියා අපේ පන්තියේ. එක වසරේ පිණිබිදු පන්තියෙන් පටන් ගත්තු අපේ මිතුරු දම් වසරින් වසර වැඩිදියුණු උනා. පිණිබිදු පන්ති බාර ශ්‍රීමතී චන්ද්‍රිකා ගුරුතුමිය ඇතුලු සිසුන්ගෙන් කොටසක්එකදහස් නවසිය අනූහතේ අවුරුද්දේ පිණීබිදු පන්තියෙන් පටන් ...
නිර්සත්වයෝ සයවන කොටස - දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම් අලුගෝසුවනේ අප එල්ලාපන් සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසහතරවන කොටසපස්වන කොටසඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන නිහඩතාවය බිදමින් මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට ඇය වරදකාරිය වන බවයි. මේ පිලිබදව තම අවදානය විශේෂයෙන්ම යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවායැයි යමරජු පවසා සිටි අතර මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි. මීලගට සාක්ෂි දීමට කැදවූයේ විශ්‍රාමලත් ගුරුවරියක වුද මාගේ ලගම නෑදෑයෙකු ...
නිර්සත්වයෝ හයවන කොටස - අන්තරාය අඩවියක සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසසිව්වන කොටසපස්වන කොටසඉන්පසු ඇතිවූයේ නිහඩතාවයකි.ඇයගෙන් කිසිදු පිලිතුරක් නොවුන තැන නිහඩතාවය බිදමින් මේ නිර්සත්වියගේ නිහඩතාවයෙන් පෙනී යන්නේ එම චෝදනාවට ඇය වරදකාරිය වන බවයි. මේ පිලිබදව තම අවදානය විශේෂයෙන්ම යොමු කරන මෙන් ජූරියේ යමයින්ට මම අවධාරනය කරනවායැයි යමරජු පවසා සිටි අතර මීලගට අනෙකුත් සාක්ෂිකරුවන් කැදවනු යැයි හඩනගා පවසනු ඇසිනි. මීලගට සාක්ෂි දීමට කැදවූයේ විශ්‍රාමලත් ගුරුවරියක වුද මාගේ ලගම නෑදෑයෙකු ...
දඩයමේ යාම 2 - අනුරපුර සවාරිය ඉතිරි මතක වස්තුව සුදු පූසාගේ අඩවිය කලින් දඩයමේ ගියපු කතාව මම නැවැත්තුවේ අපිට විස්තර සොයාදීමට ඉදිරිපත් වූ සොහොයුරා මට කනට කර ඇයත් මෙහි සිටිනවා යැයි පැවසූ තැනින්ය. මේ සදහන් කරන්නේ එහි ඉතිරි කොටසයි. එය ඇසුනු සැනින් මම භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු මෙන් අනෙක් තිදෙනාද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මාර්ගය වන හරිස්චන්ද්‍ර පාරේය. ටික වෙලාවකින් අප දුටුවේ අප සොයමින් එන අනුරපුර මැදි විදුහලේ සොයුරාය.ඇසපිය හෙලන ...
ආවර්ජනා සුදු පූසාගේ අඩවිය උදෑසන පිනි පලස මතින්ඇවිදගෙන යන කලකලදක දුටුවෙමි සිත වසග කලනිරුවත් දෙපයින්ගණදුරු මහ රැයකපියවර මැන්නෙමිමහ වනයක් වෙතතුරු හිස් අතරින් මාවත හොදහැටි දිස්වනරිදී එලියක් දුටුවෙමිසිත සුවපත් කලදෑසම දැල්වීදෑනම එක්කොටලංවී සිටියෙමිසිත පූජා කර.....පසු සටහනමාගේ දිවියෙහි කිසිදා අමතක නොවන්නාවු දිනයක් පිලිබදව සිහිවු නිසාවෙන් පහුරු ගෑවෙමි. අදින් හරියටම වසරකට පෙර දිනයකදී සිදුවු මෙම සිදුවීමෙන් පසුව ඇතිවූ සිදුවීම් ජාලයෙහි ප්‍රතිපල වවිධ අකාරයෙන් ලැබුණු අතර සමහරක් තවම ...
