දිසාපාමොක් මතක පලමු කොටස - විනය පාලක කතා වස්තුව හා සියවස පුස්ථකාලය සුදු පූසාගේ අඩවිය ඉස්කොලේ හිටපු ගුරුවරු ගැන මතකය ලියන්න ටික කාලෙක ඉදලා ඕනෑකම තිබුනත් ඒ ඕනෑකම දවසින් දවස මගහැරුණා කියමුකෝ. ඒ හින්ද නියපොතු ටිකත් උල් කරගෙන පූසා ලකලැහැස්ති වෙන්නේ ගුරුවරු කීපදෙනෙක් ගැන මතකය අවධි කරන්න. පූසා පොඩි පැටියා කාලේ ඉදලා උගන්නපු ගුරුවරුන් ඔක්කමලා ගැන සැරෙන් සැරේ ලියන්න ඕනෑ කියලා හිතුනත් ජම්බුතුමා ගැන විතරයි ලියාගන්න පුලුවන් වුනේ. ගුරුවරුත් කොටස් දෙකකට බෙදන්න පුලුවන් එපාම කරපු ...
X-Ban 2008 දෙවන කොටස සුදු පූසාගේ අඩවිය පලමු කොටස කෙසේ හෝ සජිත් සහ මමතුමා එදින පාසලට කල් ඇතිව පැමිණියේ උණබට වලට සහ මැටි කැපීමට යන කණ්ඩායම් වලට අදාල ගමන් අවසරපත් සහ අදාල වියදම් සදහා අවශ්‍ය වන මුදල් හැකි ඉක්මනින් නිකුත් කර කණ්ඩායම පිටත් කර යැවීම මගින් ඉදිකිරීමේ කටයුතු වේගවත් කර ගැනීමටය.අප දෙදෙනා ඈත සිටියදීම දුටුවේ විදුහල්පති ලබුතලේ සුදස්සන ස්වාමීන් වහන්සේ සහ පාසලේ විනය මණ්ඩල සාමාජිකයන් අප නිර්මාණය ...
මල්සරාගේ කතාවස්තුව සුදු පූසාගේ අඩවිය දඩාස් ගාල මොකද්ද වැටෙනවා වගේ සද්දයක් ඇහිලා නිදාගෙන හිටපු මාව උඩගිහින් බිම වැටුණා. වෙලාව පාන්දර දෙකත් පහුවෙලා යකෝ මේ මහ රෑ ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්නේ ගෙට හොරෙක් පැන්නවත්ද? කෑගහන්නත් හදලා කෝකටත් බලන එක හොදයිනේ කියලා ඇදෙන් බැහැලා ඇවිල්ලා වටපිට බැලුවාග බලපුවම කාමරේ ජනේලෙ වහලා නැතුව හුලගට බිත්තියේ වදිනවා ඒක දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. එතකොටමයි මතකෙට ආවේ මම ජනේලේ ...
ප්‍රේමතෝ ජායතී ශෝකෝ සුදු පූසාගේ අඩවිය වර්ෂ 2014 අග සමයයි.අවුරුදු 23 පුරාවට තනකඩව හිටපු පූසාට කෙල්ලෙක් හිටියා නම් හොදයි කියලා තේරෙන්න ගත්තේ මේ කාලේ. අපේ ඉස්කෝලේ වටේටම තිබුනේ බාලිකා පාසල්මයි. මගේ පන්ති සගයෝ එකා දෙන්නා පාසල් සමයේ දීම අමාරුවේ වැටෙනවා මම බලන් හිටියා වගේම උන්ට බොක්කෙන්ම සපෝට් කලේ වගේම නිල ආරක්ෂක නිලදාරියා උනෙත් මම තුමාම තමයි.මේ කාලය වෙනකොට මම දෙමටගොඩින් මාරු වෙලා ඇවිත් පිට්ටු බම්බුවේ අන්තරජාතික ...
නිර්සත්වයෝ හතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද? සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
හුරතල් දිවියා සහ විශ්‍රාමිකයින්ගේ චාරිකාව සුදු පූසාගේ අඩවිය දෙදහස් දහතුන වසර මැද සමය වන විට මම සේවය කරමින් සිටියේ කොළඹ පිහිටි ලංකාවටම තෙල් බෙදන ස්ථානයට නුදුරින් තිබූ ජාතියේ මහා පහන්ටැබේ ශාඛාවක් තුලය. දෙදහස් දහතුන වසර යනු ලංකා බැංකුවේ වයස 55 සහ 60 සපුරා බැංකු සේවයෙන් එකවර සේවකයින් රැසක් විශ්‍රාම ලැබු වසරයි. පරිඝණක ගතකර නොතිබූ මුල් කාලයේ සියල්ල තම දෑතින්ම සිදුකරමින් බැංකුවේ නාමය හා කීර්තිය වර්ධනයට මොහුන්ගෙන් ලද දායකත්වය ...
