දඩාස් ගාල මොකද්ද වැටෙනවා වගේ සද්දයක් ඇහිලා නිදාගෙන හිටපු මාව උඩගිහින් බිම වැටුණා. වෙලාව පාන්දර දෙකත් පහුවෙලා යකෝ මේ මහ රෑ ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන්නේ ගෙට හොරෙක් පැන්නවත්ද? කෑගහන්නත් හදලා කෝකටත් බලන එක හොදයිනේ කියලා ඇදෙන් බැහැලා ඇවිල්ලා වටපිට බැලුවාග බලපුවම කාමරේ ජනේලෙ වහලා නැතුව හුලගට බිත්තියේ වදිනවා ඒක දැක්කම තමයි ඇගට ලේ ටිකක් ඉනුවේ. එතකොටමයි මතකෙට ආවේ මම ජනේලේ ලොක් කරලනේ නිදාගන්න ගියේ එහෙවු ජනේලේ කොහොමද ඇරුණේ.. ඕන දෙයක් වෙච්චාවේ කියලා ගිහින් ජනේලය වැහුවා. මේන්න බොලේ එතකොටම කවුදෝ එකෙක් මගේපිටිපස්සෙ ඉන්නව ඉන්නවා වගේ. හැරිලා බැලුවම කලුවට කලුවේ අඟුරු කැටයක් වගේ එකෙක් විරිත්තගෙන ඉන්නවා
තමුසේ කවුද ? ගොත ගගහා මම ඇහවා. මේන්න මේකා අඩන්න ගත්තේ නැතැයි පොඩි එකෙක් වගේ මම ආයෙත් ඇහුවා නෝ රිප්ලයි. කෝකටත් කියලා ගිහින් දැම්මා ලයිට් එක. ඒ දැක්ක දේට මාව උඩගියා
ඇමරිකාවේ ඔබාමා ඇදලා අයින් කරපු ඉරිච්ච ඩෙනිමකුයි ලංකාවේ රැප් කාරයෙක්ගෙන් ගත්තු ටීශර්ට් එකකුයි ඇදගෙන මදිවට රොකට් ලොන්චරයක් පිටේ එල්ලගෙන. පපුව පුරා අත්බෝම්බයි පතුරම්වැලුයි පුදුම වෙපන් ගොඩක් ෂුවර් එකටම බින්ලාඩන් ගේ හරි අයිඑස් කාරයන්ගේ ගෝලයෙක්ද මන්දා මුට මගෙ ගෙදර පුපුරවලා මොනවද හම්බවෙන්නේ
තමුසේ කවුද ඕයි මම ආයේ ඇහුවා
ඔන්න ඕකනේ අයිසේ තමුසෙලට දැන් සිංහල සිරිත් විරිතුත් අමතකයි. ඉස්සරනම් කියන්නේ ලංකාවේ ඉන්න උන් හොදට ආගන්තුක සත්කාර දන්නවා කියලා ඒත් තමුසේ මට ඉදගන්න කිව්වේවත් නෑනේ මම මෙච්චර දුර ඉදලා ඇවිල්ලත්
යකෝ මූ ලේසි පහසු එකෙක් නම් නෙවෙයි වගේ. ඉතින් ඕයි මේ යක්කු ගස්යන වෙලාවට මටත් හොරෙන් මගේ කාමරේට පැන්න තමුසේ වගේ හොරෙකුට වාඩි වෙන්න කියන්න මට පිස්සු කියලා හිතුවද? තමුසේ පිරිභාහරන්ගේ ගෝලයෙක්ද? නැත්තම් අයිඑස් කාරයෙක්ද?
පිස්සුද ඕයි මම තමයි අනංගයා
මාව උඩගියා මූ කොහොමද මල්සරා වෙන්නේ ඒත් කමක් නෑ අත ලගටම ආපු වෙලාවේ මේකට කියලා වැඩක් කරගන්න පුලුවන්නේ කියලා හිතලා මම කිව්වා සොරි සොරි ආයෙ මොකද හිටගෙනඉන්නේ සුදුසු තැනක් බලලා ඉදගන්න කියලා මමත් අනිත් පුටුව ඇදගෙන වාඩිවුනා. අපි අහලා තිබුණ විදිහටනම් මල්සරා අරගෙන යන්නේ දුන්නයි මල් ඊතලයි නේද? අනික මේ ඇදුම මම හිමීට හිතේ තිබුණ සැක ඇරගන්න ප්‍රශ්ණ පත්තරේ දිග ඇරියා.