Untitled Post සුදු පූසාගේ අඩවිය අදෑසන පිනි පලස මතින්ඇවිදගෙනනිරුවත් දෙපයින්ගණදුරු රාත්රියකපියවර තැබුවෙම් මහ වනයක් වෙතතුරු හිස් අතරින් මාවත දිස්වනඑලියක් දුටුවෙමිසිත් සුවපත් කල
මා බාල කාලේ - සොදුරු සැරිසර නීලබැම්ම සුදු පූසාගේ අඩවිය සුදු පුසා පැටියා කාලේ නිතරම පාහේ චාරිකා හෝ විනෝද ගමන් යාමට හැකියාව ලැබ තිබුනි මක්නිසාදයත් චාරිකා යාමටම උපන් පිරිසක් අප නිවාස ආසන්නයේම සිටීම නිසාය. නෑදෑ කමෙන් මාගේ මාමා වන වීරසිංහ මහතා වෘත්තියෙන් ලංකාවේ ප්‍රකට බැංකුවක කළමණාකරුවකු නිසා බැංකුව සතු නුවරඑලිය ළිදුල සහ බණ්ඩාරවෙල වැනි නිවාඩු නිකේතන වලට වසරකට තෙවරක් පමණ යාමටද හැකිවිය. නමුත් මේ කියන්නට යන්නේ කුඩා කල සිටම අප ...
බැංකුවේ ජීවිතේ හතරවන කොටස - ණය අයකරගැනීම සහ ව්‍යාජ දිනුම සුදු පූසාගේ අඩවිය පලමුවන කොටසදෙවන කොටසතුන්වන කොටසමේ අද සදහන් කරන සිදුවීම සිදුවන කාලට වන විට මම ජාතියේ මහා පහන්ටැබේ කොළඹ නවයට ආසන්න ශාඛාවකට වී දැහැමෙන් සෙමින් පුහුණු කාලය ගත කරමින් සිටි සමයයි. විවිධ විවිධ අංශයන් තුල පුරුදු පුහුණුවී අවසානයට පැමිණියේ එපාම කරපු අංශයක් වන ණය අංශයටයි. එය ණය ලබාදීම්(Credits) සහ ණය අයකර ගැනීම්(Recovery) ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර තිබුණේ පරිපාලනයේ පහසුව ...
හයවෙනි සැතපුම සහ අතීතාවර්ජනය සුදු පූසාගේ අඩවිය අදට අවුරුදු හයකට කලින් සුදුපූසා ලෙස ඉතා කුඩා පියවරක් තබමින් සයිබර් අවකාශයට පැමිණි මම කෙමෙන් කෙමෙන් විවිධ මාතෘකාවන්ගෙන් යුතු කතා පියවරයන් පනස්පහක් අතැතිව සුදුපූසාගේ අඩවියේ හයවෙනි සැතපුම් කණුව අද දින පසුකරන්නෙමි.අද මේ හයවෙනි වසර ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු හා උදව් කල කිහිපදෙනෙකුව මතක් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවාමගේ බ්ලොග් එකේ පලමුවැනි පෝස්ටුව වෙච්චි දඩයමේ යාම කතාවට ...
පුංචි පැංච්යකගේ ඉරණම වෙනස් කරමු සුදු පූසාගේ අඩවිය අද කියන්නට යන්නේ මෙතෙක් මා අතින් නොලියවුනු අන්දමේ සටහනකි. බෞද්ධ දර්ශණය පිලිබදව පැහැදී ඒ පිලිබදව හැදෑරීමට නිරන්තරයෙන් ලංකාවට පැමිණෙන දැනට ස්කෝට්ලන්තයේ වාසය කරන රොකෝ මහතාට අප රටේ දුෂ්කර ප්‍රදේශයක අධ්‍යාපනයට දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති දරුවෙකුට පොත් පත් වැනි අධ්‍යාපනික ද්‍රව්‍ය වලින් උපකාර කිරීමට අවශ්‍යතාවයක් ඇතිවිය. පසුව අනුරාධපුර ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකුට අපගේ අවශ්‍යතාවය පැවසූ පසු ඔහු විසින් සොයාබලා නිර්දේශ කරන ලද ...