නිර්සත්වයෝ තෙවන කොටස - සරසවියෙදි අද විතරයි හමුවන්නේ සුදු පූසාගේ අඩවිය පලමු කොටසටදෙවන කොටසටමා නිහඩවම කල්පනා කලේ අපාගතවීමට තරම් මා කල වරද කුමක්දැයි කියාය. මම කෙමෙන් කෙමෙන් අතීතය සිහිකරන්නට වීමි.මේ සියලුම අකරතැබ්බයන් හා අලකලංචි සිදුවීමට මූලික වූයේ හන්තාන අඩවියේ පේරාදෙණිය සොදුරු සරසවි භූමියයි. දෙවන වරටත් උසස් පෙලට පෙනීසිට සරසවි වරම් ලද මම ඒවන විට කළමණාකරණ හා තොරතුරු තාක්ෂණ පාඪමාලාවේ තෙවන වසරේ සිසුවෙකුව සිටියෙමි. අලුත් අධ්‍යනවර්ෂයක් සදහා පැමිණීමට නියමිත කණ්ඩායම නොහොත් අලුත් ...
නොබැලිය යුතු කිසිත් නොමැති නොහොත් X-Ban 2008 සුදු පූසාගේ අඩවිය X BAN යනු ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලය මගින් අවුරුදු පහකට වරක් පවත්වනු ලබන්නා වු අධ්‍යාපන හා තාක්ෂණික ප්‍රදර්ශණයකි. සියනෑ කෝරලයේ හෝ වෙනත් පාසලකින් ඉදිරිපත් නොකරන හා අපටම ආවේණික වන විශේෂාංග වලින් ප්‍රදර්ශණය සමන්විත වේ. අවසාන වරට මෙය 2013 වසරේදි පැවැත්විණි. 6 වසරේ සිට උසස්පෙල දක්වා කාලයේදී ප්‍රදර්ශණ දෙකකට සහභාගී වීමට ලැබීම වාසනාවකි. ඒ අනුව පූසා ඇතුලු පිරිස හත වසරේ සිටියදී 2003 ...
මහපොල කජුකැලය හරහා බැංකුවේ මතක කැම්පස් කටුබැද්ද සුදු පූසාගේ අඩවිය මමතුමා ජාතියේ මහා පහන්ටැබේ සේවය කල කාලය තුල විවිධ විවිධ අවස්මාථාවන්ට හා පුද්ගලයන්ට මුහුණ දී ඒ තුලින් මා ලද අත්දැකීම් බොහෝය. රසකතා ප්‍රේම ජවනිකා දුක්මුසු අවස්ථාවන් මෙන්ම විනෝද සමය රඟදැක්වූ අවස්ථා අනන්තය අප්රමානය. අද කියන්නට යන්නේ ඉතාම කෙටි කාලයක් රැදී සිටි නමුත් තදින් ඇලුම් කල තැනක ගතකල මතකයයි.අප ආදරණිය නැසීගිය ප්‍රධාන කලමණාකාර ජනක් මහත්මා එක්දිනක අප සිටි තැනට පැමිණ පොඩි ...
නිර්සත්වයෝ හතරවන කොටස - සුභා කියා යලි ඔබ අමතන්නද? සුදු පූසාගේ අඩවිය පලමු කොටසදෙවන කොටසතෙවන කොටසඑක්වරම මා අමතන හඩක් ඇසුණු නිසා බැලූ කල දුටුවේ චන්දරේ අයියා මට කතාකරනා ආකාරයයි. මල්ලී තව පැයක් විතර තියෙනවනේ එන්න තේ එකක්වත් බොන්න යැයි පැවසූ නිසා ඒ දෙසට යන්නට පියවර මැන්නෙමි. චන්දරේ අයියා මා කැටුව ගියේ ඔහුගේ නිල මැදිරිය වෙතටය. ප්‍රජාත්‍රන්තවාදී එක්සත් අපාය ජනරජයේ විධායක මට්ටමේ වගකියයුතු නිලදාරියෙකු වූ ඔහුට වෙනම විශාල නිලමැදිරියක් විය. ඒ කාබරය පුරාවට ...