අයියෝ ඒකවත් දන්නේ නැද්ද? මේක විසිඑක්වෙනි සියවසනේ තාක්ෂණ යුගය එහෙව් එකේ දැන් දුණු ඊතල වලින් තියලා වැඩක් නැහැ නවීන තාක්ෂණය යොදා ගන්න ඕනේ.
දැන් මොකද එකපාරටම ලංකාවට ආවේ?
අපේ ගෑනි ෂොපින් යන්න එන්නේ ලංකාවටනේ මල්ලී. පෙරේදා යනවා කියලා ගියා ගියාමයි ආවේ නෑනේ. ඒකයි මේ හොයන්න කියලා ආවේ.
ඇයි දෙයියනේ එහෙ දිව්‍ය සලුපිලි වගේම ලස්සන ලස්සන මල් ජාති එහෙම තියෙනවලු නේද?
පිස්සු කතාකරනවා ලංකාවේ කට්ටියක් මෙහෙට ආවනේ. ආව ගමන්ම උන් තිබුන ගස්ටික කපන්න පටන්ගත්තා අන්තිමේදී එකම ගහක්වත් නැතිවෙලා ගියා. දැන් ඒක හින්දා ඇමරිකාවෙන් ජපානෙන් ප්ලාස්ටික් ගසුයි මලුයි ගෙන්නලා තියෙන්නේ. ඒක නෙවෙයි මම අහන්නම හිටියේ මොකද මේ සායවල් කොට වෙන්න වෙන්න ගණං වැඩි?
මෙහෙමනේ ඕවට ගණං දාන්නේ රෙදිවල ප්‍රමානෙට නෙවෙයිනේ, ඒක ඇන්දහම පේන ශරීර ප්‍රමානය අනුවනේග අනික මෙහෙ තියෙන විදුලිබිලයි වැඩකරන අන්ගේ පඩියි ඔක්කොම එකතු කරලා තමයි බිල දාන්නේ.
ඇත්තටම මම අහන්නමයි උන්නේ අපේ ලංකාවේ මගෝඩිස්තුමාලා පිංකරලද එහෙට යන්නේ?
ඒක ඇහුවා විතරයි මෙන්න මේකා හිනාවෙන්න තියාගත්තා. ඇත්තටම තමුසේ ලංකාවේ නෙවෙයිද ජීවත්වුනේ. මගෝඩිස්ලා පිං කරපු අය නෙවේ. යම රජ්ජුරුවන්ටයි අපේ ලොක්කටයි පගාව දීලා දිව්‍යලෝකෙට පැනගෙන දැන් එන හැමඑකාම පගාවක් දීලා හරි පස්සේ ගෙවීමේ ක්‍රමයට හරි දිව්‍යලෝකෙට රිංග ගන්නවා. එහෙම ආපු උන් වෙන තැනකට යන්නත් කැමති නෑ දැන් යම ලෝකෙනුත් කෑල්ලක් බද්දට ගන්න හදන්නේ ඉඩ නැති හින්දම. ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ යමයෝ ස්ට්‍රයික් කරනවලු අපායට සෙනග එන්නේ නෑ කියලා.