ලේ දන්දීමේ පිංකම පස්වන පියවරට මත්තෙන් සුදු පූසාගේ අඩවිය "මා වැනි බිළීන්දාමරුවා යයිද කැන්දාඅනේ ඒ හින්දාදෙන්න ලේ බිඳු මාමා නැන්දා "නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට කිසිදු සැකයක් නැහැ. ඔබ ජීවිතයේ කෙදිනකහෝ රුධිරය පරිත්‍යාග කරලා තියෙනවද? ඔබ පරිත්‍යාග කරණු ලබන සෑම ලේ පයින්ට් එකක් භාවිතයෙන් ජීවිත තුනක් බේරාගන්න පුලුවන්. අවුරුදු 18 ට වැඩි 60 ට අඩු නිරෝගී ඕනෑම කෙනෙකුට ...
දිසාපාමොක් මතක දෙවන කොටස - විඳු නැණ ඇඳුරු මතක සුදු පූසාගේ අඩවිය පලමු කොටසඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය ලියන්න ගත්තට තාම ලියාගන්න පුලුවන් වුනේ එක කොටසයි. අද ජාත්‍යන්තර ගුරුදිනේ නිසාවෙන් අදත් මම කියන්න හදන්නේ මගේ මතකයේ රැදුනු තවත් අපූරුම ගුරුවරුන් දෙන්නෙක් ගැන. මේ කියන්න යන ගුරුවරුන් දෙදෙනාම විද්‍යාව හා තාක්ෂණවේදය විෂය පිලිබදව ඉහලතම දැනුමක් තිබූ ගුරුභවතුන්. පලමුවෙන්ම මම කියන්න යන චරිතය ගම්පහ බණ්ඩාරණායක විදුහලේ ඉතාමත් ජනප්‍රිය හා මිනිස්කම අතින් ඉහලින්ම සිටි ගුරුවරයෙක්නමින් ...
රඟමඩලෙන් බැසයන මනමේ වැඳිරජ සුදු පූසාගේ අඩවිය අ.පො.ස උසස්පෙල අවසන් කර ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්‍යායතනයේ උසස් අධ්‍යාපනය ඇරබීමට පෙරවූ සංක්‍රාන්ති සමය දැහැමෙන් සෙමෙන් ගතකරන අතරතුර අපි කතාකරගත්තේ සැමට ඉදිරියේදී එකාවන්ව මුහුණදීමට සිදුවන රැජිණගේ බස පිලිබද ගැටලුවෙන් මිදෙන්නේ කෙසේද කියාය මක්නිසාදයත් විශේෂයෙන්ම රජයේ මෙන්ම පුද්ගලික විශ්වවිද්‍යාල වලද සියලු අධ්‍යන කටයුතු සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි බසින් වන නිසා ඒ සදහා අප සතුව එවකට පැවති භාෂා හැකියාව කිසිලෙසකටවත් ප්‍රමාණවත් නොවූනිසාය.දින හතෙන් ...
දෙවසරක් පුරා ආ ගමන සොදුරුයි විශ්මයජනකයි සුදු පූසාගේ අඩවිය අදින් හරියටම මාස විසිහතරකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ දෙවනි වසර සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු හතලිස් පහකුත් සහ හිට් කවුන්ටරය පනස්දහසකට ආසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.අද මේ දෙවසරක් ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු ...