වර්ෂ අවසාන සාදය සහ සිරියලතාගේ මල්වඩම සුදු පූසාගේ අඩවිය ජාතියේ මහා පහන් ටැබේ සේවය කරන්නන්ට විනෝදය ලැබෙන ප්‍රධානතම අවස්ථාව වන්නේ වෙලද වර්ෂයක් අවසානයේ විගණන කටයුතු අහවර වු පසුව කාටත් ලැබෙන්නා වු සංක්‍රාන්ති සමය සැරීමට කළමණාකරුවන් සහ විධායක ශ්‍රේණියේ නිළධාරීන් පවත්වන්නා වු සාදයයි. මේ වන විට මමතුමා එවැනි වර්ෂාවසාන සාද දෙකකට සහභාගී වුවේ දෙදහස් දහතුනේ දෙමටගොඩ දීත් දෙදහස් දහසතරේ අන්තර්ජාතික අංශයේදීත්ය. මෙවර මා සහබාගී වන්නේ මාගේ අවසන් සාදයටයි. අද මම ...
දොළොස් මසකට පසු සුදු පූසාගේ අඩවිය අදින් හරියටම දොලොස් මසකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ පලමුවෙනි වසරට පා තබන්නෙමි. අද දින සවස් වන විට මෙයත් සමග පෝස්ටු විසිහතකුත් සහ හිට් කවුන්ටරය 16513 කුත් ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ පසුගිය වසරේ මුල වගේ තමා. අද මේ වසරක් ගෙවෙන වෙලාවේ මාහට බ්ලොග් ලියන්නට පෙලබවු ...
ඉස්කෝලෙන් සමුගැනීම සුදු පූසාගේ අඩවිය 2002 වසරේ දිනක හිමිදිරි උදෑසනක ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා ගම්පහ බණ්ඩාරණායක ඉස්කෝලෙ කන්ද නැගලා අපි ගියේ ලොකු සතුටකින් වගේම බලාපොරොත්තු ගොඩක් එක්ක. කාලයත් එක්ක වසර 8 ක් ගතකල මෙතැන ගැන කියන්න ගොඩක් දේවල් තිබ්බත් ඒවා පස්සට දාලා අද මත්ක් කරන්නේ උසස් පෙල පන්තියේ ගත කරපු සුන්දර අව්රුදු දෙකේ මතක සටහන් කිහිපයක්.2008/07/13 වෙනිදා තමා අපි ඉස්සෙල්ලාම වානිජ අංශෙට ගොඩබැස්සේ. අපේ පන්ති ...
සිව් වසරක සහෝදරත්වය සුදු පූසාගේ අඩවිය මම තුමා උසස් අධ්‍යාපන කටයුතු හැදෑරුවේ ජාතික ව්‍යාපාර කළමණාකාරිත්ව ආයතනයේය. තවත් විදිහකට කිව්වොත් ලංකාවේ පලමු හරිත සරසවිය වන NSBM හීය. මේ වන විට සියලු අධ්‍යන කටයුතු අවසන් නිසා අපි ගතකල වසර හතරක කාලයට ආපහු පොඩ්ඩක් එබිලා බලන්නයි අද සුදානම.වර්ෂ දෙදහස් දොලහේ පෙබරවාරි මාසේ අපි ඉස්සෙල්ලාම මුනගැහුනේ එතකොට ඔක්කොම කට්ටිය180 හිටියා. කොහොම කොහොම හරි කාලය ගතවෙන කොට අපි ඔක්කොම එක පවුලක් ...
නිර්සත්වයෝ - පලමු කොටස සුදු පූසාගේ අඩවිය හෝරා කිහිපයකට පෙර වාතලයට එකතු වු මාගේ අවසන් සුසුම් පොද නිවස වටේ සැරිසැරුවේය. එක් වරම මහත්වු සුලි සුලගක් හැමුවාක්මෙන් මා ගසාගෙන යන්නට විය. අදුරු කුටියක් මැදින් ගමන් කරන්නාක් මෙන් හැගීමක් පහලවිය. කොපමන වේලාවක් එසේ ගමන් කලාදැයි මාහට වැටහීමක්ද නැත එක්වරම එම ගමන නතරවු බව මා හට පසක් විය. ඒ භුමිය පාලු ගතියක් ඉසිලු නමුත් වළාකුලක් අහසක් හිරු සදු හෝ නොපෙනෙන ...