අනංගයා ගෙදරටම ආව වෙලාවේ ට්‍රයි කරන ගෑණු ලමයා සෙට් කරගන්න හිතලා මම මිනිහට කිව්වා අනේ මේ මට පොඩි උදව්වක් කරන්නකෝ කියලා
මල්ලි මම මගේ ගෑණි හොයාගන්න බැරුව ඉන්නවා ඔයා මෙහේ මඟුලක් කතා කරන්න කියනවා. හ්ම් කමක්නෑ කියනවා බලන්න ලමයාගේ නම එහෙම නැත්තම් මට පෙන්නනවකෝ ඒ ලමයව
මං අහගෙන අද උදේ ඒ ලමයා මොන්ටානා එකේ පංති එනවා කියලා, 200 බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් හරියටම පෙන්නන්න තිබුණා
හ්ම් ඒකත් එහෙමද? එහෙනම් එනවා යන්න
පිස්සුද මෙහෙම යන්න පුලුවන්ද? මම දත් මැදලා තියා මුණ හොදලවත් නෑ අනික ශොටක් දාගෙන මෙහෙම යන්න පුලුවන්ද
බය වෙන්න එපා ඕයි අපිව කවුරුත් දකින්නේ නෑ කියලා මිනිහා අර එල්ලගෙන හිටපු ග්‍රෙනේඩ් එකක් අරගෙන පින් එක ඇදලා බිමට ගැහුවා. ඒ එක්කම ලොකු සද්දෙකුයි දුමකුයි පිටවුනා. මම ඇස් දෙක ඇරලා බලද්දී මෙන්න අපි කොළඹ බස් ස්ටෑන්ට් එක ඉස්සරහා
කොහොමහරි විනාඩියක්වත් ගියේ නෑ දූවිලි අවුස්සගෙන කොළඹ පැත්තේ ඉදලා ආව බස් එකක් සද්දෙට බ්රේක් ගහලා හොල්ට් එක ලග නතරකලා. එකෙන් බැස්ස ගෑණු කෙනෙක්ව දැක්ක ගමන් මල්සරා ගොයියා කෑ ගහපි මේ මගේ හාමිනේ කියලා.
ඒත් එක්කම හැන්ඩි කොල්ලෙකුගේ අතින් අල්ලගෙන මල්කුමාරි පබ්ලික් හෝල් එක පැත්තට යනවා බලන් හිටපු අනංග ගොයියා හාට් ඇටෑක් හැදිලා දිව්යලෝකෙටම චුතඋනා.
(එතනින් එහාට උනේ මොකක්ද කියලා බලාගන්න බැරිඋනා මොකද මාව නින්දෙන් ඇහැරුන හින්දා. මොකද මම දැක්කේ හීනයක් අනේ)
ඒ වගත් මෙසේමැයි අද නින්දෙන් ඇහැරී පහුරු ගෑ මම සුදුපූසා වම්හ.......
haiyo paw poosa. Ube wade karaganda ithin oka ayeth anuradhapure wandanawe enakan balan inda wenawa
ReplyDelete"අනුරාපුර පොලොන්නරුව සීගිරි මනබන්දනීය
Deleteකුළුණු පිළිම බිතුසිතුවම් නන් සිතුවිලි රංජනීය"
අනුරපුරේ මතකය පමණක් මා සතුව ඇත මා මිතුර
කටුබැද්දෙන් සමුගෙන ආවේද ඒ නිසාමය ඒ කතාව ඉදිරියට
මෙහෙමනේ ඕවට ගණං දාන්නේ රෙදිවල ප්‍රමානෙට නෙවෙයිනේ, ඒක ඇන්දහම පේන ශරීර ප්‍රමානය අනුවනේ
ReplyDeleteඇයි සාම්පල් ඇදගෙන ප්‍රමෝට් කරන අයට යන වියදම
Deleteමදෑ... මෙහෙම ගියොත් පූසාට හැමදාම හීන බලන්නයි වෙන්න :)
ReplyDeleteහීන නම් ගොඩක් දැකලා බහුතරයක් හීන හැබෑකරගෙන තියෙනවා
Deleteඅතරින්පතර අසාර්ථක වෙච්ච හීනත් නැතුවාම නෙවෙයි.
අදහසට ස්තූති්යි පලමු වතාවට වෙන්න ඇති මේ පැත්තට ආවේ
හීනයක් වුනත් යථාර්ථය, මං හරි නේද? අපේ මගෝඩිස්තුමෙක් පණපිටින් යම ලෝකෙට ගියොත් ආයෙ කතා දෙකක් නෑ ඒකත් ගොඩකරල ලෑන්ඩ්සේල් දානවා.
Deleteඇත්තටම හසිත පුලුවන්නම් කටු ඉඹුලත් කපලා ලෑලි වලට ඉරයි.
Deleteමේක ඇත්තටම හීනයක් විතරමයි කිසිම සත්‍යතාවයක් නැහැ
ලියවිල්ල එල ද බ්‍රා
ReplyDeleteබොහෝම ස්තූතියි
DeleteBarida danne me porata kiyala ayeth parak viddaganna. Aye hambunoth ahapan wayasa 40 making porak innawa widinna kiyak gannawada kiyala.
ReplyDeleteහහ් හහ් හා
Deleteදුන්නයි ඊතලෙයි ඉල්ලලා දෙන්නම් කැමති කෙනෙකුට විද ගන්න