අනාගතයෙන් ගෙනා ගැසට්පත්රය සුදු පූසාගේ අඩවිය රාජ්‍ය සේවා කොමිෂන් සභාවගේ දොර කටයුතු පිලිබද දෙපාර්ථමේන්තුවඅති විශේෂ (හොල්මන්) ගැසට්පත්රයපෙම්වතිය III ශ්‍රේණිය තනතුර (මධ්‍ය විධායක සේවක ගණය) විවෘත පදනමට බදවා ගැනීම - 2017(2018)නරලොව හොල්මන් අමාත්‍යංශයට අනුබද්ධිත ගේ දොර කටයුතු දෙපාර්ථමේන්තුවට පෙම්වතිය III ශ්‍රේණිය තනතුරට විවෘත පදනමට බදවා ගැනීමට සුදුසුකම් ඇති ශ්‍රී ලාංකික තරුණියන්ගෙන් අයදුම්පත් කැදවනු ලැබේ. තම අත්අකුරින් අයදුම්පත සම්පූර්ණ කල යුතු අතර එය 01/04/2017 ට පෙර ලියාපදිංචි තැපෑලෙන් ...
ඇස් රතු කල මඟඩි වරෙන්තුව සුදු පූසාගේ අඩවිය කාලයකට පසුව අද යලිත් අපගේ පාසල් සමය සිහිපත් වන්නට යෙදුනි. වෙනින් කිසිවක් නිසා නොව සියනෑ කෝරලයේ මිරිස්වත්තට නුදුරු ස්ථානයකදී කලකට පසුව සිදුවන්නට යෙදුනා වූ මිතුරු හමුවක් නිසාවෙනි. ඒ හැර සාමාන්‍යපෙල සමයේ සිදුවූ රසවත් කතාවක් ලියන්නයැයි මෙන්න මේ කතාවේ ප්‍රධාන චරිතයක්ව සිටි තැනැත්තෙක් කරන්නාවූ ඉල්ලීමද සලකා බලා මෙය ලිවීමට අදහස් කලෙමි.සියල්ලටම පෙර මෙසේ පවසා සිටිය යුතුමය "මා විසින් මෙසේ අසනු ලැබුවා ...
ඔලුබක්කන්ගේ නැටුම සහ හිතහොද ජම්බු තුමා සුදු පූසාගේ අඩවිය ලියාගෙන පැමිණි කථාව අනුව නම් කැම්පස් කටුබැද්දේ ඉතිරි මතක සටහන් ලියවිය යුතු උනත් එක දිගට ලිවීම නීරස වන නිසාවෙන් අද වෙනත් මතකයක් අවදි කිරීමට සිතුවෙමි. මතකයත් සමග අතීතයට යන විට නැවතුන වසර 2005 වසරයි. මේ වසර අපි කොට කලිසමින් සැරසුණු අවසන් වසර වූ අතර වසර භාර ආචාර්ය වරයා වශයෙන් සිටියේ එදා මෙදා තුර අපට හමුවු මතක්වන විටත් සිනහා යන අන්වර්ථනාමයන් ...
කජුකැලය හරහා මතක කැම්පස් කටුබැද්ද සිව්වන දිගහැරුම - සුභා,ෆැෂන් ඩිසයින් සහ අවසානය සුදු පූසාගේ අඩවිය පළමු කොටස දෙවන කොටස තෙවන කොටස ජාතියේ මහා පහන්ටැබේ රාජකාරී කල කාලය පිලිබදව තරම් යලිත් අතීතයට ගොස් ආවර්ජනය කිරීම තරම් සතුටක් ලේසියෙන් අත්වන්නේ නැතිතරම්ය. ඒ ගතකල කාලය ඉතාමත් සොදුරුය. මේ දවස්වල යලිත් මගේ මතකය කැරකෙමින් පවතින්නේ මොරටුව කටුබැද්දේය. තේරෙන භාෂාවකින් කියනවානම් මොරටුව විශ්වවිද්‍යාලය තුල ගත කල කාල සීමාවේ මතකයයි. ඉතිරි වී ඇත්තේ ඒ හා බැඳුණු මිහිරි හා අමිහිරි මතකයන් කිහිපයක් සිහිකිරීම පමණි. මගේ මතකයෙන් කිසිදිනක නොමැකෙන ...