දෙවසරක් පුරා ආ ගමන සොදුරුයි විශ්මයජනකයි සුදු පූසාගේ අඩවිය අදින් හරියටම මාස විසිහතරකට පෙර සුදුපූසා බවට පත් වු මම අද බ්ලොග් අවකාශයේ දෙවනි වසර සපුරාලන්නෙමි. අද දින හිමිදිරිය වන විට මෙයත් සමග පෝස්ටු හතලිස් පහකුත් සහ හිට් කවුන්ටරය පනස්දහසකට ආසන්න ලෙස දර්ශණය වෙනවා. වර්ශ 2012 පමණ සිට බ්ලොග් කියෙවුවත් ලියන්න නම් කාලයක් හා ඉස්පාසුවක් ලැබුනේ 2015 වසරේ මුල වගේ තමා.අද මේ දෙවසරක් ගෙවෙන මේ වෙලාවේ මට බ්ලොග් ලියන්නට පෙලබවු ...
හපන්කම් පුරසාරම් සහ ගොන්කම් සුදු පූසාගේ අඩවිය අපිට එදිනෙදා ජීවිතයේදී විවධාකාරයේ පුද්ගලයින් සමාජයේදී නිරන්තරයෙන් මුනගැසේ. සමහරුන් තම දිවියෙන් ආදර්ශයන් අනුන්ට ලබාදෙමින් තමා පිලිබදව අන්සිත් තුල නොමැකෙන මතක සටහන් තබමින් සමුගන්නා අතරතුර තවත් සමහරුන් තම ගතිගුණ නිසාම මතක සටහන් නොමැතිවම කාලයේ වැලිතලාවට හසුව මග හැරීයයි. රාජකාරී මට්ටමේදී මට මේ දෙගොල්ලන්වම ඇසුරු කරන්න ලැබුණා. මගේ සුන්දර නවාතැන්පල වෙච්ච දෙමටගොඩත් අසුන්දර කරපු කෙනෙක් ගැනයි අද කියන්නේ. විධායක නිලදාරිනියක් වෙලා උන්න ...
බැංකුවේ ජීවිතේ ඇරඔුම - දෙමටගොඩ සුදු පූසාගේ අඩවිය සුදු පූසා වන මම උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ජාතික ව්‍යාපාර කළමණාකරණ විද්යාතනයේය. අප හදාරන උපාධි පාඨමාලාවේ දෙවන වසරේ අවශ්‍යතාවයක් මත ආයතන පුහුණුව සදහා ආයතන වල සේවයට යාමට අපට සිදුවිය. අප කණ්ඩායම භාරව සිටි ඇදුරුඅතුමිය විවිධ ආයතන සදහා සිසුන් යොමු කල අතර මා ඇතුලු 50 දෙනෙකු අයිති වුයේ ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමණාකරණ පුහුණුකරුවන්(Management Trainees) ලෙස කටයුතු කරන්නටය.2013 වසරේ සැප්තැමිබර් 23 ...
බැංකුවේ ජීවිතේ - VIP මිනීකාර් ටැක්සිය සුදු පූසාගේ අඩවිය පහතින් දැක්වෙන කතා දැන්ම ලියන්නට මාගේ තුන් හිතකවත් අදහසක් තිබුනේ නැත. අම්බලන්ගොඩ ගේ කොණ්ඩයා කතාවේ ඉහලින්ම තිබු කොමන්ටුවක් කියවීමෙන් මෙ ලිවිය යුතුයැයි මට සිත්විනි. ඒ ඇරත් කිහිප දෙනෙකු බැංකුවේ කතා ලියන ලෙස ඉල්ලා සිටි නිසාවෙන් මෙසේ ලියා පරසිද්ද කරන්නෙමි. මෙහි අද කියන කතාවේ සියලු චරිත නාම පුද්ගල නාම සහ ස්ථාන මනක්කලිපිත වන අතර සිදුවීම් සියල්ලම සත්‍ය වශයෙන් සිදුවු ඒවා වේ. ...
දඩයමේ යාම 2 - අනුරාධපුර සවාරිය ඉතිරි මතක සුදු පූසාගේ අඩවිය කලින් දඩයමේ ගියපු කතාව මම නැවැත්තුවේ අපිට විස්තර සොයාදීමට ඉදිරිපත් වූ සොහොයුරා මට කනට කර ඇයත් මෙහි සිටිනවා යැයි පැවසූ තැනින්ය. මේ සදහන් කරන්නේ එහි ඉතිරි කොටසයි. එය ඇසුනු සැනින් මම භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු මෙන් අනෙක් තිදෙනාද ඇදගෙන හැකි ඉක්මනින් පැමිණ නැවතුනේ පාසල ඉදිරිපිට මාර්ගය වන හරිස්චන්ද්‍ර පාරේය. ටික වෙලාවකින් අප දුටුවේ අප සොයමින් එන අනුරපුර මැදි විදුහලේ සොයුරාය.ඇසපිය හෙලන ...